ඉස්ලාමය හා විද්‍යාව අතර ඇති ඉතා කිට්ටු සම්බන්ධය හුවා දැක්වීමට මුහම්මද් නබි (සල්) තුමාගේ නිරන්තර දේශණවලින් උපුටාගත් පහත සඳහන් කොටස් තරම් යෝග්‍ය වූ නිදර්ශනයන් තවත් නොතිබිය හැකියි මම සිතමි.
”දැනුම සෙවීම සෑම මුස්ලිමෙකුටම අනිවාර්්‍ය වේ”
”ඥාණය යනු විශ්වාසවන්තයාගේ නැතිවුණු වස්තුව වේ”.
”දැනුම සෙවීමේ මාර්ගයේ ගමන් කරන ඕනෑම අයෙකුට අල්ලාහ් විසින් ස්වර්ගයට යන මාර්ගය පහසු කරනු ඇත”
මෙම වගන්තීන් සහ නොයෙකුත් අන්‍ය උපදේශයන් හැකි සියළුම මාර්ගවලින් දැනුම රැස්කිරීමේ හා වැඩිදියුණු කිරීමෙහි යෙදීමට මිනිසාට කෙරෙන විවෘත, සත්‍ය ආරාධනාවන් බඳුවේ. එබැවින් ඉස්ලාම් දහම සහ විද්‍යාව නිවුන් සොහොයුරියන් ලෙස දැක්වීම පුදුමයට කරුණක් නොවේ. වත්මන් යුගයේදී විද්‍යාව, විවිධ ආගම් වලින් පිටු පැනීමට නොයෙක් උත්සාහයන් දැරුවද තවමත් එය ඉස්ලාමය හා අඛණ්ඩව එකට සබැදී පවතී. තවද කුර්ආනයේ එන ඇතැම් කරුණු වඩා හොඳින් අවබෝධ කරගැනීම සඳහා නූතන විද්‍යාත්මක දත්තයන්ගෙන් ලැබෙන සහායද සැබැවින්ම අපූරුය. විද්‍යාත්මක සත්‍යයන් තුළින් ආගමික විශ්වාසයන් බිඳ දමමින් ඒවාට මරුපහර එල්ල කරන යුගයක, විද්‍යාව මගින් අනාවරණය කරගත් නිවැරදි දත්ත ඉස්ලාමීය ග‍්‍රන්ථයන් හා පරීක්‍ෂණයට භාජනය කිරීමෙන් මිනිසා වටහා ගනු ලැබූයේ, කුර්ආනයෙහි ඇති දිව්‍යමය පණිවිඩයෙහි විද්‍යමාන වන නිවැරදි හා සත්‍ය වූ ස්වභාවය පිළිබඳවය.
බොහෝ මිනිසුන් කියන හෝ සිතන ආකාරයට නොව, අවසාන වශයෙන් විද්‍යාත්මක දැනුම මගින් අපට පෙන්වා දෙනු ලබනුයේ දෙවියන්ගේ පැවැත්ම පිළිබඳව ප‍්‍රබල සාධකයන් අප අතර ඇති බවය. නූතන දැනුම තුළින් හෙලිදැක්වෙන අභිධර්මීය පාඩම් සහ ආදර්ශයන් ගැන (අධ්‍යාත්මික විද්‍යාව හා සම්බන්ධ) අප ඉතා සාධාරණව හා අපක්‍ෂපාතීව අපෙන්ම විමසා බැලූවහොත් දෙවියෙකු ඇතැයි සිතීමට බොහෝ හේතු සාධක පවතින බව අපට නිසැකවම අවබෝධ වනු ඇත. (උදාහරණයක් වශයෙන් පදාර්ථයේ අඩංගු කුඩාම සංඝටකය පිළිබඳව අප සතු ක‍්‍රමයෙන් විකාශයට පත්වන දැනුම, හෝ අජීව ද්‍රව්‍යවලින් ජීවය ඇතිවීම වටා ගොඩනැගී ඇති ප‍්‍රශ්න සලකා බැලිය හැක.) ඕනෑම ජීවියෙක් උපතේ සිට ජීවිතය පවත්වා ගෙන යාමේදී හමුවන නොයෙක් පියවරවල පවතින පැහැදිලි, කැපී පෙනෙන සංවිධානාත්මක බව හා පාලනය ගැන සලකා බලන කල, එය අහම්බෙන් ඇතිවූවක් බව පැවසීමට ඇති කරුණු සීමිතය.
අද විවිධ ක්‍ෂේත‍්‍රයන්හි ඇතිවී ඇති විද්‍යාත්මක දැනුමේ පුළුල්වීම හේතු කොටගෙන අතීතයේ අප තුළ වූ බොහෝ මතවාද බිඳ වැටීයාම ක‍්‍රමක‍්‍රමයෙන් වැඩිවෙමින් පවතී. උදාහරණයක් වශයෙන් මෑතකදී බිඳ වැටුණු, වෛද්‍ය විද්‍යාව පිළිඳ නොබෙල් ත්‍යාග ලාභී ප‍්‍රංශ විද්‍යාඥයෙකු විසින් “ජීවීන් අජීව ද්‍රව්‍ය තුළ වූ සරල රසායනික මූලද්‍රව්‍යයන්ගෙන් අහඹු ලෙස ඇතිවන බවට ස්ථීරවම ප‍්‍රකාශ කල අජීවෝජ්ජනන වාදය” (ස්වයං සිද්ධ ජනනය) දැක්විය හැක. මෙලෙස ඉතා සරල ලෙස ජීවය සම්භවය වූයේ නම්, එහි වැඩිදුර විකාශයක් ලෙස කැපීපෙනෙන ලෙස ඉතා සංකීර්ණ වූ මිනිසා බිහිවී ඇතැයි කෙනෙකුට පැවසිය හැක. මගේ වැටහීමට අනූව නම් විද්‍යාවේ දියුණුව මගින් උසස් ජීවීන්ගේ සංකීර්ණභාවය වටහාගැනීමෙන් ඉදිරිපත් කෙරෙනුයේ මීට ප‍්‍රතිවිරුද්ධ වූ න්‍යායක් බවයි. එනම් ජීව සිද්ධාන්තයන්ගේ කැපීපෙනෙන සැකැස්ම, පාලනය හා අපූර්ව විධිමත් සංවිධානය ගැන සලකා බලන කල, ඒ සඳහා මැවුම්කරුවෙකු නියත වශයෙන්ම සිටිය යුතු බවයි.
කුර්ආනයේ එන බොහෝ කොටස් වල මෙබඳු පොදු සාමාන්‍ය අදහස් ගෙනහැර දක්වන නමුදු, නූතන විද්‍යාව මගින් අද නිරාවරණය කරගන්නා බොහෝ කරුණු, සෘජුව නිවැරදිව හා පැහැදිලිව කුර්ආනයෙහි අන්තර්ගත වේ. කුර්ආනයේ එන මෙම නිවැරදි දත්තයන් මගින් අද බොහෝ විද්‍යාඥයින් ඒ තුළට, කාන්දමක් වෙතට ලෝහයන් ඇදී යන්නාක් මෙන් ආකර්ෂනය වී ඇත.
කුර්ආනය සහ නූතන විද්‍යාව
නජ්මා පෙරේරා