දුම්රිය පොලට ගිය මගියෙකුගේ කාර්‍ය භාරය විය යුත්තේ නියමිත දුම්රිය පැමිණෙන තුරු ඊට සුදානම් වෙමින් බලා සිටීමය. එසේම ලෞකික ජීවිතයේදී මිනිසාගේ කාර්‍ය භාරය විය යුත්තේද දෙවියන්ගේ කැඳවීම එන තුරු ඊට සුදානම් වීමය. ඒ අනුව ජිවිතයේ අරමුණ තේරුම් ගත් කෙනෙක් රැකියාවක් කළ යුත්තේ මුදල් වෙනුවෙන්ම නොවේ. ඔහුට එය කුසල් ක්‍රියාවක් කළ හැකිය.දෙවියන් වෙනුවෙන් ජිවත්වන කෙනෙක් රැකියාවෙන් ගනු ලබන පඩියට සරිලන සේවයක් කරනු ඇත. සැබවින්ම වෛද්‍යවරයාගේ අරමුණ විය යුත්තේ රෝගියා ජිවත් කරවීමය. ගුරුවරයාගේ අරමුණ විය යුත්තේ ළමයින්ට දැනුම ලබා දීමය. එය නිසි ලෙස සිදුවේ නම් ළමයින්ට අමතර පන්ති වලට යාමට අවශ්‍ය වන්නේ නැත. වෙළෙන්දාගේ අරමුණ විය යුත්තේ සාදාරන මිලට හොඳ දේ විකිනිමය. පාලකයාගේ අරමුණ විය යුත්තේ සැමට සාධාරණය ඉටු කිරීමය. එසේ කලේ නම් ඔවුන් ගනු ලබන වේතනය ගැන ඔවුන්ටම සතුටට පත් විය හැකිය. මේවා හරි හැටි සිදු වන්නේ නම් එය කුසල් ක්‍රියාවක් බවට පත්කර ගත හැකිය. එවිට ඔවුන් කරන දේ මතු ලොවටත් ප්‍රයෝජනවත් වන්නේය.
එදා වෛද්‍යවරයාට විශාල පිළිගැනීමක් තිබුනේය. එහෙත් අද වෛද්‍යවරයාගේ ගුණ ධර්ම අන්තිමටම පිරිහී ගොස් ඇත. ඔවුන් වෛද්‍යවරුන්ට වඩා මුදලාලිලා බවට පත් වී ඇත. ඔවුන්ගේ මුක්‍ය අරමුණ මුදල් බවට පත්වී තිබේ. එහි ප්‍රථිපලයක් ලෙස ඇතැම් ලෙඩුන්ට සිදු වී තිබෙන්නේ රෝහල් බිල්පත් ගෙවීම සඳහා ඉඩම්කඩම් විකිනිමටය. ලංකාවේ එක්තරා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක සිදු කළ සැත්කමක් අසාර්ථක වීම නිසා එම රෝගියා රජයේ රෝහලකට මාරු කිරීමට සිදු වී ඇත. එහෙත් එම අසාර්ථක සැත්කම වෙනුවෙන් ගෙවිය යුතු විශාල මුදල බැංකුවෙන් ගෙනවිත් ගෙවන තුරු රෝගියාගේ ඥාතියෙකුටව කාමරයක සිරකොට ඇත. ඒ තරමටම එම සේවය අද වන විට ව්‍යාපාරයක් බවට පත්ව ඇත.
එදා ගුරුවරයා ඔහුගේ රාජකාරිය නිසියාකාරව ඉටු කළේය. එබැවින් ළමයින්ට අමතර පන්තිවලට යාමට සිදු වුයේ නැත. එහෙත් අද සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සමත්වීමට නම් අමතර පන්ති නැතුවම බැරි තත්වයක් උදාවී ඇත. මේ සඳහා රජයෙන්ද කිසිම සාදනිය ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් දැකිය නොහැකිය. මෙහි ප්‍රතිපලය ලෙස අද ඇතැම් ගුරුවරුන් මුදලාලිලා බවට පත්වී තිබේ. මේ නිසා දෙමව්පියන්ද අසරණ වී ඇත.
එදා මහජන නියෝජිතයින්ට අද මෙන් පහසුකම් තිබුනේ නැත. එහෙත් ඔවුන් ජනතාව වෙනුවෙන් සේවයක් කළෝය. එහෙත් අද ඔවුන් ජනතා චන්දයෙන් තේරී පත් වු පසු ඔවුන්ගේ ගමන් බිමන් යාම සඳහා කොටි තුනේ හතරේ වාහන නැතුවාම බැරි තත්වයක් උදා වී ඇත. එහෙත් ඔවුන් ව බලයට ගෙන ඒම සඳහා කැපවුණු චන්ද දායකයාට එදා වේල බොහොම අමාරුවෙන් ගැට ගසා ගැනීමට සිදු වී ඇත. තවද මහජන නියෝජිතයින්ගේ සේවා කාලය අවසන් වන විට සුපිරි නිවාසවල හිමිකරුවන් වෙති. ඉන් පෙන්නුම් කරන්නේ ඔවුන් සේවය කොට ඇත්තේ ජනතාවට නොව ඔවුන්ව කෝටිපතියන් කර ගැනීමට බවයි.
එදා යුගයේ ජීවත්වූ පුජකවරුන් ද මිනිසාට ආදර්ශමත් ජිවිතයක් ගත කලෝය. එහත් අද තත්වය ඊට ඉඳුරාම වෙනස්ය. අද ජිවත්වන බොහෝ පුජකවරුන්ගේ අරමුණ දහම පළිහක් ලෙස යොදාගනිමින් ධනය රැස් කිරීමය. බොහෝ පුජකවරුන්ගේ ක්‍රියා කලාපය නිසා දහම දිනෙන් දින වැනසෙන තත්වයකට පතිවී ඇත. මොවුන්ට පුජකයින් යැයි කිව හැකිද? ඔවුන් යන්නේ කොයි අතටදැයි සිතා බැලිය යුතු නොවේද?
මිනිසා කොපමණ මුදල් සෙව්වත් ඒවා ඔහුට ප්‍රයෝජනවත් වීමට හෝ නොවීමට පිළිවන. ඇතැම් විට එය එක් ලෙඩකට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් නොවිය හැකිය. එසේ තිබියදී මිනිසා මුදල් පසු පසම හඹා යාම කොතරම් මුග්ධ කමක් විය යුතුද? මිනිසා කළ යුත්තේ දෙවියන්ගේ ආශීර්වාදය තුල ජිවත් වීම නොවේද?
පසුගිය රජයක එක්තරා හිටපු ඇමති කෙනෙක් අද ජීවත්වන්නේ මළමිනියක් හා සමානවය. ඔහු එවැනි දෙයක් සිහිනයෙන්වත් සිතා නොතිබෙන්නට ඇත. ඔහුට හැකියාව තිබෙන විට මාලිගාවන් වැනි නිවාස තානා ඇත්තේ සැමදාම ජිවත් වනවා යැයි සිතාගෙන විය හැකිය. අද ඔහුගේ සියළු දේ නැතිවී ගොස්ය. එහෙත් එදා ඔහු පින් දහම් කර තිබුනේ නම් ඒවා අද ඔහුට පිහිට වන්නට තිබුණි.
By Fasy Ajward. B.Sc (Sp,Phy) Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.