මේ ආකාරයටයි දෙවියන් සම්බන්ධයෙන් ද විද්‍යාවේ ස්ථාවරය විය යුත්තේ. මේ දක්වා දෙවියන්ව පර්යේෂණ කුටියක පරික්ෂා කිරීමට විද්‍යාවට හැකිවී නොමැත. එසේ පර්යේෂණවලට ලක් නොකොට යමක් —නැත˜ යනුවෙන් පැවසීමට විද්‍යාවේ ඉඩක් නැත.
මෙම විශ්වයේ හැඩය, තත්තවය පිළිබඳව විවිධ උපකල්පනයන් විද්‍යාව ඉදිරිපත් කළත් ඒවා සියල්ල —දෙවියෙක් නැත˜ යනුවෙන් පැවසීමට හැකි සාකෂි නොවේ. මෙම විශ්වයේ සම්භවය පිළිබඳවම තවම ස්ථීර නිගමනයකට පැමිණිය නොහැකි තත්ත්වයේ විද්‍යාව පවතී. එසේ නම්, මේ සියල්ල මැවූ දෙවියන් පිළිබඳව ස්ථීර නිගමනයකට පැමිණ, —දෙවියෙක් නැත˜ යනුවෙන් පවසන්න මෙම විද්‍යාව උපයෝගි කරගන්නේ කෙසේද?
යමක් නොදන්නවා යන්න එය —නැත˜ යන නිගමනයට හේතුවක් නොවේ. මෙම විශ්වයේ විද්‍යාව දන්නේ ඉතා ස්වල්පයක් පමණි. එම නිසා විද්‍යාවට නොදන්නා සියල්ල —නැත˜ යන නිගමනයකට පැමිණිය නොහැක. —තිඛෙන්න පුළුවනි˜ —එසේ නොවන්නටද පුළුවනි˜ හේතුව, යමක් —නැත˜ යන තීරණය සැකයෙන් තොරව ස්ථීර වන තුරු එය ප්‍රතිෙකෂ්ප නොකළ යුතුයි යන්න විද්‍යාවේ ස්ථාවරයයි. මෙම ස්ථාවරයේ විද්‍යාඥයින් සිටිය නිසයි, අද ඇසට නොපෙනෙන බොහෝ වස්තූන් සොයා ගැනීමට විද්‍යාවට හැකිවූයේæ
මෙතරම් විශාල අහස්තලයේ දිලෙමින් තිඛෙන තරු දෙස බලන්න. එය දකින මිනිසාව එම වස්තුන් සිතන්න පෙළඹ විය. මා මේ දකින අහස මෙපමණද? මා මේ දකින තරු මෙපමණද? මීටත් එහා තවත් තරු තිඛෙනවාද? මේ අහස කෙතරම් විශාලද? ඔය වැනි ගැටලූ බොහෝමයක් මිනිසාට ඇති විය. මෙම ප්‍රශ්න සඳහා එදා විද්‍යාවටත් කිසිවක් පැවසීමට නොහැකි විය. එසේ එදා කිසිවක් පැවසීමට නොහැකි වූ නිසා —නැත˜ යන නිගමනයට විද්‍යාඥයින් පැමිණියා නම් අදවන විට මෙතරම් විශාල තරු හා ග්‍රහවස්තුන් සොයාගැනීම සිදුනොවන්නට තිබුණි.
එම නිසා සොයාගැනීමට නොහැකි වූ සියල්ල —නැත˜ යන නිගමනයේ විද්‍යාඥයින් පැහැදිලිවම නැත. අලූත් තරු සොයාගැනීමට විද්‍යාඥයින් වෙහෙස මහන්සිය ගත්හ. එහි ප්‍රතිඵලයක් වශයෙන් දුරේක්ෂය සොයා ගන්නා ලදී. එම දුරේක්ෂයෙන් විශ්වය දෙස බැලූ මිනිසා තමන් දකින සීමාවටත් එහා තවත් බොහෝ දෑ තිඛෙන බව වටහා ගත්තේය. එම නිසා තවදුරටත් මෙම දුරේක්ෂයන් වැඩි දියුණු කිරීමට සිදුවිය. ආරම්භයේ පෘථීවිය අවට බැලූ මිනිසා පසුව සෞරග්‍රහ මණ්ඩලයත් පසුව කෂිරපථයත් ඊටත් එහා අනිකුත් කෂිරපථයනුත් දකින්න තරම් විද්‍යාව දියුණු විය. මෙයින් පෙනීයන්නේ නොදන්නා දෑ —නැත˜ යනුවෙන් තීරණය කිරීම කෙතරම් අනූවණකාරි කි්‍රයාවක් ද යන්නයි.
එසේ නිගමනය නොකළ නිසයි දිනෙන් දින විද්‍යාව දියුණුව කරා යන්නේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමු නොකොට සියල්ල —නැත˜ යන තීරණයේ සිටියා නම් එදා මනුෂ්‍යා වනයෙන් අද නගරයට නොඑන්නට තිබුණි. බුදුරජාණන් වහන්සේ චුල්ල හත්ථීපදෝපම සූත්‍රයෙන් දේශනා කළ බවට බුදු දහමේ මෙසේ සඳහන් වේ. —අනුමාන මතයේ හිඳ යමක් තීරණය කරන්න කලබල නොවන්න. හොඳින් එය —ප්‍රත්‍යකෂ කරගන්න˜ තවත් අවස්ථාවක —ප්‍රත්‍යකෂණ කර ගැනීම තුළින්ම, අවබෝධ කරගැනීම තුළින්ම යමක් තේරුම් ගත යුතුයි˜ එයයි පරීකෂණ නිරීකෂණ තුළින් නිගමනයට ආයුතු බව විද්‍යාවෙන් පවසන්නේ. එසේ නම් නොදන්නා දේ විශ්වාස කිරීම බුද්ධිමත් තීරණයක් ද? එසේත් නැත්නම් විශ්වාස කළ යුත්තේ විද්‍යාවද? යන ගැටළුව දැන් මතුවේ. කවරෙකු හෝ නොදන්නා යමක් —නැත˜ යන නිගමනයේ හිඳ තම ජීවිතය ඒ අනූව සකසා ගැනීම බුද්ධිමත් තීරණයක් නොවේ. දේව විශ්වාසය වැනි විශ්වාසය මත පමණක් පදනම් වූ දහමක් විශ්වාස කිරීමේදී එම දහමේ මූලධර්මයන්ට අනූව ගවේෂණය කොට තීරණය කිරීමයි බුද්ධිමත් තීරණය වන්නේ. සෑම කටයුත්තකම විද්‍යාව කි්‍රයා කරන්නේ මේ ආකාරයටය. දේව විශ්වාසය සම්බන්ධයෙන් නම් කිසිසේත් ප්‍රමාද විය නොහැක. පර්යේෂණ වහාම ඇරඹිය යුතුයි. මන්ද එය ජීවිතයේ ජය පරාජය තීරණය කරන්නක් වන බැවිනි.
ඔබ ගාල්ලට යෑම සඳහා බස් නැවතුම් පොළකට යනවා යයි සිතන්න. එහි නොයෙක් ස්ථානවලට යාම සඳහා බස් නතර කර ඇති බව ඔබට පෙනේ. නමුත් ගාල්ලට යන බස්රථය තෝරාගත යුතුය. ඒ සඳහා කොපමණ කාලයක්, වෙහෙසක් වූවද යොදවා නිවැරදි බස් රථය තෝරාගන්නවා මිස, කුමන බසයක හෝ නැග කොහේහරි කිසිසේත් ගමන් කරන්නේ නැත. මන්ද එසේ ගමන් කළා නම් මහන්සියත් පාඩුවත් මිස තම අරමුණ කරා ළඟාවීමට කිසිසේත් නොහැකිවනු ඇත. මෙය සාමාන්‍ය පැය කිහිපයක ගමනක් සඳහාය. එසේ නම්, මුළු ජීවිතයේම ජය, පරාජය තීරණය වන එම දීර්ඝ ගමන සඳහා කොතරම් බුද්ධිමත්ව තීරණයක් ගත යුතුද? එය කෙතරම් වැදගත්ද?
බසයේ ගමනට මෙන්ම ජීවිත ගමනටත් මාර්ගයක් මෙන්ම ඉලක්කයක් ඉතා වැදගත් වේ. එසේ නම් විශ්වයත් මනුෂ්‍යයාත් මැවූ මැවුම්කරුවෙකු සිටීද? එම මැවුම්කරු විසින් ලබාදුන් ජීවිත මාර්ගයක් තිබේද? යන්න සොයා බැලීමද ඉතා වැදගත් වේ.
විශ්වයේ සම්භවය…
පොල් වත්තක ඇවිද යන විට පොල් ගසක් පාමුල තිබි කාසියක් හමුවූවා යයි සිතන්න. මෙම කාසිය දුටුවාම මෙය පොල් ගසින් වැටුනු කාසියක් යයි සිතා පොල් ගස දෙස බලන්නෙමුද? එසේත් නැත්නම් මෙම කාසිය ඉබේ ඇතිවූවක් යයි සිතන්නෙමුද? අපගේ බුද්ධිය අපට කුමක් පවසයිද?
හේතුවක් නොමැති කාර්යයක් නැත.
මෙම විශ්වය හොඳින් නිරීක්ෂණය කළේ නම් එය මනුෂ්‍යයා මවිතයට පත්කරයි. එහි කෙතරම් විශාල තරු සංඛ්‍යාවක් තිඛෙනවාද? ඒවා කෙතරම් දුරක පිහිටා තිඛෙනවාද? ඒවායින් සමහරක් පෘථීවියට වඩා කෙතරම් විශාලද? ඒවා සියල්ල විශ්වයේ ගමන් කළත් එකින් එකට නොගැටී පවතිනවානේද? බුද්ධිමත් යයි පවසාගන්නා මනුෂ්‍යයා රියක් පැදවීමේදී කෙතරම් මාර්ග නීතිද? එයින් ද පාලනය කිරීමට බැරි තැන රතු, කොළ, කහ වීදිලාම්පු. එහෙත් විශ්වයේ අධික වේගයන්ගෙන් ගමන් කරන මෙතරම් විශාල ග්‍රහ වස්තුන් පාලනය කරන්නේ කවුරුන්ද? එසේ නම් මෙම කි්‍රයාකාරිත්වය ඇති කළේ කවුරුන්ද? කොතැනක විනයක් පවතින්නේද එතැන විනය කි්‍රයාවට නගන්නෙකු සිටීම අවශ්‍යය.
බුද්ධියක් නැති තැන විනයක් නැත.
යමක් ඉටු කරන්න කිසිවකු නොවේ නම් එහි කිසිවක් ඉටු නොවේ. මෙය සියලූ දෙනා පිළිගන්නා සත්‍යයකි. එසේ නම් මේ මහා විශ්වයත් එහි ඇති ග්‍රහවස්තුන් හා පෘථීවියන් ඇතිවුණේ කෙසේද? ඒවා ඉබේ එසේත් නැත්නම් ස්වයංව ඇති වූවක් යයි පවසන්නේ කුමන පදනමින්ද? එසේ නම් මිනිසා විසින් කකෂගත කරන ලද චන්ද්‍රිකාවන් ස්වයංව නතර වී සිටීද? එසේත් නැත්නම් ඒවා පාලනයකට යටත්ව පවතිනවාද? ඩොලර් බිලියන ගණන් වියදම් කර සකස් කළ මෙයටම පාලනයක් අවශ්‍ය නම්, ඉතා සංකීර්ණ වූ මෙම විශ්වය බිහි කරන්න හා පාලනය කරන්න බලයක්, බුද්ධියක් අනවශ්‍ය බව සිතන්නේ ඇයි?
ඉටු කරන්නෙකු නොමැතිව ඉටවූවක් නැතæ
හේතුවක් නොමැතිව කාර්යයක් නැතæ
බුද්ධියක් නැති තැන විනයක් නැතæ
නිර්මාපකයෙක් නැති තැන නිර්මාණයක් නැතæ
විශ්වය ඇල්පෙනෙති හිසකටත් වඩා කුඩාව පැවතී බවත්, අධික ඝනත්වයක් සහිත වූ එම වස්තුව අධික තෙරපීම නිසාත් රසායනික ප්‍රතික්‍රියාව නිසාත් පිපිරි ගියේය. එසේ පිපිරීමෙන් මුළු විශ්වයම දූවිල්ලෙන් වැසී ගියේය. පසුව එම දූවිලි හා වායු ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ටික ටික ගොනු වී මෙම පෘථීවිය හා අනිකුත් ග්‍රහලෝක, තාරකා, මන්දාකිණි හා ග්‍රහ වස්තුන් ඇතිවිය.
මෙම මහා පිපිරීම් න්‍යාය විශ්වයේ ආරම්භය පිළිබඳ ඉතා සරලව කතා කළ බවයි පෙනීයන්නේ. මෙහි පිපිරීයාමට හේතුවූයේ කුමක්ද? යන්න පැහැදිලි කෙරේ. තෙරපීම හා රසායනික ප්‍රතික්‍රියාව පිපිරීමට හේතුව යයි පැවසූවත් එම තෙරපීම කෙසේ ඇතිවූවක්ද? එම තෙරපුමට පෙර අවස්ථාව කුමක්ද? එම රසායනික ප්‍රතික්‍රියාව ඇතිවූයේ කෙසේද? එම ප්‍රතිකි්‍රයාවට භාජනය වූ මූලද්‍රව්‍යයන් කුමක්ද? එම ප්‍රතික්‍රියාව කුමක්ද? එම ප්‍රතික්‍රියාවට හේතුව කුමක්ද? එම ප්‍රතිකි්‍රයාවට පෙර අවස්ථාව කුමක්ද? එසේම මෙම තෙරපුමට හා රසායනික ප්‍රතික්‍රියාවට භාජනය වූ එම වස්තුව කුමක්ද? එහි ස්වභාවය කුමක්ද? මෙම ප්‍රශ්න සියල්ල හමුවේ විද්‍යාව තවමත් නිරුත්තරය. එය පැහැදිලි කළානම් ඉහත සඳහන් තෙරපුමෙන් හා රසායනික ප්‍රතික්‍රියාවෙන් එම වස්තුවට බලපෑමක් ඇති කරයිද? එයට එම ශක්තිය තිබේද? එය මනුෂ්‍ය බුද්ධියට ගෝචරද? යන්න අධ්‍යයනය කළ හැක. නමුත් මේ කිසිවකට පිළිතුරු නැතිව විද්‍යාව මුනිවත රකී. විශ්වය කෙසේද බිහිවුණේ යන්නට තවම පැහැදිලි පිළිතුරක් නැත. විශ්වය බිහිවුණේ ඇයි? යන දෙවන ප්‍රශ්නය ද තවම ඉදිරිපත් නොවී ඉතිරිව පවතී. මෙවැනි බොහෝ ප්‍රශ්න මධ්‍යයහි අසරණ වී සිටින මහා පිපිරුම් න්‍යාය බුද්ධියට ගෝචර වූ න්‍යායක්ද?
හේතුවක් නොමැතිව පලක් නැත යන්න බුදු දහමේ පවා පවසන සත්‍යයකි. හේතුවක් නොමැතිව කාර්යයක් නැත යන්න විද්‍යාවද පිළගන්නා දර්ශණයකි. එසේනම් මෙම මහා පිපිරුම න්‍යායට හේතුව කුමක්ද? හේතුවක් නොමැතිව පිපිරීමක් ඇති විය නොහැක.
වඳුරෙකු පෑනක් ගෙන කුරුටු ගෑමේදී කවියක් ලියවුනා යයි කිසිවකු පවසයි නම් එය පිළිගත හැක. මන්ද එම වඳුරා පෑනක් ඇතිව සිටි නිසා සහ කුරුටු ගෑ නිසා. නමුත් කිසිවකු අතනොගා ස්වයංව පෑන කවියක් ලිව්වායි කවුරුන් හෝ පවසයි නම් එය පිළිගත හැකිද?
යන්ත්‍රයක් බිහිවීමට නම් ඉංජිනේරුවෙකු අවශ්‍යය. කවියක් බිහිවීමට නම් කවියෙකු අවශ්‍යය. එසේ නොමැතිව එක් යකඩයක ඇතිවූ තෙරපුම හේතුවෙන් එය පිපිරි විවිධ යන්ත්‍රයන් ඇතිවූවා යනුවෙන් ද එසේත් නැත්නම් මුද්‍රණාලයක ඇති වූ පිපිරීමක් හේතුවෙන් එහි අකුරු විසි වී ශේක්ෂ්පියර්ගේ කවි නිර්මාණය වූවා යයි ද කිසිවකු පවසයි නම් එය විහිලූවක් වනු ඇත. එසේ පවසන්නන් බුද්ධිමතුන්, විද්‍යාඥයින්, ඉන්ජිනේරුවන් හා කවියන් යයි ඔවුන්ද පිළිනොගනු ඇත. බුද්ධිය ඇති කිසිවකු මෙය අනුමත නොකරනු ඇත. ඉන්ජිනේරුවකු දන්නවා යමක් නිර්මාණය කිරීම සඳහා බුද්ධියත්, උත්සාහයත්, ශ්‍රමයත් අවශ්‍ය බව. ඒවා නොමැතිව නිර්මාණයක් කළ නොහැක. කරුණු එසේ තිබියදී ඉතා නිවැරදි ආකාරයට කි්‍රයා කරමින් පවතින මෙම සංකීර්ණ වූ විශ්වය ඉතා බලවත් ශක්තියකින් තොරව නිර්මාණය වී කි්‍රයාකරනවා යන්න බුද්ධිමත් තර්කයක් වන්නේද?
මහා පිපිරුම් න්‍යාය සහමුලින්ම ප්‍රතිෙකෂ්ප නොකරමි. නමුත්, එම පිපිරුම කුමක් නිසා ඇති වුණේද? එයට පසු කිසිදු හේතුවක් දක්නට නැත්තේ ඇයි? හේතුවක් නොමැතිව පලයක් නැත යන විද්‍යාත්මක වාදයට වුණේ කුමක්ද? නිශ්චය වශයෙන්ම මහා පිපිරුමට හේතු වූ කාරණයක් තිබිය යුතුයි. එම හේතු වූ කාරණය ඇතිකළේ ඉතා ප්‍රබල ශක්තියකින් විය යුතුයි. එම ශක්තිය සියල්ල කෙරෙහි ශක්තියක් හා බුද්ධියක් තිඛෙන යමක් විය යුතුයි. එවැනි ශක්තියකටයි හැකිවන්නේ මෙම සංකීර්ණ වූ විශ්වය මවන්නත් පරිපාලනය කරන්නත් සැලසුම් කරන්නත්.
ඒ අනූව මෙම විශ්වයට පසුපසින් එක් සුවිශේෂ වූ ශක්තියක් හා සැලසුම් කරණයක් තිබේ යන්නත්, මෙම විශ්වය තුළ ඇති වස්තූන් නිසිලෙස මවා පරිපාලනය කරන සුවිශේෂ බුද්ධියක් ඇති යම් ශක්තියක් කි්‍රයා කරන බවත් නියතය. එම ශක්තිය දේව ශක්තියයි. එය වෙනත් ආකාරයකින් පවසනවා නම් මෙම විශ්වය හා එහි අඩංගු සියලූ දේ මවා පාලනය කරන්නේ සර්ව බලධාරි දෙවියන් වහන්සේ ය. නිහතමානීව හා සාධක සහිතව කල්පනා කරන කෙනෙකු මෙවන් තීරණයකට අවතීර්ණ වනවා නියතයි.
මුහම්මද් රිෆාන්, ගාල්ල