ත්‍රිත්වය කාගේ නිපැයුමක් ද?
මුස්: ඔබ ත්‍රිත්වය අදහන්නේ ද?
කි.බැ: නිසැකයෙන් ම! මේ පිළිබඳව යොහන්ගේ පළමුවෙනි සාමාන්‍ය පත්‍රයෙ හි සඳහන් වී ඇත.
”ස්වර්ගයේ සාක්ෂි දරණ තුන්දෙනෙක් වෙති. එනම් පියාණන් වහන්සේ, වචනය, ශුද්ධ වූ ආත්මය යන්නෝ වෙති. මේ තුන්දෙනා ම එක්ව සිටිති. ලෝකයේ සාක්ෂි දරණ තුනක් වෙයි. එනම් – ආත්මය, වතුර, ලේ යනාදිය වෙයි. මේ තුනම එක්වී ඇත.” (බයිබලයේ, 1- යොහන් 5 ථ7 සහ 8 වෙනි වාක්‍යයන්, මෙහි ඇත්තේ නසබට ව්පැි ඩැරිසදබ -1611 (ඉංග්‍රීසි* බයිබලයෙන් පරිවර්තනය කළ වාක්‍යයන් ය.
මුස්: මෙම වාක්‍යය ඇත්තේ ක්‍රි. ව. 1611 දී ප්‍රකාශිත, ඉතා වැදගත් විශ්වාසිත බයිබලයක් ලෙස සැලකෙන .නසබට ව්පැි ඩැරිසදබ. හි ය. මෙම බයිබලයෙ හි ත්‍රිත්වය පිළිබඳව බලවත් සාක්ෂි ඇත. එහෙත්, දැන් ”පියාණන් වහන්සේ, වචනය හා ශුද්ධ වූ ආත්මය නම් වූ තුනම එක්ව සිටිති.” යන මෙම කොටස 1952 දී හා 1971 දී ප්රකාශනයට පත් වූ .එයැ රුඩසිැා ිඒබා්රා ඪැරිසදබ. බයිබලයෙන් සහ තවත් බයිබල් රාශියකින් ඉවත් කොට ඇත. ඊට හේතුව, ග්‍රීක් භාෂාවෙන් වූ බයිබලය තුළ ට ඇතුල් කරනු ලැබූ ඔප දැමීමේ කොටසක්ව මෙය තිබීමය.
.බැඅ ්පැරසජ්බ ිඒබා්රා ඊසඉකැ. යෙහි 1- යොහන් 5ථ 7ල 8 වාක්‍යයන් ඇත්තේ පහත සඳහන් ලෙසය.
”සාක්ෂි දෙන්නේ ආත්මයාණන් වහන්සේ ය. මක්නිසාද ආත්මයාණන් වහන්සේ සත්‍යතාවය සාක්ෂි දරන තුන්දෙනෙක් සිටිති, ආත්මයාණන් වහන්සේ ය, වතුර ය, ලේ ය. මේ තුන්දෙනාම එකඟ වෙති.” (මෙම පරිවර්තනය සඳහා අපි භාවිතා කරන සිංහල බයිබලයෙ හි සඳහන් වී ඇත්තේ ද මෙලෙසම යි.(”ස්වර්ගයේ සාක්ෂි දරන තුන්දෙනෙක් වෙති. එනම්, පියාණන් වහන්සේ, වචනය, ශුද්ධ වූ ආත්මය යන්නෝ වෙති. මේ තුන් දෙනාම එක්ව සිටිති” යනු කොටස සිංහල බයිබලයෙන් ද ඉවත් කොට ඇති බව සැලකිය යුතුයි.*
.න්ැයදඩැය.ි අසඑබැිිැි. නම් වූ ක්‍රිස්තියානි කොටස භාවිතා කරන .භැඅ උදරකා ඔර්බික්එසදබ දෙ එයැ ්යදකහ ීජරසචඑඑමරු. හි මෙම වාක්‍ය (1- යොහාන් 5 ථ 7,8 * මෙසේ ඇත:
”සාක්ෂි දරන තුන්දෙනෙක් සිටිති, ආත්මයාණන් වහන්සේ ය, වතුර ය, ලේ ය. මේ තුන්දෙනාම එකඟ වෙති.”
මෙම වැදගත් (පියා, වචනය, ශුද්ධ වූ ආත්මය එක් වී ඇත්තෙමු* කොටස බයිබලයෙන් ඉවත් කොට තිබීම ඔබ නොදන්නේ නම් එය මම වටහා ගනිමි. නමුත් බොහෝ පාදිලිවරුන් ද ක්‍රිස්තියානි ප්රචාරකයින් ද මෙය නොදැන සිටීම මට අදහාගන්න බැරි ප්රහේළිකාවක් ය, පුදුමයක්ය:
ත්‍රිත්වය බයිබලය පදනම් කොට ඇති වූ ප්‍රතිපත්තියක් නොවේ. ත්‍රිත්වය යනු වචනය පවා බයිබලයේ හෝ බයිබල් ශබ්ද කෝෂයන් හි හෝ සඳහන් නොවෙයි. මේ පිළිපඳ යේසුස් වහන්සේ කිසිවිටෙක දේශනා කළේ ද නැත, කුමන අවස්ථාවක වූව ද සාමාන්යයෙන්වත් මේ ගැන සඳහන් කළේ ද නැත. ත්‍රිත්වය පිළිගැනීම පිණිස බයිබලයෙ හි කිසිදු සාක්ෂියක් ද නොමැත.
කි. බැ: බයිබලයේ ශු, මතෙව් 28 ථ 19 වෙනි වාක්යයෙ හි මෙසේ ඇත.
”පියාණන්ගෙත්, පුත්‍රයාණන්ගෙත්, ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරපල්ලා”
මෙම වාක්‍යය තවමත් ඉවත්කොට නැත. එහෙයින්, මෙය ත්‍රිත්වයට සාක්ෂියක් නොවන්නේ ද?
මුස්: සාක්ෂියක් නොවන බවයි මගේ පිළිතුර. තිදෙනෙක් එකට වාඩි වී සිටින බව හෝ ආහාර අනුභව කරන බව හෝ ඔබ කියන්නේ නම්, එයින් එම තිදෙනා ම එක්කෙනෙක් වන බව අදහස් වෙයි ද? නැහැ නේ ද? මෙම ත්‍රිත්වවාදය එවැන්නකි, මෙය ඇති වූ ආකාරය විශ්ම ජනකය.
යේසුස් වහන්සේ මෙලොවින් නික්ම ගොස් ශත වර්ෂ තුනකටත් අධික කාලයක් විය. එවකට ඊජිප්තුවේ ඇලෙක්සෙන්ඩි‍්‍රයාවේ විසූ පහත් පන්තියේ දේවගැතියෙක් වූ ”ඇතනේසියස්” ්එය්බ්ිසමි නමැත්තා විසින් ය, මෙම ත්‍රිත්වවාදය ඇතිකරනු ලැබුවේ. පසුව එය ක්‍රි. ව. 325 හි දී නිකේශී මණ්ඩලය :ජදමබජසක දෙ භසජ්ජැ්* විසින් අනුමත කරන ලදී. රෝම බහුදේව වාදයේ ආනුභවය මෙම ත්‍රිත්වවාදය කෙරෙහි ඇතිවී ඇති බවට කිසිදු සැකයක් නැත, ඔවුන්ගේ සබත් :ී්ඉ්එය* දිනය ඉරුදිනට වෙනස්කොට ඇත, රෝමානුන්ගේ ඉරුදෙවි වන මිත්‍රා ඤපසඑයර්% ගේ උපන් දිනය වූ දෙසැම්බර් 25 වෙනිදා යේසුස් වහන්සේගේ උපන් දිනය බවට පරිවර්තනය කොට ඇත. මෙම බයිබල් වාක්‍යය කියවන්න.
”ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. ජාතීන්ගේ මාර්ගය ඉගෙන නොගනිල්ලා, අහසේ ලකුණුවලට ජාතීන් කැළඹෙන නුමුත් නුඹලා ඒවාට නොකැළඹෙල්ලා, මක්නිසාද ජනයින්ගේ චාරිත්‍ර නිෂ්එලය. එසේ ය, කෙනෙක් වනයෙන් ගහක් කපාගනිති, එය කම්කරුවාගේ අත්වලින් පොරවෙන් කරන වැඩක් ය. ඔව්හු එය රන්රිදීවලින්, සරසා නොසෙල්වෙන ලෙස ඇණවලින් ද මිටිවලින් ද සවිකරති. ඒවා තල්ගහක් මෙන් වටකුරු කර තිබේ. ඒවා කථාකරන්නේ නැත. අඩිතබායන්ට ඒවාට බැරි නිසා උසුලාගෙන යන්නට ඕනෑ ය. ඒවාට භය නොවෙල්ලා: මක්නිසා ද අනතුරු කරන්නට ඒවාට බැරි ය.යහපත කිරීම ද ඒවාට නැත. (බයිබලයේ, යෙරෙමියා 10 ථ 2- 5*.
ඇත්ත වශයෙන්ම, ක්‍රිස්තියානි ආගම යේසුස් වහන්සේගේ මූලික ඉගැන්වීම්වලින් ඈත් වී බොහෝ දුර ගොස් ඇත. කි්රස්තියානි දින දර්ශනය වශයෙන් රෝම ජූලියන් :ඍදප්බ න්මකස්බ ක්්කැබාැර* දින දර්ශනය හඳුන්වනු ලැබ ඇත, ඌරු මස් අනුභව කිරීම අනුමතකොට ඇත. චර්මඡේදනය කිරීම පාවුල් විසින් අහෝසි කොට ඇත.
පාවුල් මෙසේ කියා ඇත:
”ඉඳින් නුඹලා චර්මචේද්්යය ලබන්නහු නම්, ක්‍රිස්තුස් වහන්සේගෙන් නුඹලාට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුල් නම් මම නුඹලාට කියමි” (බයිබලයේ, ගලාති 5ථ2*
මෙවැනි අවස්ථාවක, අල්ලාහ් තමාගේ මූලික සැලසුම අනුව මෙම වැරදි ක්‍රියා නිවැරදි කොට මිනිස් සංහතිය යහමග යැවීම සඳහා අවසාන වක්තෘවරයාණන් වූ මුහම්මද් (සල්* තුමා යැවුවේ ය.
අල් කුර්ආනය මෙසේ පවසයි:
”එකම දෙවියෝ හැර (වැඳුම් පිදුම් කිරීමට* අන් දෙවියෙක් නැතිව සිටිය දී අල්ලාහ් තුන්දෙනාගෙන් එක්කෙනෙක් යයි කියූ අය ප්‍රතික්ෂේප කරන්නෝ ම වෙයි. ඔවුන් කියන දැයින් නොවැළැකී සිටින්නේ නම්, ඔවුන්ගෙන් ප්‍රතික්ෂේප කරන අයට වේදනීය දඬුවම් ලැබෙනවා නියත ය.” (අල් කුර්ආන් 5ථ73*
යේසුස් වහන්සේ විසින් දේශනා නොකරනු ලැබූ ත්‍රිත්වය, ඔබ තවමත් විශ්වාස කරන්නේ ද?
කි. බැ: දෙවියන් හා යේසුස් වහන්සේ යනු එක්කෙනෙකි. මේ පිළිබඳව බයිබලය මෙසේ පවසයි:
”මම පියාණන් වහන්සේ තුළෙහිත් පියාණන් වහන්සේ මා තුළෙහිත් සිටින සේක යන මාගේ කීම විශ්වාස කරපල්ලා.” (බයිබලයේ ශු, යොහන් 14ථ11*
මුස්: එසේ නම් බලිබලයේ මෙම වාක්‍යය කියවන්න:
කි.බැ: ”(ගෝලයන් වූ* ඔවුන් සියල්ලන් ඒකත්වක් වන පිණිස, පිය වූ ඔබ මා තුළෙහි ද මා ඔබ තුළෙහි ද සිටින්නාක් මෙන් ම ඔබ මා එවූ බව ලෝකයා විශ්වාස කරන පිණිසත්, අප තුළ ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාච්ඥා කරමි. (බයිබලයේ ශු, යොහන් 17 ථ 21*
මුස්: මෙම වාක්යයෙ හි දෙවියන් සහ යේසුස් වහන්සේ යනු එක්කෙනෙක් බව පැහැදිළිව ඇත. එමෙන් ම, ගෝලයෝද යේසුස් වහන්සේ හි සහ දෙවියන් හි එක් වී, එක්කෙනෙක්ව සිටින බවත් පැහැදිළිවම සඳහන් වී ඇත. යේසුස් වහන්සේ දෙවියන් හි එක් වී සිටින බව වූ හේතුව නිසාම එතුමාත් දෙවියන් වන්නේ නම්, එතුමා මෙන්ම දෙවියන් හි එක් වී සිටින එතුමාගේ ගෝලයෝත් දෙවියන් විය නොහැකි ද? දෙවියන්, යේසුස් වහන්සේ හා ශුද්ධ වූ ආත්මය යනාදී තුන්දෙනා එක් වී එකම දෙවියෙක් යනු වූ ත්‍රිත්වය ඇති විය හැකි නම්, මෙම තුන්දෙනාත් සමග යේසුස් වහන්සේගේ ගෝලයන් ෙදාළොස් දෙනාත් ඇතුළුව, පහලොස් දෙනාගෙන් සමන්විත වූ එක දෙවියෙක් ඇතිවිය නොහැකි ද?
කි.බැ: කෙසේ වෙතත් යේසුස් වහන්සේ දෙවියන් වන්නේ ය. ඊට පහත සඳහන් බයිබල් වාක්‍යය සාක්ෂි වෙයි:
”… මා දුටු තැනැත්තේ පියාණන් වහන්සේ දුටුවේ ය.” (බයිබලයේ ශු, යොහන් 14ථ9*
මුස්: දැන් අප දෙදෙනා ඔබ සඳහන් කරන මෙම වාක්‍යයට පෙර හා පසු ව ඇති කොටස් දෙස බලමු.
”පිලිප් ද, ස්වාමීනි! පියාණන් වහන්සේ අපට පෙන්නුව මැනව. ඒ අපට ඇතැයි උන්වහන්සේට කීවේ ය. යේසුස් වහන්සේ ඔහුට කියන සේක්: පිලිප් මා මෙපමණ කල් නුඹලා සමග සිටලාත් මා අඳුනන්නේ නැද්ද? මා දුටු තැනැත්තේ පියාණන් වහන්සේ දුටුවේ ය. එසේ වී නම් පියාණන් වහන්සේ අපට පෙන්නුව මැනවයි නුඹ කියන්නේ කෙසේ ද?” (බයිබලයේ ශු,යොහන් 14 : 8, 9*.
මේ අනුව, අවසානයේ දී පිලිප් ඇමතූ යේසුස් වහන්සේ, ”බැලීමට නොහැකි දෙවියන්ගේ ආකාරය ගෝලයන්ට කෙසේ පෙන්විය හැකි දැයි” විමසූ බව පෙනෙනවා නේද? එහෙයින්, දෙවියන්ගේ මැවීම් ගැන කල්පනාකර ඔහු ව විශ්වාස කළ යුතුයි. ඔහුගේ මැවීම් වන ඉර, හඳ හා අනෙකුත් දේ ගැන සිතා බලන්න. ඔහුගේ මැවීමක් වන යේසුස් වහන්සේ ගැනම සිතා බලන්න. එවිට දෙවියන් ගැන යහපත් වැටහීමක් ඇතිවෙයි, විශ්වාසයක් ද ඇතිවෙයි.!
යේසුස් වහන්සේ පැවසූහ:
”දෙවියන් වහන්සේ ආත්මයක් ය…” (බයිබලයේ ශු,යොහන් 4ථ 24*
”…නුඹලා කිසිකලක උන්වහන්සේගේ හඬ ඇසුවේවත් උන්වහන්සේගේ රූපාකාරය දුටුවේවත් නැත.” (බයිබලයේ ශු,යොහන් 5ථ37*
එසේ නම් ඔබ ආත්මයක් බැලිය හැක්කේ කෙසේ ද? ඔවුහු දැක ඇත්තේ යේසුස් වහන්සේ මිස දෙවියන් නොවෙයි. වැටහෙනවා ද?
පේරිත වූ පාවුල් මෙසේ ලියා ඇත:
”..කිසි මනුෂ්‍යයෙකු විසින් නුදුටුවා වූ, දකින්ටත් බැරි වූ තැනන් වහන්සේ” (බයිබලයේ 1- තිමෝති 6ථ16*
එසේ නම්, ඔබට බැලිය හැකි යමක් වේ ද, එය නියත වශයෙන්ම කිසිවිටක දෙවියන් නොවෙයි, මෙය ඉහත සඳහන් වාක්‍යය පැහැදිළි කරයි.
අපගේ ශුද්ධ වූ අල් කුර්ආනය මෙසේ පවසයි.
”පියැවී ඇසට ඔහු හසුකරගත නොහැකිය. එනමුත් ඔහු සියල්ලන්ගේ ම (සෑම* බැල්මක් ම දැන (වෙලා* සිටින්නේ ය. ඔහු සියල්ල මැනවින් තේරුම් ගත්තා ද සියල්ල මැනවින් දන්නා ද වේ.” (අල් කුර්ආනය 6ථ103*
කි.බැ: සිතට එකඟව කියන්නේ නම්, කුඩා කළ පටන් අපට උගන්වනු ලැබූ යම් යම් කරුණු එක වරම ප්‍රතික්ෂේප කිරීම කළ හැකි නොවේ. එය තරමකට අමාරු කාර්යකි.
මුස්: මම මෙසේ කිරීමට නොකියමි. නමුත්, අපි පිළිගන්නා යමක් වේ නම් එය වැටහීමකින් කළ යුතුයි. දැන් ඔබ ත්‍රිත්වය පිළිබඳව හොඳ වැටහීමක් ලබා ගත යුතු යි. ඊට ශුද්ධ වූ ආත්මය යනු කුමක් ද? යන ප්රශ්නය ඔබට මග පෙන්වනු ඇතැයි මම අදහස් කරමි.
කි.බැ: ”ශුද්ධ වූ ආත්මය යනු ශුද්ධාත්මයාණන්” වෙයි, දෙවියන් ද වෙයි. පියා දෙවියන් වන්නේය, පුත්‍රයා දෙවියන් වන්නේ ය, ශුද්ධාත්මයාණන් දෙවියන් වන්නේ ය. යනු ය අපට උගන්වා ඇත්තේ. එහෙත්, දෙවියන් තිදෙනෙක් බව කීමට අපට අවසර නැත, කිවයුත්තේ එකම දෙවියෙක් බව ය.
මුස්: එසේ නම්, කරුණාකර බයිබලයේ, ශු. මතෙව් හි පළවෙනි පරිච්චේදයේ 18 වෙනි වාක්‍යය කියවනවා ද?
කි.බැ: ”යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය මෙසේ විය. උන්වහන්සේගේ මවු වූ මරියා යෝසෙප්ට විවාහබස් දී සිටිය දී, එවුන් එක්වෙන්ට පළමුවෙන්, ශුද්ධාත්මයාණන් කරණකොට ගෙන ඈ ගර්භනී වූ බව දැනගන්නා ලදී” (බයිබලයේ, ශු. මතෙව් 1ථ 18*
මුස්: දැන්, කරුණාකර මෙම වාක්‍යය බයිබලයේ ශු, ලූක් හි පළවෙනි පරිච්චේදයේ 26 හා 27 වෙනි වාක්‍යයන් සමග සසඳා බලන්න.
කි.බැ: සවෙනි මාසයේ දී, ගලීලයේ නාසරෙත් නම් නුවරක විසූ, දාවිත්ගේ වංශයෙහි වූ යෝසෙප් නම් මනුෂ්‍යයෙකුට විවාහබස් දී සිටි, කන්‍යාවකු වෙතට දෙවියන් වහන්සේ වෙතින් ගාබි්රයෙල් නම් ¥තයා යවනලද්දේ ය, ඒ කන්‍යාවගේ නාමය මරියාය.
මුස්: මෙම වාක්‍ය දෙක ම යේසුස් වහන්සේගේ ආශ්චර්යමත් උපත පිළිබඳව අදහස් දෙකක් ඉදිරිපත් කරයි. මතෙව්ගේ අදහස ශුද්ධාත්මයාණන් බව වන අතර ලූක්ගේ අදහස ගාබි්රයෙල් නම් වූ ¥තයා වෙයි. එසේ නම් ශුද්ධාතමයාණන් යනු කවරෙක් ද?
කි.බැ: ශුද්ධාතමයාණන් යනු දේව ¥ත ගාබි්රයේල් වෙයි !
මුස්: දැන් කියන්න, ඔබ තවත්, මෙම ත්‍රිත්වය කෙරෙහි විශ්වාස තබන්නේ ද?
කි.බැ: මේ අනූව බලන විට, දෙවියන් දෙවියන්ම ය, ශුද්ධ වූ ආත්මයාණන් හෝ ශුද්ධ වූ ආත්මය හෝ යනුවෙන් සඳහන් වන්නේ දේව ¥ත ගාබි්රයේල් ය, එසේ නම් යේසුස් වහන්සේ…….
මුස්: මේ අහන්න: යේසුස් වහන්සේ (දෙවියන්ගේ* වක්තෘවරයෙක් වෙයි. එතුමා මරියාගේ පුත්‍රයාය.
කි.බැ: අපි අභිරහසක් බව සලකන යමක් ඔබ විසඳන්නේ කෙසේ ද?
මුස්: කලින් අනාවරණය කරන ලද දේව ග්රන්ථයන් හි මිනිසුන් විසින් කරණු ලැබූ වෙනස්කම් ද, දෙනු ලැබූ වැරදි අදහස් ද නිරාකරණය කිරීම පිණිස අපි අල් කුර්ආනය මිම්මක් ලෙස භාවිතා කරන්නෙමු. ඔබට දැන් දෙවියන්ගේ ඒකීය භාවය හා මරියාගේ පුත්‍රයා වූ යේසුස් වහන්සේගේ වක්තෘභාවය විශ්වාස කළ හැකි නම්, තවත් යම් තම් ඉදිරියට අවුත් මුහම්මද් (සල්* තුමා අල්ලාහ්ගේ අවසාන වක්තෘවරයා වශයෙන් ද පිළිගන්නට පසුබට වන්නේ ඇයි?
සත්‍යය පිළිගන්න තවත් පසුබට නොවන්න. එන්න: මා සමග ෂහාදාහ් යනු වූ සාක්ෂිය- ස්ථීර ප්‍රකාශය – පළමුව, ඉංගී්රසියෙන් ද, දෙවනුව අරාබි භාෂාවෙන් ද කියන්න:
කි.බැ: ”අල්ලාහ් හැර (නැමදීමට, අවනත වීමට, නීති සම්පාදනය කිරීමට* වෙන දෙවි කෙනෙක් නැත. මුහම්මද් (සල්* තුමා අල්ලාහ්ගේ දාසයෙක් හා වක්තෘවරයෙක් වෙයි යනු මම සාක්ෂි දරමි.”
”අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලාෂරීකලහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලූහු”
මට තවත් කරුණක් පැහැදිළි කරන්න. මගේ මුතුන් මිත්තන්ගේ තත්ත්වය කුමක් ද? මම ඈත් වී සිටීමට නොකැමැත්තෙමි. ඔවුහු සියල්ලෝම ක්‍රිස්තියානීන් ව සිටිය හ.
මුස්: ආබ්‍රහම් (ඉබ්රාහීම්- අෙලෙ* තුමා වෙත සත්‍යය වූ ඉස්ලාමය අනාවරණය වූ විට, එතුමා තම දෙමාපියන් හා මුතුන් මිත්තන්ගෙන් ඈත්වූහ. ලොව වෙසෙන සියළු දෙනාම ඔවුනොවුන්ගේ ක්රයාවන් වෙනුවෙන් ඔවුනොවුන්ම වගකිවයුත්තෝ වෙති. සමහර විට, ඔබට සත්‍යය මෙතරම් පැහැදිළිව ලැබුණා සේ ම ඔබගේ මුතුන් මිත්තන්ට නොලැබෙන්නට ඇත.
අල් කුර්ආනය මෙසේ පවසයි:
”යමෙක් සෘජු මගෙ හි ගමන් කරන්නෙ හි ද ඔහු තම යහපත පිණිසම සෘජු මගෙ හි ගමන් කරන්නේ ය. යමෙක් නොමගට යන්නෙහි ද ඔහු තමා හට ම විනාශය ඇතිකර ගන්නෙහි ය. නියත වශයෙන් ම කෙනෙකුගේ පව් අන්කෙනෙකු උසුලන්නේ නැත. (අපගේ* වක්තෘවරයාණන් එවන තෙක් (කිසිවෙකුටත්* අපි වේදනාවන් නොදෙමු” (අල් කුර්ආනය 17ථ15*
මෙම අල් කුර්ආන් වාක්‍යය ඉතා පැහැදිළියි නේ ද? කල්පනා කරන්න, සත්‍යය ඔබට පැහැදිළිව ලැබී ඇත. එය පිළිගැනීමත් ප්‍රතික්ෂේප කිරීමත් ඔබ සතු කාර්යභාරයක්!
කි.බැ: ඉස්ලාමයයි, කි්රස්තියානි ආගමයි දෙකම එකවර පිළිගත නොහැකි ද?
මුස්: ආගම් සම්බන්ධදව බලකිරීමක් හෝ බලහත්කාරයක් නැත. ඔබ කැමති දෙයක් කළ හැකි ය. එහෙත්, ඔබ මෙම ආගම් දෙක ම එක්කරන්න – එකට පිළිගන්න – සිතන්නේ නම්, එයින් පෙනීයන්නේ ඔබ තවමත් අල්ලාහ් ට සම්පූර්ණයෙන්ම අවනත නොවූ බවයි, ඒ කියන්නේ, ඔබ තවමත් දෙවියන් ප්‍රතික්ෂේප කරන්නෙක්- අවිශ්වාස වන්තයෙක් බවයි.
අල්කුර්ආනයේ මෙම වාක්‍යයට සවන් දෙන්න:
”නියත වශයෙන්ම අල්ලාහ් සහ ඔහුගේ වක්තෘවරුන්ටත් අතර වෙනස් කිරීමේ අභිලාෂයෙන්, අපි එම වක්තෘවරුන්ගෙන් සමහරක් අය කෙරෙහි විශ්වාස තබන අතර සෙසු අය ප්‍රතික්ෂේප කරමු” යි පවසති, (ප්‍රතික්ෂේපත්වය සහ විශ්වාසය අතර* මැද මාවතක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙති. මොවුන් සියල්ලෝම සැබෑ ප්රතික්ෂේපකයින් වෙති. ප්රතික්ෂේපකයින්ට ඉතා නින්දාසහගත වේදනාවන් ලෑස්ති කොට ඇත්තෙමු. යමෙක් අල්ලාහ් සහ ඔහුගේ වක්තෘවරුන් කෙරෙහි විශ්වාස තබා ඔවුන් අතර වෙනස්කම් නොකරන්නේ ද, ඔවුන්ට හිමි ආනිසංස අල්ලාහ් ඔවුන්ට පිරිනමනු ඇත. අල්ලාහ් ක්ෂමාශීලී ය, අතිකාරුණික ය.” (ශු අල්කුර්ආනය 4ථ 150- 152*
මුස්: ඔබ යමක් තේරෙන වයසට පැමිණි විට, ඔබගේ සිහි බුද්ධියත් යතපත් නම්, සත්‍යය පිළිගැනීමේ වගකීම ඔබ වෙත පැවරෙන්නේ ය. ඊට පිටුපා යෑමට ඔබට කිසිසේත් නොහැකි ය. ඔබ ‘ෂහාදාහ්” යන සාක්ෂිය ප්‍රකාශ කළා හෝ නොකළා හෝ තත්ත්වය එයයි. අල්ලාහ් මෙලොව අනවශ්යව මවා නැත. තව ද, සත්‍යය හා අසත්‍යය තෝරා බේරාගැනීම පිණිස අවශ්‍ය බුද්ධිය හා අනෙකුත් අවයවයන් අල්ලාහ් විසින් ඔබට පිරිනමා ඇත. එපමණක් නොව, ඔහු විසින් යහමග පෙන්වන වක්තෘවරුන් බොහෝ දෙනෙක් එවා ඇත. එම උතුම් වක්තෘවරුන් සෑම කෙනෙකුටම හොඳ නරක පෙන්වා දී, හොඳ මාර්ගයේ යන ආකාරයත් තම ජීවිතාදර්ශය තුළින් පෙන්වා ඇත.
අප සියලූ දෙනාම මවා ඇත්තේ අල්ලාහ්ට අවනත වී ජීවත් වීමට ය, ඔහුට පමණක් නැමදීම ඉටුකිරීමටය. එබැවින්, යහපත් දේ කිරීමෙහි අප අතර තරඟකාරිත්වයක් තිබිය යුතු ය.
අල්ලාහ් පවසා ඇති කරුණු දෙස සිත යොමු කොට බලන්න:
”.. අපගේ අධිපතිතුමනි, ඔබ අනවශ්‍ය ලෙස මේ කිසිවක් මවා නැත. ඔබ අති ශ්‍රේෂ්ඨවන්නේ ය… (අල් කුර්ආනය 3ථ 191*
”තවද ජින් (වර්ගයා* හා මිනිස් (වර්ගයා* මාහට ඉබාදත් (සම්පූර්ණ අවනත වී මාගේ අණ පිළිගෙන ජීවත් වීමට හා මාහට පමණක් නැමදීම ඉටු* කිරීමට හැර මා මැවුයේ නැත.” (අල් කුර්ආනය 51ථ56*
අල්ලාහ්ගේ තෘප්තිය ලබාගන්නා අදහසින් කරන සෑම ක්‍රියාවක්ම ඔහුට කරන නැමදීම් වෙයි.
”..(මිනිසුන්ගෙන්* යහපත් ක්‍රියාවන් ඇත්තෝ කවරහු දැයි ඔවුන් පරික්ෂා කිරීම පිණිස, නියත වශයෙන්ම පොළොවෙ හි ඇති දේ ඊට අලංකාරවත් ලෙස අපි කළෙමු” (අල් කුර්ආනය 18ථ7*
සංස්කරණය:
ආචාර්්‍ය මුහම්මද් බාගිල්
පරිවර්තනය:
එස්. එම්. මන්සූර්
මතු සම්බන්ධයි………