සංස්කරණය:
ආචාර්්‍ය මුහම්මද් බාගිල්

පරිවර්තනය:
එස්. එම්. මන්සූර්

10- ඒ වක්තෘකරයා ඔබ ද?

යොහන් බව්තීස්ම කවරෙක් ද යැයි දැනගැනීම පිණිස යුදෙව්වන් තම පූජකයන් ද ලෙවීවරුන් ද ඔහු වෙත යැවූ හ.

”(එවිට* ඔහු නොසඟවා ඇත්ත කියමින්: මම ක‍්‍රිස්තුස් වහන්සේ නොවෙමියි කීවේ ය. ඔව්හු ද: එසේ නම් මොක ද? නුඹ එළියාදැයි ඔහුගෙන් ඇසුවෝය. එසේ නොවේයයි ඔහු කීය. නුඹ අනාගත වක්තෘදැයි ඇසූ කල, කැතැයි ඔහු උත්තර දුන්නේ ය.”(බයිබලයේ ශු. යොහන් 1:20,21*

මෙම වාක්‍යයෙහි ඇති ඉතා වැදගත් ප‍්‍රශ්නය ”නුඹ අනාගත වකතෘ ද? ” යැයි ඔවුන් විමසීම ය. එසේ නැතිවිට, යේසුස් වහන්සේටත්, යොහන් බව්තීස්ටත් පසුව පැමිණෙන බව දිගු කලක් බලාපොරොත්තු වන එම වක්තෘකරයා කවු ද? එම වක්තෘවරයා බයිබලයේ, ද්විතීය කථාව 18:18 හි පවසන පරිදි, මෝසස් වැනි වූ (මෝසෙස්ට සමාන ගුනාංගයන් ඇති* මුහම්මද් (සල්* තුමා නොවෙයි ද?

11- ශුද්ධ වූ ආත්මයෙන් සහ ගින්නෙන් බව්තීස්ම කිරිම!

”(යොහන් බව්තීස් වන* මම වනාහි පසුතැවිල්ල පිණිස නුඹලා වතුරෙන් බව්තීස්ම කරමි. නුමුත් මට පසුව එන තැනැත්තේ මට වඩා බලවත් ය. මම උන්වහන්සේගේ වහන් ගෙනයන්ටවත් නොවටිමි. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද නුඹලා බව්තීස්ම කරන සේක” (බයිබලයේ ශු. මතෙව් 3:11*.

මෙම වාක්‍යයෙහි ඇඟවීමකින් පෙන්වනු ලබන්නේ යේසුස් වහන්සේ නම්, යොහන් බව්තීස්ත වනාන්තරයෙහි ජීවත්වීම සඳහා ආපසු නොයා සිටිය යුතුය. ඒ වෙනුවට යේසුස් වහන්සේගේ ගෝලයන්ගෙන් කෙනෙක් වී එතුමා සමග සිටීමට අධිෂ්ඨාන කරගත යුතුයි. එහෙත්, ඔහු මේ කිසිවක් කළේ නැත.

එබැවින් යේසුස් වහන්සේ නොවන වෙනත් කවර කෙනෙක් හෝ, බලසම්පන්න වක්තෘවරයෙක් ලෙස අඟවන්නට ඇත. තව ද, යොහන් බව්තීස්ත ඇඟවූ තැනැත්තා නියත වශයෙන් ම යේසුස් නොවෙයි. ඒ දෙදෙනාම සමකාලයට අයත් වන්නන් වන හෙයින් ය. තවත් කරුණක් නම්, යොහන් බව්තීස්ත පැවසුවේ මෙම වක්තෘවරයා ඔහුට පසු පැමිණෙන බව ය. එසේ නම්, යොහන් බව්තීස්ත මෙහි අඟවා පෙන්වන්නේ වක්තෘවරයාණන් වූ මුහම්මද් (සල්* තුමා නොවෙයි ද?

12- ස්වර්ග රාජ්‍යයේ කුඩා තැනැත්තා!

යේසුස් වහන්සේ පැවසූ බව බයිබලය මෙසේ කියයි:

”සැබවක් නුඹලාට කියමි: ස්ත‍්‍රීන්ගෙන් උපන්නවුන් අතරෙන් යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් නොනැගුටුනේය. නුමුත් ස්වර්ග රාජ්‍යයෙ හි කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම් ය.” (බයිබලයේ ශු. මතෙව් 11:11*.
යොහන් බව්තීස්ත – ආදම්, නෝවා, ආබ‍්‍රහම්, මෝසෙස්, දාවිත් සහ තවත් වක්තෘවරුන් බොහෝ දෙනෙකුට වඩාත් ශ්‍රේෂ්ඨවත් තැනැත්තේක් බවට ඔබට විශ්වාස කළ හැකි ද?
ඔහු විසින් මිථ්‍යා දෘෂ්ටිකයන් කී දෙනෙක් ආගමට හරවා ගනු ලැබුවේ ද? කොපමන අනුගාමිකයන් ඔහුට සිටියේ ද?

මෙවැනි ප‍්‍රශ්න නගන්නට මෙම වාක්‍ය මග පාදන මුත්, දැන් මෙහි ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නය මෙවැන්නක් නොවෙයි. එම ප‍්‍රශ්නය මෙයයි: ස්වර්ග රාජ්‍යයෙ හි යොහන් බව්තීස්තට වඩා ඉතාමත් ශේෂ්ඨ වූ කුඩා තැනැත්තා කවු ද?

නියත වශයෙන්ම එම තැනැත්තා යේසුස් වහන්සේ නොවන්නා හ. මක්නිසාද, එකල ස්වර්ග රාජ්‍යය ඇති නොවී තිබීම ය. තවද, යේසුස් වහන්සේ, තමා කුඩා තැනැත්තෙක් ලෙස හෝ වයසින් බාලම තැනැත්තේක් ලෙස කිසිවිටක පැවසුවේ නැත. ස්වර්ග රාජ්‍යය වනාහි සර්ව බලධාරි ව වැජඹෙන දෙවියන් ඇතුළු ව වක්තෘවරුන් සියල්ලන්ගෙන්ම යුක්ත වූ ස්ථානයකි. එහි, වක්තෘවරුන් සියල්ලන්ගෙන් ම කුඩා තැනැත්තෙක් ව, එනම් වයසින් බාල තැනැත්තෙක් ව සිටින ශ්‍රේෂ්ඨ වන්තයා වක්තෘවරයාණන් වූ මුහම්මද් (සල්* තුමාණන් ය.

13- සමාදානය කරන්නෝ ආශිර්වාද ලද්දෝ ය!

කන්ද උඩ දේශනයෙ හි යේසුස් වහන්සේ මෙසේ සඳහන් කළ බව බයිබලය පවසයි:

”සමාදානය කරන්නෝ ආශිර්වාද ලද්දෝ ය. මක්නිසාද ඔව්හු දෙවියන් වහන්සේගේ පුත‍්‍රයෝ යයි කියනු ලබන්නෝ ය.” (බයිබලයේ ශු. මතෙව් 5:9*.

ඉස්ලාම් යනු ශාන්තිය හා සමාදානය වන්නේ ය. එනම් මැවුම්කරු වූ දෙවියන්ටත් ඔහුට නැමදුම් ඉටුකරන තැනැත්තාටත් අතර වූ සමාදානය වේ. යේසුස් වහන්සේ සමාදානය ඇතිකිරිමට නොපැමිණි හෙයින්, එතුමාගේ ¥ත මෙහෙය සමාදානය කරන්නෙකුගේ බව කිව නොහැකි ය. ”පොළොවෙහි සමාදානය දෙන්ට මම ආවෙමියි නොසිතල්ලා. සමාදානය නොව කඩුවක් දෙන්ට ආවෙමි. මක්නිසාද මනුෂ්‍යයෙකු තමාගේ පියා සමගද දුව ඇගේ මවු සමග ද යෙහෙළී ඇගේ නැන්දා සමග ද භේද කරවන පිණිස ආවෙමි. මනුෂ්‍යයෙකුගේ සතුරෝ නම් ඔහුගේම ගෙයි වැසියෝ ය.”(බයිබලයේ ශු. මතෙව් 10:34,36*.

තවද, බයිබලයේ, ශු. ලූක් 12:49:53 වාක්‍ය ද කියවන්න.

14- සැනසුම ගෙන දෙන්නා!

යේසුස් වහන්සේ මෙසේ පැවසූහ:

”මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක” (බයිබලයේ ශු. යොහන් 14:16*.

ජදපදෙරඑැර – සැනසිලිකාරයෙක් යන වචනයට සමානව, යේසුස් වහන්සේ භාවිතා කළ නියම ”අරාමයික්” වචනය කුමක් ද යනු අපි හරියට ම නොදනිමු. වෙනත් ඉංග‍්‍රීසි භාෂා බයිබල් හි ජදබිදකැර – කොන්සොලර් ්ාඩදජ්එැ- ඇඞ්වොකේට් යැකචැර – හෙල්පර් යන වචන ද ඇත. මෙම වචනයට, ”ශුද්ධ වූ ආත්මය, වදන, පුද්ගලයෙක්” යනාදී එකට එක වෙනස් අදහස් ද දෙනු ලැබ ඇත.

යේසුස් වහන්සේ මෙම සැනසිලිකරුගේ නම ”අහ්මද්” යනු පැහැදිළිව ම පැවසූ බව අල්කුර්ආනය පවසයි:

”තව ද, මර්යම්ගේ පුතනුවන් වූ ඊසා: ”ඉශ‍්‍රායෙල්ගේ දරුවනි මට පෙර (අණාවරණය වූ* තෝරාහ් ව ස්ථිර කරන්නෙක්ව ද, මට පසු පැමිණීමට ඇති ”අහ්මද්” නමැති වක්තෘවරයා ගැන සුභාසිංසක පවසන අල්ලාහ්ගේ වක්තෘවරයෙක් ව ද මම පැමිණියෙමි.” (අල්කුර්ආන් 61:6*.

මෙහි යේසුස් වහන්සේ සඳහන් කොට ඇත්තේ වක්තෘවරයාණන් වූ මුහම්මද් (සල්*තුමාගේ දෙවෙනි නමය. මෙම නමේ තේරුම වනාහි, ”වෙනත් කාටත් වඩා අදිකව අල්ලාහ් ප‍්‍රශංසා කරන්නා” යනු වේ.

”සැනසිලිකරුවා” යන වචනයට වෙනත් කුමන අර්ථයන් ඇතත්, යේසුස් වහන්සේ නිම නොකළ වැඩ කොටසක් තබා ගොස් ඇතිබවත්, එම වැඩ කොටස (¥ත මෙහෙය* සම්පූර්ණ කිරීමට තවත් කෙනෙක් පැමිණීමට ඇති බවත් අපි නිගමනයකට පැමිණිය හැකි ය. දැන්, මෙම සැනසිලිකරුවාට අදාළ ගුණාංග වක්තෘවරයාණන් වූ මුහම්මද් (සල්* තුමාට තිබෙන්නේ දැයි අපි බයිබලය තුළින් බලමු.

1- ”වෙන සැනසිලිකාරයෙක්” (බයිබලයේ ශු. යොහන් 14:16*. මෙයින් අදහස් වන්නේ බොහෝ සැනසිලිකාරයන් පැමිණ ඇති බවත්, තවත් සැනසිලිකාරයෙක් පැමිණීමට ඇති බවත් ය.

2- ”උන්වහන්සේ නුඹලා සමග සදාකල්ම සිටින පිණිස” (බයිබලයේ ශු. යොහන් 14:16*. මක්නිසාද එතුමාට පසු කිසිවෙකුගේ අවශ්‍යතාවක් නැත. එතුමා වක්තෘවරුන්ගේ පෙළපත නිමාවට පත්කරන මුද්‍රාවක් ව සිටින්නා හ. තව ද, එතුමාගේ ඉගැන්වීම් කිසිදු වෙනසක් නොවී සදාකල් පවතින්නේ ය. ඇත්ත වශයෙන් ම අල් කුර්ආනය සහ මුහම්මද් (සල්* තුමාගේ ඉගැන්වීම් සියල්ලම වසර 1400 ට පෙර තිබුණු එලෙස ම කිසිදු වෙනසක් නොමැති ව අදත් තිබෙන්නේ ය.

3- ”උනවහන්සේ ආකල, පාපය ගැන ද ධර්මිෂ්ඨකම ගැන ද විනිශ්චය ගැන ද ලෝකයා ට අඟවා දෙනසේක”(බයිබලයේ ශු. යොහන් 16:8*. ආබ‍්‍රහම්, මෝසෙස්, දාවිත්, සාලමොන් ඇතුළු ව සියලූම වක්තෘවරුන් තම අසල් වැසියන්, අසල් වැසි සමාජයන්, අනුගාමිකයන් යනාදීන්ගේ පව් නැති කිරීමට වෙහෙසුන හ. එහෙත්, මෙම කිසිවෙක් මුළු ලොවෙහි ම තිබුණු පව් නැති කිරීමට, ඒවාට එරෙහි ව මුහම්මද් (සල්* තුමා මෙන් නොවෙහෙසුන හ. එතුමා වසර 23 ක ඉතා කෙටි කාලයක් තුළ ප‍්‍රතිමා වන්දනය අරාබියාවෙන් තුරන් කළ හ. එපමණක් නොව හිරක්‍යයුලස්, රෝමානු හා පර්සියානු අධිරාජවරුන්, එතියෝපියාවේ මහ රජු නජාසි, මිසරයේ ආණ්ඩුකාරවර මුකව්කිස් යනාදීන්ට ද, තම ¥ත මෙහෙය රැුගත් ¥තයන් යවා එය පිළිගන්නා ලෙස පැවසූ හ.

තව ද, ”දෙවියන් එක්කෙනෙකි” යන ඒක දේවත්වය ත‍්‍රිත්වයක් බවට භේද කිරීම ද, යේසුස් වහන්සේ දෙවියන්ගේ පුත‍්‍රයා ලෙසත් දෙවියන් ලෙසත් හඳුන්වා දීම ද කළ ක‍්‍රිස්තියානීන්ගේ ක‍්‍රියාව තදින්ම හෙලා දැක්කා හ. මෙතනින් නොනැවතී, යුදෙව්වන් හා ක‍්‍රිස්තියානීන් තම තමන්ගේ ශුද්ධ වූ දේව ග‍්‍රන්ථ වෙනස් කොට, අඩු වැඩි කොට, ඒවායේ මුල් පවිත‍්‍ර තත්වය කෙලසීම ඉතා බරපතල වරදක් බව මුහම්මද් (සල්* තුමා ප‍්‍රකාශ කළ හ. එතුමා ඉෂ්මායේල් (අෙලෙ* තුමාගේ සහජ උරුමය සැකයෙන් තොරව ඔප්පු කළ හ. උතුම් වක්තෘවරුන් මත්පැන් පානය කළ බවත්, ස්ත‍්‍රීන්ට බලහත් කාරකම් කළ බවත්, දුරාචාරයේ හැසුරුණු බවත්, ප‍්‍රතිමා වන්දනය කළ බවත් බොරු චෝදනා නගා අවමත් කළ යුදෙව්වන් හා ක‍්‍රිස්තියානීන්ගේ පාපොච්චාරණ ක‍්‍රියාවන් වැරදි බව පෙන්වා දුන් මුහම්මද් (සල්* තුමා, එම උතුම් ඇත්තන්ගේ නිර්මලත්වය ලෝ වැස්සන්ට පහදා දුන්හ.

4- ”විනිශ්චය ගැනයයි කීවේ මේ ලෝකයේ අධිපතියා විනිශ්චය කරනු ලැබ සිටින නිසා ය.” (බයිබලයේ ශු. යොහන් 16:11*. මෙම වාක්‍යය ශු. යොහන් 12:31 හි ද ශු. යොහන් 14:30 හි ද සඳහන් වන සාතන්ට යෙදෙයි. වක්තෘවරයාණන් වූ මුහම්මද් (සල්* තුවිනිශ්චය දිනය පිළිබඳව ලොවට අනතුරු අඟවන්නට පැමිණිය හ.

5- ”සැබෑකමේ ආත්මයාණන් වහන්සේ” (බයිබලයේ ශු. යොහන් 16:13*. වක්තෘවරයාණන් වූ මුහම්මද් (සල්* තුමා ඉතා කුඩා කල පටන් ”අල් අමීන්” නමින් අමතනු ලැබූ හ. මෙහි තේරුම ”සත්‍යවාදී හා විශ්වාසදායක පුරුෂයා” වෙයි. ”උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මග පෙන්වන සේක” (බයිබලයේ ශු. යොහන් 16:13*. යැයි යේසුස් වහන්සේ පවසා ඇත.

6- ”උන්වහන්සේ තමන්ගේම උපදවා කථා නොකර, උන්වහන්සේ අසන දේකියා”(බයිබලයේ ශු. යොහන් 16:13*. ශුද්ධ වූ අල්කුර්ආනයෙහි ඇත්තේ අල්ලාහ්ගේ වදන් ය. එහි වක්තෘවරයාණන් වූ මුහම්මද් (සල්* තුමාගේ හෝ එතුමාගේ අනුගාමිකයන්ගේ හෝ වචනයකුදු අඩංගු වී නැත. මලාඉකාවරයා වන ගේබි‍්‍රයේල් එතුමාට කුර්ආනය කියවූ හ. එතුමා එය කටපාඩම් කරගත් හ. පසු ව එතුමාගේ ලිපිකරුවන් එය ලේඛන ගත කළ හ. එතුමාගේ ස්වකීය වදන් සහ ඉගැන්වීම් හදීස් (නබිවදන්* ග‍්‍රන්ථයන් හි අඩංගු වී ඇත.

බයිබලයේ, ද්විතීය කථාව 18:18 හි ඇති ”…මාගේ වචන ඔහුගේ මූඛයෙහි තබන්නෙමි. මා ඔහුට අණ කරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේ ය.” යන වාක්‍යය, අල්කුර්ආනයේ 53:2-4 හි ඇති පහත සඳහන් වාක්‍ය සමග සසඳා බලන්න. එවිට මෙම වාක්‍ය අතර යම් සමානාත්වයක් ඇති බව ඔබට පෙනෙයි.

”ඔබගේ සහායයා (මුහම්මද්- (සල්** නොමගෙහි ද වරදෙහි ද නොවන්නෙක් වෙයි. ඔහු ස්වෙච්ජාවෙන් (තමන් සිතු පරිදි* කථා කරන්නෙක් ද නොවෙයි. (ඔහුගෙන් පිටවෙන කථා වූ* ඒවා ”වහී” (දේව වාක්‍ය* මාර්ගයෙන් ප‍්‍රකාශිතයන් හැර (වෙනකක්* නැත”

7- උන්වහන්සේ …. පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප‍්‍රකාශ කරන සේක” (බයිබලයේ ශු. යොහන් 16:13* පර්සියාවෙ හි රෝමයට ජය ලැබීම, අබූලහබ් මුස්ලිම් වරයෙක් නොවී මරණයට පත්වීම, ඉස්ලාමයේ ව්‍යාප්තය වැනි කුර්ආනයේ අනාවැකි සියල්ල එලෙස ම ඉටු විය.

8- ”උන්වහන්සේ මා ගෟරවයට පමුණුවන සේක” (බයිබලයේ ශු. යොහන් 16:14*. බයිබලය සහ ක‍්‍රිස්තියානීන්ට වඩා කුර්අනය සහ වක්තෘවරයාණන් වූ මුහම්මද් (සල්* තුමා යේසුස් වහන්සේ කෙරෙහි මහත් ගෟරවයක් දැක්වීම රහසක් ව නැත.

පහත සඳහන් කරුණු මෙම අදහස් පැහැදිළි කරයි:

අ- යේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ බව ඇදහීම එතුමාගේ වක්තෘ භාවයට අපකීර්තියක් ඇති කිරීමක් වෙයි. මෙම අපකීර්තිය බයිබලයේ, ද්විතීය කථාව 13:5 වෙනි වාක්‍යයෙ හි, ”ඒ අනාගත වක්තෘ හෝ ස්වප්නකාරයා මරනු ලැබිය යුතු ය” යි කීමෙන් ඇති කර ඇත. තවද, ”එල්ලනු ලබන තැනැත්තේ දෙවියන් වහන්සේගෙන් ශාප ලද්දෙක් යැ” යි බයිබලයේ, ද්විතීය කථාව 21:23 හි පැවසීමෙන් එතුමාට ශාප කර ඇත. (අල්ලාහ් මෙවැනි කථාවලින් අපව බේරා ගනිත්වා*.

ආ- ”මාගේ දෙවියනි, මාගේ දෙවියනි ඔබ මා අතහැරියේ මක්නිසාද? යි යේසුස් වහන්සේ අඬා වැලපී විමසූ බව බයිබලයේ, ශු. මතෙව් 27:46 වාක්‍යයෙ හි සඳහන් වෙයි. යේසුස් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ වක්තෘවරයෙක් මෙලෙස විමසූ බව පිළිගත හැකි ද? වක්තෘ වරයෙක් නොවන සාමාන්‍ය මනුෂ්‍යයෙක් පවා, මෙම මරණය තමාට ‘දෙවියන් වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ කෙනෙක් බව හා උසස් පදවියක් ලබාදෙන බව දැනගෙන ඉවසීමෙන් සිටියි. මෙයින් ලබන වේදනාවන් ඉදිරියේ සිනාමුසු ව සිටියි.

එහෙත් මෙම බයිබල් වාක්‍යය යේසුස් වහන්සේගේ දේව විශ්වාසය ඉතා අඩුවෙන් තක්සේරු කර එතුමාට අපහාස කරනවා නොවෙයි ද? නිග‍්‍රහ කරනවා නොවෙයි ද? මෙය එතුමාගේ තත්ත්වය පහත හෙළීමේ ප‍්‍රයත්නයක් නොවෙයිද?

ඇ- යේසුස් වහන්සේ සාමාන්‍ය ජනතාව හා වෙනත් සමාජියයින් අපහාස කරන ආකාරයෙන් ”බල්ලෝ ඌරෝ” යැයි ඇමතූ බව හෝ තම ආදර මෑණියන් ”ගැහැණිය” යැයි ඇමතූ බව හෝ මුස්ලම්වරුන් වන අපට අදහන්න නොහැකි ය. ඊට හේතුව අල්කුර්ානයේ 19:32 වාක්‍යයෙ හි යේසුස් වහන්සේ, තමාගේ මෑණියන් ගැන මෙසේ පැවසූ බව සඳහන් වී තිබීම ය.

”(අල්ලාහ් මා* මගේ මෑණියන්ට උවටැන් කරන්නෙකු ද කෙළේ ය. මා උඩඟු කෙනෙකු ද කාල කන්නියෙකු ද නොකෙළේ ය.”

යේසුස් වහන්සේගේ අපහාසට අනෙක් අය ලක් වූ බව බයිබලයේ, ශූ. මතෙව් 7:6 වෙනි වාක්‍යය කියයි.

”ශුද්ධ දේ බල්ලන්ට නොදෙල්ලා. නුඹලාගේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමල්ලා. සමහර විට උන් ඒවා පයින් පාගා හැරී නුඹලා ඉරා දමන්ට පුළුවන.”

තව ද,බයිබලයේ ශූ. යොහන් 2:4 වාක්‍යයෙහි මෙසේ ඇත.

”යේසුස් වහන්සේ ද (තම මව අමතා* ස්ත‍්‍රිය! නුඹෙන් මට කම මොක ද?

වක්තෘ වරයෙක් මෙසේ කථාකරන බව කවරෙකුට විශ්වාස කළ හැකි ද?

15 – වක්තෘවරයාණන් වූ මුහම්මද් (සල්* තුමාට අනාවරණය වූ දේව වාක්‍ය!

අල්ලාහ්, මලාඉකවරයා වූ ගේබි‍්‍රයෙල් ගේ මාර්ගයෙන් මුහම්මද් (සල්* තුමාට අනාවරණය කළ පළමු වදන ”ඉක්රඃ” (ශු. අල්කුර්ආනය 96:1*. නම් වේ. මෙම වදනෙ හි තේරුම ”පාරායනා කරන්න” යන්න ය. මුහම්මද් (සල්* තුමා අකුරු නොදන්නා කෙනෙකු හෙයින් ”මම පාරායනා කිරීමට නුපුළුවන් කෙනෙක් මි” යි පිළිතුරු දුන් හ. මෙම පළමු අනාවරණය පිළිබඳ අනාවැකියක් බයිබලයෙ හි ඇත.

එම අනාවැකිය මෙසේ ය:

”අකුරු නොදන්නා කෙනෙකුට ලියවිල්ල දී: මේක කියවාපන් නැයි කීවා ම මම අකුරු නොදනිමියි ඔහු කියන්නේ ය.”(බයිබලයේ, යෙසායා 29:12*.

දේව වාක්‍ය අනාවරණය වූ පිළිවෙල, දැනට අල්කුර්ආනයෙ හි පෙනෙන්නට ඇති පිළිවෙළින් වූයේ නැත. මෙය වෙනත් ආකාරයකින් කියන්නේ නම්, පළමුව අනාවරණය වූ කොටස පළමු පිටුවෙහි ද අවසාන වශයෙන් අනාවරණය වූ කොටස අවසාන පිටුවෙ හි ද නොතිබේ. මෙම දේව වාක්‍ය කොටස් වශයෙන් අනාවරණය කරනු ලැබූ අතර අල්ලාහ් නියම කළ පරිදි යම් විශේෂ පිළිවෙලකට කුර්ආනයෙහි සකස් කොට ඇත. මේ පිළිබඳ ව බයිබලය සඳහන් කරයි:

”මක්නිසා ද අණ පිට අණය, අණ පිට අණය, පනත පිට පනතය, පනත පිට පනතය, මෙහි ටිකක් ය. එහි ටිකක් ය. එසේ ය.උන්වහන්සේ වියවුල් තොල්වලින් ද වෙන භාෂාවකින් ද මේ සෙනගට කථාකරනවා ඇත.”(බයිබලයේ යෙසායා 28:10,11*.

මෙම වාක්‍යයෙ හි ”වෙනත් භාෂාවක්” යැයි සඳහන් කරනු ලබන්නේ ”හෙෙබි‍්‍රව්” භාෂාව හෝ ”අරමයික්” භාෂාව හෝ නොවෙයි. අරාබි භාෂාව ය.

ලොවෙ හි එක් කොණක සිට අනෙක් කොණ දක්වා වෙසෙන කෝටි සංඛ්‍යාත මුස්ලිම් ජනයා එකම සත්‍ය දෙවියන් අමතන විටත්, ඔහුට යාච්ඤා ඉටුකරන විටත්, හජ් කර්තව්‍යය ඉටුකරන විටත්, එකිනෙකා අතර ආමන්ත‍්‍රණය කරන විටත් එකම භාෂාවක් – එනම් අරාබි භාෂාව භාවිතා කරති.

මෙම භාෂා සමගිය පිළිබඳ ව ද බයිබලයෙ හි අනාවැකියක් සඳහන් වී ඇත:

”එකල සියලූ ජනයන් ස්වාමීන් වහන්සේගේ නාමයට යාච්ඤා කොට, එක්සිත් ව උන්වහන්සේ ට සේවය කරන පිණිස, ඔවුන්ට පවිත‍්‍ර භාෂාවක් දෙන්නෙමි.” (බයිබලයේ,ශෙපනිය 3:9*.

අවසාන වශයෙන්, දැන් සත්‍යය අරාබි භාෂාවෙන් ලැබී ඇත. (එහි විශ්වාසය නොතබා* වක්තෘවරයාණන් වූ යේසුස් වහන්සේ දෙවෙනි වතාවත් පැමිණ, මානව සංහතිය එකම විශිෂ්ඨ භාෂාවකින් අල්ලාහ් ට නැමදීම ඉටුකරන්න උගන්වන බවට සමහරු බලාපොරොත්තු වෙති.

එහෙත්, වක්තෘවරයාණන් වූ යේසුස් වහන්සේ නැවතත් මෙලොව පැමිණි විට මුස්ලිම්වරුන් සමග එක් වී මස්ජිදයෙ හි (මුස්ලිම් දෙවස්ථානයෙ හි* යාච්ඤාවෙ හි යෙදෙන බවත්, මුස්ලිම්වරුන් මෙන් චර්මජේදනය කරගන්නා බවත්, ඌරු මස් අනුභව නොකරන බවත්, වුළු ෙදා්වනය කොට සිටගෙන ද, හිස පොළොවෙහි තබාද, සලාත් ඉටුකරන බවත් මුස්ලිම්වරුන් වන අපි තරයේ විශ්වාස කරන්නෙමු.

නිමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *