පහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආනයේ වැකි හොඳින් කියවා තේරුම් ගන්න. එහි ඇති කරුණු ක්‍රියාවට නංවන්න. නිසැකව එය ඔබේ දෙලොව ජීවිත ආලෝකමත් කරනු ඇත.

“සැබැවින්ම ඔබලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිළි කිරීම් (සාධක) ඔබලා වෙත පැමිණ ඇත. එබැවින් කවරෙකු (එය) නිරික්ෂණය කර බැලුවේද (එහි යහපත) තමන්ටමය. තවද කවරෙක් (සාධක පිළිබඳව) අන්ධභාවයෙන් සිටින්නේද එහි විපාකය තමන්ටමය.” (ශු අල්කුර්ආනය 6: 104).
“මිනිසුනි ඔබලාගේ පරමාධිපති වෙතින් ඔබලා වෙත සත්යය (අල්කුර්ආනය) පැමිණ ඇත. කවරෙකු යහමග ලබන්නේද එසේ යහමග ලබනුයේ ඔහු වෙනුවෙන්මය. කවරෙකු නොමග යන්නේ ද එසේ නොමග යනුයේ තමන්ට එරෙහිවමය.” (ශු අල්කුර්ආනය10: 108).
“කවරෙකු යහ මග ලබන්නේද එසේ ඔහු යහ මග ලබනුයේ තමන්ටමය. කවරෙකු මුළා වූයේද එසේ ඔහු මුළා වනුයේ තමාට එරෙහිවමය. තවද (තම පාපයේ) බර උසුලන්නෙකු වෙනකෙකුගේ (පාපයේ) බර නොඋසුලන්නේය.” (ශු අල්කුර්ආනය17: 15).
අල්ලාහ්ගේ දූත සුලෙයිමාන් අලෙයිහිස් සලාම් මෙසේ පැවසූ බව ශුද්ධවූ අල්කුර්ආනය සඳහන් කරයි:
“තවද කවරෙකු කෘතඥ වන්නේ ද ඔහු කෘතඥ වන්නේ තමන්ටමය. තවද කවරෙකු අකෘතවේදී වන්නේ ද එවිට (දැන ගනු) සැබැවින්ම මාගේ පරමාධිපති අවශ්යතාවන්ගෙන් තොරය. ගෞරවනීයය. (ශු අල්කුර්ආනය 27: 40).
“තවද කවරෙකු (තම දහමෙහි) වෙහෙස දරන්නේ ද ඔහු වෙහෙස දරන්නේ ඔහු වෙනුවන්මය. සැබැවින්ම අල්ලාහ් සමස්ත විශ්වයාගෙන් සර්ව පොහොසත්ය.” (ශු අල්කුර්ආනය 29: 06)
“කවරෙකු යහකම් කළේද එය ඔහුටමය. කවරෙකු පාපකම් කළේද එය ඔහුට එරෙහිවමය. ඔබගේ පරමාධිපති (තම) ගැත්තන්ට කිසිසේත් අපරාධ කරන්නෙකු නොවේ.” (ශු අල්කුර්ආනය 41: 46).
“කවරෙකු මසුරුකම් පාන්නේ ද සැබැවින්ම ඔහු මසුරුකම් පානුයේ තමාටය.” (ශු අල්කුර්ආනය 47: 38).
“යහපත් දෙයින් ඔබලා කුමක් වියදම් කරන්නෙහි ද එය ඔබලාටමය. (ශු අල්කුර්ආනය 2: 272).
“තවද සෑම ආත්මයක් ම තමා කෙරෙහිම මිස (පාපයන්) උපයා නොගනියි.” (ශු අල්කුර්ආනය 06: 164).
“කවරෙකු පාපය උපයා ගනුයේද එය ඔහු උපයාගනුයේ තමන්ට එරෙහිවමය.” (ශු අල්කුර්ආනය 4: 111).
මිනාසගේ ප්රකට හතුරා වන ෂෙයිතාන්ගේ අඩි පාරේ ගියවුන්ට අවසාන විනිශ්ච දිනයෙහි අත්වන ඉරණම. ෂෙයිතාන් ඔවුන් අමතා මෙසේ ප්රකාශ කරයි:
“නුඹලා මට අවලාද නොකරවු. නුඹලා නුඹලාටම අවලාද කර ගනිවු” (ශු අල්කුර්ආනය 14: 22).
මිනිසා තම පරමාධිපති අල්ලාහ්ට පිටුපා ක්රියා කරන විට ඔහුට එරෙහිව ඔහුම සාක්ෂිය වනු ඇත:
“නමුත් මිනිසා තම නිදහසට කරුණු ඉදිරිපත් කළ ද ඔහු ඔහුටම එරෙහිව සාක්ෂියක් වන්නේය. (ශු අල්කුර්ආනය 75: 14, 15).
By: Abu Asma

Leave a Reply

Your email address will not be published. Required fields are marked *