සකස්කිරීම, ඉබ්නු මන්සූර්

“සත්ව ඝාතනාදී අකුසල කර්ම පථයන් කළා වු සත්වයන්ට ප්‍රති සන්ධිය ලබාදෙන නිරය සංජිවයයි. මේ නිරය මහ පොළොවෙහි සිට යොදුන්  75000 ක් යටින් පිහිටියේය. (කර්මය හා විපාකය – අභිධර්ම විශාරද ලසන්ත රත්න ගොඩ- 19 වැනි පිටුව)”

“කාම ධාතුවේ යට සිමාව අවීචිමහා නරකය සැටියටත් උඩසීමාව පරනිර්මිත වසවර්ති දිව්‍යලෝකය සැටියටත් දක්වා තිබිමෙන්  පෙනෙන්නේ නරකයන් මිනිස් ලොවින් යට තිබෙන ඒවා බවය. බෞද්ධාචාර්වරයන් විසින් පිළිගන්නේත් නරකයන් මිනිස් ලොවින් යට පොළොව තුළ ඇති සැටියටය. ලෝ තතු විස්තර කරන බෞද්ධ ග්‍රන්ථවල සංජිවාදි නරකයන් එකිනෙකට යටින් පොළොව තුළ පිහිටා ඇති බව දක්වා තිබේ”. (“ධර්ම විනිශ්චය” – මහාචාර්ය රේරුකානේ චන්ද්‍රවිමල මහා නාහිමි 171 වැනි පිටුව)

පොළොව යට යොදුන් 75000ක් යන්න පළමුව විමසා බලමු. යොදුනකට ගව් හතරක් ඇති බවත් ගව්වකට සැතපුම් 4ක් ඇති බවත් දැක්වේ.

ගව් 4              =          යොදුන් 1

ගව් 1              =          සැතපුම් 4

සැතපුම් 16      =          යොදුන් 1

යොදුන් 75000   =         සැතපුම් 1,200,000

මේ අනුව පෙනියන්නේ සංජිවය නමැති නරකය පිහිටා ඇත්තේ පොළොව යට සැතපුම් දොළොස් ලක්ෂයක් ගැඹුරිනි. නමුත් නුතන විද්‍යාත්මක දත්ත අනුව පොළොව යට සැතපුම් 8000ක් ගිය විට නැවතත් අනිත් පැත්තෙන් පොළොව මතුපිටට එන්නට හැකි වෙනවා. මෙයින්ම ඔවුන් පවසන අපාය මිත්‍යා සංකල්පයක් යන නිගමනයට එන්නට අප මිනිසාට උපකාර කරනවා නොවේද? විද්‍යාත්මක  සොයා ගැනිම් අනුව ඉහත විග්‍රහ කර ඇති ආකාරයේ අපායක් නිශ්චිත ගැඹුරක පොළොව යට පිහිටා නොමැති බව  අප හොඳින් දන්නා කාරණයකි. මරණින් මතු විපාක විදින්නට සිදුවන බව නිශ්චිතව විශ්වාස කරන්නා දුරාචාරයෙන් හා අපරාධයන්ගෙන් වැළකි සිටිමට ප්‍රයන්තයක යෙදීම යථාර්ථයකි. නමුත් මරණින් මතු ජිවිතය ඇති බව පවසන දහම්  විසින්ම එය මිත්‍යාවක් හා අවිද්‍යාත්මක එකක් බවට පත්කොට තිබේ නම් වින්දනය හා තෘප්තිය සොයන මිනිසා තිරිංග නොමැතිව දුරාචාරයට හා අපරාධයන්ට යොමු විම වැළැක්විය හැකි කරුණක් නොවේ. අනිත් අතින් තම මරණින් පසු උපදින්නේ තමාම නොවන බවත් තමන්ගේ කුසල් හා අකුසල් හි විපාක විදින පුද්ගලයා තමා නොවන බවත් දහමකින් උගන්වන්නේ නම් එය කෙසේ නම් මිනිසාගේ මිහිතලය මත වු ජිවිතයේදි ඔහුව සදාචාර සම්පන්න යහ අයෙකු බවට පත්කර වන්නට උපකාරි වන්නේ දැයි විමසන්නට කැමැත්තෙමු. තමාගේ සියල්ල අනිත්‍ය බවත්  තම මරණින් පසු සිදුවන්නේ  අනිත්‍ය වු තමා විනාශ වි ගොස් තමන්ගේ යහ හා අයහ ක්‍රියාවන්ගේ විපාක විඳින සහමුලින්ම වෙන අයෙකු බිහි විම පමණක් යැයි උගන්වන විට අප ඇදි යන්නේ කුමන දිසාවකටද? තම මරණින් පසු උපදින්නේ තමාම නොවේ නම් වින්දනය හා තෘප්තිය සොයන මිනිසාට තම සිතේ උපදින සියළු ආසාවන්ට වහල් වි සිමාවකින් තොරව දුරාචාරය පසුපස දුව යන්නට දිරිදිමක් මෙයින් සිදුවෙනවා නොවේද?

…….සයංකතවාදය නමින් ආදි බෞද්ධ දර්ශනයේ දැක්වෙන්නේ මේ හේතුවාදයයි. බුදුහු මෙය ප්‍රතික්ෂේප කළහ. එම හේතුඵල විවරණය කර්මයට සම්බන්ධ කළහොත් කරන්නාම විපාක විඳිය යතුය. (යො කරොති සො පටිසංවෙදෙති) යන නිගමනය ලැබේ. ඵ් මගින් ශාස්වත දෘෂ්ටිය ඇතිවේ. දිගින් දිගට පවත්නා ආත්මයක් පිළිගැන්මක් ඇතිවන හෙයිනි.” (“ආදි බෞද්ධ දර්ශනයේ මූලධර්ම” – ආචාර්ය දෙල්දූවේ ඤාණසුමන හිමි – 40 පිටුව).

ඉහත විස්තරය අනුව කරන්නාම විපාක විඳිම බුදුහු ප්‍රතික්ෂේප කොටඇත. මෙය සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීම සදහා මිනිසාව කෙසේ නම් දිරිගන්වයිද?

 “මිනිසෙකු මැරි දෙවියෙක්ව උපන්නේ යැයි කියන කල්හි මනුෂ්‍ය ශරිරයෙන් කිසිවක් නොගොස් දෙව් ලොව උපන් දෙවියා ඒ මිනිසාමද? නැතහොත් අනෙකෙක්ද? යනු මෙහිදි  නැගිය හැකි  ප්‍රශ්නයකි. මිනිසාගේ ශරිරයෙන් පැමිණි  කිසිවක් ඒ දෙවියාගේ සන්තානයෙහි නැති බැවින් දෙවියා මිනිසාද නොවේ. දෙවියාගේ ශරිරය ඇසුරු කරමින් පවත්නේ මිනිසාගේ ශරිරය ඇසුරු කරමින් පෙර පැවැති සිත් පරම්පරාවම බැවින් දෙවියා ඒ මිනිසාගෙන් අනෙකක්ද නොවේ.(පටිච්ච සමුප්පාද විවරණය-මහාචාර්ය රේරුකානේ චන්ද්‍රවිමල මහා නාහිමි 43 පිටුව)”

ඉහත විග්‍රහය ඉතා පැහැදිලිය. තමා මිය ගොස් උපදින නව සත්ත්වයාට තමන්ගේ ලැබෙන්නේ තමන්ගේ සිත් පරම්පරාව හෙවත් තමන්ගේ කුසල් අකුසල් පමණි. අන් කිසිම ආකාරයකින් එම නව සත්වයා තමා නොවන බව පැහැදිලි කොට ඇත.

කිතුණු දහමේ ඉගැන්විම් අනුව තමන්ගේ පාපයන්ට ජේසු තුමා කුරුසියේ ඇණ ගැසිමෙන් කරන ලද ජිවිත පුජාවෙන් වන්දි ගෙවා ඇති බවත් මරණින් මතු ජය ලබන්නට අවශ්‍ය වන්නේ ජේසු තුමාගේ පරිශුද්ධ වන්දි ගෙවිම විශ්වාස කිරිම පමණක් යැයි උගන්වන්නේ නම් එයත් කෙසේ නම් මිනිසාව සාරධර්ම වලින් පිරි ජිවිතයක් ගෙවන්නට දිරිදෙන්නේද කියා විමසා  බලන්නට ඔබට ආරාධනා කරන්නට කැමැත්තෙමු.

ඉස්ලාමය මෙයට හාත්පසින්ම වෙනස් වු ආකාරයකින් මෙම සංකල්පය ඉදිරිපත් කරයි. එය මිනිසාගේ විචාර බුද්ධියට එකග විය හැකි මෙන්ම නුතන විද්‍යාත්මක සාධක පදනම් කරගෙන කරන්නාවු ඉදිරිපත් කිරිමකි. නිවැරදි විශ්වාසය මෙන්ම සදාචාර සම්පන්න ජිවිතයකටද ඉස්ලාමිය මරණින් මතු ජිවිතය පිලිබඳව වු සංකල්පය දිරිගැන්විමක් කරයි. පළමුව මරණින් පසු ජිවිතයත් සහතික වශයෙන් ම ඇති බවත් එහිදි මිහිතලය මත කල ක්‍රියාවන්ට විපාක විඳින්නට සිදුවන්නේ ඔබටමය යන අදහස අල්කුර්ආනය අවුරුදු 1400කට පෙර ඉදිරිපත් කර ඇති  ආකාරය විමසා බලමු.

“(මිය ගොස් දිරාපත් වි පස් බවට පත් වුණු පසු) ඔහුගේ ඇට සැකිල්ල  අපි එක්රැස් (කොට ඔහුව පුනර්නිර්මාණය) නොකරන්නෙමු යැයි මිනිසා සිතන්නෙහිද? නොඑසේය, ඔහුගේ ඇගිලි තුඩ පවා (පෙරතිබු ආකාරයෙන්ම) තැබිමට තරම් අපි බලසම්පන්න වන්නෙමු”. (අල්කුර්ආන් 75 පරිච්ඡේදය 2-4 වගන්ති)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *