බයිබලය, කුර්ආනය සහ විද්‍යාව:
මෙම පොත් පිංචෙහි ම විසින් ඉදිරිපත් කිරීමට යෙදෙන අවසාන මාතෘකාවට අප දැන් එළඹ ඇත. මෙහිදී නූතන විද්‍යාව සමග කුර්ආනයේ සහ බයිබලයේ එන කරුණු සංසන්දනය කිරීමට මම කැමැත්තෙමි.
මැවීම:
විශ්වයේ මැවීම පිළිබඳව සාකච්ඡා කිරීමේදී විද්‍යාව හා ආගමික ග‍්‍රන්ථයන් අතර වූ සමානතා හා පරස්පර විරෝධීතා අප මේ වන විට සලකා බලා හමාරය. එහිදී කුර්ආනය හා නූතන විද්‍යාව අතර වූ එකඟතාවයන්, බයිබලයේ සඳහන් කරුණු වල ඇති පිළිගත නොහැකි භාවයත් ගැන මම පැහැදිලිවම අවධාරණය කළෙමි.
බයිබලයේ එන මැවුම් සම්බන්ධ කොටස් රචනා කරන ලද්දේ කි‍්‍රස්තුපූර්ව හයවන සියවසෙහි විසූ පූජකවරයන් විසින් බැවින් මෙය පුදුමයට කරුණක් නොවේ.
මෙය හැඳින්වීමට ”සැසඩෝටල්” හෙවත් ”පූජකවරය” යන ව්‍යවහාරය නිළ වශයෙන් යොදා ගැනීමට යෙදුනේ මේ හේතුවෙනි. මෙහි එන කථා මගින් පෙනෙනුයේ එය බිහිවුයේ මිනිසුන් ”සබත්” හෙවත් සතියේ මුල් දින ආගමික වතාවන්වල යෙදීම සම්බන්ධව අනුශාසනා කිරීම උදෙසා සකස් කෙරුණු ධර්ම දේශණාවකින් බවයි. මෙම කථාව ගොතා ඇත්තේ දර්ශණයන්ට නියත අවසානයක් තබමින් වන අතර ”ඩි වුක්ස්” පියතුමා (ජෙරුසලමේ පිහිටි බයිබල් පාසලේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ) පවසන පරිදි මෙම අන්තය අනිවාර්්‍ය වශයෙන්ම නීත්‍යාණුකුල වූවකි.
බයිබලයෙහි ”යහ්විස්ට්” අනුවාදයෙහි මීට වඩා කුඩා සහ පැරණි මැවුම් පිළිබඳ කථාවක මෙම විෂයය සම්බන්ධයෙන් මීට හාත්පසින්ම වෙනස්වූ කෝණයකින් කරුණු විග‍්‍රහ කෙරේ. මේවා උත්පත්ති පොතෙහි Pentateuch හෝ Torah හි පළමු වන උත්පත්ති පොතෙන් ලබාගෙන ඇත. මෝසස් මෙහ කතුවරයා ලෙස සැලකෙන නමුදු අද අපට දක්නට ලැබෙනුයේ විවිධ විශාල වෙනස්කම් වලට භාජනය වූ සංස්කරණයන් පමණි.
බයිබලයේ “උත්පත්ති” පොතෙහි එන ”පූජක අනුවාදයන්” ආදම් වෙතට නැවත ගමන්කරන හිතුවක්කාර පරම්පරාවක් සම්බන්ධව ප‍්‍රසිද්ධියක් උසුලන අතර, එය කිසිවෙකු සැලකිල්ලට ගනු නොලබන කථාවකි. ඒ කෙසේ වූවද, ”ශුභාරංචියෙහි” කතෘවරුන් වන මැතිවූ සහ ලූක් විසින් මේවා නැවත ඉදිරිපත් කර ඇත. ජේසු තුමන්ගේ පරම්පරාව යම්තාක් දුරට වචනයෙන් වචනයටම ඉදිරිපත් කර ඇත. මැතිව් හි මෙය ඊබ‍්‍රාහීම් තුමා දක්වා විහිදෙන අතර ලූක් හි එය ආදම් තුමා දක්වා විහිදේ. මම රචනාවන් විද්‍යාත්මකව පිළිගත නොහැකි ඒවාය. මෙයට හේතුව වන්නේ ඔවුන් විසින් දක්වනු ලබන මිනිසා පොළව මත පහල වූ දිනය සහ පෘථිවියේ වයස ගැන අදහස්, නූතන විද්‍යාවේ ඉතා පැහැදිලි නිසැක සොයාගැනීම් හා සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී වීමයි. මෙවැනි දින ප‍්‍රකාශ කිරීම් කුර්ආනයේ දක්නට නොලැබේ.
මීට ඉහතදී විශ්වය සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කිරීමෙහිලා කුර්ආන් නූතන විද්‍යාව හා කෙතරම් හොඳින් ගැලපේදැයි අපි දුටුවෙමු. තවද බයිබලයේ එන විස්තර අනූව දැක්වෙන ආදිකල්පිත ජලය සම්බන්ධ කරුණු හෝ ආලෝකය නිපදවනු ලබන තාරකා මැවීමට ප‍්‍රථම පළමු දිනයේ ආලෝකය ඇති කිරීම හෝ පොළව සෑදීමට පෙර එක් සන්ධ්‍යාවක් සහ උදෑසනක් පැවත් බව සඳහන් කිරීම, පළමුව 3 වන දිනයේදී පෘථිවිය මවා ඉන්පසු 4 වන දිනයේදී සූර්්‍යයා මැවීම හා 5 වන දින අහසේ කුරුල්ලන් ඇති කිරීමෙන් අනතුරුව 6 වන දින පොළව මත සිව්පාවුන් ඇති කිරීම යනාදී බොහෝ කරුණු වලින් පෙනෙනුයේ ඒවායේ ඇති වැරදි අනුපිළිවෙළයි. මේ සියළුම වගන්තීන් බයිබලය සැකසු අවධියේ මිනිසුන් තුළ තිබූ විශ්වාසයන්ගේ ප‍්‍රතිඵලය ලෙස සෑදුණු ඒවා හැරෙන්නට වෙන කිසිදු අර්ථයක් ඒවායෙහි අඩංගු නොවේ.
පාථිවියේ වයස:
බයිබලයේ ඇති ස්වභාවය පිළිබඳ කරුණු මත පදනම් වූ යුදෙව් දින දර්ශණයට අනූව ස්ථීරවම පවසනුයේ අදට පෘථිවියේ වයස වසර 5738 ක් බවයි. නමුත් මෙය කිසිම අයුරකින් හෝ පිළිගත හැක්කක් නොවේ. අපගේ සෞරග‍්‍රහ මණ්ඩලය ආසන්න වශයෙන් වසර බිලියන 4.25 ක වයසකින් යුක්ත වන අතර මුල්ම මිනිසා ලොව පහළ වූ කාලය ලෙස අද දක්නට ලැබෙන පරිදි අවම වශයෙන් අදින් වසර 10000 කට පෙරයැයි විශ්වාස කරනු ලැබේ. කුර්ආනයේ පෘථීවියේ වයස හෝ මිනිසා ලොව පහල වූ දිනය ගැන කිසිදු සඳහනක් නොකෙරෙන අතර එය බයිබලයටම පමණක් ලාක්‍ෂණික වූවකි.
ගංවතුර:
දෙවනුව බයිබලය හා කුර්ආනය සැසඳීමට යොදාගත හැකි තවත් ඉතා වැදගත් මාතෘකාවක් නම් ඒවායේ එන ”මහා ජලගැල්ම” පිළිබඳ විස්තරයන්ය. බයිබලයේ මේ ගැන කෙරෙන සඳහන් එකිනෙකට වෙනස් වූ සිද්ධීන් 2ක් එක්කර දැක්වීමකි. බයිබලයේ දැක්වෙන පරිදි මෙය මුළු ලෝකයටම පොදු වූ ගංවතුරක් වූ එය දළ වශයෙන් ඉබ‍්‍රාහීම් තුමාගේ කාලයෙන් වසර 300 කට පෙරදී ඇතිවුණි. අප ඉබ‍්‍රාහීම් නබි තුමන් ගැන දන්නා කරුණු අනූව මෙම මහා ලෝක විනාශය සිදුවූයේ කි‍්‍ර. පූ. 21 වන හා 23 වන ශත වර්ෂ අතර තුර කාලයකදීය. මේ අනූව අද අප සතුව ඇති ඓතිහාසික දත්ත පදනම් කරගෙන බයිබලයේ එන මෙම කථාව පිළිගත නොහැක්කක් ලෙස සැලකීමට සිදුවේ.
ඊජිප්තුවේ මධ්‍යම රාජධානිය තුළ එකොලොස්වන රාජ පෙළපත ආරම්භ වීමට පෙරාතුව පැවතී ප‍්‍රථම අන්තර්මාධ්‍ය කාලය ලෙස දළ වශයෙන් ගැනෙන කි‍්‍ර. පූ. 21 වන සියවස හෝ කි‍්‍ර. පූ. 22 වන සියවසේදී ලෝක විනාශයක් මගින් සියළු ශිෂ්ඨාචාර මිහිමතින් තුරන් වූ බව අප විශ්වාස කරන්නේ කෙසේද?
මේ වකවාණුව තුළදී මුළු මිනිස් සංහතියම මිහිමතින් තුරන් වූ බව ඓතිහාසික වශයෙන් පිළිගත නොහැක්කකි. නූතන විද්‍යාවට අනූවද මෙම විස්තරයන් සියල්ල ප‍්‍රතික්‍ෂේප වේ. මේ අනූව සලකා බලන විට බයිබලය හා කුර්ආනය අතර ඇති අති විශාල පරතරය අපට මැනගත හැකිවනු ඇත.
බයිබලයෙහි මෙන් මේ මහා ගංවතුර ලෝක විනාශයක් ලෙස හඳුන්වා නොදෙන කුර්ආනය එය නූහ් (අලෙයි) තුමාගේ මිනිසුන් සඳහා පමණක් සීමාසහිත වූවක් බවට කරුණු දක්වයි. නූහ්ගේ මිනිසුන් සහ අනෙකුත් භක්තියකින් තොර වු අදේවවාදීන් හා දුෂ්ඨ පුද්ගලයින් සියල්ලෝම ඔවුන්ගේ පවුලට නිසි දඬුවම් ලැබූහ. වාස්තු විද්‍යාත්මක වශයෙන් හෝ ඓතිහාසික වශයෙන් හෝ මෙම කුර්ආනීය කථාවට පටහැනි කිසිදු සාධකයක් අපට දැකගත නොහැක.
ෆේරෝහ්:
තුන්වැනිව තවත් අතිශය වැදගත්වූ කරුණක් වන මෝසස්ගේ කථාව සලකා බලමු. යුදෙව්වන් ඊජිප්තුවෙන් නික්ම යෑම ගැන නික්මයාම, නම් බයිබලයේ පරිච්ඡේදය ඇසුරින් සාකච්ඡා කරමු. මෙහදී මා හට මෙම කරුණ යටතේ ඉදිරිපත් කළ හැක්කේ මාගේ අධ්‍යයනයන්ගේ සංක්‍ෂිප්තයක් පමණි. බයිබලයේ හා කුර්ආනයේ එන කරුණු අතර ඇති එකිනෙකට ගැලපෙන කරුණු සහ එකිනෙකට පටහැනි කරුණු මෙහිදී අවධානයට යොමුවිය. එසේම මෙහිදී මෙම ග‍්‍රන්ථ දෙක එකිනෙක හා ප‍්‍රයෝජනවත් වන ආකාරයකින් ඌණපූරණය කරන අවස්ථාද මට දක්නට ලැබුණි.
ෆේරෝවරුන්ගේ ඉතිහාසයේ ”නික්මයාම” ට අදාල වන ඓතිහාසික කාල වකවාණුව පිළිබඳව ඇති බොහෝ කල්පිතයන් අතුරින් වඩාත්ම යෝග්‍ය කාලය ලෙස මවිසින් තෝරාගනු ලැබුයේ ”මෙර්නෙප්තාහ්” හා ”දෙවන රමේසස්ගෙන්” පසු පාලන බලය ලද නික්මයාමෙහි සඳහන් වන ෆේරෝගේ සමයයි.
P.Montet විසින් රචිත ”ඊජිප්තුව හා බයිබලය” නම් පොතෙහි මෙය දැක්වේ.
(Delachaux & Niestle,France 1959)
ග‍්‍රන්ථ දෙකෙහි සඳහන් කරුණු සලකා බැලීමේදී වාස්තු විද්‍යාත්මක සාක්‍ෂීන් ඉහත උපකල්පනය තහවුරු කිරීමට අනුබල දෙනු ලබයි. බයිබලයේ ඇති කරුණු අනූව මෝසස් ෆේරෝගේ කාලය තුළ විසූ බවට සක්‍ෂි දරන බවට මෙහිදී සඳහන් කරනු කැමත්තෙමි. මෙසේ, දෙවන රමේසස්ගේ පාලන සමය තුළ උපත ලබන්නට ඇත. එබැවින් බයිබලයේ එන දත්ත මෝසස්ගේ කථාව සම්බන්ධයෙන් වැදගත් ඓතිහාසික වටිනාකමකින් යුතු ඒවායි. මෙර්නෙප්තාහ්ගේ බෙහෙත් ගල්වා ආරක්‍ෂා කරන ලද මලමිණිය (ම/මිය) සම්බන්ධව සිදුකළ වෛද්‍ය පර්යේෂණවලින් ඔහුගේ මරණයට හේතු වූ කරුණ පිළිබඳව ප‍්‍රයෝජනවත් තොරතුරු හෙළිදරව් වී ඇත.
(බෙහෙත් ගල්වා ආරක්‍ෂා කරන ලද දෙවන රමේසස්ගේ පුතුව ”මෙර්නෙප්තාහ්ගේ” මළ සිරුර Loret විසින් 1898 දී ”තීබ්ස්” හි පිහිටි රජවරුන්ගේ නිම්නය නම් ස්ථානයේදී සොයාගනු ලැබ “කයිරෝ” නුවරට ගෙනගොස්, ”එලියට් ස්මිත්” විසින් ඔහුගේ සිරුර 1907.07.08 දින විවෘත කර පරීක්‍ෂා කරන ලදී. මෙම පරීක්‍ෂණයේ සවිස්තර සටහනක් ඔහු විසින් රචිත “The Royel Mummies” පොතෙහි සඳහන් වේ.)
මෙම ෆේරෝ මමය අද අප සතුවීමෙන් අපට ඉතා වැදගත් තොරුතුරු එයින් සපයා ගත හැකි වේ. බයිබලයේ මොහු මුහුදේ ගිල්වීමෙන් මියගිය බව සඳහන් කරන නමුදු ඉන්පසුව ඔහුගේ මෘත ශබ්රයට කුමක් සිදුවූයේද යන්න ගැන කිසිවක් සඳහන් නොකරයි. කුර්ආනයේ ”යූනුස්” පරිච්ඡේදයේදී ෆේරෝගේ මල සිරුර ජලයෙන් ගොඩගත් බව සඳහන් වේ.
”අද දින මම ඔබගේ මලමිණිය රක්‍ෂා කර තබන්නෙමි. එබැවින් සමහර විට එය ඔබ පසුපස ඔබේ මගෙහි ගියවුනට හොඳ සළකුණක් වනු ඇත.” (ශු: කුර්ආනය 10- 92)
මළ සිරුර පරීක්‍ෂ කළ වෛද්‍යවරුන්ගේ අදහස අනූව මෙම සිරුර ජලයේ බොහෝ වේලා රැඳී නොතිබූ බවක් සඳහන් කරයි. මක් නිසාද යත්, වැඩිකලක් ජලයේ ගිලී පැවතීමෙන් ඇතිවන ක්‍ෂයවීයාමේ ලක්‍ෂණ කිසිවක් එම දේහයේ නොතිබුණු බැවිනි. මෙහිදී ද කුර්ආනයේ එන කරුණු නූතන විද්‍යාත්මක දැනුම හා කිසිදු පරස්පර විරෝධීතාවයක් ඉතා සුළුවෙන් හෝ නොදක්වයි.
මෙම එකඟතාවය කුර්ආනය සම්බන්ධයෙන් පමණක්ම වු සුවිශේෂතාවයකි. නමුත් විද්‍යාත්ම ඇසින් බලන විට බයිබලයේ දක්නට ලැබෙන සාවද්‍ය කරුණු හේතු කරගෙන යුදෙවු, කි‍්‍රස්තියානි පහළවීම් දක්වන ආගමික ග‍්‍රන්ථයන්හි පිහිටි නෛසර්ගික වටිනාකම එය අහිමිකර ලීමට හෝ එය අපකීර්තියට පැමිණවීමට අපි අදහස් නොකරමු. එසේම මා මෙහිදී විවේචනයට ලක්කරන ලද්දේ සම්පූර්ණ ග‍්‍රන්ථයම නොව එහි ඇති ඇතැම් කොටස් පමණි. බයිබලයේද ඓතිහාසික වශයෙන් වටිනා කොටස් ඇතුලත් වන බව මෙහිලා සඳහන් කරණු කැමැත්තෙමි. මාගේ “බයිබලය, කුර්ආනය හා විද්‍යාව” නම් පොතෙහි මෝසස්ගේ ජීවිත කාලය සම්බන්ධව බයිබලයේ එන නිවැරදි ඓතිහාසික හුවා දක්වා ඇත.
මෙසේ මෙම ශුද්ධ ග‍්‍රන්ථයෙහි හා නූතන දැනුමෙහි වෙනස්කම් පැවතීමට හේතුව අද බොහෝ උගතුනට නොරහසකි. බයිබලයේ පැරණි වෙළුම (පැරණි තෙස්තමේන්තුව) බොහෝ වෙනස්වීම් වලට බඳුන් වූවක් වන අතරම එය පුරා ශත වර්ෂ 9 ක කාලයක් මුළුල්ලේ රචිත ලේඛණ සමූහයක එකතුවකින් සමන්විත වන්නකි. මෙහි වෙනස්කම් ඇතිකරීම සඳහා ඇතිවූ මිනිස් දායකත්වය බයිබලයේ කැපීපෙනෙන ලක්‍ෂණයකි.
කුර්ආනය පහළවීම සම්බන්ධ ඓතිහාසික කථාව මීට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. අප මේ වන විට දන්නා පරිදි කුර්ආනය ප‍්‍රථම වතාවට මිනිසාට පහළ වූ මොහොතේ පටන්ම එය කටපාඩම් මතකයේ රඳවාගත් අතර, මුහම්මද් නබි (සල්) තුමාගේ ජීවිත කාලය ඇතුලදීම එය ලියා තබන ලදී. මේ හේතුවෙන් කුර්ආනයේ වලංගු භාවය පිළිබඳ කිසිදු ප‍්‍රශ්නයක් අද අපට පැන නොනගී.
මේ මුළු පොත් පිංච පුරාම ඉදිරිපත් කරන ලද කරුණු සියල්ල අනූව පැහැදිලි වන්නේ කුර්ආනය විෂය මූලිකව හා අපක්‍ෂපාතීව, නූතන දැනුම උපයෝගී කරගෙන පරීක්‍ෂා කිරීමේදී, නූතන විද්‍යාව හා කුර්ආනය පැහැදිලිවම එකඟතාවයක් දක්වන බවයි. තවද මුහම්මද් නබි (සල්) තුමාගේ අවධියේ පැවති දැනුම මට්ටම ගැන සලකා බල කළ, ඔහු මෙම පොතෙහි කතෘ යැයි කිසිලෙසකිනුත් පිළිගත් නොහැක. මේ අනූව සලකා බැලීමේදී කුර්ආනය අනෙකුත් ආගමික හා ආගමික නොවන ග‍්‍රන්ථ අතර අනගි ස්ථානයක් හිමිකර ගන්නා අතර මෙය භෞතික හෝ ද්‍රව්‍යාත්මක හේතු සාධක මත පදනම් කරගෙන පැහැදිළි කළ නොහැකි බව අපක්‍ෂපාතී විද්‍යාඥයන් විසින් පිළිගනු ලැබේ. මෙවැනි කරුණු මා මෙහිදී ෂතුටින් ඔබ හමුවේ තබන්නේ කුර්ආනය මිනිස් පැහැදිලි කිරීම් වලට අව්‍යාජ ලෙස අභියෝග කෙරෙන බැවින් අප ඉදිරියේ ඇත්තේ එකම විකල්පයක් පමණි. එනම් කුර්ආනය නිසැක වශයෙන්ම දෙවියන් වහන්සේ විසින් මෙලොව පහල කරවන ලද්දක් යන්න පිළිගැනීමය.
පසු වදන:
අද ලොව පවතින නානා ප‍්‍රකාර ග‍්‍රන්ථ අතුරින් අති විශිශ්ඨතම ග‍්‍රන්ථය කුර්ආනය යැයි යමෙකු පැවසුවහොත් එය කිසිවෙකුටත් හේතු සාධක සහිතව ප‍්‍රතික්‍ෂේප කළ නොහැක්කකි. පියවී ඇසට නොපෙනෙන පරමාණුව, මිනිස් කළළය වැනි අංශු මාත‍්‍ර වස්තුන්ගේ පටන් තාරකා පද්ධති හා විශ්වය බඳු මහා වස්තුන් පිළිබඳව වූ අතිශයින්ම නිවැරදි කරුණු වලින් සමන්විත වන්නාවූ ශුද්ධ වූ කුර්ආනය මේ මිහිමත ඇති අති විශිෂ්ඨතම ග‍්‍රන්ථය බවට කිසිදු සැකයක් නැත. එය සාමාන්‍ය මිනිස් නිර්මාණයක් නොව දේව වදනක් වීම මෙම විශිෂ්ඨතාවයට හේතු වේ. ඉස්ලාමයි පිළිබඳව වැටහීමක් නොමැත්තෙකුට මෙම කියමන එක්වරම පිළිගත නොහැක්කක් වනු ඇත. (අන්‍ය ලබ්ධිකයෙකුව සිට මමද වරෙක මෙම අත්දැකීමට මුහුණ පෑවෙමි) එනමුත් මෙම පොත් පිංච කියවීමෙන් සහ මෙහි අවසානයේ ඉදිරිපත් කර ඇති කුර්ආනීය වගන්තීන් තේරුම් ගැනීමෙන් පසුව ඕනෑම පුද්ගලයෙකු එය දේව වදනක් බව පිළිගැනීමට මැලි නොවනු ඇත. ඒ කිසිදු සාක්‍ෂියක් නොමැතිව වූවද, කුර්ආනයේ ඇති අති විශේෂ එයටම ආවේණික වු ශෛලිය ගැන සිතීමෙන් පමණක් වූවද එය සාමාන්‍ය මිනිස් වදනක් නොවන බවට ඕනෑම අයෙකුට පහසුවෙන් වටහා ගත හැක. මිනිස් සාහිත්‍ය ඉතිහාසය ගැන සලකා බලන කළ විවිධ යුගයන්හිදී විවිධ ජන සමාජයන් තුළ නිර්මාණය වූ සියළු ලිපි ලේඛණ ග‍්‍රන්ථ ආදී සියල්ලක්ම ඒ යුගයට හා එම සමාජයට ආවේණික වූ එකම කැපීපෙනෙන ශෛලියක් පවතින බව පෙනී යයි. එසේ වූවද කුර්ආනයේ ඇති භාෂා ශෛලිය හෝ කථා ශෛලිය එය නිර්මිත යුගයේ තබා එදා සිට අද දක්වා බිහිවූ කිසිදු ග‍්‍රන්ථයක ශෛලියක් හා සැසඳිය නොහැකි වූ ඒ සියල්ලෙන්ම වෙන්වූ අමුතුම ආරක පුස්ථකයකි. එබැවින් කුර්ආනය වනාහි නිසැක වශයෙන්ම දිව්‍යමය ග‍්‍රන්ථයකි.
කිසිදු ආගමක් දහමක් නො අදහන්නෙකු වූවද, සැම මිනිසෙකුම විද්‍යාත්මක නිර්මාණයක් පිළිබඳව හා නූතන විද්‍යාව පිළිබඳව ඉතා ඉහලින් සැලකීමට අද පුරුදුවී සිටී. එවන් සමයෙක නූතන විද්‍යාව හා මෙම අතිවිශිෂ්ඨ ග‍්‍රන්ථය පිළිබඳ සංසන්දනාත්මක විග‍්‍රහයක් කිරීම ඇත්ත වශයෙන්ම යුගයේ අවශ්‍යතාවයකි. කෙසේ වූවද අප මෙහිදී තේරුම් ගත යුතු තවත් එක් වැදගත් කරුණක් නම් කුර්ආනය යනු විද්‍යා අත් පොතක් නොව සුවිශේෂ ආගමික ග‍්‍රන්ථයක් බවයි. මන්ද යත් එහි කරුණු ගොනු කර ඇත්තේ විද්‍යාත්මක තේමා යටතේ නොව ආගමික තේමාවන් යටතේය. එසේ වූවද එහි අද අප දන්නා සෑම විද්‍යා ක්‍ෂේත‍්‍රයක් පිළිබඳවම විද්‍යාව කියා යමක් බිහිවන්නටද මත්තෙන් ඉතා නිවැරදිව පැහැදිලි කර ඇති ආකාරය බෙහෙවින්ම චිත්තාකර්ශණීය සහ පුදුම සහගත වූවකි.
විද්‍යාව යනු අප සෑම දන්නා පරිදි නිතිපතා එක්වන නව දැනුම හේතුවෙන් දිනෙන් දින සංශෝධනයන්ට ලක්වන හා දියුණුවට පත්වන විෂය ක්‍ෂේත‍්‍රයකි. එය අප වනාන්තර වලින් ගහණ වූ දිවයිනක අළුතින් එලිපෙහෙලි කර ඉදිවූ කුඩා ජනාවාසයකට උපමා කළහොත් එම ජනාවාසයට (එනම් විද්‍යාවට) මුළු දිවයිනම ජනාවාස භූමියක් ලෙස කළ එලි කර ගැනීමට තවත් කාලයක් ගතවනු ඇත. එසේම ජනාවාසයේ පදිංචි කරුවන් එය නොසලකා හරින්නේ නම් එය එතැනින්ම නතරවීමට හෝ ජනාවාසයම විනාශ වී වල්බිහිවී යන්නටද පිලිවන. විද්‍යාව එබඳුය. ඒ සියල්ලම සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තට අනුකූලවය. අද අප දන්නා නූතන විද්‍යාවට අනූකූලව කුර්ආනයේ එන දේව වදන්වලින් 80% ක තරම් වූ විශාල ප‍්‍රමාණයක් 100% ක්ම නිවැරදි යැයි දැනටමත් ඔප්පු වී හමාරය. ඉන් ඉතිරි 20% ද අනාගතයේදී විද්‍යාවේ ඇතිවිය හැකි නව දියුණුව හේතුවෙන් නිරවද්‍ය ලෙස ඔප්පු කිරීමට මිනිසාට හැකිවීමේ සම්භාවිතාවය බෙහෙවින්ම විශාලය. ඉඳින් තව දුරටත් අප අඳුරේ ගලී නොසිට ඉස්ලාමයේ ආලෝකය ලබා දේව ආශිර්වාදය ලබාගැනීමට පසුබට නොවිය යුතුය.
කුර්ආනය පිළිබඳව ඔබට යම් සැකයක් වේ නම්, එහි අල්ලාහ් විසින් ඉදිරිපත් කර ඇති අභියෝගයන්ට මුහුණදීමට උත්සාහ දැරිය යුතු වේ. ශුද්ධ වූ කුර්ආනයේ 11 වන පරිච්ඡේදයේ 13 වැනි වගන්තියේදී එයට (කුර්ආනයට) සමාන පරිච්ඡේද 10 ක් නිර්මාණය කරන්නැයි අල්ලාහ් ඔබට අභියෝග කරන අතර 10 වැනි පරිච්ඡේදයේ (38 වන වගන්තිය) ඔබට හැකි නම් එක් සූරාවක් (පරිච්ඡේදයක්) නිර්මාණය කරන්නැයි පවසන අතර 2 වැනි පරිච්ඡේදයේදී 23 වන සහ 24 වන වගන්තීන්ගෙන් යම් අයුරකින් හෝ කුර්අණයට සැසඳිය හැකි පරිච්ඡේදයක් නිමවන්නැයි අභියෝග කරති. තවද 4 වැනි පරිච්ඡේදයේ 82 වැනි වගන්තියෙන් කුර්ආනය තුළම එන එකිනෙකට පටහැණිවූ කරුණක් පෙන්වා දෙන ලෙස අල්ලාහ් ඔබට අභියෝග කරයි. අති දයාන්විත වූ අල්ලාහ් විසින් ඔබට අභියෝගය ක‍්‍රම ක‍්‍රමයෙන් ලිහිල් කර දී ඇතත් මේ අභියෝගය ජයගැනීමට මෙතෙක් කිසිවෙකු සමත් වී නැත. අනාගතයේදී ද එය එසේම වනු ඇත.
අන්‍ය ලබ්ධිකයිනි: අපි ඔබට කුර්ආනය අන්ධ භක්තියකින් පිළිගන්නැයි කිසිවිටෙකත් නොපවසමු. එනමුදු අපි ඔබට එක් ආයාචනයක් කරන්නෙමු. එනම් ඔබ තුළ වූ කිසියම් අන්ධ විශ්වාසයන් හෝ මිත්‍යා මතවාදයන් පදනම් කරගෙන කුර්ආණය ඉවතලීමෙන් ඔබ වැලකී සිටිය යුතුය. දැනුම සොයාගොස්, ෂත්‍ය වටහාගෙන නිසි අපක්‍ෂපාති තීරණයකට එළඹීමට ඔබ නිරතුරුවම උත්සාහ ගත යුතුය. ඔබ ඔබේ තීරණයෙහි විනිශ්චයකරු වන්නෙහිය. එනමුදු මරණින් මතු ඔබ ඒ පිළිබඳව දෙවියන් ඉදිරියේ වගකිව යුතු වේ.
විද්‍යාත්මක දියුණුව හා මිනිසාගේ අධ්‍යාත්මික දියුණුව එකිනෙකට ප‍්‍රථිලෝමව සමානුපාතිකතාවයක් විදහා දක්වන අදවත් යුගයෙක ආගම් පිළිබඳව මිනිස් ඇස යොමවනුයේ ඉතා කලාතුරකිනි. එසේ වූවද ඕනෑම ”අදේව වාදියෙකු” එසේත් නොමැති නම් සිය ජීවිත කාලය මුළුල්ලෙහිම කිසිදු ආගමක් නොඇදහූ පුද්ගලයෙකු වූවද තමා යම් විපතකට පත් වූ මොහොතක නිරන්තරයෙන්ම ඔවුන්ගේ මනැසට හා මුවඟට නැගෙනුයේ ”දේව උපකාර අයැදීම” නොවන්නෙහිද? මෙයින් පැහැදිලි වන්නේ සෑම මිනිසෙකුම තම ජීවිත කාලය තුළදී කිසියම් අවස්ථාවක දෙවියන් පිළිබඳ විශ්වාසයකට එළඹෙන බවයි. එසේ නම් ලොව නන් දෙස විසිරී පැතිරි ඇති විවිධ ආගම්, දර්ශණ පිළිබඳව නිසි අධ්‍යයනයක නිරත වී සත්‍ය ආගම කුමක්දැයි වටහා ගැනීමත්, දෙවියන් පිළිබඳව නිසි අවබෝධයක් ලබාගැනීමත්, මිනිසත් බව ලබා මෙලොව උපන් සෑම මනුෂ්‍යයෙකු වෙතටම පැවරී ඇති භාරදුර වගකීමකි. වෛද්‍ය මොරිස් බුෙඛෙල් විසින් සිදුකරන ලද එබඳු අධ්‍යයනයක සාරාංශයක් මෙම පොත මගින් ඔබ වෙත ඉදිරිපත් කෙරේ. දයාබර පාඨකයෙනි, ඔබ මේ පොත හුදෙක් කියවා සෑහීමකට පත් නොවී ස්වෝත්සාහයෙන් වැඩිදුර අධ්‍යයනයන්හි නිරත වී නිසිමඟට අවතීර්ණ වන්නේ නම් ඒ අපේ අරමුණු සාක්ෂාත් වීමකි.
අතොරක් නොමැතිව ලොව සිව්දිගින් නිතිපතා අප සවනත වැකෙන ”යුධබිය, අසමගිය හා විනාශය” පිළිබඳව මඳකට හෝ ඔබ ඔබේ සිත යොමු කර බැලූවෙහිද? මේ සියල්ලටම හේතුවූයේ කුමක්ද? ඒ අන් කිසිවක් නොව මිනිසා නිසා ආගමික අධ්‍යාපන ක‍්‍රමයන්ගෙන් ඉවත්ව යාමේ ප‍්‍රතිඵලයකි. ඉතින් සාමය අගයන සහෝදර සහෝදරියනි, ඔබ තවමත් පමා වූවා වැඩි නැත. කල් ඉක්මයාමට පෙර ඔබෙන් ඔබටත්, ලොවටත් ඉටුවිය යුතු යුතුකම් ඉටු කිරීමෙහි නියැලෙන්න! ඔබට ඒ සඳහා අල්ලාහ්ගේ ආශිර්වාදය ලැබේවා.
අවධානයට ලක්විය යුතු කුර්ආනීය වගන්ති කිහිපයක්…..
1- කුර්ආනය දේව වදනකි යන්නට කුර්ආනයෙන්ම සාධක:
පරිච්ඡේද අංක: 32: 1,2,3වැකි
පරිච්ඡේද අංක: 45: 1,2,3,4,5,6වැකි
පරිච්ඡේද අංක: 02: 79
පරිච්ඡේද අංක: 07: 184
පරිච්ඡේද අංක: 68: 2
පරිච්ඡේද අංක: 81: 22
පරිච්ඡේද අංක: 29: 48
පරිච්ඡේද අංක: 6: 92
පරිච්ඡේද අංක: 12: 1,2
පරිච්ඡේද අංක: 27: 6
පරිච්ඡේද අංක: 32: 1,3
පරිච්ඡේද අංක: 36: 1,2,3
පරිච්ඡේද අංක: 39: 1
පරිච්ඡේද අංක: 40: 2
පරිච්ඡේද අංක: 45: 2
පරිච්ඡේද අංක: 35: 1,2
පරිච්ඡේද අංක: 56: 77,80
පරිච්ඡේද අංක: 76: 23
2- කුර්ආනය දේව වදනක් බව නොපිළිගත්තවුන් සඳහා අභියෝග:
පරිච්ඡේද අංක: 52: 34 වැකිය
පරිච්ඡේද අංක: 11: 13
පරිච්ඡේද අංක: 10: 38
පරිච්ඡේද අංක: 2: 23, 24
පරිච්ඡේද අංක: 4: 82
3- තාරකා විද්‍යාව
පරිච්ඡේද අංක: 21: 30 වැකිය
පරිච්ඡේද අංක: 31: 29
පරිච්ඡේද අංක: 39: 5
පරිච්ඡේද අංක: 41: 11
පරිච්ඡේද අංක: 25: 61
පරිච්ඡේද අංක: 79: 30
පරිච්ඡේද අංක: 86: 3
පරිච්ඡේද අංක: 21: 33
පරිච්ඡේද අංක: 36: 40, 38
පරිච්ඡේද අංක: 13: 2
පරිච්ඡේද අංක: 35: 13
පරිච්ඡේද අංක: 51: 47
4- භෞතික විද්‍යාව (Physics):
පරිච්ඡේද අංක: 34: 3
පරිච්ඡේද අංක: 10: 61
5- භූගෝල විද්‍යාව හා ජල විද්‍යාව (Geography & Hydrology):
පරිච්ඡේද අංක: 39: 21
පරිච්ඡේද අංක: 30: 24
පරිච්ඡේද අංක: 23: 18
පරිච්ඡේද අංක: 15: 22
පරිච්ඡේද අංක: 24: 43
පරිච්ඡේද අංක: 78: 12, 13, 14
පරිච්ඡේද අංක: 30: 40
පරිච්ඡේද අංක: 24: 43
පරිච්ඡේද අංක: 3: 9
පරිච්ඡේද අංක: 7: 57
පරිච්ඡේද අංක: 13: 17
පරිච්ඡේද අංක: 25: 48, 49
පරිච්ඡේද අංක: 35: 9
පරිච්ඡේද අංක: 36: 34
පරිච්ඡේද අංක: 45: 5
පරිච්ඡේද අංක: 50: 9, 10
පරිච්ඡේද අංක: 56: 68, 70
පරිච්ඡේද අංක: 67: 30
6- භූ ගර්භ විද්‍යාව (Geology):
පරිච්ඡේද අංක 76: 6, 7 වැකි
පරිච්ඡේද අංක 88: 19
පරිච්ඡේද අංක 79: 32
පරිච්ඡේද අංක 21: 31
පරිච්ඡේද අංක 31: 10
පරිච්ඡේද අංක 16: 15
7- සමුද්‍ර විද්‍යාව (Oceanology):
පරිච්ඡේද අංක 25: 53
පරිච්ඡේද අංක 55: 19,20
පරිච්ඡේද අංක 24: 40
8- ජීව විද්‍යාව (Biology): සත්ත්ව විද්‍යාව (Zoology):
පරිච්ඡේද අංක 21: 30
පරිච්ඡේද අංක 24: 45
පරිච්ඡේද අංක 25: 54
පරිච්ඡේද අංක 6: 38
පරිච්ඡේද අංක 16: 79
පරිච්ඡේද අංක 67: 19
පරිච්ඡේද අංක 16: 68, 69
පරිච්ඡේද අංක 29: 41
පරිච්ඡේද අංක 27: 17, 18
උද්හිද විද්‍යාව (Botany) :
පරිච්ඡේද අංක 20: 53
පරිච්ඡේද අංක 13: 3
9- වෛද්‍ය විද්‍යාව (Medicine):
පරිච්ඡේද අංක 16: 68, 69 වැකි
පරිච්ඡේද අංක 16: 66
පරිච්ඡේද අංක 23: 21
පරිච්ඡේද අංක 96: 1, 2
පරිච්ඡේද අංක 4: 56
10- කායික විද්‍යාව (physiology):
පරිච්ඡේද අංක 23: 21
පරිච්ඡේද අංක 16: 66
පරිච්ඡේද අංක 75: 3, 4
11- කළල විද්‍යාව (Embryology):
පරිච්ඡේද අංක 25: 59
පරිච්ඡේද අංක 96: 1, 2
පරිච්ඡේද අංක 86: 5, 7
පරිච්ඡේද අංක 23: 13
පරිච්ඡේද අංක 22: 5
පරිච්ඡේද අංක 32: 8, 9
පරිච්ඡේද අංක 76: 2
පරිච්ඡේද අංක 39: 6
පරිච්ඡේද අංක 53: 45, 46
පරිච්ඡේද අංක 75: 37, 38, 39
පරිච්ඡේද අංක 23: 12, 13, 14
පරිච්ඡේද අංක 75: 3, 4
පරිච්ඡේද අංක 4: 54, 56
පරිච්ඡේද අංක 41: 53
12- ජාන තාක්‍ෂණය/ප‍්‍රවේණි විද්‍යාව (Genetics):
පරිච්ඡේද අංක 53: 45, 46
පරිච්ඡේද අංක 75: 37, 39
පරිච්ඡේද අංක 23: 12, 14
පරිච්ඡේද අංක 22: 5
පරිච්ඡේද අංක 40: 67
පරිච්ඡේද අංක 75: 38
පරිච්ඡේද අංක 80: 19, 20
පරිච්ඡේද අංක 96: 5
පරිච්ඡේද අංක 32: 9
පරිච්ඡේද අංක 76: 2
කතෘ: ආචාර්ය මොරිස් බුඛෙයිල්
ප‍්‍රංශ වෛද්‍ය විද්‍යා ඇකඩමිය
පරිවර්තනය: නජ්මා පෙරේරා
www.yayuthumaga.com