සකස්කිරීම, ඉබ්නු මන්සූර්

මිනිසාගේ සිත් තුළ නලියන නිරන්තර සැකයක්‚ එනම් තමා මියගොස් දිරාපත් වි පස් බවට පත්වුවායින් පසුව කෙසේ නම් තමාව නැවතත් පුනර්නිර්මාණය කරන්නේද යන ප්‍රශ්නය මතු කරමින්  මිනිසාට  ප්‍රතික්ෂේප කළ නොහැකි ආකාරයේ විද්‍යාත්මක සාක්ෂියක් සහිතව අල්කුර්ආනය පිලිතුරු සපයයි. මිනිසාගේ ඇගිලි තුඩ එකිනෙකට වෙනස් බව එනම් එක් අයෙකුගේ ඇගිලිතුඩ තවත් අයෙකුගේ ඇගිළි තුඩට සමාන නොවන බව පළමුවරට සොයා ගනු ලැබුවේ 1880දි බ්‍රිතාන්‍ය ජාතික ප්‍රැන්සිස් ගෝල්ඩ් විසිනි. ඇගිළි තුඩෙහි ඇති මෙම සුවිශේෂත්වය කෙසේනම්  අවුරුදු 1400 කට පෙර පහළ වු අල් කුර්ආනය අපට දක්වන්නේද යන්න සිතා බැලිය යුතු නොවන්නේද? අපට උපතින්ම ලැබෙන හැදුනම් පත ඇගිලි තුඩයි. එය තමාම බව සනාථකරන වෙනස් කළ නොහැකි ප්‍රබලම සාක්ෂියයි.මෙම ප්‍රාතිහාර්ය ජනත සත්‍යය සමග දෙවිදුන් මරණින් මතු ජිවිතය පිළිබදව අපට දන්වන්නේ නම් එම ජිවිතය ප්‍රතික්ෂේප කරන්නට අපට හැකියාවක් තිබේද? අනිත් අතින් පුනර්නිර්මාණය කරනු ලබන්නේ  මියගිය මිනිසාම  බව සහතික කරන පණිවිඩයක් මෙම කුර්ආන් වැකිය තුළ  ගැබ්වි තිබෙනවා නොවේද? එසේ නම් මිහිතලය මතවු තමාගේ ජිවිතය සම්බන්ධව කෙතරම් දුරට ප්‍රවේශම් විය යුතුද යන්න ගැන අවවාදාත්මක පණිවිඩයක් මෙම කුර්ආන් වැකියෙහි අඩංගු වි තිබේද යන්න ගැන අප අනිවාර්යෙන්ම සිතා බැලිය යුතු නොවන්නේද?

අපාය පිහිටා ඇති ස්ථානය ගැන නිශ්චිත ස්ථානයක් ‍නොකියන අල්කුර්ආනය එය පාර භෞතික වුවත් මිනිසාට අපහසුතාවයකින් තොරව විශ්වාස කළ හැකි අයුරින් විද්‍යාත්මක සාධකයන් අපාය පිළිබදව සඳහන් වැකියන් හි අඩංගු කොට ඇත.

“කව්රුන් අපගේ සංඥාවන් (අල්කුර්ආනයේ ඉගැන්විම්) ප්‍රතික්ෂේප  කරන්නේද ඇත්තෙන්ම (විනිශ්චය දිනයේදි)අපි ඔවුන්ව නිරයේ ගින්නට යවන්නෙමු. ඔවුන්ගේ  සම (එම ගින්නේන්) දැවි විනාශ වි යන සෑම විටම පිලිස්සිමේ වේදනාව (නිරන්තරයෙන්) දැනිම සදහා ඒ වෙනුවට අළුත් සමක් මාරු කරමින් සිටින්නෙමු. අල්ලාහ් අති බල සම්පන්නය. ප්‍රඥාවන්තය.” (අල්කුර්ආන් 4 වන පරිච්ඡේදය-56 වැනි වැකිය)

ඉහත අල්කුර්ආන් වැකිය අපට දන්වන්නේ පිළිස්සිමේ වේදනාව දැනෙන්නේ සමෙන් බවය. ඉතා නුතන ශරිර ව්‍යුහ විද්‍යාත්මක  ) (Anatomy) සොයා ගැනිමක් නම් සමෙහි වේදනා ග්‍රාහකයන්  (Pain Receptors) ඇති බවත් සම සහමුලින්ම විනාශ වි ගියායින් පසු වේදනාව නොදැනෙන බවත්ය. ලෝක ප්‍රසිද්ධ ව්‍යුහ විද්‍යාඥයෙකු වු තායිලන්තයේ චියෑංමායි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තගතත් තෙජසන්ට (Prof. Tagatat Tejesen) මෙම කුර්ආන් වැකිය මුස්ලිම් විද්‍යාඥයින් විසින් පෙන්වු අවස්ථාවේදි අල් කුර්ආනය අවුරුදු 1400 ක් පැරණි යැයි දැනගත් විට මවිතයෙනුත් මවිතයට පත්විය. ඉතා නුතන විද්‍යාත්මක සොයා ගැනිමක් කෙසේ නම් අවුරුදු 1400කට පෙර කුර්ආනයට ඇතුළු විය හැකි වන්නේ දැයි විමසුවේය. කුර්ආනයේ ‍ඓතිහාසික කරුණු පැහැදිළි කිරිමෙන් පසු එහි ඉංග්‍රිසි පිටපතක් ලබාගත් මෙම මහාචාර්ය වරයා අවුරුද්දක් මුළුල්ලේ අල්කුර්ආනය හදාරා සෞදි අරාබියේ රියාද්  නුවර පවත්වනු ලැබු අටවැනි වෛද්‍ය  සම්මන්ත්‍රණයේදි ප්‍රසිද්ධියේම ඉස්ලාමය වැළඳ ගත්තේය. උපතින් බෞද්ධයෙකු වු  ඔහු ඉස්ලාමය වැළඳ ගනිමින්  ප්‍රකාශ කළේ පාර භෞතික සාධක මෙවන් නුතන විද්‍යාත්මක සත්‍යයන් සමග මිනිසාගේ අවධානයට  ඉදිරිපත් කිරිමෙන් එය විශ්වාස කිරිමට හා පිලිගැනිමට  මිනිසාට පහසුවක් ඇති වන බවයි. එතුමා මෙම සම්මන්ත්‍රණයේදි කළ කථාව අදත් YouTube.com වෙබ් අඩවියෙන් ඔබට දැක අසා ගන්නට හැකියාව තිබේ. අප මෙතෙක් සාකච්ඡා කළේ මිනිසාට පමණක් සුවිශේෂ වු විචාර බුද්ධිය උපයෝගි කරගෙන මිනිසාගේ මිහිතලය මත  ඇති ජීවිත අරමුණ පිලිබඳව කරුණු තර්කයට‚ නුතන විද්‍යාවට‚ බුද්ධියට හා විචාරයට පිළිගත හැකි අයුරින් ඔබට ඉදිරිපත් කිරිමය. මිනිසාගේ මෙලොව අරමුණු නිසියාකාරව ඉටු කිරීමෙන් මරණින් මතු ජිවිතය ජයලබා ගත හැකි මාර්ගය පිලිබඳව සාකච්ඡා කළෙමු.

අවසන් වශයෙන්  අල්කුර්ආනය පහළ කරන්නට පෙර තිබු සමාජ තත්ත්වය හා අල්කුර්ආනය පහළ කලායින් පසු ඇති වු  සමාජ වෙනස් විම් පිළිබඳව මුස්ලිම් නොවන සුප්‍රකට ඉතිහාසඥයින් ඉදිරිපත්කරන අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු එඩ්වඩ් ගිබන් (Edward Gibbon)  විසින් වෙළුම් අටකින් ලියන ලද “Decline and Fall of the Roman Empire” (රෝම අධිරාජ්‍යයේ වැටිම හා විනාශය) යන ග්‍රන්ථය‚ කුර්ආනය පහළ විමට පෙර තිබු අරාබි සමාජය පිලිබඳව පවසන කොටස පහතින් උපුටා දක්වන්නට කැමැත්තෙමු.

“කිසිදු මිනිස් ලක්ෂණයන්ගෙන් නොයුක්තවු මෙම මිනිස් තිරිසනුන් හා අනිකුත් සත්ව ලෝකයේ සාමාජිකයින් අතරේ පැවතියේ ඉතාමත් අල්ප වෙනස් කමකි. එම යුගයේ ජිවත් වු මිනිසා හා තිරිසනා අතරේ කිසිදු වෙනස් කමක් දැකිය නොහැකි ආකාරයෙන් ජිවත් වු මෙම මිනිස් පරපුර සැබැවින්ම මිනිස් වෙස්ගත් තිරිසන් පිරිසක් පමණකි”.

ඉහතින් උපුටා දැක්වු කොටස පිලිබදව අමතර විග්‍රහයක් අවශ්‍ය යැයි නොසිතන්නෙමු. මෙය අල්කුර්ආනය පහළ විමට පෙර තිබු අරාබි සමාජයේ සැබෑ ස්වභාවයයි.

තවත් ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු ස්කොට්ලන්ත ජාතික තෝමස් කාලයිල් (Thomas Carlyle) විසින් “Hero Worship And The Heroic In  History” නමින් පොතක් පළකල අතර අල්කුර්ආනය පහළ විමෙන් පසු ඒ අනුව ජිවත් වු ජනයාගේ ස්වභාවය විග්‍රහ කරන කොටස එම පොතෙන්  උපුටා පහතින් දක්වා ඇත්තෙමු.

“ඉතා පහත් ම්ලේච්ඡ තත්ත්වයේ සිට මුළු මහත් මිනිස් වර්ගයාටම අන්ධකාරයේ සිට ආලෝකයට එන මග එලි පෙහෙලි කළ සහ උසස් දැනුමේ භාරකාරයින් බවට මුහම්මද් විසින් මේ ජනයාව පත් කරවන ලදි. ලොව බිහිවුදා සිට කිසිවෙකුගේ අවධානයට ලක් නොවි කාන්තාරයේ තැන් තැන්වල තාවකාලිකව ජිවත් වෙමින් සිටි දුගි එඬේර ජන සමාජය ඉතා කෙටි කාලයක් තුළ ලොව සැම‍ගේ අවධානය දිනාගන්නට සමත් වු අතර ලොව ශ්‍රේෂ්ඨ ජන සමාජයක් ලෙසත් ගෞරවය ලබන්නටද සුදුසුකම් උරුම කර ගත්තේය”.

අල්කුර්ආනය අනුව ජිවිතය සකස්කර ගැනිමෙන් මුළු මහත් ජන සමාජයමක්ම වෙනස් වු ආකාරය ඉහත විස්තරයන්ගෙන් පැහැදිලි වන්නේ යැයි සිතන්නෙමු. අප සැවොම යහ මිනිසුන් බවට පත්විමට මාර්ගය විවෘත ව ඇත. එමගින් මෙලොව හා මතු ලොව ජය අත්කර ගැනිමට මෙම පැහැදිළි හා නිවැරදි මග අනුගමනය කරමින් කටයුතු කරන්නට අදිටන් කරගනිමු.

තවත් මිනිසාට පමණක් සුවිශේෂි වු ලක්ෂණයක් සාකච්ඡා කරමින් ඔබව හමුවන්නට අපේක්ෂා කරමින් දැනට ඔබෙන් සමුගන්නෙමු. ඔබට සත්‍යයේ දොරටු  විවෘත වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *