ඉස්ලාම් යැයි කිව් පමණින් බොහෝ අය සිතන්නේ එය මුහම්මද් නබි තුමා හට පමණක් පහළ වූ දහමක් ලෙසයි. එහෙත් එහි යතාර්ථය එය නොවේ. ඉස්ලාම් යනු මුල්ම මිනිසා වන ආදම් තුමාගෙන් පටන් ගෙන අවසාන මිනිසා දක්වා බල පවත්නා දහමකි.
ඉස්ලාම් යන්නෙහි එක් අර්ථයක් වන්නේ දෙවියන්ගේ නියෝගවලට සම්පුරණයෙන් යටත් වීමයි. ලොව පහළ වූ සෑම දහමකම මුලික ඉගැන්වීමද එය බව අල් කුරානය හැදෑරීමෙන් පැහැදිලිවන්නේය. ඒ අනුව සෑම නබිවරයෙකුම පිළිපදින ලද දහම ඉස්ලාම් ය.
ඉස්ලාම් දහමින් මිනිසාට පිළිපැදිය යුතු ජිවන සැලැස්මක් උගන්වා තිබේ. ඉස්ලාමයේ නීති රීති කාලයෙන් කාලයට යුගයේ අවශ්‍යතාව අනුව දෙවියන්ගේ අභිමතය පරිදි වෙනස් කොට තිබේ. මේ නිසා ඉස්ලාම් දහම එකම දෙවිකෙනෙකුගෙන් පහළ වුවත් නබිවරයෙකුගෙන් තවත් නබිවරයෙකුට පහළ වූ නීති රීති වෙනස් කොට තිබේ. මෙය රාජ්‍යයයක ව්‍යවස්ථාව කාලයෙන් කාලයට වෙනස් කිරීම හා සමානය. ව්‍යවස්ථාවක් වෙනස් කල පසු ඊට පෙර පැවති නීති බල රහිත වනවා සේම දෙවියන් අළුත් නීති සංග්‍රහයක් ලබා දුන් පසු පැරණි නීති සංග්‍රහය නිෂ්ප්‍රභ වන්නේය. මේ අනුව මිනිසා විසින් අනුගමනය කල යුතු වන්නේ අවසාන වරට දෙවියන් විසින් පහළ කල දහමයි. කෙසේ වෙතත් විශ්වාසය සම්බන්ද කරුණු දෙවියන් පහළ කල සෑම දහමකම වෙනස් නොවී පවතින්නේය.
ඉස්ලාම් දහම ලොව ඇති සෙසු ආගම්වලින් වෙනස් වන ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ. මින් ප්‍රධාන තැනක් ගන්නේ එහි දැක ගත හැකි දෙවියන් පිලිබඳ නිර්වචනයයි. ඒ අනුව ඕනෑම දෙයක් දේවයන් ලෙස පිළිගත නොහැකිය. දෙවියන් ලෙස පිළිගතහැක්කේ දෙවියන් පිලිබඳ නිර්වචනය ට ආදාල තැනැත්තාව පමණි. මේ අනුව මිනිසාව හෝ වෙනත් දෙයක් දේවයන් ලෙස ගත නොහැකිය.
ඉස්ලාම් ලොව ඇති එකම ඒක දේව විශ්වාසය අකුරටම පිළිපදින දහම වේ. අනිත් සෑම දහමකම බහු දේව විශ්වාසය ඇතුලත් වී තිබේ.
ඉස්ලාම් දහමේ මිත්‍යවිශ්වාසයට ඉඩක් නොමැති වීම එහි ඇති තවත් විශේෂත්වයකි. මේ අනුව මුස්ලිම්වරයෙකු දෙවියන් පිලිබඳ අන්ද විශ්වාසයේ ගිලී සිටිය යුතු නැත. විශ්වයේ ඇති සෑම දෙයක්ම දෙවියන් පිලිබඳ සාක්ෂි දරන්නේය. මෙය කිසිවෙකුට ප්‍රතික්ෂේප කල නොහැකිය. ඇයිද යත් මිනිසාට දේව විශ්වාසයෙන් තොරව විශ්වය බිහිවූ ආකාරය අංග සම්පුර්ණයෙන් විස්තර කල නොහැකි වීම ඊට හේතුවයි. තවද විශ්වය ගැන විද්‍යානුකූලව හැදැරීමේදී පෙනී යන වැදගත් කරුණක් වන්නේ එය එක් දෙවි කෙනෙකුගේ නිර්මාණයක් බවයි.
අල්කුරානය දෙවියන් පිලිබඳ ඉතා වැදගත් සාක්ෂියකි. එය අද්විතීය ග්‍රන්ථයක් වන්නේ එවැනි ග්‍රන්ථයක් වෙන කිසිවෙකුට මෙතෙක් නිර්මාණය කිරීමට නොහැකි වීම නිසාය. අල්කුරානයේ අන්තර්ගත කරුණු පමණක් නොව එහි ඇති භාෂා ශෛලියද ඉතා උසස්ය. මේ හේතුවෙන් අල්කුරානය සම්පුර්ණයෙන්ම කටපාඩම් කිරීමට හැකිවී තිබේ.
ඉස්ලාම් දහමේ තවත් විශේෂත්වයක් වන්නේ මරණයෙන් පසු මුහුණ දීමට සිදුවන දේවල් පිලිබඳ නිරවුල් සහ සරල පැහැදිලි කිරීමක් සිදු කොට තිබීමයි. මේ නිසා බොහෝ මුස්ලිම්වරු දහමට විශාල ලැදියාවක් පෙන්වන්නේය. මරණයෙන් පසු ජීවිතය ජය ගැනීමට නම් දෙවියන්ගෙන් අවසාන වරට පහළ කල අල් කුරානය අනුව ජ්වත් වීම අනිවාර්යකොට තිබේ. ඇයිද යත් අල් කුරානය පහළ වීමත් සමගම ඉස්ලාම් දහම් පණිවිඩය සමාප්ත වන නිසාය.
කෙනෙක් මුස්ලිම් දෙමව්පියන්ට දාව ඉපදීම නිසා මුස්ලිම්වරයෙකු වන්නේ නැත. ඒ අනුව මුස්ලිම් වරයෙකු මීමට නම් දෙවියන් පිලිබඳ නිවැරදි විශ්වාසය ඔහු සතු විය යුතුය. ඕනෑම කෙනෙක් දෙවියන් පිලිබඳ නිවැරදි විශ්වාසය ඇතිව මුහම්මද් නබි තුමා දෙවියන්ගේ අවසාන වක්තෘවරයා බව පිළිගන්නේ නම් ඔහු මුස්ලිම්වරයෙකු බවට පත් වන්නේය. ඉන් පසු ඔහු ක්‍රියාවෙන් ඉස්ලාම් දහම අනුගමනය කලේ නම් මෙලොව ජීවිතය පමණක් නොව මරණයෙන් පසු ජීවිතයත් ජය ගනු ඇත.
By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.