ඉස්ලාමීය ඒක දේවත්වය පිළිබඳ විශ්වාසයක් නොතිබූ නිසාම ඉබ්රාහිම් ධර්ම දුතයාණන්ගේ පියාව මහා කාරුණික අල්ලාහ්ගේ දඬුවමින් රැකගැනීමට එතුමාට නොහැකි වූ බව අප සියල්ලන් ම දන්නා කරුණකි.
“ඉබ්රාහීම් තම පියා වෙනුවෙන් සමාව ඇයැදි සිටීම ඔහුට කළ පොරොන්දුවක් මිස (වෙනෙකක්) නොවීය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ සතුරෙකු බව ඔහුට පැහැදිලි වූ කල්හි ඔහු එයින් ඉවත් විය. නියත වශයෙන්ම ඉබ්රාහීම් කරුණාවන්ත වූ ඉවසිලිවන්තයෙකු ය”. (අල් කුර්ආන් 9:113-114)
මුහම්මද් තුමාණන් ව දෙවිඳුන් විසින් ලොව අවසන් දිනය දක්වා වලංගු අවසන් දේව මාර්ගෝපදේශකත්වය ජනයා වෙත ඉදිරිපත් කිරීමට තෝරාගත් දිනයේ පටන් සතුරන්ගේ සියලු හිංසනයන්ගෙන් හා ඉතා දුෂ්කර අවස්ථාවන්හි එතුමාණන්ට රැකවරණය ලබා දීමට කටයුතු කළ එතුමාගේ බාප්පා කෙනෙකු වූ අබුතාලිබ් පිළිබඳ නොදන්නා අයෙකු නැති තරම් ය. ඉස්ලාම් විරෝධී මක්කාහ් නගරයේ විසු කුරෛෂ් නායකයින් මුදාහැරිය භීෂණය හා දැඩි පීඩාකාරී තත්ත්වයන් පිළිබඳ ව අබුතාලිබ් විසින් සන්නාහමය පවුරක් ලෙසින් සිට මුහම්මද් තුමාණන් ව රැක ගැනීමට කටයුතු කළ ආකාරය අති ප්රශංසනීය ක්රියාවක් බව අපි සැවොම පිළිගන්නෙමු.
අබුජහ්ල් විසින් මුහම්මද් තුමාණන් ව ඝාතනය කිරීමට තර්ජනය කළ අවස්ථාවේ බනු හාෂිම් හා බනු මුත්තලිබ් ගෝත්රයේ සියලු තරුණයින් ව රැගෙන මක්කාවේ හරම් මස්ජිදය වෙත පැමිණ අබුතාලිබ් විසින් අබුජහ්ල්ට සටනට එන ලෙස ප්රසිද්ධියේම අභියෝග කොට සිටියේය. මුහම්මද් තුමාණන්ට හා මුස්ලිම් වරුන්ට එරෙහිව කුරෛෂ් නායකයින් විසින් ආර්ථික හා සමාජ සම්බාධක පැනවූ අවස්ථාවේ අවුරුදු කිහිපයක් ම ඔවුන් ව ‘ෂාබ් ඉ අබුතාලිබ්’ නම් සානු ප්රදේශයේ සීමාකොට තබන්නට ඔවුන් කටයුතු කළහ. මෙම අති පීඩාකාරී හා අති දුෂ්කර අවස්ථාවේ මුහම්මද් තුමාණන්ගේ හා මුස්ලිම් වරුන්ගේ පැවැත්ම සඳහා බොහෝ පහසුකම් සැලසීමට කටයුතු කළේ අබුතාලිබ් විසිනි. මෙම සිදුවීම් සියල්ල අපට හඬ නගා පවසන්නේ අබුතාලිබ් විසින් මුහම්මද් තුමාණන් සමග කෙතරම් ආදරයක් හා කැපවීමක් ඇතිව කටයුතු කොට ඇති ආකාරයයි.
අබුතාලිබ් මියගිය වර්ෂය ‘ශෝක වර්ෂය’ ලෙස ද මුහම්මද් තුමාණන් විසින් පවසා සිටින ලදී. මුහම්මද් තුමාණන් සමග තිබු ඉතා සමීප ලේ ඥාතිත්වය, එතුමාගේ සියලු කටයුතු වලදී ඉතා කැපවීමෙන් එතුමාව ආරක්ෂා කර ගැනීමට දිවි හිමියෙන් හා කැපවීමෙන් කටයුතු කිරීම හා අනෙකුත් යහ ක්‍රියාවන් සියල්ල පිළිබඳ තැකීමකින් තොරව අබුතාලිබ් රැඳෙන ස්ථානය ‘අපාය’ බව අපි සැවොම දන්නෙමු. මෙම අපුරු සිදුවීම් සියල්ල අපට හඬ නගා පවසන්නේ කුමක් ද? මහා කාරුණික අල්ලාහ්ගේ අවසන් ධර්ම දුතයාණන්ට අබුතාලිබ් ව අපායෙන් බේරා ගැනීමට නොහැකි වුවා නම් වර්ෂ සීයක්, දෙසීයක් හෝ තුන්සීයක් වැනි කාලයකට පෙර ජීවත් වී මියගිය ධර්මිෂ්ඨ යහ පිරිසට සොහොන් (සියාරම්) බැඳ එතැන ජාහිලිය්යා යුගයේ වත්පිළිවෙත් ඉටු කරමින් ජාහිලිය්යා යුගයේ මුෂ්රිකීන් වරුන් මෙන් කටයුතු කරන ‘මුස්ලිම්’ නාමයෙන් තමන් ව හඳුන් වා ගන්නා පිරිස කෙතරම් වැරදි මඟක ගොස් ඇත් ද යන්න අවබෝධ කර ගැනීම දුෂ්කර නොවනු ඇත. නැවත වතාවක් ස්වර්ගයේ රන් දොරටුවේ යතුර ලෙස ඉහතින් දැක් වූ කරුණු මතක් කොට දෙන්නට කැමැත්තෙමු. මෙයින් තොරව මෙලොව හා මතුලොව ජය අපේක්ෂා කිරීම සත්‍යය වශයෙන් ම මිරිඟුවක් පස්සේ දිවගොස් මංමුලාවට පත්වීම හැර අන් කිසිවක් නොවන බව මෙයින් පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.