වහල් යදම් සිඳ……….
කතෘ: යූසුෆ් නියාස්
මිනිසා කි‍්‍රයාකාරිත්වයන් සියල්ල කාලය හා අවකාශය තුළ වෙලී පවතී. එය ඉක්මවා කි‍්‍රයා කිරීමේ ශක්තියක් මිනිසාට නොමැත. මිනිසාගේ ඇස, කණ, නාසය, දිව හා ස්පර්ශය යන පංච ඉන්ද්‍රියන් පරිසර සංසිද්ධීන් වාර්තා කරන බවට මෑතක් වන තුරු මිනිසා අධ්‍යයනය කර සිටියද නව සොයා ගැනීම් අනූව ”හයවන සංවේදීන්” යන්න තවත් සංවේදී ක‍්‍රම කීපයක් ඉදිරිපත් කරයි. ඒ අනූව චිත්ත බලවේග. . . . එනම් දුර ඈතක සිටින්නෙකුගේ සිතක් චිත්ත බලවේග මගින් කි‍්‍රයාත්මක කිරීම හෙවත් :ඔැකැච්එයහ* දුර සිට කෙනෙකුගේ හැඟීම් කි‍්‍රයාත්මක කිරීමට :ඔැකැරටහ* මෝහනය :ඵ්ටබැඑසිප* මනෝකාය සිහින විවරණ :ෘරු්ප ෂබඑරචරුඒඑසදබ* පෙර දැනුම හෙවත් :ඡුරුජදබසටඑසදබ* මනෝකාය හෙවත් :ීචරසඑසම්කසිප* මේ සියලූ අභ්‍යන්තර හැකියාවන් මිනිසාගේ පංච ඉන්‍ද්‍රියන්ට සංවේදී නොවන්නාවූ දේවල්ය: සංවේදී නොවන්නාවූ සියල්ල මිථ්‍යාව ලෙස බැහැර කළ විද්‍යාව තවමත් ළදරු වියේ, පවතින බව මින් පැහැදිලි වේ.

අපගේ සවන දෙස බැලූවද ඊට යොමුවන්නේ තත්පර 1000- 3000 අතර වූ ශබ්ද තරංග පමණි. අප සවනට යොමු නොවන්නාවූ ශබ්ද තරංග පවතී. එහෙයින් ඒවා නැතැයි අපට ප‍්‍රතික්‍ෂේප කළ නොහැකිය. මිනිසාගේ සවන පවා සීමාවකට යටත් කොට නිර්මාණය කර ඇත. එනම් සවන මුසු නොවන :ඹකඑර් ීදමබා* ඊට වඩා වැඩි :20ල000 ්‍යx* කර අඩු :5000 ්‍යx* තරංග මිනිසාට ශ‍්‍රවණය කළ නොහැකිය. මෙයද අල්ලාහ් මිනිසාට කළ උසස් දායාදයකි. එසේ නොවේනම් හෘද ස්පන්දනයම මිනිසාට මහා හිසරදයක් වනු නොඅනුමානය.

නවීන සොයා ගැනීම අපට පසක් කරන්නේ කුමක්ද යත්? මිනිසාගේ සවනට යොමු නොවන්නාවූ ශබ්ද තරංග පෘථිවියේ, විශ්වයේ ව්‍යාප්ත වී තිබෙන බව නොවේද? තවද එකෙකු සවනට මුසු නොවන දේ තවත් කෙනෙකුගේ සවනට මුසු විය හැකිය. ඒ කිම්ද යත් කෙනෙකෙුගේ ශ‍්‍රවණයට වඩා තවත් කෙනෙකුගේ ශ‍්‍රවණයේ ස්වාභාවිකත්වය හා හැකියාව වෙනස් විය හැකිය.

දුර ඈත සිට එවන්නාවූ ශබ්ද තරංග ගුවන් විදුලි මධ්‍යස්ථානයන් පෙන්වන්නාවූ අංක කටු මත කැරකීම තුළින් අපට ශ‍්‍රවණය වේ. එසේම රූපවාහිනිය ශබ්දය හා රූපයද ගෙන එන්නේය. මෙම උපකරණයන් ණප 1000 ට ඔබ්බෙන් සිට එවන්නාවූ ශබ්ද හා දර්ශනයන් ද අපගේ කනට හා දෘෂ්ටියට යොමු කරන්නේය.

අභ්‍යන්තර ලොවේ ශබ්ද හා දර්ශන පවතින්නේය. මෙම ශබ්ද හා දර්ශන අපගේ සවනට හා දෘෂ්ටියට යොමු නොවීම නිසා දැනුම, බුද්ධිය උපයෝගි කොටගෙන මෙම සත්‍යයන් ප‍්‍රතික්‍ෂේප කළ හැකිද?

කිසියම් වස්තුවක් මිනිසාගේ දැනුමට, බුද්ධියට හසුනොවීම තුළින් එහි පැවැත්ම මිනිසාට ප‍්‍රතික්‍ෂේප කළ නොහැකිය. ඒ හේතුව නිසාම මිනිස් සමාජය පුරාම ගුප්ත විශ්වාස පිරී පැවතිණි. එම ගුප්ත විශ්වාස නිසාම මිනිසා පර්යේෂණ, ගවේෂණ සොයාගැනීම් සඳහා පෙළඹිණි. එසේ නොවේ නම් මිනිසා අලස පුද්ගලයකු වී සිටිය හැකිය.

භෞතික වස්තූන් වැඩි දියුණු කිරීම හා ඒවා අතර සම්බන්ධතා කෙරෙහි මිනිසාගේ බුද්ධිය, දැනුම, ඥානය සාර්ථකත්වයක් ගෙන දුන්නද විශ්වය පිළිබඳව, තමා හා තමාගේ ඉලක්ක පිළිබඳ අධ්‍යයනයක් ලබා ගැනීම කෙරෙහි දැනුම බුද්ධිය පරාජය වී ඇත. තමා කවරෙක්ද? විශ්වය කිමෙක්ද? තමා හා විශ්වය අතර ඇති සම්බන්ධතාවය කුමක්ද? ජීවිතයේ අරමුණු ඉලක්ක කුමක්ද? මිනිස් ජීවිතයට අර්ථයක් දක්වන්නාවූත්, අරමුණක්, ප‍්‍රතිපත්තියක් හා ඉලක්කයක් සපුරා ගන්නාවූත් ඉහත සඳහන් මූලික ප‍්‍රශ්නවලට පිළිතුරු දීමේ හැකියාව දැනුමට හෝ ඒ සෙවණෙහි වැඩුනු නවීන තාක්‍ෂණයට නොහැකි වී ඇත.

මේ හේතුව නිසාම මිනිසාගේ දැනුම උපයෝගි කරගෙන ඉහත ප‍්‍රශ්නවලට පිළිතුරු සැපයීමට වෙර දැරූ, ලෝක ප‍්‍රසිද්ධ ගත්කරුවන්, දාර්ශනිකයන් චින්තකයින් එම උත්සාහයෙන් පරාජය වීමද, ඒ හෙයින් ඔවුන්ගේ ජීවිත හරසුන් පුස්සක් බවට පත්වී මුළු ජීවිත කාලයම මානසික අසහනයෙන්, වියුක්තියෙන් හා පීඩනයෙන් ගත කර තිබීම ඔවුන්ගේම ස්වයං චරිත ලොවට පෙන්වා දෙයි.

සුප‍්‍රසිද්ධ දාර්ශනිකයෙකු වූ ”බර්ට‍්‍රන්ඞ් රසල්” ජීවිතයේ ව්‍යුක්තියෙන්, අසහනයත් මං මුලාවීමත් සිදු වූ බොහෝ අවස්ථාවල තම දිවි නසාගැනීමට තැත් කළ බව තම චරිත කතා පොතේ පවසයි. සුප‍්‍රසිද්ධ බටහිර චින්තක ”ආර්තර් කේස්වර්”, බි‍්‍රතාන්‍ය නව කතා කතුවරිය ”වර්ජිනියා වුල්ෆ්”, ඇමෙරිකානු නව කථා කරු ”අර්නස්ට් හෙමින්ග්වේ” යනාදී මානව හිතවාදී චින්තකයින්ගේ ජීවිතය සිය දිවි නසා ගැනීමෙන් කෙළවර විය. මානව හිතවාදයෙන් ආකර්ෂණය වූ මොවුහු ජීවිතයේ මූලික ප‍්‍රශ්නයන්ට තම නැණ පමණින් විසඳුම් සෙවීමට සැරසුණු මොවුහු තම ජීවිතයේ සශ‍්‍රීක බව, ප‍්‍රසිද්ධ තාන්න මාන්න වලින් පවා පිදුම් ලැබුවද තමන් කිසියම් ව්‍යුක්තියකින්, අසහනයකින් වෙලී ඇති බව තේරුම් ගත්හ. එම අධ්‍යාත්මික ව්‍යුක්තිය, හිඩැස දැනුමෙන් හෝ බුද්ධියෙන් පිරවිය නොහැකි බව ඔවුන්ට හැඟිණි.

ඉස්ලාමීය ඉගැන්වීම් අනූව අල්ලාහ් පිළිබඳ විශ්වාසය මිනිසාට සහජයෙන්ම පිහිටා ඇත. එම සහජ හැඟීමෙන්ම මිනිසා උපදින්නේය. ඒ කිම්ද යත්? මිනිසා පෘථිවියට ප‍්‍රවිශ්ට වීමට කළින් අධ්‍යාත්මක ලොවේ සියලූ ආත්මයන් අල්ලාහ්ව තම ස්වාමියා ලෙස පිළිගෙන දිව්රුම් දුන් වග කුර්ආන් පෙන්වා දෙයි. එහෙයින් මිනිස් ඉතිහාසය පුරාම සාහිත්‍ය හා කළාවෙන් තොර සමාජයක් පිළිබඳ කල්පිත කළද, දේව විශ්වාසයෙන් තොර සමාජයක් දක්නට නොහැකිය.

එම නිසා අල්ලාහ් පිළිබඳ විශ්වාසය මිනිසාට නිතැතින්ම පිහිටා ඇත. මෙය ලොවේ  ඕනෑම සමාජයක් දෙස බැලීමෙන් පෙනී යන්නකි. තවද අල්ලාහ්ගේ පැවැත්ම, ස්ථාවරත්වය පිළිබඳ අවබෝධය මිනිසාගේ සිතෙහි නිතැතින්ම පවතින්නාවූ ස්වභාවික ගුණාංගයක් ලෙසම මිනිසාගේ හෘද සාක්‍ෂිය ඔප්පු කරයි.

නමුත් මිනිසා සිතට වහල් වී තම බුද්ධිය මුළා කිරීම තුළින් මෙම ස්වභාවික ගුණාංගය පැහැර හරින බව අල්ලාහ් පැහැදිලි කරයි.

”තම සිතේ හැඟීම් වලට වහල් වී, එයම තම දෙවියන් ලෙස යදින්නා අය ඔබ දුටුවේද?” (ශු කුර්ආන් *

මේ වූ ආකාරයට මිනිසා තම සිතේ හැඟීම් වලට වහල් වී එය තම යදින්නා දෙවියෙකු ලෙස සැලකීමෙන්, ඔහුගේ බුද්ධිය අතරමං කිරීමෙන් ස්වාභාවික ද්‍රව්‍යයන් එනම් අල්ලාහ්ගේ මැවීම් දේවත්වයෙහිලා සලකා වැඳුම් කරන්නේය. තවද අල්ලාහ්ගේ ගුණාංගයන් රූප ලෙස අඹා පිදුම් කරන්නේය. කිසියම් දෙයකට සමාන කළ නොහැකි, අල්ලාහ්ට ප‍්‍රතිමා නෙලීම, ඔහුට අවමන් කිරීමක් නොවේද? තවද එසේ ප‍්‍රතිමා ඇඹීම සිදුවිය යුත්තේද, මිනිසා දන්නාවූ භෞතික වස්තූන් ආශ‍්‍රයෙනි. ඒ ප‍්‍රතිමා තුළින් සිදුවන්නේ අසම සම සර්වබලධාරි අල්ලාහ්ව එම වස්තූන්ගේ තත්තවයට සම කිරීම නොවේද?

නව යුගයේ මිනිසා මුදල්, බලය, අධිකාරය ප‍්‍රසිද්ධිය, විද්‍යාව, දෙවියන් ලෙස පුදන්නේය.

එහෙයින් ආරම්භක කාලයේ මිනිසා තම නිර්මාතෘ දැන සිටියේය. අල්ලාහ්ට අවනත වූයේය. නමුත් මිනිසා සමහර කාල පරිච්ඡේදයන්හි තම සිතට වහල් වී තම ස්වාභාවික ගුණාංගයෙන් මෑත් වී තම මැවුම්කරු වෙත යොමු වන ආකාරය නොදැන අතර මං වූයේය.

ඇත්ත වශයෙන්ම මිනිසාට තම මැවුම්කරු වෙත සමීපවෙන්න තැරැුව් කරුවන් අනවශ්‍යයි. මූල්‍ය වියදම් අනවශ්‍යයි. අවශ්‍ය පවිත‍්‍ර සිතයි. ”තම ආත්මයට තමා විසින්ම වින කරගත් අයවලූනි, ඔබේ මැවුම්කරුගේ දායාදයන් කෙරෙහි අවිශ්වාස නොකරන්න.” (ශුද්ධවූ කුර්ආන්*.

ජීවිතයේ සැනසුම් සොයා අතර මං වූ මිනිසාට, ආගමේ නාමයෙන් සූරාකනු ලබන්නාවූ මිනිසාට, මඟ පෙන්වීමට ඉස්ලාම් අවශ්‍ය නොවේද?

නව ලොව තුළ අල්ලාහ්ගෙන් මිනිසාව දුරස් කරන්නාවූ කරුණු කීපයක් සලකා බලමු. මිනිසා විසින් අති පාරිශුද්ධවූත් මහා කාරුණික වූත් තම මැවුම් කරුවූත් අල්ලාහ්ව ප‍්‍රතික්‍ෂේප කර තම දෑත් මගින් තමාට හා මුළු මානව සංහතියටම කරන්නාවූ සාපරාධිතාවය ඉදිරියටත් විග‍්‍රහ කරමු.

ඉහත පෙන්වා දුන් සුප‍්‍රසිද්ධ පුද්ගලයින්ගේ මනෝ ලෝකය වූ විද්‍යාත්මක දෙවියා වරින් වර වෙනස් වේ. අද සත්‍යයක් ලෙස පෙන්වා දුන් දෙයක් හෙට අසත්‍යය ලෙස ප‍්‍රකාශ කරයි. මේ හෙයින් එම භක්තිකයින් ද අසරණ වේ. මේ හේතුවෙන් ස්නායු රෝග, මානසික පීඩනය, යන රෝගයන්ට මේ භක්තිකයින් ගොදුරු වී අවසානයේදී සිය දිවි පවා හානිකර ගැනීමද අප අධ්‍යයනය කළෙමු. විද්‍යාවෙන් ඔවුන්ගේ ජීවිතයට අරමුණක් ඉලක්කයක් සැපයීමට නොහැකි වීම – ඔවුන්ගේ දැනුම විශ්වය ඉබේම බිහිවීම – මිනිසාද එසේම බිහිවිය. එහෙයින් මෙහි ඉලක්කයක් නොමැත: මුළු ජීවිත කාලය තුළ උපරිම සුඛ විහරණ අනුභව කිරීම හැර වෙන කිමෙක්ද?

නවීන විද්‍යාව තුළින් මිනිසාව තවත් බරපතල ප‍්‍රතිවිපාකයන් කෙරෙහි තල්ලූ කර ඇත. එනම් තමා ජීවත් වන්නාවූ ලෝකය කිසිම අරමුණක් – ඉලක්කයක් නොමැති පුස්සක් වී ඇත. මෙහි නිසි මඟ පෙන්වීමට උසස් ශක්තියක් නොමැත. පාලනයක් නැත. විනයක් නැත. එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ ශක්තීන් අතර සිදුවන්නාවූ ඝට්ටනයක්ම දකින්නෙමු. මේ හේතුව නිසාම ලොවේ සියල්ල වෙනස් වන්නේය. දේශපාලන, ආර්ථික සමාජ, ආදී සියල්ල වෙනස් වන්නේය. මෙවන් තරඟකාරි පරිසරයක පැටලූනු අයවලූන්, දයාව, කරුණාව, සෙනෙහස පතා කා වෙත සරණ යන්නද? එවන් උසස් ශක්තියක් නොමැත්තේය! එවන් තත්ත්වයක් තුළ මිනිසාට දුක, දොම්නස හැර වෙන කුමක්ද?

තවද මේ හෙයින් ජීවිතය අර්ථ විරහිත පුස්සක්ම වන්නේය: ජීවිතය වනාහි ඉතාමත් සීමිත කාලයක් ලෙස ගැනෙන්නේය. මේ ජීවිත කාලය තුළ උපරිම තෘප්තිය උදෙසා ජීවත් වීම – එහෙයින් මිනිසා තම මිලේච්ඡු ආශාවන්ට වහල් වීම – මෙහිදී ඔහු ලෞකික සම්පත් අත්පත් කරගැනීම උදෙසා තිරිසනෙකුගේ තත්ත්වයට පත්වීම මෙහිදී පහත් හැඟීම් ඔහුගේ ඇස් අන්ධ කරමින් ඉතා කෙටි කලකදී උපරිම සැප සම්පත් අත්පත් කරගැනීමට වෙර දරයි.

මේ වූ ආකාරයට මිනිසාගේ සිතුවිලි හා හැඟීම් පහත් තත්ත්වයකට පත්වන්නේය. චින්තනයද පහත් තත්ත්වයකට පත්වන්නේය. ඔහුගේ අරමුණු හා ඒ සඳහා වූ කි‍්‍රයා මාර්ගද පහත් තත්ත්වයකට පත්වන්නේය. මේ හෙයින් එකිනෙකා ඇණ කොටා ගන්නේය. මෙහිදී උදාර අරමුණු සියල්ල පසෙකට විසි වන්නේය. මෙවැනි ලොවක දයාව, කරුණාවට ඉඩක් නොමැත. පහත් හැඟීම් මඟින් මිනිසා හසුරුවන්නේය. මිලේච්ඡුත්වයේ මෙඟහිම ඔහු ගමන් කරන්නේය.

මෙවැනි ලොවක වෙසෙන්නවුන් යම් යම් ලෞකික සැප සම්පත් අත්පත් කර ගන්නද, ඒ සඳහා නිරන්තර අරගලයක නිරත වීම දක්නට ලැබේ. එනම් තම අරමුණු හා පහත් හැඟීම් උදෙසා තම සහෝදරයාගේ මළකදන් උඩින් හෝ ගමන් කිරීම දක්නට ලැබේ. මෙවැනි ප‍්‍රතිලාභ වලින් ඇති ඵලය කුමක්ද? මෙවන් තත්ත්වයක් තුළ මිනිසා ලෞකිකව ලබාගත් ප‍්‍රතිඵලද දැවී අළුවී විනාශ වී යන්නේය. අන්ධ ආශාවන් ඔහුව පන්නන්නේය. ඒ තුළම ඔහු ගිලී පවත්නේය. ඉන් ගැලවීමේ මාර්ගයක් ඔහුට නොමැත්තේය.

මෙවන් වටපිටාවක් තුළ මිනිසා මිනිසාට එරෙහිව සටන් කරන්නේය. රටවල් හා නගරවල් අතර සටන් ඇවිලෙන්නේය. එහෙයින් මානව සංහතියේ උන්නතියට කැප කළ යුතු විද්‍යාත්මක සොයා ගැනීම් මිනිසාව විනාශ කිරීමට යොදවන්නේය.

එහෙයින් මෙවන් තත්ත්වයක් තුළ ඉස්ලාම් යනු? මිනිසාගේ සිත සංකීර්ණ කිරීමයි. එනම් ජීවිතය යනු මෙලොව ජීවිතයෙන් පමණක් අවසානය නොවේ. ඉන් ඔබ්බට මෙම ජීවිතය දිව යන්නේය යන සත්‍යය මිනිස් හදවත තුළට කාවද්දා අයුක්තියට, අසාධාරණයට, පීඩනයට ලක්වූ ජනතාව වෙනුවෙන් නොසැලි සටන් කරන්න පොළඹවන්නේය. එසේම දයාව කරුණාව දේශනය කර ජාත්‍යන්තර සහෝදරත්වයට මඟ පාදන්නේය. සාමය, සෞභාග්‍යය හා සශ‍්‍රීකත්වය කරා ගෙන යන්නේය. එසේම බාර¥ර කර්තව්‍යකට අවශ්‍ය අමුද්‍රව්‍ය මිනිසාට සපයා දෙන්නේය.

එහෙයින් ඉස්ලාම් යුක්තියට සාධාරණයට, උපකාර කිරීමටත් අයුක්තිය අසාධාරණයට එරෙහිව සටන් කිරීමටත් අවශ්‍ය අප‍්‍රතිහත ධෛර්යය ශක්තිය මිනිසාට ලබා දෙන්නේය. තවද සත් කි‍්‍රයාවන් මෙලොව වර්ධනය කර ඒ සඳහා මෙලොවේ ක්‍ෂණික ප‍්‍රතිලාභ බලාපොරොත්තු නොවී ඒ සඳහා ඉවසීමෙන් යුතුව මරණින් මතු ප‍්‍රතිලාභ බලාපොරොත්තු වීම ඉස්ලාම්හි කොන්දේසියක් ලෙස අල්ලාහ් පනවා ඇත.

මේ හෙයින් මිනිසාගේ සිත සංකීර්ණ වී ලොවේ ක්‍ෂණික ප‍්‍රතිලාභ වලින් මිදී ආත්මාර්ථකාමීත්වයෙන් තොරව අරගලවලට යොමු වී ඒ සඳහා ප‍්‍රතිලාභ මෙලොවේදීම බලාපොරොත්තු නොවී මරණින් මතු සංකීර්ණ ජීවිතයේදීම බලාපොරොත්තු වීමයි. මීට හාත්පසින්ම ජාතිවාදයේ, දේශ හා පංති වාදයේ නාමයෙන් බිහිකළ විමුක්ති අරගල වනාහි පලිගැනීමේ චේතනාවත්, වෛරයේ ක්‍රෝධයේ ගිනිදැල් මැදින් කිසියම් ජාතියකට හෝ පංතියකට එරෙහිව සටන් කිරීම කෙරෙහි ඔවුනට අවශ්‍ය මනෝ ධෛර්යය හා ශක්තිය ලබා දුන්නද මානව සමාජයේ උන්නතිය සඳහා මේ අරගල තුළින් කිසිම ප‍්‍රතිලාභයක් ගෙන නොදේ. වෛරය, ක්‍රෝධය, පළිගැනීම් චේතනා තුළින් පිබිදෙන්නාවූ අරගල – එය කුමන අයුක්තියකට අසාධාරණයකට පීඩනයට එරෙහිව ආරම්භ කළේද, අවසානයේ එම තත්ත්වයම තවත් වර්ධනය වීම දක්නට ලැබේ.

අනෙක් අතට මොලොවේ ක්‍ෂණික ප‍්‍රතිලාභ වලින් දුරස් වන්නාවූත් ආත්මාර්ථකාමිත්වයෙන්, වෛරයෙන්, පළිගැනීමේ චේතනාවෙන් පෝෂණ නොවූත් දයාව, කරුණාව, සහෝදරත්වයෙන් පෝෂණය වූත් අන් අයගේ යහපත උදෙසා ආත්ම පරිත්‍යාගයකින් කි‍්‍රයාකිරීමට තුඩු දෙන්නාවූත් උස්ස ගුණාංග පෝෂණය කිරීම හා ඊට තුඩු දෙන්නාවූ ජීවන ක‍්‍රමයක්ම මානව සංහතියට සුදුසු වන්නේය. තවද එවන් ප‍්‍රතිපත්තියක් මානව සංහතියේ අනාගත සෞභාග්‍යයට හා වර්ධනයට උපකාරී වන්නේය. එය වනාහි තම මැවුම්කරු හා මිනිසාව සම්බන්ධ කර මරණින් මතු එළඹෙන්නා වූ සංකීර්ණ ජීවිතයේ ප‍්‍රතිඵලද එසේම මරණයත් සමගම විනාශ වී යන්නේය, යන සැකයද ඔහුගේ සිතින් පහකර මරණින් මතු ජීවිත විශ්වාසය ඔහුට සහතිකයක් වී ජීවිතය මෙතනින් නිම නොවේ. මරණින් මතු ද ජීවිතයක් තිබේ, මෙහි තම කි‍්‍රයාකාරිත්වය උදෙසා ප‍්‍රතිලාභ නොලැබුණද, එහිදී ප‍්‍රතිලාභ නියතය යන්න! ඔහුට රක්‍ෂණයක්ද ලබා දෙන්නේය.

කෙටියෙන් කියතොත් ඉස්ලාම් යනු මිනිසාව වහල් කරන්නා වූ අංශයන්ගෙන් මිනිසව නිදහස් කරලීමයි. ඉස්ලාම් හි අර්ථය මිනිසාට මිනිසා වඳින්නාවූ අසාධාරණයෙන් මිනිස් සමාජය නිදහස් කරලීමයි. ඒකාධිපතිවාදී හා අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගේ සෙල්ලක්කාර ජීවිතයට ජීඩිත ජනතාවගේ ලේ වලින් වන්දි ගෙවීම ඉස්ලාම් සහමුලින්ම තුරන් කරයි. ආධිපත්‍යය උරුමය අල්ලාහ්ටය. පාලකයා, පෝෂකයා, අණ දෙන්නා, ව්‍යවස්ථා සම්පාදකයා අල්ලාහ්ය. අල්ලාහ් ස්වාමියාය. මිනිසුන් සියල්ල එක සමානය.

මතු සම්බන්ධයි………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *