සංස්කරණය:
ආචාර්්‍ය මුහම්මද් බාගිල්

පරිවර්තනය:
එස්. එම්. මන්සූර්

මුස්: යේසූස් වහන්සේ කුරුසියේ තබා ඇණ නොගැසූ බව අල්කුර්ආනය පවසයි:

”තව ද, නියත වශයෙන් ම අල්ලාහ්ගේ රසූල් (වක්තෘ* වරයාණන් වූ ද මරියම්ගේ පුතුණුවන් වූ ද ඊසා (යේසුස් වහන්සේ* අපි ඝාතනය කළෙමු යි ඔවුන් (යුදෙව්වන්* පවසන හෙයින්, (ඔවුහු ශාපයට ලක්වූහ*. ඔවුහු එතුමා ඝාතනය කළේද නැත, කුරුසියේ (ඇණ* ගැසුවේ ද නැත…” (ශු අල්කුර්ආන් 4: 157*.

එතුමා කුරුසියේ මරණයට පත් වූ බව ඔබ තවත් විශ්වාස කරන්නේ ද?

කි.බැ.: ඔව්, එතුමා කුරුසියේ මරණයට පත් වී නැවත නැගිට සිටියහ.

මුස්: එතුමා නැවත නැගිට සිටි අවස්ථාවෙහි කිසිවෙක් නොදුටු බව අපි සැමදෙනා පිළිගෙන ඇත්තෙමු. යේසූස් වහන්සේ භූමිදාන කළ සොහොන්හි හිස් ව තිබෙන බව දුටු ඔවුන් එතුමා නැවත නැගිටගත් බව තීරණය කළ හ. මක්නිසාද යත්, යේසුස් වහන්සේගේ ගෝලයන් හා අනෙකුත් සාක්‍ෂි කරුවන්, එතුමා කුරුසියේ ඇණ ගැසූ බව කීමෙන් පසු ව ද ජීවත් ව සිටිනු දැක ඇත. එබැවින්, කුර්ආනය පවසන පරිදි, යේසුස් වහන්සේ කුරුසියේ නොමැරි සිටින්නත් හැකි නොවෙයි ද?

කි. බැ.: එසේ නම්, ඊට සාක්‍ෂි ඇත්තේද?

මුස්: එන්න, මීට සාක්‍ෂි ගෙනදෙන වාක්‍ය බයිබලයෙහි තිබේදැයි සොයා බලමු. ඔබ යමක් ගැන යේසුස් වහන්සේ පැවසූ වදන්වලට සවන් දෙන්නේද? නැතහොත්, එතුමාගේ ගෝලයන් හා පේ‍්‍රරිතයන් සවන් දුන් බව කියන කථා වලට සවන් දෙන්නේ ද?

කි.බැ. : යේසූස් වහන්සේගේ වදන් අනෙකට වඩා උතුම් ය, උසස්ය. ඊට ප‍්‍රමුඛස්ථානය දෙන්නෙමි.

මුස්: බොහොම හොඳයි. මෙය (යේසුස් වහන්සේගේ වදන් උසස්කොට සැලකීම* වනාහි එතුමාගේ වදනකට එකඟ අදහසකි. එම වදන මෙසේ වෙයි.
”ගෝලයෙක් තමාගේ ගුරුවරයාටවත් දාසයෙක් තමාගේ ස්වාමියාටවත් උතුම් නැත” (බයිබලයේ ශු. මතෙව් 10: 24*.

කි.බැ. : යේසුස් වහන්සේ ම, තමා මරණයට පත්වූවහොත් නැගිට සිටින බව පැවසූහ.
(යේසූස් වහන්සේ* ඔවුන්ට කියන සේක: මෙසේ කි‍්‍රස්තුස් වහන්සේ වධ විඳින්නටත්, තුන්වෙනි දා මළවුන්ගෙන් නැගිටින්ටත් …. ලියා තිබේ. (ශු ලූක් 24: 46*.

මුස්: බොහෝ අවස්ථාවන්හි දුක වේදනාව ගැන බයිබලය කථා කරන කල, එහි ඇති ස්වාභාවික තත්ත්වයට වඩා වැඩිකොට කියයි. ඊට කදිම නිදසුනකි පාවුල් පැවසූ බව සඳහන් වන මෙම බයිබල් වාක්‍යය:

”සහෝදරයෙනි! මම දවස්පතා නසිමියි අපගේ ස්වාමි වූ යේසුස් කි‍්‍රස්තුස් වහන්සේ තුළ නුඹලා ගැන මට ඇත්තාවූ පාරට්ටුව පිට කියමි.” (බයිබලයේ 1 – කොරින්ති 15: 31*.

තවත් නිදසුන් සමහරක් බලන්න:

1* යේසුස් වහන්සේ කුරුසියේ දී දෙවියන්ගෙන් උදව් ඉල්ලා කන්නලව් කළ හ.

”….. මාගේ දෙවියෙනි! මාගේ දෙවියෙනි! මබ මා අත්හැරියේ මක්නිසාද…” (බයිබලයේ ශු මතෙව් 27: 46*.

”පියාණෙනි ඔබ කැමති සේක් නම්, මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේ වී නුමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවායි කීසේක.” (බයිබලයේ ශු ලූක් 22: 42*. (මෙහි කුසලාන යැයි සඳහන් කර ඇත්තේ මරණයටයි*.

2* ශු ලූක්, හෙබ්‍රෙව්, යාකොබ් යනාදියෙ හි ඇති වාක්‍ය අනූව, යේසුස් වහන්සේ කුරුසියේ මරණයට පත් නොවී සිටීම පිණිස එතුමා කළ ප‍්‍රාර්ථනාව දෙවියන් වහන්සේ විසින් පිළිගෙන ඇත. එසේ නම් එතුමා කුරුසියේ මැරුම්කන්නේ කෙසේද?
(යේසුස් වහන්සේ ප‍්‍රාර්ථනා කළ* එකල ස්වර්ගයෙන් දේව ¥තයෙක් උන්වහන්සේට පෙනී, උන්වහන්සේ ශක්තිමත් කළේය.” (බයිබලයේ ශු. ලූක් 22: 43*.
(මෙයින් අදහස් වන්නේ, දේව ¥තයෙක් යේසුස් වහන්සේ වෙත පැමිණ දෙවියන් වහන්සේ එතුමා අසරණ තත්ත්වයක නොතබන බව ධෛර්යමත් කළ බව ය*.

”උන්වහන්සේ මාංසත් ව සිටි දවස්වල දී තමන් වහන්සේ මරණයෙන් ගළවන්ට පුළුවන් වූ තැනන් වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්ත යාඥා සහ කන්නලව් ඔප්පුකර තමන්ගේ දේවබය නිසා උත්තර ලැබ.” (බයිබලයේ හෙබ්‍රෙව් 5: 7*.
(”මෙහි උත්තර ලැබ” යනුවෙන් සඳහන් වන්නේ දෙවියන් වහන්සේ යෙුසුස් වහන්සේගේ කන්නලව්ව පිළිගෙන ඇති බවය.*

”ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරනකොටගෙන මහත්දේ ඉෂ්ටවෙයි.” (බයිබලයේ, යාකොබ් 5: 16*.

යේසුස් වහන්නසේම මෙසේ පවසා ඇත:
”ඉල්ලාපල්ලා, එවිට නුඹලාට දෙනු ලැබේ, සොයාපල්ලා, එවිට නුඹලාට සම්බ වේ. තට්ටුකරපල්ලා, එවිට නුඹලාට ෙදාර හරිනු ලැබේ. මක්නිසාද ඉල්ලන්නාවූ සිය්ල්ලන්ට ලැබේ, සොයන්නාට සම්බ වේ, තට්ටුකරන්නාට ෙදාර හරිනු ලැබේ. නුඹලා අතරෙන් කවර මනුෂ්‍යයෙක් තමාගේ පුත‍්‍රයා රොටියක් ඉල්ලන්නේ නම්, ඔහුට ගලක් දේ ද? නොහොත් ඔහු මත්ස්‍යයෙකු ඉල්ලන්නේ නම් ඔහුට සර්පයෙකු දේ ද?” (බයිබලයේ ශු. මතෙව් 7: 7-10*.

යේසුස් වහන්සේගේ සෑම ප‍්‍රාර්ථනාවක්ම – එතුමා කුරුසියේ මරණයට පත් නොවිය යුතුයි යනු ප‍්‍රාර්ථනාව ඇතුව – දෙවියන් වහන්සේ විසින් පිළිගනු ලැබුවේ නම්, එතුමා කුරුසියේ මරණයට පත්වන්නේ කෙසේද?

3* රෝම හේවා භටයින් යේසුස් වහන්සේගේ කෙණ්ඩය නොබිඳු බව බයිබලය පවසයි:
”එබැවින් හේවායෝ ඇවිත්, පළමුවැනියාගෙන් ඔහු සමග කුරුසියෙහි ඇණ ගසනලද අනික් අයගෙන් කෙණ්ඩා බින්ෙදා් ය. නුමුත් ඔවුහු යේසුස් වහන්සේ ළඟට ආකල, උන්වහන්සේ මැරී සිටි බව දැක, උන්වහන්සේගේ කෙණ්ඩා නොබින්ෙදා්ය.” (බයිබලයේ ශු. යොහන් 19: 32, 33*.

යේසුස් වහන්සේ මරණයට පත් වූ බව කීම පිණිස, මෙම හේවා භටයින් මත විශ්වාසය තැබිය හැකිද? එසේ නැතිනම්, යේසුස් වහන්සේ නිර්ෙදා්ෂ බව ඔවුන්ට පෙනී ගොස්, එතුමා නොමරා බේරාගැනීමට උවමනා වූයේ ද?

4* යේසුස වහන්සේ කුරුසියේ මරණයට පත්වූයේ නම්, එතුමාගේ ලේ කැටි ගැසීයයි, තවද, එතුමාගේ ශරීරයේ ඇළයට හෙල්ලයකින් ඇනීම නිසා වේගයෙන් ලේ පිටවී තිබිය නොහැකි ය. නමුත්, යොහන් විසින් ලියන ලද ශුභාරංචියෙ හි ලේ සහ වතුර පිටවූ බව ලියා ඇත.

”එසේ වූවත්, හේවායින්ගෙන් එක්කෙනෙක් හෙල්ලයකින් උන්වහන්සේගේ ඇළයට ඇන්නේය. එකෙණෙහි ම ලේත් වතුරත් නික්මුණේ ය.” (බයිබලයේ ශු. යොහන් 19: 34*.

5* යේසුස් වහන්සේගේ ¥ත මෙහෙය සත්‍ය නම්, ඊට ලකුණක් පෙන්වන ලෙස එරිසිවරුන් කීහ. එවිට එතුමා මෙසේ පිළිතුරු දුන් බව බයිබලය කියයි.
”මක්නිසා ද යෝනා මත්ස්‍යාගේ බඬේ දහවල් තුනක් ද ? තුනක් ද සිටියාක්මෙන් මනුෂ්‍ය පුත‍්‍රයා ද පොළෝ ගැබේ දහවල් තුනක් ද ? තුනක් ද සිටින්නේය.” (බයිබලයේ, ශු. මතෙව් 12: 40*.

එහි සඳහන් වී ඇති පරිදි යේසුස් වහන්සේ පොළෝ ගැබ තුළ දහවල් තුනක් ද ? තුනක් ද සිටියේ නැත. එතුමා සිටියේ එක් (සෙනසූරාදා* දහවලක් සහ ? (සිකුරාදා ? සහ සෙනූරාදා ?* දෙකක් පමණය. මෙය ද අපි නොසලකා හරිමු. මෙම ප‍්‍රශ්නයට පමණක් මට පිළිතුරු දෙන්න: ”යෝනා මහා මත්ස්‍යයාගේ බඬේ පණ පිටින් සිටියේද?”

කි. බැ. : ඔව්!

මුස්: යෝනා මහා මත්ස්‍යයාගේ බඩෙන් එළියට වමනය කළ විට පණපිටින් සිටියේද?

කි.බැ: ඔව්!

මුස්: එසේ නම් යේසුස් වහන්සේගේ අනාවැකිය අනූව, එතුමා ජීවත්ව සිටිය යුතුයි.

6* යේසුස් වහන්සේ ම, එතුමා කුරුසියේ නොමැරුණු බව පවසා ඇත. ඉරිදා උදෑසන මේරිමග්දලින් සොහොනට ගියා ය. එවිට එය හිස් ව තිබුණි. ඇය උයන්පල්ලෙක් මෙන් පෙනුණ යමෙක් සිටගෙන සිටිනවා දුටුවාය. ඔහු යේසුස් වහන්සේ බව දැන ඇඳිනගත් ඇය, ඔහු ව අල්ලා බැලීමට තැත්කළා ය. එවිට, ”යේසුස් වහන්සේ, මට අත නොගසන්න, මක්නිසා ද මම තව ම පියාණන් වහන්සේ වෙතට නොනැංගෙමි….” (බයිබලයේ, ශු. යොහන් 20: 17*. යි පැවසූහ. ”අත නොගසන්න, මම තව ම පියාණන් වහන්සේ වෙතට නොනැංගෙමි” යැයි පැවසීමෙන් අදහස් වන්නේ, එතුමා තවමත් ජීවත් ව සිටින බව ය, මරණයට පත් නොවූ බවය. මක්නිසාද යත්, යමෙක් මරණයට පත්වූවහොත් ඔහු තමා මැවූ දෙවියන් වහන්සේ වෙත ආපසු යන්නේ ය. මෙය ඉතාමත් බලවත් සාක්‍ෂියක් බවට යේසුස් වහන්සේ තුළින්ම ඔප්පු වී ඇත.

7* යේසුස වහන්සේ කුරුසියේ තබා ඇණ ගැසූ බව කීමෙන් පසු ව, එතුමාගේ ගෝලයන් එතුමා ශාරීරික ව නැති බවත්, ආත්මයෙන් යුතුව සිටින බව සිතූ හ. එසේ සිතීමට හේතුව, (මරණින් පසු* නැවත නැගිටෙන ශරීරයන් ආත්මයන් බවට පරිවර්තනය වන හෙයින් ය:

කි.බැ. : (කථාව නවතා…* නැවත නැගිටෙන ශරීරයන් ආත්මයන් බවට පරිවර්තනය වන බව ඔබ ස්ථීරවම කියන්නේ කෙසේ ද?

මුස්: යේසුස් වහන්සේ ම, එසේ පවසා ඇති බව බයිබලය කියයි. ඔව්හු දේව¥තයන් හා සමාන බව එතුමාගේ අදහසයි.

කි.බැ. : බයිබලයේ කොතැනක මෙසේ සඳහන් වේද?

මුස්: බයිබලයේ, ශු. ලූක් හි ඇති 20 වෙනි පරිච්ඡේදයේ 34, 35, 36 අංක දරන වාක්‍යයන් හි මෙය පැහැදිලි ව ම ඇත. මම කියවමි, සවන් දෙන්න.

”යේසුස් වහන්සේ ද, මේ ලෝකයේ දරුවෝ සරණපාවා ගනිති, සරණපාවා දෙනු ලබති. නුමුත් මේ ලෝකයටත් නැවත නැගිටීමටත් පැමිණෙන්නට සුදුස්සෝ යයි ගණන්ගනු ලබන අය සරණපාවා ගන්නේවත් සරණපාවා දෙනු ලබන්නේවත් නැත. මක්නිසාද ඔවුන්ට තවත් මැරෙන්ට නුපුළුවන. ඔව්හූ දේව¥තකයන් හා සමානවෙති, නැවත නැගිටීමේ පුත‍්‍රයන් බැවින් ඔව්හූ දෙවියන් වහන්සේගේ පුත‍්‍රයෝ ය.”

පසුව, යේසුස් වහන්සේ, තම අත් පා ආදිය ඔවුන්ට අල්ලා බැලීමට ඉඩ දී, තමා යේසුස් ම බව ඔප්පු කළ හ. නමුත්, ඔවුහු එතුමා යේසුස් වහන්සේ බව විශ්වාස කිරීමට පසුබට වූ හ. එබැවින්, අනෙක් ජීවත් වන මිනිසුන් මෙන්, එතුමා ද තවමත් ආහාර අනුභව කරන බව ඔවුන්ට පෙන්වීම පිණිස මස් ගෙන දෙන මෙන් පැවසූහ. මේ ගැන ඔබ සවිස්තරව දැනගත යුතුයි නේ ද? කරුණාකර මෙම බයිබල් වාක්‍යය කියවන්න:

කි. බැ. : ”ඔවුන් මෙසේ කථා කරමින් සිටිය දී උන්වහන්සේ ඔවුන් මැද සිට නුඹලාට සමාදානය වේවායි ඔවුන්ට කී සේක. නුමුත් ඔව්හූ ත‍්‍රස්ත ව, භයපත් ව, ආත්මයක් පෙනුණේයයි සිතුවෝ ය. උන්වහන්සේ ඔවුන්ට කථාකොට, නුඹලා කැළඹෙන්නේ මක්නිසා ද? නුඹලාගේ සිත්වල ශංකා හටගන්නේ මක්නිසා ද? මාගේ අත් පා බලා, ඒ මම ම බව දැනගනිල්ලා. මා අතගා බලාපල්ලා. මක්නිසාද මස් හා ඇට මට තිබෙනවා. නුඹලාට පෙනෙන ලෙස ආත්මයකට නැතැයි කී සේක. ඔවුන් ප‍්‍රීතිය නිසා විශ්වාස නොකර පුදුම ව සිටියදී, උන්වහන්සේ ඔවුන්ට කථා කොට: කන්ට යමක් මෙහි නුඹලා ළඟ තිබේදැ යි ඇසූසේක. ඔව්හු බැදපු මාලූ කෑල්ලක් උන්වහන්සේට දුන්නෝ ය. උන්වහන්සේ එය රැුගෙන ඔවුන් ඉදිරියේ කෑ සේක.” (බයිබලයේ ශු. ලූක් 24: 36- 43*.

8* යේසුස් වහන්සේ කුරුසියේ මරණයට පත් වූ බව ඔබ තවමත් විශ්වාසය කරන්නේ නම්, පහත සඳහන් බයිබල් වාක්‍ය අනූව, එතුමා අසත්‍ය වක්තෘවරයෙක් හා දෙවියන් වහන්සේ විසින් ශාප කරනු ලැබූ කෙනෙක් බව අදහස් වෙයි.

”ඒ අනාගත වක්තෘ හෝ ස්වප්නකාරයා මරනු ලැබිය යුතුය.” (බයිබලයේ, ද්විතීය කථාව 13: 5*.

”මරණය ලැබීමට සුදුසු පාපයක් කර මරනු ලැබුවා වූ යමෙක් නුඹ විසින් ගසක එල්ලනු ලැබුවේ නම්, නුඹේ දෙවි වූ ස්වාමීන් වහන්සේ උරුමයක් කොට නුඹට දෙන දේශය නුඹ විසින් අපවිත‍්‍ර කරනු නොලබන පිණිස ඔහුගේ මළකඳ රාති‍්‍රයෙහි ගසේ තිබෙන්ට නෑර, එය එම මුළු දවසේ දී ම තැන්පත් කරපන්න. මක්නිසා ද එල්ලනු ලබන තැනැත්තේ දෙවියන් වහන්සේගේ ශාප ලද්දෙක් ය.” (ද්විතීය කථාව 21: 22, 23*.

යේසුස් වහන්සේ කුරුසියේ මරණයට පත් වූ බව විශ්වාස කිරීම, එතුමාගේ වක්තෘභාවය ම අවමන් කිරීමක් වැනි ය. යේසුස් වහන්සේ කුරුසියේ තබා ඇණගසා තමන් විසින් මරනු ලැබූ බව යුදෙව්වන් කී හ. තව ද මෙවැනි දුක්ඛිත තත්ත්වයෙ හි එතුමා මරණයට පත්වීම නිසා එතුමා වක්තෘවරයෙක් බවට පැවසූ කරුණු බොරු වී ගිය බව (එතුමා වක්තෘවරයෙක් නොවන බව ඔප්පු වී ඇති බව* එම යුදෙව්වන් කී හ.

කි‍්‍රස්තියානීන්, තම පව්වලින් මිදීම නිසා යේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා මරුමුවට පත්කළ බව විශ්වාස කිරීම අවශ්‍ය බව සිතති. මෙම හේතුව නිසා ම, යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් ශාප කරනු ලැබූ කෙනෙක් බව පිළිගත යුතු තත්ත්වයකට කි‍්‍රස්තියානීන් වැටී ඇත. කි‍්‍රස්තියානීන්ගේ මෙම විශ්වාසය බයිබලයේ ඉගැන්වීම්වලට පටහැනි ය, විරුද්ධ ය!

”නුමුත් – මම පූජාවට නොව දයාවට කැමැත්තෙමියි යන කීමේ අර්ථය නුඹලා ගොස් ඉගෙන ගනිල්ලා…” (බයිබලයේ ශු. මතෙව් 9: 13*.

නැවතත් යේසුස් වහන්සේ කථා කරයි:

”නුමුත්: මම පූජාවට නොව කරුණාවට කැමැත්තෙමියි යන කීමේ අර්ථය නුඹලා දැනගෙන සිටියා නම් නිවැරදිකාරයන් පිට වරද තබන්නේ නැත.” (බයිබලයේ, ශු. මතෙව් 12: 7*.

කි.බැ. : එසේ නම්, මිනිස්සුන් මෙම මළවුන්ගෙන් නැවත නැගිටීම ගැන විශ්වාසය තබන්නේ ඇයි?

මුස්: ඇත්තෙන් ම, මළවුන්ගෙන් නැවත නැගිටීමේ මෙම විශ්වාසය උගන්වනු ලැබුවේ පේ‍්‍රරිත වූ පාවුල් විසින් ය. පහත සඳහන් වාක්‍යයන් එය ඔප්පු කරයි:

”… සමහරෙක් (යුදෙව්වන්* ද මේ වාචාලයා මක්කියන්ට හදනවාදැයි කීවෝය. තව සමහරෙක්: ඔහු (පාවුල්* අන් දේවතාවන් ප‍්‍රකාශ කරන්නෙකු මෙන් පෙනේයැයි කීවෝ ය. මෙසේ කීවේ ඔහු යේසුස් වහන්සේ හා මළවුන්ගෙන් නැගිටීම ප‍්‍රකාශ කළ බැවින් ය.” (බයිබලයේ, කි‍්‍රයා 17: 18*.

පාවුල්, කිසිවිටක යේසුස් වහන්සේ දැක නැත. යේසුස් වහන්සේ මළවුන්ගෙන් නැවත නැගිටීම ඔහුගේ නිපැයුමක් බව ඔහු ම පිළිගෙන ඇත. පාවුල් විසින් තිමෝතියස්ට ලියන ලද දෙවෙනි පත‍්‍රයෙහි මෙය සඳහන් කරයි:

”මාගේ (එනම් පාවුල්ගේ* ශුභාරංචියේ ප‍්‍රකාරයට දාවිත්ගේ වංශයෙන් යේසුස් කි‍්‍රස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැගිට සිටින බව සිහිකරපන්න.” (බයිබලයේ, 2 – තිමෝති 2: 8*.

යේසුස් වහන්සේ දෙවියන්ගේ පුත‍්‍රයාය, යන අදහස ද මුලින් ම මිනිසුන්ගේ සිතට ඇතුළු කළේ ද මෙම පාවුල් ය, බයිබලය එය පැහැදිලි ව ඔප්පු කරයි:

”ඔහු අප‍්‍රමාද ව ම: යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා ය කියා සිනගෝගවල දී උන්වහන්සේ ව ප‍්‍රකාශ කළේ ය.” (බයිබලයේ, කි‍්‍රයා 9: 20*.

මෙම කරුණු අනූව පැහැදිළි වන සත්‍යයක් නම්, කි‍්‍රස්තියානි ආගම යේසුස් වහන්සේගේ ඉගැන්වීම් අනූව ඇතිවූවක් නොවන බවය, එය පාවුල්ගේ නිපැයුමකි.

කි.බැ. : ඔබ මෙසේ කරුණු ඉදිරිපත් කළත්, යේසුස් වහන්සේ ස්වර්ගයට ඔසවාගත් බවත්, දෙවියන් වහන්සේට දකුණු පැත්තෙන් වාඩි වූ බවත් බයිබලයෙහි ශු. මාර්ක් පවසයි:

”මෙසේ ස්වාමි වූ යේසුස් වහන්සේ ඔවුන්ට කථාකළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන් වහන්සේගේ දකුණු පැත්තෙ හි වාඩි වූ සේක.” (බයිබලයේ, ශු. මාර්ක් 16: 19*.

මුස්: බයිබලය ගැන වූ අපගේ සාකචිඡුාවේ දී මම සඳහන් කළ සත්‍යයක් අපි කිසිවිටක අමතක නොකළ යුතුයි. එනම්, බයිබලයේ ශු. මාර්ක්ගේ ශුභාරංචියේ 16 වැනි පරිච්ඡේදයේ 9 පටන් 20 දක්වා වූ වාක්‍යයන් ඇතැම් බයිබල්වලින් ඉවත් කොට ඇති බව ය. කරුණාකර .ඍැඩසිැා ීඒබා්රා ඪැරිසදබල ඔයැ භැඅ ්පැරසජ්බ ීඒබා්රා ඊසඉකැල ඔයැ භැඅ උදරකා ඔර්බික්එසදබ දෙ එයැ ්‍යදකහ ීජරසචඑමරුි. බයිබල්හි ඇති සටහන් කියවා බලන්න.

යේසුස් වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබීම නිසා ම, එතුමා දේවත්වය ඇති කෙනෙකු ලෙස ඔබ විශ්වාස කරන්නේ නම්, එතුමා මෙන් ම ස්වර්ගයට ඔසවා ගනු ලැබූ අනෙක් වක්තෘවරයින් ද දේවත්වය ඇති ශ්‍රේෂ්ඨ අය බව විශ්වාස නොකරන්නේ ඇයි?

කි.බැ.: ඔවුහු කවරහු ද?

මුස්: මෙම බයිබල් වාක්‍යයන් ඔවුහු කවරහුදැයි ඔබට හඳුන්වා දෙනු ඇත. සාවධනාව සවන් දෙන්න.

”…. එලියා සුලි සුළඟකින් ස්වර්ගයට නැගී ගියේ ය. එලිෂා ඒ දැක : …. යනු කීවේ ය. ඔහු තවත් ඔහු නුදුටුවේ ය.” (බයිබලයේ 2 – රාජාවලිය 2: 11*.

ඒනොක් ද දෙවියන් වහන්සේ විසින් ස්වර්ගයට ගෙනු යනු ලැබීය.

”තව ද ඒනොක් දෙවියන් වහන්සේ සමග හැසුරුණේ ය: දෙවියන් වහන්සේ ඔහු ගත් බැවින් ඔහු තවත් නොදක්නා ලද්දේ ය.” (බයිබලයේ උත්පත්ති 5: 24*.

මේ සිද්ධිය පිළිබඳ ව හෙබ්‍රෙව් හි ද සඳහන් වී ඇත.

”ඇදහිල්ලෙන්, ඒනොක් මරණය නොදකින ලෙස ගෙනයනු ලැබුවේ ය, දෙවියන් වහන්සේ ඔහු ගෙනගිය හෙයින් ඔහු සම්බ නොවී ය. ඔහුගේ ගෙනයාමට ප‍්‍රථම, ඔහු දෙවියන් වහන්සේ ව ප‍්‍රසන්න කළ බවට සාක්‍ෂි ලැබුවේ ය.” (බයිබලයේ හෙබ්‍රෙව් 11: 5*.

මතු සම්බන්ධයි………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *