සංස්කරණය:
ආචාර්්‍ය මුහම්මද් බාගිල්

පරිවර්තනය:
එස්. එම්. මන්සූර්

මුස්: යේසුස් වහන්සේ දෙවියන්ගේ පුත‍්‍රයෙක් ද ?

කි.බැ: ඔව්, ශු. මතෙව් මේ පිළිබඳව කියයි:

”යොහන් විසින් යේසුස් වහන්සේ බව්තීස්ම කළ විට, ‘තවද මොහු මාගේ පේ‍්‍රමවන්ත පුත‍්‍රයා ය. මොහු කෙරෙහි ඉතා ප‍්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් විය.” (බයිබලයේ, ශු. මතෙව් 3:17*.

මුස්: මෙහි ඇති ”පුත‍්‍රයා” යන වචනයේ පදාර්ථය තුළින් ඔබ තේරුම් ගන්න එපා. මක්නිසා ද, බොහෝ වක්තෘවරුන් පමණක් නොව සාමාන්‍ය මිනිසුන් පවා දෙවියන්ගේ පුත‍්‍රයන් ලෙස ද දරුවන් ලෙස ද බයිබලයෙ හි අමතා ඇත. බයිබලයේ, නික්මයාම 4:22 කියවන්න:

කි.බැ: ”නුඹ (මෝසස්* ඵාරාවෙන්ට කථා කොට : ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක – ඉශ‍්‍රායෙල් මගේ පුත‍්‍රයා ය. මාගේ කුලූඳුලාය.”

මුස්: යාකොබ් (ඉශ‍්‍රායෙල්* දෙවියන්ගේ කුලූඳුල් පුත‍්‍රයා බව මෙම වාක්‍යයෙන් කියවෙයි. දැන් බයිබලයේ -2 සාමුවෙල් හි 7: 13 හා 14 හෝ 1- ලේකම් හි 22:10 කියවන්න.

කි.බැ: ”ඔහු (සාලමොන්* ම මාගේ නාමයට ගෘහයක් ගොඩනගන්නේ ය. ඔහුගේ රජකමේ සිංහාසනය ද සදාකාලෙට ම සිථීර කරන්නෙමි. මම ඔහුට පියා වන්නෙමි, ඔහු මට පුත‍්‍රයා වන්නේ ය…” (බයබලයේ 2- සාමුවෙල් 7:13,14*.

මුස්: ඔබ බයිබලයේ, යෙරෙමියා හි 31: 9 කියවුවහොත් මහත් කලබලකාරි තත්වයකට පත්වන බවට සැකයක් නැත. එහි ඇත්තේ ”…මම ඉශ‍්‍රායෙල් ට පියකෙනෙක් වී සිටිමි. එප‍්‍රායිම් ද මාගේ කුලූඳුලා ය.” යනුවෙන් ය. මේ දැන් විනාඩියකට පෙර බයිබලයේ නික්මයාම 4:22 හි, ‘දෙවියන්ගේ කුලූඳුල් පුතා ඉශ‍්‍රායෙල් බව කියවීමු. එසේනම්, නියම කුලූඳුල් පුත‍්‍රයා කවු ද යන ප‍්‍රශ්නය මතුවෙයි. ඔහු ඉශ‍්‍රායෙල් ද? නැතහොත් එප‍්‍රායිම් ද? ප‍්‍රශ්නය මෙයින් නිම නොවෙයි. සාමාන්‍ය මිනිසුන් පවා දෙවියන්ගේ දරුවන් විය හැකි ය. කියවන්න: බයිබලයේ , ද්විතීය කථාව 14:1 වෙනි වාක්‍යය.

කි.බැ: ”නුඹලා නුඹලාගේ දෙවි වූ ස්වාමීන් වහන්සේගේ දරුවෝ ය”

මුස්: මෙපමණක් නොව, සාමාන්‍ය මිනිසුන් පවා කුලූඳුල් පුත‍්‍රයන් ලෙස ඇමතිය හැකි ය. කරුණාකර බයිබලයේ, රෝම 8:29 වෙනි වාක්‍යය කියවන්න:

කි.බැ: මක්නිසා ද උන්වහන්සේ පූර්වයෙන් ඇඳින ගත්තවුන් තමන් වහන්සේ ගේ පුත‍්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුලූඳුලා වන පිණිස ඒ පුත‍්‍රයාගේ ස්වරූපයට සමානවෙන්ට පූර්වයෙන් නියම කළ සේක.”

මුස්: මෙහි සඳහන් වන පරිදි සියල්ලෝම කුලූඳුල් පුත‍්‍රයන් වේ නම් යේසුස් වහන්සේ කවරෙක් ද?

කි.බැ: උන්වහන්සේ දෙවියන් වහන්සේගෙන් ජනිත වූ එක ම පුත‍්‍රයා ය.

මුස්: යේසුස් වහන්සේ ඉපදෙන්න බොහෝ කලකට පෙර දාවිත් ඇමතූ දෙවියන් වහන්සේ මෙසේ කීසේ ක.

”මම නියමය ප‍්‍රකාශ කරන්නෙමි. ස්වාමීන් වහන්සේ මට කථාකොට: නුඹ මාගේ පුත‍්‍රයෙ හි ය, අද නුඹ ජනිත කෙළෙමි.” (බයිබලයේ, ගීතාවලිය 2:7*.

මෙම වාක්‍යය අනූව දාවිත් ද දෙවියන් වහන්සේ විසින් ජනිත කරන ලද පුත‍්‍රයෙකි. ”දෙවියන්ගේ පුත‍්‍රයා” යන වදන් දෙක පදාර්ථයෙන් බැලීම යුතු නොවේ. එම වදන් උපමානුසාරයෙන් බැලිය යුතුයි. කවරෙක් දෙවියන් වහන්සේගේ ආදරයට හා අනුග‍්‍රහයට ලක්වන්නේ ද, හෙතෙම දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා යැයි බයිබලයේ අමතා ඇත. තව ද, යේසුස් වහන්සේම දෙවියන් වහන්සේ මගේ පියාණන් පමණක් නොව, ඔබගේ ද පියාණන් වෙයි යැයි පවසා ඇත. කරුණාකර බයිබලයේ, ශු. මතෙව් හි 5:45 හා 48 කියවන්න:

කි.බැ: ”නුඹලා ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන් වහන්සේගේ පුත‍්‍රයෝ වන්නේ ය”

”…නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ සම්පූර්ණව සිටින්නාක් මෙන් නුඹලාගේ සම්පූර්ණව සිටපල්ලා.”

මුස්: මෙලෙස ආදරය කරුණාව, දෙවියන් වහන්සේ වෙත ළංවීම යනාදිය දැක්වීමේ නිමිත්තෙන්, ”දෙවියන්ගේ පුත‍්‍රයා” යන වදන් බයිබලයෙ හි බොහෝ පිටුවල සඳහන් වෙයි. එය යේසුස් වහන්සේ ට පමණක් සීමාවූ බව නොසිතන්න. තවද, බයිබලයෙහි දෙවියන් වහන්සේගේ පුත‍්‍රයන් ගැන පමණක් නොව දියණියන් ගැන ද සඳහන් වෙයි. කියවන්න:

”නුඹලාට (මම* පියෙක් වන්නෙමි. නුඹලා ද මට පුත‍්‍රයෝත් ¥වරුත් වන්නාහුයයි සර්ව පරාක‍්‍රම වූ ස්වාමීන් වහන්සේ කියන සේක” (බයිබලයේ 2- කොරින්ති 6:18*

මෙම වාක්‍යය හා බයිබලයේ ඇති වෙනත් වාක්‍ය රාශියක් ගැන අපි සිතා බලන විට, යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා යන පදාර්ථයෙන් හෝ වෙනත් අති විශිෂ්ඨ අර්ථයකින් හෝ සැලකීමට කිසිදු හේතුවක් නොමැත.

කි.බැ: යේසුස් වහන්සේට පියෙක් නැත. එම නිසා උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා ලෙස සලකන්නෙමු!

මුස්: එසේ නම්, ආදම් (අෙලෙ* තුමා දෙවියන්ගේ පුත‍්‍රයා බව ඔබ නොකියන්නේ ඇයි? එතුමාට පියා පමණක් නොව මව ද නැත. බයිබලයෙ හි එතුමා ද දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා ලෙස අමතා ඇති බව දන්නවා ද? කරුණාකර බයිබලයේ ශු ලූක් 3:38 කියවා බලන්න:

එම වාක්‍යය මෙසේ ය:

”ඔහු එනොස්ගේ පුත‍්‍රයා ය, ඔහු සෙත්ගේ පුත‍්‍රයා ය, ඔහු ආදම්ගේ පුත‍්‍රයා ය, ඔහු (ආදම්* (දෙවියන්ගේ පුත‍්‍රයා ය.”

තව ද, බයිබලයේ, හෙබ්‍රෙව් 7:3 කියවන්න:

කි. බැ: ”තව ද පියෙක්වත් මවෙක්වත් පෙළපතක්වත් දවස්වල පටන්ගැන්මක්වත් ජීවිතයේ කෙළවරක්වත් නැත්තා වූ මේ තෙමේ දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා ට සමාන කරණු ලැබ නිතරම පූජකයෙක් ව පවතින්නේය.”

මුස්: මෙසේ සඳහන් කරනු ලබන මොහු කවු ද? මෙම ප‍්‍රශ්නයට බයිබලයම පිළිතුරු දෙයි:

”….සාලමේ රජ වූ මහෝත්තම දෙවියන් වහන්සේගේ පූජකයෙක් වූ මේ මෙල්කිසදෙක් ආබ‍්‍රහම් සම්මුඛව…” (බයිබලයේ, හෙබ්‍රෙව් 7:1*.

මෙතුමා යේසුස් වහන්සේටත් ආදම් තුමාටත් වඩා අසහාය කෙනෙකි. එසේ වූ මෙතුමා දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා ලෙස හෝ දෙවියන් වහන්සේ ලෙස හෝ සලකන් නැත්තේ ඇයි?

කි.බැ: එසේනම්, යේසුස් වහන්සේ ගැන ඔබ කියන්නේ කුමක් ද?

මුස්: මුස්ලිම් වරුන් වන අපි එතුමා අමතන්නේ මරියාගේ පුත‍්‍රයා වන යේසුස් (මර්යම්- අෙලෙ-තුමියගේ පුත‍්‍රයා වන ඊසා- අෙලෙ* තුමා ලෙසය.

කි.බැ: මෙය කවුරුත් ප‍්‍රතික්ෂේප කරන්නේ නැහැ!

මුස්: ඔව්, සාමාන්‍ය අදහසක් වූ මෙය කාටත් ප‍්‍රතික්ෂේප කිරීමට බැහැ. යේසුස් වහන්සේ, තමා මිනිසෙකුගේ පුත‍්‍රයෙක් බව පවසා ඇත. දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා යැයි ඇමතීම ප‍්‍රතික්ෂේප කොට ඇත. බයිබලයේ, ශු. ලූක් 4:41 කියවනවා ද?

කි.බැ: ”යක්ෂයෝ ද, ඔබ දෙවියන් වහන්සේගේ පුත‍්‍රයාණෝ ය. කියා මහත් ශබ්ද පවත්වමින්, බොහෝ දෙනෙකුගෙන් දුරුවුණේ ය. උන්වහන්සේ ක‍්‍රිස්තුස් වහන්සේ යැයි ඔවුන් දැනගෙන සිටිනිසා උන්වහන්සේ ඔවුන්ට සැර කරමින් කතාකරන්ට ඉඩ නුදුන්සේ ක.”

මුස්: මෙම වාක්‍යයෙන් පැහැදිළි වන්නේ යේසුස් වහන්සේ දෙවියන්ගේ පුත‍්‍රයා යැයි ඇමතීම එතුමාම ප‍්‍රතික්ෂේප කළ බවය. බයිබලයේ ශු. ලූක් 9:20 හා 21 වෙනි වාක්‍ය දෙස බලන්න. එම වාක්‍යයන් හි එතුමා දෙවියන්ගේ පුත‍්‍රයා යැයි ඇමතීම පුතික්ෂේප කර ඇති අතර, එසේ අමතන්න එපා යැයි අණකොට ද ඇත:

”නුමුත් නුඹලා කවුරුය කියනවා දැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ජෙත‍්‍රැස් උත්තර දෙමින්: දෙවියන් වහන්සේගේ ක‍්‍රිස්තුස්යයි කීවේය. උන්වහන්සේ ද මෙය කාටවත් නොකියන ලෙස ඔවුන්ට තදින් අණකොට” (බයිබලයේ, ශු. ලූක් 9:20, 21*.

කි.බැ: මෙය දැන් මට පැහැදිළිව වැටහෙයි:

මුස්: අපේකෂා කළ ගැළවුම්කාරයෙක් වූ ද වක්තෘවරයෙක් වූ ද දේශකයෙක් වූ ද යේසුස් වහන්සේ, පසුව දෙවියන් වහන්සේගේ පුත‍්‍රයෙක් ලෙස ද දේවත්වය ඇති කෙනෙක් ලෙස ද හඳුන්වනු ලැබ, අවසානයේ දී දෙවියන් ව ම කරනු ලැබූහ.

මෙය කරනු ලැබූ පිළිවෙල බයිබලය විසින්ම කියා ඇත. කරුණාකර පහත සඳහන් වාක්‍ය කියවන්න, වැටහේවි:

”හෙතෙම රාති‍්‍රයේ උන් (යේසුස්* වහන්සේ ළඟට ඇවිත්: රබ්බි, ඔබ දෙවියන් වහන්සේ කෙරෙන් ආවාවූ ගුරුවරයෙකැයි අපි දනිමුව…” (බයිබලයේ, ශු යෙහන් 3:2*.

”එබැවින් ඒ මනුෂ්‍යයෝ උන් (යේසුස්* වහන්සේ විසින් කළා වූ මේ හාස්කම් දැක: සැබෑවටම මුන්වහන්සේ ලෝකයට එන්නා වූ අනාගත වක්තෘම යයි කීවෝ ය” (බයිබලයේ, ශු. යෙහන් 6:14*.

පහත සඳහන් වාක්‍යයන්හි ද යේසුස් වහන්සේ වක්තෘවරයෙක් බවට පැහැදිළිවම පවසා ඇත:

”එබැවින් සමූහයාගෙන් සමහරෙක් මේ වචන අසා: සැබෑවටම මුන්වහන්සේ අනාගත වක්තෘමයයි කීවෝය.” (බයිබලයේ, ශු. යෙහන් 7:40*.

සමූහයෝ ද: මුන්වහන්සේ ගලීලයේ නාසරෙත් නුවර අනාගත වක්තෘ වූ යේසුස් වහන්සේ යයි කීවෝ ය” (බයිබලයේ, ශු. මතෙව් 21:11*.

”එකල සියල්ලෝම යහපත් ව: උතුම් වූ අනාගත වක්තෘ කෙනෙක් අප අතරෙහි නැගුටුණු සේක” (බයිබලයේ, ශු. ලූඋක් 7:16*.

”…උන් (යේසුස්* වහන්සේ දෙවියන් වහන්සේ ද මුළු සෙනග ද ඉදිරියෙහි ක‍්‍රියාවෙහිත් කථාවෙහිත් බලවත් වූ අනාගත වක්තෘ කෙනෙක් ව සිටි සේක” (බයිබලයේ, ශු. ලූඋක් 24:19*.

මෙතෙක් අප බැලූ වාක්‍යවලින්, යේසුස් වහන්සේ වක්තෘවරයෙක් බව මනාව වටහා ගතිමු. එහෙත්, පහත සඳහන් වාක්‍යය ඊට ඉඳුරා ම වෙනස් අදහසක් දක්වන්නේ ය. එනම්, යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා යැයි හඳුන්වනු ලබන්නේ ය:

”ඔහු අප‍්‍රමාදව ම: යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා ය කියා සිනගෝගවල දී උන්වහන්සේ ව ප‍්‍රකාශ කළේ ය” (බයිබලයේ, ක‍්‍රියා 9:20*.

මෙම වාක්‍යයෙන් වටහාගත හැකි තවත් කරුණක් නම් මුල් අවධියේ විසූ ක‍්‍රිස්තියානීන් තමන්ගේ ආගමික කටයුතුවලට යුදෙව්වන්ගේ සිනගෝග (සම්මුති ශාලා* වන් පාවිච්චි කළ බවය. නමුත්, පසු කලෙක යේසුස් වහන්සේගේ සත්‍ය ඉගැන්වීම්වලින් ක‍්‍රිස්තියානි ආගම ඉවත් වී ගියවිට ඔවුන් වෙනුවෙන් පල්ලි ඤජයමරජයැි% ඇතිකර ගත් හ.

පසුව පාවුල්, බාර්ණබස් හා යුදෙව්වන් නොවන බොහෝ දෙනෙක් පවිත‍්‍ර වූ ක‍්‍රිස්තියානි ආගම අවමන් කළ බවත් කෙලෙසු බවත් චෝදනා කොට යුදෙව් සිනගෝග (ශම්මුති ශාලා*වලින් පිටුවහල් කරණු ලැබූහ. ඔවුන් පිටුවහල් කිරීම ගැන ද කළ වරද ගැන ද බයිබලය මෙසේ සඳහන් කරයි .

”නුමුත් යුදෙව්වරු භක්තිවන්ත කුල ස්ත‍්‍රීන් ද නුවර ප‍්‍රධානීන් ද පොළඹවා, පාවුල් සහ බාර්ණබස්ට විරුද්ධ ව පීඩාවක් උපදවා තමන්ගේ සීමාවලින් ඔවුන් පිටතට ලූවෝ ය.” (බයිබලයේ , ක‍්‍රියා 13: 50 1*.

”එපිකුරිය සහ ස්තෝයික පණ්ඩිතයන්ගෙන් සමහරෙක් ද ඔහුට මුණ ගැසුණෝය. සමහරෙක් ද: මේ (පාවුල්* වාචාලයා මක්කියන්ට හදනවා දැ යි කීවෝය. තව සමහරෙක්: ඔහු (පාවුල්* අන්දේවතාවන් ප‍්‍රකාශ කරන්නෙකු මෙන් පෙනේයයි කීවෝය. මෙසේ ඔහු යේසුස් වහන්සේ හා මළවුන්ගෙන් නැගිටීම ප‍්‍රකාශ කළ බැවින් ය.”(බයිබලයේ, ක‍්‍රියා 17:18*.

”සෙනගට ද ව්‍යවස්ථාවට ද මේ ස්ථානයට ද විරුද්ධව සියලූ තැන්වල සියල්ලන්ට උගන්වන්නා වූ මනුෂ්‍යයා මොහු (පාවුල්* ය. එපමණකුත් නොව ග‍්‍රීක් වරුන් ද දේව මාළිගාවට කැඳවාගෙනවිත්, ඔහු (පාවුල්* මේ ශුද්ධස්ථානය අපවිත‍්‍ර කෙළේ යයි මොරගසා කීවෝ ය.” (බයිබලයේ, ක‍්‍රියා 21 :28*.

පහත සඳහන් බයිබල් වාක්‍යයෙ හි යේසුස් වහන්සේගේ තත්වය දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා යන තත්වයෙන් උසස් කොට පෙන්වනු ලැබ ඇත.
”මක්නිසා ද ස්වාමි වූ ක‍්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් නුඹලාට දාවිත්ගේ නුවර අද උපන්සේක” (බයිබලයේ, ලූක් 2:11*.

අවසාන වශයෙන්, යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ස්ථානයට උසස් කරනු ලැබූහ. එනම් දෙවිකෙනෙක් කරනු ලැබූහ. මේ ගැන මෙම වාක්‍යය පැහැදිළිව කියයි:

”පටන්ගැන්මෙහි දී වාක්‍යයාණෝ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන් වහන්සේ හා සමග සිටි සේක, වාක්‍යයාණෝ දෙවියන් වහන්සේ ව සිටිසේක.”(බයිබලයේ, ශු. යොහන් 1:1*.

මතු සම්බන්ධයි………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *