බොහෝ අයට මුස්ලිම්වරුන් සිදුකරනු ලබන චර්මච්ඡේදනය පිළිබඳව නිවැරදි අවබෝදයක් නොමති වීමෙන් ඒ පිළිබඳව බොහෝ වැරදි මත සමාජ ගත කොට ඇත. එහෙත් එම ක්‍රියාවලියෙන් බලාපොරොත්තු වන්නේ ශාරීරික පිරිසිදුතාවයයි. පුරුෂයින්ගේ චර්මච්ඡේදනය කරනු ලබන්නේ ශිෂ්නයේ පෙර සම ඉවත් කිරීමෙනි. එම අවස්ථවේදී වේදනාව අවම කිරීම සඳහා ස්ථානීය නිර්වින්දනයක් ලබා දෙනු ලැබේ.සංස්කෘතික හේතුන් නිසාද ලෙඩ රෝග වැළැක්වීමේ ක්‍රමයක් ලෙස ද මුස්ලිම් නොවන අය අතරද චර්මච්ඡේදනය සිදු කරනු ලබේ. එහෙත් මුස්ලිම්වරුන් එය සිදු කරනු ලබන්නේ පිරිසිදු කම නිසාම නොව නබිතුමාගේ මග පෙන්වීමක් නිසාය.
චර්මච්ඡේදනයේ ඉතිහාසය එක් ජන වර්ගයකට හෝ එක් ආගමකට සිමා වන්නේ නැත. එය ක්‍රිස්තු පුර්ව හතරවන සියවස තරම් ඈත ඉතිහාසයේ සිටම අරාබියාවේ දක්නට ලැබුණු චාරිත්රයකි. ඊජිප්තුවේ පැරණි සොහොන් කොතකින් ලබාගත් සිතුවමකට අනුව එය ක්‍රි.පු. 2400-2300 තරම් පැරණි චාරිත්‍රයක් බව පෙනී යන්නේය.
චර්මච්ඡේදනය මුස්ලිම්වරුන්ට පමණක් නොව යුදෙව්වන්ට ද අනිවාර්ය කොට ඇත. ජේසුස් වහන්සේට චර්ම ජේදනය සිදුකර තිබුණු බව බයිබලයේ සඳහන් වේ. අප්‍රිකානු සංස්කෘතියේද, ඕස්ට්‍රේලියාවේ ඇබෝරිජින් වරුන්ද චර්මච්ඡේදනය සිදු කරති.
ඉස්ලාම් දහමේ පිරිමින් සඳහා චර්මච්ඡේදනය අනිවාර්ය වේ. එහත් කාන්තාවන් සඳහා එය අනිවාර්ය නොවේ. නබිතුමාගේ සම්ප්‍රාප්තියට පෙර සිටම කාන්තාවන්ට චර්මච්ඡේදනය කිරීමේ සිරිත අරාබියාවේ තිබී ඇති අතර නබිතුමා එය තහනම් කළේ නැත. ඒ අනුව අවශ්‍ය අයට පමණක් එය සිදු කළ හැකිය.
{Ibn Qudamah (may Allah have mercy on him) said, in his book al-Mughni: “Circumcision is obligatory for men, and it is an honour for women, but it is not obligatory for them. This is the opinion of many scholars. (Imam) Ahmad said: For men it is more strictly required, but for women it is less strictly required.” (al-Mughni 1/70)}.
චර්මච්ඡේදනය හේතුවෙන් කිසිවෙකුගේ ලිංගික චර්යාවන්ට බාදාවක් සිදු වන්නේ නැත. එහෙත් එමගින් වාසි රැසක්ම සිදු වන්නේය. පෙර සම ඉවත්කිරීම හේතුවෙන් එහි එක්රැස් වන කුණු සහ විසබීජ පහසුවෙන් ඉවත්කර ගත හැකිය. එහි ප්‍රතිපලයක් ලෙස HIV වෛරසය පැතිරයාම බොහෝ දුරට පාලනය වන බව වෛද්‍යවරුන්ගේ මතයයි. තවද චර්මච්ඡේදනය නිසා කාන්තාවන්ගේ ගර්භාශ්‍රිත පිළිකා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවන බව සංඛ්‍යාලේකන වලින් පෙන්නුම් කර තිබේ. අප්‍රිකාවේ සිදු කරනු ලැබූ සමීක්ෂණ වාර්ථාවකින් මෙය තහවුරු කර තිබේ.
HIV/AIDS (UNAIDS) පිලිබඳ ලෝක සෞක්‍යසංවිදානය එක්සත් ජාතීන්ගේ වැඩසටහන සමග එකතුවී නිකුත්කළ නිවේදනයෙන් දැක්වෙන්නේ මිනිසාට HIV වැළැක්වීමට හොඳම ක්‍රමය පිරිමින්ගේ චර්මච්චේදනය බවයි.
{The WHO and the Joint United Nations Programme on HIV/AIDS (UNAIDS) state that male circumcision is an efficacious intervention for HIV prevention, but should be carried out by well trained medical professionals and under conditions of informed consent}.
කුඩා කාලයේදී ඇතිවිය හැකි මුත්‍රාශය සම්බන්ද ආසාදනයන් බොහොමයක් චර්මච්ඡේදනය නිසා වලක්වා ගත හැකිය.
{ A UTI affects parts of the urinary system including the urethra, bladder, and kidneys. There is about a 1% risk of UTIs in boys under two years of age, and the majority of incidents occur in the first year of life. There is good but not ideal evidence that circumcision reduces the incidence of UTIs in boys under two years of age, and there is fair evidence that the reduction in incidence is by a factor of 3–10 times }
By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.