ලොවට පහළ වූ මුල්ම මිනිසා සහ නබිවරයා වන ආදම් තුමාගේ පටන් අවසාන නබිවරයා වන මුහම්මද් තුමා දක්වා පහළ වූ දහම ඉස්ලාම් ය. මෙලොව ජිවිතයේ අරමුණ ජය ගැනීම සඳහා එම දහම පිළිපැදීම දෙවියන්ගේ නියෝගයකි. එහෙත් එම දහම නිවැරදිව පිළිපදින අයව නවීන සමාජය විසින් හඳුන්වන්නේ  මුලධර්ම වාදීන් ලෙසය. කෙසේවෙතත් “මුලධර්මවාදය” යන වචනයේ ආරම්භය සිදුවුයේ විසිවන සතවර්ශයේ මුල්භාගයේ දී පමණ කිතුනු දහම තුලය. එමගින් මුලදී අදහස් කරනු ලැබුවේ සාධර්මික (orthodox) දේවධර්මය අකුරටම පිළිපැදීමය. ආරම්භයදී මෙවැනි ආගමික කණ්ඩායම් බිහි වුයේ දහමේ අඛණ්ඩතාව සහ නිවැරදිතාව කෙරෙහි අනුබල දීම සඳහාය. “මුලධර්මවාදය” යන වචනය කිතුනු දහමේ මුලින්ම කරුණු පහක් පෙරදැරිකරගෙන ඉදිරිපත් කරන ලදී. පසුව එය ඇමරිකාවේ රෙපරමාදු නිකායේ ව්‍යාපාරයක් බවට පත්විය. ඇමරිකාවේ මුල්ම මුලධර්මවාදින් 1910 තරම් කාලයේදී බිහි විය. ඉස්ලාම් දහම අනෙකුත් ආගම්වලට වඩා වෙනස් වන්නේ එමගින් අංග සම්පුර්ණ ජිවන ක්‍රමයක් පෙන්වා දී තිබීම නිසාය. තවද ඉස්ලාම් දහමේ ඇති බොහෝ ඉගැන්වීම් එදිනෙදා ජිවිතයේදී ප්‍රායෝගිකව දැකිය හැකි වීම විශේෂත්වයකි. උදාහරණයක් වශයෙන් ඉස්ලාම් භක්තිකයින් දිනකට පස්වතාවක් මස්ජිදයට ගොස් සලාතය ඉටු කිරීම, පිරිමින් රැවුල වැවීම, කාන්තාවන් තම නිවසින් පිටතට යාමේදී ශරීරය ආවරණය කිරීම, දෙවියන් අනුමත කළ ආහාර පමණක් අනුභව කිරීම පෙන්වා දිය හැකිය. තවද ඉස්ලාම් දහමේ විශේෂත්වයක් වන්නේ එහි පොලිය ගැනීම හෝ පොලියට දීම හෝ ඊට සාක්ෂි කරුවෙකු වශයෙන් සිටීම සපුරා තහනම් කොට තිබීමය. මේවා විශේෂයෙන්ම දැකිය හැකි වන්නේ ඉස්ලාම් දහමේ පමණි. මෙම කරුණු ඉස්ලාම් භක්තිකයෙකු අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුය. මේවා දහමේ අවශ්‍යතා වන බැවින් ඒවා පිළිපැදීම වරදක් ලෙස දැකිය නොහැකිය. එසේම ඒවා පිළිපැදීම මුලධර්මවාදය ලෙස විශේෂයෙන් පෙන්වා දීමට තරම් දෙයක්ද නොවේ.ඉහත පෙන්වා දුන් කරුණු ඉටුකිරීමෙන් සමාජයට කිසිම අවැඩක් සිදු වන්නේ නැත. ඒ වෙනුවට සිදු වන්නේ ධාර්මික සමාජයක් ගොඩ නැගීම පමණි. ඒ අනුව මුස්ලිම්වරයෙකු මිනිසුන් මුලා නොකර වෙළඳාම් කිරීම, කාමය වරදවා නොහැසිරීම, බොරුනොකීම, වෙනත් අයගේ දේවල් මංකොල්ල නොකෑම වැනි දේවල් අගය කළ යුතු දේවල් වන්නේය.

කෙසේවෙතත් මුස්ලිම්වරුන් කරන සෑම දෙයක්ම ඉස්ලාම් නොවන බව හොඳින් තේරුම් ගත යුතුය. මුස්ලිම්වරුන් අතරද වෙනත් සමාජවල මෙන්ම වැරදි කරන අය සිටීම පුදුමයක් නොවේ. ඒ අනුව මුස්ලිම්වරයෙක් ත්‍රස්තවාදී කටයුතු කිරීම ඉස්ලාම් දහම ලෙස සැලකිය නොහැකිය. සැබවින්ම ඔවුන් කරන්නේ වරදක් මිස මුලධර්මවාදය්ක් නොවේ. ඒවාට නිසි දඬුවම් ලබා දිය යුතුය. කෙසේවෙතත් යුදෙව්වන් අතර ඇති  “zයයෝනිසම්” මුලධර්මවාදී සංවිදානයකි. එම සංවිධානය මගින් වෙනත් ආගම්වලට බොහෝ සතුරුකම සිදු කරනු ලැබේ. එසේම බුදු දහමේ අන්තවාදයක් උගන්වා නැතත් මියන්මාරය වැනි රටවල් වල විශාල වශයෙන් අන්‍ය ආගමිකයින්ට හිංසා කරනු ලබති. එසේම හින්දුන් අතර ඇති  මුලධර්මවාදය මගින් ඉස්ලාම් දහමට එරෙහිව නොයෙකුත් කෘර කම් සිදු කරති. කෙසේ වෙතත් ඉස්ලාම් දහම නිවැරදිව පිළිපදින්නේ නම් ලෝකයට සාමය ලඟා කර ගැනීම ඉතා පහසු බව අවසාන වශයෙන් කිව යුතුය.

By Fasy Ajward.B.Sc(special)Hons,
Ex: Research officer at former Scientific and Industrial Research Institute.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *