මිනිසුන්ගේ ආර්ථික සුබසිද්ධිය වෙනුවන් වැඩිම අවදානයක් යොමු කොට තිබෙන්නේ ඉස්ලාම් දහමයි. ඒ අනුව ඉස්ලාම් දහමේ ප්‍රධාන කුළුණු පහෙන් එකක් ලෙස zසකාත් අනිවාර්ය කොට ඇත. zසකාත් යනු ධනවතුන් සඳහා නියම කොට ඇති බද්දකි. එම බද්ද කුරානයේ නියෝග කොට ඇති කණ්ඩායම් අට සඳහා බෙදා දිය යුතුය. ප්‍රධාන වශයෙන් එම කණ්ඩායමට දුගීන්, තම වියදමට සරිලන ආදායමක් නොමැති අය, ණය ගෙවීමට මගක් නොමැති අය අයත් වෙති.අල් කුරානයේ සලාතය ගැන සඳහන් වන සෑම තැනම zසකාත් ගැන සඳහන් කොට ඇත. ඉන් පෙනී යන්නේ zසකාත්හි වැදගත් කමයි.
zසකාත් බද්ද නිසා නැති බැරි අයගේ ආර්ථිකය නගා සිටුවීම සඳහා අනුග්‍රහයක් ලැබෙන්නේය. එම බද්ද දහමින් නියම කොට ඇති අවම සීමාවට වඩා වත්කම් ඇති සියළු දෙනා විසින්ම ඉටු කිරීම අනිවාර්ය වේ.
zසකාත් යනු බද්දකට වඩා දැහැමි ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය. ඇයිද යත් බද්දකින් කෙරෙන කාර්යයට වඩා වැඩි දෙයක් ඉන් සිදුවන්නේය. zසකාත් ගෙවීමෙන් පසු කෙනෙකු ළඟ ඉතිරිවන ධනය අධ්‍යාත්මික වශයෙන් පිරිසිදු වන්නේය. ඉන් අදහස් කරන්නේ ධනය ඉපැයීමේ දී සිදු වී තිබිය හැකි අඩු පාඩු වලට දෙවියන්ගෙන් සමාව ලැබීමයි.
සෑම කෙනෙකුගේම උවමනාවන් ඉටු කරන්නේ අල්ලාහු තආලා ය. එබැවින් zසකාත් වලින් අල්ලාහු තආලාට කිසිවක් වැඩි වන්නේ නැත. ඉන් සිදුවන වාසිය මිනිසාටමය. සකාත් ගෙවීමෙන් ඉතිරි ධනය වර්ධනය වන බව කුරානයේ සඳහන් වේ. එසේම zසකාත් නොගෙවූ අයට මරණයෙන් පසු නිරයේදී දඬුවම් නියම වන්නේය.
ඉස්ලාම් දහමින් කෙනෙකුට හම්බ කිරීම සඳහා තහංචි දමා නොමැත. එබැවින් එය සමාජවාදී ක්‍රමයට වඩා වෙනස් මුහුණුවරක් ගන්නේය. අනෙක් අතට ධනය ඇති අය එම ධනයෙන් 2.5% වාර්ෂිකව zසකාත් ගෙවිය යුතුය. මෙය ධනවාදී ක්‍රමයේ නැති ලක්ෂණයකි. මේ අනුව ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇත්තේ සමාජයේ සුබ සිද්ධිය උදෙසා ඉතා වැදගත් ක්‍රමයකි. මේ නිසා ධනවතුන්ගේ වත්කම්වලින් නැති බැරි අයට උදව් ලැබීමට අවස්ථාව උදාවන්නේය.
ඉස්ලාම් දහමින් සකාත් නියම කොට ඇත්තේ ධනයට පමණක් නොවේ. එය සිව්පා සතුන් සඳහාද, ධාන්‍ය සඳහාද, රන් සහ රිදී සඳහාද වියලි මිදී, රට ඉඳි වැනි පලතුරු සඳහාද ගෙවිය යුතුය. මේ සෑම දෙයකින්ම බලාපොරොත්තු වන්නේ මිනිසුන්ගේ සුබ සිද්ධියයි. ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති zසකාත් බද්ද සෑම ධනවතෙකු විසින්ම නිසි පරිදි ගණන් බලා ගෙවන්නේ නම් ලෝකයේ ඇති ද්‍රදිද්‍රතාවය තුරන් වනු ඇත.
ලෝක ආර්ථිකය පිළිබඳව, “A study by the World Institute for Development Economics Research at United Nations University” නමැති ආයතනය සිදුකල පර්යේෂණයකින් පෙන්නුම් කරන්නේ විසිඑක්වන සියවසේ ලෝක ආර්ථිකය රඳා තිබෙන්නේ G8 රටවල්වල සහ බටහිර කාර්මික රටවල් වල බවයි. එසේම 2000 වසරේදී ලෝක ධනවතුන්ගෙන් 1% අතර ගෝලීය වත්කම් වලින් 40% ඒකරාශී වී ඇත. තවද ලෝක ධනවතුන්ගෙන් 10% ලෝකයේ ඇති ආර්ථික සම්පත්වලින් 85% මෙහෙය වනු ලබන්නේය.
ඉස්ලාමිය ඉගැන්වීම් අනුව මුස්ලිම්වරුන්ගේ අරමුණ විය යුත්තේ ලෝකයේ ලොකුම ධනවතා වීම නොවේ. ඔවුන්ට අල්ලාහු තආලා ලබා දී ඇති වස්තුවෙන් මතු ජීවිතය ජය ගැනීමට උත්සාහ කළ යුතුය. ඇයිද යත් මෙලොව ජීවිතය තාවකාලික එකක් වන අතර මතු ජීවිතය සදාකාලික එකක් වන නිසාය.
By Fasy Ajward.B.Sc(sp.Phy)Hons.Japura,
Ex: Research officer at former Scientific and Industrial Research Institute.