1- මෙයද දානයකි:
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප‍්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) විසින් දැනුම් දෙන ලදී. ”සෑම මුස්ලිම්වරයකු කෙරෙහි සදකාව (දන්දීම) අනිවාර්ය වේ.’ එවිට ඔහු (අබූ මූසා) ‘දන්දීම සඳහා ඔහුට වත්කමක් නැත්නම් (ඔහු ගැන) ඔබ කුමක් අදහස් කරන්නේද?’ැයි ඇසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ‘ඔහු තම දෑතින් වැඩකර එයින් තමාටත් ඵල ප‍්‍රයෝජන ලබා ගෙන, අනුන්ටද දන් දිය යුතුයි.’ යැයි කීහ. ‘එසේ කිරීමටත් අපහසු නම් ’යැයි ඇසීය. එවිට ‘නැති බැරි සහ දුගී අයට සහාය දිය යුතුයි.’ යනුවෙන් පිළිතුරු දුන්හ. ‘එයටත් අපොහොසත් වී නම් නැවත විමසීය. ‘යහපත් දේ කෙරෙහි අනුන්ට උපදෙස් දෙයි.’ ‘එයද ඔහු විසින් කිරීමට නොහැකි නම්’ යැයි ඔහු ඇසූ විට ‘අයහපත් දේ කිරීමෙන් තමන් වැළකී සිටීම නියතවශයෙන්ම එය (සදකාවක්) දානයක් වන්නේ යැයි කීහ. (ග්‍රන්ථ: බුහාරි මුස්ලිම්)

2- ස්වර්ගයට ඔබව ඇතුල් කරවන යහපත් ක්‍රියාවන්:
අබු අයියූබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වන ලදී. ”ස්වර්ගයට මාව ඇතුල් කරවන ක‍්‍රියාව කුමක් දැ?යි මට කියා දෙනු මැනවි’ යැයි කෙනෙක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසීය.
”ඔබ අල්ලාහ්ව නමදින්න, ඔහුට කිසිවක් සම නොකරන්න, පස්වේල සලාතයේ ඉටු කරන්න, සකාත් දෙන්න, නෑදෑයින්ට සලකන්න, මේ තුළින් (ඔබ) ස්වර්ගයට යන්නෙහියැ”යි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පිළිතුරු දුන්හ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
3- කුසපත් ඇදීමෙන් අන් අයට අවස්ථාව දෙන යහපත් ක්‍රියාවන් කුමක්ද?:
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: ‘අදාන් පැවසීමෙහි ඇති පිණ හා ඉදිරි පෙළේ සිටිමින් (ජමාඅත් වශයෙන් සලාත් කිරීමෙහි) ඇති පිණද ජනතාව දන්නෙහු නම් ඒ සඳහා ඔවුන් තරඟ කරනු ඇත. (එවිට) කවුරුන් හට (එම අවස්ථාව) ලබා දෙන්නේදැයි නිර්නය කිරීමට කුසපත් ඇදීමට පවා සිදුවනු ඇත. එසේ තීරනය කළද එයට වුවත් ඔවුන් සැරසෙනු ඇත. සලාතය එයට නියමිත වෙලාවන්හිදී ඉටු කිරීමෙහි ඇති පිණ ඔවුන් දන්නෙහු නම් එයටද ඔවුන් දිව එනු ඇත. සුබහ් සලාතය හා ඉෂා (අතමා) සලාතයෙහි ඇති පිණ ඔවුන් දන්නෙහු නම් බඩගාගෙන හෝ එනු ඇති අතර සාමුහික සලාතයටද පැමිණ සහභාගී වනු ඇත”. මෙය අබූ-හුරෙයිරා (රළි) තුමා දැනුම් දෙන්නේය. මූලාශ්‍රය: බුහාරි
4- ඔබේ පිය සටහන්:
ජාබිර් (රළියල්ලාහු අන්හු) විසින් වාර්තා කරන ලදී. (මදීනාවේ ජීවත්වූ) බනු සලිමා ගෝත‍්‍රිකයින් තම නිවෙස් මස්ජිදුන් නබවි අසලින් තනාගැනීමට අදහස් කළෝය. මෙම පුවත ආරංචිවූ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) බනු සලිමා ගෝත‍්‍රිකයින් අමතා ”නුඹලා නුඹලාගේ නිවෙස් මස්ජිදය අසලින් තනා ගැනීමට අදහස් කරන්නෙහු යැයි මට ආරංචි විය. (එය එසේදැයි විමසූහ.) එවිට ඔවූහු ‘ඔව් අල්ලාහ්ගේ දූතයාණනි, අපි එසේ අදහස් කළෙමු’යි පිළිතුරු දුන්නෝය. ඒ ඇසූ එතුමා ”බනූ සලිමා ගෝත‍්‍රිකයිනි, නුඹලාගේ නිවෙස් පිහිටි ස්ථානයේම තිබෙන්න හරින්න (සලාතය සදහා) නුඹලා තබන සෑම පියවරකටම පිනක් සටහන් වන්නේය. නුඹලා තබන සෑම පියවරකටම පිනක් සටහන් වන්නේය. යැයි (දෙවරක්ම) පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්)
තවත් ප‍්‍රකාශයක ‘(මස්ජිදය කරා) තබන්නාවූ සෑම පියවරක් සදහාම උසස් තත්තවයක් හිමිවන්නේය.’(මුස්ලිම්) ඉමාම් අනස් (රළියල්ලාහු අන්හු) තුමාගේ වාර්තාවකට අනුව ඉමාම් බුහාරි විසින්ද මේ අයුරින්ම වාර්තා කර ඇත.
www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *