මානව සංහතියට නිවැරදි මග පෙන්වීම සඳහා එක් එක් භාෂාවන්ට එක් එක් සමාජයන්ට ශාස්තෘවරු එවනු ලැබූහ. මනුෂ්යින් අතුරින්ම තෝරාපත් ගනු ලැබු එම ශාස්තෘවරුන්ට සමාජය නිවැරදි මගට යොමු කිරීම සඳහාත්, නීතිය ස්ථාපිත කිරීම සඳහාත් දේව ග්රන්ථ අනාවරණය විය.
මෙය ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: ”(යහමග යන්නන්ට* සුභාශිංෂණ පතන්නන් වශයෙන් හා (නොමග යන්නන්ට* අවවාද කරන්නන් වශයෙන් අල්ලාහ් ශාස්තෘවරුන් එවූහ. මිනිසුන් අතර මතභේද හටගෙන තිබෙන විෂයන්හි ඔවුන් අතර විනිශ්චය කිරීම සඳහා සත්‍යවූ පුස්තකත් ඔවුන්ට අනාවරණය කරනු ලැබිනි” (ශු කුර්ආනය 2: 213*.
මේ ආකාරයට ශාස්තෘවරුන් පෙළේ අවසන් ශාස්තෘවරයා වූ මුහම්මද් නබි (සල්* තුමන්ට ලැබුනු ප්රාතිහාර්යක් නම් එයයි ඒ ශුද්ධවූ අල් කුර්ආනය. මීට පෙර ශාස්තෘවරුන්ට ලැබුනු හාස්කම් එකි වකවානුවේ ජීවත්වු ජනතාව පමණක් දැක බලා ගැනීමට හැකිවූවත්, නබි (සල්* තුමන් වෙත අනාවරණයවූ ශුද්ධවූ අල් කුර්ආනය අවසාන දිනය තෙක් පැමිණෙන සෑම කෙනෙකුටම දැක බලා ගතහැකි ප්රාතිහාර්යක් වේ. අල් කුර්ආනය කාලීන අවශ්‍යතාවන්ට අනුකුලව නබි (සල්* තුමන්ට අවුරුදු 23 ක් මුළුල්ලේ ක්‍රමක් ක්‍රමයෙන් අනාවරණය විය.
ශුද්ධවු අල්කුර්ආනය පවසයි: ”තවද: මොහුට මෙම කුර්ආනය (එක් වතාවේම* අනාවරණය කරනු නොලැබුවේ මන්ද? යනුවෙන් මිත්‍යා දෘෂ්ටිකයන් විමසයි, මෙය මගින් ඔබේ සිත ස්ථීර කිරීම සඳහා වරින් වර අනාවරණය කළෙමු. ඔවුන් ඔබ වෙත කුමන උපමාවක් රැුගෙනාවත්, (ඊටත් වඩා* සත්‍ය වූත් ඉතා අලංකාරවූත් විස්තරයක් මෙයින් ඔබට ලබාදී ඇත” (ශු කුර්ආනය 25: 32, 33*.
අරාබි සාහිත්‍ය තුළ උසස් සාහිත්‍යකට හිමිකම් කියන ශුද්ධවූ අල්කුර්ආනය සාමාන්‍ය පුද්ගලයෙකුට පවා වැටහෙන ශෛලයක සැකසී තිබීම එහි තවත් සුවිශේෂත්වයකි. නිර්මාණයක් සාහිත්‍ය පැත්තට නැඹුරු වන විට එය සාමාන්‍ය ජනතාවගෙන් ඈත්වීම අපි සුළබව දකින දෙයකි. නමුත් අල්කුර්ආනය එසේ නොව සාහිත්‍යයෙහි උසස් තලයක පැවතුනත් එය සාමාන්‍ය ජනතාවට පවා අවබෝධ කරගැනීමට හැකිලෙස ප්‍රකාශ වී තිබීම මවිතයට පත්වෙන සුළුය.
ලොව පවතින බොහෝ සිද්ධාන්ත, මිනිසා අධ්‍යයනය කිරීමේ දොරටුවලට අගුලූ දමයි. ඒ දහම් පවසන දේ මුළුමනින්ම විශ්වාස කිරීම මිස ඒ පිළිබඳ හරස් ප්‍රශ්න නගන්නට නොහැකිය. නමුත් ශුද්ධවූ අල්කුර්ආනය බොහෝ ස්ථානවල අධ්‍යයනය කිරීමට දිරිගන්වයි.
”ඔවුන් ශුද්ධවූ අල්කුර්ආනය අධ්‍යයනය නොකරන්නේ මන්ද? අල්ලාහ් හැර වෙනත් කෙනෙකුගෙන් එය පැමිණ තිබේ නම් එහි ඔවුන් බොහෝ මත භේද දකින්නේය” (ශු කුර්ආනය 4 : 82*.
තවත් සථානයක : ”ඔවුන් අල් කුර්ආනය අධ්‍යයනය නොකරන්නේද? ඔවුන්ගේ සිත්වලට අගුල් දමා තිබේද”? (ශු කුර්ආනය 47: 24*.
මුළු ලොව වාසි ජනතාවටම අල් කුර්ආනය අධ්‍යයනය කරන ලෙස විශ්ව හිමියන් ඇරයුම් කරයි. ”අපි මෙම කුර්ආනය අධ්‍යයනය කරන්නට පහසු කර ඇත්තේමු. අධ්‍යයනය කරන්නන් සිටින්නේද”? (ශු කුර්ආනය 54 : 17*.
අල් කුර්ආනය මුළු ලෝක වාසි ජනතාවටම මග පෙන්වන ග්රන්ථයකි. ”මානව සංහතියට මග පෙන්වීම සඳහා මෙය අනාවරණය කරනු ලැබිනි” (ශු කුර්ආනය 2: 185*.
”මුළු ලොව වාසි ජනතාවටම අවවාද කිරීම සඳහා සත්‍ය අසත්‍ය වෙන්කර පෙන්වන මෙම ග්‍රන්ථය තම දාසයා වෙත පහළ කළ (හිමියන්* ඉතා සුවිශුද්ධය”
(ශු කුර්ආනය 25: 1*.
මෙම අදහස ගෙනදෙන බොහෝ වාක්‍යන් ශුද්ධවු කුර්ආනයෙහි දැක ගත හැක. මානව සංහතිය අමතා අල්කුර්ආනය කථා කරයි, එම හෙයින් විශ්ව හිමියන්ගෙන් මුළු මානව සංහතියටම සත්‍ය මග පෙන්වන ග්රන්ථයක් වශයෙන් එය අනාවරණය කරනු ලැබිනි.
අල් කුර්ආනය ඉදිරිපත් කරන තවත් අභියෝගයක් නම්: ”අපේ දාසයා වෙත අනාවරණය කළ දේ පිළිබඳ ඔබ අනුමානයෙන්ද? එසේ නම් අල්ලාහ් හැර අන් සියල්ල ඔබේ සහයට රැුගෙන එක් පරිච්ඡේදයක් හෝ මීට සමානව ගේන්න. එසේ කළ නොහැකිය. මෙන්ම කිසිවිටකත් ඔබලාට කල නොහැකි කාර්්‍යකි. මිථ්‍යා දෘෂ්ටිකයින් සඳහා සූදානම් කර ඇති නිරයට බියවන්න”(ශු කුර්ආනය 2: 23,24*.
”ඔබ සත්‍ය වන්තයින් නම් මෙවැනි එක් පරිච්ඡේදයක් හෝ (සාධක වශයෙන්* ඉදිරිපත්කරන්න”(ශු කුර්ආනය 37: 157*.
මෙම අභියෝගය ශුද්ධවූ කුර්ආනය සියවස් 14 කට පෙර මානව සංහතිය ඉදිරියේ තැබූ අභියෝගයකි, නමුත් අල් කුර්ආනයෙහි ඇති එවැනි එක් පරිච්ඡේදයක් හෝ අවසන් දිනය තෙක් ගෙන ඒමට නොහැකිය.
ශුද්ධවූ අල්කුර්ආනයෙහි එක් වාක්‍යකින් මවිතයට පත්වූ විද්‍යාඥයා ඉස්ලාම් දහම වැළඳ ගත්තේය. ඉජිප්තුවේ ප්‍රධාන නගරය වූ කෙයිරොවෙහි ”අල් කුර්ආන් එළියේ වෛද්‍ය හාස්කම්” යන මෑයෙන් කෙරුණු විද්‍යාඥයින්ගේ සම්මන්ත්‍රණයකට සහභාගි වී තමන්ගේ ඉස්ලාමීය වෙනස පිළිබඳ අදහස් දැක්වූ ”වෛද්‍ය ඇලිසන්” විද්‍යාවෙහි උල්පතවූ ඉස්ලාම් දහම (අල් කුර්ආනයෙහි ගැබ්වී ඇති අදහස්* වෙනත් ආගමිකයින්ට පැහැදිළි කරන්නට මුස්ලිම් සමාජය මගහැරියෝය යනුවෙන් චෝදනා මුඛයෙන් පැවසුවේය.
එංගලන්තයෙහි ඇති එක් විශ්ව වි!්යාලයක :ෑකැජඑරසජ්ක* හා :ෑකැජඑරදබසජ* විද්‍යුත් හා විදුලි ඉන්ජිනේරු පීඨයෙහි සභාපති වශයෙන් කටයුතු කරන ”අබ්දුල්ලා ඇලිසන්” (ඉස්ලාම් දහම පිළිගැනීමෙන් පසු* නුවණට හා හැඟීම්වලට පිළිතුරු සපයන ඉස්ලාම් දහම හඳුනාගන්නා ලෙස බටහිර හා වෙනත් මුළු ලෝකයේම වෙසෙන විද්‍යාඥයින්ට ඇරයුම් කළේය. දැනුම සොයා යන ගමනෙහි අල්කුර්ආනය හදාරන්නට අවස්ථාව උදා කරගත් කිසිදු විද්‍යාඥයෙක්, මුළුමනින් විද්‍යාත්මක කරුණු සමග බැඳී පවතින, ඒ වගේම එයට ගැලපෙන ඉස්ලාම් දහම හෘදපූර්වක පිළිගැනීමෙන් තොර නොවුහ යැයි ඔහු පැවසුවේය. මන්ද වෙනත් ආගම්, සංකල්පයන්, මෙන් අළුත් සොයාගැනීම්වලට සැමවිටම හරස් නොවේ. සොයාගත්දේ, සොයාගනු ලබන දේ සියල්ල සත්‍ය සපත කරන්නාක් වශයෙන් කුර්ආනය බැබළෙයි. යනුවෙන් වෛද්‍ය ඇලිසන් පවසයි.
නින්ද හා මරණය අතර ඇති සම්බන්ධය ගවේශණය කිරීම සඳහා තමන්ගේ :ෑකැජඑරසජ* හා :ෑකැජඑරදබසජි* භාණ්ඩ ආධාරයෙන් කළ ගවේශණය තුළින් එක් පිරිමියෙක් හෝ කාන්තාවක් නිඳන විට යම් කිසි ශක්තියක් මිනිස් සිරුරෙන් පිටවෙන බවත්, එය කුමන අවස්ථාවේදි හැරි එයිද (යළි පැමිණෙයිද* ඒ සැනින් ඔහු ඇහැරෙන බවත්, එනමුත් මරණයට පත්වූ විට එය හැරි නොඑන බවත් ඔහු ගවේෂණය අවසානයේදි කියයි. මෙම සොයා ගැනීමත් සමග ඉහත සඳහන් සමුළුවට පත්‍රිකා සූදානම් කරමින් සිටින විට, අල් කුර්ආනයෙහි පහත සඳහන් වැකිය ඔහුගේ නෙත්වලට ගැටුනේය. එයත් සමග ඔහු විශ්මයට පත්විය. ඔහුගේ ජීවිතයේ මහත් පෙරළියක් කිරීමට එම වාක්‍ය හේතු සාධක විය. එම වාක්‍ය ඔහුුගේ සොයා ගැනීම මුළුමනින්ම සත්‍ය කරන (අනුමත කරන* එකක් විය. සුමර් නම් පරිච්චේදයෙහි අල්ලාහ් පවසයි: ”මිනිසුන් මරණයට පත්වන විටත්, මරණයට පත්නොවී නින්දෙන් පසුවන විටත් ඔවුන්ගේ ප්‍රාණය අත්පත් කරගන්නේ අල්ලාහ්ය. පසුව කව්රුන් වෙත මරණය නියමවුනේද ඔවුන්ගේ ප්‍රාණය (තමන් වෙතම* රඳවා ගන්නා අතර. සෙසු අයගේ (ප්‍රාණය* නියමිත කාලයකට ජීවත් වීම සඳහා ඔවුන් වෙතම හරවා යවයි. හොඳින් කල්පනා කරන ජනතාවට නියතයෙන්ම මෙහි (විවිධ* ආදර්ශයන් ඇත්තේය” (ශු කුර්ආනය 39: 42*.
මෙය වඩාත් තහවුරු කරන්නා පරිදි ධංදෙරා විශ්ව විද්‍යාලයෙහි මනෝ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරයෙකු වන ”යහ්යා අල් මුෂ්රිෆි”ගේ සහාය ඇතුව නින්ද හා මරණය එකම මගට අයත් වූවකි යනු විද්‍යානූකුලව ඉහත සඳහන් අල් කුර්ආන් වාක්‍ය පැවසූ ආකාරයට ඔප්පු කරයි.
ඉස්ලාම්හි මෙවැනි විද්‍යාත්මක අදහස් බටහිර හා සෙසු ලෝකයෙහි රටවල් නොදැන සිටීම පිළිබඳ බොහෝ සේ දුක්වෙන වෛද්‍ය ඇලිසන්, මීට පෙර මම අල් කුර්ආනයෙහි මෙවැනි අදහස් තිබේදැයි නොසිතු බවත්, මෙම අසම සම ග්‍රන්ථය පවසන විද්‍යාත්මක සත්‍යතාවයන් ලෝකයට මුස්ලිම්වරු පැවසීමේ වගකීම පැහැර හැරිය බවත් ඔහු චෝදනා කරයි. මිථ්‍යා විශ්වාසයන්, අන්ධ භක්තීන් මිනිසුන් තුළ රජකරන තත්ත්වයක් තුළ අල්කුර්ආනයෙහි මෙම විද්‍යාත්මක සත්‍යයන් සමාජය අතරට ගෙන යෑමට මුස්ලිම් වරුන් ප්‍රමාද වීම පුදුමයට පත්විය යුතු කරුණකි.
අනේක සිතුවිලි හා අදහස්වලින් පෙලෙනා දස දහස් සංඛ්‍යාවක් ජනයා එංගලන්තයෙහි වෙසෙන බව පවසන වෛද්‍ය ඇලිසන්, ඉස්ලාම් නුවණට පිළිතුරු සපයන නිසා මුස්ලිමෙකු අත්විඳින සම්පූර්ණ තෘප්තිය අන් අයගෙන් ලබා ගත නොහැකි බව තරයේ ප්‍රකාශ කර සිටි. තවද බටහිර ජනතාවන් බුද්ධිමත් අදහස්වලට ඇහුම් කන්දෙයි යනුවෙන්ද ඔහු පවසයි. ඉස්ලාම් ඉතා බුද්ධිමත්ව අදහස් ඉදිරිපත් කර මිනිස් ස්වභාවයට මූලිකත්වය දෙයි.
තවත් ඉස්ලාමයට ඇතුල් වුනු කිතු ආගමික නායකයෙකු තමන්ගේ ඉස්ලාමීය වෙනසට හේතුවූයේ අල් කුර්ආනයෙහි එක් පරිච්ඡේදයක් බව පවසයි. ”අබූ ලහබ්ගේ දෙ අත්ද ඔහුද වැනසේවා! ඔහුගේ වස්තු මෙන්ද ඔහු ඉපැයු දැයින්ද ඔහුට පලක් නැත්තේය” (ශු කුර්ආනය 111: 1, 2*.
මෙම පරිච්ඡේදය නබි (සල්* තුමන්ගේ සුළු පියා වූ අබු ලහබ් එතුමන්ගේ ප්‍රචාර කටයුතුවලට එරෙහිව, ඉස්ලමායට එරෙහිව දැඩිව කටයුතු කිරීම නිසා ඔහුට ශාප කිරීමක් වශයෙන් පහළ විය. මෙහි අවදානය යොමු කළ යුතු කරුණ නම්, ඔහු අල් කුර්ආන් පාඨය තුළින් ශාපයට ලක්වීමෙන් පසුවද දස වසරක් ජීවත්විය. ඒ කාලය තුළ ඔහු සරදමකට හෝ ”අෂ්හදු අන් ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදුර් රසූලූල්ලාහ්” නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙනකිසිවෙකු නැත, මුහම්මද් (සල්* අල්ලාහ්ගේ ශාස්තෘවරයා යනුවෙන් ප්‍රකාශ කළේ නැත. එසේ ඔහු පවසා ඉස්ලාම් දහම වැළඳගත්තේ නම් මෙම පරිච්ඡේදය අසත්‍ය වනු ඇත. එසේවූවා නම් මුළු කුර්ආනයම ඔවුන් ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක් උදාවනු ඇත. නමුත් ඔහු මිය යන තෙක් එවැනි පියවරකට නොඑළඹිය. මෙම පුවත සියුම් ලෙස නිරීක්ෂණය කළ විට සැබවින්ම අල් කුර්ආනය මුහම්මද්ගේ පෞද්ගලික නිර්මාණයක් නොව අල්ලාහ් විසින් අනාවරණය කරනු ලැබු ග්රන්ථයක් බව සපථ වේ. සෑම අවදියක් පිළිබඳම නිසි අවබෝධයක් ඇති අල්ලාහ්ට පමණි මෙවැනි පරිච්ඡේදයක් අනාවරණය කළ හැක්කේ. මෙයින් ශුද්ධවූ කුර්ආනය දේව ග්රන්ථයක් යන බව මනාවට ඔප්පු වේ යැයි ඔහු පවසයි.
අල්කුර්ආනයේ පරිශුද්ධත්වයට කිසිදු හානියක් නොවී එය ආරක්ෂා කිරීමේ වගකීම අල්ලාහ් විසින්ම භාරගැනීම: ”අපි මෙම අල් කුර්ආනය පහළ කළෙමු, අපිම මෙය ආරක්ෂා කරමු” (ශු කුර්ආනය 15: 9*.
සියවස් 14 ක් මුළුල්ලේ මෙය ඉටුවෙමින් පවති. අල් කුර්ආනය කෙසේ අනාවරණය වුනේද ඒ ස්වභාවයෙන්ම එය ආරක්ෂා වෙයි. එහි පරිශුද්ධත්වයට අබ මල් රේනුවක තරම් හෝ හානියක් නොවී එය ආරක්ෂා වෙයි. නබි (සල්* තුමන් තමන්ට අනාවරණය වූ දේව පණිවුඩ සටහන් කිරීම සඳහා විශේෂ කාර්්‍ය මණ්ඩලයක් පත්කළේය. එම කාර්්‍ය මණ්ඩලයෙහි මුආවියා ඉබ්නු අබී සුෆ්යාන්, ෙසෙද් ඉබ්නු සාබිත් ආදි මිත්‍රවරු සාමාජිකත්වය දැරූහ. මේ ආකාරයට නබි (සල්* තුමන් ජීවතුන් අතර සිටින විටම අල් කුර්ආනය ආරක්ෂා විය. අල් කුර්ආනය වනපොත් කළ බොහෝ මිත්රවරුද වුහ. වත්මන් ලෝකයේද අල්කුර්ආනය වනපොත් කළවුන්ගේ සංඛ්‍යාව දස ලක්ෂ සංඛ්‍යාව ඉක්මවයි.
සෑම රමලාන් මසකම නබි (සල්* තුමන් වෙත පැමිණෙන දේව ¥ත ජිබ්රීල් (අෙලෙ* ඒ වන තෙක් පහළ වූ අල් කුර්ආනය නබි (සල්* තුමන්ට කියවා පෙන්වයි. නබි (සල්* තුමන් මෙලොවින් සමුගන්නා අවසන් වසරේ උදාවුනු රමලාන් සමයේ අල් කුර්ආනය දෙවතාවක් නබි (සල්* තුමන් ඉදිරියේ කියවා පෙන්වුහ. මේ ආකාරයට අල්කුර්ආනය ආරක්ෂා විය. ”ඔබේ දිව අල්කුර්ආනය කියවීමේදි ඉක්මන් වී නොහසුරුවන්න. අල්කුර්ආනය එක් කිරීම හා එය පාරායනය කිරීමේ හැකියාව ඔබට ලබාදීම අපේ වගකීමයි. අපි කියවන විට ජිබ්රීල් (අෙලෙ* ගේ මාර්ගයෙන් ඒ අනූව එය අනුගමනය කරමින් ඔබ කියවන්න. පසුව අපි එය පැහැදිළි කිරීමේ වගකීමද භාරගන්නෙමු. (ශු කුර්ආනය 75: 16,17, 18 *.
වෙනත් ආගම් අදහන්නන් ඔවුන් විශ්වාස කරන පුස්තක හා එම ආගමික නිර්මාතෘවරුන් අතර බොහෝ කාල පරතර තිබීම පැහැදිළිව දැකගත හැක. මීට පෙර පැමිනුණු යේසූස්, මෝසස් වැනි ශාස්තෘවරුන් අතරේ විය හැක ඔවුන්ට පහළ වුනු දේව නියෝග ඔවුන් මෙලොවින් සමුගැනීමෙන් පසු ආරක්ෂා කිරීමට ඒ ඒ සමාජයන්ට අපොහොසත් විය. ඉන් බොහෝ කලකට පසුව විසුවන් විසින් ඔවුන්ට අවශ්‍ය වන ආකාරයට දේව ග්රන්ථ කියා ඔවුන් ප්‍රති නිර්මාණය කරගත්හ. එම ග්රන්ථ අනාවරණය වූ මුල් භාෂාවන් පවා ලෝකයේ නොපවති. නැතහොත් ජනතාව අතර ව්‍යවහාරයේ නැත.
අල්ලාහ් අල් කුර්ආනයෙහි මෙසේ පවසයි: ”යම් ස්වල්පවූ ලෞකීක ආදායමක් අරමුණු කොටගෙන තමන්ගේ අතින්ම ග්රන්ථයක් ලියා පසුව මෙය අල්ලාහ්ගෙන් යැයි ජනතාවට පවසන මොවුන්ට ශාපය! මෙය ලියූ මොවුන්ගේ සිය දෑත් වලටද අනර්ථය, තවද එ මගින් ඔවුන් අත්පත් කරගන්නා ලාභ ප්‍රයෝජනද ඔවුන්ට විනාශය” (ශු කුර්ආනය 2:79*.
තවත් ස්ථානයක: ”පුස්තකය ගැනම දිව හරවන්නාවූ පිරිසක් ඇත්තෙන්ම ඔවුන් අතර වෙති, එය පුස්තකයේ අන්තර්ගතව නොතිබීයේදි පුස්තකයෙන් යැයි ඔබ සිතනු පිණිසය. අල්ලාහ්ගෙන් නොතිබියදී එය අල්ලාහ්ගෙන්යයිද ඔවුහු කියන්නෝය. ඔවුහු දැනුවත්වම අල්ලාහ් කෙරෙහි බොරු කියන්නෝය” (ශු කුර්ආනය 3:78*.
මෙම ධර්මයන්හි අණ පනත් විකෘතිවීම් වලට, වෙනස් කිරීම් වලට ලක්වී එහි පරිශුද්ධත්වය කිළිටුවූ හෙයින් ඉස්ලාමය (අල්-කුර්ආනය* මගින් එහි අසත්‍යභාවය ලෝකයාට හෙළිකිරීම කාලීන අවශ්‍ය තාවයක් විය.
ශුද්ධවූ කුර්ආනය අල්ලාහ් අවසන් දිනය තෙක් ආරක්ෂා කරන බව පොරොන්දු වෙයි. එබැවින් මෙම පොරොන්දුව ආරක්ෂා වීම අල් කුර්ආනය පරිශුද්ධ ග්රන්ථයක් යන තත්ත්වයෙන් අල්ප මාත්‍රයකින් හෝ වෙනස් නොවෙයි. අල් කුර්ආනය අනාවරණය වූ මුල් භාෂාව ලෝකයේ කෝටි සංඛ්‍යාත ජනතාව අතර ව්‍යවහාරයෙහි පවති. එම ආරාබි භාෂාවේ උසස්තම සාහිත්‍ය නිර්මාණය අල්කුර්ආනයයි.
සාක්ෂරතාවයෙන් තොරවූ මුහම්මද් නබි (සල්* තුමන්ට කිසිසේත්ම මෙවැනි ග්රන්ථයක් නිර්මාණය කළ නොහැක. ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ කියයි: ”ශාස්තෘවරයානනි මීට පෙර කිසිම ග්රන්ථයක් ඔබ කියවා නැත, ඔබේ අතින් ලියාත් නැත. එසේ තිබුනේ නම් අසත්‍යවන්තයින් සැකකරන්නට තිබිනි” (ශු කුර්ආනය 29: 48*.
”කිසිදු සැකයක් නැත විශ්වයෙහි අධිපති විසින් මෙම ග්‍රන්ථය අනාවරණය කරනු ලැබුවේ. මොහු (මුහම්මද්* ස්වයංව මෙය නිර්මාණය කරගත්තේය යැයි මෙම සමාජය පවසනවාද? කුමක්ද? එසේ නොව මෙය ඔබේ දෙවියන් විසින් පැමිණුනු සත්‍ය වේ” (ශු කුර්ආනය 32: 2*.
මධ්‍යස්ත විග්රහයක යෙදෙන මුස්ලිම් නොවන ප්‍රවීන විද්වතෙකු වන ”මාරිස් බුකෛල්” මෙසේ සඳහන් කරයි: ”අල්කුර්ආනය මුහම්මද් තුමන්ගේ කෘතියක් යැයි පවසන්නන්ගේ කල්පිතය, සාවද්‍ය සහගත බව, ඉහත සඳහන් කරුණු වලින් පෙනේ. අකුරු නොදන්නෙකු විසින් මුළු මහත් අරාබි සාහිත්‍යයේ විශිෂ්ඨතම සාහිත්‍යදරයා විය හැක්කේ කෙසේද? තත්කාලයේ අන් කිසිදු මිනිසෙකු නොදැන තරමේ අල්ප මාත්‍ර වරදකින් තොරව, එබඳු විද්‍යාත්මක සත්‍යයන් හෙළිදරව් කළ හැක්කේ කෙසේද? ඵ්මරසජැ ඊමජ්සකකැ – ඔයැ ූමර්බ ්බා ීජසැබජැ 1978 :පිටුව 125*.
ශුද්ධවූ කුර්ආනයෙහි මග පෙන්වීම් මුළු ලෝකවාසි ජනතාවටම අයත් මග පෙන්වීම් වේ. ලෝකයේ සාමය ශාන්තිය උදාවීමට නම් වෙනත් විකල්ප නොසොයා මෙම විශ්ව නිර්මාතෘ ලබාදෙන විසඳුම් කරා යා යුතුයි. ඔහු ගේ මග පෙන්වීම් කරා මානවයා ළඟා විය යුතුයි.
අපක්ෂපාතිව, මධ්‍යස්ථව අල්කුර්ආනය අධ්‍යයනය කරන්න. මා නිර්මාණය කළ නිර්මාතෘගෙන් අනාවරණය වූ ශුද්ධවූ ග්‍රන්ථය යන හැඟීම මත අධ්‍යයනය කරන්න. ඔබට නිවැරදි මාර්ගය, ජීවිතයේ ශාන්තිය, සාමය ලැබීම නියතය.
අල්කුර්ආනය පවසන විද්‍යාත්මක සත්‍යයන් නියතයෙන්ම ශත වර්ෂ 14 කට පෙර ජීවත්වූ ”මුහම්මද්” කියන එම පෘථග්ජනයාට කොහෙත්ම කිව නොහැක. නියත වශයෙන්ම එම වාක්‍යන් මෙම විශ්වයේ නිර්මාතෘවරයා වන අල්ලාහ් විසින් එම ශාස්තෘවරයාට අනාවරණය වුනු වාක්‍යන් මිස වෙන කිසිවක් නොමැත. සිය ජීවිතයෙහි කිසි දිනක සයුරු තරණය නොකළ මුහම්මද් නබි (සල්* තුමන්, මෑත කාලයේදී විද්‍යාව මගින් සොයාගත් සත්‍යක්, ශත වර්ෂ 14 කට පෙර කෙසේ කිව හැකිද? එනම්: ”දෙසාරගයන් එකිනෙක හමුවීමට ඔහුම සැලැස්සුවේය. (එනමුත්* මේ දෙක අතර අහුරන බාධකයක් ඇත. මෙම බාධක සීමාව ඉක්මවා යා නොහැක”(ශු කුර්ආනය 55: 18, 19*.
”සමුද්‍රයන් දෙක (ජලය දෙජාතියක් උසුලයි* එනමුත් එය සමාන නොවෙයි එයින් එකක් නැවුම් මිහිරි සහ පානයට ප්‍රසන්නයි. අනෙක ලවන ගතිය ඇති සහ පානයට අප්‍රසන්නයි” (ශු කුර්ආනය 35: 12*.
”කව්රුන් සමුද්‍රයන් දෙක යා නොවෙන සේ තැබුවේද එයින් එකක් ලවන ගතියෙන් හා අනෙක දිව ගා රස බැලිය හැකි මිහිරි රසෙනුත්, අල්ලාහ් විසින් මේ සමුද්‍රයන් එකිනෙක එක් නොවන සේ බාධකද දමා සම්පූර්ණයෙන්ම යා නොවන සේ වෙන්කර තැබුවේය” (ශු කුර්ආනය 25: 53*.
මී මැස්සා පිළිබඳ ශුද්ධවූ අල් කුර්ආනය ඉදිරිපත් කළ අදහස් විශ්මය ජනකය. ඉර හඳ පිළිබඳ, වෙනත් ලෝකයන් පිළිබඳවත් එම ලෝකයන්ට අවශ්‍ය කරන ශක්තිය බලය තිබුනු විට ගමන් කළ හැකි බවත්, පෘථීවිය පිළිබඳවත්, කඳු පිළිබඳවත්, විශ්ව නිර්මාණය පිළිබඳවත්, වලාකුළු පිළිබඳවත් දරුවෙකු මව් ගැබ තුළ පිළිසිඳගන්නා ආකාරය පිළිබඳවත් මෑත කාලයේදි විද්‍යාව තුළින් සොයාගත් බොහෝ සත්‍යයන් පිළිබඳ ශුද්ධවූ අල් කුර්ආනය කථාකරයි.
මුළු මානව සංහතියටම නිවැරදි මග පෙන්වීම සඳහා අනාවරණය කරන ලද ශුද්ධවූ අල්කුර්ආනය අවසන් විනිශ්ච දිනය තෙක් එය අනාවරණය කරන ලද සැබෑ ස්වරූපයෙන්ම ආරක්ෂා වනු ඇත.
සකස්කිරීම: අබූඅස්මා
www.yayuthumaga.com