මුවින් සිදුවන දුරාචාරය
සැබවින්ම අල්ලාහ් ආදම්ගේ පුත‍්‍රයාට දුරාචාරයෙන් කොටසක් ලිය ඇත. සැකයකින් තොරව මිනිසා එය ලබාගන්නේය. දෑස් මගින් සිදුවන දුරාචාරය (වැරදි* බැල්ම වේ. මුවින් සිදුවන දුරාචාරය (වැරදි* දේ කථා කිරීමයි. සිත යමක් ඉටු කරගැනීමට කැමති වෙයි, එයට ලැදි වෙයි. ලිංගාශ‍්‍රිත පෙදේස ඒ සියල්ල සැබෑකරයි. බොරු ද කරයි.” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්. අබූදාවුද්*.
සිය බිරිඳ හැර වෙනත් කාන්තාවක් සමග ලිංගික අවශ්‍යතාවන් ඉටු කිරීම පමණක් දුරාචාරය නොවේ. ඇය වැරදි ආකාරයට බැලීම තුළින් දෙනෙත් දුරාචාරයෙහි යෙදෙයි. වැරදි දේ කථා කිරීමෙන්, ශ‍්‍රවණය කිරීමෙන් කට හා දෙසවන් දුරාචාරයෙහි යෙදෙයි. අවසානයේ සිත ඒ කරා ආකර්ෂණය වී එම මහත් පාපය කරමින් ඔහු අල්ලාහ්ගේ කෝපයට ලක්වෙයි.
කථාව ආකර්ෂණයකි!
”කථාවෙහි ආකර්ෂණයක් ඇත” යනුවෙන් නබි (සල්* තුමන් ප‍්‍රකාශ කළහ. විස්තර කරන්නේ: ඉබ්නු උමර් (රලි*, මූලාශ‍්‍රය: බුහාරි*.
කෙනෙකු තම කථිකත්වය තුළින් ජනතාව ආකර්ෂණය කරගත හැක. කෙනෙකු එම හැකියාව ජනයා නොමග යැවීමට සාධකයක් බවට පත්කරගැනීමෙන් වැළකිය යුතු අතර, එම හැකියාව ජනයා නිවැරදි මගට යොමු කිරීමට භාවිතා කළ යුතුය. ඒ තුළින් අල්ලාහ් ඉදිරියේ ඔහුට ලැබෙන වරප‍්‍රසාද අති මහත්ය.
සත්‍ය හා අසත්‍ය කථා කිරීම
”සත්‍ය තදින් අල්ලා ගන්නා ලෙස මා ඔබට උපදෙස් කරමි! සැබවින්ම සත්‍ය යහපත කරා මග පෙන්වයි. යහපත ස්වර්ගය කරා මග පෙන්වයි. කෙනෙකු සත්‍ය කථා කරමින්, සත්‍ය (පිටත් කිරීමට* වෙර දරමින් සිටින්නේ නම් අල්ලාහ් ඉදිරියේ ඔහු සත්‍ය වන්තයෙකු වශයෙන් සටහන් කරනු ලබයි. (එසේම* බොරුව මා ඔබලාට අවවාද කරමි. සැබවින්ම බොරුව පාපය කරා යොමු කරයි. පාපයන් මිනිසා නිරයට තල්ලූකරයි. කෙනෙකු බොරු කථා කරමින් බොරුව (පිටත් කිරීමට වෙරදරන්නේ නම්* අල්ලාහ් ඉදිරියේ ඔහු බොරුකාරයෙකු වශයෙන් සටහන් කරනු ලබයි.” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි*, මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්*.
කෙනෙකු ඇත්ත කථා කිරීම, අවංකව හැසිරීම මෙහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ උසස් ස්වර්ගයයි. බොරුව යනු අල්ලාහ්ගේ පිළිකුලට ලක්වන ගුණාංගයක් වන අතර එහි බයානක ප‍්‍රතිඵලය නිරයයි. කෙනෙකු අඛණ්ඩව බොරු කථා කරමින් ජනයා මුලා කිරීමට සිතුවද ඔහු අල්ලාහ් ඉදිරියේ බොරු කාරයෙකු වන අතර ඔහුට අවසානයේ කිසිදු සෙතක් අත්නොවන්නේය. ඇත්ත කථා කිරීම එසේ නොව එය අල්ලාහ්ගේ තෘප්තිය ගෙන දෙන ක‍්‍රියාවකි.
බොරු කථා කිරීම විශ්වාසවන්තයෙකුට
කොහෙත්ම උචිත නොවේ!
”ප්‍රෝඩාව හා බොරුව හැර සෙසු සියළු ස්වභාවික ගුණාංගයන්ගෙන් යුතුව විශ්වාසවන්තෙයකු මවනු ලැබුවේය.” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබූ උමාමා (රලි*, මූලාශ‍්‍රයන්: අහ්මද්, බයිහකි*.
විශ්වාසවන්තයෙකුට කොහෙත්ම නොගැලපෙන ගුණාංගයන් වන්නේ ප්‍රෝඩාව හා මුලාවයි. මෙය කොහෙත්ම අනුමත කළ නොහැක. මෙවැනි ගුණාංගයන් කෙනෙකු තුළ සාමාන්‍යයෙන් පවතින්නේ නම් ඔහු තම විශ්වාසය යළිවරක් පරීක්‍ෂා කරගත යුතුය.
 අසත්‍යවන්තයාගේ ලක්‍ෂණය!
”තමන් ශ‍්‍රවණය කළ සියල්ල එසේම පවසන්නා ඔහු බොරුකාරයෙකු යන්නට ප‍්‍රමාණවත් වේ” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබූහුරෙයිරා (රලි*, මූලාශ‍්‍රය: මුස්ලිම්*.
කෙනෙකුට ලැබෙන සෑම ආරංචියක්ම, පුවතක්ම කිසිදු සොයා බැලීමකින් තොරව එසේම වමාරන පුද්ගලයා අසත්‍යවන්තයකි. මෙවැනි චරිත නිසා සමාජයේ පැන නැගෙන අර්බුද එමටය. වත්මන් යුගයේ සමහර මාධ්‍යයන් පවා මෙසේ හැසිරීම වේදනාසහගතය. කිසිදු වගකීමකින් තොරව තවත් කෙනෙකුගේ ගෞරවයට හානියක් වන ආකාරයේ පුවත් හෙළිකිරීම, අන් අයට ප‍්‍රචාරය කිරීම බලවත් වරදකි.
නබි (සල්* තුමන්ගේ විෂයෙහි
බොරු කියන්නාට අත්වන ඉරණම!

”කවුරුන් තම විෂයෙහි බොරු තෙපලන්නේද, ඔහු මතු ජීවිතයේ තම නවාතැන නිරය බවට පත්කරගත යුතුයි” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. ”විස්තර කරන්නේ: ජුබෙයිර් (රලි*, මූලාශ‍්‍රය: බුහාරි*.
නබි (සල්* තුමන්ගේ ආදර්ශයන්, මාර්ගෝපදේශයන් තුළින් අන් අය දැනුවත් කළ යුතුයි. නමුත් එසේ කරන විට එහි කිසිදු අවු වැඩි කිරීමක් කරන්නට කිසිවෙකුට අයිතියක් නැත. එසේ කරන විටයි ඉහත ප‍්‍රකාශයේ සඳහන් බයානක ප‍්‍රතිඵලයට මුහුණ දීමට සිදුවන්නේ. ආගමික ප‍්‍රචාරයෙහි නියැලෙන බොහෝ සහෝදරවරුන් මෙම විෂය සම්බන්ධව ලොකු උනන්දුවක් නොදැක්වීම සෝචනීය තත්ත්වයකි. තමන්ගේ කටට ආ පළියට සෑම දෙයක්ම නබි (සල්* තුමන් ප‍්‍රකාශ කළ බව කිසිදු චකිතයකින් තොරව පවසති. තවත් සමහරුන් ජනතාව යහපත කරා දිරිගැන්වීම සඳහා නබි (සල්* තුමන්ගේ නාමයෙන් බොරු කිවහැකි යන වැරදි ස්ථාවරයක සිටිති. මේ සියළු උදවිය  ඉහත ප‍්‍රකාශය යළි වරක් කියවා බැලීම මනාය.

සමගිය ඇති කිරීම සඳහා බොරු කීම
පිළිබඳ පවතින නීතිය!

”ජනතාව අතර සමගිය ඇති කිරීම සඳහා බොරු කියන්නා බොරුකාරයෙකු නොවේ. මන්ද ඔහු එහි යහපතයි පවසා ඇත්තේ, ඔහුගේ කැමැත්ත යහපතයි” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: උම්මු කුල්සුම් (රලි*, මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්*.

දෙපිරිසක් අතර, දෙදෙනෙකු අතර, පවුලක් අතර ආරවුලක් ඇතිවන විට ඔවුන් අතර සමගිය ඇති කිරීම සඳහා කෙරෙන වෑයම ඉස්ලාම් අගයකොට සළකයි. එවැනි අවස්ථාවක බොරුවක් කියා හෝ ඔවුන් අතර සමගිය ඇති කිරීමට කෙනෙකු වෙරදරයි නම් ඔහු බොරුකාරයකු නොවේ. මන්ද ඔහු ප‍්‍රිය කරන්නේ යහපතයි. නමුත් වත්මන් සමාජය තුළ සැරිසරන සමහර කුහක චරිත මෙයට හාත්පසින්ම විරුද්ධව කි‍්‍රයාකරති. අන් අය අතර ආරවුල් ඇති කිරීම සඳහා දෙපිරිසක් අතර ගැටුම් ඇති කිරීම සඳහා පවුල් කඩාකප්පල් කිරීම සඳහා  ඕන බොරුවක් තෙපලති. කේලම් කියති. අල්ලාහ් පිළිකුල් කරන මෙවැනි ගනයට අපි නොවැටිය යුතුයි.

මුළාව සඳහා දිවුරන්නාට අනතුරු ඇඟවීමක්!

  ”තමන් කරන්නේ මුළාවක් යනු දැනගෙන ද යම් මුස්ලිමෙකුගේ ධනය සූරා කෑම සඳහා බොරුවට දිවුරයි නම් ඔහු මතු දිනයෙහි අල්ලාහ් ප‍්‍රකෝප වූ තත්ත්වයක හමුවන්නේය.” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි*, මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්*.

  තමන්ට අයිති නොවන වෙනත් කෙනෙකුට අයිති දෙයක්, තමන්ට සමාජයේ පවතින පිළිගැනීම, නැතහොත් තමන්ගේ පවුල් බලය, තමන්ට පවතින තර්ක කිරීමේ හැකියාව මේ යමක් තුළින් අයුතු ලෙස ලබාගන්නා විට, මතු දිනයෙහි අල්ලාහ්ගේ කෝපයට ඔහු පත්වීම කිසිවෙකුට වැළැක්විය නොහැක.   

කෙනෙකු ඉදිරියේ පැසසීම තහනම්ය!

”ඔබ ඉදිරියේ ඔබව ප‍්‍රසංසා කරන්නා දුටු විට ඔහුගේ මුහුණට වැලි අහුරකින් දමා ගසන්න” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: මික්දාද් බින් අස්වද් (රලි*, මූලාශ‍්‍රය: මුස්ලිම්*.
කෙනෙකුව මුහුණට මුහුණලා ප‍්‍රසංසා කිරීම යනු, ඔහුගේ පිවිතුරු චේතනාවට බොහෝ දුරට එල්ලවන ලොකු තර්ජනයක් වන අතර ඔහු තුළ මුනිච්චාව ඇති කිරීමටත් එය ඉවහල් වේ. අපි කරන සෑම කි‍්‍රයාවක්ම අල්ලාහ් වෙනුවෙන් යන පිවිතුරු චේතනාවෙන් කරනවිට පමණයි එයට ප‍්‍රසාදයන් ලබාගත හැක්කේ. එසේ නොවන විට එයට කිසිදු වටිනාකමක් අලල්ලාහ් ඉදිරියේ නොමැත. මෙවැනි චරිත සම්බන්ධව අපි ඉතා අවධානමින් සිටිය යුත්තේ එබැවිනුයි. අප ඉදිරියේ අපව ප‍්‍රසංසා කරන බොහෝ පිරිස් පසුපසින් අපව විවේචනය කිරීම සාමාන්‍ය දසුනකි. 

අප ඉදිරියේ අපි ප‍්‍රසංසාවට ලක්වීම තුළින් එම ප‍්‍රසංසාව නිසා අපගේ වැරදි කි‍්‍රයාවන් පවා නිවැරදි වශයෙන් අපට පෙනෙන්න පටන්ගනී. එබැවින් අපගේ වැරදි කි‍්‍රයාවන් වැඩි වී එය නිරයට තල්ලූවීමට ද හේතුවක් වනු ඇත. අපි එයින් අල්ලාහ්ගෙන් ආරක්‍ෂාව පැතිය යුතුයි.
 
  දේශපාලන වේදිකාවල මේවා දැන් සුළබ දසුන්ය. මාරුවෙන් මාරුවට ප‍්‍රසංසා කරගනිති. වරදක් සිදුවූ විට එය වක‍්‍රව හෝ අඟවන්නට මැළිකමක් දක්වති. මේ තුළින් ඔප්පුවන්නේ වත්මන් සමාජය ගමන් කරමින් සිටින්නේ කොයිබටද? යන්නයි.

යහපත් ප‍්‍රසංසාව!

”කෙනෙකු යහපත් කි‍්‍රයාවන් කරති. ඒ වෙනුවෙන් ජනතාව ඔහු ප‍්‍රසංසා කරති. (මේ පිළිබඳව* ඔබේ ස්ථාවරය කුමක්ද? යනුවෙන් ශාස්තෘවරයාගෙන් ප‍්‍රශ්නකළහ. (වෙනත් වාර්තාවක: ජනතාව එම කි‍්‍රයාවන් නිසා ඔහු ප‍්‍රිය කරති.* එයට ශාස්තෘවරයානන්, මෙය විශ්වාසවන්තයකුට ලැබෙන ඉක්මන් සුභාශිංෂණයයි” යනුවෙන් පිළිතුරු දුන්හ. (විස්තර කරන්නේ: අබූදර් (රලි*, මූලාශ‍්‍රය: මුස්ලිම්*.

ප‍්‍රසංසාව යනු කොටස් දෙකකි, එකක් තමන්ට යම් වාසියක් අත්කර ගැනීමේ එකම අරමුණින් ප‍්‍රසංසා කිරීම, මෙවැනි ප‍්‍රසංසාවන් නිසා වැරදි කි‍්‍රයාවන් පවා තව තවත් වැඩිවීමට ඉඩ ඇත. ඒ තුළින් ඔහු නොදැනුවත්වම අගාධයට තල්ලූවෙයි. දෙවනුව, සැබවින්ම අපගේ කි‍්‍රයාවන් යහපත් වී ජනතාව ඒ තුළින් ආකර්ෂණය වී අවංකව ප‍්‍රසංසා කරන විට එය ස්වර්ගයට ප‍්‍රවිශ්ට වීමට හේතුවන්නේය.

කුහකව කථා කිරීම!

”ලැඡු්ජාව හා යහපත් මග නොලැබුනා යන පසුතැවිල්ල විශ්වාසයේ ශාඛාවන් දෙකකි. නිර්ලැඡු්ජි තත්ත්වය හා අතිශෝක්තියෙන් කථා කිරීම කුහකත්වයේ ශාඛාවන් දෙකකි.” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබූ උමාමා (රලි*, මූලාශ‍්‍රය: තිර්මිදි*.

අතිශෝක්තියෙන් කථා කිරීම නබි (සල්* තුමන් කුහකත්වය වශයෙන් අර්ථ කථනය කළහ. කුහකත්වය යනු දෙබිඩි පිළිවෙතකි. එකම විෂය දෙදෙනෙකු අතර දෙආකාරයට කථා කිරීම කුහකත්වයේ ලක්‍ෂණයකි. වාග් මාළාවන්ට නොරැුවටී අපි අවදියෙන් කි‍්‍රයා කළ යුතුයි.

සකස් කිරීම: අබූ අස්මා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *