විශ්වය දෙවියන්ගේ මැවීමක් බව ආගමික විශ්වාසයකි. එය සෑම විද්‍යාඥයෙකුම පිළි නොගත්තත් ඇතැම් විද්‍යාඥයින් විසින් පිලි ගනිති. කෙසේ වෙතත්  විශ්වය සහ එහි ඇති දේවල් කෙසේ හට ගත්තේදැයි මෙතෙක්  අදේවවාදීන් විසින් පැහැදිලිව ප්‍රකාශකොට නැත. 

විසි එක්වන සියවස වන විට විද්‍යාඥයින් ලබාගෙන ඇති දැනුම අනුව විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් බොහෝ වාදයන් ඉදිරිපත් කොට ඇත. එහෙත් මේ කිසිම වාදයකින්වත් විශ්වය ඇතිවූ අකාරය අංග සම්පුර්ණව විස්තර කෙරෙන්නේ නැත. විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් දැනට පිළිගන්නා ප්‍රධාන මතයක් වන්නේ මහා පිපිරුම් වාදයයි. එහෙත් එම වාදය ආරම්භ වන්නේ යම්කිසිවෙකු විසින් මවන ලද ශක්තිය/පදාර්ථ පදනම් කරගෙනය. විශ්වය බිහිවීමට මුල් වු ශක්තිය ඇති වුයේ කෙසේදැයි කිසිම භෞතිකවාදීයෙකු විසින් මේ දක්වා විස්තර කොට නැත. එබැවින් ඔවුන් පවසන ඕනෑම මතයක් ආරම්භ කළ යුතු වන්නේ යම් කිසිවෙකු මවන ලද දේවල් ඇසුරෙනි.

සුප්‍රසිද්ධ ඇමරිකානු විද්‍යාඥයෙකු වන ස්ටෙෆාන් හෝකින් මහතා විශ්වය දෙවියන්ගේ මැවීමක් ලෙස එක් කලකදී ප්‍රකාශ කොට තිබුනේය. එහෙත් දැන් ඔහුගේ මතය වන්නේ විශ්වය ඉබේම හට ගෙන තිබිය යුතු බවයි. කෙසේ වෙතත් එම මතය බොහෝ විද්‍යාඥයින්ගේ විවිචනයට ලක්වී ඇත.

කිසිම දෙයක් ඉබේ සිදුවේ යැයි පැවසීම විද්‍යාවට පටහැනි ප්‍රකාශනයකි. ඒ අනුව විශ්වය ඉබේ හටගෙන ඇතැයි අපට පිළිගත නොහැකිය. තවද පිපුරුමකින් පසු සංවිදානය නැතිවී ගොස් අසංවිදානය වැඩි වන්නේය. මෙය තාපගති විද්‍යාවේ දෙවන නියමය ද වේ.

විද්‍යාඥයින්ට අද වන තුරුත් විශ්වය කෙසේ බිහි වුයේද යන්න හෝ ජිවය ඇතිවුයේ කෙසේද යන්න විස්තර කළ හැකිවී නැත. එහෙත් මැවුම් වාදය අනුව එය දෙවියන් මවා ඇතැයි විශ්වාස කෙරේ. එසේ තිබියදී භෞතිකවාදීන්ගේ ගැටලුව වන්නේ දෙවින් ඇතිවුයේ කෙසේද යන්නයි. මැවුම් වාදය අනුව එය හේතු සාදක මත පදනම් වු විශ්වාසයකි. එම විශ්වාසය තවත් තහවුරු වන්නේ දෙවියන් පහළ කළ නබිවරුන් විසින් ඉදිරිපත් කළ ප්‍රාතිහාරයන් නිසාය.

මහා පිපිරුම් වාදය අනුව පිපිරුමකින් පසු මානව සංවිදානය වු විශ්වයක් ඇතිවී තිබේ. එවැනි දෙයක් සිදු විය හැක්කේ කෙසේද? ඒ සඳහා ක්‍රියා කළ බලය කුමක්ද? එම බලයට අසාමාන්‍ය වින්ඥානයක් ලැබුනේ කෙසේද?

ඉහත කරුණු අනුව විශ්වයෙන් ඔබ්බට සිටින දෙවිකෙනෙකු ගැන මිනිසාට සිතිය යුතු වන්නේය. ඔහු විශ්වය සහ එහි ඇති සියළුම දේවල් මවා තිබිය යුතුය. එහෙත් ඔහු විශ්වය තුල නොමැති බැවින් ඔහු ගැන අපට නොදන්නවා විය හැකිය. අපට ඔහු ගැන දැනගැනීමට නොහැකි වීම නිසා එවැනි දෙවි කෙනෙක් නැතැයි තීරණයකට පැමිණිය නොහැකිය.

By Fasy Ajward. B.Sc (Special) Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *