ඇතැම් අවස්ථාවලදී සුළු දේට පවා සියදිවි නසාගැනීමේ ප්‍රවනතාවක් ලෝකය පුරා දකින්ට ලැබේ. ප්‍රශ්නවලට විසඳුමක් ලෙස සියදිවි හානිකර ගත්තත් එමගින් සිදු වන්නේ තාවකාලික විසඳුමක් පමණි. කිසිම ආකාරයකින් සියදිවි හානි කර ගැනීම ප්‍රශ්නවලට විසඳුමක් විය නොහැකිය. මෙලොව ඇති ප්‍රශ්න වලින් මිදීමට දිවි නසා ගත්තත් මරණයෙන් පසු ජීවිතයේදී ඊට වඩා වෙනස් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු විය හැකිය. ඇයිද යත් මරණයෙන් පසු ජිවිතයක් නැතැයි සිතන අයට ඒ පිලිබඳව සහතිකයක් නොමැති නිසාය. ඉස්ලාම් දහම අනුව සියදිවි නසාගැනීම විශාල පාපයකි. සියදිවි හානිකර ගත් තැනැත්තන්ට හිමි වන්නේ නිරය බව නබිවදන්වල සඳහන් වේ. නුපන් දරුවන් මව් කුසේදීම ඝාතනය කිරීම පිළිබඳව අල්-කුරානයේ මෙලෙස සඳහන් කොට ඇත.

“….දුප්පත්කමට (බිය වී) නුඹලාගේ දරුවන්ව ඝාතනය නොකරන්න. අපිම නුම්බලාටද, ඔවුන්ටද ආහාර ලබා දෙමු. තවද නින්දාසහගත ක්‍රියාවන්හි ප්‍රසිද්ධ දේටද, රහසිගත දේටද සමීප නොවන්න. අල්ලාහ් වැළැක්වූ කුමන ජීවයක් වුවද අයිතියක් නොමැතිව ඝාතනය නොකරන්න…” (කුරානය 6:151).

මෙම වැකිය අනුව දුප්පත් කෑමට බියවී  ජීවිතය හානි කළ නොහැකිය.

“විශ්වාස කලවුනි! නුඹලා අතර තෘප්තිමත් භාවය මත කෙරෙන වෙළඳාම හැර, නුඹලාගේ වස්තු නුඹලා අතර වැරදි අන්දමින් අනුභව නොකරන්න. තවද, නුඹලාව නුඹලාම නොනසා ගන්න.නියතව අල්ලාහ් නුඹලා සමග අසම දයාවන්තයා ලෙස සිටියි. සීමාව ඉක්මවාද, අසාධාරණ ලෙසද කවරෙක් මෙය කරයිද ඔහුව අපි නිරයෙහි ඇතුළු කරන්නෙමු. මෙය අල්ලාහ්ට ඉතා පහසු දෙයක්ව ඇත” (කුරානය 4:29-30).

කුරානයේ ඇති මෙම නියෝගයන් නිසා මුස්ලිම්වරුන් අතර සිය දිවි නසාගැනීම් ඉතාමත් අඩු මට්ටමක පවතින බව සංඛ්‍යා ලේකන වලින් පෙනී යන්නේය. එහෙත් දියුණු යැයි කියා ගන්නා ඇමරිකාව වැනි රටවල්වල සිය දිවි හානිකර ගැනීම ඉතා විශාල ලෙස ඉහල ගොස් ඇත. සංඛ්‍යා ලේඛනවලට අනුව ඇමරිකාව සියදිවි නසාගැනීම අතින් ලෝකයේ 10 වන ස්ථානයට පත්වී ඇත. ඒ අනුව ඇමරිකාවේ වසරක් පාසා  42773 පමණ සිය දිවි හානි කර ගනිති. (AFSP’s latest data on suicide are taken from the Centers for Disease Control and Prevention (CDC) Data & Statistics Fatal Injury Report for 2014. Suicide rates listed are Age-Adjusted Rates.).

සහිහ් බුහාරි ග්‍රන්ථයේ සඳහන්වන නබිවදනක සිය දිවි නසාගත් තැනැත්තාට හිමි දඬුවම පහත දැක්වෙන අන්දමට සඳහන් කොට ඇත.

“තාබිත් ඉබ්නු අද්-දකාක් යන සහාබි තුමා සඳහන් කරන වග නම්: යම්කිසිවෙකු මෙලොවදී යම් ආකාරයකට සිය දිවි හානි කරගත්තේ නම් ඔහුට ඒ ආකාරයටම  මරණයෙන් පසු දඬුවම් කරනු ඇත” (සහි බුහාරි 8:73).

එහි ඇති තවත් හදිසයක මෙසේ සඳහන් වේ.

“නබිතුමා වදාළ බවට අබු හුරෛරා රලි තුමා පවසන වග නම්: යම්කිසිවෙකු උස කන්දකින් පැන සිය දිවි හානි කර ගත්තේ නම් ඔහු නරකාදියේදී ද නිරන්තරයෙන් උසකින් පැන නැවත නැවත එසේ සිදු කරනු ඇත. එසේම කව්රුන් හෝ වස පානය කොට සිය දිවි හානි කර ගත්තේ නම් නරකාදියේ දී ද නිරන්තරයෙන්ම ඔහු වස පානය කරමින් සිටිනු ඇත. කව්රුන් හෝ යකඩ උලකින් ඇනගෙන මරණයට පත් වුයේ නම් නිරයේදී ද ඔහු එම ක්‍රියාවම නැවත නැවත සිදු කරමින් සිටිනු ඈත” (බුහාරි 5442, මුස්ලිම් 109).

ලෝකයේ සිදුවන මිනිස් මරණ වලට හේතු සෙවීමේදී සිය දිවි හානිකරගැනීම ප්‍රමුඛ ස්ථානයකට පත්ව ඇත. එබැවින් මෙම මරණ වලට හේතුව සහ ඒවා වැළැක්වීම සඳහා ගත හැකි පියවරවල් ගැන පර්යේෂණ සිදු කරමින් පවතී. සියදිවිනසාගනිමට එක් හේතුවක් ලෙස විද්වතුන් පෙන්වා දෙන්නේ මිනිසුන් දහමින් ඈත්වී ජිවත් වීමයි. තවද ඒ පිලිබඳ සොයාබලන පර්යේෂකයින්ට පෙනී ගොස් ඇත්තේ මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන රටවල්වල (මුස්ලිම් රටවල්වල) සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය ඉතා අවම අගයක් ගන්නා බවයි. පහත දැක්වෙන වගුවෙන් එය පෙන්වා දී ඇත. මුස්ලිම්වරුන් අතර සියදිවි හානිකරගැනීම අඩු මට්ටමක පැවතීමට හේතුවක් ලෙස අනුමාන කරන්නේ කුරානය මගින් ලබා දී ඇති නියෝගවල බලපෑම සහ මුස්ලිම්වරුන් අතර නරකාදිය පිලිබඳව ඇති දැඩි විශ්වාසය බවත් පැවසේ. (Nova Science Publishers © Copyright 2004 – 2016).

වසරක් තුලදී මිනිසුන් 100,000 කට සිදුවන සියදිවි නසාගැනීම් (2012)

රටේ නම පිරිමින් සහ ගැහැණු එකතුව ශ්‍රේණිය
ගුයනා 44.2 1
දකුණු කොරියාව 28.9 2
ශ්‍රී ලංකාව 28.8 3
ඉන්දියාව 21.1 11
රුසියාව 19.5 14
ජපානය 18.5 17
ඇමරිකාව 12.1 50
පකිස්තානය 9.3 76
ජර්මනිය 9.2 77
තුර්කිය 7.9 93
බංගලාදේශය 7.8 94
සිරියාව 0.4 170
සෞදි අරාබියාව 0.4 171

(List by the World Health Organization – 2012)

සමස්ථ ලෝකයම ගත්කල වසරකට මිලියනකක් පමණ දෙනා සියදිවිනසාගනිති. එනම් සෑම තත්පර හතලිහකටම ලෝකයේ කොතැනක හෝ එක්කෙනෙක් සියදිවි හානි කරගන්නේය. වසර2050 වන විට මෙය වසරකට මිලියන 1.5 ක් දක්වා ඉහල යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිදායනය නිවේදනය කර ඇත. මෙහි කනගාටුවට කරුණ නම් මෙම සංඛ්‍යාවෙන් කාලක්ම තරුණයින් සහ වයස විසිපහට අඩු අය වීමයි. ලංකාවේ වසරකට එය හාරදහසක් බව අචාර්ය නීල්ප්‍රනාන්දු මහතා (Head of National Institute of Mental Health) සඳහන් කොට ඇත. තවත් බොහෝ සිය දිවි නසාගැනිම් සඳහා ගන්නා උත්සාහයන් වෛද්‍ය ප්‍රතිකාර නිසා වැලකි යන බව පැවසේ. එසේ නොවන්නට මේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකිය.

සියදිවි නසාගැනිමට බලපාන කරුණු අතරින් ප්‍රමුක ස්තානය ගන්නේ මානසික විසාදය (depression) බව පැවසේ. මෙය විවිධාකාර ලෙස බලපෑ හැකිය. මේ අතර ආර්ථික ප්‍රශ්න වලින් මිදීමට හෝ ණයබරින් ගැලවීමට තවත් සමහරු සිය දිවි නසාගනිති. ඇතැම්විට තම පව්ලේ ලඟම ඥාතියෙකුගේ වියෝව දරාගැනීමට නොහැකි වීම හෝ ප්‍රේම සම්බන්දයක් කැඩීයාම නිසා හෝ සුවකළ නොහැකි ලෙඩක් වැළඳීම නිසා හෝ බලාපොරොත්තු නොවූ හදිසි අලාභයක් නිසා හෝ විය හැකිය. විභාගවලදී බලාපොරොත්තු වූ ප්‍රථිපල නොලැබීම නිසා ඇතැම් අය සිය දිවි හානි කරගනිති. තවද වැලන්ටයින් දිනය සැමරීමෙන් පසු සිය දිවි නසාගැනීම්වල විශාල ඉහළයාමක් සිදුවන බව වර්තාවන්නේය.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *