1- දිනපතා පස් වතාවක් සලාතය සඳහා ඔබව කැඳවනු ලබන විට
“හයිය අලල් ෆලාහ්” යනුවෙන් දෙරවක් පවසා ඔබ කැඳවනු ලබයි
එහි අර්ථය නම් “ජයග්‍රහණය කරා ඉක්මනින් පැමිණෙන්න”
ඔබ සොයන ජයග්‍රහණය තිබෙන්නේ කොහේදයි දැන් ඔබට පැහැදිළි ඇති.

2- පීඩනවලදී මෙසේ පවසමු: “හස්බුනල්ලාහු වනිඃමල් වකීල්” අල්ලාහ් අපට ප්‍රමාණවත්ය. ඔහු අති විශිෂ්ට භාරකරුවාය.
(ශු අල්කුර්ආනය 3: 173).

3- අසීමිත ලෙස කුලස් ලැබෙන යහපත් ක්‍රියාවන්:
1- උපවාස ශිලය. (මෙයට සාධක: බුහාරි 7492).
2- ඉවසීමෙන් සිටින ඉවසිලිවන්තයින්. (මෙයට සාධක: ශු අල්කුර්ආනය 39: 10).
3- වරද සමා කර, සමගිය ඇති කරන්නා. (මෙයට සාධක: ශු අල්කුර්ආනය 42: 40).
එනම් උපවාසය රකින්න, ඉවසීමෙන් කටයුතු කරන්න, වරද සමා කර සමගිය ඇති කරන්න, අසීමිත ලෙස කුසල් ලබාගන්න!

4- විනාඩියක් ඇතුලත කුසල් 1000 ලබා ගැනීමේ පහසු ක්‍රමය ඔබ දන්නවාද? නැතහොත් ඔබේ අකුසල් 1000 සමාව ලැබෙන පහසු ක්‍රමය ඔබ දන්නවාද? “සුබ්හානල්ලාහ්” 100 වරක් පවසන්න! (මූලාශ්‍රය: මුස්ලිම්7027).

5- බෙදී වෙන් නොවෙමු! “ඔබලා සියල්ලන්ම එක්වී අල්ලාහ්ගේ කඹය තදින් අල්ලාගන්න. වෙන් නොවන්න”. (ශු අල්කුර්අානය 3: 103). අල්ලාහ්ගේ කඹය යනු: අල්කුර්ආනය, ඉස්ලාම් දහම.

6- ස්වර්ගයෙහි දොරටු අටම ඔබ වෙනුවෙන් විවෘත විය යුතුද?
දෝවනයෙන් පසු මෙය පැවසීමට අමතක නොකරන්න!
أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُ اللَّهِ وَرَسُولُهُ
අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් අබ්දුල්ලාහි වරසූලුහු
(නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැති බවත්, මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලමු අල්ලාහ්ගේ දාසයා හා දූතවරයා බවත් සාක්ෂි දරමි). (මූාලශ්‍රය: මුස්ලිම් 576).

7- සැබෑ විශ්වාසවන්තයින් සතු උසස් ගුණාංගඃ
1- අල්ලාහ් පිළිබඳ සිහිපත් කරනු ලැබූ විට ඔවුන්ගේ සිත් තැති ගති.
2- ඔහුගේ වදන් (අල්කුර්ආනය) පාරායනය කරනු ලැබූ විට ඔවුන්ගේ විශ්වාසය වර්ධනය වෙයි.
3- අල්ලාහ් කෙරෙහි සියල්ල භාර කරති.
4- සලාතය ස්ථාපිත කරති.
5- අල්ලාහ්ගේ මාරගයෙහි වියදම් කරති.
ඔවුන්ට අල්ලාහ් අබියස ස්වර්ගයෙහි උසස් තරාතිරම්ද, පාප ක්ෂමාවද, ගෞරවනිය බොජුන්ද ඇත.
ශු අල්කුර්ආනයේ 8 වැනි පරිච්ඡේදයේ 2,3,4 වැනි වැකි කියවන්න.

8- අල්ලාහ් ඔබට කළ ඇති අපරිමිත දායාදයන් පිළිබඳ මොහොතක් සිතන්න!
”අල්ලාහ්ගේ දායාදයන් ඔබ ගණනය කළේ නම්, එය ගණනය කිරීමට ඔබට නොහැකිය, ඇත්ත වශයෙන්ම මිනිසා සාපරාධී හා කළගුණ නොදත්තෙකු වන්නේය.” (ශු කුර්ආන් 14:34).

9- “පහත්ම ක්‍රියාව ආගමෙහි නාමයෙන් නූතන දේ ඇති කිරීමයි. ආගමෙහි නාමයෙන් ඇති කරන ලද සෑම නූතන ක්‍රියාවක්ම බිද්ආ වේ. සෑම බිද්අතයක්ම නොමග යවයි. සෑම නොමග යැමක්ම නිරයට අයත් වේ” යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: ජාබිර් බින් අබ්දුල්ලාහ් රලියල්ලාහු අන්හු තුමා, මූලාශ්‍රය: නසායි 1578).

10- අබු හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දෙන ලදී.
‘මුස්ලිම්වරයකුට තවත් මුස්ලිම්වරයෙක් පිළිබඳවූ වගකිම් පහකි. එනම්
1) සලාමයට පිළිතුරු දීම
2) රෝගියාගේ සුවදුක් විමසීම.
3) ජනාසාවක් (මළ මිනිය) පිටුපස යෑම (එහි කටයුතු සියල්ල අවසන්වනතුරු).
4) සංග‍්‍රහයකට කරන ලද ආරාධනා පිළිගැනීම.
5) කිඹුහුම් ගිය අයට පිළිතුරු දීම. යැයි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසුහ.
(මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

11- නිරයට තල්ලු කරනු ලබන්නන් පසුතැවිලි වන කරුණු දෙකක් පිළිබද මෙම ශුද්ධවූ අල්කුර්ආන් පාඨයෙහි මෙසේ සදහන් වෙයි:
1- අපි ශ්‍රවණය කළා නම්,
2- අපි බුද්ධිමත්ව සිතා බැලුවේ නම්,
නිරයෙහි වැසියන් බවට පත්වන්නේ නැත.
(ශු අල්කුර්ආනය 67: 10).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *