සාමාන්‍ය අවස්ථාවලදී මුස්ලිම් කාන්තාවට විශේෂ ඇඳුම් නියම කොට නැත. එහෙත් තමන්ගේ නිරුවත පෙනෙන ආකාරයේ හෝ තම ශරීරයට ඇලි සිටින ඇඳුම් ඇඳීම හෝ පිරිම සහ කාන්තා දෙපාර්ශවයටම තහනම් ය. ඇයිද යත් ඉස්ලාම් දහමින් වැඩි අවධානය යොමු කොට ඇත්තේ මිනිසුන්ගේ හදවත කෙරෙහි වන නිසාය. ඒ අනුව ඉස්ලාම් දහමින් රාගය ඇවිස්සිය හැකි ඇඳුම් ඇඳීම අනුමත කරන්නේ නැත.
(නබියේ!) විස්වාසකරන ගැහැනුන්ට ඔබ මෙසේ කියනු. ඔවුන්ද තම බැල්ම පහත හෙලා තමන්ගේ පතිවතද ආරක්ෂා කරනු. (තවද තමන්ගේ දේහය සාමාන්‍යයෙන්) පිටතට පෙනෙන තැන් මිස තමන්ගේ අලංකාරයද (ඇඳුම්, ආභරණ වැනි) අලංකාරයද පිටතට නොපෙන්වා සඟවා ගනු. තමන්ගේ හිස්-වැස්මෙන් ලපැත්තද වසා ගනු. ගැහැණු තමන්ගේ ස්වාමිපුරුෂයන්, තමන්ගේ පියවරු, තමන්ගේ ස්වාමිපුරුෂයන්ගේ පියවරුන්, තමන්ගේ පුතුන්, තමන්ගේ ස්වාමි පුරුෂයන්ගේ පුතුන්, තමන්ගේ සහෝදරයන්, තමන්ගේ සහෝදරයන්ගේ පුතුන්, තමන්ගේ සහෝදරියන්ගේ පුතුන්, නැතහොත් (මුස්ලිම්වරුන් වන) තමන් සමග (සම්බන්ධකම්) ඇති ගැහැණු, තමන්ගේ දකුනු අත් හිමිකරගත් අය, නැතහොත් ගැහැණුන්ගෙන් අකමැති තමන්ගෙන් ජිවත්වන පිරිමින්ගේ හා ගැහැණුන්ගේ රහස් අවයව නොදන්නා බිලිඳු (පිරිමි) දරුවන් ආදී මොවුන් හැර (අන්කිසිවෙකුට) තමන් ඇඳ සිටින (ඇඳුම් හා ආබරණ වැනි) තමන්ගේ අලංකාරයද නොපෙන්වනු. තවද තමන්ගේ අලංකාරයෙහි සඟවා ඇති දැය දැනුම් දීමට (බුමියෙහි) තමන්ගේ පාදයන් හප්පමින් ගමන් නොකරනු. විශ්වාසවන්තයිනි! (මෙයින් යම්කිසි වැරැද්දක් සිදුවුවහොත්) ඔබ සියලුදෙනාම ජයග්‍රහණය කිරීම පිණිස අල්ලාහ්ගෙන්ම සමාව ඉල්ලා (ඔබගේ සිත්) අල්ලාහ් දෙසට හරවනු. (කුරානය 24:31)
ඉස්ලාම් දහමින් පෙන්වාදී ඇති ආකාරයට ඇඳුම් ඇඳීම නිසා කාන්තාවකගේ ගෞරවය රැකෙන අතරම ඇයට මනා ආරක්ෂාව සලසා දෙන්නේය. තවද අන්‍ය පිරිමින්ගේ බැල්ම සඳහා හොදුරක් වන්නේද නැත. ඒ හේතුවෙන් මුස්ලිම් කාන්තාවකට ලිංගික අඩත්තේටම් සිදු වීම ඉතා අඩුය.
ෆර්දාවක් ඇඳීමේදී පහත සඳහන් කරුණු කෙරෙහි අවදානය යොමු කිරීම වඩාත් සුදුසුය. ඒ අනුව ෆර්දාව පිටස්තර මිනිසුන්ගේ ආකර්ශණයට ලක් නොවන පරිදි තිබිය යුතුය. තවද ශරීරයේ අවයව නෙරා නොපෙනෙන පරිදි බුරුලට තිබිය යුතුය. කළු වර්ණය ශරීරයට අහිතර බැවින් එය කළු පැහැයෙන් නොවී විවිධ වර්ණයන්ගෙන් තිබීම වඩා සුදුසුය.
By Fasy Ajward.B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.