ලෝකයට ආරම්භයක් තිබෙනවා සේම යම් දවසක එය විනාශයට පත් වීමටත් නියමිතය. මේ පිළිබඳව විද්‍යාඥයින් අතර නොයෙකුත් මත තිබේ. එහෙත් එම මත ඉදිරිපත් කොට ඇත්තේ පංචේන්ද්‍රියන්ගෙන් ලබාගත් දැනුම පදනම් කරගෙන බැවින් ඔවුන් පවසන දේවල් හරියටම සිදුවේදැයි කිව නොහැකිය. කෙසේ වෙතත් ඇතැම් අය මිලේනියම් දෙක උදාවත් සමගම ලෝකවිනාශය සිදුවේ යැයි සිතූහ. එහෙත් එවැන්නක් සිදුවුයේ නැත. ඉන් පසු 2012 දී ලෝකය විනාශය වේ යැයි සිතූහ. එහෙත් එවැන්නක් ද සිසු නොවිය. මේ අනුව මිනිසා කරන සෑම ප්‍රකාශනයක්ම පිළිගත නොහැකිය. එසේ තිබියදී දෙවියන් පහළ කළ සෑම ආගමකම ලෝක අවසානය ගැන සඳහන් කොට තිබේ. ඒවා පිළිගත හැකි කාරණා දහම තුලම ඇත. නබිවරුන් මිනිසාට කළ නොහැකි ප්‍රාතිහාරයන් සිදු කොට පෙන්වා ඇති නිසා අපට ඔවුන් පවසන දේවල් පිළිගැනීමට සාධාරණ හේතුවක් ඇත.
අල්-කුරානය දෙවියන් පහළ කළ දහම් පුස්තකය ද ප්‍රාතිහාරයක් ද වේ. එම ග්‍රන්ථය හොඳින් අධ්‍යයනය කිරීමෙන් එය මිනිසාගේ දැනුමෙන් ඔබ්බට ගිය ග්රන්ථයක් බව තේරුම් ගත හැකිය. එහි සඳහන් කිසිම පෙරනිමිත්තක් මෙතෙක් වැරදී නැත. ඒ අනුව අපට නිහමනය කළ හැක්කේ එහි සඳහන් වන අනාගත සිදුවීම්ද ඒ අකාරයටම සිදු වනු ඇති බවයි.
පහත දැක්වෙන්නේ ලෝක විනාශය සිදු වීමේදී දැකිය හැකි අල්-කුරානයේ සඳහන් ඇතැම් කරුණුය.
“පොළව සහ කඳු එකිනෙකට ඝට්ටණය වීමට සලස්වා ඒවා පවතින ස්ථානයෙන් ඉවත් වීමට සලස්වනු ලැබේ. එම දවසේදී මහා සිදුවීමක් සිදු වන්නේය. (තවද) එම දවසෙහි අහස පැලී දුබල වන්නේය” (කුරානය 69:14-16).
කුරානයේ මෙසේද සඳහන් වේ.
“මෙම පොළොව වෙනත් පොළොවක් ලෙසද, අහස් ද වෙනස්කරනු කරනු ලබන දවසෙහි බලය පාන්නාවූ අල්ලාහ් ඉදිරියෙහි ඔවුන්ව කැඳවනු ලබන්නෝය” (කුරානය 15:48).
මෙම ලෝක විනාශය සිදුවීමට පෙර සිදුවීමට නියමිත ඇතැම් කරුණු නබිතුමා දන්වා ඇත. ඒවා මහා සිදුවීම් සහ සළු සිදුවීම් වශයෙන් වෙන් කොට තිබේ. එම සුළු සිදුවීම් වලින් බොහොමයක් දැනටමත් සිදු වී හමාරය. පහත දැක්වෙන්නේ එසේ සිදුවීමට නියමිත ඇතැම් සුළු සිදුවීම් ය.
- ප්‍රයෝජනවත් දැනුම ලෝකයෙන් තුරන් වන අතර නුගත්කම පැතිරෙනු ඇත. (මෙහි ප්‍රයෝජනවත් දැනුම ලෙස හැඳින්වෙන්නේ ආගමික දැනුම වේ)
- පොත්පත් සහ ලිඛිත දැනුම බහුලව දැකිය හැකි නමුත් (ආගමික) විද්වතුන්ගේ අඩුවක් සිදුවනු ඇත (අහමද්).
- පරදාර සේවනය සහ මෞතුනයෙහි යෙදීම සාමාන්‍ය සිද්ධීන් බවට පත්වනු ඇත. (නබිතුමාගේ හදිස් වලින් දැක්වෙන පරිදි මේ වැනි දේ සිදුවන විට මිනිසා මිට පෙර කිසිදාක නො ඇසූ නො දුටු ලෙඩ රෝග අළුතින් ව්‍යාප්ත වනු ඇත) බුහාරි, මුස්ලිම්, ඉබ්නු මාජාහ්.
- පාලකයින් අතර අපචාරය බහුලව සිදු වනු ඇත. (හදිස් වලින් කියවෙන්නේ මිනිසා අයහපත් දේ වැළැක්වීමට ක්‍රියා නොකිරීමෙන් මෙය සිදුවන බවය-ඉබ්නු මාජාහ්)
- පරදාර සේවනය සහ මෞතුනයෙහි යෙදීම ප්‍රසිද්ධියේ සිදුවනු ඇත.
- මත්පැන් පානය බහුලව සිදු වනු ඇත (බුහාරි, මුස්ලිම්).
- පිරිමින්ට වඩා ගැහැණුන් වැඩිවනු ඇත. මෙය එකට පනහ අනුපාතය දක්වා වැඩිවනු ඇත. (බුහාරි, මුස්ලිම්).
- මනුෂ්‍ය ඝාතන බහුලව සිදුවනු ඇත. ඝාතන වැඩි වන තරමට කුමන හේතුවක් නිසා එම ඝාතනය සිදුකලේදැයි ඝාතකයා පවා දැනගන්නේ නැත
- කෑදරකමින් කෑම මේසයක් වටා සිටගන්නවා සේම මුස්ලිම්වරුන්ට එරෙහිව ලෝකයේ විවිද ජාතින් සිටගනු ඇත. මෙසේ සිදුවන විට ලෝකයේ මුස්ලිම්වරු බහුලව සිටියත් ඔවුන් මුහුදේ ඇති පෙන මෙන් වටිනාකමක් නැති ජාතියක් බවට පත්වනු ඇත.
- අම්ල වරුසා, වසිනු ඇත (අත් තබරානි, අල් හාකිම්)
- අවජාතක දරුවන් සුලබ වනු ඇත (අත් තබරානි, අල් හාකිම්)
- පොදු අරමුදල් (trust) ලාභ උපයන දෙයක් ලෙස සලකනු ඇත (අත් තිර්මිසි, අල් හය්තමි)
- ලාභාංශ ධනවතුන් අතර පමකන් බෙදා ගනු ඇත, ඒවා දුප්පතාට නොලැබෙනු ඇත (අත් තිර්මිසි)
- zසකාත් ගෙවීම බරක් ලෙස සලකනු ඇත. මසුරුකම රජකරනු ඇත. අකමැත්තෙන් සදකා හෙවත් තුටුපඬුරු දෙනු ඇත (අත් තිර්මිසි, අල් හය්තමි)
- මිනිස් සිත්වල මසුරුකම මුල්බැසගනු ඇත (බුහාරි)
- හදිසි මරණ ගැන නිතර ඇසීමට ලැබෙනු ඇත (අහමද්)
- මිනිසුන් ප්‍රසිද්දියේ කුලුපහු මිතුරන් ලෙස රඟ පැවත් රහසිගතව සතුරන් ලෙස ක්‍රියාකරනු ඇත (අත් තිර්මිසි)
- මිනිසුන් තමන්ගේ භාර්යාවට කීකරු වන අතර තමන්ගේ මවට අකීකරු වනු ඇත, තම යහළුවන් සමග කුලුපහවන අතර තම පියාගෙන් දුරස් වනු ඇත (අත් තිර්මිසි)
- දේවස්ථානවල උස්හඩින් කතා කරනු ඇත (අත් තිර්මිසි)
- මිනිසුන් ජනතාව ගැවසෙන ස්ථානවල තම කලව ප්‍රදර්ශනය කරනු ඇත.
- දිගු ගමන් කෙටි කාලයකදී සිදු කරගනු ඇත.
- මිනිසුන් අතරින් නරකම ජන කොට්ටාසය පාලකයින් බවට පත්වනු ඇත (අත් තිර්මිසි)
- පාලකයන් ජනතාව තලා පෙලා රට පාලනය කරනු ඇත (අල් හය්තමි)
- මිනිසුන්ගේ දෘශ්ටකම් වලට බියෙන් මිනිසා මිනිසාට ගව්රව කරනු ඇත (අත් තිර්මිසි)
- ගායිකාවන් සහ සංගීත භාණ්ඩ ජනප්‍රිය වනු ඇත (අත් තිර්මිසි)
- මිනිසුන් කුරානය පිළිපදින බව කියමින් හදිස් සහ සුන්නාවලින් ඇති වනු ඇත (අබු දාවුඩ්)
- කාලය වේගවත් වනු ඇත (බුහාරි, මුස්ලිම්)
- සත්ක්‍රියා දුලභ වනු ඇත (බුහාරි)
- නිතර නිතර භූමිකම්පාවන් සිදුවනු ඇත. (බුහාරි, මුස්ලිම්)
- සිව්පාවන් මිනිසුන් සමග කතා කරනු ඇත (අහමඩ්)
- කාන්තාවන් වස්ත්‍ර ඇන්දත් නිරුවතින් මෙන් දිස්වනු වනු ඇත. මොවුන් නොමග යන ගමන් අනෙක් අයවත් නොමග යවනු ඇත (මුස්ලිම්)
- මිනිසුන් ඉතා උස ගොඩනැගිලි සැදීමේ තරගයක නිරත වනු ඇත (බුහාරි)
- පවුල් අතර ඇති බැඳීම් සිඳී යනු ඇත.
- අහාර පාන බහුලව තිබුනත් ඒවායේ ආශීර්වාදයක් (blessings) නොතිබෙනු ඇත.
- යුප්‍රටීස් නදියෙන් නිදානයක් මතු වනු ඇත (එම අවස්ථාවේ ජිවත්වන කිසිවෙකුට එය නොගන්නා මෙන් නබිතුමා පවසා ඇත) (බුහාරි, මුස්ලිම්)
- මසිහ් අද්-දජ්ජාල් ගේ පැමිණීම (The Antichrist).
- මහ්දි (අලෙය්හි සලාම්) ගේ පැමිණීම.
- මරියා තුමියගේ පුත් ඊසා නබි තුමා (Jesus Christ) ගේ පැමිණීම.
- යඃජුජ් සහ මඃජුජ් (Gog and Magog) ගේ පැමිණීම.
- කඃබාව විනාශ කිරීම සහ එහි වස්තුව පැහැරගැනීම.
- දාබ්බතුල් අර්ල් නමැති සත්වයාගේ පැමිණීම.
- ලෝකය දුමාරයකින් වැසියාම.
- දරුණු බුමිකම්පා තුනක් ඇති වීම.
- මනහර සුළගක් හමා මුමින්වරුන් මරණයට පත් වීම.
- ඉර බටහිරින් නැගෙනහිරට උදාවීම.
- ගින්නක් මගින් මිනිසුන් අවසාන වශයෙන් එක්කාසු වන ස්ථානයට කැදවාගෙන යාම.
- සුර් නම් නලාව නාද කිරීම. (fear & terror, death, resurrection)
“නුඹලා නොදන්නා පෙනුමෙන් නුඹලාව නැවත මවන්නෙමු” (කුරානය 56:61).“නියතව සියල්ලෝම නියමිත දවසක නියමිත වේලාවක එක්රැස් කරවනු ලබන්නෝය’යි (නබි!) නුඹ පවසන්න” (කුරානය 56:50).
“එම සිද්ධිය ඇතිවන විට එය බොරු කළ හැකි කිසිවක් නොමැත. එමගින් (නිරයට යන අයව) පහත් කරන අතර (ස්වර්ගයට යන අයව) උසස්කරනු ඇත. තවද පොළව ඉතා සැරෙන් සොලවනු ලබන කල, කඳු දුවිලි බවට හැරෙනු ඇත. ඒවා පාවෙන දුවිලි බවට පත්වනු ඇත” (කුරානය 56:1-4).
මෙම විනිශ්චය දිනයෙන් කිසිවෙකුට බේරී යාමට නොහැකිය. එම දිනයේදී මිනිසා මෙලොවදී කළ සියළුම දේවල් ගැන ප්‍රශ්න කරනු ලබන්නේය. ඉන් ජය ලබන අය ස්වර්ගයටත් ඉන් පාඩු ලබන අය නිරයටත් දැමීමට නියමිතය.