ආගමික නායකයින්ගේ උපන්දින සැමරීම ලොව නොයෙකුත් ජාතින් අතර දැකිය හැකි නමුත් ඉස්ලාම් දහමින් එවැනි දෙයක් පෙන්වා දුන් බවට සාක්ෂියක් ඉස්ලාමිය මුලාශ්‍රයන්හි නොමැත. මෙම පුරුද්ද ඉස්ලාම් දහම තුලට ඇතුළු වුයේ නබිතුමාගේ අභාවයෙන් පසු වසර 400 ක් පමණ කාලයක් ගතවීමෙන් පසුවය. නබිතුමාගේ ඉගැන්වීම අනුව එතුමා ජිවතුන් අතර සිටියදී පෙන්වා නොදුන් දෙයක් අලුතින් දහම තුල එකතු කිරීම බලවත් වරදක් වන්නේය. එයට ප්‍රධාන හේතුව වන්නේ ඉස්ලාම් දහම අල්ලාහ් විසින් සම්පුර්ණ කර තිබීමය.
ඉස්ලාම් දහම අනුව ආගමේ නාමයෙන් අපි කරන කියන සෑම දෙයක් සඳහාම දෙවියන්ගේ අනුමැතිය තිබිය යුතුය. ඒ අනුව අපි කරන ඕනෑම කුසල් ක්‍රියාවක් අල්-කුරණයෙන් හෝ නබිතුමාගේ හදිස් වලින් සනාත විය යුතුය. එසේ නොවන අලුත් ඇදහිලි බිද’අත් ක්‍රියාවන් ලෙස සැලකේ. සෑම බිද’අත් ක්‍රියාවක්ම නිවැරදි මාර්ගයෙන් ඉවත් වූ ඒවාය.
නබිතුමාව ළඟින්ම ආශ්‍රය කලේ සහාබාවරුන්ය. මේ අතර ඔහුගේ මිත්‍ර අබුබක්කර් රලි තුමා හෝ උමර් රලි තුමා හෝ උස්මාන් රලි තුමා හෝ අලි රලි තුමා හෝ වෙන සහාබි කෙනෙකු නබිතුමා වෙනුවෙන් අද මුස්ලිම්වරුන් සිදු කරන ආකාරයේ උපන් දිනයක් සැමරු බවත කිසිම සඳහනක් නැත. උපන්දින සැමරීම වෙනුවට ඔවුන් නබිතුමාගේ සුන්නාවන් නිවැරදිව අනුගමනය කලෝය. අපි අද දකින්නේ මෙහි විරුද්ධ පැත්තය. එනම් නබිතුමාගේ මාර්ගය පිලි නොපදින බොහෝ දෙනෙක් ඔහුගේ උපන් දින සැමරීමය.
නබිතුමාගේ උපන් දිනය සැමරීම සම්භන්දයෙන් ඉමාම් අබුහනිෆා, ඉමාම් මාලික්, ඉමාම් ශාෆි, ඉමාම් අහමඩ්, ඉමාම් හසන් අල්-බස්රි, ඉමාම් ඉබ්නු සිරීන් වැනි විද්වතුන් කිසි දිනක අවසර දී නොමැත. එසේම මේ වැනි ක්‍රියාවක් නබිතුමා වර්ණනා කල සලාෆ් වරුන්ගේ කාලයේදී දක්නට නොතිබුනේය. කෙසේ වෙතත් ඉමාම්වරුන් පිළිපදින බොහෝ අය මෙම වැරැද්ද සිදු කරති.
නබිතුමා කෙරෙහි ආදරය දක්වන්නේ නම් කල යුත්තේ නබිතුමා අනුගමනය කිරීම බව අල්-කුරානයේ මෙසේ සඳහන් වන්නේය.
“පවසනු: ඔබ අල්ලාහ් කෙරෙහි ආදරය දක්වන්නේ නම්, මාගේ (නබිතුමාගේ) මාර්ගය පිලිපදිනු, එවිට අල්ලාහ් ඔබට ආදරය කරන අතර ඔබගේ පව් සමාකරනු ඇත. අල්ලාහ් මහත්සේ සමාකරන්නාද මහත් කාරුනිකයාද වන්නේය” (Q3:31)
නබිතුමාගේ උපන් දින සැමරුම ලොවට මුලින්ම පෙන්වා දුන්නේ හිජ්රි හතර වන සතවර්ෂයේදී කය්රෝ හි ෆාතිමිඩ් කලීෆා වරයෙකු විසින් යැයි ෂෙයික් අල්-මහ්ෆුස් සඳහන් කරන්නේය.
මෙම සැමරීම අල්-අෆ්දාල් නමැති හමුදා පාලකයා විසින් නතර කරන ලද්දේය. එහෙත් අල්-අමීර් බි-අහ්කාම් අල්ලාහ් විසින් නැවතත් හිජ්රි 524 දී එය ආරම්භ කරන ලදී. මුලින්ම මෙම උත්සවය ඉර්බීල් නගරයේ අල්-මාලික් අල්-මුලෆ්ෆර් අබු සඊද් (al-Malik al-Muzaffar Abu Sa‘eed) විසින් හත් වන සිය වසේදී ආරම්භ කර තිබේ.
මුස්ලිම්වරුන් නාමිකව ඉස්ලාම් දහමේ එල්බ නොසිට දහම නිවැරදිව හැදෑරීම අවශ්‍යය. ඉස්ලාම් දහම වැළඳ ගන්නා විදේශිකයින් විසින් මෙය සිදුවන්නේය. ඔවුන් අද අනෙක් අයට දහම දේශනා කරන අය බවටත් පත්ව ඇත්තේය. එසේ තිබියදී උපතින්ම මුස්ලිම්වන අපි දහම් ගැන කොතරම් දැනුමකින් සිටිය යුතුද? අපහේ වැරදි ක්‍රියා නිසා මිනිසුන් ඉස්ලාම් දහම ගැන වැරදි මත දරන තත්වයට පත්ව තිබේ. මෙය වහාම වෙනස් කල යුතු ය.
By Fasy Ajward.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.