අලි ඉබ්නු අබී තාලිබ් (රලි) විස්තර කරයි: —ඔබ සැකයට තුඩු දෙන දෙයින් ඈත් වී, සැකයෙන් තොරවූ දේ පමණක් පිහිටා සිටින්න. සත්‍ය යනු අධ්‍යාත්මිකව සැනසීමත්, අසත්‍ය යනු අධ්‍යාත්මිකව ව්‍යාකුලතාවයත් ඇති කරයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: තිර්මිදි).
නබි (සල්) තුමන් සත්‍ය යන ගුණාංගය පැහැදිළි කිරීම සඳහා විවිධ ප්‍රකාශයන් කළහ. ඒ අතුරින් එක් ප්‍රකාශයක් සත්‍ය යනු කුමක්ද? යැයි දැන ගැනීම සඳහා අපි මෙහි විස්තර කරමු.
මිනිසෙකු කුමන කි්‍රයාවක් කරන විටත් ඔහුගේ සිතෙහි යම් කිසි දෙගිඩියාවක් දැනෙන්නේ නම් එම කි්‍රයාව පිළිබඳ ඔහු අවදනාම් විය යුතුයි. කුමන කි්‍රයාවන් කරන විට ඔහුට අධ්‍යාත්මිකව සැනසීමක් ලැඛෙයිද එයයි සත්‍ය යනු ඉහත සඳහන් නබි (සල්) තුමන්ගේ ප්‍රකාශය තහවුරු කරයි.
වෙනත් වාර්තාවක —ජනයාගේ විනිශ්චය කෙසේ වූවත්˜ (මූලාශ්‍රයන්: අහ්මද්, දාරමි).
කෙනෙකු යම් ක්‍රියාවක් කරන විට අධ්‍යාත්මික අසහනයක් දකී, ඔහු එම අසහනකාරි තත්ත්වයෙන් මිදීම සඳහාත් ජනයාගේ යහපත් ප්‍රතිචාරය උදෙසාත් එය ජනයා ඉදිරියේ තබයි. එසේ ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුනු විට ඔහු එය කිරීමට උත්සහ කරයි. නමුත් මෙම නබි වදන එසේ කටයුතු නොකරන ලෙස පවසයි. ඒ වෙනුවට එම කි්‍රයාවෙහි විනිශ්චය තම සිතින්ම විමසන ලෙස මෙම නබි වදන පැහැදිළි කරයි. තම කි්‍රයාවන් පිළිබඳ නිවැරදිව විනිශ්චය කිරීම සඳහා ඔහුට සිතක් ඇත. ප්‍රථමයෙන් එම සිතයි ඔහුගේ කි්‍රයාවන් යහපත්ද? අයහපත්ද? යනු විනිශ්චය කරන්නේ.
ධර්මය කළ ඉතා මහඟ= කර්තව්‍ය නම් ඔහු තුළ සිතක් ඇති කිරීමයි. ඔහු තම සිතට එකඟව ජීවත්විය යුතුයි. කෙනෙකු තම සිත ආගමික ඉගැන්වීම් වලට අනූකුලව පවත්වාගන්නේ නම්, ඔහුගේ ජීවිතයෙහි කුමන දේ හරි, කුමන දේ වැරදි, මෙය කෙරතම් දුරට අනුමත වේ, මෙය කෙතරම් දුරට තහනම් වේ ආදී සීමාවන් ඔහුගේ හිත ඔහුට පහදා දීමට පටන්ගනි. මෙවැනි තත්ත්වයක් තුළ ඔහුගේ හිත ඔහුගේ කි්‍රයාවන් පිළිබඳ නිවැරදි විනිශ්චයක් ලබාදෙයි.
එනමුත් මිනිසා තම හිතට විරුද්ධව කටයුතු කිරීමට වෙරදරයි. එයට ලෞකීක අලංකාරයන්, නැතහොත් පහත් ආශාවන්ගේ බලය හේතු විය හැක. දහම වැරදි කි්‍රයාවක් සේ දකින දේ ඔහු තම දෛනික ජීවිතය තුළ නිවැරදි ලෙස දකින්නට උත්සහ කරයි. එවිට දහම හා ඔහුගේ දෛනික ජීවිතය අතර සටනක් ඇරඹෙයි. මෙය ඔහු හා ඔහුගේ සිත අතර පවතින සටනකි. මෙම සටනෙහි ඔහු සැනසෙයි නම් ඔහු තම දහමට විශ්වාසනීය පුද්ගලයකු වේ. ඒ වෙනුවට අසහනය පීඩනය හිත තුළ රජ කළ ඊටත් ඉහළින් එම කි්‍රයාව ඔහු කරයි නම් ඔහු තම ධර්මයට එක් මුහුණක් හා තම ජීවිතයට එක් මුහුණක් පෙන්වා ව්‍යාජ ලෙස කටයුතු කරයි. එවිටයි ඔහු තුළ බොරුව රජ කර, සත්‍ය ඔහුගෙන් පිටවෙන්නේ. ධර්මය අපට කුමන දේ සත්‍ය යනුවෙන් පහදා දෙයිද ඒ අනූව අපි කටයුතු කළ යුතුයි. ඇත්ත කථා කිරීම පමණක් සත්‍ය නොවේ. ඒ වෙනුවට සත්‍යට ඉතා පුළුල් අර්ථයක් ඇත. එයයි මෙම නබි වදන පැහැදිළි කරන්නේ.
මිනිසෙකුගේ ජීවිතය තුළ විශේෂයෙන් අල්ලාහ්ට පමණක් අවනතවී ජීවත් වන බව පොරොන්දු වූ මුස්ලිමෙකුගේ ජීවිතය තුල සත්‍ය නම් ගුණාංගය අනිවාර්ේයන් රජ කළ යුතුය.
වරක් නබි (සල්) තුමන්ගෙන් විමසන ලදි: —මුස්ලිමෙකු මසුරු විය හැකිද? අධෛර්්‍යය විය හැකිද? එයට එතුමන් එසේ විය හැක යැයි පිළිගත්හ. යළි එතුමන්ගෙන් එක් විශ්වාසවන්තයෙකු බොරු කිව හැකිද? යනු විමසන ලදි එයට එතුමන් විශ්වාසවන්තයෙකු බොරු කිව නොහැකිය යනුවෙන් පිළිතුරු දුන්හ˜ (මූලාශ්‍රය: මුවත්තා මාලික්).
සමහර පාපයන් බල කිරීම නිසා මුස්ලිමෙකු මගින් සිදුවිය හැක. නමුත් ඔහු මොනම අවස්ථාවක හෝ බොරු කිව නොහැක. මන්ද ඔහු තම සිතට විරුද්ධව ජීවත් විය නොහැක. එසේ ජීවිත්වීම කුහකත්වය ඔහු තුළ රජ කිරීමක් වේ.
—කව්රුන් සතුව පහත සඳහන් සිව්වැදෑරුම් ගුණාංග පවතීද ඔහු සැබෑ කුහකයකි, මින් එකක් හෝ ඔහු සතුවූවත් කුහකත්වයෙහි ගුණාංගයක් ඔහු සමග පවති. විශ්වාස භංගත්වය (විශ්වාස කළ විට එයට පිටුපෑම). කථා කළ විට බොරු කථා කරයි. (අසත්‍ය දේ ඔහුගේ මුවින් නිරතුරුවම පිටවෙයි). පොරොන්දු දුන් විට එය කඩ කරයි. තර්ක කළ විට විතර්කයෙහි යෙදෙයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි).
මෙම නබි වදනෙහි සඳහන් කරුණක් නම්: —කථා කළ විට බොරු කථා කරයි˜. (නිරතුරුව ඔහුගේ මුවින් මුසාව පිටවෙයි). ඔහු තම සිත තුළ පවතින දේට විරුද්ධව භාහිර ජීවිතයෙහි කටයුතු කරයි. එම ගුණාංගය හා විශ්වාසය අතර කිසිදු සම්බන්ධයක් නැත. විශ්වාසයෙන් යුත් පුද්ගලයෙකු තම විශ්වාසයෙහි පවතින දුර්වලකම නිසා වරදක් කළ හැක. නමුත් ඔහුව එම වැරදි ක්‍රියාවෙන් මුදවා අල්ලාහ් ඉදිරියට ඔහු රැගෙන ගොස්, නීතියෙන් පනවා ඇති ද~ුවම් ලැබීමට සලස්සන්නේ කුමක්ද? සැබවින්ම සත්‍ය නම් උසස් ගුණාංගය හැර වෙන කිසිවක් නැතæ එම සත්‍ය නැත්නම් ඔහු නිවැරදි මගට යළි හැරෙන්නේ නැත. එබැවින් සත්‍ය නම් ගුණාංගය මිනිසා නිවැරදි මාර්ගයෙහි සිටීමට ඉතා අවශ්‍ය කරුණකි. එය විශ්වාසයෙහි මූලික ගුණාංගයක් වශයෙන්ද අල්කුර්ආනය විස්තර කරයි. ශ=ද්ධවූ අල්කුර්ආනය මගින් අල්ලාහ් විශ්වාසවන්තයින්ට මෙසේ අණකර සිටි.
—විශ්වාසවන්තයිනිæ අල්ලාහ්ට බියවනුæ තවද සත්‍යවන්තයින් සමග එක්ව සිටිනු˜æ (ශ= අල්කුර්ආනය 9: 119).
බොරු කාරයින් සමග ඔබ ආශ්‍රය නොකර යුතුයි. ඔවුන් සමග ආශ්‍රය කිරීමෙන් හෝ එම නීච ගුණාංගය ඔබට නොවැළඳිය යුතුයි. සත්‍ය වන්තයින් සමග ආශ්‍රය කරන්න, මන්ද කෙනෙකු තුළ සත්‍ය නම් ගුණාංගය පිහිටි තිඛෙන විට වෙනත් සියළු උසස් ගුණාංගයන් ඔහු තුළ පවතිනවාට කිසිදු සැකයක් නැත. එය එම මිනිසා කෙරෙහි ආකර්ශනීය භාවයක් ඇති කරයි. එම මිනිසාගේ සෑම කි්‍රයාවක්ම අවදානය කිරීමට අප දිරිගන්වයි. ඔහු ආශ්‍රය කිරීමටත් එය මග විවර කරය.ි නමුත් මුසාවත් සමග ජීවත්වන්නන් සමග ආශ්‍රය පවත්වන විට එම පහත් ගුණාංගයන් අපවත් ආක්‍රමණය කරනු ඇත. එබැවිනුයි —විශ්වාසවන්තයිනිæ අල්ලාහ්ට බියවනුæ තවද සත්‍යවන්තයින් සමග එක්ව සිටිනු˜æ (ශ= අල්කුර්ආනය 9: 119). යනුවෙන් අල්ලාහ් උපදෙස් කරන්නේ.
සත්‍ය යන ගුණාංගය මුළුමනින් අපි අවබෝධ කරගන්නේ නම්, එය අප සිතත් සමග සාමකාමීව, කිසිදු දෙගිඩියාවකින් තොර, අසහනකාරි මානසිකත්වයකින් තොර ජීවත් වීම යනු කිව හැක. සත්‍ය නම් ගුණාංගයත් සමග කෙනෙකු ජීවත් වීමට මෙයයි අර්ථය. අප සිතට විරුද්ධව අපි කටයුතු නොකළ යුතුයි. සිතත් සමග සටන් කාමි තත්ත්වයක් ඇති කර එයට එරෙහිව කටයුතු නොකර යුතුයි. අපි සෑම අවස්ථාවකම අප සිතත් සමග සිටිය යුතුයි. තම සිතත් සමග සාමකාමීව සිටිය යුතුයි. මිනිසෙකු සෑම අවස්ථාවේදීම තමන්ට සමීපව තබා ගන්නේ තමන්ගේ සිතයි. එම සිතත් සමග ජීවත් වීමට සමහරුන්ට අසීරු වෙයි. ඔවුන් කව්රුන්දැයි ඔබට දන්නවාද?
ඔවුන්ගේ සිත් තුළ විවිධ අර්බුදයන් ඇත. එම අර්බුදයන් ඔවුන් විසින්ම මතු කරගන්නා ලදි. ගනු දෙනු තුළින් විවිධ ප්‍රායෝගික ප්‍රශ්න මතු කරගනිති. විශ්වාසය පලූදුවන ආකාරයට ඔවුන් කටයුතු කරති. පොරොන්දු දී එය කඩකර විවිධ ප්‍රශ්න මතු කරගනිති. යමක් ලබාගන්නා විට එය යළි ලබාදීමේ අරමුණකින් තොර ලබාගනිමින් ප්‍රශ්න මතු කර ගනිති. යමක් ලබාගන්නා විට එය යළි ලබා දීමේ කිසිදු අදහසක් ඔවුන් තුළ නැත.
මෙසේ දෛනික ජීවිතයෙහි විවිධ අවස්ථාවන්හි සිතට විරුද්ධව කටයුතු කරමින් අර්බුද මතු කරගනිති. මෙවැනි විවිධ අසහනකාරි තත්ත්වයන් මැද්දේ මිනිසා තම සිතත් සමග තනිව සිටින විට ඔහුට මහත් පීඩනයක් ඇති වෙයි. එවැනි තත්ත්වයක් තුළ ඔහු තමන්ව අමතක කිරීමට උත්සහ කරයි. තමන් සමග සිටින තම සිත ඔහුට පාලනය කිරීමට නොහැකි වෙයි. මෙම තත්ත්වය අමතක කිරීම සඳහා රූපවාහිනි යන්ත්‍රය, ගුවන් විදුලිය, නැතහොත් මිත්‍රයෙකුගෙ පිහිට ඔහු සොයන්න පටන් ගනි. නැතහොත් සුරා සැල්, රාති්‍ර සමාජ ශාලා, මත් ද්‍රව්‍ය, මත් පැන්හි පිහිට සොයා තමන් අමතක කිරීමට වෙර දරයි. මන්ද ඔහුට තම සිත සමග තනිව ජීවත් වීමට නොහැක. මෙසේ ඔහු තුළ ඔහු මහත් අර්බුදයක් මතු කරගෙන ඇත.
මෙවැනි ඛේදනීය තත්ත්වයකට මිනිසාට මුහුණ දීමට සිදුවූයේ ඔහු තම සිතට විරුද්ධ ජීවිතයක් ගත කිරීමට පටන් ගැනීමයි. ඔහුගේ සිත මුළුමනින් වනසා එයට විරුද්ධව ජීවත් වීම පහසු කාර්්‍යයක් නොවේ. මන්ද සෑම මොහොතකම, සෑම නිමේෂයකම ඔහුත් සමග ජීවත් වන ඔහුගේ සිතට විරුද්ධව කටයුතු කරන විට යහපත් ජීවිතයක් ගත කිරීම යනු මුලාවක් පමණි.
ඉස්ලාම් දහම මිනිසෙකුට ලබාදෙන මහඟ= දායාදයක් නම් අධ්‍යාත්මික සැනසීමයි. මෙම සැනසීමට සාපේකෂව වෙනත් කිසිදු සම්පතක් මෙම විශ්වයෙහි නොමැත. ජීවිතයෙහි සැනසීමක් නැත්නම් ඇයි මෙම ජීවිතය? යනු දුක් සුසුම් හෙළන බොහෝ අය අපි දකිමු. අධ්‍යාත්මික සැනසීම සඳහා ඉස්ලාම් පෙන්වන මග කෙතරම් අපූරුදæ
සකස් කිරීම: අබූ අස්මා
www.yayuthumaga.com