මෙලොව තිඛෙන්නාවූ විවිධ ආගම් වල එම ආගමට පමණක් සුවිශේෂීතාවයන් ඇත. ඉස්ලාම් දහමෙහි මෙවැනි අනන්‍යතාවයන් රැසක්වේ. අප පිළිගන්නා පරිදි ඉස්ලාමය මේ විශ්වයේ දහමයි අප එසේ පවසන්නේ මෙම විශ්වයේ ආරම්භය පැවත්ම සහ අනාගතය යනාදී සියළුම කරුණු මෙම දහමෙහි ගැබ්ව තිබීමයි. ඉස්ලාම් යනු අරාබි වචනයකි එහි අරුත කුමක්ද? යනු දැනගැනීම සෑම කෙනෙකුටම ඉතාමත් වැදගත් කරුණක් වනු ඇත. ඉස්ලාම් දහම කිසිම පුද්ගලයෙකුගේ නමින් හෝ කිසිම රටක, සමාජයක නමින් හෝ ව්‍යවහාර නොවන්නකි. ඉස්ලාම් වනාහි විශ්වයාධිපති අල්ලාහ් දෙවිඳුන් විසින්ම මිනිසා වෙත පිරිනමනු ලැබු සත්‍ය වු ආගමයි. එහි අර්ථකථනය වනුයේ මුළු මිනිස් වර්ගයාට පමණක් නොව විශ්වයේ ඇති ජීවී අජීවී සියල්ලක්ම අල්ලාහ් දෙවිඳුන්ට සම්පුර්ණයෙන්ම අවනත වීමය. අල්ලාහ් යන නාමය නැමදීමට සුදුසු එකම දෙවි යන අරුත ඇති අරාබි භාශාවෙන් දෙවිඳුන්ට අමතන නාමයකි.

ඉස්ලාම් යන අරාබි වචනයෙහි අර්ථයන් දෙකක් ගැබ්වී ඇත:

අවනත වීම- යටහත් වීම සහ කීකරු වීම

සාමය සමාධානය

මුස්ලිම් යන නාමය ඉස්ලාම් නම්වූ වචනයෙන් බිඳී ආවකි එහි අරුත නම් අල්ලාහ් දෙවිඳුන්ට අවනතවී කි්‍රයා කිරීමෙන් මානසික සාමයක් ලබන පුද්ගලයාය. ෙමි අනුව යමෙකු අල්ලාහ් දෙවිඳුන්ට මුළුමනින්ම අවනත වී, උන්වහන්සේට පමණක් වැඳුම් පිදුම් කර උන්වහන්සේ අණකළ පරිදිම ජිවත් වන්නේ නම් එම තැනැත්තා මුස්ලිමෙකි. ඉස්ලාම් යන වචනයෙහි සාමය නම් අර්ථයද ගැබ්වී ඇත. මෙමගින් තේරුම් කරගතයුත්තේ යමෙකු අල්ලාහ් දෙවිඳුන්ට සම්පුර්ණයෙන් අවනත වී ජිවත් වීමෙන් ලැඛෙන ස්වාභාවික ප්‍රතිඵලය, ඔහු කරා සාමය ලගාවීමයි. එනම් ඔහුට ශාරීරික සහ මානසික වශයෙන් සැබෑ සාමය, හදවතෙහි සාමය, මැවුම්කරුවාණන් සමග සාමය, අසල්වැසියන් සමග සාමය සහ මුළු මහත් විශ්වය සමගම සාමයක් ඇති වීමයි. අද ලොව සිටින සෑම මිනිසෙකුටම තිඛෙන පැනය නම් ඔවුන්ගේ හදවතේ සාමයක් නොමැති කමයි. මිනිසාගේ ස්වභාවය අනුවම ඔහුට නිරන්තරව ප්‍රශ්ණ වලට මුහුණ දීමට සිදුවේ. මේවාට කිසිදු කෙනෙකුට ස්ථීර විසඳුම් දිය නොහැක. එසේ නම් කළ යුත්තේ කුමක්ද? නිරන්තරව පැමිණෙන මෙම ප්‍රශ්ණ වලට මුහුණ දීමට සදාතන සාමයක් අප තුළ තබා ගැනීමයි. මෙම සාමය තිඛෙන්නේ කොහේද? ඉහත ඔබ දැනගත් පරිදි සාමය නම් ඉස්ලාමයයි. එසේ නම් මිනිසා අසහනයෙන් පෙළීමට හේතුව කුමක්ද? ඔහු හෝ ඇය තුළ ඉස්ලාමය නොමැති වීමයි. අද අප ලංකාව සියදිවි නසා ගැනීමෙන් ලෝක වාර්තාවක්ද තබා ඇත. මත්පැන් පානයෙන් දෙවැනි වන්නේ ප්‍රංශයට පමණි. ජනවාර්ගික අර්බුද ඇත. මේ සියල්ලටම හේතුව මිනිසා තුල සාමයක් හදවතේ නොමැති වීමයි.
ඉස්ලාමය සත්වෙනි ශත වර්ෂයේ අරාබි කරයේ ජිවත් වු මුහම්මද් (අල්ලාහ් දෙවිඳුන්ගේ ශාන්තිය හා සමාදානය එතුමාට අත්වේවාæ) නබිතුමා විසින් ගෙන එනු ලැබු අළුත් දහමක් නොව එතුමාගේ මාර්ගයෙන් අවසාන වරට දෙනු ලැබුවකි. සැබවින්ම ඉස්ලාමය අල්ලාහ් දෙවිඳුන් විසින් ප්‍රථමයෙන්ම දෙනු ලැබුවේ ලොව මවනු ලැබු ප්‍රථම මිනිසා හා අල්ලාහ් දෙවිඳුන්ගේ පළමුවන නබිවරයා වන ආදම් (අල්ලාහ් දෙවිඳුන්ගේ සමාදානය එතුමාට අත්වේවාæ) තුමාටය. එතුමාගෙන් ආරම්භ වු මිනිස් වර්ගයා වෙත අල්ලාහ් දෙවිඳුන් විසින් එවනු ලැබු සෑම නබිවරයෙකුගේම ආගම වුයේද ඉස්ලාමයයි. මෙසේ අල්ලාහ් දෙවිඳුන් ලොව සෑම ස්ථානයකටම කලින් කලට නබිවරු ලොවට එවා තිඛෙන බව නබි වදනෙහි තහවුරු වේ. මෙම නබිවරුන් ගෙනා පිවිතුරු සදහම් පණිවුඩ පසුකලෙක මිනිසුන් විසින් සංස්කරණය කිරීම නිසා විකෘති කරණ ලද දහම් බවට පත්වී ඇති බව ශ=ද්ධවූ අල්කුර්ආණය තහවුරු කර ඇත. අද ලොව පවතින බොහෝ ආගම්වල ඉතිහාසය ගවේෂණය කරන කලද මෙහි සත්‍යතාවය සැමට පසක්වේ. මෙසේ අල්ලාහ් දෙවිඳුන් විසින් තෝරා ගනු ලැබූ නබිවරුන්ගේ අවසාන නබිවරයා ලෙස පැමිණියේ මුහම්මද් (අල්ලාහ් දෙවිඳුන්ගේ ශාන්තිය හා සමාදානය එතුමාට අත්වේවාæ) නබිතුමාණන්ය. අල්ලාහ් දෙවිඳුන් විසින් පිරිනමනු ලැබු මෙම සත්‍යවූ පිවිතුරු ආගමට ඉස්ලාම් යන නම තැබුවේ මිනිසුන් විසින් නොවේ. එම නම අල්ලාහ් දෙවිඳුන් විසින්ම තබන ලදි. මේ ගැන ශ=ද්ධවූ අල් කුර්-ආණය ඉතාමත් පැහැදිලිව පවසන්නේය.

ශ=ද්ධවූ අල් කුර්-ආනය මෙසේ කියයි:

—නියත වශයෙන්ම අල්ලාහ් දෙවිඳුන් කෙරෙහි වන දීන්(නිවැරදි ජීවන මාර්ගය) ඉස්ලාමයයි˜
(ශුද්ධවු අල්-කුර්ආන් 3-19)

—අද දින මම නුඹලා වෙනුවෙන් නුඹලාගේ දීන් (නිවැරදි ජීවන මාර්ගය) සම්පූර්ණ කලෙමි. මාගේ අනුග්‍රහයද නුඹලා වෙත සම්පූර්ණ කලෙමි. තවද දීන්(ජීවන රටාව) වශයෙන් ඉස්ලාමය සතුටින් තෝරා දුණිමි˜
(ශුද්ධවු අල්-කුර්ආණ් 5-3)

—තවද යමෙකු (මෙම අවනත වීමේ මාර්ගය වන) ඉස්ලාමය හැර දහමක් (කවර හෝ අන්‍ය) දහමක් අනුගමනය කරන්නේද කිසි විටෙකත් ඔහුගෙන් එය (දහම) පිළිගනු නොලැබේ. තවද ඔහු පරලොවෙහිදී පරාජිතයන්ගෙන් කෙනෙකු වේ˜
(ශුද්ධවු අල්-කුර්ආණ් 3-85)

ප්‍රිය සොයුර / සොයුරිය,

අසහනයෙන්, අසමාදානයෙන් වෙලී ඔබ ගත කරන දිවියට විරාමයදී සදාතන සාමය හදවතට රැගෙන ඉස්ලාමයේ සැබෑ අරුත වටහාගැනීම පිණිස ඔබ විසින් කල යුත්තේ —ලාඉලාහ ඉල්ලල්ලාහ් මුහම්මදුල් රසුලූල්ලාහ්˜ (අල්ලාහ් දෙවිඳුන් හැර පිදුමට අන් දෙවි කෙනෙකු නොමැත, මුහම්මද් උන්වහන්සේගේ ධර්ම දූතයාණන්ය) යන ලොව ශ්‍රේෂ්ඨතමවු වාක්‍යය පවසා ඔබ මෙතෙක් ගත කල ඔබට සිතැඟි මාර්ගය වෙනුවට අල්ලාහ් දෙවිඳුන් අනුමත කල මාර්ගය වන ඉස්ලාමයට අනුව මෙතැන් පටන් දිවි ගෙවීමයි.
අහමද් අන්වර්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *