මුළු විශ්වයම මවා පරිපාලනය කරන්නේ එකම දෙවියෙකු විසින් යන්න ඉස්ලාම් දහමේ මූලික ප්‍රතිපත්තියයි. මෙසේ මෙම මතය ඉදිරිපත් කරද් දී එයට එරෙහිව සමහරක් අදේවවාදීන් හා දර්ශන වාදීන් විවිධ තර්කයන් ඉදිරිපත් කරයි. එසේ ඉදිරිපත් කරන තර්කයන් කුමක්ද? යන්නත් එම තර්කයන්වල ඇති සාධාරණත්වය හා නිර්වද්‍යතාව කොපමණද? යන්නත් මෙහිදී අවධානය යොමු කරමු. මෙහිදී ප්‍රථමයෙන් සඳහන් කළ යුතු කරුණක් ඇත. එනම් කිසිවක් තුළ අන්තවාදී නොවී මේ දෙස බැලිය යුතුය. එසේ නොවේ නම් සත්‍යය දකින්න, සත්‍යය අවබෝධ කරගන්නට බැරි වනු ඇත.

දේව වාදය ප්‍රතිෙක‍ෂ්ප කරන්නන් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය වන්නේ —මේ දක්වා කිසිවකු නොදුටු දෙවියෙක් පිළිබඳව කෙසේද විශ්වාස කරන්නේ?˜ යන්නයි. මෙය බැලු බැල්මට ඉතා හොඳ තර්කයක් ලෙස බොහෝ දෙනෙකුට පෙනී යනූ ඇත. නමුත් යම් කටයුත්තක් කාර්යයක් දැකීමෙන් පසුවයි විශ්වාස කරන්නේ යයි පවසන තර්කය බුද්ධිමත් තර්කයක්, එසේත් නැත්නම් තීරණයක් ලෙස පිළිගත නොහැක. මන්ද දැකීම යන්න මිනිසාට පමණක් සුවිශේෂි වූ ගුණාංගයක් නොවේ. එය සියලූම ආකාරයේ සතුන්ට පොදු වූ ලක්ෂණයකි. සියලූම සතුන් බොහෝ දෑ තීරණය කරන්නේ දැකීමෙනි. උදාහරණයක් ලෙස මුවෙකු තම සතුරා දුරදීම හඳුනාගෙන තම ආරක‍ෂාව සඳහා සුදුසු පියවර ගන්නේ දැකීමෙනි. මේ ආකාරයට අප දැකීමෙන් අනතුරුවයි එය විශ්වාස කරන්නේ යයි පවසන්නේ නම් එම සතුන් හා මිනිසුන් වන අප අතර ඇති වෙනස කුමක්ද? සතුන්ට වඩා උතුම් නිර්මාණයක් ලෙස දෙවියන් මිනිසා මවා ඇත. එනම් සියලූ සතුන් සඳහා පංච ඉන්ද්‍රියේ බුද්ධිය පමණක් ලබාදුන් දෙවියන් මිනිසා සඳහා සයවන බුද්ධිය හෙවත් විඥානය ද ලබා දී ඇත. එසේ නම් කුමක්ද මේ විඥානය?

දෙවියන් විසින් මිනිසා හට සාමාන්‍ය පංචේන්ද්‍රියේ බුද්ධියට අමතරව සුවිශේෂි වූ සයවන බුද්ධියක් ද ලබා දී ඇත. එනම් මිනිසා ඇතුළු සියලූම සතුන් සඳහාවූ
1- පෙනීම 2- රසය 3- ඇසීම 4- ගඳ සුවඳ 5- සංවේදිතාවය හෙවත් දැනීම. වැනි පංච බුද්ධීන් ලබා දී ඇත. නමුත් මිනිසාහට ඉහත බුද්ධීන්ට අමතරව ඉහත ඉන්ද්‍රියයන් මගින් ලබාගන්නා පණිවුඩය අවබෝධය තුළින් නොදකිනා යමක් වටහාගැනීම හෙවත් විඥානය ලබා දී ඇත.

මනුෂ්‍යයා සමහරක් දෑ ඇසින් බලා තීරණය කරනු ලබයි. නමුත් මෙසේ දැකීමෙන් පමණක් සියල්ල අවබෝධ කරගත නොහැක. දැකීමට ඇස උපයෝගී රකගන්නා සේම රසය අවබෝධ කරගැනීමට දිව උපයෝගි කරගනී. ඇසින් රසය හඳුනා ගත නොහැක. මේ නිසා එනම් රසය ඇසට නොපෙනෙන නිසා එය පිළිගත නොහැකි යයි කිසිසේත් තර්ක නොකරමු. එසේම සංගීතයක් අවබෝධ කරගත යුත්තේ කණ හෙවත් ඇසීම මගිනි. එය දැකිය නොහැක. මේ නිසා එය පිළිගත නොහැකි යයි කිසිසේත් තර්ක නොකරමු. මේ ආකාරයට ගඳ සුවඳ සැලකුව ද සංවේදීතාවය සැලකුව ද මේවා ඒ ඒ ඉන්ද්‍රියයන් මගින් පමණක්ම අවබෝධ කර ගත යුතු මිස මේවා සියල්ල දැකීම කළ නොහැක.

ඇසින් දකින සමහරක් සිද්ධීන් පවා නිවැරදිව වටහා ගැනීමට නොහැකිවන අවස්ථාවන් ගෙන හැර දැක්විය හැක. මේ අනූව ඇසින් දකින දෑ පවා වරදින්නට හැක. එම නිසා දුටු පමණින් සියල්ල තීරණය නොකොට ඒ පිළිබඳව අධ්‍යයනය කර තීරණය කළ යුතුය. එයයි බුද්ධිමත් සත්‍යයවන්නේ. ශී්‍ර ලාංකික බහුතරය වන බෞද්ධයන් පිළිපදින දහමේද මෙය අවධාරණය කරයි. එනම් —පංචිචත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති- ප්‍රත්‍යක‍ෂ කර ගැනීම තුළින්ම අවබෝධ කර ගැනීම තුළින් යමක් තේරුම් ගත යුතුයි.˜

මේ අනූව ඇසීම, දැකීම, ගඳ සුවඳ, රසයන් අවබෝධ කරගැනීම හා සමේ සංවේදනය වීම වැනි පංචේන්ද්‍රයයන් මගින් අවබෝධ කරගැනීම යන්න විඥානය යයි නොපවසමු. මන්ද මේ හැකියාවන් සියල්ල මිනිසා ඇතුළු සියළු සතුන් තුළ පවතී. මේ අනූව මිනිසා හා සතුන් අතර වෙනස ඇත්තේ සයවන බුද්ධිය වන විඥානයේය.

විඥානය යනු යම් කරුණක් දෙස බලා වෙනත් දෙයක් තීරණය කිරීමයි. උදාහරණයක් ලෙස දුර ප්‍රදේශයක අහසට නැගෙන දුමක් දෙස බලා එම ප්‍රදේශයේ ගින්නක් ඇති බව බුද්ධිය තීරණය කරනු ලබයි. මේ ආකාරයට පංචේන්ද්‍රියයන් මගින් ලබාගන්නා තොරතුරු හරිද? වැරදිද? සත්‍යද? අසත්‍යද? යන තීරණය කිරීමේ බුද්ධිය විඥානය ලෙස හඳුන්වන්නේ.

මේ මූල ධර්මය අනූව දෙවියෙකු සිටිනවාද? යන්න ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට දැන් උත්සාහර කරමු. එසේනම් මිනිසා නොදැකපු පංචේන්ද්‍රියයන්ට ගෝචර නොවූ දෙවියන් අවබෝධ කරගන්නේ කෙසේද? ඒ සඳහා එකම මාර්ගය දෙවියන්ගේ මැවීම් පිළිබඳව අවධානය යොමු කිරීමයි. උදාහරණයක් ලෙස පරිගණකය දෙස අවධානය යොමු කරමු. වර්තමානයේ ඇති සුපිරි නිර්මාණයක් වන මෙය අපි දකින්නෙමු. ඒ මගින් අපට අවශ්‍ය කාර්්‍යයන් කරගන්නෙමු. එහි කි්‍රයාකාරිත්වය දැක මවිතයට පත්වන්නෙමු. මෙය යම් පුද්ගලයකු විසින් නිර්මාණය කළායයි කිසිවකු පවසයි නම් එය එකහෙලා පිළිගන්නෙමු. මෙය නිර්මාණය කළ පුද්ගලයාගේ බුද්ධිය පිළිබඳව පුදුම සහගතව කථා කරන්නෙමු. නමුත් මේ පරිගණක නිර්මාණය කළ නිර්මාණකරුවා හා අප අතර පංචේන්ද්‍රියයන් මගින් කිසිදු සම්බන්ධයක් නැත. නමත් මේ පරිගණකය බලා එහි නිර්මාණකරුවාගේ හැකියවා තීරණය කරන්නෙමු. මෙසේ තීරණය කිරීම විඥානයට පරස්පරවූ කි්‍රයාවක් එසේත් නැත්නම් මිථ්‍යා මතයක් යයි කිසිවකු නොපවසයි. තව දුරටත් පවසන්නේ නම් මේ ආකාරයට අවබෝධ කරගැනීම තමා විඥානය ලෙස හඳුන්වන්නේ.

මේ අනූව ඉහත පදනමේ ඉඳ දේව විශ්වාසයට අවධානය යොමු කළේ නම්, මේ විශ්වයේ බොහෝ වස්තූන් අප එදින් එදා ජීවිතයේ හා මාධ්‍යයන් මගින් අසන්නෙමු. මේවා පිළිබඳව අවධානය යොමු කොට විශ්වය දෙස බැලීමේදී සාර්ථක සැලසුම් කරණයකට අනූව සූක‍ෂම ආකාරයට කළ සංකීර්ණ නිර්මාණයක් අප දකින්නෙමු. මේවා නිර්මාණය වූයේ කෙසේද? මේවා කි්‍රයා කරන්නේ කෙසේද? මේවායේ මැවුම්කරුවා කවුරුන්ද? යන්න පිළිබඳව අපි සිත් යොමු කළ යුතුය. එසේ සිත් යොමු කිරීමේදී පරිගණකයේ කි්‍රයාකාරිත්වය දැකීමෙන් එහි නිර්මාණකරුවා අවබෝධ කරගත්තා සේම විශ්වය කි්‍රයා කාරිත්වය තුළින් එහි නිර්මාණකරු හා නිර්මාණකරුවාගේ ශක්තිය, බුද්ධිය අවබෝධ කරගත යුතුය. එයයි විඥානය හෙවත් සයවන බුද්ධිය වන්නේ.

අන්ධයන් ලෙස සියල්ල කළ යුතු යයි ඉස්ලාම් දහම නොපවසයි. ඈත අතීතයේ සිටම අදේව වාදීන් ද පැවතගෙන ඇවිත් ඇත. නබි මුහම්මද් (සල්) තුමාගේ කාලයේද මෙවැන්නන් සිටියෝය. මොවුන් සම්බන්ධයෙන් ශ=ද්ධවූ අල්කුර්ආනයේ මෙසේ සඳහන් වෙයි: —නුඹලාගෙන් විශ්වාස කරන්නන් හට පොළොවේ හා නුඹලා තුළ බොහෝ සාක‍ෂීන් ඇත. සිත් යොමු නොකරන්නේද?˜ (ශ= අල්කුර්ආනය 51: 20, 21).

සර්ව බලධාරි දෙවියෙක් සිටිනවා යන්නට මේ පොළෝතලය පුරාම මෙන්ම අප තුළද බොහෝ සාක‍ෂි ඇති බව ඉහත අල්කුර්ආන් වාක්‍යයෙන් අල්ලාහ් පවසයි. —හදීස් කුදිසි˜ හි අල්ලාහ් පැවසූ බව ශාස්තෘවරයානන් මෙසේ පැවසූහ: —නුඹලා මාගේ මැවීමක් වෙත සිත් යොමා බලනු. එය තුළින් නුඹලා මා දකිනු ඇත˜ එනම් එම මැවීම් අධ්‍යයනය කිරීමේදී දෙවියන්ගේ බලයක් ශක්තියක් හා නිර්මාපකයෙක් සිටිනවා යන්න පහසුවෙන් අවබෝධ කරගත හැක. එසේ වූවානම් කිසිදු තර්කයකින් තොරව —දෙවියන්ව˜ විඥානය පහසුවෙන් හඳුනාගනී.

කෘතිම වස්තූන් ස්වභාවිකව බිහිවූවා යයි කිසිවකු පවසයි නම් එය නොපිළිගනිමු. නිර්මාපකයෙක් නොමැතිව ඇල්පෙනිත්තක් වූවද නිර්මාණය විය නොහැකි බව හොඳින් අවබෝධ කර සිටින්නෙමු. එසේ තිබියදී මෙතරම් සංකීර්ණ විශ්වයක් කෙසේද නිර්මාපකයෙක් නොමැතිව නිර්මාණය වූයේ?

මෙම ප්‍රශ්නයට විද්‍යාව —මහා පිපිරුම් වාදය˜ මගින් විශ්වයේ බිහිවීම පැහැදිළි කරන්න උත්සාහ දරයි. එසේම පෘථීවි ජීව සම්භවය ආදී සූපයකින් ස්වයංව ඇති වූ බවත් පවසයි. මෙම වාදයන් හරියට —මිනිසෙක් තම ඇඳුම කෙසේ ඇති වූයේද යන ප්‍රශ්නයට ජ් හිටි හැටියේ පුලූන් ගොඩක් මා ළඟට පැමිණ ස්වයංවම එය නූල් බවට පත්වී, ස්වයංවම එය රෙදී බවට පත්වී, පසුව එය කෑලි කෑලිවලට ඉරා තමා ඇඳ සිටින මෙම ඇඳුම බවට පත්වූවා˜ යයි පවසනවා සේය. මෙසේ කිසිවකු පවසයි නම් අප ඔහුට කුමක් කියා අමතන්නෙමුද? මොහුව විඥානය ඇත්තෙකු ලෙස දකිනවාද? එසේත් නැත්නම් මන්ද බුද්ධිකයෙකු ලෙස දකිනවාද? මෙය තීරණය කිරීම විඥානය ඇති අයෙකුට අපහසු කාර්යයක් නොවේ. සාමාන්‍ය ඇඳුමක් සම්බන්ධයෙන්ම තත්ත්වය මෙයනම් සංකීර්ණ වූ විශ්ව නිර්මාණයකටත් එය තුළ සුපිරි නිර්මාණයක් වන මිනිස් මැවීමටත් කොතරම් බුද්ධියක් හා ශක්තියක් අවශ්‍යද? මේ සියල්ල පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා සියල්ල ස්වයං නිර්මාණ යයි පවසන තරම් අද මිනිසා නිවටයෙකු වී සිටීම විඥානයට කරන නිගාවක් නොවේද?
මොහමඩ් රිෆාන් – ගාල්ල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *