අල්ලාහු තආලා මිනිසාව මැවීමේදී කාන්තාව හා පිරිමියා බොහෝ වෙනස්කම් සහිතව මවා ඇත …
කායික ව්‍යූහය හා බාහිර පෙනුම, කථා කරන ශෛලිය, යම් සිදුවීමක් දෙස බලන ආකාරය, යම් සිදුවීමක් තුලින් ඇතිවන හැගීම්, හැගීම් ප්‍රකාශ කරන ආකාරය …
මේ ආදී වශයෙන් වෙනස්කම් බොහෝ ඇත. මෙයින් වඩාත් වැදගත් වෙනසක් වන්නේ. ලිංගික උද්දීපනය ඇති වෙනසයි …
වත්මන් ලෝකයේ පරීක්ෂණ හරහා සොයාගෙන ඇති කාරණාව නම් පිරිමින්ගේ ලිංගික උද්දීපනය ශ්‍රව්‍ය හා දෘෂ්‍ය ක්‍රියාවලියක් බවයි. එනම් උදාහරණයක් ලෙස { කාන්තාවක් ඇගට තද වූ ඇගෙන් වැඩි හරියක් පෙනෙන ලෙසින් ඇද සිටීම දැකීමෙන්, මෘදු ආකර්ෂනිය කට හඩකින් සුකුමල ලෙස කථා කිරීම ඇසීමෙන්. පිරිමි තුල ලිංගික උද්දීපනයක් ඇති විය හැක . මේසදහා හේතු වන්නේ. ටෙස්ටොස්ටෙරෝන් නම් හොමොනයයි …
මේ හොමොනයද එහි ක්රියාකාරීත්වයන්ද සහිතව මිනිසාව මවා ඇති අල්ලාහු තආලා එමගින් ඇතිවන ආශාවන් හා අවශ්‍යතාවයන් සම්පුර්ණයෙන්ම තහනම් නොකොට ඒවා සපුරා ගැනීමට විවාහය නම් අලංකාර ක්‍රමවේදයක් හදුන්වා දී ඇත …
පිරිමියෙකුට විවාහයක් තුලින් එම කාන්තාවගේ සම්පුර්ණ අයිතිය හිමිවන අතර ආදරය, රැකවරණය ලබාදීම මෙන්ම ඇයගේ සියලු වියදම් දැරීමට ඔහුට ඉස්ලාම් අනිවාර්්‍ය කරයි. එසේම තම සැමියාගේ ලිංගික අවශ්‍යතා සපුරාලීමට, ඔහුගේ දේපල හා වස්තුන් ආරක්ෂා කිරීමට, ඔහු නැති අවස්ථාවන්හිදීත් පතිවත ආරක්ෂා කරගන්නට කාන්තාවන්ට අනිවාර්්‍ය කරයි …
තම සැමියා ඉදිරියේ අලංකාර වස්ත්‍ර ඇඳ, ආභරණ පැළඳ, සුවඳ විලවුන් ආලේප කර ඔහුට ආකර්ෂනියව සිටින්නටත්, ඔහුගේ ලිංගික අවශ්‍යතා කිසිවිටකත් ප්‍රතික්ෂේප නොකිරීමට (අනවශ්‍ය හේතුන් මත) කාන්තාවන්ට අණකරන ඉස්ලාම් විවාහයෙන් පිට අන්‍ය පිරිමින් ඉදිරියේ තම අලංකාරයන් පෙන්වීම අනුමත නොකරන්නේ පිරිමින්ගේ පවතින මේ ස්වභාවය නිසාය …
කිසිදු සීමාවක් නොමැතිව කාන්තාවන් තමන්ට රිසිසේ ඇඳුම් ඇදීමෙන් ඒ තුලින් පිරිමින්ගේ හැගිම්වල ඇතිවිය හැකි වෙනස සමාජයේ ස්ත්‍රී දුෂණ, පවුල් ආරවුල්, අනවශ්‍ය දික්කසාද වැනි බොහෝ ප්‍රශ්න ඇති කිරීමට හේතුවේ …
ඉස්ලාම් කාන්තාවට හිජාබය අනිවාර්ය කරන්නේ එ්නිසයි. අබාය වනාහි මුළු ඇගම වැසෙන සේ කළු පාටින් අදින වස්ත්‍රයක් පමණක් නොවේ. පිරිමින් හා සාමාන්‍ය විදිහට විහිළු තහළු කරමින් කථා නොකිරීම, මෘදු කට හඩකින් හැගීම් ඇවිස්සෙන සේ කථා නොකිරීම, ගෙයින් පිට යන විට අන් අයට දැනෙන සේ සුවඳ විලවුන් ගල්වා නොයෑම ආදියද හිජාබය සහ අබාය තුල අන්තර් ගතය …
කාන්තාවන්ගේ අබායනම් වස්ත්‍රය සලකන විට එය පහත සඳහන් විදිහට සකස් විය යුතුය ….
1) මුහුණත් මැණික් කටුවෙන් පහල අතත් හැර ශරීරයේ අන් කොටස් වැසීම …
2) ඇඟට හිර නොවීම …
3) විනිවිද නොපෙනීම …
4) පිරිමින් අඳින ඇඳුමක් නොවීම …
5) වෙනත් සංස්කෘතියක ඇඳුමක් නොවීම …
6) පිරිමින් ආකර්ෂණය කරන ආකාරයේ ඇඳුමක් නොවීම …
මීට අමතරව අල්ලාහු තආලා තම බැල්ම පහත හෙලා ගැනීමට කාන්තාවටත් පිරිමියාටත් අණකරයි. එනම් පිටස්තර කාන්තාවක් හෝ පිරිමියෙකු දුටුවිට ඔවුන්ගේ අලංකාරය රසවිඳින සේ නැවත වරක් ඔවුන් දෙස නොබලමින් ක්ෂණිකව බැල්ම පහත් කිරීමයි ….
හිජාබය හා අබාය සම්බන්ද ඉස්ලාමයේ පවසන කරුණු ලෝකයේ ක්‍රියාත්මක වුවහොත් වර්තමානයේ බහුලව සිදුවන ස්ත්‍රී දුෂණ, අනවශ්‍ය දික්කසාද, පවුල් ආරවුල් ආදිය බෙහෙවින් අවම වනු ඇත …
*** සාරාහ් අමාණියා මෙන්ඩිස් ***