විද්‍යාව සහ තාක්ෂනය කිසි දිනක නොදුටු තරම් දියුණුවක් ලබා ඇත. එහෙත් විද්‍යාව සහ තාක්ෂණය තවමත් සිටින්නේ දෙවියන්ගේ මැවීම් ඉදිරියේ ගව් ගණන් ඈතින් ය. විද්‍යාවෙන් සිදු කරනු ලබන්නේ දෙවියන් මවන ලද දේවල් ගැන පර්යේෂණ සිදු කරමින් අලුත් නිෂ්පාදන ඇති කිරීම පමණි. ඒ අනුව අද වන තුරුත් කිසිම විද්‍යාඥයෙක් නැති දෙයකින් අලුත් දෙයක් මවා නැත. එම බලය ඇත්තතේ දෙවියන්ට පමණි. මුල්ම ජිවය ඇතිවීම පිළිබඳව මතයන් කිහිපයක්ම විද්‍යාඥයින් විසින් ඉදිරපත් කොට තිබේ. ඉන් එක් මතයක් වන්නේ අකුණු කෙටිම නිසා මුල්ම ජීවියා බිහිවූ බවයි. තවත් මතයක් වන්නේ පිට සක්වලින් මුල්ම ජීවිය පැමිණ තිබිය යුතු බවයි. මිට අමතරව වෙනත් මතයන්ද ප්‍රකාශ වී තිබේ. කෙසේ වෙතත් මේවා සියල්ලම හුදෙක් විශ්වාසයන් පමණි.
විද්‍යාඥයින් පවසන අන්දමට දැනට වසර බිලියන තුනකට පමණ පෙර මුල්ම ජිවය ඇතිවී තිබේ. එහෙත් එම ජිවය ඇති වුයේ කෙසේදැයි ඔප්පු කොට නොමැත. තවමත් ආත්මය ගැන විද්‍යාඥයින් කිසිම දෙයක් සොයාගෙනත් නැත.
මුල්ම ජිවය විදුලිකෙටිමකින් හට ගත්තේයැයි මොහොතකට සිතුවත් එසේ හටගන්නා ජිවය ඇතුලත් විය යුත්තේ ප්‍රෝටීන අඩංගුවන ශරීරයක් තුලටය. එසේ නොවන්නට ජීවයක් බිහිවිය නොහැකිය. එසේ නම් මුල්ම ප්‍රෝටීනය ඇතිවන්නේ කෙසේදැයි මෙහිදී ප්‍රශ්නයක් පැන නගින්නේය. කෙසේ වෙතත් ප්‍රෝටීන අනුවල සංකීර්ණතාව අධ්‍යයන කරන කල එවැනි අතිශයින්ම සංකීර්ණ අනු ඉබේ ඇතිවීමට තිබෙන සම්භාව්‍යතාව ශුන්‍ය තරමට අඩුය. ඇත්තෙන්ම එවැනි දෙයක් ඇති වන්නේ නම් ඒ සඳහා යන කාලය විශ්වය ආරම්භ වීමට යන කාලයට වඩා වැඩි වනවාට කිසිම සැකයක් නැත.
ජීවීන්ගේ DNA අනුවල අඩංගු විස්තර ගැන අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ එය අකුණු කෙටීමෙන් හටගැනීමට තරම් සරල කාර්යයක් නොවන බවයි. ඇයිද යත් DNA අනුවක් තුල විශාල පුස්තකාලයක් පිරවිය හැකි තරම් කරුණු අඩංගු වන්නේය. තවද එම කරුණු කෙනෙකුට තේරුම් ගැනීමට හැකි පරිදි සකස් වී තිබේ. එසේ නම් එය යම් ඥානාන්විත මැවුම්කරුවෙකුගේ ක්‍රියාවක් විය යුතුය.
මුල්ම මිනිසා බිහිවීම ගැන අල් කුරානයේ මෙලෙස පවසා ඇත.
“නුඹගේ සමිඳුන් දේවදුතයින් හමුවේ, ‘නියතවශයෙන්ම මම මිනිසාව මැටියෙන් මවන්නට යන්නෙමි’යි පැවසූ දෙය (සිතා බලන්න!). මෙලෙස මා ඔහුව හැඩගස්වා ඔහුගේ ප්‍රාණය ඇතුල් කල පසු ඔබලා ඔහුට සුජුද් කරන්න” (කුරානය 38:71-72).
ඉහත සඳහන් කුර්ආන් වැකිය අනුව ආදම් තුමාව දෙවියන් මැටියෙන් මවා ඊට ආත්මය ඇතුලත් කොට ඇත. කෙසේ වෙතත් දෙවියන්ව විශ්වාස කිරීම මිත්‍යාවක් යැයි පවසන අයත් අප අතර සිටිති. ඔවුන් කළ යුත්තේ දෙවියන්ව විශ්වාස කිරීම මිතාවක් යැයි කීමෙන් නොනැවතී මේ විශ්වය සහ එහි ඇති සියළුම දේවල් ඇතිවූ අන්දම විද්‍යානුකූලව ඔප්පු කර පෙන්වීමය.
By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.