බොහෝ අය ආගමික ‘විශ්වාසය’ ගැන සඳහන් කල පමණින්ම සිතන්නේ එය දෙවියන් පිලිබඳව ගොඩ නගා ඇති අන්ද විශ්වාසක් බවයි. එහෙත් ලොව ඇති ප්‍රධාන ආගම් සියල්ලෙන්ම නොපෙනෙන දෙවියන් ගැන විශ්වාසය කරන්නේය. එසේ නම් ආගම් අදහන සියළු දෙනාම අන්ද භක්තිකයින් වනවාද? එයට දිය හැකි පිළිතුර ‘කිසිසේත්ම නැත’ යන්නයි. එහෙත් පදනමක් නොමැතිව අදහන දේව විශ්වාසයන් ගැන නම් එම මතය නිවැරදි ය. එනම් දෙවියන් යන නිර්වචනයට සුදුසු නොවන ඇදහිලි සියල්ලම අන්ද විශ්වාසය මත පදනම් වන්නේය. 

මිනිසාගේ සෑම ක්‍රියාවක්ම විශ්වාසය මත ගොඩ නැගී ඇත. මේ සඳහා උදාහරණ කිහිපයක් ගෙන බලමු. කෙනෙක් බත් කන්නේ ඉන් බඩගින්න නිවෙන බව විශ්වාස කරන නිසාය. කම්කරුවෙක් වැඩට යන්නේ හවසට වේතනයක් ලැබේවී යන විශ්වාසය නිසාය. ලෙඩට බෙහෙත් ගන්නේ ඉන් සුවයක් ලැබේවි යන විශ්වාසය නිසාය. කෙනෙකුට ණයක් දෙන්නේ එය ආපසු ලැබේවි යන විශ්වාසය නිසාය. කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවලදී එම විශ්වාසයන් කඩ විය හැකිය. උදාහරණයක් ලෙස ලෙඩට දෙන බෙහෙත්වලින් කෙනෙකුගේ ලෙඩ සනීප නොවී යා හැකිය. කෙනෙකුට ලබා දුන් ණය ආපසු නොලැබී යා හැකිය. ඒ අනුව පැහැදිලි වන්නේ ඇතැම් විශ්වාසයන්හි දෙපැත්තක් ඇති බවයි. එහෙත් නිවැරදි ආගමික විශ්වාසය එසේ වන්නේ නැත. මෙහි නිවැරදි යැයි අදහස් කරනු ලැබුවේ දෙවියන්ගෙන් පහළ වූ බවට පැහැදිලි සාක්ෂි ඇති දහම ගැනයි.

මිනිස් පුරුටක් නැති කාන්තාරයකින් අසුලාගත් අත් ඔරලෝසුවක් ඉබේ නිර්මාණය වූ බව විශ්වාස කල හැකිද? නැතහොත් එය දක්ෂ කාර්මිකයින් විසින් නිපදවූ දෙයක් යැයි විශ්වාස කල යුතුද? කුඩා දරුවෙකු පවා එය ඉබේ ඇතිවූ දෙයක් යැයි විශ්වාස නොකරනු ඇත. ඊට හේතුව එවැනි දෙයක් ඉබේ සිදුවිය නොහැකි බව කුඩා දරුවෙක් පවා දන්නා නිසාය. එසේ නම් ඔරලෝසුවට වඩා අහිශයින්ම සංකීර්ණ විශ්වය ඉබේ නිර්මාණය විය හැකිද?

විශ්වය ඉබේ නිර්මාණය විය නොහැකි බව විශ්ව සත්‍යයකි. එසේ නම් එය ඇති වුයේ කෙසේද? එය නිර්මාණය කල කෙනෙක් සිටිය යුතු නොවේද? ඔහු සර්වබලධාරී අල්ලාහ් යැයි කුරානයේ සඳහන් වේ. අනෙක් ආබ්‍රහමික අගම්වලද විශ්වාසය එයම වේ. මෙය විශ්වාස නොකරන කෙනෙකුට විශ්වය ඇතිවූ අන්දම නිවැරදිව පහදා දිය හැකි විය යුතුය.

‘විශ්වාසය’ දහමට පමණක් සිමා වූ දෙයක් නොවේ. බොහෝ විද්‍යාත්මක පර්යේෂණ විශ්වාසය මත පදනම් වන්නේය. එසේම තවත් බොහෝ දේවල් විද්‍යාඥයින්ගේ විශ්වාසය අනුව ඉදිරිපත් කරති. එහෙත් වෙනසකට ඇත්තේ විද්‍යාඥයින් ‘විශ්වාසය’ යන වචනය වෙනුවට ‘වාදය’ යන පදය යොදා ගැනීමයි. උදාහරණයක් වශයෙන් ‘මහා පිපිරුම් වාදය’ , ‘ඩාවින්ගේ පරිනාම වාදය’ යනාදිය පෙන්වා දිය හැකිය. මෙම වාදයන් ගොඩ නැගී ඇත්තේ  නිරීක්ෂණ මත පදනම් වූ විශ්වාසයන් මතය. මේවා සත්‍ය දේවල් ලෙස පිළිගත හැක්කේ ඒවා විද්‍යානුකූලව ඔප්පු කළහොත් පමණි. කෙසේ වෙතත් ඉස්ලාමිය දේව විශ්වාසය ඉදිරිපත් කර තිබෙන අල් කුරානය මිනිස් නිර්මාණයක් නොවන බවට පැහැදිලි ශාක්ෂි කුරානය තුලම අන්තර්ගත කොට තිබේ. එබැවින් අල්කුරානයේ ඇති දේවල් අන්ධ විශ්වාසය යැයි කිව නොහැකිය.

By Fasy Ajward. B.Sc (Sp,Phy) Hons.Japura.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *