සංස්කරණය:
ආචාර්්‍ය මුහම්මද් බාගිල්

පරිවර්තනය:
එස්. එම්. මන්සූර්

7- මෝසෙස්ට සමාන වූ වක්තෘවරයා!

දෙවියන් වහන්සේ මෝසෙස් (මූසා – අෙලෙ* ට කථාකොට මෙසේ පැවසූ බව බයිබලය සඳහන් කරයි.

”මම ඔවුන්ගේ සහෝදරයන්ගෙන් නුඹ සමාන අනාගත වක්තෘ කෙනෙකු ඔවුන්ට නැගිටුවා දී මාගේ වචන ඔහුගේ මූඛයෙහි තබන්නෙමි. මා ඔහුට අණ කරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේ ය.” (බයිබලයේ, ද්විතීය කථාව 18:18*.

1- (ඊසාක්ගෙන් පැවත එන ආබ‍්‍රහම්ගේ පරම්පරාව වන* ඉශ‍්‍රායේල්වරුන්ට (ඉෂ්මායේල්ගෙන් පැවත එන ආබ‍්‍රහම්ගේ පරම්පරාව වන* ඉෂ්මායේල්වරු සහෝදරයෝ වන්නා හ. යේසුස් වහන්සේ ඉශ‍්‍රායේල්වරයෙක් වන හෙයින්- බයිබලයේ, ද්විතීය කථාව 18:18 වාක්‍යයෙහි දෙවියන් වහන්සේ නැගුටුවා දීමට පොරොන්දු වන වක්තෘවරයෙක් විය නොහැකිය. උන්වහන්සේ සඳහන් කොට පෙන්වන්නේ නම්, මෙම වාක්‍යයෙහි, ”නුඹ වෙතින් වක්තෘවරයෙක් නැගුටුවා දී….” යනුවෙන් සඳහන් විය යුතු ය.

2- මුහම්මද් (සල්* තුමා මෝසෙස් වගේ නොවෙයි ද? නොවේ යැ‘යි‘ යනු කියන්නේ නම් බයිබලයේ මෙම පොරොන්දුව තවමත් ඉටුනොවී ඇති බව අදහස් වෙයි. පහත සඳහන් ලේඛනය අල් ඉත්තිහාද්, ජනවාරි, /මාර්තු 1982, සඟරාවේ 41 වෙනි පිටුවෙන් උපුටාගන්නා ලද්දකි. මෙහි වැදගත් විස්තරයක් ඇත.

මෙම ලේඛනය වනාහි මෝසස්, මුහම්මද්, යේසුස් යන තිදෙනා අතර ඇති ඉතා විශේෂ ගුණාංගයන් සහ ලක්ෂණයන්ගේ සංසන්දනය කිරීමක් වේ. මෙයින් මෝසෙස්ට සමාන වූ වක්තෘවරයා කවරෙක්ද යන්න පැහැදිළි වෙයි.

උපත: මෝසෙස්ගේ උපත සාමාන්‍ය ව තිබුණි, මුහම්මද් ගේ උපත ද සාමාන්‍ය ව තිබුණි. එහෙත් යේසුස්ගේ උපත සාමාන්‍ය ව නොතිබුණි. එය සිදුවූයේ යම් විශේෂ ආකාරයකින් ය.

පවුල් ජීවිතය: මෝසෙස් විවාහ වී පවුල් ජීවිතයක් ගත කළ හ. එතුමාට ද දරුවන් වූහ. මුහම්මද් ද විවාහ වී පවුල් ජීවිතයක් ගත කළ හ. එතුමාට ද දරුවන් වූහ. එහෙත්, යේසුස් විවාහ වූයේ නැත. එහෙයින් දරුවන් ද නැත.

මරණය: මෝසෙස් සාමාන්‍ය ලෙස මරණයට පත් විය. මුහම්මද් ද සාමාන්‍ය ලෙසම ය මරණයට පත්වූයේ. එහෙත්, යේසුස්ගේ මරණය සිදුවූයේ නැත. අල්ලාහ් ඔහු ව තමා වෙත ගත්තේ ය.

ක‍්‍රියාව: මෝසෙස් සමකාලීනව වක්තෘවරයෙකු ව ද උසස් දේශපාලකයෙකු ව ද කටයුතු කළේ ය. මුහම්මද් ද සමකාලීන ව වක්තෘවරයෙකුව ද උසස් දේශපාලකවරයෙකු ව ද කටයුතු කළේ ය. එහෙත්, යේසුස් වක්තෘවරයෙක් ව පමණක් කටයුතු කළේ ය.

නික්මයාම: මෝසෙස් තම වයස්ගත කාලයේ දී තමා ජීවත් වූ ප‍්‍රදේශයෙන් ඈත් වී මිදියන් නගරයට යෑමට සිදු විය. මුහම්මද් ද තම වයස්ගත කාලයේ දී තමා ජීවත් වූ ප‍්‍රදේශයෙන් ඈත්වී මදීනා නගරයට යෑමට සිදු විය. එහෙත්, යේසුස් ට එවැනි දෙයක් නොසිදු විය.

සතුරන් සමග සටන් කිරීම : මෝසෙස් ඝාතනය කිරීම සඳහා එතුමාගේ සතුරන් විසින් ලූහුබැඳ යනු ලැබූ හ. තම සතුරන්ට විරුද්ධ ව සටන් කළහ. මුහම්මද් ද ඝාතනය කිරීම සඳහා එතුමාගේ සතුරන් විසින් ලූහුබැඳ යනු ලැබූ හ. තම සතුරන් සමග කීප වතාවක් ම සටන් කළ හ. එහෙත්, යේසුස්ට එවැනි තත්වයකට මුහුණ දීමට සිදුවූයේ නැත.

සටන්වලින් ලද ප‍්‍රතිඵල: මෝසෙස් සතුරන් සමග කළ ලෞකික සටනින් ද අධ්‍යාත්මික සටනින් ද ජයගත්තේ ය. මුහම්මද් ද තම සතුරන් සමග කළ ලෞකික හා අධ්‍යාත්මික සටනින් සාර්ථක ජයක් අත්පත් කරගත් හ. එහෙත්, යේසුස් ලැබුවේ ආධ්‍යාත්මික ජයක් පමණි.

දේව අනාවරණය ලේඛනගත කිරීම: මෝසෙස් ට අනාවරණය කළ දේව ග‍්‍රන්ථය ”තෝරාහ්” (පරණ ගිවිසුම* වෙයි. මෙය එතුමාගේ ජීවිත කාළය තුළ දී ම ලේඛන ගතකරන ලදී. මුහම්මද් ට අනාවරණය කළ දේව ග‍්‍රන්ථය ”අල් කුර්ආන්” වෙයි. මෙය ද එතුමා ජීවත් වසිටිය දී ම ලේඛන ගත කරන ලදී. එහෙත්, යේසුස්ට අනාවරණය කළ දේව ග‍්‍රන්ථය ”ඉන්ජීල්” (අලූත් ගිවිසුම* වෙයි. මෙය එතුමාගේ මරණයෙන් පසුව යි ලේඛනගත කරනු ලැබුවේ.

ඉගැන්වීම් හි ස්වභාවය: මෝසෙස් අධ්‍යාත්මිකව ද නීතිය අතින් අලූත් ව්‍යවස්ථාවක් ඇත්කරලීමෙන් ද තම සත්‍ය කරගෙන ගිය හ. මුහම්මද් ද අධ්‍යාතමික ව හා අලූත් ව්‍යවස්ථාවකින් යුත් නීති ක‍්‍රමයක් ද ඇතිකර, තම සත්‍ය ව්‍යාපාරය කරගගෙන ගිය හ. එහෙත්, යේසුස් ප‍්‍රධාන වශයෙන් කරගෙන ගියේ ආධ්‍යාත්මික ව්‍යාපාරයක් බව පැහැදිළි ය.

නායකත්වය පිළිගැනීම: මෝසෙස් පළමුව එතුමාගේ ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කරණු ලැබ, පසුව පිළිගනු ලැබූ හ. මුහම්මද් ද පළමුව එතුමාගේ ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කරණු ලැබ, පසුව පිළිගෙන තම නායකයා ලෙස පත්කර ගත් හ. එහෙත්, යේසුස් බොහෝ ඊශ‍්‍රායේල්වරුන් විසින් අන්තිම දක්වා ම නොපිළිගනු ලැබූ හ.

3- බයිබලයේ, දිවිතීය කථාව 18:18 හි ”මාගේ වචන ඔහුගේ මූඛයෙහි තබන්නෙමි” යි දෙවියන් වහන්සේ පවසා ඇත. මෙය මුහම්මද් (සල්* තුමාගේ ජීවිතයේ සිදුවී ඇත. එනම්, වියන් වහන්සේගේ වචන දේව¥ත ගේබි‍්‍රයෙල්ගේ මාර්ගයෙන් මුහම්මද් (සල්* තුමාට ලැබුණේය. එතුමා එලෙස තමා වෙත අනාවරණය වූ (දෙවියන්ගේ වචන* කිසිදු අඩු වැඩි කිරීමක් හෝ අක්ෂරයක වෙනස්වීමක් හෝ නැතිවම තම අනුගාමිකයන්ට කියා දුන් හ.

තවද, බයිබලයේ ද්විතීය කථාව 18:19 හි මෙසේ දෙවියන් වහන්සේ පවසන සේක.

”මාගේ නාමයෙන් ඔහු කථාකරන මාගේ වචනවලට ඇහුම්කන් නොදෙන කිසිවෙක් ඇද්ද මම ඔහුගෙන් පළිගන්නෙමි”

මෙම වාක්‍යයෙහි සඳහන් වන, ”මාගේ නාමයෙන්” යන වදන අපි බොහෝ දුරට කල්පනා කළ යුතුව තිබේ.

අල්කුර්ආනයේ පරීච්ජේද 114 න් 113 ක් ම පටන් ගනු ලබන්නේ ”මහා දයාන්විත මහා කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි” යනුවෙනි. තවද, මුස්ලිම්වරුන් තම දෛනික වැඩ කටයුතු පටන් ගන්නේ ද මෙම වාක්‍ය ය මුවින් පවසා ගෙන ය. ඒ හැර, මුස්ලිම්වරුන් කිසිවිටක, යම් කටයුත්තක් කිරීමට යනවිට ”දෙවියන්ගේ නාමයෙන්” යනු පවසන්නේ නැත. බයිබලයේ ද්විතීය කථාව 18:19 හා අණකොට ඇත්තේ ”මාගේ නාමයෙන්” යනු පවසන ලෙස ය. ”දෙවියන්ගේ නාමයෙන්” යනුවෙන් පැවසීම වැරදි බව මෙයින් පෙනෙනවා නේ ද?

”මාගේ නාමයෙන්” යනු දෙවියන් වහන්සේ පැවසීමෙන්, ඔහුට නියමිත නමක් ඇති බව පැහැදිළිවම වැටහෙයි. එම නම අල්ලාහ් ය. අල්ලාහ් යන නම අල්ලාහ්ට ම- දෙවියන්ට ම- ආවේණිකවූ නමක් හෙයින් ”දෙවියන්” දෙව් ¥‘ යන ලිංග භේදයක් මෙම නමෙහි නොමැත. එමෙන්ම, ”දෙවියා” දෙවිවරුන් යන බහු වචන ඇමතීමක් ද මෙම නමට නොමැත. ක‍්‍රිස්තියානීහු ”පියා, පුතු, හා ශුද්ධ වූ ආත්මයෙන්” යැයි අමතති.

තව ද, බයිබලයේ, ද්විතීය කථාව 18:19 වාක්‍යයෙහි, දෙවියන් වහන්සේ, ”මාගේ නාමයෙන් ඔහු කථාකරන මාගේ වචනවලට ඇහුම්කන් නොදෙන කිසිවෙක් ඇද්ද මම ඔහුගෙන් පළිගන්නෙමි” යි පවසයි. මෙයින්, දෙවියන් වහන්සේ දිවිතීය කථාව 18:18 වාක්‍යයෙහි පොරොන්දු වූ වක්තෘවරයාට කීකරු නොවන්නා, දඬුවම් ලබන බව පැහැදිළි වෙයි. කුර්ආනය මීට අනුකූලව කරුණු දක්වයි.

”නියත වශයෙන් ම ඉස්ලාම් (ජීවන ප‍්‍රතිපදාව* පමණි අල්ලාහ් විසින් පිළිගනු ලැබූ දහම වන්නේ”(අල්කුර්ආන් 3:19*.

”තවද ඉස්ලාමය විනා අන් දහමක් යමෙක් ප‍්‍රිය කළ ද (එය* කිසිවිත් ඔහු (අල්ලාහ් විසින්* පිළිගනු නොලැබේ. තව ද, එවැන්නෝ පරමාන්ත විනිශ්චය දිනයේ දී අලාභ වූවන් සමග සිටින්නා හ.”(අල් කුර්ආන් 3:85*.

8- මගේ මෙහෙකරුවා, පණිවිඩකරුවා හා තෝරාගනු ලැබූ තැනැත්තා !

මුහම්මද් (සල්* තුමා වක්තෘවරයෙක් බව වූ ඉතා පැහැදිළි අදහස් රැුසක් රැුගත් වාක්‍යයන් බයිබලයේ, යෙසායා 42 වෙනි පරිච්ජේදයෙහි ඇත. කියවන්න:

1* ”මා විසින් උසුලන මාගේ මෙහෙකරුවා මොහුය: මාගේ සිතට ප‍්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මොහු ය. මාගේ ආත්මය ඔහු කෙරෙහි තැබිමි. ඔහු ජාතීන්ට විනිශ්චය ගෙන එන්නෙ ය.” (බයිබලයේ යෙසායා 42:1*.

තවද, ඔහු, ”මාගේ පණිවිඩකාරයා” යනුවෙන් ද බයිබලයේ අමතයි.

වක්තෘවරුන් සියල්ලෝම අල්ලාහ්ගේ මෙහෙකරුවන් පණිවිඩකරුවන් සහ අල්ලාහ් විසින් තෝරා ගනු ලැබූ තැනැත්තන් බවට සැකයක් නැත. එහෙත්, මුළු ලොවට ම පොදු වූ ආකාරයෙන් මුහම්මද් (සල්* තුමා හැර වෙන කිසිම වක්තෘවරයෙක් මෙලෙස විශේෂයෙන් සඳහන් කොට අමතා නැත. එතුමා ”අබ්දුහු වරසූලූහුල් මුස්තෆා” යැයි අමතනු ලබා ඇත. මෙයින් අදහස්වන්නේ ”ඔහු (අල්ලාහ්ගේ* දාසයා වූ ද මෙහෙකරුවා වූ ද පණිවිඩකරුවා වූ ද” යනු ය.

ඉස්ලාමය පිළිගන්නා කෙනෙකුගේ සාක්ෂිය ”අල්ලාහ් හැර (නැමදීමට අවනතවීමට, නීති සම්පාදනය කිරීමට* වෙන දෙවි කෙනෙක් නැත. මුහම්මද් (සල්* තුමා අල්ලාහ්ගේ දාසයෙකු හා වක්තෘවරුයක් වෙයි” යනුවෙන් විය යුතුය. ඉස්ලාමයේ මූලික ඇදහීම ගැබ්වී ඇති මෙම වචන මාලාව, ලොව පුරා ඇති මස්ජිද් (මුස්ලිම් දේවස්ථානයන්* හි ඇති ”මිනාරා” වලින් පිටවෙන අදානය (සලාතය වෙනුවෙන් කෙරෙන කැඳවීම* තුළින් දිනකට පස්වරක් ම පිටවෙයි. තවද, දිනපතාම පස්වේලෙහි ඉටුකරන සලාතය පටන් ගැනීමට පෙර ද මෙම වචන මාලාව නැවතත් කියනු ලැබේ. එපමණක් නොව දිනපතා ඉටුකරන අනිවාර්ය සලාත් හි කරන ”තෂහ්හුද්” නම් වූ ප‍්‍රාර්ථනාවෙහි ද දිනකට නව වරක්ම මෙම වචන මාලාව කියනු ලැබේ. මේ හැර මුස්ලිම් වරයෙක් කොපමණ අනිවාර්ය නොවන (සුන්නත්* සලාත් ඉටුකරන්නේ ද, ඒ සෑම සලාතය කර මෙම වචන මාලාව කියනු ලැබේ. මෙසේ නැවත නැවතත් කීමෙන්, ලොව පුරා (සෑම දේශයක ම රටක ම නගරයකම ගමකම* ෙදා්ංකාරය දෙන විශේෂ වචන මාලාවක් ව මෙය ඇත. වක්තෘවරයානන් වූ මුහම්මද් (සල්* තුමාගේ ඉතා ප‍්‍රකට, එතුමාගේ පදවිය අඟවන නාමය ”රසූලූල්ලාහ්” නම් වේ. මෙහි තේරුම ‘අල්ලාහ්ගේ පණිවිඩකරුවා” යන්න ය.

2* ”ඔහු මොර නොගසන්නේ ය. ස්වකීය හඬ නොනගන්නේ ය. විථියෙහි එය ඇසෙන්ට නොදෙන්නේ ය” (බයිබලයේ යෙසායා 42:02*.

වක්තෘවරයාණන් වූ මුහම්මද් (සල්* තුමා සෑම අවස්ථාවකම ඉතාමත් මෘදු ව පහත් හඩින් කථාකරන බව වාර්ථාකොට ඇත. තවද, අනෙක් මුස්ලිම්වරුන් ද මහත් හඩින් කථා නොකරන ලෙස අවවාද කොට ඇත.
3- ”……ඔහු සැබෑවෙන් විනිශ්චය ප‍්‍රකාශ කරන්නේ ය” (බයිබලයේ, යෙසායා 42:03*.

එකල විසූ මිථ්‍යා දෘෂ්ටික අදහස් දැරූ අරාබීන් පවා, ඔවුනතර වූ මුහම්මද් (සල්* තුමා ඉතාමත් විශ්වාසවත් කෙනෙක් ලෙස පිළිගත්හ. තවද, මදීනාවෙහි විසූ යුදෙවිවන් මුහම්මද් (සල්* තුමා ඉතා අවංක, සෘජු විනිශ්චයකාර වරයෙක් ලෙස සැලකූ හ. රහෙයින්, ඔවුන්ගේ ප‍්‍රශ්න රාසියක් ම විසඳා ගැනීම ට, නියම තීන්දුවක් ලබාගැනීමට එතුමා වෙත ගෙන පැමිණිය හ. මුස්ලිම්වරුන් සහ යුදෙව්වන් අතර ඇති වූ බොහෝ ප‍්‍රශ්ණයන් හි යුදෙව්වන් ට නීත්‍යානුකූලව ව ලැබිය යුතු තීන්දුව දුන් බවට සාක්ෂි රැුසක් ඇත. මුහම්මද් (සල්* තුමා ජීවතුන් අතර සිටින කල නජ්රාන් දේශයෙන් (දැනට දකුණු අරාබියාව* ක‍්‍රිස්තියානි ¥ත පිරිසක් මදීනාවට පැමිණීය හ. එවිට මුස්ලිම්වරුන්ගේ ගති ගුණ , අවංකභාවය, නීතියට බැඳී සිටින විලස, වරදක් දුටුවිට ඊට එරෙහිව නැගී සිටින එඩි තරභාවය යනාදිය දැක පැහැදී, තම ප‍්‍රදේශයට ද මුස්ලිම් භක්තිකයෙක් විනිශ්චයකාරවරයෙක් ලෙස නියම කරන මෙන් වක්තෘවරයාණන් වූ මුහම්මද් (සල්* තුමාගෙන් ඉල්ලා සිටිය හ.

4- ”පෙළොවෙ හි විනිශ්චය පිහිටුවන තුරු ඔහු දුර්වල නොවන්නේ ය. අධෛර්ය නොවන්නේ ය. ද්විපයෝ ඔහුගේ ව්‍යවස්ථාව ගැන බලා සිටින්නේ ය.” (බයිබලයේ යෙසායා 42:4*.

මෙය යේසුස් වහන්සේ ක‍්‍රියා මාර්ගය සමග සසඳා බැලීම අවශ්‍ය ය. එවිට මෙය යේසුස් වහන්සේ පිළිබඳව නොව මුහම්මද් (සල්* තුමා පිළිබඳව පවසා ඇති අනාවැකියක් බව මනාව වැටහෙනවා ඇත. යේසුස් වහන්සේ තම සතුරන්ට විරුද්ධ ව කළ කටයුතු වලදී ජයගත්තේ නැත. ඉශ‍්‍රායේල්වරුන් එතුමාගේ ¥ත මෙහෙය ප‍්‍රතික්ෂේප කිරීම නිසා එතුමා ෙදාම්නසට පත්වූහ. මුහම්මද් තම ජීවිත කාලය තුලදී ම සතුරන් ජය ගත්තේ ය. ඔවුහු සියල්ලෝම එතුමාගේ ජීවිත කාලය තුළදී ම ඉස්ලාමය පිළිගත් හ.

5- ”ස්වාමීන් වහන්සේ වන මම ධර්මිෂ්ඨකමින් නුඹ අඬගසා ගතිමි. මම නුඹේ අත අල්ලාගෙන නුඹ ආරක්ෂා කොට, සෙනගගේ ගිවිසුමක් සහ ජාතීන්ගේ එළියක් ද කොට නියම කරන්නෙමි.” (බයිබලයේ, යෙසායා 42:6*.

මෙම වාක්‍යයෙ හි ”නුඹ ආරක්ෂා කොට” යැයි පැවසීමෙන් අදහස්වන්නේ එතුමාට පසු තවත් වක්තෘවරයෙක් නොපැමිණෙන බවත් අවිශ්වාසයෙන් එතුමාට හිංසා පීඩා නොකරන බවත්ය. ඇත්තෙන්ම ඉතා කෙටි කාලයක් තුළ බොහෝ මිථ්‍යා ලබ්ධිකයින් ඉස්ලාමය වෙත මග පෙන්වනු ලැබූ හ.

6- ”එසේ කරන්නේ අන්ධ වූ ඇස් අරින්ටත් හිරකාරයන් හිරගෙයින් ද අන්ධකාරයෙ හි ඉන්නන් ඇඳිරී ගෙයින් ද පිටතට ගෙනෙන්ටත් ය.” (බයිබලයේ යෙසායා, 42:7*.

මෙම වාක්‍යයෙහි ”අන්ධ වූ ඇස්” යන්න ද ”අන්ධකාරයේ ඉන්නන්” යන්න ද සඳහන් වන්නේ මිථ්‍යා දෘෂ්ටිකයින්ගේ අයහපත් ජීවිතය වෙයි.

7- ”මම ස්වාමීන් වහන්සේ ය. මාගේ නාමය ඒකය. මාගේ ගෟරවය අන් කෙනෙකුටවත් මාගේ ප‍්‍රශංසාව රූපවලටත් නොදෙන්නෙමි.” (බයිබලයේ යෙසායා, 42:8*.

වක්තෘවරයාණන් වූ මුහම්මද් (සල්* තුමා, වක්තෘවරුන්ගෙන් අවසානව පැමිණි කෙනෙක්ව හැඳිනෙන මුද්‍රාවක් ව සිටින හේතුව නිසා, එතුමා අනෙක් වක්තෘවරුන්ට වඩා ශ්‍රේෂ්ඨමත් කෙනෙකු ලෙස සැලකෙන්නාහ. එතුමාගේ ඉගැන්වීම් අදත් විකෘති නොකොට ප‍්‍රවේශම් සහිතව ඇත. ක‍්‍රිස්තියානි දේවාලයන් හි දෙවියන්ගේ බවත්, වක්තෘවරුන්ගේ බවත් පවසමින් ප‍්‍රතිමා හා පින්තූර ඇතත්, එවැනි කිසිවක් මුස්ලිම්වරුන්ගේ මස්ජිද් (දේවස්ථානයන්* හි නැත.

8* ”……ස්වාමීන් වහන්සේ ට අළුත් ගීතිකාවක් ද පොළෝ සීමාවේ සිට උන්වහන්සේගේ ප‍්‍රශංසාව ද ගායනා කරව්.” (බයිබලයේ යෙසායා, 42:10*.

මෙම වක්තෘවරයා වෙත ලැබෙන දේව අනාවරණය අලූත් ගීතිකාවක් (භාෂාවක්* වෙයි. එය හෙබ්‍රෙව් භාෂාව හෝ අරමයික් භාෂාව හෝ නොවෙයි. අරාබි භාෂාව වෙයි. අල්ලාහ් ප‍්‍රශංසා කිරීම ද ඔහුගේ වක්තෘ වූ මුහම්මද් (සල්* තුමාගේ විශ්ෂ්ඨත්වය හා ගුණ කීම ද අද ලොව ඇති ලක්ෂ සංඛ්‍යාත මස්ජිද්වල ඇති මිනරා වලින් දිනකට පස්වතාවක්ම නොවෙනස් ව කරගෙන යනු ලැබේ.

9- ”කාන්තාරය සහ එහි නුවරවල් ද කොදාර්වරුන් වාසය කරන ගම් ද ශබ්ද නගත් වා. පර්වතවල වැසියෝ ඔල්වරහඬදෙත්වා. කඳු මුදුන් වල සිට මොර ගසත්වා.” (බයිබලයේ යෙසායා, 42:11*.

හජ් කර්තව්‍යය ඉටු කිරීමට මක්කාවට යන්නන්, මක්කාවේ පිහිටි ”අරෆාත්” කන්දේ දී, සෑම වසරක්ම හඬ නගා මෙසේ කියති.

”මම පැමිණියෙමි. යා අල්ලාහ් මම පැමිණියෙමි. මම පැමිණියෙමි. ඔබට කොටස්කරුවෙක් නැත. මම පැමිණියෙමි. නියත වශයෙන්ම ප‍්‍රශංසා සියල්ල, වරප‍්‍රසාද සහ ආධිපත්‍යය ඔබ සතුය. (නැවතත් කියමි* ඔබට කොටස්කරුවෙක් නැත.”

තවද, මෙම වාක්‍යයෙහි සඳහන් වන කේදාර් ඉෂ්මායේල්ගේ දෙවෙනි පුත‍්‍රයා වන හෙයින්, බයිබලයේ, යෙසායා 42 වෙනි පරිච්ජේදය ඉශ‍්‍රායේල්වරුන් වෙත පැමිණ කිසිදු වක්තෘවරයෙකුට ගැළපෙන්නේ නැත.

10* ”ඔව් ස්වාමීන් වහන්සේට ගෟරවය දී, උන්වහන්සේගේ ප‍්‍රශංසාව දිවයින්වල ප‍්‍රකාශ කෙරෙත්වා” (බයිබලයේ යෙසායා, 42:12*.

අල්ලාහ් ප‍්‍රශංසා කිරීම මූලික කරගත් ඉස්ලාමය ඉන්දුනීසියාවෙහි ද කැබ්රියන් මුහුදෙහි ද පිහිටි ඉතා කුඩා ¥පත් දක්වා පැතිර ගිය බව නොරහසකි.

11* ”……උන්වහන්සේ කෑ ගසා, එසේය තදින් මොරගසා, තමන්ගේ සතුරන්ට විරුද්ධව බලවත්කම්, කරන සේක.‘‘(බයිබලයේ යෙසායා, 42:13*.

මුහම්මද් (සල්* තුමාණෝ පැමිණ, ඉතා සුළු කාල සීමාවක් තුළ දෙවියන්ගේ රාජධානිය පොළොව මත පිහිටවූහ.

අවංකව පවසන්නේ නම්, බයිබලයේ යෙසායා හි 42 වෙනි පරිච්ජේදය වනාහි වක්තෘවරයාණන් වූ මුහම්මද් (සල්* තුමාගේ ¥ත මෙහෙය නිවැරදිව විස්තර කරන වාක්‍යවලින් යුක්ත වූවක් වන්නේ ය.

9- දාවිත් රජු ඔහු ව ඇමතුවේ ”මාගේ ස්වාමීනි” යනුවෙන් ය!

”ස්වාමීන් වහන්සේ මාගේ ස්වාමීන්ට කථාකොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරනතෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැ යි කී සේක.” (බයිබලයේ ගීතාවලිය 110:1*.

මෙම වාක්‍යයෙහි ”ස්වාමීන්” යනුවෙන් දෙවියන් දෙදෙනෙක් ගැන සඳහන් වෙයි. පළවෙනි ”ස්වාමීන්” (කථා කරන්නා* දෙවියෙක් වේ නම්, දෙවෙනි ”ස්වාමීන්” (කථා කරනු ලබන්නා* දෙවියෙක් විය නොහැකිය. එහෙත්, දාවිත් දැන සිටින්නේ එකම එක දෙවියෙක් පමණි. එහෙයින්, මෙම වාක්‍යය ආරම්භ විය යුත්තේ, ”දෙවියන් වහන්සේ මාගේ ස්වාමීන්ට කථාකොට” යනුවෙන් ය. ”දාවිත් මාගේ ස්වාමීන්” යැයි ඇමතුවේ යේසුස් වහන්සේය. කියා ක‍්‍රිස්තියානි මහා සභාව පවසයි. එහෙත්, යේසුස් වහන්සේ ම මෙය බයිබලයේ, ශු. මතෙව් 22:45, ශු. මාර්ක් 12:37, ශු. ලූක් 20:41-44 යනා දී වාක්‍ය තුළින් ඉතා පැහැදිලි ව ප‍්‍රතික්ෂේප කොට ඇත. යේසුස් වහන්සේ දාවිත්ගේ පුත‍්‍රයෙක් (එතුමාගේ පරම්පරාවෙන් පැවත එන්නෙක්* ව සිටින හෙයින් මෙසේ නොඅමතා තමා ව බේරා ගත්හ, එතුමා දාවිත්ගේ පුත‍්‍රයෙක් ව සිටින කල, දාවිත් ”මගේ ස්වාමිනි!” යැයි අමතන්නේ කෙසේදැ‘යි යේසුස් වහන්සේ තර්ක කළ හ.

යේසුස් වහන්සේ බයිබලයේ,ශු ලූක් හි මෙසේ පවසයි:

”ක‍්‍රිස්තුස් වනාහි දාවිත්ගේ පුත‍්‍රයායයි ඔවුන් කියන්නේ කෙසේ ද? මක් නිසාද: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගනින්නැයි ස්වාමීන් වහන්සේ මාගේ ස්වාමීන් වහන්සේ ට කීසේකැයි දාවිත්ම ගීතිකා පොතේ කියා තිබේ. මෙසේ දාවිත් උන්වහන්සේට: ස්වාමීන් වහන්සේයයි කියයි. ඉඳින් උන්වහන්සේ ඔහුගේ පුතුනුවන්නේ කෙසේදැයි කීසේක” (බයිබලයේ,ශු. ලූක් 20: 41-44*.

යේසුස් වහන්සේ මේ පිළිබඳව පැහැදිළි පිළිතුරක් දෙන්නට ඇත. එම පිළිතුර බයිබලයේ ගිවිසුම් හතරෙහිම සටහන් නොකරන්නට ඇත. එහෙත්, යේසුස් වහන්සේගේ එම පිළිතුර බාර්නබස් තම ගිවිසුමෙහි පැහැදිළිව සටහන්කොට ඇත. ඒ අනුව මෙම පොරොන්දුව දී ඇත්තේ ඉෂ්මායේල් ට මිස ඊසාක්ට නොවන බව වෙයි. එහෙයින්, මෙහි දාවිත් ”ස්වාමිනි” යනු අමතන්නේ මුහම්මද් (සල්* තුමාටය. දාවිත් එතුමාව ආධ්‍යාත්මික ව දැක ඇත.

මුහම්මද් (සල්* තුමා ඉටුකළාට වැඩියෙන් යමක් වෙනත් වක්තෘවරයෙක් ඉටුකර නොමැත. මුහම්මද් (සල්* තුමා අවුරුදු 23 ක් වූ කෙටි කාලය තුළ ඉටුකළ මහගු කාර්යයන් සමග සසඳා බලන කවරෙකු හෝ, මුහම්මද් (සල්* තුමාගෙන් ඉටු වූ කාර්යයන් කෙතරම් විශාලද, අනෙක් සියලූම වක්තෘවරුන්ගෙන් ඉටු වූ කාර්යයන් කෙතරම් සුළුපටුද, යනු වටහා ගනියි. මුහම්මද් (සල්* තුමාගේ විප්ලවීය සේවයට සමාන සේවයක් තවත් කෙනෙකුගෙන් ඇති නොවූ තරම් ය. එය අදත් නොවෙනස් ව පවති.

මතු සම්බන්ධයි………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *