සංස්කරණය:
ආචාර්්‍ය මුහම්මද් බාගිල්

පරිවර්තනය:
එස්. එම්. මන්සූර්

කි. බැ.: මෙතෙක් සාකචිඡුා කළ කරුණු අනූව, ”යේසූස් වහන්සේට කුරුසියේ ඇණ ගැසීම නිසා මරණයට පත්වීම තුළින්, එතුමා මිනිසුන්ගේ පාපයන්ට පාපෝචිචාරණය කළ හ” යි කීම වැරදි ද? එය එතුමාගේ ඉගැන්වීමක් නොවෙයි ද?

මුස්: ඔව්, එසේ කීම වැරදියි, එය යේසුස් වහන්සේගේ ඉගැන්වීමක් නොවෙයි. පාපෝචිචාරණය පිළිබඳ වූ මෙම ඉගැන්වීම යේසුස් වහන්සේ මෙලොවින් ගොස් ශත වර්ෂ තුන හතරකට පසු කි‍්‍රස්තියානි මහා සභාව විසින් ඇතිකරන ලද්දකි. මෙය බයිබලයේ ඉගැන්වීම්වලට පටහැනිය. පහත සඳහන් බයිබල් වාක්‍යයන් මෙය ඔප්පු කරයි:

”දරුවන් වෙනුවට පියවරුන් පියවරුන් වෙනුවට දරුවෝවත් මරනු නොලැබෙත්වා. එක් එක්කෙනා තම තමාගේ පාපය නිසා මරනු ලැබේවා.” (බයිබලයේ, ද්විතීය කථාව 24: 16*.

”නුමුත් එකිනෙකා තම තමාගේ ම අයුතුකම නිසා නසින්නේ ය. යමෙක් ඇඹුල් මිදිඵල කන්නේ ද ඔහුගේ ම දත් හිරිවැටෙන්නේ ය.” (බයිබලයේ, යෙරෙමියා 31: 30*.

”පව්කරන ප‍්‍රාණයම නසිනවා ඇත. පුත‍්‍රයා පියාගේ අයුතුකම නො දරන්නේ ය. පියා ද පුත‍්‍රයාගේ අයුතුකම නොදරන්නේය, ධර්මිෂ්ඨයාගේ ධර්මිෂ්ඨකම ඔහු පිටටත් දුෂ්ටයාගේ දුෂ්ටකම ඔහු පිටටත් පැමිණෙන්නේ ය.” (බයිබලයේ, එසකියෙල් 18: 20*.

මේ අනූව, ආදම් සහ ඒවා දෙදෙනා ද ඔවුන්ගේ පව්වලට ඔවුන් ම වගකිව යුත්තෝ වන්නා හ. (කුර්ආනය පවසා ඇති පරිදි ඔවුන්ගේ පව් අල්ලාහ් විසින් ක්‍ෂමා කරන ලදී.*

කි.බැ. : ඔබ උපුටා දක්වන මෙම වාක්‍ය සියල්ල බයිබලයේ පරණ ගිවිසුමෙන් ය!

මුස්: එසේ ද? කරුණාකර අලූත් ගිවිසුමේ යේසුස් වහන්සේ ම පවසා ඇති බව ඇති වාක්‍යය කියවන්න:

කි. බැ.: ”නුඹලා විනිශ්චය කරනු නොලබන පිණිස විනිශ්චය කරපල්ලා. මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චය කරන්නහු ද එයින් ම නුඹලාත් විනිශ්චය කරනු ලබන්නහු ය. යම් මිම්මකින් නුඹලා මැන දෙන්නහු ද එයින් ම නුඹලාටත් මැනදෙනු ලබන්නේ ය” (බයිබලයේ, ශු. මතෙව් 7: 1,2*.

මුස්: බයිබලයේ, 1- කොරින්ති හි 3 වැනි පරිච්ඡේදයේ 8 වෙනි වාක්‍යයන් කියවන්න.

කි.බැ.: ”හිටවන තැනැත්තෙත් වතුර වත්කරන තැනෙත්තෙත් එක ය. එක් එක්කෙනා තම තමාගේ වැඬේ හැටියට තම තමාගේ විපාකය ලබන්නේ ය.”

නමුත්, අපි මුල් පාපය විශ්වාස කරන්නෙමු!

මුස්: දරුවන් පවින් තොරව උපදින බව මට ඔප්පු කළ හැකිය. බයිබලයේ ශු. මතෙව් හි 19 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වාක්‍යය කියවන්න.

කි.බැ.: ”එහෙත්, යේසුස් වහන්සේ කථාකොට: දරුවන් නොවලක්වා මා ළඟට එන්ට ඉඩහැරපල්ලා. මක් නිසාද ස්වර්ග රාජ්‍යය මෙබඳුවන්ගේ යයි කීසේක.”

මුස්: මෙයින්, සෑම කෙනෙක් ම පවින් තොර ව ඉපදෙන බවත්, දරුවන් ස්වර්ග රාජ්‍යයට අයත් බවත් වැටහෙනවා නේද? මෝසෙස්ගේ ව්‍යවස්ථාව අහෝසි කරන ලද්දේ පාවුල් විසින් බව ඔබ දන්නවාද? බයිබලයේ, කි‍්‍රයා හි 13 වෙනි පරිච්ඡේදයේ 39 වෙනි වාක්‍යය කරුණාකර කියවන්න:

කි.බැ.: ”අදහන්නා වූ සියල්ලෝ උන්වහන්සේගේ කරණ කොටගෙන සියලූ දේවල් පිළිබඳ ව නිර්ෙදාා්ෂ කරනු ලබති. එසේ නුඹලාට මෝසෙස්ගේ ව්‍යවස්ථාව කරණකොටගෙන නිර්ෙදාා්ෂ කරනු ලබන්ට නුපුළුවන් විය.”

මුස්: ඔබගෙන් ප‍්‍රශ්නයක් අහන්න මට ඉඩදෙන්න. යේසුස් වහන්සේ ජීවත්ව සිටිය දී කිසිවිටක නොදුටු පාවුල් ම, මෙය (යේසුස් වහන්සේ කුරුසියේ තබා ඇණ ගැසූ බව කියන කථාව* ඔහුගේ ශුභාරංචියක් බව පිළිගෙන ඇතිවිට, ඔබ යේසුස් වහන්සේ මළවුන්ගෙන් නැගිට සිටින බව විශ්වාස කරන්නේ කෙසේද?

කි. බැ.: පාවුල් එසේ පිළිගත් බව සඳහන් වන්නේ කොහේ ද?

මුස්: බයිබලයේ, 2-තිමෝති හි 2 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වාක්‍යය කියවන්න:

කි.බැ.: ”මාගේ ශුභාරංචියේ ප‍්‍රකාරයට දාවිත්ගේ වංශයෙන් උපන් යේසුස් කි‍්‍රස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැගිට සිටින බව සිහිකරපන්න.”

එසේ නම්, යේසුස් වහන්සේ කුරුසියේ තබා ඇණ ගැසූ බවත්, එතුමා මළවුන්ගෙන් නැවත නැගිට වූ බවත් විශ්වාස කිරීමට හේතුව කුමක් ද?

මුස්: එයයි මටත් වැටහෙන්නේ නැත්තේ. ඉස්ලාමය බුද්ධියට, හොඳ නරක තෝරා බේරා ගැනීමේ විචක්‍ෂණ බුද්ධියට නිසිතැන දෙන ජීවන ප‍්‍රතිපදාවකි, ආගමකි, අල්ලාහ්ගේ වක්තෘවරුන් සියලූ දෙනාම ඉගැන් වූ ඉතාමත් පවිත‍්‍ර මාර්ගයකි. මෙය මිථ්‍යා දෘෂ්ටික ඇදහීම් වලින් හෝ අන්ධ විශ්වාසයන් වලින් හෝ අපවිත‍්‍ර වී නැත.

කි.බැ: මම සොයාගෙන සිටින්නේ ද මෙවැනි උතුම් ආගමක් ය!

මුස්: එසේ නම්, ”ෂහාදා”ව (ඉස්ලාමය පිළිගත් බවට සාක්‍ෂිය* පවසා ඉස්ලාමය පිළිගන්න පසුබට වන්න එපා. පළමුව, ඉංග‍්‍රීසි භාෂාවෙන් එය පවසන්න. පසුව අරාබියෙන් පවසන්න මම උදව් වන්නෙමි.

කි.බැ.: ”අල්ලාහ් හැර (නැමදීමට, අවනතවීමට, නීති සම්පාදනය කිරීමට* වෙන දෙවි කෙනෙක් නැත, මුහම්මද් (සල්* තුමා අල්ලාහ්ගේ දාසයෙකු හා වක්තෘවරයෙකු වෙයි, යනු සාක්‍ෂි දරමි”

”අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහූ වහ්දහූ ලා ෂරීකලහු ව අෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලූහු”

වක්තෘවරයාණන් වූ මුහම්මද් (සල්* තුමාගේ පැමිණීම පිළිබඳ ව බයිබලයෙහි අනාවැකි ඇත්තේ ද?

මුස්: ඔව්. නමුත් එය බයිබලයෙන් දැනගත යුතු අවශ්‍යතාවක් මුස්ලිම්වරුන්ට නැත. ඔබ බයිබලය හොඳහැටි කියවා ඇති හෙයින්, වෙනත් අවස්ථාවක ඒ පිළිබඳ ව කෙටියෙන් ඔබ සමග සාකචිඡුා කරන්නෙමි, ඉන්ෂා අල්ලාහ්!

මෙතැන් සිට ආරම්භ වන සාකචිඡුාව මුස්ලිම්වරුන් දෙදෙනෙක් අතර වූවක් වේ.

බයිබලයෙ හි සඳහන් වන මුහම්මද් (සල්* තුමා

 ආශිර්වාද ලත් ඉෂ්මායෙල් සහ ඊසාක් දෙදෙනා!

පළමුවෙනි මුස්ලිම්: ඉෂ්මායෙල් සහ එතුමාගේ මව වූ හාගර්, සාරාගෙන් වෙන්වී ගියේ ඇයි?

දෙවෙනි මුස්ලිම්: ඊසාක්ට කිරිවැරීමෙන් පසු ඉෂ්මායේල් ඊසාක්ට විහිළු තහළු කිරීම ඔහුගේ (ඊසාක්ගේ* මව දැක්කාය. එබැවින්, තම පුත‍්‍රයා වූ ඊසාක් සමග ඉෂ්මායේල් ද උරුමක් කාරයෙක් වීමට ඇය අකමැති වූවාය. මේ පිළිබඳව බයිබලය මෙසේ කියයි.

”ළදරුවා වැඞී කිරිවැරුවේය. ඊසාක් කිරි වැරූ දවසෙහි ආබ‍්‍රහම් මහත් මංගල්‍ය කෑමක් පිලියෙළ කෙළේ ය. මිසරීය හාගර් ආබ‍්‍රහම් නිසා වැ¥ පුත‍්‍රයා ඊසාක්ට සරදම් කරනවා සාරා දුටුවා ය. එහෙයින් ඈ ආබ‍්‍රහම් ට කථාකොට: මේ දාසිය සහ ඇගේ පුත‍්‍රයා පිටත දමාපන්න. මක්නිසාද මේ දාසියගේ පුත‍්‍රයා මාගේ පුත‍්‍රයා වූ ඊසාක් සමග උරුමක්කාර නොවන්නේ යයි කීවා ය” (බයිබලයේ උත්පත්තිය 21:8-10*.

පළ. මුස්: ඊසාක්ට කිරිවැරූ කල ඔහුගේ වයස අවුරුදු දෙකක් විය. එවිට ඉෂ්මායෙල්ගේ වයස අවුරුදු දහසයකි. බයිබලය අනූව, හාගර්ට ඉෂ්මායේල් ලැබෙන විට ආබ‍්‍රහම් 86 වෙනි වියෙහි සිටීය. ඊසාක් ඉපදෙන විට එතුමාගේ (ආබ‍්‍රහම්ගේ* වයස හරියටම සියයක් වූයේ ය.

”හාගර් ආබ‍්‍රහම් නිසා ඉෂ්මායේල් වැ¥කල ආබ‍්‍රහම්ගේ වයස අසූ සාවුරුද්දක් විය.” (බයිබලයේ, උත්පත්තිය 16:16*

”ආබ‍්‍රහම් තමාගේ පුත‍්‍ර වූ ඊසාක් උපදින කල අවුරුදු සියයක් වයස්ව සිටියේ ය.” (බයිබලයේ, උත්පත්ති 21:5*

එසේ නම් බයිබලයේ, උත්පත්ති යෙහි ඇති 21:8-10 වාක්‍යයන්ට එම උත්පත්ති යෙහි ම ඇති 21:14-21 වාක්‍යයන්ට පටහැනි වෙයි. මෙම බයිබල් උත්පත්ති 21:14-21 වාක්‍යයන් හි ඉෂ්මායේල්, ඔහුගේ මවගේ උර හිසෙහි සිටි දරුවෙක් ව පෙන්නා ඇත. දරුවෙක් යැයි අමතා ඇත.

”ආබ‍්‍රහම් අලූයම නැගිට රොටි සහ වතුර භාජනයකුත් ගෙන හාගර්ගේ කරේ තබා දරුවා ද ඈට දී ඇය යන්ට හැරියේ ය…..

ඈ දරුවා පඳුරක් යට තබාගොස් ….(දෙවියන් වහන්සේ ඈට කථාකොට* නැගිට ළමයා ඔසවා නුඹේ අතින් අල්ලා ගනින්න……. (බයිබලයේ උත්පත්ති 21:14-21*.

මෙම වාක්‍යවලින් කුඩා දරුවෙක් මිස ගැටවර කාලයේ පසුවෙන තරුණයෙකු පෙන්වා නැති බව පැහැදිළිය. මෙයින් පෙනීයන්නේ ඉෂ්මායේල් සහ හාගර්, ඊසාක් ඉපදීමට බොහෝ කලකට පෙර සාරාගෙන් වෙන්වී ගිය බවය. සියයට සියයක්ම විශ්වාසිත කුර්ආනයෙ හි අනාවරණයවී ඇති පරිදි, ආබ‍්‍රහම් තමාගේ ඉෂ්මායේල් සහ හාගර්ව කැඳවාගෙන ගොස් බයිබලයෙහි ‘පාරාන් (බයිබලයේ උත්පත්ති 21:21* නමින් අමතන මක්කාවෙහි පදිංචි කළ හ. දෙවියන් වහන්සේගේ සැලැස්මේ එක් අංගයක් වශයෙන් ආබ‍්‍රහම්ට මෙසේ කරන ලෙස අණ කරන ලදී.

පසු ව, හාගර් ජලය ලබාගැනීම පිණිස ”සෆා, මර්වා” කඳු ගැට දෙක අතර සත්වරක්ම දිව්වාය. මෙය පසුකලෙක මුස්ලිම්වරුන් ඉටුකරන කර්තව්‍යයක් බවට පත්විය. හජ් සමයෙ හි හජ් කර්තව්‍යය ඉටුකිරීම පිණිස ලොව සතර වටින් ම පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම්වරුන් අදවනතුරුත් මෙය භක්තියෙන් යුතු ව ඉටුකරති. බයිබලයේ සඳහන් වන දිය උල්පත (බයිබලයේ උත්පත්තිය 21:19* (ළිඳ* මක්කාවෙ හි තවත් ඇත. එය ”සම් සම්” නමින් අමතනු ලබන්නේ ය.

පසුව, ආබ‍්‍රහම් සහ ඉෂ්මායේල් දෙදෙනා එක්වී ශුද්ධ වූ කඃබාව මක්කාවෙහි නිර්මානය කළ හ. ආබ‍්‍රහම් ශුද්ධ වූ කඃබාව ට සමීප වී සලාතය ඉටු කළ ස්ථානය සඳහන් කොට ඇති පරිදි අදවන තුරුත් නොවෙනස් ව එසේම ඇත. ”මකාමු ඉබ්රාහීම්” (ඉබ්රාහීම් සිටී තැන* නමින් අදත් හම ස්ථානය අමතනු ලබන්නේ ය. හජ් කර්තව්‍යය ඉටු කිරීම මක්කාවට පැමිණෙන මුස්ලිම්වරුන් ද ලොව වෙසෙන අනෙකුත් කෝටි සංඛ්‍යාත මුස්ලිම්වරුන් ද ආබ‍්‍රහම්සහ ඉෂ්මායෙල් කළ උදාර සේවය සිහිකිරීමක් වශයෙන් (ගවයෝ, එළුවෝ, ඔටුවෝ වැනි* සිවුපාවන් කපා දුගී දුප්පත් ජනතාවට බෙදා දෙති.

දෙ. මුස්: නමුත් බයිබලයෙහි සඳහන් වන්නේ කැප කිරීම පිණිස තෝරා ගනු ලැබුවේ ඊසාක් බව නේද?

පළ. මුස්: නැහැ, ඉෂ්මායෙල් කැපකිරීමට නියමිත දිනයෙහි දෙවියන් වහන්සේටත්, ආබ‍්‍රහාම්ටත් එතුමාගේ එකම පුත‍්‍රයා වූ ඉෂ්මායේල්ටත් අතර ගිවිසුමක් ඇතිකර මුද්‍රා තබනු ලැබූ බව කුර්ආනය පවසයි. තවද, එදිනම ආබ‍්‍රහම්, ඉෂ්මායේල් හා එතුමාගේ නිවසෙහි සිටි සියලූම පිරිමින් චර්මඡේදනය කරනු ලැබූහ. එවිට ඊසාක් ඉපදී සිටියේවත් නැත. බයිබලය මේ පිළිබඳව මෙසේ පවසයි:

”ආබ‍්‍රහම් චර්මාග‍්‍ර මාංසය ජේද්‍යය කරනු ලබන කල අනූනවයක් වයස් ව සිටියේ ය. ඔහුගේ පුත‍්‍ර වූ ඉෂ්මායේල්ගේ චර්මාග‍්‍ර මාංසය ජේද්‍යය කරනු ලබන කල ඔහු අවුරුදු දහතුනක් වයස් ව සිටියේ ය. එම දවසෙහි ම ආබ‍්‍රහම් ද ඔහුගේ පුත‍්‍ර වූ ඉෂ්මායේල් ද චර්මඡේද්‍යය කරනු ලැබුවෝය. ගෙයි උපන්නෝ ද විදේශින්ගෙන් මිලේට ගනු ලැබුවෝ ද යන ඔහුගේ ගෙදර සියලූ පිරිමි ඔහු සමග චර්මඡේද්‍යය කරනු ලැබුවෝ ය.” (බයිබලයේ උත්පත්ති 17:24-27*

වසරකට පසු ඊසාක් ඉපදුනේ ය. ඔහු ඉපදී අටවෙනි දින ඔහුටද චර්මඡේදනය කරනු ලැබී ය.

”දෙවියන් වහන්සේ තමාට අණදුන් ලෙස ආබ‍්‍රහම් තමාගේ පුත‍්‍ර වූ ඊසාක්ට අට දවසක් වයස් වූ කල්හි ඔහු චර්මජේද්‍යය කෙළේ ය. ආබ‍්‍රහම් තමාගේ පුත‍්‍ර වූ ඊසාක් උපදින කල අවුරුදු සියයක් වයස් ව සිටියේ ය.”(බයිබලයේ උත්පත්තිය 21:04 05*.

මෙසේ ගිවිසුමක් ඇතිකර මුද්‍රා තබනු ලැබූ (චර්මඡේදනය සහ කැප කිරීම කරනු ලැබූ* කල්හි ආබ‍්‍රහම්ගේ වයස අනූනවයක් ද ඊෂ්මායේල්ගේ වයස දහතුනක් ද විය. ඊසාක් ඊට වසරකට පසු ඉපදුනේ ය. එවිට ආබ‍්‍රහම්ගේ වයස අවුරුදු සියයක් විය.

වක්තෘවරයාණන් වූ මුහම්මද් (සල්* තුමා ඇතුළු ව ඉෂ්මායේල්ගේ පරම්පරාවෙන් පැවත එන්නන්ද ලොව වෙසෙන මුළු මුස්ලිම් ජනතාව ද මෙම චර්මජේදනයට අදාල ගිවිසුම කෙරෙහි අදවනතුරුත් විශ්වාසයෙන් සිටිති. ඔවුන්ගේ සලාතයන් හි අඩුතරමින් දිනපතා ඔවුන් ඉටුකරන පස් වේල් සලාතයන් හි ආබ‍්‍රහම් හා එතුමාගෙන් පැවත එන්නට ද, මුහම්මද් (සල්* තුමා හා එතුමාගේ පැවත එන්නට ද ප‍්‍රාර්ථනා කරති.

දෙ. මුස්: බයිබලයේ, උත්පත්ති හි 22 වෙනි පරිච්ජේදය කැපකිරීමට සිටියේ ඊසාක් යනුවෙන් සඳහන් කරයි!

පළ. මුස්: මම එය දනිමි. නමුත් එහි පරස්පර විරෝධි තත්වයක් ඇති බව ඔබ දැනග යුතුයි. එහි, ”…. නුඹේ එකම පුත‍්‍ර වූ ඊසාක්….” යනුවෙන් ඇත.

එකල, ඉෂ්මායෙල්ගේ වයස අවුරුදු දහතුනක් වන හෙයිනුත්, ඊසාක් තවමත් නොඉපදුනු හෙයිනුත් , ”නුඹේ එකම පුත‍්‍ර වූ ඉෂ්මායෙල්” යනුවෙන් නොවෙයි ද සඳහන් විය යුත්තේ. ඊසාක් ඉපදුනු කල ආබ‍්‍රහම්ට දරුවන් දෙදෙනෙක් වෙයි. යුදෙවිවන්ගේ ජාතිවාදය නිසාම බයිබලයේ, ”උත්පත්ති” හි ඇති 22 වෙනි පරිච්ජේදයේ තිබුණු ”ඉෂ්මායෙල්” යන නම සම්පූර්ණයෙන් ම ”ඊසාක්” යැයි වෙනස් කරනු ලැබීය. නමුත්, සත්‍යය කුමක් ද යනු පෙන්වා දීම පිණිස ”එකම පුත‍්‍රයා” යන වාක්‍යය, අල්ලාහ් ආරක්ෂා කොට තැබුවේ ය. එයින්, කැපකිරීමට අයත් තැනැත්තා ඉෂ්මායෙල් බවට පැහැදිළි වන්නේ ය.

”……නුඹේ වංශය බොහෝ සෙයින් වැඩිකරන්නෙමි.” යනුවෙන් බයිබලයේ උත්පත්ති, 22 වෙනි පරිච්ජේදයේ 17 වෙනි වාක්‍යයෙ හි සඳහන් වෙයි. මෙම වාක්‍යය ඊට කලින් උත්පත්ති, 16 වෙනි වෙනි පරිච්ජේදයේ 10 වෙනි වාක්‍යයෙ හි සඳහන් වන ඉෂ්මායේල්ට ය යෙදෙන්නේ. ඒ අනුව, බයිබලයේ උත්පත්ති 22 වෙනි පරිච්ජේදය සම්පූර්ණයෙන්ම ඉෂ්මායේල්ට නොයෙදෙයි ද? ”මම ඔහු මහත් ජාතියක් කරන්නෙමි” යන වාක්‍යය දෙවරක්ම ඉෂ්මායේල් වෙනුවෙන් බයිබලයෙහි සඳහන්වී ඇත. බයිබලයේ උත්පත්ති හි 17 වෙනි පරිච්ජේදයේ 20 වෙනි වාක්‍යයෙ හි සඳහන් වාක්‍යය ද 21 වෙනි පරිච්ජේදයේ 18 වෙනි වාක්‍යය ද බලන්න. මෙම වාක්‍ය කිසිසේත් ඊසාක්ට යෙදෙන්නේ නැති බව පැහැදිලි ය.

දෙ. මුස්: යුදෙව්වන් හා ක‍්‍රිස්තියානීන් ඉෂ්මායේල්ට වඩා ඊසාක් උසස් බව අදහස් කරති. ඊට හේතුව හාගර් පහත් තත්වයේ වූ වහල් තැනැත්තියක් වීම ය.

පළ. මුස්: ඔවුහු පැවසූ නමුත්, බයිබලය එලෙස නොපවසයි. බයිබලය කුමක් පවසන්නේදැ‘ යි බලන්න:

”එවිට ස්වාමීන් වහන්සේගේ වචනය ඔහු (ආබ‍්‍රහම්* වෙතට පැමිණ: මොහු (දමස්කයේ එලියේසර්* නුඹේ උරුමක්කාරයා නොවන්නේ ය, නුඹ තුළෙන් නික්මෙන කෙනෙක් ම නුඹේ උරුමක්කාරයා වන්නේ යයි කී ය.” (බයිබලයේ උත්පත්ති 15:4*.

මේ අනුව ඉෂ්මායේල් ද ආබ‍්‍රහම්ගේ උරුමක්කාරයෙක් වන බව සැකයෙන් තොරව පැහැදිලි වන්නේ ය.

මෙම බයිබල් වාක්‍යයන් කියවා බලන්න.

”තවද ස්වාමීන් වහන්සේගේ ¥තයා: නුඹේ වංශය ගණන් කළ නොහැකි තරම් සමූහයක් වන පිණිස බොහෝ සෙයින් වැඩිකරන්නෙමියි ඈට කී සේක.” (බයිබලයේ උත්පත්තිය 16: 10*

”මම ඉෂ්මායේල් ගැනත් නුඹේ බස් ඇසීමි. බලව, ඔහුට ආශිර්වාද කෙළෙමි, එහු සඵලකරමින් අතිශයින් වැඩිකරන්නෙමි: ඔහුට දාව අධිපතීන් ෙදාළොස් දෙනෙක් උපදින්නෝය. මම ඔහු මහත් ජාතියක් කරන්නෙමි.” (බයිබලයේ උත්පත්තිය 17:20*.

”දාසියගේ පුත‍්‍රයා නුඹේ බීජය බැවින්, ඔහුගෙන් ද ජාතියක් කරන්නෙමියි ආබ‍්‍රහම්ට කීසේක.” (බයිබලයේ උත්පත්තිය 21:13*.

”නැගිට ළමයා ඔසවා නුඹේ අතින් අල්ලා ගනින්න. මක්නිසාද මම ඔහු මහත් ජාතියක් කරන්නෙමියි කී සේක.” (බයිබලයේ උත්පත්තිය 21:18*.

”මනුෂ්‍යයෙකුට ප‍්‍රිය වූ තැනැත්තියක් ද අප‍්‍රිය වූ තැනැත්තියක් ද වන භාර්යාවන් දෙදෙනෙක් ඇත්නම්, ප‍්‍රිය වූ තැනැත්තීන් අප‍්‍රිය වූ තැනැත්තීන් දෙදෙනා ම ඔහු නිසා දරුවෝ වැදුවෝ නම්, අප‍්‍රිය වූ තැනැත්තී ගේ පුත‍්‍රයා කුලූඳුලා වන්නේ නම්, ඔහු තමා සන්තක දේපළ තමාගේ පුත‍්‍රයන්ට උරුම කරදෙන කල්හි කුලූඳුලා මෙන් නියම නොකළ යුතුයි. අප‍්‍රිය වූ තැනැත්තීගේ පුත‍්‍රයාට තමා සන්තක සියල්ලෙන් දෙකොටසක් දීමෙන් ඔහු කුලූඳුලා කොට පිළිගත යුතුයි. මක්නිසාද ඔහුගේ ශක්තියේ පටන් ගැනීම ඔහු ය. කුලූඳුලාගේ වාසි කොටස ඔහුට අයිතිය.”(බයිබලයේ, ද්විතීය කථාව 22:15-17*.

ඉස්ලාමය, ඊසාක්ට සහ ඔහුගේ පැවත එන්නන්ට දෙවියන් වහන්සේගේ ආශිර්වාද තිබේ ය යන්න ප‍්‍රතික්ෂේප නොකරයි නමුත්, දෙවියන් වහන්සේගේ (මහ ජාතියක් කරන්නෙමියි* පොරොන්දුව තිබුණේ ඉෂ්මායේල්ට ය. පසුකළෙක සියළුම වක්තෘවරුන්ගෙන් අවසාන වක්තෘවරයා වූ මුහම්මද් (සල්* තුමා ජන්මය ලැබුවේ ද එතුමාගේ පරම්පරාවෙ හි ය.

දෙ.මුස්: එහෙත් ක‍්‍රිස්තියානීන් සහ යුදෙව්වන්, ඉෂ්මායේල් නීත්‍යනුකූල නොවූ, අවජාතක පුත‍්‍රයෙක් බවට වාද කරති.

පළ. මුස්: ඔව්හු එසේ වාද කළ හැක, පැවසිය හැක. නමුත්, බයිබලය එසේ වාද නොකරයි: නොපවසයි. ආබ‍්‍රහම් වැනි ඉතා ශ්‍රේෂ්ඨ උතුම් වක්තෘවරයෙක් නීති විරෝධි ලෙස භාර්යාවක් තබාගන්නේ කෙසේ ද? විවාහයට පිටතින් දරුවෙක් ලබාගන්නේ කෙසේ ද? මෙය කෙතරම් අසික්කිත වාදයක් ද?

බයිබලය පවසන්නේ මෙයයි:

”….සාරසි තමාගේ දාසි වූ මිසරිය හාගර් ගෙන තමාගේ පුරුෂයා වූ ආබ‍්‍රහම්ට භාර්යාවක් කොට (සරණ* පාවා දුන්නාය.” (බයිබලයේ උත්පත්තිය 16:03*.

කල්දීන් පුරුෂයෙක් සහ මිසරයේ ස්ත‍්‍රියක් වන විදේශිකයින් දෙදෙනෙකුගේ මෙම විවාහය, එක් මනුෂ්‍යයෙක් සහ ඔහුගේ පියාගේ දියණිය (එනම් එම මනුෂ්‍යයාගේ සහෝදරිය* අතර වන විවාහයට වඩා නීත්‍යනුකූල නොවෙයි ද? බයිබලයේ වාක්‍යයක් ආබ‍්‍රහම්, එතුමාගේ සහෝදරිය විවාහ කරගත් බව පවසයි. පුදුමාකාර පුවතක් වන මෙය ආබ‍්‍රහම්ගේ ඇත්තක් හෝ බොරුවක් විය හැකි ය. නමුත් බයිබලයෙ හි ඇත, කියවන්න:

”ඇරත් ඈ (සාරා* ඇත්තෙන්ම මාගේ සහෝදරිය, මාගේ පියාගේ දුවය, නුමුත් මාගේ මවගේ දුව නොවේ ය, ඈ මාගේ භාර්යාව වූවා ය.” (බයිබලයේ උත්පත්ති 20:12*

තවද, ඉෂ්මායේල් යන නම ද තෝරා ගනු ලැබුවේ අල්ලාහ් විසින් ය. බයිබලය මේ ගැන මෙසේ පවසයි:

”ස්වාමීන් වහන්සේගේ ¥තයා: (හාගර්ට* බලව, නුඹ ගර්භණීව සිටියි, පුත‍්‍රයෙකු වදන්නීය, ස්වාමීන් වහන්සේ නුඹේ පීඩාව ඇසූ හෙයින් ඔහුට ඉෂ්මායෙල් යන නාමය තබාපන්න”(බයිබලයේ උත්පත්තිය 16:11*.

‘ඉෂ්මායෙල් යන නමේ තේරුම වනාහි, ”දෙවියන් වහන්සේ ඇහුම්කන් දෙන්නේ ය” යනු වේ. ඉෂ්මායෙල් අවජාතක පුත‍්‍රයෙක් බව බයිබලයෙ හි කොතැනක සටහන්වී තිබේ ද?

දෙ.මුස්: බයිබලයේ කොතැනකවත් සටහන්වී නැත!

මතු සම්බන්ධයි………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *