ලෝකය පුරා සටන් ඇවිලී යාමත් ලෝක විනාශයට පෙර නිමිත්තක් බව නබිතුමා පවසා ඇත. අද අපි ලෝකයේ බොහෝ රටවල් වල නොනවතින සටන් ඇවිලී තිබීම දකිමු. එය ලෝකයේ අවසානයට එක් පෙර නිමිත්තකි. නිතර නිතර භූමිකම්පා ඇතිවීමත් ලෝක විනාශයට පෙර නිමිත්තක් බව නබිතුමා පවසා ඇත. භූමිකම්පා ගැන වාර්තා අධ්‍යයනය කරන විට පෙනී යන්නේ පෙරට වඩා දැන් භූමිකම්පා බෙහෙවින් වැඩි වී ඇති බවයි.
ලෝකය අවසාන වීමට පෙර නබිතුමාගේ පරම්පරාවේ සිට මහදි තුමා පැමිණීමට නියමිතය. ඔහු සිටින විට ජේසු තුමා ද පැමිණීමට නියමිතය. ඒ වන විට දජ්ජාල් (Anti Christ) පැමිණ සිටිනු ඇත. ඔහු අසාමාන්‍ය ලෙස දහමට එරෙහිව විනාශයන් සිදු කරනු ඇත. දෙවියන් ඔහුට ඇතැම් හාස්කම් කිරීමට බලය දී තිබීමෙන් ඔහු අහසට නියෝග කොට වැස්ස වස්සනු ලැබේ. ඉන් පසු තරුණයෙකු කැඳවා ඔහුව දෙවියන් යැයි පිළිගැනීමට නියෝග කරනු ලැබේ. එහෙත් ඔහු එම නියෝගයට පිටු පෑම නිසා ඔහුගේ කඩුවෙන් එම තරුණයාව දෙකට වෙන් කොට නැවත නැගිට සිටීමට අණ කරනු ඇත. එවිට ඔහු සිනාසෙමින් නැගිට සිටිනු ලැබේ. මෙම අවස්ථාවේදී ඔහු දජ්ජාල්ව දෙවියන් බව පිළිගැනීමට නැවතත් නියෝග කරනු ඇත. එහෙත් එම තරුණයා එය ප්රත්ක්ෂේප කරනු ඇත. එවිට දජ්ජාල් ඔහුගේ කඩුවෙන් එම තරුණයාව නැවත කපා වෙන් කිරීමට උත්සාහ කලත් එසේ කිරීමට හැකි වන්නේ නැත. ඉන් පසු දජ්ජාල් වෙනත් නගරයකට පලා යනු ඇත.
දජ්ජාල්ගේ ක්‍රියාවන් දැක ඔහු යන යන තැන්හි සිටින ඇතැම් අය ඔහුට දේවත්වය පිරිනමනු ඇත. ඒ අනුව අල්ලාහ් කෙරෙහි දුර්වල විශවාසයක් ඇති සියළු දෙනාම ඔහුගේ රැවටීමට හසු වන්නේය. ජේසු තුමාගේ පැමිණීමෙන් පසු ඔහුව බාබු ලුද් යන ස්ථානයේදී ඝාතනයට ලක් කරනු ඇත. මොහුගෙන් පසු ලෝකයේ නැවත යුක්තිය සහ සාධාරණය ස්ථාපනය කරනු ලබන බව නබිතුමා පවසා ඇත. ලෝකයේ ඉතා සරු පලදාවන් ඇති වනු ඇත.
ලෝකය අවසාන වීමට පෙර බටහිරින් නැගෙනහිරට ඉර පායන්නේය. එම සිදු වීමෙන් පසු කිසිවෙකුගේ දේව විශ්වාසයෙන් ප්‍රයෝජනයක් අත් නොවන බව නබිතුමා පවසා ඇත. ඉන් පසු ඉතුරුවන අය ප්‍රසිද්ධියේම අනාචාරයේ හැසිරෙනු ඇත. කිසිම කෙනෙකුට දෙවියන් පිලිබඳ විශ්වාසයක් නොතිබෙනු ඇත. ලෝකය විනාශ වන විට ඉතිරිවන්නේ ඔවුන් පමණි.
පහත දැක්වෙන්නේ ලෝක අවසානයට පෙර දැකිය හැකි සුළු සිදුවීම් මාලාවකි.
- ප්‍රයෝජනවත් දැනුම ලෝකයෙන් තුරන් වන අතර නුගත්කම පැතිරෙනු ඇත. (මෙහි ප්‍රයෝජනවත් දැනුම ලෙස හැඳින්වෙන්නේ ආගමික දැනුම වේ)
- පොත්පත් සහ ලිඛිත දැනුම බහුලව දැකිය හැකි නමුත් (ආගමික) විද්වතුන් හිඟ වන්නේය. (අහමද්).
- පරදාර සේවනය සහ මෞතුනයෙහි යෙදීම සාමාන්‍ය සිද්ධීන් බවට පත්වනු ඇත. (නබිතුමාගේ හදිස් වලින් දැක්වෙන පරිදි මේ වැනි දේ සිදුවන විට මිනිසා මිට පෙර කිසිදාක නො ඇසූ නො දුටු ලෙඩ රෝග අළුතින් ව්‍යාප්ත වනු ඇත) බුහාරි, මුස්ලිම්, ඉබ්නු මාජාහ්.
- පාලකයින් අතර අපචාරය බහුලව සිදු වනු ඇත. (හදිස් වලින් කියවෙන්නේ මිනිසා අයහපත් දේ වැළැක්වීමට ක්‍රියා නොකිරීමෙන් මෙය සිදුවන බවය-ඉබ්නු මාජාහ්)
- පරදාර සේවනය සහ මෞතුනයෙහි යෙදීම ප්‍රසිද්ධියේම සිදු කරනු ඇත.
- මත්පැන් පානයකිරීම බහුලවශයෙන් සිදු වනු ඇත (බුහාරි, මුස්ලිම්).
- පිරිමින්ට වඩා ගැහැණුන්ගේ ගණන වැඩිවනු ඇත. මෙය එකට පනහ තරම් අනුපාතයක් දක්වා වැඩිවනු ඇත. (බුහාරි, මුස්ලිම්).
- මනුෂ්‍ය ඝාතන බහුලව සිදුවනු ඇත. ඝාතන වැඩි වන තරමට කුමන හේතුවක් නිසා එම ඝාතනය සිදුකලේදැයි ඝාතකයා දැනගන්නේ නැත
- කෑදරකමින් කෑම මේසයක් වටා සිටගන්නවා සේම මුස්ලිම්වරුන්ට එරෙහිව ලෝකයේ විවිද ජාතින් සිටගනු ඇත. මෙසේ සිදුවන විට ලෝකයේ මුස්ලිම්වරු බහුලව සිටියත් ඔවුන් මුහුදේ ඇති පෙන මෙන් වටිනාකමක් නැති ජාතියක් බවට පත්වනු ඇත.
- අම්ල වරුසා, වසිනු ඇත (අත් තබරානි, අල් හාකිම්)
- අවජාතක දරුවන් සුලබ වනු ඇත (අත් තබරානි, අල් හාකිම්)
- පොදු අරමුදල් (trust) ලාභ උපයන දේවල් බවට පත් වනු ඇත (අත් තිර්මිසි, අල් හය්තමි)
- ලාභාංශ ධනවතුන් අතර පමකන් බෙදා ගනු ඇත, ඒවා දුප්පතාට නොලැබෙනු ඇත (අත් තිර්මිසි)
- zසකාත් ගෙවීම බරක් ලෙස සලකනු ඇත. මසුරුකම රජකරනු ඇත. අකමැත්තෙන් සදකා හෙවත් තුටුපඬුරු දෙනු ඇත (අත් තිර්මිසි, අල් හය්තමි)
- මිනිසුන් මසුරන් බවට පත්වනු ඇත (බුහාරි)
- හදිසි මරණ ගැන නිතර ඇසීමට ලැබෙනු ඇත (අහමද්)
- මිනිසුන් ප්‍රසිද්දියේ කුලුපහු මිතුරන් ලෙස රඟ පාන අතර රහසිගතව සතුරන් ලෙස ක්‍රියාකරනු ඇත (අත් තිර්මිසි)
- මිනිසුන් භාර්යාවට කීකරු වන අතර මවට අකීකරු වනු ඇත, යහළුවන් සමග කුලුපහවන අතර පියාගෙන් දුරස් වනු ඇත (අත් තිර්මිසි)
- දේවස්ථානවල උස්හඩින් කතා කරනු ඇත (අත් තිර්මිසි)
- දිගු ගමන් කෙටි කාලයකදී සිදු කරගනු ඇත.
- මිනිසුන් අතරින් නරකම ජනයා පාලකයින් බවට පත්වනු ඇත (අත් තිර්මිසි)
- පාලකයන් විසින් ජනතාව තලා පෙලා රට පාලනය කරනු ඇත (අල් හය්තමි)
- මිනිසුන්ගේ දෘශ්ටකම් වලට බියෙන් මිනිසා මිනිසාට ගව්රව කරනු ඇත (අත් තිර්මිසි)
- ගායිකාවන් සහ සංගීත භාණ්ඩ ජනප්‍රිය වනු ඇත (අත් තිර්මිසි)
- මිනිසුන් කුරානය පිළිපදින බව කියමින් හදිස් සහ සුන්නාවලින් ඇති වනු ඇත (අබු දාවුඩ්)
- කාලය වේගවත් වනු ඇත (බුහාරි, මුස්ලිම්)
- සත්ක්‍රියා දුලභ වනු ඇත (බුහාරි)
- නිතර නිතර භූමිකම්පාවන් සිදුවනු ඇත. (බුහාරි, මුස්ලිම්)
- සිව්පාවන් මිනිසුන් සමග කතා කරනු ඇත (අහමඩ්)
- කාන්තාවන් වස්ත්‍ර ඇන්දත් නිරුවතින් මෙන් දිස්වනු වනු ඇත. මොවුන් නොමග යන ගමන් අනෙක් අයවත් නොමග යවනු ඇත (මුස්ලිම්)
- මිනිසුන් ඉතා උස ගොඩනැගිලි සැදීමේ තරගයක නිරත වනු ඇත (බුහාරි)
- පවුල් අතර ඇති බැඳීම් සිඳී යනු ඇත.
- අහාර පාන බහුලව තිබුනත් ඒවායේ ආශීර්වාදයක් (blessings) නොතිබෙනු ඇත.
- යුප්‍රටීස් නදියෙන් නිදානයක් මතු වනු ඇත (එම අවස්ථාවේ ජිවත්වන කිසිවෙකුට එය නොගන්නා මෙන් නබිතුමා පවසා ඇත) (බුහාරි, මුස්ලිම්)
දජ්ජාල් (Anti Christ) ගැන දෙවියන් පහළ කල සෑම ආගමකම අනතුරු හඟවා තිබේ. ඔහු සිරියාව සහ ඉරාකය අතර පිහිටි කලාල යන ස්ථානයෙන් මතුවීමට නියමිතය.ඔහුගේ හිසකෙස් රැලිවැටී ඇති අතර ඇස් ඉදිරියට නෙරා තිබෙනු ඇත. තවද ඔහුගේ එක් ඇසක් අන්ද වේ. ඔහු දින හතලික් පමණ ජිවතුන් අතර සිටිමින් විශාල විනාශයක් කරන බව නබිතුමා පවසා ඇත. ඔහුගේ නළලේ ‘කාෆිර්’ යැයි සඳහන් කොට ඇති බව හදිස් වල සඳහන් වේ. දජ්ජාල්ට ඇතැම් හාස්කම් කිරීමට දෙවියන් හැකියාව ලබා දී තිබේ. එම හේතුවෙන් ඔහු නියගයෙන් පිඩා විඳිමින් සිටින ජනතාව සඳහා අහසට නියෝග කිරීමෙන් වරුසාව ලබා දෙන්නේය. පොලවට අණ කිරීමෙන් බෝග වගා කර දෙන්නේය. මේවා දැකීමෙන් ඇතැම් අය ඔහුව දෙවියන් යැයි විශ්වාස කරනු ඇත. ඉන් අනතුරුව ඔහු අලංකාර තරුණයෙකුව කැඳවා ඔහුව දෙවියන් යැයි විශ්වාස කරන ලෙස නියෝග කරන්නේය. එහෙත් එම තරුණයා ඔහුගේ නියෝගය ප්‍රතික්ෂේප කරනු ඇත. එවිට දජ්ජාල් සිය කඩුවෙන් එම තරුණයාව කපා වෙන් කරන්නේය. ඉන් පසු එම තරුණයාව ඔහුගේ හාස්කමින් නැවත නැගිට සිටීමට අණ දෙන අතර ඔහු සිනාසෙමින් නැගිටින බව හදිසයේ සඳහන් වේ. අනතුරුව දජ්ජාල්ගේ දේවත්වය පිළිගන්නා මෙන් ඔහුට නියෝග කරත් එම තරුණයා ඔහුගේ ඉල්ලීම දෙවන වරටත් ප්රත්ක්ෂේප කරන්නේය. එවිට දජ්ජාල් ඔහුගේ කඩුවෙන් එම තරුණයාව නැවතත් කපා වෙන් කිරීමට උත්සාහ කලත් ඔහුට එය කල හැකි වන්නේ නැත. මින් පසු දජ්ජාල් වෙනත් නගරයකට පලායනු ඇත. කෙසේ වෙතත් දුර්වල විශ්වාසයන් ඇති අය දජ්ජාල්ගේ ක්‍රියාවන් දැකීමෙන් ඔහුව දෙවියන් බවට විශ්වාසකරන බව සඳහන් වේ. මේ වන විට ජේසු තුමා දෙවදුතයින් දෙදෙනෙකුගේ අත්තටු මත දමස්කස් නගරයට නැගෙනහිරින් පිහිටි මිනාරාව දෙසට පැමිණෙනු ඇත. එහිදී ඔහු මිනිසුන්ට සලාතය මෙහෙයවනු ඇත. පසුව ඔහු දජ්ජාල්ව සොයා ගොස් ‘බාබු ලුද්’ යන ස්ථානයේදී ඝාතනය කිරීමට නියමිතය. මෙම සිදුවීම වලින් පසු යාජුජ් සහ මාජුජ් (Gog and Magog) යන කණ්ඩායම් දෙක පැමිණීමට නියමිතය. මොවුන් නිසා මිනිසුන් මහත්සේ පිඩාවට පත් වනු ඇත.
මෙම සිදුවීම්වලින් පසු නැවතත් හොඳ කාලයක් එළමෙන බව නබිතුමා පවසා ඇත. එම කාලය අවසාන වීමත් සමග ලෝකය අවසාන වීමට පෙර සිදුවීමට නියමිත විශාල සිදුවීම් සියල්ලම ඉතා වේගයෙන් එක පිට එකක් පැමිණීමට නියමිතය. එහෙත් එම කාලයේදී විශ්වාසවන්තයින් කිසිවෙකු ජිවතුන් අතර නොසිටිනු ඇත. ලෝකය අවසාන වන්නේ ඉන් පසුවය.
මෙම සිදුවීම් වලින් පසුව අල්ලාහ් නියම කල අන්දමට විනිශ්චය දිනය ආරම්භ වනු ඇත. එම දිනයේදී මෙලොව ජීවත්වූ සියලුම ජීවින් එක තැනකට එක්කාසු කරනු ඇත. එම විනිශ්චයෙන් පසු මිනිසාට ස්වර්ගය හෝ නිරය ලැබීමට නියමිතය. සෙසු ජීවින් දුවිලි බවට පත්කරනු ඇත.