වහල් යදම් සිඳ……….
“මනුෂ්‍යයිනි! ඉතාමත් නිවැරදි සාක්‍ෂීන් ඔබ ඉදිරියේ ඇත” (ශුද්ධවූ අල්කුර්ආන්).
කතෘ: යූසුෆ් නියාස්
පෙරවදන…..
ඉස්ලාම් මිනිස් සමාජයට යහමග පෙන්වන ධර්මයකි. මෙරට වාසය කරන මුස්ලිම් ජනතාව සිංහල ජනතාව සමග දීර්ඝ කාලයක් සමගියෙන් සහයෝගයෙන් ජීවත් වෙයි. පිබිදෙන නව සමාජයට නව පරපුරට ඉස්ලාම් ධර්මය හඳුන්වා දෙන පොත්පත් සඟරා රාශියක්ම සිංහල භාෂාවෙන් එළි දැකිය යුතුය.
මෙම කුඩා ග‍්‍රන්ථය එම අරමුණ ඉටු කිරීමට ගත් ප‍්‍රයත්නයක් ලෙස සිතිය හැකිය.
මෙම ග‍්‍රන්ථ කතෘ පාසැල් අවදියේ සිට දස්කම් පාන්නෙකි. එතුමාගේ දැනුම් සම්භාරයෙන් බිඳක් මෙම ග‍්‍රන්ථයෙන් එළි දකී.
එතුමා අතින් තව තවත් පොත්පත් රාශියක්ම බිහි වේවා යැයි සර්ව බලධාරි අල්ලාහ්ගෙන් ප‍්‍රාර්ථනා කරමි.
ප‍්‍රවීන ආචාර්ය අල්හාජ් ඒ. ඩබ්. ඒ. මොයිස්
හේනමුල්ල
පානදුර
1999.01.21
කතෘගෙන් ……………..
ආගමේ නාමයෙන් පීඩාවට පත්කරන ලද මිනිසා විද්‍යාවේ සරණ පැතිය.
අවිද්‍යාවේ අන්ධකාරයෙන් මිදෙන බවට වහසි බස් දෙඩු මිනිසා තව දුරටත්
පරිණාම වාදය (ඩාවින්)
සමාජ වාදය (කාල්මාක්ස්)
මනෝ විද්‍යාව (සිග්මන් ප්‍රොයිඞ්)
මානව දයාව (හක්ස්ලි)
යන මතවාදයන්ට ගොදුරු වූයෙය්. නමුත් මේ සියලූ සොයා ගැනීම තුළින් මානව සංහතිය තුළ ඔඩු දුවා ඇති ව්‍යසනකාරි පිළිලයට සාර්ථක විකිත්සාමය සත්කාරයක් සිදු නොවීය.
මිනිසාගේ බාහිර ආටෝපයට පමණක් ඉලක්කවූ මේ මතවාදයන් තුළින්, වර්තමාන – ක්‍ෂණික වාසිය තකා ඔහුගේ ආධ්‍යාත්මයද ලංසු තැබුවේය.
ඉස්ලාම් මෙහිදී මිනිසාව පටු ආවේගයන්ගෙන් මුදවා මතු එළඹෙන්නාවූ සංකීර්ණ ජීවිතය පිළිබඳ සහතිකයක් ලබා දෙන්නේය.
සෑම කි‍්‍රයාවකටම තම ස්වාමියා ඉදිරියේ වගකිව යුතු යි යන හැඟීම වර්ධනය කරන්නේය. ශරීරය හා ආත්මය අතර තුලනයක් ඇති කරන්නේය. සර්ව බලධාරි අල්ලාහ් මෙම ප‍්‍රයත්නය පිළිගනිත්වායි ප‍්‍රාර්ථනා කරමු.
යූසුෆ් නිසාස්
24/29, පොදු සේවා මාවත,
කෙහෙල්වත්ත,
පානදුර.
1999 – 01 – 21
අති පාරිශුද්ධවූත්, මහා කාරුණිකවූත්, පරම දයාබර වූත් අල්ලාහ්ගේ නාමයෙනි.
ගින්දර යුගයේ සිට අඟහරු යුගය දක්වා භෞතික වශයෙන් අනේක විධ යෝධ පියවරවල් තබමින් ඉතා සීඝ‍්‍ර ලෙස තාක්‍ෂණික ලොවට අවතීර්ණ වූ නව යුගයේ මිනිසා මෙතෙකුත් තම පහත් හැඟීම් හා මිලේච්ඡ ආශාවන් වෙතින් මිදී ඉදිරියට ඒ මේ ප‍්‍රවණතාවයක් පෙන්නුම් නොකිරීම නව යුගයේ මුළු මානව සංහතියටම අති විශාල අභියෝගයකි.
මිනිසා අති විශාල වශයෙන් භෞතික වස්තූන් කෙරෙහි සම්බන්ධතා වර්ධනයෙහිලා ඉදිරියෙන් සිටියද, මිනිසාගේ සිත නොදියුණු වනචාරි යුගයක පැවතීම මිනිසා ලබාගත් සියලූ ද්‍රව්‍යමය වර්ධනයන් ක්‍ෂණිකව විනාශ කිරීම පමණක් නොව මුළු මිනිස් සංහිතයම දරුණු ආගාධයක් කරා තල්ලූ කිරීමකි.
මිනිසා භෞතික හා ලෞකික වශයෙන් ලබාගත් දියුණුවේ සාර්ථකත්වය රඳා පවතිනුයේ ඔහු තමා හා විශ්වය පිළිබඳ ලබා ගන්නා වූ නිවැරදි දැනුම ආශ‍්‍රයෙනි.
මිනිසාගේ දැනුම, බුද්ධිය හා අවබෝධය සැලකීමෙහිලා, කිසියම් සීමාවකට කොටුවී ඇති බව පැහැදිලිය.
විශ්වයේ සර්ව බලධාරියා වූ අල්ලාහ් මිනිසාව ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ලෙස පෘථිවියට ප‍්‍රවේශ කර මුලූ පෘඵීවි තලය තුළම මිනිසාව ඇගයීමට ලක් කර ඇත.
කාලයේ මැවුම් කරුවූ අල්ලාහ් ඒ කාලය තුළ මිනිසාව සිර කර ඇත.
පෘථිවියේ මැවුම් කරුවූ අල්ලාහ් අවකාශය තුළ මිනිසාව වෙල ඇත.
ආලෝකයේ මැවුම් කරුවූ අල්ලාහ් මිනිසාව ඒ ආලෝකයට වහල් කර ඇත.
අන්ධකාරයේ මැවුම් කරුවූ අල්ලාහ් මිනිසාව ඒ අන්ධකාරයේ අවශ්‍යතාවය කෙරෙහි ගොනු කර ඇත.
මේ වූ ආකාරයට ඉර, හඳ, ග‍්‍රහ තරු හා සුවිශාල විශ්වයන්ගේ මැවුම් කරුවූ සර්ව බලධාරි අල්ලාහ් පෘථිවි තලයෙහි තම උසස් නිර්මාණයක් වූ මිනිසාට අවශ්‍ය සියල්ල කිසිම අතපසුවීමකින් තොරව අංග සම්පූර්ණ කර ඇත. ඒ අනූව මිනිසාගේ බුද්ධියේ වර්ධනය ද වරින් වර අල්ලාහ් විසින් වර්ධනය කර ඇත. මිනිස් අවශ්‍යතාවයට සරිලන ආකාරයට ඒ හා සමාන වූ දැනුමක් මිනිසාට ලබා දෙන්නේද අල්ලාහ්ය. උදාහරණ වශයෙන් ගල් අඟුරු, ඛනිජ තෙල්, ගෑස්, පරමාණු බලය, යනාදි ලෙස මිනිසාට අවබෝධය මඟ පෙන්වීම් කරන්නේ අල්ලාහ්ය. මේ සියලූ බල ශක්තීන් මිනිස් අවශ්‍යතාවන්ය. ඒවා අවශ්‍ය වකවානු තුළ මිනිස් බුද්ධියට මඟ පෙන්වනු ලබන්නේද, අල්ලාහ්ය.
මිනිසා විසින් හිරුට අවශ්‍ය හීලියම් වායුව සැපයුම් කළ යුතු නැත. වාතයට ඔක්සිජන් හෝ ජල වාෂ්ප සැපයිය යුතු නොවේ. ඒ සියල්ල අල්ලාහ් විසින් ක‍්‍රමවත්ව සූක්‍ෂම හා සැලසුම් සහගතව සිදුකරන්නේය.
විශ්වයේ හා පෘථිවියේ අවධානය යොමු කළ විට මිනිසා වෙනුවෙන් අල්ලාහ් විසින් ප‍්‍රදානය කරන ලද්දාවූ දායාදයන් මිනිසාට ගිණුම් ගත කිරීමට බැරී තරමට ඉමහත්ය.
“මිනිසාගේ නිර්මාතෘ අල්ලාහ්ය. ඔහු මිනිසාට කථිකත්වය හා අවබෝධය ලබා දුන්නේය. හිරු හා සඳු ඒවාට නිශ්චිත කරනු ලැබුවා වූ මාර්ගයෙහි ගමන් කරන්නේය, ගස් වැල් ශාක යනාදිය අල්ලාහ්ව පිදුම් කරන්නේය, අහස මැවූ අල්ලාහ් එය උස් කළේය, මිනුම සමතුළිත භාවය හා යුක්තිය පිහිටුවාලූයේ මිනිසා එම සමතුළනයෙහි, සීමාව නො ඉක්මවාලීමටයි, යුක්ත ලෙස මිනුමෙහි යෙදෙන්න. එහි අඩුවක් නොකරන්න. තවද ඔහු පෘථිවිය මවා එය මැවීම්වලට උචිත කළා. එහි පලතුරු හා රට ඉඳි ගස්ද තිබෙන්නේය. තවද පොතු සහිත ධාන්‍යයද, සුගන්ධය දෙන්නාවූ පැළෑටිද ඇත්තේය.” (ශු කුර්ආන් 55: 1- 12).
අල්ලාහ් විසින් මිනිසාට පමණක් නොව ස්වභාව ධර්මයටද ජීවය ලබා දී ඇත. හිරු සඳු, තාරකා සියල්ල අල්ලාහ්ගේ අණ පිළිපැද නිශ්චිත මාර්ගයෙහි ගමන් කරන්නේය, ඒ සිය්ලල මිනිසාට සේවය කිරීමට බැඳී සිටින්නේය.
“සූර්යයා, චන්‍ද්‍රයා යන දෙපල තමන්ට නිශ්චිත මාර්ගයෙහිලා ගමන් කිරීම කෙරෙහි ඔබට අවනත කර දී ඇත.” (ශුද්ධවූ කුර්ආන් 14: 33).
තවද ගස්වැල් හා යෝධ ඝනයේ ශාක ගැන සලකා බැලීමේදි පරිසරයේ වැදගත්ම සාධකය ශාක බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. අප වෙසෙන්නා වූ භූමියෙන් තුනෙන් එකක් ගස් වැල් වලින් ගහනය වී ඇති බව පෙනීයයි. පරිසර සංරක්ෂණයට බලපාන මේ ශාක මගින් වාතය පවිත‍්‍ර කර, ජල සැපයුම් ක‍්‍රමවත් කර, ලක්‍ෂ සංඛ්‍යාත පක්‍ෂීන්ට හා සතුන්ට නවාතැන් සපයන්නේය, තවද මෙම ශාක කාබන්ඩයොක්සයිඞ් වාතය හා වෙනත් වායු ස්වසනය කර පෘථිවියේ ශිතෝෂණ භාවය ආරක්‍ෂා කර පරිසර සමතුළනය රැුකදෙන්නේය. මිනිසාට වැළඳෙන්නාවූ ලෙඩ රෝග සුව කිරීමට ලබා ගන්නා වූ ඖෂධ 3000 ක් වූ ශාක වර්ගයෙන්ම ලබා ගන්නේය. මේ මඟින් පිළිකා සඳහාද ඖෂධ ලබාගන්නේය. මේ ශාක වර්ග 2000 ක් ම ඇමසන් වනයෙහි පවතින්නේය.
ඉස්ලාමීය දෘෂ්ටිය අනූව අහස පොළොව, අවකාශය, කඳු, ගස්වැල්, අහසේ සැරිසරන්නාවූ පක්‍ෂීන්ද, සතුන්ද අල්ලාහ්ව ප‍්‍රශංසා කරන්නේය.
“සත් මහා අහසද, පෘථිවිය හා ඇති සියල්ලද, අල්ලාහ්ට ප‍්‍රශංසා කරන්නේය, අල්ලාහ්ට ප‍්‍රශංසා නොකරන්නාවූ කිසිම වස්තුවක් නොමැත්තේය, නමුදු එසේ ප‍්‍රශංසා ස්තෝත‍්‍ර කිරීම ඔබට නොඳෙන්නේය.” (ශු අල්කුර්ආන් 15: 44).
තවද ජලය, භූමිය, වාතය, ගින්දර, සූර්යයා ලෝකය, ශාකයන් යනාදිය මිනිසාට පමණක් නොව සෑම ජීවියෙකුටම පොදුය. එහෙයින් මෙම සම්පත් මිනිසාට සීමාව ඉක්මවා පරිහරණය කළ නොහැකිය.
”එසේම දාවුද් සමග එක්ව (ස්තෝත‍්‍ර) කිරීමට කඳු හා පක්ෂීන්ද අවනත කර දුන්නෙමු” (ශු කුර්ආන් 17: 79).
නබි (සල්) තුමාණෝ මිනිසුන්ට පමණක් නොව සතුන්ටද, ගස්වැල්, පක්‍ෂීන්, පමණක් නොව කඳුවලට පවා කරුණා, දයාව පෙන්වූහ. මදීනා නගරය අවට පිහිටි උහද් ශීඛරය කෙරෙහි නබි තුමාණෝ දැඩි සෙනෙහසක් දැක්වූහ. එක් වරක් උහද් ශිඛරය කම්පනය වනු දුටු නබි (සල්) තුමාණෝ ”උහද් සන්සුන්වන්න” ඊට පැවසූහ. මෙහිදී මිනිසුන් සමග කථා කරන්නාක් මෙන් කඳු ශිඛරය සමඟ කථා කළෝය, තවත් විටෙක ”උහද් අපට සෙනෙහස පුදන්නේය, අපද එයට සෙනෙහස පුදන්නෙමු” යි කීවෝය.
සැම වස්තුවක්ම අල්ලාහ්ගේ පාලනයෙහිම පවතින්නේය. ඒවා අල්ලාහ් විසින් මිනිසාට අවනත කර දී ඇත. සැබෑ උරුමක්කරුවා අල්ලාහ්ය. මේ වස්තූන් මිනිසාට වගකීමක් ලෙසම බාර දී ඇත.
”ඔහුම අහසේ සිට ජලය පතිත කර ඒ මගින් සෑම වස්තුවකම මූලයන් අවතීර්ණ කළේය” (ශු අල්කුර්ආන් 6: 100).
ජලය වනාහි ඉතාමත් වැදගත් සම්පතකි. සෑම ජීවියෙකුගේම ජීවිත ජලය සමග වෙලී පවතී. පෘථිවියේ 3/4 ක්ම ජලයෙන් වට වී ඇත. එහි බාහිරව 70% ක් ම ජලයම වේ. දූවිලි සමග මෙන්ම වාතයේ ද, පෘථිවි අභ්‍යන්තරයේද, පස් සමගද, සෑම ජීවියෙකු වෙතම ජලය පවත්නේය. මිනිස් ශරීරයෙහි 70% ක් ම ජලය වේ. තවද අප අහරට ගන්නා පලතුරු, ධාන්‍ය, එලවළු වලද වැඩිම ප‍්‍රතිශතයක් ජලයම වේ.
පෘථිවි ජලයෙන් 98% ක් ම සාගර ලෙස පවත්නේය. එය ලූණු රස සහිතය, තවද 1% ක් උත්තර හා දක්‍ෂිණ ධ‍්‍රැවයේ හිම ලෙස මිදි පවත්නේය. එහෙයින් පෘථිවි ජලයෙන් 99% ක්ම සෘජුවම පරිහරණය කළ නොහැකිය. එසේම පෘථිවි ජීවින් සියල්ලන්ම 1% ක් වූ ජලයම තම අවශ්‍යතා සඳහා පරිහරණය කළ යුතු වන්නේය.
අල්ලාහ්ගේ දායාදයන්ගෙන් ජලය ඉතාමත් උසස් දායාදයකි.
“අහසෙහි සිට සැලසුම් සහගතව ජලය අප පතිත කළෙමු. පසුව එය පෘථිවියේ ගබඩා කළෙමු. අප එය නැති කර දැමීමටද ශක්තිමත් වෙමු.” (ශු අල්කුර්ආන් 23: 18).
භූගත ජලය වර්ෂාව මඟින් පතිත වන්නාවූ ජලයම බව මෑතකදී සොයාගත් විද්‍යාත්මක සත්‍යයකි මෙයම කුර්ආන්හි අල්ලාහ් පවසා ඇත.
පානීය ජලය අපගේ දිවට උචිත රසයෙකින් අල්ලාහ් සංයුක්ත කර ඇත. එය ලූණු හෝ තිත්ත රස නොවී දිවට උචිත රසයකින් සංයුක්ත වී ඇත.
සාගර ජලය ලූණු රසම වේ. එය ජීවීන්ට පානය කළ නොහැකිය. එසේම එහි ලූණු රසය නොමවේනම් අපවිත‍්‍ර වී යනු ඇත.
“ඔබ පානය කරන්නා වූ ජලය දෙස බැලූවේද? එය වලාකුළු මතින් ඔබ පතිත කරන්නේද? නො එසේනම් අප පතිත කරන්නේද? අප සිතුවේ නම් එය පානය කළ නොහැකි නීරස බවට හරවන්නෙමු. ඊට ඔබ ස්තුති පූර්වක විය යුතු නොවේද?” (ශු කුර්ආන් 56: 68-70).
තවද මුහුදු ජලය සූර්යාලෝකය මඟින් ජල වාෂ්ප බවට හැරවෙන්නේය. තවද භූගත ජලයද ශාකයන්ගේ මුල් මගින් උරාගෙන පත‍්‍ර මඟින් ජල වාෂ්ප ලෙස වාතයට මුස් කරන්නේය.
හිරු රශ්මිය මඟින් ගොඩබිම් සීඝ‍්‍රයෙන් උණුසුම් වී එහි ඇති වාතය බර අඩු වී ඉහළ එසවීම තුළින් මුහුදේ වූ ජල වාෂ්ප සහිත වාතය ඒ අඩුව පිරවීම සඳහා ගොඩබිම් කරා හමන්නේය. එහෙයින් එම ජල වාෂ්ප සහිත වාතය ඉහල එසවීම තුළින් වලාකුළු බවට පත් වී වර්ෂාව පතිත කරන්නේය. ඒ මගින් ජීවීන්ට ප‍්‍රයෝජනවත් වන්නාවූ ගංගා ද සෑදෙන්නේය.
“අල්ලාහ් සුළඟ හැමීමට සලස්වන්නේය, ඒවා මතින් වලාකුළු ගමන් කරන්නේය. පසුව ඒවා වියළි, ඉරිතලා ගිය භූමියට පතිත කර ඒ මගින් මලානික වී ගිය භූමිය සකි‍්‍රය කරන්නෙමු.” (ශු අල්කුර්ආන් 35: 9).
වලාකුළු තුළ කිසියම් ප‍්‍රමාණයක විදුලිය කෙටීමක් සිදුවන්නේය. මෙය අපට ගෙරවිලි හා විදුලි කෙටීම ලෙස පෙනේ. මෙය එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ අංශුන් අතර සිදුවන්නාවූ සූක්‍ෂම කි‍්‍රයාවලියකි. මෙම ප‍්‍රතික‍්‍රියා තුළ කිසියම් වෙනසක් සිදුවේ නම් ජලය නීරස වන්නේය. තවද විදුලි කෙටීම හේතුවෙන් ශාක සඳහා අවශ්‍ය ගණනය කළ නොහැකි නයිට‍්‍රජන් ප‍්‍රමාණයක් උත්පාදනය වීම කෙතරම් ආශ්චර්යක්ද?
“ආලෝකමත් විදුලි කෙටීම ඔහුම, ඔබට පෙන්වන්නේය, ඒ තුළින් ඔබට බිය හා වාසියක් සිදුවන්නේය, තවද ජලයෙන් සපිරු වලාකුළු ඔහුම ඇති කරන්නේය.” (ශු කුර්ආන් 13: 12).
තවද පානීය ජලය තමා තුළ දෘෂ්ඨිය පහරන්නා විදුලිය හා සවන බිහිරි කරවන ගෙරවිලි සහිත වීම කොතරම් ආශ්චර්යක්ද?
“අල්ලාහ්ගේ දායාදයන් ඔබ ගණනය කළේ නම්, එය ගණනය කිරීමට ඔබට නොහැකිය, ඇත්ත වශයෙන්ම මිනිසා සාපරාධී හා කළගුණ නොදත්තෙකු වන්නේය.” (ශු කුර්ආන් 14: 34).
“ඔබ මැවුම්කරුගේ වාක්‍යයන් ලිවීමට සියලූ සාගරයන් උපයෝගී කරගත්තද, එවැනිම තවත් ප‍්‍රමාණයක් උපයෝගි කරගත්තද, (සියලූ ශාකයන් පන්හිඳ ලෙස යොදා ගත්තද) ඒවා නිමවූවද, ඔබේ මැවුම්කරුගේ වාක්‍යයන් නිම නොවේ.” (ශු කුර්ආන් 18: 109).
සර්ව බලධාරී මහා කාරුණික අල්ලාහ් මිනිසාගේ සියලූ අවශ්‍යතා සපුරා පෘථිවියට ප‍්‍රවේශ කර ඇත.
“ඔබට පෘථිවියේ සෑම පහසුකමක් සපුරා එහි ජීවන පහසුවද සපුරාලූවෙමු.” (ශු කුර්ආන් 7: 10).
විශ්වයේ සෑම අංගයක්ම මිනිස් ජීවිතයේ පහසුව, සෞභාග්‍යය හා සශ‍්‍රීකත්වය තකා ඉතා විශාල කාර්ය භාරයක් ඉටු කරන්නේය. උදාහිරෙන් සූර්යයා පිබිදීමත් සමඟ මිනිසා තම නින්දෙන් අවදිවන්නේය. දහවල ඔහුගේ ශ‍්‍රමය කැප කිරීමට අවශ්‍ය, උෂ්ණත්වය, ශක්තිය හා කඩිසර බව ලබා දෙන්නේය. දහවල මුළුල්ලේ ශ‍්‍රමය කැප කළ මිනිසාට දැන් විවේකය අවශ්‍ය වන්නේය. ඒ සඳහා අඳුරු සළුව වසාලීමට අවශ්‍ය ආකාරයට සූර්යයා බටහිර සයුරේ ගිලිහීමත් සමඟ ? ඝනදුර මිනිසාව වෙලාගැනීමටත්, ඔහුගේ මහන්සිය මඟහැරීමට නිදියහනට ගොස් සුවය, විවේකය ලබාගන්නේය.
“රැය ද මොවුන්ට එක් හාස්කමකි. ඒ තුළින්ම අප දහවල උදුරා ගන්නෙමු. එවිට ඔවුන් අඳුර ලබාගන්නේය.” (ශු කුර්ආන් 36: 37).
ඉහත දැක්වූ ආකාරයටම මිනිස් ජීවිතයේ පැවැත්මට අවශ්‍ය වූ ජලය අහසින් පතිත වීමද, ඒ හේතුවෙන්ම ඉරි තැලී වියලි ගිය භූමියට ජීවය ලැබෙන්නේය. තවද සශ‍්‍රීක වූ ශාකයන් දෑස් පිනවන පුෂ්පයන් විවිධ රසැති පලතුරු වර්ග එසේ සිව්පාවුන්ගෙන් මස් හා කිරි වර්ග භූමිය අභ්‍යන්තරයේ ඇති ඛනිජ වර්ග, පාෂාණ මේ ආදී මිනිස් ජීවිතයේ බාහිර අවශ්‍යතා සඳහා කෙතරම් සූක්‍ෂම ලෙස සැලසුම් කර ඇත්ද? යන්න අල්ලාහ් පෙන්වා දෙයි.
“අල්ලාහ් අහස හා පොළොව නිර්මාණය කිරීම කෙරෙහිද, රැය හා දහවල යළි යළි පැමිණීම තුළින්ද, මිනිසාට ප‍්‍රයෝජනවත් දෑ සාගරයන් මතින් ගෙන යන්නාවූ නෞකා මඟින්ද, අහසෙහි සිට ජලය පතිත කර අල්ලාහ් ඒ තුළින් වියළී මලානික වී ගිය භූමිය ප‍්‍රාණවත් කිරීම තුළින්ද, එහිම සෑම වර්ගයකම ජීවීන් ව්‍යාප්ත කිරීම තුළින්ද, සුළඟ සෑම දිශාවකටම හැරවීම තුළින්ද, අහස හා පොළොව අතර සීමා වී සිටින්නාවූ වලාකුළු තුළින්ද බුද්ධිමත් ජනතාවට සාක්‍ෂීන් තිබෙන්නේමය.” (ශු අල්කුර්ආන් 2: 164).
ඇත්ත වශයෙන්ම පෘථිවිය මිනිසාගේ බාහිර අවශ්‍යතා සියල්ල සපුරා තිබුණද, මිනිසා වනාහී භෞතික වස්තූන් මෙන් අණු හා පදාර්ථවලින් පමණක් ගහන වේ, ඔහු ආත්මයකින්, මනසකින් හා ශරීරයකින් යුක්ත වූවෙකි. මිනිසාගේ ශරීරයෙහි හා මනසෙහි අවශ්‍යතා සපුරා තිබුණද, ආත්මයෙහි අවශ්‍යතාවද සපුරා ලිය යුතුය. ඒ සැපරීම් වස් දැනුම, බුද්ධිය අවබෝධය අසමත් වී ඇත. ඔහුගේ දැනුම කිසියම් සීමාවකට යටත් වී ඇති බව අල්ලාහ් පෙන්නුම් කරයි.
”ඔබට දායාද කර ඇත්තේ ඉතාමත් අල්ප මාත‍්‍ර වූ ඥාණයක් පමණි.” (ශු අල්කුර්ආන් 17:85).
මතු සම්බන්ධයි………