නිහතමානි කම සහ උඩඟු කම එකිනෙකට පරස්පර විරෝධී ලක්ෂණ දෙකකි. උඩඟු කම සාතන්ගේ ලක්ෂණයක් වන අතර නිහතමානි කම නබිවරුන් සතු ලක්ෂණයකි. පාරාවෝ මුසා නබිතුමා පෙන්වන ලද ප්‍රාතිහාරයන් සිය ඇසින් දුටු පසුත් ඔහුගේ උඩඟු කම නිසා එය පිළිගත්තේ නැත. එහෙත් ඔහු දියේ ගිලි මිය යන අවස්ථාවේදී මුසා සහ හාරුන් යන නබිවරුන් දෙදෙනා පැවසූ අල්ලාහ්ව විශ්වාස කරන බව පැවසුවත් අවසාන මොතොතේදී පැවසූ එම වදන් වලින් ඔහුට කිසිම ප්‍රයෝජනයක් අත්වුයේ නැත.
සෑම නබිවරයෙකුම ඉතා නිහතමානි ජිවිතයක් ගත කර තිබේ. මුහම්මද් නබිතුමාද ඉතා සරල ජ්විතයක් ගත කළ කෙනෙකි. ඔහු සාමාන්‍ය ජනතව සමග වාසය කළේය. ඔවුන් සමග එකම භාජනයේ අතදමා කෑම අනුභව කර ඇත. නබිතුමා රාජ්‍ය පාලකයෙක් වුවත් ඔහුගේ නිවසට මුර කරුවන් සිටියේ නැත. නබිමිත්‍ර සහාබා වරුන්ද නබිතුමාගේ අඩිපාරේ යමින් අල්ලාහ්ට වඩාත් සමීප විය. මේ නිසා ඔවුන් ගැන අල්ලාහ් අල්කුරානයේ වර්ණනා කොට ඇත.
“යම් කෙනෙක් පොළොවෙහි උඩඟුකමද, කලහයද නොකරයිද ඔවුනට අපි එලෝ නිවස (ස්වර්ගය) උරුම කර දෙන්නෙමු” (කුරානය 28:83).
“අර්රහ්මාන්ගේ ගැත්තන් පොළොවෙහි නිහතමානිව ඇවිදින්නෝය. දැනුම නොමැත්තන් ඔවුන් සමග තර්ක කලේ නම්, ‘සලාම්’ යැයි (ඔවුන්) පවසන්නෝය” (කුරානය 25:63).
නබි වදනක සඳහන් වන ආකාරයට ප්‍රඥාවන්තයා කව්රුන්ද යත් තමන්ව පහත්කරගෙන එලොව ජිවිතයේ අරමුණ කරා ගමන් කරන තැනැත්තාය. මේ හේතුවෙන් උඩඟු කම නිසා සත්‍යයට එරෙහි වන්නන් සමග තර්ක කිරීමට වඩා ඔවුන්ට සලාම් පවසා වෙන්ව යෑම වඩාත් සුදුසුය.
මිනිසාගේ ආරම්භය ගැන සිතා බලන කල ඔහුට උඩඟු වීමට කිසිම හේතුවක් නොමැත. මිනිසාගේ ආරම්භය සිදු වන්නේ මිනිසුන් පිළිකුල් කරන ශුක්රානුවකිනි. එහෙත් දෙවියන් ඔහුව අලංකාර රුපයෙන් මවා සෑම ජිවියෙකුටම වඩා ගෞරවයට පාත්‍ර කොට ඇත. එහෙත් ඇතැම් අයගේ ක්‍රියා කලාපය නිසා ඔවුන් තිරිසනුන්ට වඩා පහත් තත්වයට ඇද වැටෙන්නේය. එපමනක් නොව මිනිසා මෙලොවට උපත ලැබූ විට කිසිම දෙයක් තනිවම කල නොහැකි දුබලයෙකි. එහෙත් ඇතැම් තිරිසන් සතුන්ට උපතේදීම මිනිසාට වඩා හැකියාවන් ඇත්තේය. එසේ තිබියදී මිනිසා ජිවත්වන ටික කාලයේදී උඩඟු වන්නේ කුමක් නිසාද? බොහෝ අය බලය සහ වස්තුව ලැබෙන විට උඩඟු වෙති. එහෙත් ඔවුන් වයසට යන විට නැවතත් ළදරුවෙකු ගානට පත්වන බව අමතක කරන්නේය. එසේ තිබියදීත් සත්‍යය පිළිගැනීමට බොහෝ දෙනෙක් කැමති වන්නේ නැත.
සහිහ් අල් බුහාරි ග්‍රන්ථයේ සඳහන් වන හදීසයක දැක්වෙන පරිදි කෙනෙකුගේ ඉස්ලාමිය විශ්වාසය ශාකාවන් හැටකට වඩා බෙදෙන්නේය. ඒවා අතරින් එකක් වන්නේ ‘හයා’ (ආත්ම ගෞරවය, විනීත කම, නිහතමානි කම) යන්නයි (බුහාරි 1:8). කාන්තාවන්ට සහජයෙන්ම ලජ්ජා ශීලි බව උරම වන්නේය. එය දහම තුලින් තවත් ඔප නංවන්නේය. මේ නිසා ඔවුන් අන්‍ය පිරිම්න් ඉදිරියේ ඔවුන්ගේ ශරීර කොටස් ප්‍රදර්ශනය නොකළ යුතුය. එය ඉස්ලාම් විශ්වාසයේ ප්‍රධාන අවශ්‍යතාවයකි. පිරිමින්ද තම වස්ත්‍රය වළලු කරට වඩා ඉහලින් ඇඳීමෙන් ඔවුන්ගේ නිහතමානී කම පෙන්විය යුතුය. නබිතුමා කිසිම විටක ඔහුගේ වස්ත්‍රය බිම ඇතිල්ලෙන තරමට දික්කලේ නැත.
උඩඟු කම යනු ලස්සනට ඇඳීම හෝ හොඳ වාහනයක ගමන් කිරීම නොවේ. උඩඟු කමේ ලක්ෂණයක් වන්නේ අනෙක් අයව පහත් කොට සැලකීමය. වස්තුව සහ බලය ලැබුණු බොහෝ උදවිය මෙම ලක්ෂණය පෙන්නුම් කරන්නේය. එහෙත් ඉස්ලාම් දහම එය අනුමත කරන්නේ නැත. රජකම නිසා අහංකාරයෙන් පෙළුණු කෙනෙකුට උදාහරණය පාරාවෝ ය. ඔහු යම් දවසක මැරෙන බව අමතක කළේය. එබැවින් ඔහු සිය ජනයාට කියා සිටියේ ඔහු බලගතු දෙවිකෙනෙක් බවයි. ජනතාව දනින් වැටී ඔහුට වැඳ තිබේ. කෙසේ වෙතත් එසේ පැවසූ ඔහු සිය බල ඇණියත් සමග මුහුදේ ගිලි මිය ගියේය. මමත්වයෙන් පෙලෙන සියළු දෙනාටම එය පාඩමක් විය යුතුය. මෙලොව ජිවිතයට පමණක් නොව මරණයෙන් මතු ජිවිතයද ජය ගැනීමට නිහතමානිකම අත්‍යාවශ්‍යය. එහෙත් බොහෝ අයගේ උඩඟු කම නිසා ඔවුන්ට සත්‍ය දුටුවත් එය පිළිගන්නේ නැත. අල්ලාහ් ඔවුන්ගේ උඩඟු කම නිසාම සත්‍ය දැනගැනීමට සලසන්නේද නැත.
By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.