මුස්ලිම්වරුන්ට ඔවුන්ටම විශේෂිත වූ ඇඳුම් ක්‍රමයක් ඇත. එම ඇඳුම් ක්‍රමයෙන් බලාපොරොත්තු වන්නේ අලංකාරයට වඩා ශිෂ්ට සම්පන්න බවයි. මේ අනුව මුස්ලිම් පිරිමින්ට සහ කාන්තාවන්ට ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති සීමාව තුල තමන්ට කැමති ඇඳුමක් ඇඳිය හැකිය. එසේ කිරීමෙන් කිසිවෙකුගේ අයිතිවාසිකම් සිමා නොවන අතර විශේෂයෙන්ම කාන්තාවන්ගේ ගෞරවය සහ ආරක්ෂාව සපයා දෙන්නේය.මුස්ලිම් පිරිමින් වේවා කාන්තාවන් වේවා ඔවුන් අඳින ඇඳුම් ශරීරයට ඇලී නොසිටින සේ තිබිය යුතු බව ඉස්ලාම් දහමින් පෙන්වා දෙන්නේය. ඉන් අදහස් කරනු ලබන්නේ වස්ත්‍රයක් ඇන්දත් ඔවුන්ගේ හැඩරුව ප්‍රදර්ශනය නොකර සිටීමය. ශරීරයේ අංග කැපී පෙනෙන අකාරයේ ඇඳුම් ඇඳීම නිරා වැසියන්ගේ ලක්ෂණයක් බව නබිතුමා පවසා ඇත.
මුස්ලිම් කාන්තාවන්ගේ වස්ත්‍රය කිසිවෙකුගේ ආකර්ෂණයට හේතුවක් නොවිය යුතුය. ඇයිද යත් ඉන් අනිසි ප්‍රතිපල ඇති විය හැකි නිසාය. මෙම ආරක්ෂිත ඇඳුම නිසා මුස්ලිම් සමාජයේ අනාචාරයේ හැසිරීම බෙහෙවින් අඩුය. සංඛ්‍යාලේකන දත්ත විශ්ලේෂණය කිරීමෙන් එය දැනගත හැකිය. එහෙත් මෙවැනි ආරක්ෂිත ඇඳුම් නො අඳින සමාජවල බොහෝ ලිංගික අඩත්තේට්ටම් වලට කාන්තාවෝ ගොදුරු වීම දිනපතා ඇසීමට ලැබෙන්නේය.
කාන්තවන්ට අල්-කුරානයෙන් පහත දැක්වෙන නියෝගය ලබා දී ඇත.
(නබියේ!) විස්වාසකරන ගැහැනුන්ට ඔබ මෙසේ කියනු. ඔවුන්ද තම බැල්ම පහත හෙලා තමන්ගේ පතිවතද ආරක්ෂා කරනු. (තවද තමන්ගේ දේහය සාමාන්‍යයෙන්) පිටතට පෙනෙන තැන් මිස තමන්ගේ අලංකාරයද (ඇඳුම්, ආභරණ වැනි) අලංකාරයද පිටතට නොපෙන්වා සඟවා ගනු. තමන්ගේ හිස්-වැස්මෙන් ලපැත්තද වසා ගනු. ගැහැණු තමන්ගේ ස්වාමිපුරුෂයන්, තමන්ගේ පියවරු, තමන්ගේ ස්වාමිපුරුෂයන්ගේ පියවරුන්, තමන්ගේ පුතුන්, තමන්ගේ ස්වාමි පුරුෂයන්ගේ පුතුන්, තමන්ගේ සහෝදරයන්, තමන්ගේ සහෝදරයන්ගේ පුතුන්, තමන්ගේ සහෝදරියන්ගේ පුතුන්, තමන්ගේ ගැහැනුන් හෝ තමන්ගේ වහලුන් හෝ තමන්ගේ වහලුන් කෙරෙහි ඇල්මක් නැති (ඔවුන්ට) සමීපව ජිවත්වන (මහලු) පිරිමින් හෝ ගැහැණුන්ගේ රහස් ස්ථාන ගැන අවබෝද නොකරගත් කුඩා ළමුන් යනාදීන් හම්වෙහි හැර අනෙක් අය හමුවෙහි හෙළි නොකළ යුතුය. තවද තමන්ගේ අලංකාරයෙහි සඟවා ඇති දැය දැනුම් දීමට (බුමියෙහි) තමන්ගේ පාදයන් හප්පමින් ගමන් නොකරනු. විශ්වාසවන්තයිනි! (මෙයින් යම්කිසි වැරැද්දක් සිදුවුවහොත්) ඔබ සියලුදෙනාම ජයග්‍රහණය කිරීම පිණිස අල්ලාහ්ගෙන්ම සමාව ඉල්ලා (ඔබගේ සිත්) අල්ලාහ් දෙසට හරවනු. (කුරානය 24:31)
මෙම නියෝගය බල පාන්නේ ඉහත සඳහන් කල අය හමුවෙහි දී පමණි. ඒ අනුව නිවසින් පිටත්ව යන අවස්ථවලදී එය විශේෂයෙන්ම බලපැවැත්වේ. අනෙක් අවස්ථාවලදී තමන්ට සාමාන්‍ය පරිදි සංවර ඇඳුම් ඇඳිය හැකිය.
ඉහත සඳහන් කරුණුවලට අමතරව පහත දැක්වෙන නියෝගයන්ද මුස්ලිම්වරුන්ට ලබා දී ඇත.
“ඔවුන් තමන්ගේ බැල්ම පහත හෙළිය යුතු යැයිද, තමන්ගේ පතිවත රැකගත යුතු යැයිද, (නබි) නුඹ විශ්වාසවන්ත වූ පිරිමින්ට පවසනු! මෙය ඔවුන්ට වඩාත් පිරිසිදු වේ. නියතව ඔවුන් කරන දේ ගැන අල්ලාහ් හොඳින් දන්නේය. (ඕ : නබි!) නුඹ විශ්වාසවන්ත වූ ගැහැනුන් හමුවෙහි, ඔවුන් තම බැල්ම පහත හෙළිය යුතු යැයිද, තමන්ගේ පතිවත රැකගත යුතු යැයිද, ඔවුන්ගේ අලංකාරයෙහි පිටතට පෙනෙන දේ ඔවුන් වෙනත් කිසිවක් හෙළි නොකළ යුතු යැයිද, තමන්ගේ හිස් වැසුම් වස්ත්‍රය තමන්ගේ පියයුරු මත දමාගන්නා ලෙසද ඔවුනට පවසන්න!…” (කුරානය 24:30,31).
ෆර්දාවක් ඇඳීමේදී පහත සඳහන් කරුණු කෙරෙහි අවදානය යොමු කළ යුතුය. එය පිටස්තර මිනිසුන්ගේ ආකර්ශණයට ලක් නොවන පරිදි තිබිය යුතුය. ශරීරයට ඉතා තදින් ඇලී නොමැතිව බුරුලට තිබිය යුතුය. එසේම පිරිමින් තම ඇඳුම වළලු කරට වඩා ඉහලින් ඇඳිය යුතුය.
By Fasy Ajward.B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.