ඉස්ලාමීය මූලික ඉගැන්වීම්
සංස්කරණය:
කැඳවීමේ හා මඟ පෙන්වීමේ කාර්්‍යාලය
ජුෙබෙල්.
පරිවර්තනය:
මුහම්මද් අස්හර් මුහම්මද් යූසුෆ්

මෙම කෘතිය මුස්ලිම්වරුන්ටද, විශේෂයෙන් නවක මුස්ලිම්වරුන්ටද ප‍්‍රයෝජනවත් වන අතර මුස්ලිම් නොවන අයට සංක්ෂිප්තවූ පරිපූර්ණ ඉස්ලාමීය දැනුමක් ලබාගනිමින් අල්ලාහ් (දෙවියන්*ගේ ආශිර්වාදය මැද්දේ සත්‍ය මඟ තෝරා ගැනීමට ඉවහල් වේ.

ප‍්‍රකාශය:
ජුෙබෙල් කැඳවීමේ හා මඟ පෙන්වීමේ කාර්්‍යාලය,
තැ.පෙ. 1580,
අල් ජුෙබෙල් – 31951.
දුරකථන හා ෆැක්ස් අංක : 966 3 362 5500

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි
සියළු පැසසුම් හා ප‍්‍රශංසාවන් සකල විශ්වයේ ස්වාමීවූ අල්ලාහ්ටම හිමිවේ.
අවසන් ශාස්තෘවරයා වන මුහම්මද් නබි (සල්* තුමන් වෙත අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය හිමිවේවා!
පටුන
ඉස්ලාමීය වරප‍්‍රසාද
ඉස්ලාමිය දැනුම ලබා ගැනීමේ මහිමය
ෂහාදා හෙවත් සාක්ෂිය
අස් සලාත් (නැමදුම*
අත් තහාරා (පිරිසිදුකම*
සලාතයෙහි ක‍්‍රම පිළිවෙත්
සලාතය නිෂ්ඵල වන කාර්්‍යයන්
දෝවනය හා නැමදුම රූප සටහන් සමග
ඉස්ලාම්හි පංච ස්ථම්භක
ඊමාන (විශ්වාස* යෙහි කුළුණු
අත් තව්හීද් (ඒකියභාවය*
ඇදහීම
ඉස්ලාම්හි තහනම් කරුණු
යහපත් ගුණාංග
යහපත් සාර ධර්ම
දික්ර් දුආ (යාච්ඥාවන්*
ඉස්ලාම් හි වනිතාව
වැදගත් ඔවදන් පෙළ
යළි සහි කිරීම්
ෆාතිහා හා සෙසු කුඩා (සූරාවන්* පරිච්ඡේදයන්
මහඟු වරප‍්‍රසාදයකි
ඔබ අවට ඇති සිය විශ්මය ජනක නිර්මානයන් වෙත මදකට ඔබේ අවදානය යොමු කරන්න, ඔබට ඉහළින් තිබෙන ආකාශය වෙත නෙත් යොමන්න. තවද, ඔබ පිළිබඳ ස්වයං පරික්‍ෂණයක යෙදීමෙන් විශ්ව නිර්මාණයේ විශිෂ්ඨතවූ අපූර්වතාවය දැකගත හැක. නිසැකයෙන්ම ශක්ති බල සම්පන්න ඒකීයෙකු වූ අල්ලාහ්ගේ නිර්මාණයන් හැර වෙන කිසිවෙකුගේ නිර්මාණයන් ලෙස ඔබ නොදකින්නේය. සක්සුදක්සේ මේවාහි නිර්මාතෘවරයා (අල්ලාහ්* ඒකීයෙක් හැර විවිධ නිර්මාතෘවරුන් සිටියේ නම්, විශ්වයෙහි සැලැස්ම විනාශ වී යනු නියතය. මනා සිහි බුද්ධිය, කල්පනා කිරීමේ ශක්තිය ඇත්තා ඔහුගේ පිහිට පතමින්, ඔහුට සමීපවීමේ මාර්ගය සොයන අතර, නිසි දැනුමක් ලබා ඔහු දැන හඳුන ගැනීම උතුම්වු කි‍්‍රයාවක්් සේද සළකයි.

මනා අවබෝධයකින් යුත් මිනිසා, මුලින්ම තමන් ගැන හා තමන් අවට තිබෙන මැවීම් පිළිබඳ අධ්‍යයනය කරමින්, ස්වයංව තමන්ගෙන්ම ප‍්‍රශ්න රාශියක් අසන්න පටන් ගනි: මා කොහේ සිටද පැමිණියේ? කුමක් සඳහාද පැමිණියේ? මාගේ ගමනේ අන්තය කුමක්ද? (මගියෙකුට තමන් ගමන් කරන දිසාව පිළිබඳ දැනුමක් අවශ්‍ය මෙන්* මිනිසාට තමන්ගේ ජීවිත ගමන පිළිබඳ පූර්ව දැනීමක්, නිසි ඉලක්කයක් තිබීම අනිවාර්්‍යයි.

ඉහත නැගු ප‍්‍රශ්න වලට ඉස්ලාම්හි විනා වෙන කිසිදු මාර්ගයෙන් සෑහිමට පත් පරිසමාප්ත පිළිතුරු නොලැබෙයි. මෙම දහම තුළින් මිනිසාට විශ්වයේ මැවුම්කරු පිළිබඳ මනා අවබෝධයක් ලැබෙන අතර, ඔහු කරා සමීප කරවන යහපත් මාර්ගයද පහදා දෙයි. තවද මතු ජීවිතයේ සිදුවීම් පිළිබඳ ඉස්ලාම් සියුම් ලෙස විග‍්‍රහ කරයි. අල්ලාහ්ගේ ආඥාවන්ට අවනතව ජීවත් වන සැබෑ මුස්ලිමෙකු දෙලොවෙහිම සෞභාගේ‍යන් පිරී පී‍්‍රතිමත් ජීවිතයකට උරුමකම් කියයි.

ඉස්ලාම් කිසිදු වෙනස් කිරීමකට, සංශෝධනයකට භාජනය නොවූ සුරක්‍ෂිතවූ ධර්මයකි. නිසැකයෙන්ම, ඉස්ලාම් සුරක්‍ෂිත ධර්මයකි. නබි නායක මුහම්මද් (සල්* තුමා ගෙන ආ ඥානයන් සියල්ල කිසිදු වෙනස් කිරීමකට හෝ සංශෝධනයකට හෝ භාජනය නොවී පවතී. එනම්, ඉස්ලාමීය ජීවන ප‍්‍රති පදාවන් පැහැදිළි කරන අල් කුර්ආනයට සමාන වෙනත් ග‍්‍රන්ථයක් මෙම විශ්වයේ දක්නට නොලැබීම එහි සුවිශේෂත්වය මොනවට කියාපායි. තවද කුර්ආනයට සමාන ග‍්‍රන්ථයක් මෙම විශ්වයේ දක්නට නොතිබීම එහි සුවිශේෂත්වය මොනවට පෙන්නුම් කරයි. ම්නිසාගේ දෛනික ජීවිතයේ සෑම අංශයක් පිළිබඳම අනාවරණය කරන, එදිනෙදා ජීවිතයේ පැන නැගෙන සෑම ප‍්‍රශ්නයකටම පිළිතුරු සපයන, මිනිසුන් අතර මිත‍්‍රත්වය තහවුරු කර, හොඳ දෑ නියෝග කර නොහොඳ දෑ වළක්වන, නීතිය සාධාරණය ව්‍යාප්තර කරන, ප‍්‍රයෝජනවත් අධ්‍යාපනයක් සඳහා දිරිගන් වන යහපත් දහම ඉස්ලාම් වේ.

යම් පුද්ගලයෙකු ඉස්ලාම් ධර්මය වැළඳ ගැනීමේදි ඔහු පෙර කළ පාපයන්ට සමාව ලැබෙන අතර, ඔහු එදින උපත ලද දරුවෙකු සේ පවිත‍්‍ර වන්තයෙකු වෙයි, යහපත් මග තෝරා ගැනීම පෙර පාපයන්ට වන්දි වශයෙන් පිළිගැනේ, තවද ඔහු ඉස්ලාමයට ප‍්‍රවිශ්ට වීමට පෙර කළ දාන මාන වැනි පුණ්‍ය කටයුතු තුළින් අල්ලාහ්ට සමීප වන අතර, ඔහුගේ යහපත් ක‍්‍රියාවන් පිළිගනිමින් ඉස්ලාම් මෙහිලා ඔහුගේ පිං කුසල් ආරක්‍ෂා කරයි. පෙර විසු සාමාජයන්ට මෙන් නොව පිං බොහෝ ගුණයකින් වැඞ් පුර ලැබීම තුළින් අල්ලාහ්ගේ දයාව කරුණාව මනාවට පිළිබිඹු වෙයි.
ඉස්ලාමීය දැනුම ලබා ගැනීමේ මහිමය
අල්ලාහ්ගේ දාසයා වන ඔබව ඔහුට අවනතවීමට මිස නිර්මාණය කළේ නැත. ඔහු පවසයි : ”මා ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මා හට අවනත වීමට ම්ස නිර්මාණය නොකලෙමි. මම ඔවුන්ගෙන් ආහාරද, වෙනත් වස්තුන්ද අපේක්‍ෂා නොකරමි, මම ඔවුන්ට ආහාර ලබා දෙමි. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ආහාර සපයන්නා හා ශක්ති බල සම්පන්නයා වේ”. අද්දාරියාත් 51-56-57

අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔහුට අවනත වීමට නම් ඔහු විසින් සම්පාදනය කළ ඉස්ලාමීය නීති රීතින් හැදෑරිය යුතුය.

යම් කෙනෙකු ඔබගෙන් ඉස්ලාමය ඔබගේ දිව්‍යමය දහම ලෙසින් තෝරාගත්තේ කුමක් සඳහාද? යැයි ප‍්‍රශ්න කළ විට එයට පිළිතුරු සැපයීමේ දැනුම ඔබට අවශ්‍යය.

ඉස්ලාමය තුළින් ඔබ අත් විඳපු මානසික වින්දනය, ආශ්වාදය අන් අයත් භුක්ති විඳීම සඳහා ඉස්ලාමීය දැනුම සොයා ලබා ගැනීම ඔබ සතු වගකීමකි.

ඉස්ලාම් පිළිබඳ ඔබ සැබෑ දැනුමක්, අධ්‍යාපනයක් ලැබූ කළ අල්ලාහ් අභියස ඔබ වරප‍්‍රසාද ලද් පුද්ගලයකු වන බව ඔබේ ශාස්තෘවරයානන් වන නබි (සල්* තුමන්ගේ සුභාරංචිය වෙයි.
”කාහට අල්ලාහ් පි‍්‍රය මනාපය දක්වයිද ඔහුට දැහැමි ඥානය ලබා දෙයි” යනුවෙන් නබි (සල්* තුමන් ප‍්‍රකාශ කළහ. වෙනත් ප‍්‍රකාශයක ”කව්රුන් අධ්‍යාපනය ලබා ගැනීමේ මාර්ගය ඔස්සේ ගමන් කරයිද ඔහුට අල්ලාහ් ස්වර්ගයේ මග පහසූ කර දෙයි” යනුවෙන් නබි (සල්* තුමන් ප‍්‍රකාශ කළහ.
අෂ් ෂහාදා හෙවත් සාක්‍ෂිය
”අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදර් රසූලූල්ලාහ්”. නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසි වෙකු නැති බවත්, මූහම්මද් නබි (සල්* තුමන් අල්ලාහ්ගේ ¥තවරයා බවත් මම සාක්‍ෂි දරමි.

ඔබ මෙම පාඨයන් දෙක අවංක සිතින්, අර්ථය වටහා ගනිමින් පවසන විට හෙතෙම ඉස්ලාමයට ඇතුල් වනු ඇත. ඔබගේ ඉස්ලාමීය වෙනස පිළිබඳ වෙනත් අය නොදැන සිටියද ප‍්‍රශ්නයක් නොවන්නේය.

(ලා ඉලාහ ඉල්ලල්ලාහ්* හි තේරුම :

අල්ලාහ් දෙවියන් හැර නැමදීමට සුදුසු වෙන කිසි කෙනෙකු නොමැති බව අවංකව විශ්වාස කිරීම, මන්ද ඔහු මෙම විශ්වයේ සෑම විෂයකම නිර්මාතෘ, ඔහු ඒකීයකි, ඔහුට දෙමව්පියන්, භාර්යාවන්, ¥දරුවන් නොමැත. ඔහුට සමානව හෝ ඔහුගේ අති උතුම්වු ගුණාංගයන්ට සමානව හෝ කිසි වෙකු මෙම විශ්වයේ නොමැත. මැවීමේ ශක්තිය, කෙනෙකුට යහපතක් කර විපතක් වැළැක්වීමේ හැකියාව, අදෘශ්‍යමාන දේ දන්නා ඔහු හැර වෙන කිසි වෙකු නැත. දුආ ප‍්‍රාර්ථනා, භාර කිරීම්, සත්ව කැප කිරීම් මේ ආදි සෑම නැමදුමක්ම අල්ලාහ් වෙනුවෙන් පමණක් යන පිවිතුරු චේතනාවෙන් ඉටු කළ යුතුය.

(මුහම්මදුර් රසූලූල්ලාහ්* හි තේරුම :

කුෙරෙෂ් කුලයට අයත් අරාබි ජාතිකයකු වූ අබ්දුල්ලාහ්ට පුත‍්‍රයෙකු සේ උපත ලද මුහම්මද් අල්ලාහ්ගේ අවසාන ¥තවරයා ලෙසද, මුළු මානව සංහතියටම එවනු ලැබු ශාස්තෘවරයෙකු වශයෙන්ද පිළිගත යුතුය. එතුමන් සත්‍ය වන්තයෙකු ලෙස පිළිගෙන, එතුමන් අනුගමනය කිරීම, එතුමන්ට ආදරය දැක්වීම අනිවාර්්‍ය කටයුත්තක් සේ සැළකිය යුතුය. එතුමන්ගේ ඉගැන්වීම් වලට පටහැනිව අල්ලාහ් නැමදීම ද තහනම් වේ.

අස් සලාත් (නැමදුම*
දිනපතා සලාතය ස්ථාපිත කිරීම මගින් අපි අල්ලාහ්ගේ දාසයන් බවත්, අල්ලාහ් අපගේ ස්වාමියා බවත් සිහිපත් කෙරෙයි, දාසයාගේ ලක්‍ෂණය තම හිමියාට කීකරුවීම වේ. තවද මැවුම් කරු උත්කෘෂ්ට කිරීමක්ද, ඔහුගේ භාග්‍යයන්ට කෘතඥ වීමක්ද, ඔහුට අපි සමීප වීමක්ද මෙයින් සිදුවේ. සලාතය ඉටුකිරීමේදි පාපයන්ට සමාව ලැබෙන අතර, විශාල පිං කුසල් ලැබීමටද ඉවහල් වේ. තවද ඉස්ලාම්හි ස්ථීර පැවැත්මටද මෙය මහෝපකාරි වේ.

දිනපතා ඔබ පස් වතාවක් සලාතය ඉටු කළ යුතුය .

1* ෆජ්ර් සලාතය: රක්අත් දෙකකි, කාලය: රැුය අවසන් වී අළුයම සිට හිරු උදාවනතෙක් වේ
2* ලූහ්ර් සලාතය: රක්අත් හතරකි, කාලය: මද්‍යහන හිරු මුදුන් වී එය බැසීමේ පියවර ආරම්භ කරන වේලාවේ සිට යම් ද්‍රව්‍යයක සෙවනැල්ල එම ද්‍රව්‍යයේ ප‍්‍රමාණයට සමාන වන තත්ත්වයට පත්වන අවස්ථාව තෙක් වේ.
3* අස්ර් සලාතය : රක්අත් හතරකි, කාලය: ලූහර් සලාතයේ කාලය නිමවීම පටන් හිරු බසින වේලාව තෙක් වේ.
4* මඃරිබ් සලාතය: රක්අත් තුනකි, කාලය: හිරු බැසීමේ සිට සැඳැ ආලෝකය පහ වෙමින් රුය බෝ වීමත් සමග අවසන්වේ.
5* ඉෂා සලාතය: රක්අත් හතරකි, කාලය: මඃරිබ් සලාතය නිමවීම පටන් මධ්‍යම රාති‍්‍රය තෙක් වේ.
ජුම්ආ සලාතය : රක්අත් දෙකකි, මස්ජිදයට (සිද්ධස්ථානයට* පැමිණ සලාතය ඉටුකරන්නන් සමග එක් වී ලූහර් සලාතය වෙනුවට රක්අත් දෙකකින් සමන් විත මෙම සලාතය ඉටු කළ යුතුය. සිකුරාදා දිනයෙහි ඉටුකරන මෙම සලාතය සෑම පිරිමියෙකුටම අනිවාර්්‍යය වේ. සමූහව මෙම සලාතය ඉටු කිරීමට අත පසුවූ කෙනෙකු ලූහර් සලාතයයි ඉටු කළ යුත්තේ.

අල්ලාහ් අභියස විශාල වශයෙන් පිං ආනිශංස ලැබෙන අතිරේක සලාතයන් කිහිපයක් ඇත, මෙය ඉටු කිරීම හෝ නොකිරීම ඔබේ කැමැත්ත මත රඳා පවති: ෆජ්ර් සලාතයට පෙර, රක්අත් දෙකක්, ලූහර් සලාතයට පෙර (2-2 හතරක්, ලූහර් සලාතයට පසු රක්අත් දෙකක්, මඃරිබ් සලාතයෙන් පසු රක්අත් දෙකක්, ඉෂා සලාතයෙන් පසු රක්අත් දෙකක්, ජුම්ආ සලාතයෙන් පසු රක්අත් 2-2 හතරක් , ඉෂා සලාතයෙන් පසු විත්ර් සලාතය (අවම වශයෙන් රක්අතයක් හෝ* ඉටු කළ යුතුය. ඔබ මස්ජිදයට ඇතුල් වී වාඩිවීමට පෙර රක් අත් දෙකක් ඉටු කිරීම සතුටු දායක වේ.
පිරිසිදුකම
සර්ව බලධාරි අල්ලාහ් ඉදිරිපිට ඔබ සලාතය ඉටු කිරීමට පෙර පිරිසිදුව සිටීම අනිවාර්්‍ය වේ.

පවිත‍්‍රත්වය දෝවනය මගින් සිදුවේ, දෝවනය කළ යුතු ක‍්‍රමය පිළිබඳ ශුද්ධවූ කුර්ආනයෙහි අල්-මායිදා පරිච්ඡේදයේ 6-වැනි වාක්‍යයේ සඳහන් වෙයි.
1* (විශ්වාසවන්තයිනි! ඔබ සලාතය කිරීම සඳහා සූදානම් වූ විට ඔබගේ මුහුණ සෝදාගන්න*. දෙඅත් මැණික් කටුව දක්වාද, නාසය හා මුඛයද සෝදන්න.

2* (ඔබගේ දෙඅත් වැලිමිට දක්වා සෝදන්න*. අත් දෙක වැලිමිට තෙක් වතුර හොඳින් තැවරෙන ආකාරයට (දකුණු අතට පසු වම් අත* සේදිය යුතුය.

3* (ඔබගේ හිස පිරිමදින්න*. හිස සම්පූර්ණව පිරි මදිමින්, දෙකන්ද පිරි මැදිය යුතුයි.

4* (ඔබගේ දෙපා වළලූකර දක්වා සෝදන්න*. දෙකකුල් වළලූකර දක්වා සේදීමේදි දකුණු පාදයෙන් පසු වම් පාදය සේදිය යුතුයි.
දෝවනය කිරීමේදි මෙම අනුපිළිවෙල අනුගමනය කිරීම අනිවාර්්‍ය වේ.

පහත සඳහන් අවස්ථාවන්හීදි කෙනෙකුට දෝවනය කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවේ, සලාතය සඳහා ඔහුට ස්නානයද අනිවාර්්‍ය වේ.

1* සංසර්ගයේ යෙදීම.
2* ධාතු පිටවීම.
3* කාන්තාවගේ ඔසප් වීම නැවතීම.
4* දරු උපතත් සමග පිටවන රුධිරය නැවතීම.

ජලය නොමැති අවස්ථාවක නැතහොත් ජලය පරිහරණය කිරීම හානියක් ගෙන දෙයි යනු බියවූ විට දෝවනය හා ස්නානය වෙනුවට ඔබට තයම්මුම් කළ හැක, ඔබේ දෙ අත්ල පොළොව මත ස්පර්ෂ කර මුහණ පිරිමැදීම, පසුව දකුණු අත හා වම් අත මැණික් කටුව දක්වා පිරිමැදීම.

ඔබ පවිත‍්‍රවූ විට තවත් සලාතයක් සඳහා පවිත‍්‍ර වීම අවශ්‍ය නොවේ. (අපවිත‍්‍ර වීමේ යම් කාර්්‍යයක් ඇතිවූවානම් මිස*.

පවිත‍්‍රත්වය බිඳෙන කාර්්‍යයන් :
1* මළ මුත‍්‍රා පහකරන ස්ථානයෙන් යම් කිසි දෙයක් පිටවීම: මළ මුත‍්‍රා, වාතය, ශුක‍්‍ර ධාතු , රුධිරය යනාදි දේ පිටවීම.
2* සංසර්ගයේ යෙදීම.
3* ලිංගාශ‍්‍රිත ප‍්‍රදේශය හැඟීමෙන් යුතුව ස්පර්ෂ කිරීම.
4* නින්දෙන්, කලන්තයෙන්, මත් වීමෙන්, සිහි සුන් වීම.
5* ඔටු මස් අනුභව කිරීම.
සලාතය කළ යුතු ආකාරය
පළමුවැන්න: ඉටු කරන නියමිත සලාතයේ වේලාව පැමිණ තිබීම.(පෙර සඳහන් පරිදි*

දෙවැන්න: ඔබේ ශරීරය, පැළඳ සිටින වස්ත‍්‍රය, සලාතය සඳහාවු ස්ථානය පිරිසිදු විය යුතුය.

තෙවැන්න: සලාතයෙහි නිරත වන පිරිමියෙකු තමන්ගේ දනහිස සිට ඉකිණ දක්වා පෙදෙස අනිවාර්ේ‍යන් ආවර්ණය කළ යුතුය. මෙහි යම්කිසි කොටසක් අනාවර්ණය වීම තුළින් ඔහුගේ සලාතය නිෂ්ඵල වේ. කාන්තාවන් සලාතයෙහි නිරතවන විට තමන්ගේ මුහුණ, මැණික් කටුව හැර ශරීරයෙහි සෙසු සියළු පෙදෙස් ආවර්ණය කළ යුතුය.

අල්ලාහ්ගේ නියෝගය අනූව ඉබ්රාහීම්, ඉස්මාඊල් (අෙලෙහිමා* යන ශාස්තෘවරු දෙදෙනා විසින් ඉදි කරනු ලැබු, මක්කාවෙහි පිහිටා තිබෙන කඃබාවට මුහුණලා සලාතය ඉටු කිරීම අනිවාර්්‍ය වේ. අල්ලාහ්ගේ කරුණාව නොමදව පවතින එම ශුද්ධවූ ස්ථානය මුස්ලිම්වරුන්ගේ කිබ්ලාව හැට්යට අල්ලාහ් විසින් තෝරාගනු ලැබීය.

ඔබ සලාතයට නැගිට සිටිමින් ”අල්ලාහු අක්බර්” (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨයි* යනු කියා පටන්ගත් විටම ඇඟිලි විහිදෙන සේ උරහිස තෙක් දෑත් ඔසවමින් සලාතය ආරම්භ කළ යුතුය, අනතුරුව ඔබ පපුවෙහි දකුණු අත වම් අත මත තැබිය යුතුය. සලාතයෙහි නිරත වන මුළු කාලය තුළ නැමදුම් කරන්නාගේ නිරීක්‍ෂණය සජ්දාව (සඳහා නළල තබන* ස්ථානයට යොමු කළ යුතුය.

ෆාතිහා පරිච්ඡේදය පාරායනය කළ යුතුය. ඉන් අනතුරුව ඔබට ශුද්ධවූ කුර්ආනයෙහි දන්නා වෙනත් පහසු වාක්‍යන් පාරායනය කළ යුතුය.

රුකුඋ කරන්න, අල්ලාහු අක්බර් යනු තක්බීර් කියමින් ඇඟිලි කන් දෙසට විහිදෙන පරිදි දෙඅත් උර හිස දක්වා එස විය යුතුය, අනතුරුව සිරුර ඉදිරියට නමා, දෙ අත්ල ඇඟිලි විහිදෙන සේ දණහිස් මත තබා දෙවැලිමිට ඉණට ඈතින් තබා රුකුඋ කළ යුතුය. රුකුඋහි (සුබ්හාන රබ්බියල් අලීම්* යනු පැවසිය යුතුය.

(සමිඅල්ලාහු ලිමන් හමිදහ්* යනු පවසමින් රුකුඋහි සිට නැගිටීමත් සමග (රබ්බනා වලකල් හම්දු* යැයි උසූරිය යුතුය. පෙර සඳහන් පරිදි අත් දෙක ඔසවමින් පපුව මත තැබිය යුතුය.

අල්ලාහු අක්බර් යැයි කියමින් සිරස පොළොව මත තබා සජ්දා කළ යුතුය, මෙම අතර වාරයේ (සුබ්හාන රබ්බියල් අ:ලා* යැයි පැවසිය යුතුය. දෙ දණ බිම තැබිය යුතු අතර, නලල සහ නාස් පුඬුව, දෙඅත්ල, දෙපා ඇඟිලි වල ඇතුල් පැත්ත පෘෂ්ඨයේ ස්පර්ෂ විය යුතුය.

අල්ලාහු අක්බර් යැයි කියමින් සුජූද්හි සිට හිස ඔසවා වාඩිවී (රබ්බි:ෆිර්ලී* යැයි උසුරිය යුතුයි.
පෙර කළ පරිදි දෙවැනි සුජූදය කළ යුතුය.

මෙය කිරීමත් සමග මෙය සම්පූර්ණ එක් රක්අතයක් වේ. ඔබ දෙවැනි රක්අතය සඳහා අල්ලාහු අක්බර් යනු කියා නැගිට, ෆාතිහා පරිච්ඡේදය පාරායනය කළ, පෙර රක්අතය මෙන් ඉටු කළ යුතුය. දෙවැනි රක්අත්හි දෙවැනි සූජූදය නිම වීමත් සමග එම රක්අතයද අවසන් වෙයි.

අල්ලාහු අක්බර් යැයි පවසමින් වාඩිවී පහත සඳහන් තෂහ්හුදය පාරායනය කළ යුතුය.

”අත්තහියියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයියිබාතු. අස්සලාමු අෙලෙක අයියුහන් නබියියු වරහ්මතුල්ලාහි වබරකාතුහු. අස්සලාමු අෙලෙනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්. අෂ්හදු අන් ලාඉලාහ ඉල්ලල්ලාහු. වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලූහු.
අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මද්. කමා සල්ලයිත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්. වබාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මද් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්”
තේරුම: ”සියළු ගෞරවයන්, දයාව හා පාරිශුද්ධත්වය අල්ලාහ් සතුවේ. ශාස්තෘවරයානනි! ඔබ වෙත ශාන්තිය, අල්ලාහ්ගේ දයාව හා සෞභාග්‍ය හිමිවේවා. තවද, අප වෙත හා අල්ලාහ්ගේ යහපත් ශ‍්‍රද්ධාවන්තයින් වෙතත් ශාන්තිය ඇතිවේවා! පුදනු ලැබීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැති බවත්, මුහම්මද් (සල්* තුමන් අල්ලාහ්ගේ ශාස්තෘවරයා හා දාසයා බවත් මා සාක්‍ෂි දරමි.
හිමියනි! මුහම්මද් (සල්* තුමන් වෙත හා එතුමන්ගේ පවුලේ අය වෙත ඉබ්රාහීම් (අෙලෙ* වෙත හා එතුමන්ගේ පවුලේ අය වෙත දයාව, කරුණාව දැක්වූවා සේ දක්වනු මැන. සැබවින්ම ඔබ ප‍්‍රශංසාවට හා උත්කෘෂ්ටත්වයට හිමිකරුය. හිමියනි! මුහම්මද් (සල්* වෙත හා එතුමන්ගේ පවුලේ අය වෙත ඉබ්රාහීම් (අෙලෙ* වෙත හා එතුමන්ගේ පවුලේ අය වෙත සෞභාග්‍ය පිරිනැමුවා සේ පිරිනමනු මැන. සැබවින්ම ඔබ ප‍්‍රශංසාවට හා අති උත්කෘෂ්ටත්වයට හිමිකරුය.”
රක්අත් දෙකකින් සමන් විත සලාතයක් නම් මෙය පාරායනය කිරීමෙන් අනතුරුව ප‍්‍රථමයෙන් මුහුණ දකුණු පසට හරවමින්ද, දෙවනුව වම් පසට හරවමින්ද, අස්සලාමු අෙලෙකුම් වරහ්මතුල්ලාහ් යනු පැවසිය යුතුයි. (මෙහි තේරුම නම්: ඔබලාට අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය උදාවේවා!*.

සලාතය රක්අත් දෙකට අධික නම් සලාම් දීමට ප‍්‍රථම ඉහත සඳහන් තෂහ්හුද් පාරායනයෙන් අනතුරුව ”අල්ලාහු අක්බර්” කියා නැගිට සූරතුල් ෆාතිහා පාරායනයෙන් පසු රුකුඋ කරමින්, පෙර රක්අතය මෙන් කළ යුතුය. ම:රිබ් සලාතය නම් තුන් වැනි රක්අත්හි වාඩි වී තෂහ්හුද් පාරායනයෙන් පසු පෙර සඳහන් පරිදි දෙපැත්තට හැරී සලාම් කිව යුතුය. ලූහර්, අසර්, ඉෂා ආදි සලාතයන් නම් සිව්වැනි රක්අත්හි වාඩිවී තෂහ්හුද් පාරායනයෙන් අනතුරුව සලාම් කිව යුතුය.

කෙනෙකු මස්ජිදයේ පැවැත් වෙන සමූහ සලාතයට සහභාගි වීමට ප‍්‍රිය මනාපයෙන් සිටිය යුතුය, එසේ සමූහව ඉටු කරන විට ඔහුට පිං කුසල් විශාල වශයෙන් ලැබෙයි. ඉමාම් හෙවත් සලාතය මෙහෙයවන්නා අනුකරනය කරමින් ඔබ සලාතය කරන විට ඔහු අභිබවා යෑමෙන්ද, ඔහුට වඩා ප‍්‍රමාද වීමෙන්ද වැළකි සිටිය යුතුය. ඔබ පාරායනය නිම කළත්, නොකළත් සෑම ඉරියවිවකදීම ඔහු අනුගමනය කරමින් කි‍්‍රයා කළ යුතුය.

ඔබට ෆාතිහා පරිච්ඡේදය නොදන්නා විට කුර්ආනයෙහි ඔබ දන්නා වෙනත් වාක්‍යන් පාරායනය කළ යුතුයි. කුර්ආන්හි කිසිදු වාක්‍යක් නොදන්නා විට හෝ සලාතයේ කිසිදු ඉරියව්වක පාරායනයක් නොදන්නා අවස්ථාවක ”සුබ්හානල්ලාහ්, අල් හම්දුලිල්ලාහ්, ලාඉලාහ ඉල්ලල්ලාහු, අල්ලාහු අක්බර්, ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්” ආදි අල්ලාහ් සිහපත් කරන වචනයන් අතුරින් ඔබට පහසු වචනයක් උසුරිය හැක. සලාතය පිළිබඳ අල්ප දැනුමක් හෝ නොමැති අවස්ථාවකද එය අත පසු නොකළ යුතුය.

සලාතය නිෂ්ඵල වන කාර්්‍යයන්
සලාතය නිෂ්ඵල වන කරුණු පහත සඳහන් වේ :
1* ඔබ දැනුවත්ව ( ඕනැකමින්* ඔබේ ශරීරය කිබ්ලා දිසාවෙන් මුළුමණින්ම හැර වීම.
2* ඔබ දැනුවත්ව සලාතය අතර වාරයේ කථා කිරීම, නොදැනුවත්ව කථා කිරීම සලාතය නිෂ්ඵල නොකළද, එයද සපුරා තහනම්ය.
3* සලාතය අතර වාරයේ සිනාසීම.
4* සලාතය අතර වාරයේ නොහොබිනා ලෙස හැසිරීම.
5* සලාතය අතර වාරයේ ආහාර පාන අනුභව කිරීම.
6* පිරිසිදුභාවය නැති වීම.
7* ශරීරයෙහි අනිවාර්ේ‍යන් ආවර්ණය විය යුතු පෙදෙස් දැනුවත්ව ( ඕනැකමින්* ආවර්ණය නොකිරීම.

දෝවනය පාපයන්ට ප‍්‍රතිකර්මය වේ

 

1. දෙඅත් මැණික්කටුව දක්වා සේදීම
2. කට සේදීම
3. නාසයට වතුර යවා පිට කිරීම
4. මුහුණ සේදීම

 

 

 

5. දකුණු අත සේදීම
6. වම් අත සේදීම
7. හිස පිරි මැදීම

 

 

 

8. දෙකන් පිරිමැදීම
9. දකුණු පාදය සේදීම
10. වම් පාදය සේදීම

 

 

දෝවනයෙන් පසු කිව යුතු ප‍්‍රාර්ථනාව: අෂ්හදු අන් ලාඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීක ලහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලූහු .
තේරුම: නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසි වෙකු නැති බවත්, මුහම්ද් අල්ලාහ්ගේ ශාස්තෘවරයා බවත් මා සාක්‍ෂි දරමි.

සලාතය ඉස්ලාම් හි කුළුණක් වේ.

 

 

1. ආරම්භක තක්බීරය
2. පාරායනය සඳහා සිටගෙන සිටින ඉරියව්ව
3. රුකුඋහි නැමීමේ ඉරියව්ව
4. රුකුඋහි සිට නැගිට, සිටීම

 

 

 

5. සුජූද් කිරීම
6. සුජූදයන් දෙක අතර වාඩිවීම
7. සුජූද් කිරීම
8. පාරායනය සඳහා නැගිට සිටීම

 

 

 

9. රුකුඋ සඳහා නැමීම
10. රුකුඋහි සිට නැගිට සිටීම
11. සුජූද් කිරීම
12. සුජූදයන් දෙක අතර වාඩිවීම

 

 

 

13. සුජූද් කිරීම
14. වාඩිවී තෂහ්හුද් පාරායනය කිරීම
15. දකුණු පැත්තට හැරී සලාම් කීම
16. වම් පැත්තට හැරී සලාම් කීම
ඉස්ලාම් හි පංච ස්ථම්භක
ඉස්ලාම්හි මූලික කැරණු පහක් ඇත.
1* ඉස්ලාම් දහමට ප‍්‍රවිශ්ට වීම සඳහා (ෂහාදා* සාක්‍ෂි දැරීම :
”අෂ්හදු අන් ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදර් රසූලූල්ලාහ්”. නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසි වෙකු නැති බවත්, මූහම්මද් නබි (සල්* තුමන් අල්ලාහ්ගේ ¥තවරයා බවත් මම සාක්‍ෂි දරමි.
2* සලාතය : දිනපතා පස් වේලක් සලාතය ඉටු කිරීම.
3* (සකාත්* ශුද්ධකාරක බද්ධ: නිශ්චිත අවම ප‍්‍රමාණයක වත්කමක් ඇති සෑම මුස්ලිමෙකුම මෙය ගෙවිය යුතුය. මෙය යහපත් කි‍්‍රයාවක් වන අතර, අල්ලාහ්ට කෘතගුණ සැළකීමක්ද වේ. දිය යුතු කාලය, ප‍්‍රමාණය, දිය යුත්තේ කාටද? පිළිබඳව ඉස්ලාම් විස්තරාත්මකව සඳහන් කරයි.
4* අස්සව්ම් උපවාසය : වරප‍්‍රසාදයන් වලින් පිරිපුන් රමළාන් මස තුළ නබි (සල්* තුමන් වෙත මුල් වරට අල්-කුර්ආනය පහළවුනේය. මුස්ලිමෙකු තම හිමියන්ගේ නියෝගයන්ට අවනතවී, ඔහුට කෘතඥවී මෙම මස තුළ උපවාසයෙහි නිරත විය යුතුය. සෑම අවුරුද්දකම (නම වැනි චන්ද්‍ර මාසයේ* රමලාන් උදාවෙයි. උපවාසයෙහි යෙදෙන කාලය තුළ කෑම බීම වලින් තොර නිරාහාරව සිටිය යුතු අතර, ලිංගික ආශාවන්ද මැඩ පැවැත්විය යුතුය. නිරාහාරව සිටීමේ අභ්‍යාසය තුළින් දුප්පතුන්ට, අසරණයින්ට උදව් කිරීමේ මානසිකත්වයක් පහළ වෙයි.
5* හජ් කර්තව්‍යය: මක්කාවේ පිහිටා ඇති කඃබාව (මස්ජිදුල් හරාම්* වෙත ගොස්, ශ‍්‍රද්ධාව, යහපත් බව තහවුරු කර ගැනීමට ඉවහල් වන්නාවු නොයෙකුත් කි‍්‍රයාවන් ඉටු කළ යුතු වේ. වසරේ අවසාන චන්ද්‍ර මාසයේ හැකියාවන් තිබෙන මුස්ලිම්වරුන්ට ජීවිතයේ එක් වතාවක් හජ් කිරීම අනිවාර්්‍ය වේ. විශ්වයේ විවිධ ඉසව්වලින් මුස්ලිම්වරු පැමිණීම තුළින් ජගත් මුස්ලිම්වරුන් අතර එක්සත් බව ඇතිවී ජාත්‍යන්තර සහෝදරත්වයක් ගොඩ නැගේ. මෙමගින් ඔවුන්ගේ හදවත් තුල විශ්වාසය, ස්ථීර පැවැත්ම හා ශාන්තිය වර්ධනය වේ.
විශ්වාසයෙහි කුළුණු
ඉස්ලාම් හි මූලික ප‍්‍රතිපත්තීන් වශයෙන් සැළකෙන, මුස්ලිමෙකු අවංකව විශ්වාස කළ යුතු කරුණු හය:
පළමුව: අල්ලාහ් පිළිබඳවූ විශ්වාසය, ඔහු අහස් ගැබන් ඉහළ වැජඹ සිටින බවද, සෑම වස්තුවකම අධිපති බවද. සෑම විෂයක් පිළිබඳ පූර්ණ දැනුම ඔහු සතු බවද, කිසිදු අවශ්‍යතාවක් ඔහුට නැති බවද, සෑම වස්තුවකම ඔහුගේ ශක්තිය වැතිර ඇති බවද, සකල විශ්වයේ නිර්මාතෘ අපේ සවාමියා ඔහු බවද සම්පූර්ණයෙන් විශ්වාස කළ යුතුය. නියත වශයෙන් ඔහුගේ නාමයන්, ගුණාංගයන්, කි‍්‍රයාවන් සර්ව සම්පූර්ණය, ඔහුට භාර්යාවන්, ¥ දරුවන්, දෙමව්පියන් නොමැත. මානව සංහතියේ එකම ස්වාමියා වන ඔහුට සමානව කිසිවෙක් නොමැත. ඔහු හැර අන් සියල්ලන් ඔහුගේ දාසයන්ය.

දෙවැන්න: මලායිකා (දේව¥ත* වරුන් පිළිබඳ විශ්වාසය, අල්ලාහ්ගේ විශිෂ්ට නිර්මාණයක්වූ මොවුන් සංඛ්‍යාවෙන් අති විශාලය, ශ‍්‍රද්ධාවන්තයින් වන මොවුන් අල්ලාහ්ගේ ගරුත්වයටද පාත‍්‍රවූවන්ය. විශ්වය මත අල්ලාහ්ගේ සෑම නියෝගයක්ම ඔවුන් කි‍්‍රයාත්මක කරන අතර, ශාස්තෘවරුන්ට දේව පණීවුඩ ගෙන ඒමද ඔවුන් සතු කාර්්‍යයක් විය. මිනිසාගේ සෑම කි‍්‍රයාවක්ම නිරීක්‍ෂණය කර සටහන් කරන්නේද ඔවුන්ය.

තෙවැන්න: දේව පුස්තක පිළිබඳ විශ්වාසය, අල්ලාහ් විසින් ශාස්තෘවරුන්ට, මිනිස් සමාජය යහ මග යවනු පිණීස පුස්තකයන් පහළ කරන ලදි. මූසා (අෙලෙහි* වෙත තව්රාත් පුස්තකයද, ඊසා (අෙලෙහි* වෙත ඉන්ජීල් පුස්තකයද පහළ කළාක් මෙන්, නබි (සල්* තුමන්ට ජිබ්රීල් (අෙලෙහි* මගින් අවසන් පුස්තකය වශයෙන් අල්-කුර්ආනය පහළ විය. මෙය පහළ වීමත් සමග මීට පෙර වූ පුස්තකයන් අහෝසි විය. පෙර පුස්තකයන් විශ්වාස කරන අතර, අල්-කුර්ආනය අනූව පමණක් කි‍්‍රයා කිරීම සියල්ලන්ට අනිවාර්්‍ය වේ.

සිව්වැන්න: ශාස්තෘවරු පිළිබඳ විශ්වාසය: මිනිසුන් අතරින් තෝරාගනු ලැබු පිරිසකට (වහි* දේව පණිවුඩ අනාවරණය කර, මුළු විශ්වයටම එකම හිමියන්වූ අල්ලාහ්ට පමණක් යාඥා කරන ලෙස සමාජයට පහදා දීමේ වගකීමද ඔවුන්ට පැවරිනි. මෙලොවට එවනු ලැබු ශාස්තෘවරුන්ගෙන් නූහ්, ඉබ්රාහීම්, මූසා, ඊසා (අෙලෙහිම්* ද ඉතා වැදගත් ¥තවරු වේ. පෙර පැමිණි සෑම ශාස්තෘවරයෙක්ම විශ්වාස කළ යුතු අතර, අවසන් හා මුළු මානව සංහතියටම ශාස්තෘවරයා වශයෙන් තෝරාපත් ගනු ලැබු, කුෙරෙෂ් ගෝත‍්‍රයෙහි, අබ්දුල්ලාහ්ගේ පුත‍්‍රයෙකු ලෙසින් උපත ලද ”මුහම්මද් නබි (සල්* තුමන්” ගෙන හැර දැක්වු දේ පමණක් පිළි පැදිය යුතුය.

අවසන් ශාස්තෘවරයා හා ඊසා (අෙලෙහි* අතර වසර හය සීයක කාල පරාසයක්ද විය.

පස්වැන්න : අවසාන දිනය පිළිබඳ විශ්වාසය, අල්ලාහ් සෑම මිනිසෙක්ම මරණින් පසු යළි නැගිට්ටුවා, ඔවුන් විනිශ්චයකට ඇතුල් කර ඔවුන්ට ප‍්‍රති ඵල ලබාදෙයි. ඔහුට අවනතව ජීවත්වූවන් ස්වර්ගයටද, ඔහුට අවනත නොවු (ප‍්‍රතික්ෂේප කරුවන්* නිරයෙහි ගින්නටද පිවිසෙයි. සදාතනිකවූ එම ජීවිතයට මරණයක් හෝ අවසානයක්් නොමැත. (යා අල්ලාහ්! මෙලොව හා මතුලොව ජීවිතය අපට යහපත් කරනු මැනව, නිරයෙහි දඬුවමෙන්ද අපව මුදවනු මැනව*.

සයවැන්න : හොඳ හා නරක පෙර මිණුම අනූව සිදුවන බව විශ්වාසය, විශ්වය හා විශ්වයේ නිර්මාණයන්ට ප‍්‍රථම එහි පැවැත්ම, ආයුෂ කාලය පිළිබඳ සදාතනිකවු අල්ලාහ් තීරණය කළේය. කෙනෙකු අල්ලාහ් විශ්වාස කිරීම, ප‍්‍රතික්ෂේප කිරීම, කෙනෙකුට කරදර, පීඩාවන් පැමිණීම, දෛනික ජීවිතයේ අවශ්‍ය තාවයන් ඉෂ්ටවීම, කෙනෙකු ජීවත් වීම, මරණයට පත්වීම මේ ආදි සියල්ලක්ම සර්ව පාලක අල්ලාහ්ගේ කැමැත්ත පරිදි සිදුවේ. මෙ ලොව අංශු මාත‍්‍රයක සිදුවීමක් හෝ ඔහුගේ පෙර මිණුම අනූව මිස සිදු නොවෙයි. මෙ ලොව සෑම සි¥වීමක් පිළිබඳවම සටහන් පොතේ සඳහන් වී ඇත. ඔහුගේ පෙර මිණුම අනූව මිනිසාට හොඳ හා නරක තෝරා ගැනීමේ බුද්ධ්යද, අවස්ථාවද උදාකර දී ඇත.
අත් තව්හීද් ඒකීය භාවය
ඉස්ලාම් වනාහි අල්ලාහ්ගේ ඒකීය භාවය ස්ථාපිත කිරීම ශ්‍රේෂ්ඨ කි‍්‍රයාවක් වශයෙන් සළකන අතර, ඔහුට ආදේශයන් ඇති කිරීම මහත් පාපයක් සේ සළකයි. සර්ව බළධාරී අල්ලාහ් ඒකීයෙක් බවද, මැවූම් කරුවා, ආහාර සපයන්නා, පාලකයා, අදෘශ්‍යමාන දෑ ගැන දන්නා, ප‍්‍රාණය ලබා දෙන්නා, මරණයට පත් කරන්නා, මේ ආදි සියළු කාර්්‍යයන් ඔහුගේ අණ පරිදි සිදුවන බව විශ්වාස කළ යුතුය. ඔහුගේ සර්ව ශක්තියට, කි‍්‍රයාවන්ට, ගුණාංගයන්ට, නාමයන්ට කිසිවෙකු සමානව නැති බවත්, ඔහුට දෙමව්පියන්, ¥ දරුවන් නැති බවත් පිළිගත යුතුය.

නැමදුම් සේ සළකනු ලබන සුජූද් සිරස පොළොව මත තැබීම, සත්ව කැප කිරීම, ප‍්‍රාර්ථනා අයදීම්, භාර කිරීම් මේ ආදි කි‍්‍රයාවන් ඔහුට මිස නොකළ යුතුය. කෙනෙකුට යහපතක්, හෝ විපතක් කිරීමට අල්ලාහ්ට හැර ශාස්තෘවරයෙකුටද, හූනියම් කරන්නෙකුටද, ශාස්ත‍්‍ර කාරයෙකුටද, මිහිදන්ව සිටින්නෙකුටද, යන්ත‍්‍ර මන්ත‍්‍ර, ගුරුකම්, තාරකා ආදි පිහිටෙන්ද කළ නොහැකි බව අචල විශ්වාසයක් තැබිය යුතුය.
සෙසු අයගේ ප‍්‍රශංසාව අපෙක්‍ෂාවෙන් යාච්ඥාවන්හි නිරතවීමෙන් වැළකිය යුතුය. සකල විශ්වයෙහි එකම හිමියන් වූ අල්ලාහ්ගේ නීතියට සමාන, වෙන කිසිදු නීතියක් නැති බව වටහා ගෙන, ඔහුගේ නීතියට පමණක් අවනත විය යුතුය. දිව්රන විට අල්ලාහ්ගේ නාමයෙන් මිස වෙන කිසි වෙකුගේ නාමයෙන් නොදිව්රිය යුතුය.
අළුත් නම් යොදන විට අල්ලාහ්ගේ දාසයන් යන අර්ථය ගෙන දෙන නම් වෙනුවට අබ්දුන් නබි (ශාස්තෘවරයාගේ දාසයා* අබ්දුල් හුෙසෙන් (හුෙසෙන්ගේ දාසයා* යන වැරදි අර්ථයන් දෙන නම් නොයෙදිය යුතුය.
ඇදහීම
ඔබ අල්ලාහ්ට අවනතවූ පුද්ගලයෙකු වන්නට නම්: ඔහුගේ ආඥාවන් හොඳ හැටි අවබෝධ කරගෙන, ඒ අනූව කි‍්‍රයා කළ යුතුය. ඔහු (ඉබාදත්* යාඥාවන් හැටියට නිර්දේශ නොකරපූ නූතන යාඥා ක‍්‍රමවලින් ඈත් වී ඔහුගේ නිර්දේශයන්ට අනූව පමණක් කි‍්‍රයා කළ යුතුය. නබි (සල්* තුමන් පෙන්වාදුන් මාර්ගය ඔස්සේ ගමන් කිරීම අල්ලාහ්ගේ ඉමහත් සතුටට කාරණාවක් වේ. කව්රුන් අල්ලාහ්ගේ නිර්දේශයන්ට පටහැනිව නූතන කි‍්‍රයාවන් ඇති කරයිද, ඔවුන් ඉස්ලාමය අංග සම්පූර්ණවූ දහමක් හැටියට පිළි නොගන්නා අතර, නබි (සල්* තුමන්, තමන්ගේ ¥ත මෙහවරෙහිද අඩුවක් කළ බව නොකියා කියති.
(හරාම්* හෙවත් තහනම් කි‍්‍රයාවන්
සර්ව ඥානාන්විත අල්ලාහ් මිනිසාට හිත කළ දෑ අනුමත කර, අහිත කළ දෑ තහනම් කළේය.

සැබෑ බැතිමතෙක් ඔහුගේ ආදරය, සෙනෙහස ලබා ගැනීම උදෙසා තමන්ගේ සිතැඟියාවන්ට, වැරදි ආශාවන්ට වහල් නොවී ඔහු තහනම් කළ දැයින් ඈත්විය යුතුය. ඔහුගේ සදාතනිකවූ තෘප්තිය තකා තාවකාලීන දුර් ආශාවන් යටපත් කළ යුතුය.

ඉස්ලාම් තහනම් කළ ප‍්‍රධාන කරුණු :
1* අල්ලාහ්ට ආදේශයන් ඇති කිරීම. (පෙර විස්තර කළාක් මෙන්*.
2* ඉස්ලාම්හි සමහර කරුණු සුළුකොට තැකීම හෝ පිළිකුල්ව සිතීම.
3* අල්ලාහ්ගේ නියමය අනූව සිදුවන කාර්්‍යයන් පිළිබඳ කෝපවීම හෝ කාලයට ශාප කිරීම.
4* ආගම අනුමත කළ දෑ, තහනම් දෑ හැටියටත්, තහනම් කළ දෑ අනුමත දෑ හැටියටත් සැළකීම. නිසි ආගමික දැනුමක් නොමැතිව තර්ක කිරීම.
5* ඉස්ලාම් නූතන කි‍්‍රයාවන් වශයෙන් දකින (නොමග යවන* දෑ කිරීම. උදාහාරණයට, නබි (සල්* තුමන්ගේ ජන්ම දින උත්සව සැමරීම, නබි (සල්* තුමන්ගේ ලොකු පියාගේ පුත‍්‍රයාණන්වූ අලි (රලි* (ෂියියාවරු මෙන්* සීමාව ඉක්මවා ප‍්‍රශංසා කිරීම. සලාතය සඳහා (සිතින් තැබිය යුතු (නීයතය* චේතනාව* මුවින් ප‍්‍රකාශ කිරීම.
6* නබි (සල්* තුමන්ගේ මිත‍්‍රයින් වන සහාබාවරුන්ට දොස් (ඇනුම්* පද කීම.
7* හූනියම්, මන්ත‍්‍ර ගුරුකම් වැනි පහත්, නින්දිත කාර්්‍යයන්හි නිරත වීම.
8* සලාතය නියමිත වේලාවට ඉටු නොකිරීම. (පිරිමින් දේවස්ථානයෙහි පැවැත්වෙන සමූහ සලාතයට සහභාගි නොවීම*.
9* මිළ මුදල් සම්පත් වෙනුවෙන් පැණවුනු සකාත් අනිවාර්්‍ය බද්ද නොගෙවා සිටීම.
10* ආගම අනුමත කළ නීති රීති වලින් තොර රමළාන් උපවාසය මග හැරීම.
11* දිවි නසා ගැනීම, අයුක්ති සහගත ලෙස කෙනෙකු ඝාතනය කිරීම.
12* සටනක අතර වාරයේ පළා යෑම.
13* දුරාචාරයේ, ¥ෂණයේ, (ලූත් අෙලෙහිස් සලාම්ගේ සමාජය මෙන් සම ලිංගිකයෙහි* යෙදීම, ස්වයංව ලිංගික ආශාවන් ඉෂ්ට කර ගැනීම.
14* ¥ෂණය වැනි කෙනෙකු නොකරපු වරදකට ඔහු වරදකරු කිරීම.
15* අනාථයින්ට අයිති සම්පත් අයුතු ලෙස පරිහරණය කිරීම.
16* පොලිය, (කෙනෙකුට රුපියල් සීයක් දෙමින් එකසිය දහයක් ඉල්ලීම මෙන්*.
17* අල්ලස.
18* සූදුව.
19* සොරකම, උකස් භාණ්ඩ (අන් අයට අයිති දෑ* ආරක්‍ෂා නොකර අයුතු ලෙස පරිහරණය කිරීම, ණය නොබේරා සිටීම, අයුතු මාර්ගවලින් මුදල් ඉපැයීම.
20* මිළ මුදල් සීමාවකින් තොර නාස්ති කිරීම.
21* දෙමව්පියන්ට වද හිංසා කිරීම.
22* ලේ ඥාතීන්ට දුක් කරදර ඇති කිරීම.
23* අසල්වැසියන්ට හිරිහැර ඇති වන සේ හැසිරීම.
24* පොදුවු ස්ථානයන්හි පරිසරය ¥ෂණය කිරීම.
25* අයුතු ලෙස බලය පාවිච්චි කර, අන් අයට වද, හිංසා පමුණු වීම. අපරාධ සඳහා සහය වීම.
26* සත්තු සිව්පාවුන්ට වද හිංසා කිරීම.
27* සත්‍ය වසංකර අසත්‍ය වෙනුවෙන් පෙනී සිටීම.
28* බොරුව, මුලාව, පොරොන්දු කඩ කිරීම.
29* වංචාව, රුවටීම, ප්‍රෝඩාව, කෙනෙකුගේ රහස්‍ය කරුණු හෙළි කිරීම.
30* ඊර්ෂ්‍යාව, ක්‍රෝදය.
31* අන් අයට අපහාස කර, උඩඟු ලෙස හැසිරීම.
32* අන් අයගේ අඩු ලූහුඬුකම් සොයමින්,( කෙනෙකු නැති තැන ඔහු ගැන කතා කිරීම*.
33* සංගීතය.
34* මත් පැන්, මත් ද්‍රව්‍ය.
35* ලේ, මළවූ සත්තු සිව්පාවුන් හා අපවිත‍්‍ර දේ අනුභව කිරීම.
36* ඌරන්, සුනඛයන්, දඩයම් සත්තු හා දඩයම් නියපොතු ඇති කුරුල්ලන් අහාරයට ගැනීම.
37* අල්ලාහ්ගේ නාමයෙන් තොර කැප කළ දේ අනුභව කිරීම.
38* ආගම අනුමත කළ හේතුවකින් තොර සුනඛයින් ඇති කිරීම.
39* ඉස්ලාම් දහමට අදාළ නොවන (කුරුස වැනි* වෙනත් ආගමික ලාංඡුන පැළඳීම.
40* පිරිමින් රන් ආභරණ, පට වස්ත‍්‍ර පැළඳීම. දෙපා වළලූකර ආවර්ණය වනසේ ඇඳුම් ඇඳීම. මෙම කරුණුවල කාන්තාවන්ට සමානව නොහැසිරිය යුතුය.
දෛනික ජීවිතයෙහි ඉස්ලාම් තහනම් නොකළ සෑම කාර්්‍යයක්ම අනුමත වේ. ප‍්‍රතිචාරයකින් තොර නිහඬව සිටින කරුණු වලදීද අනුමැතිය තිබේ. මෙය ඉස්ලාම්හි පිළිගැනුනු මූල ධර්මය වේ.
යහපත් ගුණාංග
ඉස්ලාම්හි සලාතය, උපවාසය වැනි යාඥා ක‍්‍රමවලට හිමිවන මූලිකත්වයට නො දෙවැනි ස්ථානයක් හා ප‍්‍රසාදයක් යහපත් ගුණාංගයන්ටද හිමිවේ.

මුස්ලිම් බැතිමතෙකු බැබලෙන්නට නම් ඔහු තුළ තිබිය යුතු උසස් ගුණාංග:

1* අවංකභාවය.
2* විශ්වාසභාවය, පොරොන්දු ඉශ්ඨ කිරීම.
3* නිහතමානිත්වය, සංවේදි භව.
4* කරුණාව, වීනීතභාවය.
5* (වරදකට* සමාවදීම, සාමූහීකත්වය රැුකීම.
6* යටහත් පහත්කම, දයාළු භව, උපකාර කිරීම.
7* ගරුත්වය, ඥාතීන් සමග යහපත් ලෙස හැසිරීම.
8* නීතිය, සාධාරණය ඉෂ්ට කිරීම.
9* එඩිතරකම, උතුම්භාවය, වීර ධීරත්වය.
10* ඉවසීම.
යහපත් සාරධර්ම
යහපත් දෑ පි‍්‍රයකර, පිරිසිදුකම, ලස්සනකම රැුකීම නියම මුස්ලිමෙකුගේ ගුණාංගයකි. ඔහු තමන්ගේ මුඛය සෑම අවස්ථාවකදීම පිරිසිදුව තබාගනී, නියපොතු කපයි, කත්නා (චම_ ඡේදනය* කරයි, ඔහු යහපත් ශරීර සෞඛ්‍යට මූලිකත්වය දෙයි, රහස්‍ය පෙදෙස හි හා කිසිල්ල රෝම ඉවත් කරයි. ඔහුගේ උඩු රැුවුල කොට කරයි. ඔහු තමන්ගේ හිස කෙස් කොටසක් හැර කොටසක් නොකපයි.

මංමාවත්, පොදු ස්ථානවල පරිසරය සුරැුකීම, අන් අයට හිංසා පීඩා නොවනසේ, විනය ගරුකව හැසිරීම. පොදු යහපත මුල් කොට තැකීම. ඉස්ලාම් උසස් කොට තකන විනයන්ගෙන් කොටසක් වේ.

මුස්ලිමෙකු ආහාර පාන අනුභව කරන විට, යම් කිසි දෙයක් ගන්නා විට, දෙන විට තමන්ගේ දකුණු අත භාවිතා කළ යුතුය. දෝවනය, ස්නානය, ඇඳුම් පැළඳීම, කොණ්ඩය පීරීම, කොණ්ඩය කැපීම, මස්ජීදයට, නිවසට ඇතුල් වීම මේ ආදී අවස්ථාවන්හීදි නබි (සල්* තුමන් දකුණු පැත්තට මූලිකත්වය දී කටයුතු කළාක්මෙන් සෑම මුස්ලිමෙකුම කටයුතු කළ යුතුය.

නින්දට යන විට දෝවනය කර, දකුණු කම්මුල මත අත තබා, දකුණු පැත්තට හැරී සැතපිය යුතුය.

පහත සඳහන් සෑම අවස්ථාවකදීම ”බිස්මිල්ලාහ්” (අල්ලාහ්ගේ නාමයෙන්* යැයි පැවසිය යුතුය. ආහාර පාන අනුභව කරන විට, නින්දට යන විට, ඇඳුම් ගලවන විට, වාහනයක නගින විට, බිරිඳත් සමග සංසර්ගයේ යෙදෙන විට, සත්වයෙක් කැප කරන විට, වැසිකිළියට පිවිසෙන විට, දෝවනය කරන විට, නිවසට ඇතුල් වන විට, නිවසින් පිටවන විට, මස්ජීදයට පිවිසෙන විට හා මස්ජිදයෙන් පිටවන විට.

ආහාර පාන අනුභව කිරීමෙන් අනතුරුව ”අල් හම්දුලිල්ලාහ්” (ප‍්‍රශංසා සියල්ල අල්ලාහ්ට* යනු පැවසිය යුතුය.

කෙනෙකු කිඹුහුම් අරින විට ”අල් හම්දුලිල්ලාහ්” (සියළු ප‍්‍රශංසා අල්ලාහ්ට* යනුවෙන් අල්ලාහ් ප‍්‍රශංසා කළ විට, එය ඇසු සහෝදර මුස්ලිම් ”යර්හමුකල්ලාහ්” (ඔබට අල්ලාහ්ගේ දයාව හිමිවේවා!* යනුවෙන් ප‍්‍රාර්ථනා කළ යුතුය, එය ඇසු කිඹුහුම් ගිය තැනැත්තා ”යහ්දීකල්ලාහ්” ඔබට යහ මග ලැබේවා! යනුවෙන් පැතිය යුතුය.

මුස්ලිමෙකුට ඈනුමක් යන විට තමන්ගේ දෑතින් මුව ආවර්ණය කිරීම ඉස්ලාම්හි පිළිගත් විනය ගරුක කි‍්‍රයාවක් වෙයි.

නබි (සල්* තුමන්ගේ නාමය ඔබට ශ‍්‍රවණය කළ විට ”සල්ලල්ලාහු අෙලෙහිවසල්ලම්” (එතුමන්ට ශාන්තිය හිමිවේවා* යනුවෙන් පැතිය යුතුය.

ඔබ අල්-කුර්ආනය පාරායනය කරන විට පිරිසිදුව සිටිය යුතු අතර, පැහැදිළි හඬ්න්, ලස්සනට පාරායනය කළ යුතුය. එමෙන්ම අන් අය පාරායනය කරන විටද නිහඬව එයට ඇහුම්කන් දිය යුතුය.

උදෑසන සලාතය සඳහා යුහුසුළුව මස්ජිදය වෙත පියමනින ඔබ දුඟඳවලින් තොර පවිත‍්‍රව යා යුතුය. මස්ජිදය තුළ ලෞකික දේ පිළිබඳ කථා නොකිරීම මස්ජිදයේ ගරුත්වය රැුකීමකි. සිකුරාදා දිනයෙහි ජුම්ආ සලාතය සඳහා ස්නානය කර, සුවඳ විළවුන් ආලේප කර, මස්ජිදයට ගොස් දේශණය නිහඬව ශ‍්‍රවණය කළ යුතුය.

මුස්ලිමෙකු තවත් කෙනෙකුගේ නිවසකට පිවිසන විට නැතහොත් වෙනත් කෙනෙකුට අයිති දෑ පරිහරණය කරන විට, ඔහු්ගේ අනුමැතිය ලබාගත යුතුය.

ඔබට මුස්ලිම් සහෝදරයෙකු හමුවූ විට ප‍්‍රථමයෙන් (හිස පහත් කොට ආචාර නොකර* ඔහුට අතට අත දී සිනාමුසු මුහුණින් පිළිගෙන ”අස්සලාමු අෙලෙකුම්” (ඔබට සාමය උදාවේවා!* යනුවෙන් සලාම් ප‍්‍රකාශ කිරීමද, ඔහු සලාම් කියූ විට ”වඅෙලෙකුමුස් සලාම්” (ඔබටද සාමය උදාවේවා!* යනු පිළිතුරු දීමද, ඔහු ඔබෙන් සමුගන්නා විට යළි සලාම් කී සමුගැනීමද ඉතා වැදගත් සාරධර්ම වේ.

අමුත්තන්ට සළකා සමු දීම, මංගල උත්සව අවස්ථාවලට, දරුවන් උපත ලැබු අවස්ථාවලට, සහභාගි වී සුභ පැතීම ඉස්ලාම්හි යහපත් සිරිත් වේ.

රෝගාතුරවූවන්ගේ සුව දුක් විමසා, ඔවුන්ගේ සුවය තකා ”ලා බඃස තහූරුන් ඉන් ෂා අල්ලාහ්” (ඉවසීමෙන් සිටින්න අල්ලාහ්ගේ කැමැත්ත අනූව සුවය ලැබේවි* යනුවෙන් ප‍්‍රාර්ථනා කළ යුතුය.

ඔබට කරදරයක් ඇතිවූ විට, කව්රුන් හෝ විපතට පත්වූ විට ”ඉන්නාලිල්ලාහි වඉන්නා ඉෙලෙහි රාජිඌන්” (අපි අල්ලාහ්ට අයත් අයයි, ඔහු වෙතම යළි හැරෙන්නෙමු* යැයි පැවසිය යුතුය.

ආගන්තුකයින්ට සළකන්න, මහළු අයට ගෟරව කරන්න, කුඩා දරුවන්ට කරුණාව දක්වන්න, අසරණයින්ට පිහිටවන්න, සත්තු සිව්පාවුන්ට කරුණාව දක්වන්න.

ඔබෙන් කෙනෙකුට වරදක් සිදුවූ විට ඔහුගෙන් සමාව අයදිය යුතුය, කෙනෙකු ඔබට උපකාරයක්, යහපත් උපදෙසක් කළ විට ”ජසාකල්ලාහු ෙහෙරා” (අල්ලාහ් ඔබට යහපතම ලබා දෙත්වා!* යනුවෙන් පවසා ස්තුති කිරීමට අමතක නොකරන්න.

යහපත් දේ කථා කිරීම, ශ‍්‍රවණය කිරීම, අවශ්‍ය කරුණු පිළිබඳ අදහස් හුවමාරු කිරීම ඉස්ලම් හි වත් පිළිවෙත් වේ.

කෝප නොවන්න, කෝපවූ විට ”අඌදු බිල්ලාහි මිනෂ් ෙෂෙතානිර් රජීම්” (ෙෂෙතාන්ගේ නපුරු කි‍්‍රයාවලින් මිදීමට අල්ලාහ්ගෙන් ආරක්‍ෂාව පතමි*. යනු කියන්න.

ඉස්ලාම් දහමට ප‍්‍රවිශ්ට වීමේ දී මිස ඔබේ නම වෙනස් නොකරන අතර, වැරදි අර්ථයන් ඉස්මතු කරන ”අබ්දු ඊසා” (ඊසාගේ දාසයා* වැනි නාමයන් වෙනස් කළ යුතුය.

දික්ර්, දුආ (යාඥාවන්*
අල්ලාහ් නිරතුරුව සිහි කරන්නන්, ඔහුගෙන් ප‍්‍රාර්ථනා කරන්නන් හා ඔහුගෙන් සමාව අයදින්නන්ව ප‍්‍රිය කරයි.

අල්ලාහ්ගේ වචනයන් අන්තර්ගත වී ඇති, ශුද්ධවු අල්-කුර්ආනය පිළිබඳ දැනුම ඔබට අල්පවූවද එය වැඞ් වශයෙන් පාරායනය කළ යුතුය.

සලාතයෙ හි සලාම් දීමෙන් අනතුරුව, ”අස්තඃෆිරුල්ලාහ්” (මම අල්ලාහ්ගෙන් සමාව අයදිමි* යනු තුන් වරක්ද, ”අල්ලාහුම්ම අන්තස් සලාම්, වමින්කස් සලාම්, තබාරක්ත යාදල්ජලාලි වල්ඉක්රාම්” (යා අල්ලාහ්! ඔබ ශාන්තිය ලැබූ කෙනෙකි, ශාන්තිය ඔබට හිමිය, ඔබ භාග්‍යවන්තය, පැසසුම හා කීර්තිය ඔබ සතුය* යනු එක් වරක්ද උසුරිය යුතුය. එය අනිවාර්්‍ය සලාතයක් නම් (සුබ්හානල්ලාහ්, වල් හම්දුලිල්ලාහ්, වල්ලාහු අක්බර්* තිස් තුන් වරක් උසුරා, සිය සම්පූර්ණ කිරීම සඳහා (ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීකලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්* යනු එක් වතාවක් පැවසිය යුතුය.

දිනකට දස වතාවක් ”ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීකලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයියින් කදීර්” (නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැත, ඔහු ඒකීයයි, පාලනය ඔහු සතුය, ප‍්‍රශංසාව ඔහුට හිමිය, සියල්ල කෙරෙහි ඔහු බලවන්තයාය* යනු උසුරීම ඔබට විශාල කුසල් ලැබීමට හේතු සාධක වේ.

සෑම දිනකම ”සුබ්හානල්ලාහි වබිහම්දිහි” (අල්ලාහ් පරිශුද්ධය, ප‍්‍රශංසාව ඔහුටය* යන වචනයන් සිය වාරයක් උසුරිය යුතුය.

අල් කුර්ආනය මගින් අල්ලාහ් අපට ඉතා වැදගත් ප‍්‍රාර්ථනාවන් උගන්වයි : ”රබ්බනා ආතිනා ෆිද්දුන්යා හසනතන් වෆිල් ආහිරති හසනතන් වකිනා අදාබන්නාර්” (හිමියනි! මෙලොවෙ හි හා මතු ලොවෙහි අපට යහපත දෙනු මැනව, අප නිරයේ ගින්නෙන් ඇතිවන දඬුවමෙන්ද ආරක්‍ෂා කරනු මැනව.* 2- 201

”රබ්බනා ලා තුසිඃ කුලූබනා බඃද ඉද් හදයිතනා වහබ්ලනා මින් ලදුන්ක රහ්මතන් ඉන්නක අන්තල් වහ්හාබ්” (අපගේ හිමියනි! ඔබ අප යහමගට පත් කළායින් පසු අපගේ සිත් පෙරළෙන්නට නොසලස්සවන්න. ඔබ සන්නිධානයෙන් ඔබගේ දයාළු භාවය අපට දෙනු මැන. ඇත්තෙන්ම ඔබමයි මහත් ත්‍යාගවන්තය*.

”රබ්බනා ඉන්නනා ආමන්නා ෆඃෆිර්ලනා දුනූබනා වකිනා අදාබන්නාර්” (අපගේ ස්වාමිනි! අපි ඔබව විශ්වාස කළෙමු, අපගේ පාපයන් කමා කර, අපායේ දඬුවමින්ද අපව ආරක්‍ෂා කරනු මැනව* . 3 -8- 16
”යා මුකල්ලිබල් කුලූබ් සබ්බිත් කල්බී අලා දීනික්” (හෘදයන් හසුරුවන්නා! මාගේ හෘදය ඔබේ දහමෙහි ස්ථීර කරනු මැන*, මෙය නබි (සල්* තුමන් අඛණ්ඩව උසුරන ප‍්‍රාර්ථනාව විය.

මුස්ලිම් වනිතාව
වනිතාව පිරිමියාගේ සහකාරිය වන අතර කෙනෙකු නොමැතිව කෙනෙකු ජීවත් වීමද අපහසුය.

භාර්යාවට හිමි නිසි ස්ථානය ඉස්ලාම් ලබා දෙයි. පිරිමියා ස්වාමි පුරුෂයෙකු වශයෙන් භාර්යාවට හිමි මහර් (දෑවැද්ද ද*, වෙනත් විය හියදම්ද ගෙවිය යුතුය. දෙමව්පියන් වශයෙන් යුතුකම් ඉශ්ට කිරීමේදි පියෙකුට වඩා ඉස්ලාම් මවට මූලීකත්වය දෙමින් කටයුතු කරයි.

ඉස්ලාම් වනිතාවට අධ්‍යාපනය ලබා ගැනීමේ, මුදල් ඉපැයීමේ, තමන් සතු දේ පාලනය කිරීමේ, දෙමව්පියන් සතු මිළ මුදල් වලින් කොටසකට උරුමකම් කීමේ, තමන්ගේ අනාගත ස්වාමිපුරුෂයා තෝරාගැනීමේ හා ප‍්‍රතික්‍ෂේප කිරීමේ විශාල අයිතීන් රාශියක් ලබාදෙයි.

අල්ලාහ්ගේ නිර්මාණයන්හි පිරිමියාට නොදෙවැනි ස්ථානයක් කාන්තාවටද හිම්වේ. යාච්ඥා කටයුතු වල නිරතවෙමින් නිසි ස්ථාවරයක සිටීම කාන්තාවගේද වගකීම වේ. ඉස්ලාම්හි ඉගැන්වීම් වලට අනූකුලව අනාගත පරපුරට අයත් දරුවන් හදා වඩා ගැනීම මවගේ පරම යුතුකම වන අතර, ස්වාමිපුරුෂයත් සමග මනා අවබෝධයකින් යහපත් අයුරින් කටයුතු කිරීමද ඇය සතු වගකීම වේ.

ඉස්ලාම්හි වත් පිළිවෙත්, යාච්ඥාවන්, අනුමත දේ තහනම් දේ, වෙනත් නීති රීතින් පිරිමි පාර්ශවයට පමණක් පෞද්ගලිකව පැණවූ දේ හැර සෙසු සියළු කරුණු දෙපාර්ශවයටම පොදුය.

කාන්තාවක් ඔසප්වීම, ගැබ් ගැනීම, දරු ප‍්‍රසූතය ඉන් පසු වෙනස් වන තත්ත්වයන් ස්වභාවයෙන්ම පිරිම්යාට පරස් පරවන මෙවැනි අවස්ථාවන් ඉස්ලාම් සියුම් ලෙස අධ්‍යයනය කරයි.

මුස්ලිම් කාන්තාවක් ඔසප් වීමේදි, දරු ප‍්‍රසුතයෙන් පසු ලේ හටගැනීමේදි ඇය සලාතය ඉටු කිරීම, උපවාසය රැුකීම, සංසර්ගයෙහි යෙදීම සපුරා තහනම්ය. ඉහත කී තත්ත්වයන්ගෙන් වෙනස් වූ විට ඇය ස්නානය කරමින්, මග හැරුනු උපවාසයන් පමණක් රකින අතර, මග හැරුනු සලාතයන් ඉටු කිරීම අවශ්‍ය නොවේ.

ඉස්ලාම් කාන්තා චරිතය අවතක්සේරු නොකරයි, ඇයගේ පතිවතට උතුම් භාවයක් ලබා දෙයි. දුරාචාරයෙන්, පහත් ආශාවන්ගෙන් ඇය ආරක්‍ෂා කරයි. ඇය තමන්ගේ ශරීරයෙහි රහස්‍ය පෙදෙස් ප‍්‍රදර්ශණය නොකර ආවර්ණය කිරීම තුළින්, අන් අය වැරදි මගට පොළඹවා ගැනීමේ, ඇය කාමුකයින්ගේ ගොදුරට ලක් වීමේ ඉඩ ප‍්‍රස්තාව ඇහිරි යයි. ඇය තමන්ගේ ස්වාමි පුරුෂයා, තවත් ඇයට විවාහ කර ගැනීමට තහනම්වූ ලේ ඥාතින් වන පුතා, පියා, සහෝදරයා, මවගේ සහෝදරයා, පියාගේ සහෝදරයා මොවුන් සමග මිස තනිව නොසිටිය යුතුය.

මුස්ලිම් කාන්තාවක් මුස්ලිම් නොවන පිරිමියෙකු සමග විවාහවීම සපුරා තහනම්ය.

වැදගත් ඔවදන් පෙළ
ඉස්ලාම් වනාහි ඔබේ ගරුත්වය, වටිනාකම වර්ධනය කරන අතර, එය ඔබට ලැබුණු උතුම් අවස්ථාවක් සේ සළකා දිවි හිමියෙන් එහි නියෝගයන් පිළි පැදිය යුතුය, තවද මං මුළා වූවන්ගේ මග පෙන්වීම් වලින් සැළකිළිමත් වීම බුද්ධි ගෝචරය.

සමහර නිර්නාමික මුස්ලිම් වරුන්ගේ කි‍්‍රයා කලාපයන් මගින් සැබෑ ඉස්ලාමය හා එකී විශේෂත්වය කෙරෙහි නිගමනය නොකරන්න. මක්නිසාදයත්, මුස්ලිම් වරු සමහර විට වැරදි කරන අතර, අල්කුර්ආනයෙහි දේශණාවන්ට පටහැනිවද කි‍්‍රයා කරති.

ඔබ මුස්ලිම් වරුන්ට දක්වන ආදරය හා උපකාරය ඔබේ ශක්තිමත් ඉස්ලාමයට සාධක ලෙස පවතී. අල්ලාහ් කුර්ආනයෙහි පවසයි: ”නිසැකවම විශ්වාසවන්තයින් සහෝදර වරුන්ය”. හුජුරාත් : 11

සකල ස්වාමින්ගේ ආඥාවන්ට අනූකුලව කෙනෙකු දහමෙහි ස්ථීරවීමට නම් :

1* අල්කුර්ආනය පිළිබඳ ඥානය හා ඉස්ලාම් දහම පිළිබඳ දැනුම වැඩි දියුණු කර ගන්න. ආගමික කරුණු පිළිබඳව කලබලයට පත් නොවී, පසුතැවිලි නොවී ප‍්‍රශ්න කරන්න.
2* නබි (සල්* තුමන්ගේ, එතුමන්ගේ අවංක මිත‍්‍රයින්ගේ, මුස්ලිම් විශාරදයින්ගේ ජීවිත කතාවන් හදාරන්න.
3* සලාතය නියමිත වේලාවට ඉටු කිරීම, මස්ජිදයෙහි පැවැත්වෙන සලාතයන්ට කල් වේලා ඇතුව සහභාගි වීම, සතියකට වතාවක් සිකුරාදා දිනයන්හි පැවැත්වෙන දේශණය ශ‍්‍රවණය කරමින්, ජුම්ආ සලාතය ඉටු කිරීම.
4* යහපත් ගති පැවතුම් ඇති මුස්ලීම්හු ඇළුම් කරමින්, ඔවුන් සමග ආශ‍්‍රය පැවැත්වීම.
අල්-කුර්ආනයෙහි හා අනාගත ශාස්තෘවරයාගේ භාෂාව වන අරාබි භාෂාව ඉගෙන ගැනීමට වැඞ් අවධානයක් යොමු කිරීම, එය ඉස්ලාමීය දැනුම වැඞ් දියුණු කර ගැනීමට රුකුලක් වේ.

අන් අය ඉස්ලාමයට සිත් ඇද ගන්නා සුළු කි‍්‍රයා කරන්න:
1* ඔබ ඉස්ලාම් අනූව ජීවත්වීමෙන්, එයට ආදරය දැක්වීමෙන් හා එහි නියෝගයන් කි‍්‍රයාවට නැංවීමෙන් අන් අය ඉස්ලාම් කරා ආකර්ශණය කළ යුතුයි..
2* දෛනික ජීවීතයේදි අන් අය සමග අවබොධයෙන් ගුණ ගරුකව කටයුතු කරමින්, යහපත් කි‍්‍රයාවල ස්ථීරව සිටිමින්, අන් අයට ආදර්ශමත්ව ජීවත් විය යුතුය.
ඔබේ උත්සහයෙන් කෙනෙකු යහ මගට පිවිසෙයි නම්, ඔබද ඔහු යහපත් කි‍්‍රයාවන්හි කොටස් කරුවෙකු වන්නේය. තවද ඔහුගේ යහපතෙහි කිසිදු අඩුවක් නොසිදුවෙයි. මුලින්ම ඔබේ සහෝදරයින්, ඥාතීන් යහපත කරා කැඳවීම ඉස්ලාම්හි පිළිගත් කි‍්‍රයා පිළි වෙතක් වේ. ඉස්ලාමීය පොත් පත්, කැසට් පට, දේශණ ආශ‍්‍රයෙන් අන් අයට ඉස්ලාමය දැනුවත් කරමින්, ඔවුන්ට යහ මග ලැබීමටද පැතිය යුතුය.

ඉස්ලාම් ආශ‍්‍රයෙන් පැන නැගෙන ප‍්‍රශ්නවලට ඔබ නොදැනුවත්ව පිළිතුරු සැපයීමෙන් වළකින්න. ඔබ අධ්‍යාපනය ලබා ගන්නා කල්හි විශ්වාසවන්ත විද්වතුන්ගෙන් පමණක් ලබා ගත යුතුය.

අන් අයගේ ආගමික උත්සවයන්ට ඔබ සහභාගි නොවිය යුතුය. ඔබ මුස්ලිමෙකු බව අමතක නොකර, සත්‍යයෙහි ස්ථීරව සිටීම ඉතා වැදගත්ය. මුස්ලිමෙක් වසරකට උත්සව දෙකක් මිස නොසමරයි.. එකක් ”ඊදුල් ෆිත්ර්” යනුවෙන් හඳුන්වනු ලබන රමලාන් උත්සවය, (චන්ද්‍ර මාස අනූව දහ වැනි මාසයෙහි මුල්ම දිනයේ එය උදාවෙයි*. තවත් එකක්, ”ඊදුල් අල්හා” නම් හජ් උත්සවය (චන්ද්‍ර මාස අනූව දොළොස් වැනි මාසයේ දහ වැනි දින එය උදාවෙයි*.

ඔබ කරන කුමන යහපත් කි‍්‍රයාවක් වූවත් එය අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා හා එයට අදාල ප‍්‍රසාධය ඔහුගෙන් පමණක් අපෙක්‍ෂා කරමින් කළ යුතුයි.

සෑම අවස්ථාවකදීම ඔබ අල්ලාහ්ගෙන් පමණක් උදව් පතන්න. සෑම නිමේෂයකම ඔහුගේ පිහිට අවශ්‍ය වන ඔබ, ඔහු සදාතනිකව සිහිපත් කරන අතර, ඔහුගේ භාග්‍යන්ටද කෘතඥ විය යුතුය.

සැබවින්ම, අල්ලාහ් ඔබව නිරීක්‍ෂණය කරන බවත්. ඔහු ඔබේ සියළු ඉරියව්වන් හා කි‍්‍රයාවන් දැන සිටින බවත්, ඔබ අඛණ්ඩව සිහි තබාගත යුතුයි. ඔහු ඔබ කෙරෙහි සර්ව බලවතෙක් වන අතර, කිසිදු දෙයක් මගින් ඔහු බල රහිත කිරීමට නොහැක.

ඔබෙන් සිදුවුනු වැරදි වලට, අකුසලයන්ට අල්ලාහ්ගෙන් සමාව අයදිය යුතුය. ”මෙය වෙනුවට පාපිෂ්ටයෙකු වන මා ඔහුගෙන් කෙසේ සමාව අයදින්නේද”? යනු නොපැවසිය යුතුය. නියත වශයෙන්ම අල්ලාහ්ගේ කරුණාව, දයාව අති විශාලය.

ඔබ ජයග‍්‍රහණය අපේක්‍ෂා කරන්නේ නම් ඉවසිලි වන්තයෙකු ලෙස කටයුතු කළ යුතුය. ඔබ නියම ඉස්ලාමීය බැතිමතෙකු නම් ඔබට පැමිණෙන සියළු පීඩනයන් ඉවසාගත යුතුය. ඔබට පෙර ජීවත් වු ශාස්තෘවරුන්ට, ශ‍්‍රද්ධාවන්තයින්ට මුහුණ දෙන්නට සිදුවූ සියළු පීඩනයන්, වද හිංසා ඉදිරියෙහි ඉවසීමෙන් කටයුතු කළහ. නමුත් අල්ලාහ්ගේ දඬුවමත් සමග සාපේක්‍ෂව බලන කළ මිනිස් සමාජයෙහි කෙණහිළිකම් ඉතා අල්පය. අපායට සේන්දුවීමේ මාර්ගය ඉතා පහසුය. එයට පිවිසීම සඳහා කිසිදු පරිශ‍්‍රමයක් දැරීමටද අවශ්‍ය නැත. නමුත්

සුවර්ගයෙහි තත්ත්වය ඊට වෙනස්ය, සුවර්ගයේ මාර්ගය කැප කිරීම්, ශ‍්‍රමය මැද්දේ සැකසි ඇත. ඔබ සුවර්ගයට පිවිසෙන තෙක් ඉවසිලි වන්තව, අසීමිත ලෞකික ආශාවන් මැඩ පවත්වමින් කි‍්‍රයා කළ යුතුය. ඔබ ආගමෙහි ස්ථීරව සිටින විට තාඩ පීඩන වලට මුහුණ දෙන්නට සිදුවූයේ නම්, දැනගන්න! ඔබට පෙර සිටි ශාස්තෘවරුන්ට, ශ‍්‍රද්ධාවන්තයින්ට විවිධ තාඩන පීඩනයන්ට මුහුණ දෙන්නට සිදුවිය. නමුත් ඒ සියළු අවස්ථාවලදි ඒ උත්තමයන් අල්ලාහ් වෙනුවෙන් ඉවසීමෙන් කටයුතු කළහ. තවද ඔවුන්ට සමාජයේ මුහුණ පාන්නට සිදුවූ හිරි හැර, කම් කටලූ අල්ලාහ්ගේ දඬුවම් වලට කොහෙත්ම ඔවුන් සමාන නොකළහ.
ඔබේ දැනූම යළි උරගා බලන්න
ඉස්ලාම්හි සුවිශේෂත්වයන් හතරක් සඳහන් කරන්න!
ඉස්ලාම් අ්‍යාපනයට මූලීකත්වය ලබා නෙ නබි වනක් පවසන්න!
ලා ඉලාහ ඉල්ලල්ලාහ් හි තේරුම කුමක්?
පස් වේල සලාතයෙහි (කොටස්* රක්අත් හතරකින් යුත් සලාතයන් හඳුනවන්න!
හවල් කාලය හා රාති‍්‍ර කාලය ඇරඹීමත් සමග ඉටු කරන සලාතයන් හා එහි රක්අත් සංඛ්‍යාව පවසන්න!
ජුම්ආ සලාතයෙහි (කොටස්* රක්අත් සංඛ්‍යාව කොපමණ? එම සලාතය ඉටු කරන ස්ථානය කුමක්? ස්තී‍්‍රන්ට එම සලාතය ඉටු කිරීම අනිවාර්්‍ය?
අනිවාර්්‍ය සලාතයන්ට පෙර හා පසු ඉටු කරන සලාතයන් හා එහි රක්අත් සංඛ්‍යාව කොපමණ?
ෝවනයේ ී සේිය යුතු අංගයන් හතරින් පිරිමැිය යුතු අංගය කුමක්?
මුස්ලිම් ස්තී‍්‍ර පුරුෂ පොර්ශවයටම ස්නානය අනිවාර්්‍ය වන කරුණු හතරක් පවසන්න!
සලාතය සඳහා පිරිසිදුවීමට කුමන අවස්ථාවක පස්, ¥විලි භාවිතා කළ යුතු? කෙසේ භාවිතා කළ යුතු?
පිරිසිදුකම බිඳෙන කරුණු පහක් සඳහන් කරන්න!
සලාතයට පෙර අවානය යොමු කළ යුතු කරුණු තුන කුමක්?
සලාතය කිරීමේි මුහුණලා සිටිය යුතු සි්ස්ථානය කුමක්? එම සි්ස්ථානය ඉි කිරීමට දායකවුනේ කව්රුන්?
සලාතය ප‍්‍රවිශ්ට වන විට කියන වාක්‍යය කුමක්? සලාතය නිම කරන විට කියන වාක්‍යය කුමක්?
සලාතයෙහි එක් ඉරියව්වක සිට තවත් ඉරියව්වකට මාරුවීමේි ”අල්ලාහු අක්බර්” යනු පැවසිය යුතුය. එක් අවස්ථාවකි හැර, එම
අවස්ථාවේි කුමක් පැවසිය යුතු?
සලාත්හි ෙඅත් ඔසවන ඉරියව් තුනක් කියන්න!
රුකුඋ, සුජූ් ඉරියව්හීි උසුරන තස්බීහ් අතර වෙනස කුමක්?
සුජූ් හි පොලොව මත ස්පර්ෂ විය යුතු ශරීරයේ අංගයන් හත කුමක්?
සලාතයෙහි වාඩිවිය යුතු ඉරියව් කෙ කුමක්?
පස් වේල (අනිවාර්්‍ය* සෑම සලාතයකටම තෂහ්හු් පාරායනයන් කෙක් ඇත. එක් සලාතයක පමණක් තෂහ්හු් අවස්ථාවක් ඇත එම සලාතය කුමක් ?
ෆාතිහා පරිච්ඡේය නොන්නා විට සලාතයේ ඔබ කුමක් කළ යුතු?
සලාතය නිෂ්ඵල වන කාර්්‍යයන් තුනක් පවසන්න!
ඉස්ලාම්හි කුළුණු පහ සඳහන් කරන්න!
මුස්ලිම් කාන්තා පිරිමි පොර්ශවයම හවල් කාලයෙහි ආහාර පානයකින් තොර නිරාහාරව, සංසර්ගයේ නොයෙි සිටිය යුතු මාසය කුමක් ?
මලායිකාවරු යනු කව්රුන් ?
අල්ලාහ් පහළ කළ පුස්තකයන් තුනක් සඳහන් කරන අතර, එය පහළවූ ¥තවරුන් සඳහන් කරන්න!
මුස්ලිමෙකු අනිවාර්්‍යයෙන් ැනගත යුතු තව්හී (ඒක ේවත්ව* යට පටහැනිවු කරුණු හතර කුමක්?
යහපත් පු්ගලයෙකුගේ සොහොන් කොත අභියසට කෙනෙකු පැමිණ ඔහුගේ පාපයන්ට අල්ලාහ් ඉිරියෙහි මැිහත් වන ලෙස ඔහුගෙන් අයින්නා පිළිබඳ ඔබ රන මතය කුමක්?
ආගමෙහි නාමයෙන් කෙරෙන නූතන කි‍්‍රයාවන් කෙක් පවසන්න!
සලාතය නියමිත වේලාවට ඉටු නොකරන්නාගේ තත්ත්වය කෙබඳු?
පොලිය යනු කුමක්?
මුල් ඉපැයීමට තහනම්වුනු මාර්ග තුනක් පවසන්න!
අනුභව කිරීමට තහනම්වුනු වස්තුන් පහක් පවසන්න!
කාන්තාවන් හා පිරිමින් අතර ඇඳුමෙහි වෙනස් කෙක් පවසන්න!
ඉස්ලාම් ඉවත් කිරීමට නියෝග කරන රෝමයන් කුමක්? කැපීමට නියෝග කරන රෝමයන් කුමක්?
මුස්ලිමෙකු නින්ට යෑමේී අනුගමනය කළ යුතු ක‍්‍රම පිළිවෙත් මොනවා?
”බිස්මිල්ලාහ්” කිවයුතු අවස්ථාවන් පහක් සඳහන් කරන්න!
ඈනුමක්, කිඹුහුමක් ගිය විට කුමක් කළ යුතු?
රෝගියෙකුගේ සුව දුක් විමසන විට කුමක් කිව යුතු?
ඔබට යම් කෙනෙකු උපහාරයක් කළ විට කුමක් පැවසිය යුතු?
සලාතයෙහි සලාම් ීමෙන් අනතුරුව කුමක් උසුරිය යුතු ?
කාන්තාවකට විවාහ වීමට තහනම් වුනු පු්ගලයන් කව්රුන්?
රමළාන් උපවාස මාසයෙහි ඔසප් වුනු කාන්තාවක්, මග හැරුණු උපවාසයන්, සලාතයන් යළි ඉටු කළ යුතු?
නවක මුස්ලිමෙකු ඉස්ලාමයේ ස්ථීරව සිටීමට ඉවහල් වන කරුණු හතරක් පවසන්න!
ඔබෙන් කෙනෙකු යහ මගට පත්වූ විට ඔබට ලැබෙන ප‍්‍රතිඵල කුමක්?
වසරකට වෙතාවක් සමරන උත්සවයන් කෙ කුමක්? මෙම උත්සවයන් කෙ සමග බැඳී පවතින අනිවාර්්‍ය කාර්්‍යයන් කෙ කුමක්?

දිව්‍යමය ග‍්‍රන්ථය වන ශුද්ධවූ අල්-කුර්ආනයෙන් පරිච්ඡේදයන් කිහිපයක්

උච්චාරණය පිළිබඳ විස්තර
අල්-කුර්ආනය පාරායනය කරන විට පහත සඳහන් අක්‍ෂරයන් උච්චාරණය කිරීමේදි වැඩි අවදානයක් යොමු කළ යුතුය. සමහර අරාභි අක්‍ෂරයන් හා සිංහල අක්‍ෂරයන් අතර සමාන උච්චාරණයන් නොතිබීම මීට හේතුවේ.

අරාබි අක්‍ෂර
සිංහල අක්‍ෂර
خ

ص

ض

ط

ظ

ع

غ

ق

هـ

මෙම අක්‍ෂරයන් කෙසේ උච්චාරණ කළ යුතුයි යන දැනුම ඔබට නැති විට ඒ පිළිබඳ නිසි දැනුමක් ලද් අයගෙන් අසා දැන ගැනීම මනාය.
සූරතුල් ෆාතිහා (ආරම්භය*
1- (බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්*. ”මහා දයාන්විත පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි” පාරායනය සඳහා ඔහුගේ අනුග‍්‍රහය පතමින්, ඔහුගේ තෘප්තියද අපේක්‍ෂා කරමින් ආරම්භ කරමි.

2- (අල් හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්*. ”විශ්වයේ අධ්පතිවූ අල්ලාහ්ට සියළු පැසසුම් හිමිය” විශ්වය තුළ හා එපිට ඇති දේ මවා ඇති දැඞ් කර පෝෂණය කරන, දාසයාගේ අවශ්‍යතාවන් ඉටු කරන, මිහිතලය මත දායාදයන් ව්‍යාප්ත කරන, ශ‍්‍රද්ධා වන්තයින්ට යහ මග විවර කරන, ඔවුන්ගේ ආධ්‍යාත්මික විශ්වාසය වැඞ් දියුණු කරන ඔහුට ප‍්‍රශංසා සියල්ල අයිතිය.

3- (අර්රහ්මානිර් රහීම්*. ”ඔහු අසීමිත කරුණාවන්තයාද, අපරිමිත දයාවන්තයාද වේ” මෙම විශ්වය තුළ ඔහුගේ කරුණාව විහිදි ඇත. මතු දිනයෙහි දි ඔහුගේ දයාළුභාවය විශ්වාසවන්තයින්ට පමණක් සීමාවනු ඇත.

4- (මාලිකි යව්මිද්දීන්*. ”ඔහු විනිශ්ච දිනයෙහි අධිපති වේ” සෑම කි‍්‍රයාවකටම ප‍්‍රතිඵල ලැබෙන එම තීරණාත්මක දිනයෙහි එකම අධිපති ඔහු වේ.

5- (ඉයියාක නඃබුදු වඉයියාක නස්තඊන්*. ”ඔබම නමදිමු ඔබගෙන්ම පිහිට පතමු” යා අල්ලාහ්! නැමදුම් තුළින් ඔබගේ ඒකීයත්වය තහවුරු කරමු. සෑම අවශ්‍ය තාවක්ම ඔබ වෙත ඉදිරිපත් කරමු.
6- (ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්*. ”අපට සෘජු මග පෙන්වා දෙනු මැනව” අපට නිසි මග පෙන්වනු, එම මාර්ගයෙහි අප ඒකරාශි කර, ස්ථීර කරනු . (එම සෘජු මග ඉස්ලාමය වේ*.

7-8 (සිරාතල්ලදීන අන්අම්ත අෙලෙහිම්, අයිරිල් මඃලූබි අෙලෙහිම් වලල්ලාල්ලීන්*. ”ඔබගේ උදහසට භාජනවු හෝ උන්මාර්ගගාමි අයගේ (මාග_ය* හෝ හැර, ඔබගේ ආශිර්වාදය ලද් අයගේ මාග_ය (අපට පෙන්වා දෙනු මැනව*”.

අප හිමියනි! එම මග ඔබ ඉදිරියෙහි ගෞරවයට ලක්ව සිටින ශාස්තෘවරුන්ගේ හා ශ‍්‍රද්ධාවන්තයින්ගේ මග වේ. යුදෙව්වරුන් මෙන් සත්‍ය දැන එය මග හැර, අල්ලාහ්ගේ යහ මග හැර අන් මාර්ගයෙහි සත්‍ය සොයා එමගින් නොමග ගියවුන්ගේ (කිතු වරුන්ගේ* මාර්ගයෙන්ද අපව ඈත් කරනු මැනව.

මුස්ලිම්වරුන්ට බොහෝ යහපත් දේ අනාවරණය කළ ෆාතිහා පරිචිඡේදය, අල්-කුර්ආනයෙහි මුල්ම පරිච්්ඡේදය වන අතර, විශාල දැනුම් සම්භාරයකට හිමිකම් කියන සුවිශේෂ පරිච්ඡේදයකි. පරිශුද්ධවු ඔහුගේ නාමයන්, අසීමිත පාලන බලය, ඔහුගේ ව්ශේෂ භාග්‍යන්, ප‍්‍රශංසා මුඛයෙන් සිහිපත් කෙරෙයි, මතු ජීවීතය සිහිපත් කරමින්, මෙලොව යහකම් කිරීමට පෙළඹවීම, ලෞකීක ප‍්‍රතිලාභ අපේක්‍ෂා නොකර ඔහු වෙනුවෙන් පමණක් යහපත් කටයුතුවල නිරතවීම, ඔහුගෙන් පමණක් පිහිට පතමින්, සෑම කාර්්‍යයක්ම ඔහු වෙත භාර කිරීම, ඔහුගෙන් හැර මිස උදව් නොපැතීම, සෑම අවස්ථාවකදීම ඔහුගේ මනස අල්ලාහ් සමග බැඳී පැවතීම, බැගෑපත්ව ප‍්‍රාර්ථනා අයදීම, ඔහු පෙන්වූ මාර්ගයෙහි ගමන් කරමින් පුණ්‍ය කි‍්‍රයාවන් කිරීමට ඔහුගෙන් පැතීම, ඉස්ලාම් තුළින් සැබෑ සතුට, වින්දනය අත්පත් කර ගැනීම, අප හිමියන්ට අවනත වී ඔහුගේ සිය ප‍්‍රසාදය ලබා ගැනීම, (මෙය කෙනෙකුට ලැබෙන ශ්‍රේෂ්ඨතම භාග්‍යකි*. අන් අයට යහ මග අපෙක්‍ෂා කරමින් සත්‍ය මග වන ඉස්ලාම් වෙත ඔවුන් කැඳ වීම. සියළු මුස්ලිම්වරු සහෝදරයින් වශයෙන් සිතා, ශ‍්‍රද්ධාවන්තයින්ට වැඞ් ඇල්මක් දැක්වීම, යුදෙව් හා කිතුවරුගේ දහම (නොපිළිගෙන* ප‍්‍රතික්‍ෂේප කිරීම, ඉස්ලාමීය දැනුම ලබා ගෙන, ඒ අනූව කි‍්‍රයා කිරීමට වැඞ් කැමැත්තක් දැක්වීම, යුදෙව්වරු මෙන් දැනුවත්ව ඔහුට පිටුපා කටයුතු නොකිරීම, කිතුවරු මෙන් දහම් නිර්දේශයන්ට පටහැනිව ඔහුට නැමදුම් නොකර සිටීම.
සූරතුල් අස්ර් (කාලය*
1-2 (වල් අස්ර්, ඉන්නල් ඉන්සාන ලෆී හුස්ර්*: ”කාලයෙන් (ප‍්‍රමානකොට* මිනිසා නියතයෙන්ම විනාශයේය” අල්ලාහ් කාලය මත දිවුරා මිනිසා විනාශ මුඛයේ සිටින බව අනතුරු අඟවයි.

3- (ඉල්ලල්ලදීන ආමනූ වඅමිලූස් සාලිහාති වතවා සව්බිල් හක්කි, වතවා සව්බිස් සබ්ර්*: ”විශ්වාසකොට, යහකම් කරමින්, සත්‍ය හා ඉවසිම එකි නෙකා අතර උපදෙස් කරන්නන් හැර”. අල්ලාහ් මත අචල විශ්වාසයක් තබා, යහකම් කරමින්, (ඉස්ලාම්හි ස්ථීරවී, නීතිය සාධාරණය, ඉවසීම එකිනෙකා අතර දේශණා කරන්නන් හැර*. අල්ලාහ්ට අවනතවී කි‍්‍රයා කරන විට මුහුණ දීමට සිදුවන පීඩනයන් ඉවසීමෙන් දරා ගැනීම, ඔහු වැළැක්වූ දැයින් ඉවසීමෙන් වැළකි සිටීම. ජීවිතයේ පැන නැගෙන ගැටළු අල්ලාහ්ගේ නියමය අනූව සිදුවන බව සිතමින් ඉවසිලිවන්ත වීම.
සූරතුල් හුමසා (පෙහෙසුන් තෙපළන්නා*
1- (වයිලූල් ලිකුල්ලි හුමසතිල් ලූමසාහ්*: ”පෙහෙසුන් තෙපළන්නාවුද හෙළා දකින්නාවූද සෑම කෙනෙකුටම විපත”. මිනිසුන් නොමැති අවස්ථාවක ඔවුන් පිළිබඳව ඔවුන් පිළිකුල් හඟවන කරුණු කියන්නන්ට හා ඔවුන්ගේ අඩු ලූහුඬුකම් නිරතුරුව සොයන්නන්ට විනාශය.

2- (අල්ලදී ජමඅ මාලව් වඅද්දදහ්*: ”සම්පත් රුස් කොට එය ගනිමින් සිටි අය” මිළ මුදල් රැුස්කර එහි කිසිදු අඩුවීමක් නොවීමට වග බලාගත් මොවුන්, දැඞ් මසුරු කමින් පෙලූනහ.

3- (යහ්සබු අන්න මාලහූ අහ්ලදහ්*: ”තමාගේ සම්පත් තමා නිරතුරු කරන්නේ යැයි සිතන්නේය”. ඔහු තමා වියදම් නොකොට එක් රැුස් කරන එම මිළ මුදල් මෙලොවෙ හි ඔහු සදාතනිකව සිටීමට ඉවහල් වී, පරලොවෙහිදි ප‍්‍රශ්න කිරීමෙන් හා දඩුවම් වලින් ඔහු මුදවා ගන්නා බව සිතයි.

4- (කල්ලා ලයුන්බදන්න ෆිල්හුතමහ්*: ”එසේ නොව හුතමා නම් නිරයට දමා ගසන්නේමය”. කාර්ය ඔහු සිතුවාක් මෙන් නොවේ. ඔහු නිරයෙහි විසි කරනු ලැබේ. එහි විසි කරන සැම දේ සුන් විසුන් වී විනාශ වේ.
5- (වමා අද්රාක මල් හුතමහ්*: ”හුතමා යනු කුමක් දැයි නුඹට විස්තර කලේ කුමක්ද”? ඔබට මෙම නිරයේ ගින්න විස්තර කළ යථාර්ථය කුමක්ද?

6-7 (නාරුල්ලාහිල් මූකදහ්, අල්ලතී තත්තලිඋ අලල් අෆ්ඉදහ්*: ”අල්ලාහ්ගේ දල්වන ලද (උදහස් නැමති ගින්න* එය හෘදයන් තුළට කිඳා බසින්නේය”. නිරයේ දල්වන ලද මෙම බයානක ගින්න ශරීරයට ස්පර්ශ වීමත් සමග ඔහුන්ගේ දුර් හදවත් තුළට කිඳා බසින්නේය.
8-9 (ඉන්නහා අෙලෙහිම් මුඃසදහ්. ෆී අමදිම් මුමද්දදහ්*: ”එය ඔවුන් මත වසා ගන්නේය. විහිදි ගිය අග්නිස් කන්දයන්හි, එහි දොරටුවලට අගුළු දමමින්, විශාල ගිනි කුළුණු මත ඔවුන් බැඳ දමනු ලබයි. එහි කිසි සුගතියක් ඔවුන්ට අත් නොවන අතර, එම දණ්ඩනයෙන් මිදෙන්නටද නොහැකිය.
සූරතුල් ෆීල් (ඇතා*
1- (අලම් තර කයිෆ ෆඅල රබ්බුක බිඅස්හාබිල් ෆීල්*: ”ඇත් සේනාංකයට (ඔබ හිමියන්* කුමන (ඉරණමක් අත්* කළේ දැයි ඔබ නොදක්නෙහිද”? හබෂා දේශයේ දුෂ්ට නායකයකුවූ අබ්රහා යමන් රටේ සිට තමන්ගේ සේනාවන් සමග මක්කාවෙහි පිහිටා ඇති කඃබාව විනාශ කිරීම සඳහා එය ආක‍්‍රමණය කළේය. (මෙය නබි (සල්* තුමන්ට ¥තත්වය ලැබීමට අවුරුදු හතලිහකට පෙර සිදුවුනි*.

2- (අලම් යජ්අල් කයිදහුම් ෆීතල්ලීල්*: ”ඔහු ඔවුන්ගේ කුටෝපක‍්‍රම නොමග නොයැව්වේද”?
3-4 (වඅර්සල අෙලෙහිම් තයිරන් අබාබීල්, තර්මීහිම් බිහිජාරතිම් මින් සිජ්ජීල්*: ”ඔහු අබාබිල් පක්ෂි රංචූන් ඔවුන් වෙත යවා, පැළහු (පුච්චපු* කැට ගල් ඔවුන් මත හෙලූවේය”.
5- (ෆජඅලහුම් කඅස්ෆිම් මඃකුල්*: ”ඔහු ඔවුන් ගවයන් කෑ වැමෑරූ පිදුරු මෙන් කළේය”.
සූරතුල් කුෙරෙෂ් (කුෙරෙෂ් වරු*
1-2- (ලිඊලාෆි කුෙරෙෂ්, ඊලාෆිහිම් රිහ්ලතෂ් ෂිතාඉ වස්සයිෆ්*: ”කුෙරෙෂ් වරුන් භුක්ති විඳින ආරක්‍ෂා ප‍්‍රතිඥාවලට, ශීත සෘතුවේ හා ශී‍්‍රස්ම සෘතින්හි කෙරෙන ඔවුන්ගේ ගමන් බිමන් සඳහා ප‍්‍රතිඥා පිළිපැදීම අනූව”. නබි (සල්* තුමන්ගේ ගෝත‍්‍රයට අයත් කුෙරෙෂ් වරුන්ට තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා ශීත සෘතුවේ යමන් දේශයටද, ශී‍්‍රෂ්ම සෘතුවේ ෂාම් දේශයටද ගොස් ඔවුන්ගේ ව්‍යාපාරික භාණ්ඩ ප‍්‍රවාහණය කිරීමට පහසුව ආරක්‍ෂාව සපයා දුන් අල්ලාහ්ට ඔවුන් කෘතඥ නොවීම ගැන මවිත විය යුතුය.

3- (ෆල්යඃබුදු රබ්බ හාදල් බයිත්*: ”මෙම නිවසෙහි හිමියන්ට ඔවුහු නැමදුම් කරත්වා”. මෙම කඃබාවේ අධිපති වන එකම දෙවියන්වූ අල්ලාහ්ට පමණක් ඔවුන් නැමදුම් කිරීම තුලින් ඔහුට තුති පුද කළ යුතුයි. කඃබාව එහි (මක්කාවෙහි* පිහිටීමෙන් ඔවුහු (කුෙරෙෂ්වරු* මිනිසුන් අතර ශ්‍රේෂ්ඨවන්තයින්වූ අතර, එයට මිනිසුන් දැක්වූ ගරුත්වයෙන් ඔවුහු රැුක වරණය ලැබූහ.

4- (අල්ලදී අත්අමහුම් මින් ජූඉව් වආමනහුම් මින් හව්ෆ්*: නිරාහාරව පෙළෙන ඔවුන්ට ආහාර සපයමින්, විපත් බියෙන්ද ඔවුන් ආරක්‍ෂා කළේය. පැලෑටි නොහටගන්නා පෙදේසයන්හි, වෙසෙන ඔවුන්ට පහසුවෙන් ආහාර සොයා ගැනීමටත්, අන් අයගේ බාධාවලින් තොර ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු නිදහසේ කිරීමටත් ඔහු මග සැලසුවේය. අන් අය කඃබාවට දැක්වූ ගරුත්වය ඒ අවට විසු කුෙරෙෂ්වරුන්ට රැුකවරණය විය. (ඇත් සේනාංකයේ ආක‍්‍රමණය තුළින්ද අල්ලාහ් ඔවුන් මුදවා ගත්තේය*.
සූරතුල් මාඌන් (අල්ප වස්තුන්*
1- (අරඅයිතල් ලදී යුකද්දිබු බිද්දීන්*: ”ප‍්‍රශ්න කිරීම හා කුලිය ලබා දීම සඳහා මරණින් පසු නැගිට්ටවීම කෙරෙහි අසත්‍ය කරන්නාගේ තත්ත්වය ඔබ දුටුවේද”?

2- (ෆදාලිකල් – ලදී යදුඃඋල් යතීම්*: ”ඔහු අනාථයින් පළවා හරි” ඔහුගේ හදවත ගල් හිත වීමෙන් හා මතු ජීවිතය සහ එහි දඩුවම කෙරෙහි නොසැලකිලි මත් වීමෙන් ඔහු අනාථයින්ගේ අයිතීන් උදුරා ඵළවා හරී.

3- (වලා යහුල්ලූ අලා තආමිල් මිස්කීන්*: ”දුප්පතුන්ට ආහාර ලබා දීමටද ඔහු අනු බල නොදෙන්නේය”. අන් අය දිරි නොගන්වන මොහු තමන් සතු දැයින් කෙසේ ලබා දෙයිද? මන්ද (මොහු අවසන් දිනය බොරු කරන්නේය*.
4-5 (ෆවයිලූල් ලිල්මුසල්ලීන්, අල්ලදීන හුම් අන් සලාතිහිම් සාහූන්*: ”සලාතයන් නොසැලකිලිමත්ව ඉටු කරන්නන්ට උග‍්‍ර දඩුවම් ලැබේ”. ඔවුන් සලාතය කෙරෙහි නොසැලකිලි භාවය දක්වන බැවින්, නිසි පිලිවෙළට හා කාල වේලාවට ඉටු නොකරන අතර, එය රැුකවල දී ඉටු නොකරති. (එනම්, සලාතය ඉටු නොකරන්නාගේ තත්ත්වය කෙසේද?* ඔවුහු මරණින් පසු නැගිට්ටවීම හා එහි කුලිය හෝ දඩුවම ලබා දීම කෙරෙහි ස්ථීර විශ්වාසයෙන් සිටියේ නම්, ඔවුන් සලාතයන් නියමාකාරයට ඉටු කරති.

6- (අල්ලදීන හුම් යුරාඌන්*: ”අන් අයට පෙන්වීමට (සලාතය* ඉටු කරන්නෝය”. මිනිසුන්ගේ ප‍්‍රශංසාව හෝ දායාදයන් අපේක්‍ෂා කරමින් ඔවුන්ට ප‍්‍රදර්ශනය කිරීම සඳහා ඔවුහු තම සලාතය හා යහපත් ක‍්‍රියාවන් ප‍්‍රසිද්ධියේ ඉටු කරති.

7- (වයම්නඌනල් මාඌන්*: ”තවද (භාවිතා කරන* අල්පවස්තුන් පවා (දීමෙන්* වළකින්නෝය”. අසරණයින්ට, බැගෑපත් වන්නන්ට උදව් කිරීමෙන් වැළකි සිටින්නෝය. මසුරු කමින් පෙළෙන මොවුන් අන් අයට පරිහරනය සඳහා දීමේදි කිසිදු අලාභයක් නොවන (භාජනයන් වැනි* අල්ප වස්තුන් පවා නොදෙන්නෝය.
සූරතුල් කව්සර් (සමෘද්ධතාව*
1- (ඉන්නා අඃතයිනාකල් කව්සර්*: ”ඇත්තෙන්ම අපි ඔබට ”කව්සර්” නම් පොකුණ පිරිනැමුවෙමු”. මුහම්මද්! අපි ඔබ වෙත (අවසන් දිනයෙහිදි* විශිෂ්ට තටාගයක් දුන්නෙමු. නබි (සල්* තුමන් පැවසීය: සුවර්ගයෙහි විශිෂ්ට පොකුණක් මාගේ හිමියන් විසින් මට පිරි නමනු ලැබීය, එහි මහිමයන් අනන්තව ඇත. එම දිනයෙහි මාගේ සමාජය (පිපාසය සංසිඳවා ගැනීම සඳහා* එය වෙත පියමනින්නෝය. එහි භාජනයන් අහසේ තරු මෙන් අප‍්‍රමාණව විහිදී ඇත. (මූලාශ‍්‍රය මුස්ලිම්*.
2- (ෆසල්ලි ලිරබ්බික වන්හර්*: ”ඔබ දෙවියන් වෙනුවෙන් යන (පිරිසිදු සිතුවිල්ලෙන්* සලාතයද, කුර්බාන් (සත්ව කැප* කිරීමද කරන්න”. ඔබට කළ වරප‍්‍රසාදයන්ට කෘතඥ වීමක් වශයෙන් මෙය කරන්න.
3- (ඉන්න ෂානිඅක හුවල් අබ්තර්*: ”ඇත්තෙන්ම ඔබට ද්වේෂ කරන්නා ඔහු (ඔහුගේ පරපුර වඳ කරන්නේය*”. නිසැකයෙන්ම ඔබ හා ඔබ ගෙන හැර දැක්වූ මාර්ගෝපදේශත්වය පිළිබඳ ප‍්‍රකෝප වන්නා, ඔහුගේ ගරුත්වය, අනෙකුත් සියළු භාග්‍යයන් දෙලොවෙහිම අහිමි කරගන්නේය. යහපත අපේක්‍ෂා කළ හැක්කේ ඔබ ප‍්‍රිය කිරීමෙන් හා පිළිපැදීමෙන් පමණි.
සූරතුල් කාෆිරූන් (ප‍්‍රතික්‍ෂේපකරුවන්*
1- (කුල් යාඅයියුහල් කාෆිරූන්*: ”පවසන්න!  ඕ ප්‍රෙතික්‍ෂේප කරන්නනි! ඔබ අදහන දේ මා නොඅදහමි”. ශාස්තෘවරයානනි! ඔබ පවසන්න. අල්ලාහ් හා ඔහුගේ ¥තවරයා බොරු කරමින් අල්ලාහ්ගේ දායාදයන් පිළිකුල් කරන මිත්‍යා දෘෂ්ටිකයිනි!

2- (ලා අඃබුදු මා තඃබු¥න්*: ”ඔබ අදහන (මැවීම් වලට, පිළිරු වලට, ව්‍යාජ දෙවිවරුන්ට* මා නොඅදහමි”. තවද එයින් මම ඈත්වුනෙමි.

3- (වලා අන්තුම් ආබි¥න මා අඃබුද්*: ”මා අදහන (සදාතනිකවු ඔහු* ඔබ නොඅදහන්නේය”. පුදනු ලැබීමට එකම සුදුසු දෙවියා ඔහුමය. ඔබලා සත්‍යයෙහි නොසිටින්නහුය.
4- (වලා අන ආබිදුම් මා අබත්තුම්*: ඔබ නමදින (ව්‍යාජ දෙවිවරුන්ට* මම සදහටම නොනමදිමි.
5- (වලා අන්තුම් ආබි¥න මා අඃබුද්*: මම නැමදුම් කරන (සදාතනිකවු ඔහුට* ඔබ නොනැමදින්නහුය. නියත වශයෙන්ම. මම කරන සැබෑ නැමදුමට පටහැනි වැරදි සහගත නැමදුමෙහි ඔබ සිටින්නෙහිය.
6- (ලකුම් දීනුකුම් වලිය දීන්*: ඔබ (ලැදිවී සිටින* ඔබේ ආගම ඔබට, මම එය නොපිළිපදිමි. මා පිළිගත් ආගම මට. ඔබට ඔබේ ආගම. මට මගේ ආගම. එනම්, ඔබට ඔබ හිතුවක්කාරයෙන් සිටින ආගමකි. එය මා කිසිසේත් නොපිළිපදිමි. මාහට මා පිළිගෙන සිටින සත්‍ය ආගමකි. එය හැර අන් කිසි ආගමක් හෝ මාහට අනවශ්‍යයකි.
(ඉහත සඳහන් කාෆිරූන් පරිච්ඡේදය අනාවරණය වීමට පසුබිම වූයේ කුෙරෙෂ් කාෆිර්වරුන් නබි (සල්* තුමන්ගේ ඉස්ලාමීය ප‍්‍රචාරක කටයුතු වලට බාධා පමුණුවීමේ සියළු කුටෝපක‍්‍රම නිශ්ඵල වූ විට එතුමන් සමග ගිවිසුමකට එළඹීමට තීරණය කළෝය. දෙපාර්ශ්වයම අප අතර ඇති මත භේද අමතක කර එකමුතුව ජිවත්වීමට ගිවිසුමක් ඉදිරිපත් කළහ. මුහම්මද්! ඔබ යාඥා කරන අල්ලාහ්ට අපිත් අවුරුද්දක් යාඥා කරන්නෙමු. ඉන් පසු එළඹෙන අවුරුද්දේ අපේ දෙවිවරුන්ට ඔබ යාඥා කළ යුතුයි. එවිටයි අප අතර එක්සත් භාවය ඇතිවන්නේ. ඔවුන්ගේ මෙම ගිවිසුමට පිළිතුරු වශයෙන් මෙම පරිච්ඡේදය අනාවරණය කර ඒක දේවත්වයත් සමග කොහෙත්ම ෂිර්ක් (අල්ලාහ්ට හවුල් කරුවන් ගන්නා සංකල්පය* එක් නොවන්නේය යනු නබි (සල්* තුමන්ට දැඩි සේ කියන ලෙස මෙයින් අණ කෙරේ.* තෆ්සීර් ඉබ්නු කසීර් 4 – 561
තවද කෙනෙකු තමන් පිළිගත් සතේ‍යහි ස්ථීරව සිටිය යුතු යැයි මෙම පරිච්ඡේදය උගන්වයි. සමහරුන් තුළ පවතින විශ්වාසයක් නම් හැම ආගමක්ම ඇදහිය යුතුයි එයයි පාරාර්ථකාමිත්වය යනුවෙන් පවසති. නමුත් අපි මදකට කල්පනා කරන්නේ නම් මෙම විශ්වාසය කෙතරම් සාවද්‍ය එකක්ද යනු තේරුම් ගත හැක. සෑම ආගමක්ම ඇදහිය යුතුයි යනුවෙන් තර්ක කරන කෙනෙකු තුළ කුමන ආගමක් පිළිබඳවත් සැබෑ විශ්වාසයක් නැත. තමන් සිටින සංකල්පයම අසත්‍ය එකක් බවයි මෙයින් පවසන්න ඔවුන් වෙර දරන්නේ. පැහැදිළිව පරස්පරව පවතින සංකල්පයන් දෙකක් එකම වේලාවක කෙසේ නම් කෙනෙකු පිළිගනීද? එක් සංකල්පයක් කියයි: ප‍්‍රතිමාවන්ට, රූපයන්ට යාඥා කිරීම මහත් පාපයකි. ඒකීය මැවුම් කරුවෙකුටයි යාඥා කළ යුත්තේ. තවත් සංකල්පයක් කියයි: ප‍්‍රතිමාවන්ට, රූපයන්ට යාඥා කිරීමයි උතුම් යාඥාව. මෙසේ පරස්පරව පවතින සංකල්පයන් දෙකක්, එකම අවස්ථාවක කෙසේ කෙනෙකු පිළිගෙන කි‍්‍රයා කළ හැකිද? සෑම ආගමක්ම ඇදහිය යුතුයි යනුවෙන් පවසන්නන්, තමන්වම මුලාකරගැනීම පමණයි කරන්නේ.
සූරතුන් නස්ර් (උදව්ව*
1- (ඉදා ජාඅ නස්රුල්ලාහි වල්‘ත්හ්*: අල්ලාහ්ගේ පිහිට හා විජයග‍්‍රහණය පැමිණනු කල්හි. අහෝ මුහම්මද්! ඔබට හතුරුකම් කොට ඔබව මක්කා නගරයෙන් පලවා යැවූ ප‍්‍රතික්‍ෂේප කරන කුෙරෙෂ් වරුන්ට එරෙහිව ඔබට අපේ උපකාරය ලැබූ විට හා ඔබ මක්කා නගරය ජයග‍්‍රහණය කළ විට.
2- (වරඅයිතන්නාස යද්හුලූන ෆීදිනිල්ලාහි අෆ්වාජා* : මිනිසුන් කණ්ඩායම් වශයෙන් ඉස්ලාමයට පිවිසීම ඔබ දකින්නේය.
3- (ෆසබ්බිහ් බිහම්දි රබ්බික වස්තඃෆිර්හු ඉන්නහූ කාන තව්වාබා*: එහෙයින් ඔබ හිමි සුවිශුද්ධ කරන්න, ඔහුගෙන් සමාව පතන්න, ඇත්තෙන්ම පසුතැවිලිවීම ඔහු භාර ගන්නේය. එහෙයින් අල්ලාහ්ට කෘතඥ වීමක් වශයෙන්, ඔහු හමුවීමේ පෙර සූදානමක් වශයෙන් ඔබ ස්වාමීන් පරිශුද්ධයට ප‍්‍රශංසාවට පත් කරමින්, සමාව අයදින්න, නිශ්චය වශයෙන් ඔහු මෙනෙහි කරන්නන්ට, ඔහුට කෘතඥවන්නන්ට, පශ්වාත්තාප වන්නන්ට ඔහු සමාව ලබාදෙමින් දයාව දක්වයි.
අල්-ලහබ් (සළුව, දැල්ල*
1- (තබ්බත් යදා අබී ලහබිව් වතබ්*.: අබූ ලහබ්ගේ අත් දෙකද ඔහුද වැනසේවා! මුහම්මද් නබි (සල්* තුමන්ගේ ලොකු පියාවූ අබූ ලහබ් එතුමන්ට අනේක විධ හිරිහැර කරමින්, සත්‍ය මාර්ගයෙන්, එතුමන්ව පිළිපැදීමෙන් මිනිසුන් මං මුළා කළේය. ඔහුට විනාශය විපත නියතය.
2- (මා අඃනා අන්හු මාලූහු වමා කසබ්* : ඔහුගේ වස්තු මෙන්ද ඔහු ඉපැයු දැයින්ද ඔහුට ප‍්‍රයෝජන නැත්තේය. ඔහුගේ භෟතික වස්තුන්ගෙන්ද, ¥ දරුවන්ගෙන්ද ඵලක් නොවීය. සකල ස්වාමින්ගේ දණ්ඩනය පහළවූ කල්හි ඔහුගේ වස්තුන්ගෙන් කිසිදු පිහිටක් නොවීය.
3-4 (සයස්ලා නාරන් දාත ලහබ්. වම්රඅතුහූ හම්මා ලතල් හතබ්*: දැල්වෙන ගින්නට ඔහු වැටෙන්නේය. දර උසුලන ඇගේ බිරිඳද (ඇතුළුවන්නේය*. බුර බුරා නගින නිරයේ ගින්නට ඔහු හා ඇය සේන්දු වන්නේය. ඔහුගේ බිරිඳවන ”උම්මු ජමීල්” නබි (සල්* තුමන් ගමන් කරන මාර්ගයන්හි කටු සහිත දර දමමින් එතුමන්ට ශාරීරික වද හිංසා පමුණුවීමට උත්සුකවූහ.
5- (ෆීජීදිහා හබ්ලූම් මිම් මසද්*: ඉඳි කෙන්දෙන් ඇඹරු ලනුවක් ඇගේ ගෙල වටවී. අල්ලාහ් ඇගේ ගෙල වැටේ දඟවැටුණු (පුරුක්* ලනුවක් ඇතිකර ඇය නිරයට විසිකරන අතර එහි දඬුවම් කරනු ලබන්නීය.
(ඉහත සඳහන් අල්ලහබ් පරිච්ඡේදය නබි (සල්* තුමන්ගේ ලොකු පියා හා ඔහුගේ බිරිඳ නබි (සල්* තුමන්ට සීමාව ඉක්මවා වද හිංසා පමුණුවීම නිසා අනාවරණය කරන ලද පරිච්ඡේදයකි. නබි (සල්* තුමන්ට හා එතුමන්ගේ අනුගාමිකයන්ට විවිධ අයගෙන් වද හිංසා, තාඩ පීඩන විය. නමුත් ඒ අයෙග් විෂයෙහි මෙසේ පරිච්ඡේදයක් අනාවරණය නොවීය, ඒ තුළින්ම අවබෝධ කර ගත හැකි කාරණයක් නම්, අබූ ලහබ්ගෙන් හා ඔහුගේ බිරිඳගෙන් කෙතරම් වද හිංසාවලට නබි (සල්* තුමන් හා එතුමන්ගේ අනුගාමිකයින් මුහුණ දුන්නෙට සිදුවූයේද කියා. අල්ලාහ් අසීමිත කරුණා වන්තයා හා අපරිමිත දයාවන්තයා වේ. දාසයන්ගේ වැරදි කි‍්‍රයාවන්ට සමාව දීම සඳහා  අල්ලාහ් තම දෑත් විවර කරමින් සිටි. දාසයන් කෙරෙහි කරුණාව දැක්වීම තමන්ට අනිවාර්්‍ය කරගත් බව අල්ලාහ් පවසයි. එසේ නම් අබූ ලහබ්ගේ විෂයෙහි මෙවැනි පරිච්ඡේදයක් අනාවරණය වීම ඔහුගේ අපරාධයන්හි දරුණු පැත්තයි පෙන්නුම් කරන්නේ. තවද ඔහු නබි (සල්* තුමන්ගේ ලොකු පියා විය. නමුත් අල්ලාහ් ඉදිරියෙහි පෙළ පත්, කුලයන්, ඥාතී සම්බන්ධකම් වලංගු නොවේ, ”ඔබලා අතුරින් අල්ලාහ් ඉදිරියෙහි ශ්‍රේෂ්ඨ වන්තයා අල්ලාහ්ට අවනතවන්නා” යනුවෙන් ශුද්ධවූ අල්කුර්ආනය ප‍්‍රකාශ කරයි.
මෙම පරිච්ඡේදය තුළින් ගම්‍යමාන වන තවත් කරුණක් නම්: අබූලහබ් මෙම පරිච්ඡේදය අනාවරණය වීමෙන් පසුවද අවුරුදු දහයක කාලයක් ජීවත් විය. නමුත් මෙම කාලය තුළ ඔහු විහිළුවකට හෝ ඉස්ලාම් දහම වැළඳ ගත්තේ නම් මෙම පරිච්ඡේදය බොරු වෙන්නට තිබුනි. ඉස්ලාම් දහමට විරුද්ධව කටයුතු කළ බොහෝ උදවිය පසුව ඉස්ලාම් දහම වැළඳ ගත්හ. නමුත් එම පෙළේ අබූලහබ් නොවීය. එසේ ඔහු පිළිගත්තේ නම් මෙම පරිච්ඡේදය බොරුවෙන්නට තිබුනි. විරුද්ධ වාදීන්ට එයයි අවශ්‍යවී තිබුනේ. නමුත් එසේ ඇයි නොවුනේ? සැබවින්ම ශුද්ධවූ අල්කුර්ආනය මුහම්මද් (සල්* තුමන්ගේ පෞද්ගලික නිර්මාණයක් නොවේ එය අතීතය, වර්තමානය හා අනාගතය පිළිබඳ ඥානය ඇති අල්ලාහ්ගෙන් අනාවරණය වූ ග‍්‍රන්ථයක් යන්නට මෙයත් කදිම සාධකයකි.*
සූරතුල් ඉහ්ලාස් (විශ්වාසයේ විශුද්ධත්වය*
1- (කුල් හුවල්ලාහු අහද්*: (ශාස්තෘවරයානනි* අල්ලාහ් වන්දනාමාන බල මහිමයට අයත් ඒකියෙක් බවද, එහි කවරෙකු හෝ ආදේශ නොකළ යුතු බවද ඔබ (ඔවුන්ට* පවසන්න.
2- (අල්ලාහුස් සමද්*: ”ඔහු ස්වාධීනය සියල්ල ඔහු කෙරෙහි ආදීනය”. අල්ලාහ් කිසිදු අවශ්‍යතාවක් නොමැත්තකි. මිනිසුන්ගේ අවශ්‍යතාවන් හා අපෙක්‍ෂාවන් ඉටුවීම කෙරෙහි අවශ්‍යවූ එකම බලවේගය එකම අල්ලාහ්ය.
3- (ලම් යලිද් වලම් යූලද්*: ”ඔහු ජාතක කරන්නේද, ජාතක කරනු ලබන්නේද නැත”. ඔහුට දෙමව්පියන්, ¥ දරුවන් හා බිරියන් නොමැත.
4- (වලම් යකුල් ලහූ කුෆුවන් අහද්*: ”ඔහුට සමානව කිසිවෙක් නැත”. ඔහුගේ නාමයන්හිද. ගුණාංගයන්හිද, කි‍්‍රයාවන්හිද ඔහුට ඔබිනව කිසිවෙකු නැත. ඔහු පවිත‍්‍රවන්තයා හා ශ්‍රේෂ්ඨ වන්තයාය.
සූරතුල් ෆලක් (අරුණෝදය*
1- (කුල් අඌදු බිරබ්බිල් ෆලක්*: ”(ශාස්තෘවරයානනි* පවසන්න: අරුණෝදය හිමිගෙන් මම ආරක්‍ෂාව පතමි”.
2- (මින් ශර්රි මා හලක්*: ”මැවිලිවල උවදුරෙන්”. මැවීම් සියල්ලන්ගෙන් ඇතිවන හානියෙන් ආරක්‍ෂාව පතමි.
3- (වමින් ශර්රි ආසිකින් ඉදා වකබ්*: ”අඳුරු රාති‍්‍රය උදාවූ විට සිදුවන උවදුරු වලින්ද”. අඳුර වෙලාගන්නා රාති‍්‍රයෙහි ඇතිවන අනේක විධ හානියන්ගෙන්ද පීඩනයන්ගෙන්ද,
4- (වමින් ශර්රින් නෆ්ෆාදාති ෆිල් උකද්*: ”ගැටවලට (මතුරා* පිඹින ස්තී‍්‍රන්ගේ නපුරෙන්ද”. ගැටවලට පිඹිමින් හූනියම් කරන නපුරු ස්තී‍්‍රන්ගෙන්ද,
5- (වමින් ශර්රි හාසිදින් ඉදා හසද්*: ”ඊර්ෂ්‍යා කරන්නන්ගේ ඊර්ෂ්‍යාවේ උවදුරු වලින්ද මම ආරක්‍ෂාව පතමි”. අල්ලාහ් කෙනෙකුට හිමිකර දී තිබෙන භාග්‍යන් පිළිබඳ ඊර්ෂ්‍යා කර එම භාග්‍යයන් ඔහුගෙන් නැතිවීයාමද මොහු පි‍්‍රය කරයි.
සූරතුන් නාස් (මිනිසුන්*
1- (කුල් අඌදු බිරබ්බින්නාස්*: ”පවසන්න: මිනිසුන්ගේ පරිපාලකයාගෙන් ආරක්‍ෂාව පතමි”. මිනිසුන්ගේ නිර්මාතෘ සුරක්‍ෂිතයා ඔහුය.
2- (මලිකින් නාස්*: ”මිනිසුන්ගේ අධිපති”: සෑම කාර්්‍යයක්ම හසුරුවන ඔහු, කිසිදු අවශ්‍යතාවක් නැත්තකි.
3- (ඉලාහින් නාස්*: ”මිනිසුන්ගේ දෙවියාය”: නැමදීමට සුදුසු මිනිසුන්ගේ එකම දෙවියාය.
4- (මින් ෂර්රිල් වස්වාසිල් හන්නාස්*: ”සැඟ වී සිට මානසික පීඩන ඇති කරන්නාගේ හානියෙන්ද (ආරක්‍ෂාව පතමි*”. නොසැලකිලිමත්ව සිටින කල්හි මානසික පීඩනයන් ඇති කරමින්ද අල්ලාහ්ව සිහි කරන කල්හි සැඟව සිටද හානි සිදු කරන ෙෂෙතාන්ගේ උවදුරුවලින් ආරක්‍ෂා පතමි.
5- (අල්ලදී යුවස්විසු ෆී සු¥රින්නාස්*: ඔහු ෙෂෙතාන් මිනිස් සිත්සතන්හි මානසික කරදර හා සැක ව්‍යාප්ත කරන්නාය.
6- (මිනල් ජින්නති වන්නාස්*: ජින් හා මිනිසුන් අතර (මෙවැන්නන්* සිටින්නෝය.

(සියළු පැසසුම් හා ප‍්‍රශංසාවන් අති ශ්‍රේෂ්ඨවූ අල්ලාහ්ට හිමිය. ඔහු ඉස්ලාමය තුළින් අපට නිවැරදි මග පෙන්වූවේය*.
මෙය කියවන, ශ‍්‍රවණය කරන සියල්ලන්ට යහපත් පුණ්‍ය කි‍්‍රයාවන් කරමින් ඵල නෙලාගන්නට අල්ලාහ්ගෙන් ප‍්‍රාර්ථනා කරමු. පරිවර්තන කටයුතුවලදී මෙන්, මෙම කෘතිය ඔබ අතට පත්කිරීමට නන් අයුරින් සහයවුනු සියල්ලන්ට යහපත පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *