ලෝකයේ ඇතිවුණු සහ ඇතිවෙම්නි තිබෙන බොහෝ අර්බුදවලට හේතුව බලය මැනීම සඳහා යොදාගෙන ඇති වැරදි මිනිනුම් දණ්ඩයි. පළමු සහ දෙවන ලෝක යුද්ධ හට ගත්තේද එහි ප්‍රතිපලයක් ලෙසය. යම් විදියකින් තුන්වන ලෝක යුද්ධයක් ඇති වන්නේ නම් එයට හේතුවත් මෙම වැරදි මිනුම් දණ්ඩම විය හැකිය. බොහෝ අයට අවශ්‍යව තිබෙන්නේ තම පේශිවල ශක්තිය පෙන්වීම හෝ ආවුද බලය පෙන්වීම මිස ඉවසීම ප්‍රගුණ කිරීම නොවේ. එබැවින් බොහෝ අය කායවර්ධනය සඳහා වෙහෙසෙන අතර මනස වර්ධනය කිරීම සඳහා වෙහෙසෙන්නේ නැත. 

පුද්ගලික මට්ටමින් ගත්කල බොහෝ පවුල් ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව මිනිසුන්ට ඉවසීම නැති කමය. කෙනෙකුගෙන් යම් වැරැද්දක් සිදු වු වහාම ඒවා විසඳීමට වෙර දරන්නේ ඇඟේ ශක්තියෙන් මිස මොලයෙන් නොවේ. මේ නිසා ඇතැම් සුළු දේවල් වලට පවා මිනිසුන් ඝාතනය කරන අවස්ථා දැකිය හැකිය.

ඇතැම් අවස්ථාවලදී පොල් අත්තක් වෙනුවෙන් මිනි මරාගෙන තිබේ. නුතන සමාජයේ සිටින ඇතැම් ගුරුවනුන්ට පවා ඉවසීම නොමැත. එහි ප්‍රතිපලයක් ලෙස බොහෝ ළමයින්ගේ අනාගතය අඳුරේ හෙලන්නේය. එක්තරා පාසලක විදුහල්පතිවරයා ළමයෙකුට කළ දඬුවම නිසා ඔහු රිමාන්ඩ් භාරයට පත් වු අතර එම ශිෂ්‍යයා රෝහල් ගත විය. තවත් අවස්ථාවකදී පාසලේ මුල් ගුරුවරියක් විසින් වමනය කළ ශිෂ්‍යාවක් වෙනුවෙන් ගත් වැරදි තීරණය නිසා එම ළමයාගේ අධ්‍යාපනයට සහ ආත්ම ගෞරවයට විශාල හානියක් සිදු වී ඇත. ඇතැම් අවස්ථාවලදී ආගමික නායකයින් විසින් ගනු ලබන වැරදි තීරණ නිසා ද සමාජය තුල අනවශ්‍ය කලබල මෙන්ම ගැටුම් හටගෙන ඇත. ඇතැම් අවස්ථවලදී ඒවා ජාතින් අතර වෛරය ඇතිකිරීමට හේතුවක් වී තිබේ. ඉවසීම තිබුනේ නම් මේවා සියල්ල සාමකාමිව විසඳා ගැනීමට තිබුනු ඒවාය.

නබිතුමා එක් අවස්ථාවක තම අනුගාමිකයින් අමතා ඔබලා සිතන අන්දමට ශක්තිවන්තයා කව්රුන්දැයි විමසා ඇත. එවිට ඔහුගේ අනුගාමිකයින් පවසා ඇත්තේ මල්ලව පොර වලින් දිනන තැනැත්තා ශක්තිමත් තැනැත්තා බවයි. ඊට සවන්දුන් නබිතුමා පවසා ඇත්තේ තදබල කොපයකදී ඉවසීමට හැකි තැනැත්තා ශක්තිමත් කෙනා බවයි.

ඉස්ලාම් දහම ඉවසීම ගැන බොහෝ දේ පවසා ඇත. ඉවසිලිවන්තයා සමග අල්ලාහ් සිටින බව කුරානයේ එක් තැනක සඳහන් කොට ඇත. අල්-කුරානයේ තවත් තැනක සඳහන් වන්නේ ඉවසීමෙන් සහ සලාතය ඉටු කිරීමෙන් අල්ලාහ්ගෙන් උදව් පතන ලෙසය. එය භක්තිවන්තයින්ට මිස අන් අයට අසීරු කරුණක් බවත් කුරානයේ සඳහන් වන්නේය.

අද සමාජයේ සෑම ක්ෂේත්‍රයකම ඉවසීමේ ගුණය පිරිහී ඇත. බොහෝ රටවල් උත්සාහ කරන්නේ ඔවුන්ගේ ආයුද බලයෙන් ශක්තිය පෙන්වීමටය. මේ නිසා අද බලවත් රටවල්වල න්‍යෂ්ටික බලවතුන් වීමේ තරගයක්ද ඇත. මේවායින් ඔවුන් බලාපොරොත්තු වන්නේ අනිත් රටවල් යටත් කර ගැනීමය. එහි ප්‍රතිපලයක් ලෙස අහිංසක ජනතාව පිඩාවට පත්වන්නේය. ලෝක සම්පත් විනාශයට පත් වන්නේය.

අද ඇතැම් අයට අවශ්‍යව ඇත්තේ ආගමානුකුලව ජිවත් වීමට වඩා තම සාමාජිකයින් ගේ ඔළු ගෙඩි ගණන වැඩිකර ශක්තිය පෙන්වීමටය. එහෙත් ඉස්ලාම් දහමට එවැනි දෙයක් කිරීමට කිසිම උවමනාවක් නැත. ඉතිහාසය තුල ඉස්ලාම් දහම වැඩියෙන්ම ප්‍රචලිත වී ඇත්තේ එහි ගුණාත්මක භාවය නිසය. අදත් මුස්ලිම්වරුන් උත්සාහ කරන්නේ ඔවුන්ගේ දහම අනුව ජිවත් වීමටය. එහත් ඇතැම් අය ඊට හරස් වන්නේ ඔවුන්ගේ බුද්ධියේ තරම කියා පාමින්ය.

By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *