කිසිවක් නොමැතිව ලෝකෙට පිවිසුනෙමු.
සියල්ල වෙනුවෙන් පොර බැන්දෙමු.
කිසිවක් නොමැතිව පිටත්වෙමු.
සියල්ල වෙනුවෙන් අල්ලාහ් ඉදිරියේ විනිශ්චයට ලක්වෙමු.
යා අල්ලාහ් අපගේ අවසානය අලංකාර කරනු මැනව!
===========================================
දැනුම යනු මගහැරුනු දෙයකි එය දුටු තැනින් ලබාගන්න!
===========================================
දැනුම යනු දහමයි එය ඔබ ලබාගන්නේ කාගෙන්ද යනු හොඳින් විමසා ගන්න!
(උසස් ආගමික විද්වතුන්ගේ අගනා උපෙදස් අතුරින්).
===========================================
යා අල්ලාහ් ඔබේ දහමෙහි මාගේ සිත ස්ථීර කරනු මැනව!
===========================================
මේ සතුරාව නම් කොහෙත්ම ඔබේ මිතුරෙකු බවට පත් නොකරන්න. මන්ද ඔහු ඔබට සතුරෙකු බව තීරණය කළේ ඔබ නොවේ. සියල්ල පිළිබඳ ඥානය සතු අල්ලාහ්ය. නියම සතුරා කවුදැයි හඳුනාගන්න.
“ෂෙයිතාන් ඔබලාගේ සතුරාය. ඔහු සතුරෙකු බවට ම පත් කරගන්න. අපාගතවීමටම ඔහු තම කණ්ඩායම කැඳවයි”. (ශු අල්කුර්ආනය 35: 6).
===========================================
විශ්වාසවන්තයිනි! අල්ලාහ් අධිකව සිහි කරන්න. (ශු අල්කුර්ආනය 33: 41).
===========================================
නායකත්වයේ උසස් ගුණාංග!:
“ඔවුන් ඉවසා, අපේ වැකි ස්ථීර ලෙස විශ්වාස කළ විට අපගේ අණ පරිදි මග පෙන්වන නායකයින් බවට පත් කළෙමු”. (ශු අල්කුර්ආනය 32 24).
===========================================
“ඔවුහු මෙලොව ජීවිතයෙහි මතු පිටින් පෙනෙන දැය ම දනිති. පරලොව ගැන නොසැලකිලිමත්ව සිටිති”. (ශු අල්කුර්ආනය 30: 7).
===========================================
“අපි එය(කුර්ආනය) සත්‍යය මගින්ම පහළ කළෙමු. තවද එය සත්‍යය මගින්ම පහළවීය. (නබි මුහම්මද්! විශ්වාසවන්තයින්ට) ශුභාරංචිය දෙන්නකු ලෙසද (ප්රතික්ෂේපකයින්ට) අනතුරු අඟවන්නකු ලෙසද මිස අපි නුඹ නොඑව්වෙමු”. (ශුද්ධ වූ කුර්ආනය 17-105)
===========================================
ඉස්ලාම් යනු මස්ජිදයෙහි බිත්ති හතරට පමණක් සීමා වූ දෙයක් නොවෙයි
===========================================
මින් පසු ඔබ දුක් වීමට අවශ්‍යය නැත!
“විශ්වාසවන්තයකුට කටුවක් ඇනීම හෝ ඊට වඩා යම් පීඩාවක් ඇතිවූ විට ස්වර්ගයෙහි ඔහුගේ පදවිය උසස් කරනු ලබයි. නැතහොත් ඔහුගේ පාපයක් සමා කරනු ලබයි.” යනුවෙන් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ල්ම් තුමන් පැවසූහ. විස්තර කරන්නේ ආයිෂා රලියල්ලාහු අන්හු තුමිය මූලාශ්‍රය: මුස්ලිම් 6727).
===========================================
මෙයින් ඔබ අයත් විය යුත්තේ?
1- ඔහු මිය යෑමත් සමග ඔහුගේ සියළු යහපත් ද අවසන් විය.
2- ඔහු මිය යෑමත් සමග ඔහුගේ සියළු පාපයන් ද අවසන් විය.
3- ඔහු මිය ගිය ද ඔහුගේ පාපයන් තාමත් ජීවතුන් අතර පවති.
4- ඔහු මිය ගිය ද ඔහුගේ යහපත් තාමත් ජීවතුන් අතර පවති.