මිනිසා විසින් වෙනස් නොකරන ලද, දෙවියන්ගෙන් පහළ වූ අකාරයටම සංරක්ෂණය කරන ලද ලොව ඇති එකම ආගමික ග්‍රන්ථය අල් කුරානයයි. අනෙක් සෑම ආගම් පුස්තකයක්ම මිනිසා විසින් වෙනස් කොට තිබේ. අල්-කුරානයේ විශේෂත්වය වන්නේ එහි ඇති අද්විතීය භාෂා ශෛලිය නිසා එවැනි ග්රන්ථයක් කිසිවෙකුට නිර්මාණය කිරීමට නොහැකි වීමයි. අල්-කුරානය පහසුවෙන් කටපාඩම් කිරීමට හැකි වීම එහි ඇති තවත් විශේෂත්වයකි. මේ නිසා ලොව පුරා සම්පුර්ණ කුරණයම කටපාඩමින් කියවිය හැකි අය මිලියනයකට වඩා දැකිය හැකිය.
කුරානය පහළ වී සියවස් 14 ක් පමණ ගෙවී ගොස් ඇතත් එය කිසිම වෙනසකට ලක් වී නොමැත. එපමණක් නොව කුරානය ලියැවී ඇති භාෂාව අදටත් ජීවමාන එකක් වන්නේය. ඒ අනුව එහි ඇති ඉගැන්වීම් ද කිසිම වෙනසකට පත්වී නොමැත. අල් කුරානය දෙවියන්ගෙන් පහළ වූ බව විශ්වාස නොකරන්නේ නම් පහත දැක්වෙන අභියෝගය ජය ගත යුතුව තිබේ.
“අපගේ ගැත්තා (වන මුහම්මද්) කෙරෙහි අප පහල කල දැය (වන අල්-කුරානය කෙරෙහි) නුඹලා සැකයෙහි සිටින්නේ නම් එවැනි පරිච්චේදයක් ගෙන එන්න. නුඹලා සත්‍යවන්තයින් නම් (මේ වෙනුවෙන්) අල්ලාහ් හැර නුඹලාගේ උදවුකරුවන්ව කැඳවාගන්න” (කුරානය 2:23).
මෙම අභියෝගය මෙතෙක් කිසිවෙකු විසින් ජය ගෙන නොමැත. තවද, අල්-කුරානයේ ඇති විද්‍යාත්මක සහ ප්රාග් ඓතිසාසික කරුණු දෙස සලකා බැලීමේදී එය දෙවියන් පහළ කල පණිවිඩයක් විය යුතු බව තවත් හොඳින් තහවුරු වන්නේය.
කුරානයේ සඳහන් පුරෝකතනයකට උදාහරණයක් වන්නේ නබිතුමාගේ පරම සතුරෙකු වූ අබුලහබ් ඔහුගේ මරණය දක්වාම ඉස්ලාම් දහම වැළඳ නොගැනීම ය. ඔහුට එරෙහිව කුරානයේ එක් සුරාවක් පහළ වී තිබීමෙන් පසු ඔහු වසර දහයකට වඩා ජිවතුන් අතර සිට ඇත. එම කාලය පුරාවට ඔහුට ඉස්ලාම් දහම වැළඳ ගැනීමට හැකි වුයේ නැත. යම් විදියකින් ඔහු ඉස්ලාම් දහම වැළඳගෙන තිබුනේ නම් කුරානය බොරුවක් වීමට ඉඩ තිබිණ. එහෙත් ඔහුට එය කල හැකි වුයේ නැත. ඒ අනුව ඔහු ඉස්ලාම් දහම වැළඳ නොගැනීම තුලින් කුරානයේ ඇති අනාවැකිය සත්‍ය එකක් බවට පත් වන්නේය.
කුරානයේ ඇති පුරෝකතනයන්ට තවත් උදාහරණයක් නම් ක්‍රි.ව. 614 දී රෝම අධිරාජ්‍යයා පසියානුවන්ගේ අතින් අන්ත පරාජයට පත්වූ පසු ඔවුන් නැවතත් ඉතා කෙටි කාලයක දී පර්සියානුවන්ව පරාජය කරන බව අල්-කුරානයේ සඳහන් කර තිබීමයි. මෙම අනාවැකිය නබිතුමා ජිවතුන් අතර සිටියදීම ඉෂ්ට වී ඇත. ඊට සම්බන්ද කුර්ආන් වැකිය පහත දැක්වේ.
“සමීපයෙහි පිහිටි භුමිය මගින් රෝම අධිරාජ්‍යය ජය ගනු ලැබිය. ඔවුහු තමන්ගේ පරාජයෙන් පසුව අවුරුදු කීපයක් තුල (පර්සියන්වරුන්ව) ජය ගන්නෝය. මෙයට පෙරද පසුද බලය අල්ලාහ්ටම අයත්වේ. එම දිනයෙහි අල්ලාහ්ගේ උදව්ව මගින් විශ්වාස වන්තයෝ ප්‍රීතියට පත් වන්නෝය. ඔහු, තමා සිතන්නන්ට උදව් කරන්නේය. ඔහු සියල්ලම අභිබවූ කෙනාය, අසම දයාවන්තයාය. (මෙය) අල්ලාහ්ගේ ප්‍රතිඥාව වේ. අල්ලාහ් තම ප්‍රතිඥාවට වෙනස්කම් නොකරන්නේය. නමුත්, මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් නොදනිති. ඔවුහු මෙලෝ ජීවිතයෙහි බාහිර දේ ගැනම දනිති. නමුත්, ඔවුහු එලොව ගැන උදාසීන වුවන් ලෙසම සිටිති”(කුරානය 30:2-7).
කුරානයේ සඳහන් පුරෝකතනයන්ට තවත් උදාහරනයක් නම් ක්‍රි.පු. 23 ට පෙර පැවති ‘ඉරම්’ නගරයයි. කුරානය මගින් එම නගරයේ නම පමණක් නොව එහි විසු ජනතව ගැනත් බොහෝ විස්තර සපයා ඇත. මෑත කාලයේදී සිදුකළ පුරාවිද්‍යා කැනීම් වලින් ඉරම් නගරය සොයාගෙන ඇත. මෙම භූවිද්‍යා කැනීම් හරහා කුරානයේ එන බොහෝ විස්තර හෙළිදරව් වී තිබේ. එය ඇමරිකාවේ පලවන නිලලත් සඟරාවක් වන “The American National Geographic Society” හි සඳහන් වේ. ක්‍රි.පු. 23 ට අයත් මෙවැනි කරුණු කුරානයේ සඳහන් කල හැකි වන්නේ කුරානය දෙවියන් ගෙන් පහළ වූ එකක් නිසාය.
ඉහත සඳහන් කල කරුණු වලට අමතරව කුරානයේ ඉතා දියුණු විද්‍යාත්මක සංකල්පයන් ඇතුලත් වන්නේය. ඉන් පෙනී යන්නේ අල්-කුරානය මිනිස් නිර්මාණයක් විය නොහැකි බවයි. උදාහරණයක් වශෙයෙන් විශ්වයේ ප්‍රසාරණය ගැන කුරානයේ සඳහන් වී තිබීම පෙන්වා දිය හැකිය. එහෙත් විද්‍යාඥයින් විශ්වය ඉතා වේගයෙන් ප්රසානරන වන බව සොයාගනු ලැබුවේ 20 වන සිය වසේදීය. එසේ නම් විද්‍යාව නොදියුණු 7 වන සියවසේදී කුරානයට එම දැනුම ලැබුනේ කෙසේද? මෙම කරුණ අපට තවත් වැදගත් වන්නේ එය මහා පිපුරුම් වාදය ඉදිරිපත් කිරීමට හේතුවක් වන නිසාය. තවද විශ්වයට ආරම්භයක් තිබෙන බව නිගමනය කරන ලද්දේද එම කරුණ මතය.
එපමණක් නොව අහස සහ පොලව එකම ප්‍රභවයක් ලෙස තිබී පසුව ඒවා වෙන් වූ බව කුරානයේ සඳහන් වේ. එසේ තිබියදී විද්‍යාඥයින් එම නිගමනයට පැමිණ ඇත්තේ 20 වන සිය වසේදීය. එසේ නම් කියැවීමට හෝ ලිවීමට නොදත් මුහම්මද් නබිතුමාට එම දැනුම ලැබුනේ කෙසේද?
තවද මිනිස් කළලයේ විවිධ අවස්ථාවන් පිළිබඳව ඉතා නිවැරදිව අල්-කුරානයේ විස්තර කොට ඇත. එහෙත් කුරානය පහළ වන අවධියේදී කළලය පිලිබඳව මනා දැනුමක් මිනිසා සතුව තිබුනේ නැත. එසේ නම් එම දැනුම කුරානය තුල අන්තර්ගත වන්නේ කුමන හේතුවක් මතද? නාරිවේදය පිලිබඳ මහාචාර්ය වරයෙකු වන කිත් එල් මුවර් කුරානයේ සඳහන් වන මෙම කරුණු දැක මවිතය පල කර තිබේ. තවද, ඔහු පවසන්නේ එම වදන් මුහම්මද් නබිතුමාගේ විය නොහැකි බවයි.
කුරානයේ මෙවැනි තවත් බොහෝ විද්‍යාත්මක සංකල්පයන් රාශියක්ම ඇත. ඒවා සෑම එකක්ම නවීන විද්‍යාව සමග එකඟ වන්නේය. මින් පැහැදිලිවන එක් ප්‍රධාන කරුණක් වන්නේ අල්-කුරානය දෙවියන් විසින් පහළ කරන ලද පණිවිඩයක් බවයි.
By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.