කතෘ:
මහාචාර්ය මුහම්මද් කුතුබ්
සිංහල පරිවර්තනය:
බී. එන්. ආර්. ජයසේන
පෙරවදන
ඉස්ලාම් ආගම සියලූ මනුෂ්‍ය වර්ගයාට සියලූ කාලයට සුදුසු මගකි.යහපත් ජීවිතයක් හා මනා පැවැත්මට අවශ්‍ය සියලූ යහපත් දේ ද එය හිමිකරගෙන ඇත.
වහල් බව සම්බන්ධයෙන් ඉස්ලාම් ආගම දක්වන ආකල්පය උසස් එකකි. වහලූන් අභ්‍යන්තර හා බාහිර වශයෙන් නිදහස් කිරීම එහි අපේක්‍ෂාව වේ. ලෝකය ඉදිරියෙහි පිටස්තර කිසිදු තර්ජනයකින් හෝ බලහත්කාරයකින් තොරව, ස්වේච්චාවෙන් ම වහලූන් මුදා හැරීමේ මහා පුරෝගාමියා වූයේ ඉස්ලාම්ය.
වහලූන්ට මැනවින් සංග‍්‍රහ කිරීමේදීත්, ඔවුන්ගේ මානුෂික ප‍්‍රතිසාධනය කිරීමේදීත් ඉස්ලාම් දහම පුදුම ඵලවන සම්භාවනීය නිදර්ශන ඉදිරිපත් කොට ඇත.
ඉස්ලාම් දහම වහලූන්ට සැලකූ ආකාරයත් වහල්භාවය සහමුලින්ම තුරන් කළ ආකාරයත් මෙහි කතුවරයා මනාලෙස ඉදිරිපත් කොට ඇත. ඉස්ලාම්හි වහල් භාවය පිළිබඳ වැරදි මත එල්බ ගෙන සිටින මුස්ලිම් නොවන අයට මේ පොත මනා පිළිතුරක් වීම නිසැකය.
කතුවරයා පෙර අපරදෙදිග රටවල නිදසුන් දක්වමින් වහල් භාවය ගැන මනා අධ්‍යයනයක යෙදී ඇත.
ඉංග‍්‍රීසි බසින් සිංහලට පෙරළු බී. එන්. ආර්. ජයසේන මහතාටත් එහි විෂය සංස්කරණය හා ශුද්ධිපත‍්‍ර බලා ඉතා අලංකාර ලෙස මුද්‍රණය කර දුන් ඒ.සි.එම් නජිබ්දීන් මහතාටත් අපගේ හෘදයාංග ස්තූතිය පළ කර සිටිමු.
සියලූ පැසසුම් අල්ලාහ්ට හිමිය!
1998-03-01
ශී‍්‍ර ලංකා ජමාඅත් ඉස්ලාම්
කොළඹ ශ‍්‍රී ලංකාව.
මෙයට
රෂීද් හජ්ජුල් අක්බර්
(අමීර් සභාපති*.
ඉස්ලාම් සහ වහල්භාවය
මුස්ලිම් තරුණයන් තුළ තම ආගම වූ ඉස්ලාම් ආගම කෙරෙහි පවත්නා විශ්වාසය නැති කිරීම පිණිස කොමියුනිස්ට් වාදීන් විසින් හුවා දක්වනු ලබන ඉතාම ද්වේෂ සහගත සැකය නම් වහල් බවයි. ඉස්ලාම් ආගම මානව ඉතිහාසයේ සෑම යුගයකට ම ගැළපුණේ නම්, දැන් සිදු වී තිබෙන්නාක් මෙන් එය වහල් බව අනුමත කරනු ඇත. මෙයින් පෙනෙන්නේ ඉස්ලාම් ආගම ඉතිහාසයේ සීමා සහිත කාලයකට ගැළපෙන බව ය. එය එහි කාර්යය ඉටු කොට ඇත. දැන් එය යල් පැන ගොස් නොපැහැදිලි තත්ත්වයක පවතී. සියලූ කාලවලට හා අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් ආගමක් වශයෙන් සැලසුම් කොට නැති හෙයිනි.
විශ්වාසදායක මුස්ලිම් තරුණ පරපුරද මීට සමාන සැකයන්ගෙන් අතරමං වී ඇත. ඉස්ලාම් ආගම වහල් බවට ඉඩ දෙන්නේ ඇයි? මේ ආගම දෙවියන් වහන්සේ විසින් නිසැකව ම එළිදරවු කරන ලද්දේ ය. එහි සැකයට ඉඩක් නැත. මෙය අනාගත සියලූ කාලයන් වෙනුවෙන් සම්පූර්ණ මනුෂ්‍ය වර්ගයාගේ හිතසුව පිණිස එළිදරවු කරන ලද්දේය. එහෙත් එය වහල් බවට ඉඩ දුන්නේ කෙසේද? මිනිසුන්ගේ සමාන උත්පත්තිය පිළිගනිමින් ඔවුන් අතර පූර්ණ සමානාත්මතාවක් පැවතිය යුතුය. යන මතය මත ගොඩනැගුණු ආගම, සමාජ ජීවිතයේ දී ද සමානාත්මතාව පැවතිය යුතුය යන ආකල්පය සාර්ථකව බෙදා හරින්නේ නම්, එම ආගම එහි සමාජ ක‍්‍රමයේ කොටසක් වශයෙන් වහල් බව පිළිගන්නේ කෙසේද? ඒ අනූව, ඒ සඳහා නීති පැනවූයේ කෙසේද? මනුෂ්‍ය වර්ගයා සදාකාලීකව ස්වාමීන් සහ වහලූන් වශයෙන් බෙදී සිටිය යුතුයයි දෙවියන් වහන්සේ සිතන සේක් ද? උන්වහන්සේ විසින් ම මනුෂ්‍ය වර්ගයා පිළිබඳව ”සත්‍ය වශයෙන්ම අපි ආදම්ගේ දරුවන් උසස් තත්ත්වයට පත්කොට ඇත්තෙමු” යයි අතරම මිනිසුන් එක්තරා කොටසක් වහලූන් මෙන් විකිණිය හැකි හෝ මිලට ගත හැකි හෝ ද්‍රව්‍යයක් වශයෙන් පවත්වා ගැනීමට උන් වහන්සේට අවශ්‍ය ද? දෙවියන් වහන්සේ එය අදහස් නොකළ සේක නම් හෝ අකැමැති වූ සේක් නම්, එය උන් වහන්සේගේ ග‍්‍රන්ථයෙහි සුරාව, සූදුව හා ගිනි පොලිය ආදී, තමන් විරුද්ධ වන පුරුදු තහනම් කළාක් මෙන් වහල් බව ද, තහනම් නොකළේ මන් ද? කොටින්ම, මුස්ලිම් තරුණාය ඉස්ලාම් ආගම සත්‍යය ආගමක් බව දන්නා නමුත්, ආබ‍්‍රහාම් (ඉබ්රාහීම්* (අෙලෙ* තුමා මෙන්, ඔහු වික්ෂිප්ත වූවකු වන අතර කුර්ආන් පාඨයෙන් විස්තර කරන ලද මානසික තත්ත්වයක පසුවන්නේ ය. ”මාගේ ස්වාමිනි, මියි ගිය පුද්ගලයාට ඔබ වහන්සේගේ ප‍්‍රාණය කෙසේ දුන් සේක් දැයි ආබ‍්‍රහාම් (ඉබ්රාහීම්* ඇසූ විට උන් වහන්සේ මෙසේ කී සේක. ”ඇයි, ඔබ විශ්වාස නොකරන්නේද? ඔහු මෙසේ කීය. එසේය, එහෙත් මගේ හදවතට පහසුවක් ඇති විය යුතුය.” (ශු අල්කුර්ආනය 2: 260*.
මෙයට විරුද්ධව, සුන් වූ අපේක්‍ෂා ඇති, අධිරාජ්‍යවාදී යාන්ත‍්‍රික කරණයෙන් විපරිත වූ විශ්වාස ඇති තරුණ පරපුර, තමන්ගේ ඇස් ඉදිරිපිට සත්‍යය පැහැදිලි වන තුරු නො ඉඳ, ආශාවන්ගෙන් තෙරපනූ ලැබ, යථාර්ථය පිළිබඳව කිසිදු පරීක්‍ෂණයක නොනියැළී, ඉස්ලාම් ආගම යල් පැන ගිය එකකැයි ද, ඒ නිසා මිනිසාට තව දුරටත් එය අවශ්‍ය නැතැයි ද යන තීරණයට වහා එළඹෙති.
තම විදේශිය ස්වාමීන්ගෙන් ණයට ගත් අදහස් අවශ්‍ය ප‍්‍රමාණයට වඩා හුවා දක්වමින්, වෙනස් කළ නොහැකි වූ අවසාන සත්‍යය සොයා ගත්තේ යයි ද, එහි සත්‍යතා අභියෝග කළ නොහැකිවාක් මෙන් ම පරස්පර විරෝධ නොවන්නේ යයි ද යනුවෙන් වැරදි අදහසක් ඇති කරමින්, කොමියුනිස්ට් වාදීහු තමන් විද්‍යාත්මක යයි කියමින් මිනිසුන් රටවති. ඔවුන් සොයා ගත්තේ යයි කියන සත්‍යය නම්, ද්වන්දාත්මක භෞතිකවාදයයි. ද්වන්දාත්මක භෞතික වාදය වනාහි, මනුෂ්‍ය වර්ගයා විසින් මඟහැරිය නොහැකිවූ ද, ඉක්මවා යා නොහැකි වූ ද, ඇතැම් නිශ්චිත ආර්ථික තල කීපයකට මනුෂ්‍ය ජීවිතය බෙදේ යයි කියන සිද්ධාන්තයයි. නිදසුන්: පළමුවැනි කොමියුනිස්ට් වාදය, වහල් බව, රදළ වාදය, ධනේශ්වර වාදය හා දෙවැනි කොමියුනිස්ට් වාදය (ඉතිහාස පොතේ අවසාන පිටුව වේයයි සැලැකෙන* සියලූ ආගමික දර්ශන, දැනුම් සහ මානව ඉතිහාසය තුළ දක්නට ලැබෙන සියලූ සංකල්පනා, විවිධ ආර්ථික තත්ත්වයන්ගෙන් හුදු හෙවනැල්ලක් පමණකි. එසේ නැතිනම්, මානව ඉතිහාසයේ විවිධ යුගවල පැවතුණු ආර්ථික ක‍්‍රමවල හුදු හෙවනැල්ලක් පමණකි. මෙම පසුගිය ආගම් හා විශ්වාස පසුගිය කාලයට ගැළපෙයි. මක්නිසා ද? ඒවා ඒ කාලයේ පැවැති ආර්ථික රටාව හා පරිසරය සමග සම්පූර්ණයෙන් බැඳී තිබුණු හෙයිනි. නමුත් ඒවා කිසි විටෙකත් මානව සංවර්ධනයේ උසස් අවස්ථාවලට නොගැළපෙයි. ඒවා හැම විටම නවතම හා විවිධ ආර්ථික රටාවන් මත ගොඩනැගී ඇති නිසා ය. මේ නිසා ඔව්හු සෑම කාලයටම ගැළපෙන සරල ජීවන ක‍්‍රමයක් ඇති විය නොහැකිය යන නිගමනයට බසිති. ඉස්ලාම් ආගම ලෝකය හමුවට පැමිණියේ වහල් බව අවසන් වෙමින් පැවැති වකවානුවක ය. ඒ කාලය තුළ ම හටගැණුනු රදළ වාදය සමග එහි නීති, ආගම් හා ජීවිත පරිශ‍්‍රමය යන මේවා එවකට පැවැති ආර්ථික පැවැත්මේ ප‍්‍රතිඵල වශයෙන් ඇතිවුණු අංගෝපාංගය. ඉස්ලාම් ආගමට මීලඟ ආර්ථික සංවර්ධන පියවර ගැන අවබෝධයක් නොතිබීමත්, ආර්ථික තත්ත්වයන් මුහුකුරා නොගිය ලෝකයට එතෙක් අලූත් ක‍්‍රමයක් දීමට නොහැකි වීමත් නිසාය. ඉස්ලාම් ආගම වහල් බව අනුමත කළේත්, රදළ වාදයට ඉඩ හැරියේත්, කාල් මාක්ස්ට අනූව ඉස්ලාම් ආගමට එය කිසිසේත් කල නොහැකි දෙයකි.
මෙම වහල් බව පිළිබඳ ප‍්‍රශ්නය සාකච්ඡුා කිරීමට අප බලාපොරොත්තු වන්නේ එහි ඓතිහාසික, සමාජයියි හා මනෝ විද්‍යාත්මක සම්බන්ධය අනූවය. එහිදී අපි කපටින්ගේ හා ඊනියා විද්‍යා පණ්ඩිතයන්ගේ කෑගැසීම්වලින් මුළා නොවී විවෘත මනසකින් යුතුව කි‍්‍රයා කරමු.
වහල් වෙළෙඳාම පැවැති යුගයේ සිදුවුණු දරුණු අපරාධ හා වහලූනට පමුණුවන ලද අසාමාන්‍ය කෲර වධ හිංසා (විශේෂයෙන් රෝම අධිරාජ්‍යය* දෙස විසිවැනි සියවසේ පසුබිමෙහි සිට බලන වර්තමාන මිනිසෙකුට එය හද කම්පා කරවන දරුණු අපරාධයක් බව වැටහෙනු නො අනුමානය.
ආගමක් විසින්, එසේ නැතිනම්, ජීවන ක‍්‍රමයක් විසින් එබඳු දෙයක් අනුමත කරන්නේ කෙසේ ද යන්න අවබෝධ කරගැනීමට නොහැකිව ඔහු විවිධ අපේක්‍ෂා භංගත්වයට පත් වනු ඇත. ඉස්ලාම් ආගමේ අන් සියලූ නීති හා මූලධර්ම, සියලූම වර්ගවල හා සියලූම ක‍්‍රමවල වහල් බැවින් මිනිසුන් මුදවා ගැනීම පිණිස යොදා ඇති හෙයින් එය වහල් බව අනුමත කරන්නේ කෙසේ දැයි ඔහු පුදුමයට පත්වෙයි. ඉන් පසු ලඡු්ජාවෙන් මිරිකී ඔහු මෙසේ සිතනු ඇත. ඉස්ලාම් ආගම ඇත්ත වශයෙන් ම, පැහැදිලිව ම, වහල් බව තහනම් කොට ඇතත් හදවත් හා සිත් පහසු බවට පත් කොට ඇත්තේ ද?
මෙහි දී අපි මඳක් නැවතී, ඓතිහාසික කරුණු විසින් කයනු ලබන කථාව කුමක් දැයි බලමු. රෝම අධිරාජ්‍යය තුල වහලූනට විරුද්ධ ව සිදු කරන ලද දරුණු අපරාධ වනාහී සහමුලින්ම ඉස්ලාමීය ඉතිහාසයට බැහැර වූ දේ ය. රෝමානු ලෝකය තුළ, වහලාගේ ජීවිතය සම්බන්ධයෙන් පවත්නා සාක්‍ෂිය ඉස්ලාම් ආගම විසින් එම ජීවිතය තුළ සිදු කරන ලද වෙනස්කම්වලට හොඳ සාක්‍ෂියකි.
රෝමානු ලෝකය තුළ වහලා සලකනු ලැබුවේ හුදු ”ද්‍රව්‍යයක්” වශයෙන් මිස මනුෂ්‍යයකු වශයෙන් නොවේ. දැරිය නොහැකි යුතුකම්වලින් හා බැඳීම්වලින් ඔහු වෙලී සිටිය ද ඔහුට කිසිම අයිතිවාසිකමක් නො තිබිණ. මෙම වහලූන් ආවේ කවදා ද? කිසියම් උත්තම පරමාර්ථයක් හෝ පෘථුල අවකාශයක් විසින් නොව, අන්‍යයන් වහලූන් බවට පත් කොට ගැනීමේ හෝ ආත්ම සාධනය සඳහා සූරා කෑමේ ආශාව විසින් මෙහෙයවනු ලැබ කරන ලද යුද්ධවලදී ඔවුහු අල්ලා ගන්නා ලද්දෝය. රෝමානුවන් මෙම යුද්ධ ආරම්භ කළේ කුමක් සඳහා ද? වැරදි සුඛවිහරණයෙන් යෙදීමට, සීතල හා උණුසුම් දියනෑමට, අගනා ඇඳුම් පැළඳුම් ඇඳීමට, සෑම වර්ගයකම ප‍්‍රණීත ආහාර අනුභවයට, ඉන්ද්‍රිය පිනවීමට, මධුපානයට, ස්ත‍්‍රි ¥ෂණය, නෘත්‍යයා ප‍්‍රසිද්ධ රැුස්වීමට හා සැණකෙළියට, රෝමානුවන්ට පහසුවනු පිණිස ය. මෙම සංතෘප්තිය ලබා දීම සඳහා ඔවුහු අනිකුත් නීතීන් මර්දනය කළ අතර නිර්දය ලෙස ඔවුන් සූරා කෑහ. ඉස්ලාම් ආගම විසින් රෝම ආධිපත්‍ය මගින් මුදවා ගනු ලැබූ ඊජිප්තුවට ද කෲර ලෙස සලකනු ලැබී ය. අනිකුත් වර්ගවල ද්‍රව්‍යමය සම්පත් සැපයුම් පමණක් නොවන ඊපිප්තුව රෝම අධිරාජ්‍යයේ තිරිඟු ගබඩාව විය.
රෝම අධිරාජ්‍ය වාදීන්ගේ මෙම කෑදර ආශාව තෘප්තිමත් කිරීම සඳහා වහල්ලූ කුඹුරුවල වැඩ කළහ. ඉහතින් සඳහන් කළ පරිදි ඔවුනට කිසිදා අයිතිවාසිකමක් නොතිබිණ. කුඹුරුවල වැඩකරමින් සිටියදීම පැනයාම වැළැක්වීම සඳහා බර යදම්වලින් එකට බඳිනු ලැබූහ. ඔවුන්ට කිසිවිටෙක සුදුසු ආහාරයක් නොලැබිණ. ඔවුන්ට ආහාර දෙනු ලැබුයේ යම්කිසි ජීවිතය රඳවා ගැනීමට හා වැඩ කරවා ගැනීමටය. මෙය දෙනු ලැබුවේද, වහලූන්ට ආහාර සපයන ලද්දේ, තිරිසනුන්, ගසැවැල් ආදියට තරම්වත් ආහාරයක් ඔවුන්ට සැපයීම ඔවුන්ගේ යුතුකමක් සේ සලකා නොවේ. වහලූන් වැඩ කරමින් සිටියදී ම පරපීඩාකාමී ස්වාමියාගේ හෝ නියෝජිතයාගේ සන්තෝෂයට හේතුවන අයුරින් හා මෘග ආශාව තෘප්තිමත් වන අයුරින් ඔවුන්ට කසපහර දෙන ලදී. දවස අවසානයේ දී, මෙම මිනිසුන් දහය පනහ ආදී සමූහ වශයෙන් මාංචු හා දම්වැල් වලින් බඳිනු ලැබ වවුල් ගඳ හමන, මීයන් ඉන්නා මැක්කන්ගෙන් පිරුණු අඳුරු ගුහා තුළ නිදාගැනීම සඳහා ගාල් කරනු ලැබූහ.
හරකුන් විසින් පවා තම ගාලෙහි භුක්ති විඳිනු ලබන අත්පා දිග හැර නිදැගැනීම වැනි පහසුකමක් වත් ඔවුන්ට ලැබුණේ නැන.
එහෙත් වහලූන් වෙත පවත්නා රෝමානු සංකල්පයේ භයානකකම හා පුදුම සහගත ලක්‍ෂණය නම් ඔවුන්ගෙන් විනෝදය ලැබීමයි. එයින් රෝම ශිෂ්ඨාචාරයේ සහජ මිලේච්ඡු අමානුෂික චරිත ලක්‍ෂණය පැහැදිලි වෙයි. වර්තමානයේ යුරෝපීය හා ඇමරිකානු රටවල දක්නට ලැබෙන ආකාරයේ අධිරාජ්‍යවාදී සූරාකෑම්වලින් රෝම ශිෂ්ටාචාරයේ ගත ලක්‍ෂණ මනාව දක්නට හැකිය. කඩු සහ හෙල්ල අතින්ගත් වහලූන් ඔවුන්ගේ ස්වාමීන් සමග වේදිකාවලට නංවා, සමහර අවස්ථාවල අධිරාජයා මාහැගි අසුනක වාඩි වී ඔවුන් අවංකව ම, විනෝදය සඳහා යුධවදින ආකාරය බලා සිටියේ ය. වහල්ලූ මහත් අසහනයෙන් කඩුවලින් හා හෙල්ලයෙන් ඇනගෙන කැපි කැපි එකා පිට එකා වැටුණහ. තරගයේ උපරිමය වූයේ එක් වහලෙකු තම සහෝදර වහලා මරා මළකඳ පොළවට විසි කිරීමෙනි. එහි දී අධිරාජයා දැඩි ආශාවෙන් ඔල්වරසන් දුන්නේය. අත්පුඩි ගැසී ය. ප‍්‍රීතිමත් ලෙස හයියෙන් සිනාසුණේ ය.
රෝමානු ලෝකයේ වහලාට සැලකුවේ මේ අයුරිනි. මේ කරුණෙන් ද අපට ඔවුන්ගේ නෛතික තත්ත්වය ගැන විමසීම අවශ්‍යය නැත. වහලෙකුට තම අයිතිය ප‍්‍රකාශ කිරීමට තබා පැමිණිල්ලක් කිරීමටවත් ඉඩ නොතබා, ඔහු අකාරුණික ලෙස මරා දැමීමට, දඬුවම් කිරීමට හෝ සූරා කෑමට, කිසිදු පැත්තකින් සහයෝගයක් බලාපොරොත්තු නොවී, ස්ථාවියව හැකි විය. මේ පිළිබඳ සම්පූර්ණ පරීක්‍ෂණයක් කිරීමෙන් පසු ඉහත විස්තර කරන ලද තත්ත්වයට වැඩි දෙයක් දැන ගැනීමට ද නොහැකිය.
පර්සියාව, ඉන්දියාව හා වෙනත් රටවල ද වහලාගේ තත්ත්වයෙහි මීට වැඩි වෙනසක් නැත. ඉතා සුළු වෙනස්කම් කීපයක් හැර මෙම සියලූ ජාතීන් අතර වහලා එම තත්ත්වයෙන්ම ජීවත් වූයේය. ඔහුගේ ජීවිතයේ වටිනාකමක් නොවී ය. ඔහුගේ මරණය ගැන වන්දි ගෙවීමක් නැත. ඔහු ඉතා සුළු ප‍්‍රතිඵලයක් ඇති හෝ කිසිවක් ම නැති බැ?රුම් බැඳීම් රාශියකින් මිරිකී සිටියේ ය. වහලූන් සම්බන්ධයෙන් මේ රටවල පැවැති වැඩපිළිවෙලෙහි කිසිදා වෙනසක් නොවී ය. කිසියම් වෙනසක් තිබුනිනම් එය වහලූන් කෙරෙහි දක්වන ලද කෲරකමේ හා අකෘතඥකමේ ප‍්‍රමාණයේ වෙනසක් පමණකි.
ඉස්ලාම් ආගම පැමිණීමට පෙර ජීවන තත්ත්වය එබඳුය. ඉස්ලාම් ආගමේ පැමිණීමත් වහලාගේ මානුෂික ගරුත්වය ආරක්‍ෂා කර ගැනීමට හේතුවක් විය. එය ස්වාමිවරුන්ට හා වහලූන්ට මෙසේ කීය. ”ඔබ ද වෙනත් අයෙකුගෙන් පැන නැගුණු අයෙකි.” (ශු අල්කුර්ආනය 4: 25*. එය මෙසේද ප‍්‍රකාශ කළේය.
”යමෙක් තම වහලා මරයිද, අපි ඔහු මරන්නෙමු, යමෙක් ඔහුගේ නාසය කපන්නේ ද අපි ඔහුගේ නාසය කපන්නෙමු. යමෙක් අපගේ වහලාගේ කර අඹන්නේ ද, අපි පෙරළා ඔහුගේ කර අඹන්නෙමු.” (මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්, අබූදාවුද්, තිර්මිදි, නසායි*.
එය ස්වාමියා හා වහලා සියලූ දෙනාට පොදු විනීත නිවහනක්. මෙම සමාන ප‍්‍රතිඵලයක් තිබිය යුතුයයි පිළිගත්තේ මෙසේ ප‍්‍රකාශ කිරීමෙනි. ”ඔබලා හැමදෙනා ආදම්ගේ දරුවෝය. ආදම් නිර්මාණය වී ඇත්තේ මැටියෙනි” (මූලාශ‍්‍රයන්: මුස්ලිම්, අබූදාවුද්*, එසේ ම තමා ස්වාමියකු වීමේ හේතුව නිසා ම ස්වාමියාට වහලා මත බලපැවැත්විය හැකි උසස් තත්ත්වයක් නැතැයි ද එය ප‍්‍රකාශ කළේය. කිසියම් උසස් තත්ත්වයක් ඇත්නම් එය ශ‍්‍රද්ධාව මත පිහිටා ඇත.” අරාබිකාරයෙකුට හෝ උසස් තත්ත්වයක් නැත. කළු මිනිසෙකුට රතු මිනිසෙකු මත බලපැවැත්විය හැකි උසස් තත්ත්වයක් හෝ රතු මිනිසෙකුට කළු මිනිසෙකු මත බලපැවැත්විය හැකි උසස් තත්ත්වයක් හෝ නැත. එසේ ඇත්නම් ඒ ශ‍්‍රද්ධාව පමණකි.” (මූලාශ‍්‍රයන්: බුහාරි*.
ඉස්ලාම් ආගම ස්වාමිවරුන්ට කීවේ, වහලූන් සමග කටයුතු කිරීමේදී සාධාරණ හා යහපත් වන ලෙසයි. ”දෙමව්පියන්ට යහපත් වන්න, ළඟ නෑයින්ට යහපත් වන්න, අනාථයන්ට යහපත් වන්න, අසරණ අසල්වැසි ඥාතීන්ට යහපත් වන්න. අසල් වැසි පිටරැුටියාට යහපත් වන්න, ගමනක් යාමේ දී තමා සමග යන සගයාට හා මාර්ගයේ යන්නාට යහපත් වන්න. ඔබගේ දකුණු අත හිමිකරුට යහපත් වන්න. නියම වශයෙන්ම අල්ලාහ් නම් දෙවියන්වහන්සේ අහංකාර, වාචාල පුද්ගලයාට ආදරය නොකරන සේක” (ශු අල්කුර්ආන් 4: 36*. ස්වාමියා හා ඔහුගේ වහලා අතර පවත්නා සත්‍ය සම්බන්ධතාව වනාහි වහල් බව හා ස්වාමිත්වය පිළිබඳ කරුණක් හෝ යටත්වීම හෝ විරුද්ධවීම පිළිබඳ කරුණක් නොව ඥාතිත්වය හා සහෝදරත්වය පිළිබඳ කරුණක් බව ඉස්ලාම් ආගම ප‍්‍රකාශ කළේය. මෙසේ ස්වාමිවරුන්ට තම සන්තකයේ සිටින වහල් තරුණයින් ආවාහ කර ගැනීමට අවසර ලැබිණ. ”තමන්ට කෙළින් ම අයිති විශ්වාස දායක තරුණියන් විවාහ කර ගැනීමට ඔවුන්ට ඉඩ දිය යුතුය අල්ලාහ් ඔබගේ විශ්වාසයේ හොඳින් දනී. ඔබ එකියකගෙන් තවත් එකියක කරා යනු. මෙසේ ඔවුන්ගේ වර්ගයාගේ අවසරයෙන් ඔවුන් ආවාහ කරගන්න. ඔවුන්ට කාරුණිකත්වය දක්වන්න” (ශු අල්කුර්ආනය 4: 25*.
මේ අයුරින් ස්වාමිවරුන් වහලූන්ගේ සහෝදරයන් වශයෙන් විස්තර කොට තිබේ. ”ඔබගේ වහල්ලූ ඔබගේ සහෝදරයෝය. තම යටතේ යමෙකුට සහෝදරයෙක් වේ නම් තමා ආහාර හා ඇඳුම් ලබාගන්නාක් මෙන් ඔහුට ද ආහාර හා ඇඳුම් දිය යුතුය. තමාගේ බලයෙන් පිටස්තර කිසිම දෙයක් කිරීමට ඔවුන්ට නොකියන්න. එබඳු දෙයක් කියන්නේ නම් ඔබ ඔවුන්ට උදව් කළ යුතුය.” (මූලාශ‍්‍රය:
වහලූන්ගේ හැඟීම් පිළිබඳ වෙනසෙහි සළකුණක් වශයෙන් අනාගතවක්තෘ තුමා මෙසේ පවසයි: ”ඔබ කිසිවෙක් මෙසේ නොකිව යුතුය. මේ මගේ වහලාය, මේ මගේ වහලිය. මෙසේ කියන්න මේ මගේ මිනිසාය, මේ මගේ තරුණියය, මෙම බලධාරිත්වය අනූව අබූ හුරෙයිරා (රලි* තුමා අශ්වයෙකු පිට යන මිනිසකු ඒ පසුපස පයින් ගමන් කරන ඔහුගේ වහලා දැක අර මිනිසාට මෙසේ කීය: ”ඔය පයින් යන මිනිසා අශ්වයා පිට ඔබගේ පසුපසින් හිඳවා ගන්න. ඇත්තෙන්ම ඔහු ඔබගේ සහෝදරයා වන්නාක් මෙන් ම ඔහුගේ ආත්මය ඔබගේ ආත්මයට සමානය.”
ඉස්ලාම් ආගම වහලූන් වෙනුවෙන් ඉටු කළේ මෙපමණක් නොවේ. අපගේ පරීක්‍ෂණය ඉදිරියට ගෙන යාමට පෙර, මෙම ප‍්‍රාථමික අවස්ථාවේ වහලා පිළිබඳ එළඹ ඇති තත්ත්වය විස්තර කිරීමට අපි කැමැත්තෙමු.
වහලා දැන් භාණ්ඩයක් – වෙළඳ භාණ්ඩයක් ලෙස සලකන්නේ නැත. ස්වාමියාගේ ආත්මයට සමාන ආත්මයක් ඇති පුද්ගලයෙකු ලෙස සැලකේ. අතීතයේ දී ඔහු සලකනු ලැබුවේ ස්වාමියාට වඩා හාත්පසින් වෙනස් එකකු හැටියටයි. නිග‍්‍රහ විඳ දරා ගැනීමට සුදුසු සේ, වහලෙකු ලෙස සේවය කිරීමට සුදුසු සේ නිර්මානය කරන ලද එකකු හැටියට අතීතයේ දී සලකනු ලැබුවේය. මෙම පිළිගැනීම නිසා ස්වාමිවරුන්ට කිසිවිටෙක තම වහලූන් මරා දැමීමේදී, දඬුවම් දීමේ දී ගිනියම් යකඩයෙන් පිළිස්සීමේ දී හෝ වහලූන් තුච්ඡු වැඩවල යෙදවීමේ දී සහ බර වැඩෙහි යෙදවීමේ දී කිසිදු වේදනාවක් දැනුනේ නැත. (හින්දුවරුන් (ඉන්දියාව* වහලූන් (ශුද්‍ර* දෙවියන්ගේ පාදයෙන් උපන්නවුන් හැටියට විශ්වාස කරති. මේ නිසා ඔවුන් සහජයෙන් නීච හා පහත් යැයි සිතූහ. මෙය කිසිවිට වෙනස් කළ නොහැකි ඉරණමක්. මේ නිසා ඔවුන් ඉදිරියේ ඇති එකම මාර්ගය , මරණින් පසු වඩා යහපත් තත්ත්වයක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් නිග‍්‍රහ හා වධ බන්ධන ඉවසා දරාගෙන සිටීම ය. මේ අයුරින් ඔවුන් මර්දනය කළ අය, ඔවුන්ගේ කායික වහල්භාවය පිළිබඳ දරුණු තත්ත්වය මදකින් හෝ අඩු කිරීමට ඇතැමෙක් තමන් අවඥාවට හා අභාග්‍ය තත්ත්වයට පත් කළ අසාධාරණ රටාවට විරුද්ධ ව නැගී සිටීමට පවා ඔවුන්ට ඉඩ නොදී කි‍්‍රයා කළහ.* ඉස්ලාම් ආගම ඔවුන් ¥ෂිත වහල් තත්ත්වයෙන් මුදා නිදහස් මිනිසා සමග සම තත්ත්වයට උසස් කළේ ය.
ඉස්ලාම් ආගමේ මෙම ජයග‍්‍රහණය හුදු විශ්වාස නොව ඓතිහාසික සාක්ෂ්‍ය මගින් ඔප්පු කළ හැකි කරුණුය. යුරෝපයේ පක්‍ෂග‍්‍රාහි කතුවරු පවා, ලෝකයේ වෙන කිසිම තැනක සිදු නොවූ අයුරින් ඉස්ලාම් ආගමේ මුල් යුගයේ දී වහලා මනුෂ්‍යත්වයේ සම්භාවනීය තත්ත්වයකටම උසස් කරන ලද බව පිළිගනිති. නිදහස් කරන ලද වහල්ලූ තම විශ්වාසදායක ස්වාමිවරුන්ට විරුද්ධව දෝෂාරෝපණය කිරීමට තරම් සම්භාවනීය තත්ත්වයට මුස්ලිම් සමාජය තුළ පත්වූහ. ඔවුන්ට දැන් බියවීමට අවශ්‍යතාවක් නැත. ඔව්හු ද ස්වාමිවරුන් මෙන් ම නිදහස් කොටසකි. මෙයට හේතුව ඔවුන් තම ස්වාමිවරුන්ගේ පවුලේ සාමාජිකයන් සේ සැලකීමයි. එසේ ම ඔවුහු තම ස්වාමීන්ට ලේ නෑ සම්බන්ධකම් පැවැත්වීමයි.
වහලා දැන් මනුෂ්‍යයෙකු සේ සලකනු ලැබේ. ඔහුගේ පෞද්ගලික ආරක්‍ෂාව නීතියෙන් සහතික කොට තිබේ. ඔහුට විරුද්ධ ව වචනයෙන් හෝ කි‍්‍රයාවෙන් කිසිදු හිංසාකාරී කි‍්‍රයාවක් කිරීමට අවසර නැත. අනාගත වක්තෘ මුහම්මද් නබි (සල්* තුමා මුස්ලිම්වරුන්ට තම වහලූන් ගැන එසේ කථා කිරීම තහනම් කළේය. ඒ වෙනුවට ඔවුන් තම පවුලේ සාමාජිකයන් සේ ඔවුන්ට හැෙඟන අයුරින් කථාකරන ලෙස ද වහල් බව පිළිබඳ සලකුණු ඔවුන් කෙරෙන් තුරන් කරන ලෙසද අණ කළේය. මේ අදහසින් එතුමා මෙසේ ප‍්‍රකාශ කළේය. ඇත්ත වශයෙන්ම දෙවියන් වහන්සේ ඔබ ඔවුන්ගේ ස්වාමිවරුන් කලේය. උන්වහන්සේ කැමැතිවන සේක් නම් ඔබ ව වහලූන් සේ ඔවුන්ට අයිති කොට දෙන්ට අල්ලාහ්ට පුළුවන” (ඉමාම් ගස්සාලි: ඉහ්යා උලූමුද්දීන්හි වහලූන්ගේ අයිතිවාසිකම් යන පරිච්ඡේදය කියවන්න*. මෙයින් අදහස් වන්නේ වහලූන් වීමට තුඩු දුන් තත්ත්වයන් හා හේතු ය. මෙසේ නොවී නම් වහල්ලූ තම ස්වාමීන් මෙන් ම යහපත් වන්නාහුය. මේ අයුරින් ඉස්ලාම් ආගම ස්වාමිවරුන්ගේ අහංකාරය මදක් අඩුකළ අතර, පිරිසිදු මානුෂික සම්බන්ධතා හැම අයුරින්ම පවත්වා ගත හැකි වනසේ වහලාගේ තත්ත්වය ද උසස් කළේය. ඉස්ලාම් ආගම ඔවුන් වඩා ළං කොට ඔවුන් අතර ආදරය වර්ධනය කළේ ය. ඔවුන්ගේ සියලූ අන්‍යෙයා්න්‍ය සම්බන්ධතාවන්හි පදනම විය යුත්තේ ආදරය මිස අන්කිසිවක් නොවේ යයි ප‍්‍රකාශ කරමිනි. ශාරීරික වේදනා හෝ තුවාල සිදුකිරීම පිළිබඳව දෙපක්‍ෂයටම සුළු දඬුවම් පමුණුවන ලදි. ”යමෙක් ඔහුගේ වහලා මරයි ද, අපි ඔහු මරණයට පමුණුවමු” යන්න ඉස්ලාම් ආගමේ මූලධර්ම රාශියකින් පැහැදිලි එකකි. මිනිසුන් වශයෙන් ජීවත් වීමට දෙදෙනාටම ඇති අයිතිය සහතික කිරීමට අමතරව එක් මිනිසෙකු හා තවත් මිනිසෙකු අතර පැවති පූර්ණ සමතාව වහලා හා ඔහුගේ ස්වාමියා අතර ද පැවති බව මෙයින් පෙන්වනු ලැබේ.
මතු සම්බන්ධයි………