මිනිස් ක්‍රියාකාරකම්වලින් ස්වායත්තව සිදුවන දේවල් ස්වභාව ධර්මය ලෙස අර්ථ දක්වා ඇත. එහෙත් ස්භාවධර්මය ක්‍රියාත්මක කරන්නේ කව්රුන් දැයි එම අර්ථ දැක්වීමෙන් කියැවෙන්නේ නැත.
ඇටයක් පසෙහි දැමු විට එය දිරා යන්නේ නැත. ඉන් පැලයක් හට ගෙන විශාල හසක් බවට පත් වන්නේය. එපමණක් නොව එම ගසින් නැවතත් පල හට ගෙන එම ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වන්නේය. මේවා ස්වභාව දර්මය ලෙස පැවසීම හරිද? ලොව වෙසෙන සියළුම විද්‍යාඥයින්ගේ හැකියාවෙන් මෙවැනි ක්‍රියාවක් සිදු කල නොහැකිය. එසේ නම් මෙවන් සංකීර්ණ විශ්වයක් බිහි කිරීමට මොන තරම් ඥානාන්විත බලයක් ක්‍රියාත්මක විය යුතුද?
සුන්බුන් ගොඩක් කොපමණ කාලයක් එක තැන තිබුනත් ඉන් පරිගණයක් බිහි වන්නේ නැත. පරිගණයක් නිෂ්පාදනය කිරීමට විශාල කාර්ය භාරයක් ඉටු කල යුතුය. ඒ සඳහා දැනුම අවශ්‍යය. එසේ බලන කල පරමාණුවේ සිට දැවැන්ත ක්ෂිරපත දක්වා වූ දේවල් ඇති වීමට නම් ඒ සඳහා පිඹුරුපත් සකස් කොට තිබිය යුත්තේ කව්රුන් විසින්ද? එවැනි දෙයක් ඉබේ ඇති විය හැකි යැයි සිතීම පවා මුග්ධ කමකි.
විශ්වයේ බොහෝ භෞතික නීති දැකිය හැකිය. ඒවා සියල්ලම ඉතා ඥානාන්විත අයුරින් සැකසී තිබේ. එවැනි නීති විශ්වය තුල ක්‍රියාත්මක නොවුයේ නම් මෙම විශ්වය මෙලෙස පැවතිය නොහැකිය. එසේ නම් එම නීති ඇති කලේ කව්රුන් විසින්ද? ඒවා ඉබේ ඇතිවනවා යැයි කීම කාට නම් පිළිගත හැකිද? උදාහරණයක් ලෙස වස්තුන දෙකක් අතර තිබෙන ආකර්ෂණ බලය සලකා බලමු. එවැනි බලයක් නොතිබුනේ නම් මෙම අභ්‍යවකාශය පැවතිය හැකිද? එසේ නම් එම බලය මැව්වේ කව්ද?
විශ්වයේ රසායනික සංයුතීන් අදහා ගැනීමට නොහැකි තරම් සංකීර්ණ ඒවාය. එවැනි දේවල් ඉබේ ඇතිවිය හැකිද? විවිධ ශාක වල හටගන්නා මල් සහ පලතුරු වල රසායනික සංයෝග කොපමණ ඇත්ද? ඒවායේ කිසිම අතුරු ආබාදයක් නොමැතිව තිබීමට නම් ඒවා සකස් කලේ කව්රුන් විසින් ද? ජීවීන්ගේ DNA අනු පිළිබඳව අධ්‍යයනය කලේ නම් ඒවා ඥානාන්විත මැවුම් කරුවෙකුගේ ක්‍රියාවක් බව පෙනී යන්නේය. ඒවා කියවිය හැකි ක්‍රමයකට සකස් වී තිබේ. එක් DNA අනුවක ඇති දත්ත ප්‍රමාණය ගබඩා කිරීමට විශාල පුස්තකාලයක් තරම් ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වන බව විද්‍යාඥයින් පවසන්නේය. එසේ නම් එය ඉබේ ඇති විය හැකිද?
පෘථිවියේ ජෛව විවිදත්වය දෙස බලන කල ඒවා පිටුපස ඉතා ඥානාන්විත මැවුම් කරුවෙක් සිටිය යුතු බව පෙනී යන්නේය.
මේවාට අමතරව විශ්වය පුරා බොහෝ නීති දැකිය හැකිය. ඒවා සමිකරණවලින් ඉදිරිපත් කල හැකිය. එසේ වන්නේ එම නීති යම් කිසි පිළිවෙලක් අනුගමනය කරන නිසාය. විද්‍යාඥයින් විසින් මෙවැනි බොහෝ නීති හඳුනාගෙන ඇත. එම නීති වල අදාරයෙන් බොහෝ විද්‍යාත්මක උපකරන පවා නිපදවා ඇත. එසේ නම් මෙම නීති ඇති කලේ කව්රුන් විසින්ද? කුමක් සඳහාද?
විශ්වය තුල මිනිසා සුවිශේෂී ස්ථානයක් උසුලන්නේය. ඇයිද යත් විශ්වයේ ඇති නීති මිනිසාට තේරුම් ගෙන ඉන් ප්‍රයෝජන ලැබීමට හැකි නිසාය. එසේ නම් විශ්වය තේරුම් ගැනීමට හැකි වන පරිදි මිනිසාව නිර්මාණය කලේ කව්ද? මෙය අහඹු සිදුවීමක් වන්නේ නම් එහි සම්භාව්‍යතව ඉතාමත් කුඩා අගයක් ගනු ඇත. ඒ අනුව බලන කල මේ සෑම දෙයක්ම ඉබේ ඇතිවීමට කිසිම හැකියාවක් නොමැත. මේ අනුව බලන කල විශ්වය සහ එහි පවතින සියළුම නීති දෙවියන්ගේ මැවීමක් බව නිගමනය කල හැකිය.
By Fasy Ajward B.Sc(Sp.Phy)Hons,Jpura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.