සත්‍ය ආගමික පුස්තකයක තිබිය යුතු අංග ලක්ෂණ වශයෙන් පහත සඳහන් කරුණු ගෙන හැර දැක්විය හැකිය.

1. අසත්‍යයෙන් තොර වීම

2. පරස්පරතාවන්ගෙන් තොර වීම.

3. අතිශයෝක්තියෙන් තොර වීම.

4. අධම හා පහත් අදහස් වලින් තොර වීම.

5. අනුමාන කිරීම් වලින් හා මනඃකල්පිත අදහස් වලින් තොර වීම.

6. රජවරු, පාලකයින් හා බලසම්පන්නයින් පිළිබඳව අනවශ්‍ය ප‍්‍රශංසාවන්ගෙන් තොර වීම.

7. තමා ජීවත් වූ යුගයේ පැවති අවිද්‍යාත්මක සංකල්පයන් සත්‍ය කරුණු ලෙස ඉදිරිපත් නොකිරීම.

8. උසස් සදාචාරයන් උගන්වන එකක් වීම.

9. පුද්ගලික ලාභ ප‍්‍රයෝජන අපේක්ෂාවන්ගෙන් තොර වීම.

10. මිනිස් ජීවිතයේ වැදගත් කරුණු සම්බන්ධව සුදුසු හා නිවැරදි මඟපෙන්වීමකින් යුක්ත වීම.

11. මිනිසාගේ මෙලොව හා මතුලොව ජයග්‍රහණය සඳහා වූ නිවැරදි මඟපෙන්වීමකින් යුක්තවීම.

12. අතරමැදි කාලයේදී අඩුවැඩි කිරීම් හා වෙනස්කිරීම් වලට භාජනය නොවී තිබිය යුතුය.

ආගමික ඉගැන්වීම් අඩංගු ලිඛිත භාෂාව ජීවමානව මෙන්ම සැමටම තේරුම් ගත හැකි ආකාරයේ ශෛලියකින් යුක්ත විය යුතු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *