සකස් කිරීම: බදුල්ලේ ස:දුල්ලාහ්
‘‘ඔබලාගේ කෙනෙකුගේ නිවස ඉදිරියෙන් ගඟක් ගලන්නේය. එම නිවෙස් හිමියා එම ගෙඟ් දිනපතා පස්වරක් ස්නානය කරයි නම් ඔහුගේ ශරිරයේ කුණු කිසිවක් රැඳී තිබිය හැකිදැයි වරක් නබි නායක තුමාණෝ තම සහෘදයන්ගෙන් විමසුවේය. එයට පිළිතුරු දුන් සහෘදයන් සෑම කෙනෙකුම පැවසුවේ ශරිරයේ කුණු කිසිවක් රැඳිය නොහැකි බවයි. ඉන්පසු නබිතුමා පැවසුවේ ‘‘කෙනෙකු පස්වේල් සලාකය නිසි ලෙස ඉටු කිරීමද ඒ හා සමානයි, එම සලාතය මඟින් ඔහුගේ සියළු පාපයන් අල්ලාහ්තආලා සමා කරන්නේය.’’ දැනුම් දෙන්නේ අබුහුෙරෙරා (රලි) තුමා මුලාශ‍්‍ර ග‍්‍රන්ථය සහීන් බුහා:රි 115, 505, 528
ඉහත සඳහන් රුවන් වැකිය මුඅත්තා නම් ග‍්‍රන්ථයේ එම නදිය ගැන විග‍්‍රහ ලෙස එය පවිත‍්‍රත්ව ජලය සහිත ගැඹුරු ගඟක් ලෙස විග‍්‍රහ කර ඇත.
නබි නායක තුමාණෝ තමන්ගේ දේශනයන් තුළ ඇතැම් විට උදාරහණ හා උපමා ද සහිතව දේශනා කර ඇත. මෙම රුවන් වැකියේ සලාතය මඟින් ලබා ගත හැකි එක් ප‍්‍රයෝජනයක්, එනම් තමන් කරන පාපයන් මැකෙන්නේ කෙසේදැයි විග‍්‍රහ කර ඇත.
අද මෙන් නොව, නබි නායක තුමාණෝ දේශනා කළ වකවානුව, එම ප‍්‍රදේශය ගැන මදක් සිත යොමු කරමු. එදා නිවස තුළ නාන කාමර නැත. මක්කා, මදීනා නුවර වල විශාල ගංගා හෝ ඇළ දොළ නොමැත. ජලය ඉතා වටිනා දෙයකි. යම් කෙනෙකු ස්නානය කිරිම පනිට්ටුවක් හෝ දෙකක් තරම් ජලය භාවිතා කිරිමෙන් කරන ක‍්‍රියාවකි. එම සුළු ප‍්‍රමාණයෙන් සෑහිමකට පත් විය යුතුය. ගඟක් තුළ බැස ස්නානය කිරීම යයි සිතීම ඉතා ප‍්‍රිය කරන සිහිනයක් මෙන්ය. එහෙත් තම නිවස ඉදිරියෙන් ගඟක් ගලනවා නම් එවැනි පරිසරයක ජීවත් වීමට කවුරුත් ප‍්‍රිය කරති. සුඛෝපභෝගී හෝටල් වල පිහිනුම් තටාක තිබේ. එම පිහිනුම් තටාක වල ස්නානය කරන්න, පිහිනන්න කවුරුත් ප‍්‍රිය කරති. එවැනි එක් තැන් වු ජලය මෙන් නොව මෙම හදීසයේ විග‍්‍රහයේ එන නදිය ඉතා පිවිතුරු ගලන ජලය සහිත ගැඹුරු නදියකි. පිහිනුම් තටාක වල ක්ලෝරීන් නිසා ඇඟ කසයි. මෙහි එම ප‍්‍රශ්න නොමැත. කෙනෙකු නෑම සඳහා ඈතට යා යුතු නම් ඔහු නෑමට ප‍්‍රිය කරන අවස්ථා අඩු වන්නේය. නිවස ඉදිරියෙන්ම ගඟක් ඇත් නම් කෙසේ වන්නේ ද? දිනපතා පස් වේලක් ස්නානය කිරීම නම් ශරිරයේ කුණු ටිකක්වත් තැන්පත් විය නොහැක. එසේම සලාතය කෙනෙකුගේ පව් සියල්ල ඉවත් කරන්නේය.
අප විසින් දැන හෝ නොදැන සිදුවන පව් ඉවත් කරවා ගැනීමට අල්ලාහ් ඔහුගේ කාරුණාව, දයාව නිසා බොහෝ මං විවෘත කර ඇත. ඉන් එකකි සලාතය. සලාතය සඳහා කෙනෙකු මස්ජිදය කරා පිය මං කිරීමේදී සෑම අඩියක් පාසාම පව් සමාව ලැබෙන්නේය. එමෙන්ම කෙනෙකු සලාතය සඳහා වුළු කිරීමේදිද එම ශරිර අංග වලින් සිදුවු පව්වලට සමාව ලැබෙන බව නබිතුමාණෝ පවසා ඇත. එමෙන්ම සලාතය ඉටු කිරීමට ගමන් කිරීමේදි එම මඟ දෙපස සිටින්නාවු මලක්වරු (දේව දූතවරු) මේ තැනැත්තාගේ ආත්ම අභිවෘද්ධිය පතා ප‍්‍රාර්ථනා කරන්නේය. සලාතය සමූහව ඉටු කරන විට ද, පව් සමාව ලැබීමේ අවස්ථාව වැඩි වන්නේය. ස්ත‍්‍රීන් තම නිවෙස්වල සලතය නිසි ලෙස පළමු අවස්ථාවේම ඉටු කරයි ද, එම ස්ත‍්‍රීන්ට ද උසස් වු අල්ලාහ් තම දායාදයක් සීමා නැතිව දේනනේය. ඈ නිවසේ සලාතය ඉටුකළත් මස්ජිදයේ ඉටුකරන කුසල් ලබා දී පව් සමාව දෙන්නේය.
නබිතුමාගේ එක් මිතුරෙකු අකුසල් ක‍්‍රියාවක් කළේය. එම ක‍්‍රියාව සම්බන්ධයෙන් පසුතැවිල්ලෙන් පැමිණ, ‘‘නබිතුමණි මම අහවල් වරදක් කළෙමි. ඒ සඳහා වු දඬුවම ලබා ගැනීමට පැමිණයෙමි.’’ යයි අනෙක් මිතුරන් ඉදිරියේ පැවසුවේය. එයට නබිතුමා නිශ්ශබ්දව සිටියේය. සලාතයේ වේලාව ද පැමිණියේය. නබිතුමා සලාතය ඉටුකළ විගස, එම මිතුරාම නැවත නබිතුමා ඉදිරියට පැමිණ පෙර සේම තම වරද ගැන පාපොච්චාරණය කළේය. එයට නබිතුමා ‘‘ඔබ අප සමඟ මේ සලාතය ඉටු කළේදැයි’’ විමසුවේය. එයට ‘‘ඔව්’’ යැයි හෙතෙම පිළිතුරු දුන්නේය. ‘‘එසේ නම් අල්ලාහ් ඔබ කළ වරදට සමාව දී ඇත’’ යැයි නබිතුමාණෝ පවසා ශුද්ධවූ අල්කුර්ආනයේ 11: 114 වගන්තිය පරායනය කළේය.
එනම්, ‘‘දිවා කාලයේ අන්ත දෙකෙහි හා රාත‍්‍රියේ කොටස් වල සලාතය ස්ථාපිත කරනු නිශ්චය වශයෙන්ම යහපත් කුසල්, අකුසල් මකා දමන්නේය.
‘‘යහපත් කුසල් අකුසල් මකා දමන්නේය’‘ යන වැකියට සවන්දුන් එම මිතුරා ‘‘නබිතුමණි මෙම වාසනාව මට පමණදැයි’’ විමසු විට ‘‘මෙම වාසානාව මුළු මහත් මනුෂ්‍ය සමාජයටම වේ’’ යැයි නබි (සල්) තුමා පැවසුවේය. (මුලාශ‍්‍රය : තිර්මිදි).
මෙම පුවතට අනුව ‘‘ඔබ අප සමඟ සලාතය ඉටුකළේ ද, යනු විමසීමෙන් පිළිඹිබු වන්නේ අකුසල් මැකී යෑමට සමූහ සලාතය කොතරම් වැදගත් ද යන්නයි. ඒ වගේම දැනුවත්ව කරන පාපයන් සඳහා කෙනෙකු පසුතැවිලි වීමද අනිවාර්්‍ය බවයි.
මෙම පුවත වරදවා තේරුම් ගෙන අපි සලාතය නිසි ලෙස ඉටු කරන බැවින් කුමන පාපයන් කළත් අල්ලාහ් අපට සමාව පිරිනමයි යනු සිතා අඛණ්ඩව වැරදි ක‍්‍රියාවල යෙදීමට කොහෙත්ම ඉස්ලාම් අවසර නොදෙයි.
එමෙන්ම කෙනෙකු තවත් කෙනෙකුගේ අයිතිවාසිකම්, කෙනෙකුගේ ගරුත්වය කෙලෙසීම, කෙනෙකුගේ දේපල අයුතු ලෙස ලබා ගැනීම වැනි පාප ක‍්‍රියාවන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව ලැබීම සඳහා ඒ ක‍්‍රියාව මඟින් පීඩනයට හෝ පාඩුවට භාජනය වු කෙනාගේ සමාව ලබා ගැනීම අනිවාර්්‍යය.
යහපත් කි‍්‍රයාවන් තුළින් සමාව ලැබෙන්නේ සුළු පාපයන්ට පමණි, මහත් පාපයන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයදිය යුතුය.
ඒ වගේම අල්ලාහ් අල්කුර්ආනයේ මෙසේ සඳහන් කරන්නේය. ‘‘නිශ්චය වශයෙන් සලාතය කෙනෙකු අවීනීත ක‍්‍රියාවලින් හා නරක ක‍්‍රියාවලින් වළක්වන්නේය.’’ එසේ නම් අපි ඉටු කරන සලාතයන් වැරදි කි‍්‍රයාවලින් අපව මුළුමනින්ම වළක්වාලීමට තරම් බලවත් විය යුතුය. අල්ලාහ් සමග අඛණ්ඩ සම්බන්ධතාවයක් සලාතය තුළින් ගොඩනැගෙයි, අල්ලාහ් තමන්ව නිරීක්‍ෂණය කරන බව ඔහු විශ්වාස කරයි. පස් වේල සලාතය ඉටු කිරීම තුළින් අල්ලාහ් සමගවූ සම්බන්ධයට නැවුම් බවක් ලැබෙයි. ඒ පිවිතුරු සම්බන්ධතාවය තුළ ඔහු අවංක නම් වැරදි ක‍්‍රියාවලින් සම්පූර්ණයෙන් ඔහු ඈත් වී ජීවත් වෙයි.
”මා මෙනෙහි කිරිම උදෙසා සලාතය ස්ථාපිත කරනු” (ශුද්ධවූ අල්කුර්ආන් 20:14).
සලාතය කෙනෙකු ඉටු නොකර එය මගහැරීම ද විශාල අකුසල් කාර්යයකි. සලාතය තමන් වෙත අනීවාර්්‍යය නොවන කාර්්‍යයක් බව සිතා කෙනෙකු එය ඉටු කළද ඔහු ඉස්ලාම් දහමෙන් පිටමංවුවෙකු වේ. එවැනි තත්ත්වයකම මරණයට පත් වු තැනැත්තාට මරණින් මතු ජීවිතයේ කිසිම සහනයක් හෝ සැනසුමක් නැත. ඔහුගේ අවසාන නවාතැන නරකාදිය වේ.
එමනිසා උසස් වු අල්ලාහ්ගේ තෘප්තිය ලත් යහපත් මුස්ලිම්වරුන් ලෙස ජීවත් වීමට අපි සලාතය නිසි ලෙස ස්ථාපිත කරමු.
යා අල්ලාහ් යහපත් මුස්ලිම්වරු ලෙස ජීවත් වීමට අපට අවස්ථාව සලස්වා යහ මඟ පෙන්වනු මැන.
‘‘යහපත් කුසල් අකුසල් මකා දමන්නේය’‘ යන වැකියට සවන්දුන් එම මිතුරා ‘‘නබිතුමණි මෙම වාසනාව මට පමණදැයි’’ විමසු විට ‘‘මෙම වාසානාව මුළු මහත් මනුෂ්‍ය සමාජයටම වේ’’ යැයි නබි (සල්) තුමා පැවසුවේය. (මුලාශ‍්‍රය : තිර්මිදි)
———————————————————————————————————–
එහෙනම් ඔයාලට පව් කරලා සලාතය ඉටු කරාම හරි? ඔයාල හරි වසනවන්තයිනේ. කාගෙද මේ logic? ඔයාල හදාගතපුවද?
මේවගේ රුවන් වැකි නිසා සලාතයටත් සකත් එකටත් මුවාවෙල පවු කරන අමන මුස්ලිම්වරු මට මුණගැහිලා තියනවා. කරුණාකරලා ඒගොල්ලන්ව දැනුවත් කරන්න. නැත්නම් හෑල්ලු වෙන්නේ ඉස්ලාමයමයි.
මොකද මම මේක කියන්නේ, මම මුස්ලිම් වෙන්න කලින් ඒවගේ අමනයන්ගේ කෙනෙහිලිකම් වලට ලක් උනා. මොන වරද කලත් සලාතය ඉටු කරලා ඇවිල්ල උන් සතුටෙන් ඉන්නවා. එතකොට අර බැටකාපු මිනිහ නේද පවු වෙන්නේ?
ලෝකෙම ඉස්ලාමයට විරුද්ද වෙන්නේ මේවගේ අමනයෝ නිසා, මෙවැනි අමනයෝ නැත්නම්, මම හිතන්නේ islam මේ වෙනකොට මීට වඩා ව්‍යාප්ත වෙල .