පෙරවදන

මනුෂ්‍ය ආත්මය ගැන සැලකීමේ දී ඉස්ලාම් ධර්මය මූලධර්මයක් වශයෙන් සියලූ ම ස්වාභාවික චිත්තවේගයන් පිළිගන්නා අතර, ඒවා අපගේ ආවේණික තත්ත්වයෙහි ද මැඩ නොපවත්වයි.

පුද්ගලයන් හෝ මිනිස් සමාජයට හිංසාවක් හෝ බාධාවක් නොවන පරිදි සාධාරණ මට්ටමක ආශ්වාදයක් ලබා දිය හැකි ප‍්‍රමාණයකට නෛසර්ගික ක‍්‍රියාවන්හි ප‍්‍රායෝගික වශයෙන් නිරත වීමට ඉඩ දෙයි.

රාගික ආශාවන් මැඩ පවත්වන්නේ නැතිව ඒවා පාලනය කළ යුතුයි. කැමැත්තෙන් හා සිහිබුද්ධියෙන් ඒවා පාලනය කර ගෙන ඒවා සංතර්පනය කිරීමට සුදුසු කාලය එළඹෙන තෙක් අත්හිටවිය යුතුයි.

මේ පොත් පිංචේ කතුවරයා ලිංගික ආශා මැඩ පැවැත්වීම පිළිබඳව තර්කානුකූලව විස්තර කර තිබීම විශේෂාංගයකි.

මෙය පරිවර්තනය කරදුන් ආර්. ඒ. ඒ. රණසිංහ මහතාටත්, ශුද්ධි පත‍්‍ර බලා, ඉතා අලංකාර අන්දමින් මුද්‍රණය කරදුන් ඒ. සී. එම්. නජිබ්දීන් මහතාටත් අපගේ කෘතඥ පූර්වක ස්තූතිය පළ කර සිටිමු.

අපගේ ප‍්‍රයත්නය අල්ලාහ් පිළිගනිත්වා ආමීන්!

මෙයට රෂීද් හජ්ජුල් අක්බර්
අමීර් (සභාපති*

1998-03-01
ශ‍්‍රී ලංකා ජමාඅත් ඉස්ලාම්
කොළඹ, ශ‍්‍රීලංකාව.

ඉස්ලාමය සහ ලිංගික ආශා මැඩපැවැත්වීම:

විශේෂයෙන්ම ධාර්මික පිරිස පීඩාවට පත්කර ඔවුන්ගේ සියලූ කි‍්‍රයාවන් පාපයන් බවත් ඒවායින් මිදිය හැකි වනුයේ ජීවිතයේ ආස්වාදයන් භුක්ති විඳීමෙන් වැළකී සිටීමෙන් පමණක් බවත් සිතන්නට සලස්වන වැරදි ච්න්තනයේ ප‍්‍රතිඵලයක් වශයෙන් ජීවිතය දුක්ඛිත තත්ත්වයට පමුණුවා මිනිසාගේ පරම ශක්තිය මැඩ පැවැත්වීම පිළිබඳව බටහිර මානසික විද්‍යාඥයෝ ආගමට ෙදාස් පවරති. යුරෝපය සිය ආගමට බැඳී සිටින තාක්කල් මෝහාන්ධකාරයේ ජීවත් වූ බවත් ආගමික බැමිවලින් මිදුණු පසු සිය ච්ත්තවේගයන්ගෙන් විමුක්තිවීම හේතුකොටගෙන නිෂ්පාදන කේෂේත‍්‍රයෙහි විස්මිත ජයග‍්‍රහණයන් ලැබූ බවත් මේ මානසික විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති.

එබඳු මානසික විද්‍යාඥයෝ බොහෝවිට මෙසේ පවසති. ඔබලා කියන්නේ අපට නැවත ආගම වෙත යාමට ද? ප‍්‍රගතිශීලීන් වන අපි මුදාහල චිත්තාවේග බැම් තර කිරීමට ද අපට කියන්නේ? තොරතෝංචියක් නැති ව හරි මොකක් ද වැරදි මොකක් දැයි තරුණ තරුණියන්ට සිහිපත් කරමින් ඔවුන්ගේ ජීවිතය තිත්ත කිරීමට ඔබලාට අවශ්‍ය ද?

යුරෝපියන් ඔවුන්ට කැමැති  ඕනෑම දෙයක් ඔවුන්ගේ ආගම ගැන කියපුවාවේ. අපි එය විශ්වාස කළත් නැතත් දැන් එතරම් වෙනසක් සිදු නොවෙයි. මක්නිසාද යත් අපි අවධානය යොමු කරන්නේ පොදුවේ ආගම පිළිබඳව නොව ඉස්ලාමය පිළිබඳව සාකච්ඡුා කිරීමට නිසයි.

වරදවා තේරුම් ගැනීම:

ඉස්ලාමය පරම ශක්තිය මැඩ පවත්වයි ද නැත් ද යන්න සාකච්ඡුා කිරීමට පෙර ”ප‍්‍රබුද්ධ” සහ අර්ධ උගත් යන දෙපක්‍ෂය ම විසින් වරදවා තේරුම්ගනු ලැබ ඇති සහ වරදවා යොදා ගනු ලැබ ඇති මැඩ පැවැත්වීම යන වචනය අර්ථ නිරූපනය කළ යුතුය.

මැඩ පැවැත්වීම යනු නෛසර්ගික කි‍්‍රයාව ඉටුකිරීමෙන් වැළකී සිටීමෙන් ඇතිවන ප‍්‍රතඵලය නොවේ. එය නෛසර්ගික කි‍්‍රයාව පහත් යයි විශ්වාස කිරීමේ ප‍්‍රතිඵලයක් ද, එබඳු අභිප‍්‍රායක් කිසිවෙකුගේ සිතට පිවිසිය හැකි යයි හෝ කල්පනාවට තුඩු දිය හැකි යයි හෝ පිළිගැනීම ප‍්‍රතික්‍ෂේප කිරීමේ ප‍්‍රතිඵලයක් ද වෙයි. මේ අර්ථයෙන් ගත් විට මැඩ පැවැත්වීම නෛසර්ගික ක‍්‍රියාව ඉටු කිරීමෙන් පිළියම් යෙදිය නොහැකි අචේතනික හැඟීමක් බවට පත්වෙයි. නෛසර්ගික කි‍්‍රයාව ඉටු කරන එහෙත් තමා අපකීර්තිමත් පහත් කි‍්‍රයාවක් සිදුකරන්නේ යයි විශ්වාස කරන තැනැත්තා දිනකට විසි වාරයක් එබඳු කි‍්‍රයා සිදු කළ ද මැඩපැවැත්වීමෙන් පෙළෙන තැනැත්තෙකි.

ඔහු එවැනි කි‍්‍රයාවක් සිදු කරන සෑම වාරයකදීම ඔහු කර තිබෙන සහ කළ යුතුව තිබුණ දෙය අතර ඔහුගේ චෛතසිකයෙහි ගැටුමක් පැන නැගිය යුතුය. මානසික ව්‍යාකූලතාවන්ටත් මානසික රෝගවලටත් උපත ලබා දෙන්නේ මේ සචේතනික සහ අචේතනික ගැටුමයි.

මේ අර්ථ නිරූපණය සකස් කරනු ලබනුයේ ලේඛකයා විසින් නොවේ. මිනිසුන්ගේ කි‍්‍රයාකාරකම් මැඩපැවැත්වීම පිළිබඳව ආගම් විචේචනය කිරීම පිණිස සිය ජීවිතය ගත කළ ”ෆ්රෝයිඞ්” දෙන ලද අර්ථ නිරූපණ යයි. එය ෆ්රොයිඞ් සිය ග‍්‍රන්ථයෙහි (82 වන පිටුවෙහි* මෙසේ පවසයි:

”හුදෙක්ම ක‍්‍රියාවේ අත්හිටුවීමක් වන අචේතනික මැඩ පැවැත්වීම සහ නෛසර්ගික කි‍්‍රයාව ඉටු කිරීමෙන් වැළකී සිටීම අතර වෙනස ඇතිකර ගත යුතුය.”

නෛසර්ගික කි‍්‍රයාවක තාවකාලික අත්හිටුවීමට නෛසර්ගික කි‍්‍රයාව පහත්ය යන හැඟීමට, මැඩ පැවැත්වීම සමානාර්ථ දෙන බව අපි දැන් අවබෝධ කරගෙන ඇත්තෙමු. මේ අනූව අපි දැන් මැඩපැවැත්වීම සහ ඉස්ලාමය පිළිබඳ සාකච්ඡුාව ඉදිරියට ගෙනයමු.

යථාර්ථය:

ස්වාභාවික අභිප‍්‍රායන් පිළිගැනීම සහ ඒවා පවිත‍්‍ර සහ යහපත් ලෙස සැලකීම අතින් ඉස්ලාමය තරම් වෙනත් කිසිම ආගමක් අකුටිල නොවෙයි. ශුද්ධවූ කුර්ආනය මෙසේ ප‍්‍රකාශ කරයි: ”මිනිසුන්ගේ ඇස් ඉදිරිපිට පවතින සාධාරණ දේවල් අතර ඔවුන් තදින් ආශා කරන දේවලට ඇති ආදරය වෙයි, ඒවා නම් ස්ත‍්‍රීන් සහ පුත‍්‍රයන්ය. රාශිභුත කළ රන් රිදී ගොඩවල් ද, හංවඩු ගැසූ (වංශය සහ විශිෂ්ටත්වය* අසුන් සහ (ධනය* හරක් සහ මනාව සීසා සකස් කළ බිම් ය.” (ශු කුර්ආන් 3: 14*.

මේ වාක්‍යයෙහිදී කුර්ආනය ලෞකික ආශාවන් නම් කරන අතර ඒවා යථාර්ථයක් ලෙස පිළිගෙන මිනිසාගේ ඇස් ඉදිරියෙහි ඒවා අභිමත දේවල් වශයෙන් ප‍්‍රකාශ කරයි. එහෙත් එය මේ ආශාවන්ට විරෝධය පළ නොකරන අතර එබඳු චෛතසික හැඟීම් හෙළා නොදකියි.

එබඳු ආශාවන් නිදැල්ලේ වැළඳ ගැනීමට ජනයාට ඉස්ලාම් ධර්මය ඉඩ නොතබන බවත් ඒවාට ආධිපත්‍යය දැරීමට හෝ ඒවාට වහල්වීමට ඉඩ නොදෙන බවත් සැබෑය. සෑම මිනිසාම තමාගේ ආශාවන්ට වහලෙක් වුවහොත් ජීවිතය වැරදි මාර්ගයෙහි ගමන් කරනු ඇත. මනුෂ්‍යත්වයේ අරමුණ වනුයේ සංවර්ධනය සහ වැඩි දියුණු කිරීමය. ශක්තිය මුළුමනින්ම නාස්තිකාර තිරිසන් තත්ත්වයට පත් කිරීමට තුඩු දෙන නොදැවුණු ආශාවන් ආධිපත්‍ය දරන තාක් කල් මනුෂ්‍යත්වයට එබඳු අරමුණු කිසි කලෙකත් සාක්ෂාත් කරගත නොහැකිය.

තිරිසන්භාවයේ මට්ටමට වැටීමට ඉස්ලාම් ධර්මය ජනතාවට ඉඩ නොදෙයි. එහෙත් මේ තත්ත්වය සහ එබඳු ආශාවන් අපවිත‍්‍රම යයි පිළිගැනෙන අචේතනික මැඩ පැවැත්වීම අතර විශාල වෙනසක් පවතියි. එය පාරිශුද්ධත්වයේ සහ උසස් තත්ත්වයට පැමිණීමේ නාමයෙන් එබඳු චෛතසිත හැඟීම් උද්දීපනය කිරීමෙන් වැළකී සිටීමට ජනයාට අනුබල දෙයි.

සාධාරණත්වය:

මනුෂ්‍ය ආත්මය ගැන සැළකීමේ දී ඉස්ලාම් ධර්මය මූලධර්මයක් වශයෙන් සියලූම ස්වාභාවික චිත්තවේගයන් පිළිගන්නා අතර ඒවා අපගේ අචේතනික තත්ත්වයෙහි දී මැඩ නොපවත්වයි. එහෙත් පුද්ගලයාට හෝ ප‍්‍රජාවට හිංසාවක් හෝ බාධාවක් නොවන පරිදි සාධාරණ මට්ටමක ආස්වාදයක් ලබා දිය හැකි ප‍්‍රමාණයකට ඉහත සඳහන් නෛසර්ගික කි‍්‍රයාවන්හි ප‍්‍රායෝගික වශයෙන් නිරතවීමට ඉඩ දෙයි. තමාගේ ආශාවන් තෘප්තිමත් කිරීමෙහි දැඩි ලෙස ගැලී සිටින පුද්ගලයෙක් ඔහුගේ පරම ශක්තිය නියමිත කාලයට පෙර හීනකර ගනියි. ඒ හැරත් තමාගේ නොදැවුණු ආශාවන්ට වහල් වූ පුද්ගලයෙක් කිසිම දෙයක් කිරීමට නුසුදුසු වනු ඇත. ඔහු තමාගේ සියලූ ප‍්‍රයත්නයන් සහ සිතුවිලි සිය ආශාවන් මුදුනු පමුණුවා ගැනීමට කැප කරනු ඇත.

මීට සමාන අන්දමින් ම සමාජයට ද සිය මැවුම් කරුවාණන් මූලාරම්භයෙහි දී සැලසුම් කළ ආකාරයට තමාගේ පරම ශක්තිය විවිධාකාර වූ කාර්යයන් සඳහා යොදවනු වෙනුවට එය එක් අංශයකට පමණක් සීමා කිරීම් නිසා විශාල පසු බැස්මකට මුහුණ දීමට සිදුවෙයි. මෙය වෙනත් බොහෝ අරමුණු ඉටුකරගැනීම අත්හැර දැමීමට තුඩුදෙන බැවින් වටිනා බොහෝ දේ ඉටු නොවෙයි. තව ද එය පවුල් සබඳතා විනාශ කිරීමටත් සමාජය බිඳ වැටීමටත් තුඩු දෙයි.

”ඔව්හු සමගියෙන් සිටිතියි ඔබ සිතනු ඇත. එහෙත් හදවත් බෙදී ඇත.” (ශු අල්කුර්ආන් 59: 14*. මෙය ප‍්‍රහාරයක් එල්ල කිරීමට අනෙක් අයට ඉතා පහසු අවස්ථාවක් ලබා දෙන අතර ප‍්‍රංශයෙහි සිදුවූ පරිදි විනාශය ළඟා කිරීමට සමත් වනු ඇත.

තමාට ද, අනෙකුත් පුද්ගලයන්ට ද තමාගේ පවුලට සහ සමාජයට ද හානියක් නොවන පරිදි සීමාවන් කීපයකට යටත් ව ජීවිතයේ ආශාවන් සම්පූර්ණයෙන් භුක්ති විඳීමට ඉස්ලාම් ධර්මය අවසර දෙයි. සැබැවින් ම ජීවිතයේ ආශාවන් භුක්ති විඳින ලෙස ඉස්ලාම් ධර්මය ජනයාට අකුටිලව ආරධාන කරයි. ශුද්ධ වූ කුර්ආනය මෙසේ පවසයි: ”(මේ බලන්න* අල්ලාහ් ඔහුගේ දාසයන් වෙත පිරිනමා තිබෙන අලංකාර ත්‍යාග ද, දිවි පැවැත්ම සඳහා සපයා දී ඇති පවිත‍්‍ර සහ පාරිශුද්ධ වූ දෑ තහනම් කර ඇත්තේ කවුද?”(ශු අල්කුර්ආන් 7: 32*. තවත් වාක්‍යක කුර්ආනයේ මෙසේ පවසයි: ”එමෙන්ම ලොවින් ඔබට හිමි කොටස අමතක නොකරන්න”, (ශු අල්කුර්ආන් 28: 77*. ”. කන්න බොන්න එහෙත් නාස්ති නොකරන්න.” (ශු අල්කුර්ආන් 7: 21*.

ඉස්ලාම් ධර්මය අකුටිලව නෛසර්ගික ලිංගික ආශාවන් පිළිගන්නා අතර නබි (සල්* තුමා මෙසේ පවසා ඇත: ”ලෞකික ආශාවන්ගෙන් සුවඳ විලවුන්වලට සහ ස්ත‍්‍රියට මම තදින් ම ඇලූම් කරමි. මගේ ඇසෙහි පවතින ආනන්දය සලාතය වෙයි.” ලිංගික නෛසර්ගික ආශාව මිහිපිට පවතින හොඳම සුවඳ විලවුන් වර්ගයේ උසස් තත්ත්වයට සමාන උතුම් තත්ත්වයට පත්වෙයි. එමෙන් ම මිනිසුන් දෙවියන්ට වඩා සමීප කෙරෙන උතුම් ම මාර්ගය වන සලාතය සමග ද සමාන තත්ත්වයෙහි ලා සැලකෙයි.

”මිනිසෙක් සිය බිරිඳ සමඟ ඉටු කරන ලිංගික කි‍්‍රයාව වෙනුවෙන් ඔහුට සම්මාන ලැබෙයි. යනුවෙන් ප‍්‍රකාශ කළ විට පුදුමයට පත් වූ අසන්නෝ දේව ධර්ම ¥තයාගෙන් මෙසේ විමසූහ: තමාගේ රාගික ආශාවන් තෘප්තිමත් කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයාට තිලිණ ලැබෙයිද? මුහම්මද් නබි (සල්* තුමාණෝ මෙසේ පිළිතුරු දුන්හ: ”ඔහු එය තහනම් කළ ආකාරයකින් තෘප්තිමත් කළේ නම් ඔහු පාපයක් සිදුකරන බව ඔබට නොපෙනේ ද? එම නිසා ඔහු එය නිත්‍යානුකූල ආකාරයකට තෘප්තිමත් කරන්නේ නම් ඔහුට වන්දි ලැබෙනු ඇත.” (මූලාශ‍්‍රය: මුස්ලිම්*.

ඉස්ලාම් ධර්මයේ නියමය යටතේ මැඩ පැවැත්වීම කිසිවිටෙකත් හට නොගන්නේ මෙන්න මේ නිසාය. තරුණ පිරිසට ලිංගික නෛසර්ගික ආශාව පිළිබඳව තදබල පෙළඹීමක් ඇතිවන්නේ නම් එහි පාපයක් නැති අතර ඔවුන් ලිංගික නෛසර්ගික ආශාව අපවිත‍්‍ර පිළිකුල් සහගත හැඟීමක් ලෙස සැලකිය යුතු නැත.

ආශාවන් පාලනය කිරීම:

මේ සම්බන්ධයෙන් ඉස්ලාම් ධර්මය තරුණ පිරිසගෙන් අපේක්‍ෂා කරන්නේ රාගික ආශාවන් මැඩ පවත්වන්නේ නැතිව ඒවා පාලනය කිරීමය. එමෙන් ම කැමැත්තෙන් සහ සිහිබුද්ධියෙන් ඒවා පාලනය කරගෙන ඒවා සන්තර්පනය කිරීමේ සුදුසු කාලය එළඹෙන තෙක් තාවකාලිකව අත්හිටුවීමය. ෆ්රොයිඞ් පවසන අන්දමට ලිංගික කි‍්‍රයාව ඉටුකිරීම අත්හිටුවීම මැඩ පැවැත්වීම නොවේ. මැඩ පැවැත්වීම මෙන් නොව, ලිංගික නෛසර්ගික ආශාව ඉටු කිරීම තාවකාලිකව අත්හිටුවීම නිසා ස්නායුවලට අධික ආයාසයක් ඇති නොවන අතරම එය ව්‍යාකූලතාවන්ට සහ මානිසක රෝගවලට තුඩු නොදෙයි.

ආශාවන් පාලනය කිරීම සඳහා වන මේ ආයාචනය හිතුවක්කාර ආඥාවක් නොවන අතර මිනිසුන්ගේ ජීවිතයේ ආශාවන් අහිමි කිරීම ද එයින් අදහස් නොකෙරෙයි. එය එසේ වනුයේ කිසිම ජාතිකයෙකුට සිය ආශාවන් පාලනය කරගන්නේ නැතිව ඉඩහළ සමහර ආශාවන්ගෙන් කැමැත්තෙන්ම වැළකී සිටීමෙන් තොරව ජාතියේ ස්වාධිප්‍යය සුරක්‍ෂිත කරගැනීමට නොහැකි වූ බවට ඉතිහාසය සාක්‍ෂි දරන බැවිනි.

අනිත් අතට ජාතියකට අයත් ජනතාව දුෂ්කරතාවන් විඳ දරා ගැනීමට පුහුණු වූයේ නැති නම් සහ තමන්ගේ ම ආශාවන් තෘප්තිමත් කර ගැනීම පැය ගණන්, දින ගණන් හෝ යුගයට ගැළපෙන පරිදි අවුරුදු ගණන් අත් හිටුවීමට සමත් නොවූවහොත් ජාත්‍යන්තර ගැටුම්වල දී ඔවුන්ට නොසැලි සිටීමට නොහැකි වනු ඇත.

උපවාසශීලය:

ඉස්ලාමයෙහි උපවාස ශීලයේ උසස් පරමාර්ථය මෙයයි. උපවාස ශීලය ගැන කථා කරන සමහර කාමුකයෝ මෙසේ පවසති. කුසගින්නෙන් සහ පිපාසයෙන් සිරුරට වධ දීමට මිනිසාට අභිමත ආශාවන් වන කෑම බීම ඔහුට අහිමි කිරීම අරමුණු කරගත් මේ නිරර්ථක දෙය කුමක් ද? එයින් ඉටුවන කාර්යය කුමක්ද? ඥානයෙන් හෝ සාධාරණ පරමාර්ථයකින් යුක්ත නොවන්නා වූ හිතුවක්කාර නියෝගයන් පිළිපැදීම පමණක් නොවේ ද?

මෙබඳු කාමුකයන්ට අපි මෙසේ කිව යුතු ය. මිනිසා තමාගේ හික්මීමේ බලය යොදා නොගන්නේ නම් ඔහු මිනිසෙක් ද? තමාගේ ආශාවන් තෘප්තිමත් කිරීමෙන් පැය කීපයකට හෝ වැළකී සිටීමට ඔහුට නොහැකි නම් මිනිස් වර්ගයාට උපකාර කිරීමට ඔහුට හැකිවනුයේ කෙසේද? මිහිපිට පවතින පාපයන්ට එරෙහිව සටන් කිරීමේ ඉවසීම අප ලබාගන්නේත් එසේ වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් අපි බොහෝ වූ ආශාවන් අහිමිවීම විඳ දරාගන්නේත් කෙසේ ද?

උපවාස ශීලය සහ ආත්ම සංයමය පිළිබඳ වෙනත් උපක‍්‍රම හාස්‍යයට ලක්කරන, ඉස්ලාමීය නැගෙනහිර දේශයේ ප‍්‍රචාරකයින් වූ කොමියුනිස්ට්වාදීන් දුෂ්ටතම දුෂ්කරතාවන් විඳ දරාගැනීමට පුහුණු වී නොසිටියා නම් තමන්ගේ සිරුරටත් ආත්මයටත් වධ දුන් නාසිවරුන්ට විරුද්ධව ස්ටැලින්ග්රූඞ් හි නොසැලී සිටීමට කෙසේ නම් හැකි වේ ද?

ක්ෂණිකව දඬුවම් පැමිණවිය හැකි දැඩි ආධිපත්‍යයක් ඇති ”රාජ්‍යය” විසින් නියෝග පනවනු ලැබූ විට ආත්ම සංයමය අනුමත කරන මේ කොමියුනිස්ට් වාදීන් රාජ්‍යයේ මැවුම්කරු වූ ද සියලූ ජීවමාන ප‍්‍රාණීන්ගේ මැවුම්කරුවූ ද අල්ලාහ් නියම කළ විට එයට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වීම අද්භූත ය.

ආගමේ නීති රීති පිළිපදින අයට ජීවිතය තිත්ත වන බවත් පාපයේ අවතාරය ඔවුන් තුළ හොල්මන් කරන බවත් බොහෝ විට කියනු ලැබේ. කිසියම් දඬුවම් පැමිණවීමකට වඩා බෙහෙවින් ම පව් සමා කිරීම ගැන සඳහන් කරන ඉස්ලාම් දහමට එය අදාළ නොවෙයි.

පශ්චාත්තාපය:

ඉස්ලාමය අනූව පාපය ජනතාව තුළ සදාකාලිකව හොල්මන් කරන අවතාරයක් හෝ තමන්ගේ ජීවිතයට සෙවනැලි හෙලමින් පවතින අනන්ත අන්ධකාරයක් ද නොවේ. ආදම් අලෙයිහිස්සලාම් තුමා ගේ මහා ප‍්‍රාරම්භක පාපය මිනිස් සංහතිය අබියස කොපුවෙන් එළියට ගන්නා කඩුවක් නොවන අතර එයට වැඩිදුර පාරිශුද්ධ වීමක් හෝ වන්දි ගෙවීමක් අවශ්‍ය නොවෙයි.

”එවිට ආදම් ඔහුගේ අධිපති ස්වාමීන්ගෙන් දිව්‍ය වචන ඉගෙනගත් අතර අධිපති ස්වාමී ඔහුට සමාව දුන්නේය.” (ශු අල්කුර්ආනය 2: 3*.

ආදම් අලෙයිහිස්සලාම් තුමාගේ පශ්ාචාත් පාපය කොන්දේසි කිසිවක් නැතිව නිකම් ම පිළිගත්තේය.

තමන්ගේ පියා මෙන් ආදම් අලෙයිහිස්සලාම් තුමාගේ දරුවෝ ද පාපයන් සිදු කරන විට අල්ලාහ්ගේ දයාවෙන් බැහැර නොවෙති. අල්ලාහ් ඔවුන්ගේ සීමාවන් දන්නා අතර ඔවුන්ට ඉසිලිය නොහැකි බර ඔවුන් මත නොපටවයි:

”ආත්මයකට ඉසිලිය හැකි බරකට වැඩි විශාල බරක් අල්ලාහ් ඔහුට බාර නොකරයි.” (ශු අල්කුර්ආනය 2: 286*.

දේව ධර්ම ¥ත නබි තුමාණෝ මෙසේ පවසයි: ”ආදම්ගේ සියලූම දරුවෝ වැරදි කරන්නෝ වෙති. සියලූ වැරදිකරුවන් අතරින් ඉතා ම යහපත් අය පශ්චාත්තාප වන අය වෙති.”

අල්ලාහ්ගේ දයාව, සමාව දීම සහ පශ්චාත්තාපය විස්තර කෙරෙන කුර්ආන් වාක්‍යයන් විශාල ප‍්‍රමාණයක් තිබෙන අතර පහත දැක්වෙන වාක්‍යය ගෙනහැර දැක්වීමට අපි කැමැත්තෙමු.

අල්ලාහ්ගේ පේ‍්‍රමය:

ඔබගේ අධිපති ස්වාමීන්ගේ සමාව වෙත සහ ධාර්මික පිරිස සඳහා පිළියෙල කළ අහස් හා මහ පොළොව තරම් සුවිශාල වූ ස්වර්ගය වෙත ඉක්මන් වන්න. සමෘද්ධියෙහි දී මෙන් විපතෙහි දී ද (තමන්ගේ ධනය නොමසුරුව* වැය කරන්නාවූ ද, කෝපය මැඩ ගෙන සියල්ලන්ට සමාව දෙන්නාවූ ද යහපත් දේ කරන සියලූ දෙනාට ම අල්ලාහ් පේ‍්‍රම කරයි. තවද තමන් පහත් කි‍්‍රයාවක් කළහොත් හෝ (පාපයක් කිරීමෙන්* තමන්ගේම ආත්මයට හානියක් කරගතහොත් හෝ (තත්ක්‍ෂණයෙහිම* අල්ලාහ් සිහිකොට තමන්ගේ පාපයන් ගැන අල්ලාහ්ගෙන් සමාව අයදින්නෝද වෙති. පව් ක්‍ෂමා කරන්නේ අල්ලාහ් හැර (වෙන* කවුරුද? තවද ඔවුන් තමන් (වරක්* කළ වැරදි යළි යළිත් දැන දැනම නොකරති.

”මොවුන්ට ඔවුන්ගේ අධිපති ස්වාමීන්ගේ සමාවද, සදාකාලයෙහි වාසය කළ හැකි ගංඟා යටින් ගලන්නාවූ උයන් ද තිළිණ වශයෙන් ලැබෙනු ඇත. යහපත් කි‍්‍රයාවන් කරන්නන්ට ලැබෙන තිළිණය කෙතරම් විශිෂ්ටද? ” (ශු අල්කුර්ආන් 3: 133- 136*.

අල්ලාහ්ගේ දයානුකම්පාව කෙතරම් විශාල ද, කෙතරම් ¥ර දර්ශනීය ද ඔහු ආත්මයන්ගේ පශ්චාත්තාපය පිළිගන්නවා පමණක් නොව ඔවුන් වරදින් මුදවාගෙන ඔවුන්ට තමාගේ පිළිගැනීම සහ මහා කරුණාව පිරිනමා ඔවුන් ධාර්මික අයගේ තත්ත්වයට උසස් කරයි.

මෙබඳු දයානුකම්පාව ලැබීමෙන් පසුව අල්ලාහ්ගේ සමාව දීම පිළිබඳ ව අල්පමාත‍්‍ර වූ හෝ සැකයක් පැවතිය හැකි ද? ඔව්හු එක් වචනයක් පමණක් කියන්නේ නම් අල්ලාහ් එය පිළිගෙන ආශිර්වාද කරන්නේ නම් මිනිසුන්ගේ ආත්මය තුළ පාපය සහ වධ දීම හොල්මන් කරන්නේ කෙසේ ද? වචනය නම් පශ්චාත්තාපයයි.

අපගේ තර්කය සනාථ කිරීමට වැඩිදුර පාඨයන් උපුටා දැක්වීම අවශ්‍ය නැත. ඒ කෙසේ වූව ද දේව ධර්ම ¥ත නබි තුමාගේ පහත දැක්වෙන කියමන උපුටා දක්වමු: ”මාගේ ආත්මය රඳා පවතින්නේ අල්ලාහ් අතරයි. ඔබ කිසිම පාපයක් සිදුකර නැත්තේ නම් පාපයක් කරන අය වෙත අල්ලාහ් ඔබ කැඳවාගෙන ගොස් අල්ලාහ්ගේ සමාව ඉල්ලා එය ඔවුන් වෙත ලබා දෙනු ඇත.”

මේ අනූව මිනිසුන්ගේ පාපයන්ට සමාව දෙන්නේ අල්ලාහ්ගේ කැමැත්ත අනූවය. අවසාන වශයෙන් ශුද්ධ වූ කුර්ආනයේ පහත දැක්වෙන විස්මය ජනක වාක්‍යය උපුටා දක්වමු,

”ඔබ කෘතඥ නම් සහ විශ්වාස කරන්නේ නම් අල්ලාහ් ඔබලාට දඬුවම් දෙන්නේ මන්ද? අල්ලාහ් කෘතඥමය, සියල්ල මැනවින් දන්නේය.” (ශු අල්කුර්ආන් 4: 147*.

ඔව් එසේ නම් අල්ලාහ් ජනයාට පේ‍්‍රම කර ඔවුන්ට දයානුකම්පාවත් සමාවත් ලබාදෙන විට ජනයාට වධ දීමෙන් අල්ලාහ්ට ලැබිය හැක්කේ කුමක් ද?

කතෘ:
මහාචාර්ය මුහම්මද් කුතුබ්

පරිවර්තනය:
ආර්. ආර්. ඒ. රණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *