හිජාබ් අඳින්නන් සැලකිය යුතු අවශ්‍ය අනිවාර්්‍ය කරුණු!
1 : ශරීරය සම්පූර්ණයෙන් වැසීම !
”හිජාබ් වෙත හැරීම – තෙවෙනි කොටස” ග්‍රන්ථයේ කතෘ තම ග්රන්ථයෙහි, කාන්තාවන් තම මුහුණ සහ අතේ මැණික් කටුවෙන් පහළ කොටස වැසිය යුතු නම් වූ අදහස දරණ බව කියයි. තවත් සමහර විද්වතුන්, කාන්තාවන් තමන්ට ද තමන්ගෙන් අනෙක් අයට ද කිසියම් කරදරයක් ඇති නොවන අන්දමින් මුහුණ සහ අතේ මැණික් කටුවෙන් පහළ කොටස නොවසා සිටිය හැකි බව අදහස් කරති. එහෙත් අලංකාර රූ සපුවක් ඇති කාන්තාවක් තම මුහුණ සහ අතේ ආභරණ සහ ආලේප වලින් තව තවත් අලංකාර කරගන්නා කල්හි, එම කාන්තාව ජීවත් වන සමාජය ¥ෂිත වී, එයට අයත් මිනිසුන්ගේ බැල්ම කථාව සහ ක්‍රියාව ද නරක අතට හැරී ඇත්නම් එවිට ඇය තම මුහුණ ද අත්ද නොවසා සිටීම තහනම් කරනු ඇත.
2 : හිජාබය ප්‍රදර්ශනයක් නොවිය යුතුයි !
හිජාබය ප්‍රදර්ශන භාණ්ඩයක් නොවිය යුතුයි. කාන්තාවන්ගේ රුව පිට ට නොපෙන්වීම එහි අරමුණය. අල්ලාහ් එය අනිවාර්්‍ය කර ඇත්තේ ද එම අදහසින් ය.
අල්ලාහ් පවසයි:
”තමන්ගේ රූ සපුව – එයින් පිට ට පෙනෙන දේ හැර (අන් කිසිවක්* පිටත නොපෙන්වන්න.” (අල් කුර්ආන් 24:31*
”තවද ඔබගේ නිවෙස් හි රැුඳී සිටින්න. පසුගිය අඥාන සමයෙහි මෙන් අලංකාරය ප්‍රදර්ශනය කරමින් නොඇවිදින්න” (අල් කුර්ආන් 33 :33*
අල්ලාහ්ගේ මෙම වාක්‍යයන් අපගේ සැලකිල්ලට භාජන විය යුතුයි. හිජාබය ශරීරය වසා ගැනීමට දෙනු ලැබුවකි. ඒ හැර එය ප්‍රදර්ශන ය කරන අලංකාරවත් දෙයක් නොවෙයි. මේ ගැන සිහි බුද්ධියෙන් කල්පනා කරන කාටත් වැටහෙනවාට සැක නැත.
3 : හිජාබය විනිවිද පෙනෙන එකක් නොව, ඝනකම් එකක් විය යුතුයි!
හිජාබ් ඇඳීමෙන් නියම අරමුණ එයින් ඉටුවිය යුතුයි. ඒ හැර කාන්තාවකගේ ශරීරයේ හැඩ රුව පිටට පෙනෙන ලෙස නමට පමණක් සීමාවූ හිජාබයක් විනිවිඳ පෙනෙන වස්ත්‍රවලින් ඇඳීමෙහි කිසිම අර්ථයක් නැත. එය හිජාබය ඇඳගත් නිරුවත් කාන්තාවකගේ රූපය බව කිව හැක.
නබි (සල්* තුමා මෙසේ පවසා ඇත.
”මගේ සමාජයේ පසුකලෙක කාන්තාවන් ඇඳුම් ඇන්ද ද (ඇත්ත වශයෙන්ම* නිර්වස්ත්‍රව සිටියි. ඔවුන්ගේ හිස මත ඔටුවන්ගේ මොල්ලිය වැනි (හිසකෙස් අලංකාරවත්* කර ඇත. ඔවුන්ට ශාප කරන්න. නියත වශයෙන් ඔවුහු ශාපයට ලක්විය යුත්තෝ වෙති”
එතුමා තවත් වරෙක මෙසේ පවසා ඇත.
”මෙම කාන්තාවන් ස්වර්ගයට නොපිවිසෙයි. (එපමණක් නොව* ස්වර්ගයේ සුගන්ධය පවා ඔවුන්ට රස විඳින්නට නොහැකිය, ස්වර්ගයෙහි සුගන්ධය යනු මෙන්න මේ මේ ආකාරයේ දුරකට හමනු ඇත”
මෙම අගනා උපදෙස් තුළින් අපට වැදගත් දෙයක් වටහා ගත හැකි ය. එනම් කිනම් කාන්තාවක් විනිවිඳ පෙනෙන, ශරීරයේ හැඩරුව එලෙසම පෙනෙන ඇඳුම් අඳින්නේ ද, එම කාන්තාව මහත් පාපයක් කරන්නී ය. එයින් ඇය මහත් විපතකට ළංවන්නීය යන බව ය.
4- හිජාබය ශරීරයට තද එකක් නොවී බුරුල් එකක් විය යුතුයි!
හිජාබය හිංසා පීඩාවලින් සහ පාප කි‍්‍රයාවලින් ආරක්ෂාව ගෙන දෙන එකක් ය. එනිසා එය ශරීරයට තදව ඇත්තේ නම් එයින් ලැබිය යුතු ආරක්ෂාව නොලැබෙයි. එසේ ඇඳීමෙන් ශරීරයේ හැඩ රුව කැපී පෙනෙන්නේ නම් එය හිජාබයට ප්‍රති විරුද්ධ ක්‍රියාවකි.
උසාමා බින් සයිද් (රලි* තුමා පවසයි:
”නබි (සල්* තුමා දිහ්යතුල් කල්බි* විසින් තෑග්ගක් වශයෙන් ලැබුණු ඝනකම් කුබ්තියියාහ් නමැති (ඊජිප්තුවේ නිම වූ කපු* ඇඳුමක් මට දුන්නේ ය. මම එය මගේ බිරිඳට දුනිමි. නබි (සල්* තුමා ‘‘ඔබ එම කුබ්තිය්යාව නොඇන්ඳේ මන්ද? යි විමසුවේය. මම එය මගේ බිරිඳට දුන් බව කීවෙමි. (එවිට* එතුමා (එය අඳින විට* ඇතුළෙනුත් ඇඳුමක් අඳින ලෙස ඇයට කියන්න. ඒ මන්ද යත් ඇයගේ ශරීර හැඩරුව පිටත පෙනෙන ලෙස එය තිබේවිදෝ යනු මම බියවෙමියි” කීවේය. (මූලාශ්රයන්: අහ්මද්, අත් තබරානි,අල් බයිහකි*
5- හිජාබයේ සුවඳ විළවුන් ආලේප නොකළ යුතුයි!
නබි (සල්* තුමා පැවසූ හ:
”කාන්තාවක් සුවඳ විළවුන් ආලේප කරගෙන එය මිනිසුන් ආඝ්‍රාණය කරන ලෙස ඔවුන් පසුකර යන්නේ නම් ඇය ‘ෂානියා (ගනිකා* වකි” (මෙම හදීසය ඉමාම් අහ්මද්,අන්නිෂාඊ, යනාදීන් පවසයි. මෙම පවසන අනෙක් කෙනෙකු වන අල් හාකිම්, මෙයට විශ්වාස කළ හැකි පවසන්නන්ගෙ පෙළක් ඇත යනුවෙන් පවසයි
6- හිජාබය පිරිමින්ගේ ඇඳුම් මෙන් තිබිය යුතුයි!
නබි (සල්* තුමා පැවසූහ : ”පිරිමින් මෙන් ඇඳුම් අඳින කාන්තාවන් මෙන් ඇඳුම් අඳින පිරිමින්ට අප හට අයත් නොවූවන් වෙයි”
අබූ හුෙරෙරා (රලි* තුමා පැවසූ හ:
”නබි (සල්* තුමා කාන්තාවන්ගේ ඇඳුම් අඳින පිරිමින්ට ද පිරිමින්ගෙ ඇඳුම් අඳින කාන්තාවන්ට ද ශාප කළ හ. (මෙම හදීසය ඉමාම් අහ්මද් , අබූ නඊම් යනාදීන් පවසයි. අල් අල්බානි තමාගේ ‘හිජාබ්’ නම් වූ ග්‍රන්ථයේ මෙය සත්‍ය එකක් බව පිළිගෙන ඇත.* (පිටු අංත 66:67 බලන්න*
”නබි (සල්* තුමා කාන්තාවන්ගේ ඇඳුම් අඳින පිරිමින්ට ද පිරිමින්ගේ ඇඳුම් අඳින කාන්තාවන්ට ද ශාප කළ හ” (මෙය අබූ දාවුද් ඉබ්නු මාජාහ් අල් හාකිම් ඉමාම් අහ්මද් යනාදීන් පවසයි. ඉමාම් මුස්ලිම්ගේ අදහස අනුව මෙය සත්‍ය එකකි” යනු අල් හාකිම් පවසයි. අත්තහබ් මෙය පිළිගෙන ඇත. ඉමාම් නවවි ද මෙය සත්‍ය එකක් බව පිළිගෙන ඇත.*
නබි (සල්* තුමා නැවතත් පැවසුවේ ය:
”තිදෙනෙක් ස්වර්ගයට පිවිසෙන්නේ නැත. අල්ලාහ් විනිශ්චය දිනයෙ හි ඔවුන් දෙස බැල්ම හෙළන්නේ නැත. (ඔවුන් කවරෙහු ද යත්* තමාගේ දෙමව්පියන්ට කළයුතු යුතුකම් ඉටුනොකරන තැනැත්තන් පිරිමින් මෙන් ඇඳුම් ඇඳ ඔවුන්ගේ ගති ගුණට සමාන ව හැසිරෙන කාන්තාවන් තම බිරිඳ විෂමාචාරයේ හැසිරෙන බව දැන දැනත් (එය නැවැත්වීම ට තැත් නොකර* එයට උදව් කරන්නත් (යන පිරිස වේ* (මූලාශ්රයන්: අන්නසාඊ, අහ්මද්, ඉබ්නු හුෙසෙමා*
7- හිජාබය කාෆිර් (මුස්ලිම් නොවන* කාන්තාවන්ගේ ඇඳුම්වලට සමාන නොවිය යුතුයි!
නබි (සල්* තුමා පැවසූහ:
”කවරෙකු කිනම් සමාජයක ට සමාන ව (තම කාර්්‍යයන්හි* සිටින්නේ ද ඔහු ඔවුන්ගේ කෙනෙකු වෙයි” (අබූ දාවුද් අහ්මද් නම් වූ අය (වෙනත් හදීසයක කොටසක් වශයෙන්* මෙය කියයි ඉබ්නු තයිමියියා (රහ්* තුමා මෙයට යහපත් (අබූ දාවුද් දෑත්වූ පරිදි* පවසන්නන්ගේ පෙළක් ඇති බව ද මෙය සත්‍ය හදීසයක් බවද කියයි. අස්සුයුතියි මෙය,හසන් – හොඳයි – යනු කියයි ඉබ්නු හජර් මෙය ෆතුහුල් බාරි ග්‍රන්ථයේ සඳහන් කර යහපත් පවසන්නන්ගේ පෙළක් ඇති බව කියයි.*
අබ්දුල්ලාහ් බින් උමර් (රලි* තුමා පැවසුවේය:
”මම කහ පාට ඇඳුම් දෙකක් ඇඳ සිටීම නබි (සල්* තුමා දුටුවේය. එවිට එතුමා ‘මෙම ඇඳුම් කාෆිර්වරුන් (මුස්ලිම් නොවන්නන්* ගේ (සාමාන්‍යයෙන් නිතර අඳින* ඇඳුමකි. එම නිසා මෙය (ඔබ* නොඅඳින්න යි කීවේ ය. (සහීහ් මුස්ලිම් ඉංගී්රසි වෙළුම 3 හදීස අංකය 5173*.
8: හිජාබය ප්‍රසිද්ධිය තකා අඳින්නක් නොවේ!
නබි (සල්* තුමා පැවසූහ:
”කවරෙකු ලෞකික ආශාව ඇති කරන ඇඳුම් අඳින්නේ ද ඔහුට අල්ලාහ් මරණින් මතු ජීවිතයෙ හි නින්දා සහගත ඇඳුම් අන්ඳවන්නේ ය. පසුව ඔහු ගින්නෙහි දමනු ලැබේ. (මෙය අබූදාවුද් ඉබ්නු මාජාහ් දෙදෙනාම පවසයි.අල් මුන්දර් සහ ඉබ්නු මෆ්ලිහ් මෙය ‘හසන් – හොඳයි යනු කියයි. ඉමාම් අස්සව්කානි’ මෙම පවසන්නන් විශ්වාස කළ යුත්තෝය. යනු කියයි. අල් අල්බානි තම ‘හිජාබ්’ නම් ග්‍රන්ථයේ (පි:110* මෙය හසන් හොඳයි යනු පවසයි.
පිරිමියෙක් හෝ කාන්තාවක් තමන් ව ප්‍රසිද්ධියට පත්කර ගැනීම පිණිස අඳින කිනම් ඇඳුමක් වූව ද, එය ප්‍රසිද්ධි තකා අඳින ඇඳුමක් වශයෙන් කිව හැක. එක් ඇඳුමක් අධික මිල දී ලෞකීක ජීවිතය අහංකාරවත් ව, කාගේත් වර්ණනාවට ලක්වන පරිදි තබාගැනීමේ චේතනාවෙන් ගත හැක. නැතහොත් ලෞකීක ජීවිතය ගැන වැඩි තැකීමක් නොමැතිව සාමාන්‍ය චාම් ඇඳුමක් ද තෝරාගත හැක. කෙනෙකු නොයෙකුත් වෛර්ණ ඇඳුම් ඇඳ අනෙක් අයගේ ආකර්ෂණයට ලක්වීමටත්, ආඩම්බරයෙන් හැසිරීමටත්, මමත්වයෙන් පිපිරීමටත් පුළුවන.
ඇත්ත වශයෙන් ම අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් තෝරා ගන්නා ඇඳුම් පමණය යහපත් වන්නේ! එය මෙලොව ජීවිතයෙ හි සදාචාරය පිවිතුරත්වය සහ යහපත් තත්ත්වය ගෙනදෙයි. මරණින් මතු ජීවිතයෙ හි එය වෙනුවෙන් ලැබෙන ත්‍යාගයන් ද අනන්ත අප්‍රමාණ වේ.
9 – විඳහා පෙන්වීමේ සැඟවුනු ක්රමයන්!
හිජාබය ගැන මෙතෙක් ගෙන දැක් වූ විස්තර අනුව එයට අදාළ වූ කොන්දේසි හා සීමාවන් මොනවාදැයි පාඨක සහෝදරයින් වටහා ගෙන ඇති බව සිතමු. නමුත් අවාසනාකවට මෙන් තරුණ මුස්ලිම් කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙක් මෙම කොන්දේසි හා සීමාවන් පිළිගෙන හැසිරෙන බව නොපෙනෙයි. ඔවුන දැන් අඳින ඇඳුම් හිජාබය බව වැරදිව සිතාගෙන සිටිති. ඉස්ලාමයේ ප්රබෝධය නොරුස්සන අය හා එය ලොවින් තුරන් කිරීමට වෙහෙසෙන සතුරෝ හිජාබය නැති කිරීමට හැකි සෑම වෑයමක් ම කරති. එහෙත් අල්ලාහ් ඔවුන්ගේ සියලූම ප්රයත්නනයන් පරදවා විශ්වාසවන්ත වූ ස්තී‍්‍ර පුරුෂයන් තමාට අවනතව හැසිරීමෙ හි සිථිරව සිටීමේ දැඩි සිතක් දුන්නේ ය.
මෙයින් ඉස්ලාමයට විරුද්ධව කිසිවක් කිරීමට බැරි බව වටහා ගත් සතුරෝ වෙනත් උපායයන් කෙරෙහි කල්පනා කරන්නට විය. ඉස්ලාමය වංචනික ලෙස යොදා ගත් කුටෝපක්රම තුළින් මිස වෙනත් ක්‍රමයකින් නැතිකළ නොහැකි බව ඔවුහු සිතූහ. අල්ලාහ්ගේ තෘප්තිය තකා ඉස්ලාමය පිළිපදින මුස්ලිම් වරුන් වැරදි මාර්ගයන් හි යොමුකරලීමට ඔවුන් ගත් නොමනා පියවර එමටය.
එමගින් ඇති වුවකි අළුත් ක්රමයේ හිජාබය. එක් අතකින් කාන්තාවන්ට අල්ලාහ්ගේ තෘප්තියට එකඟව හිජාබ් අඳින්නමු යි’ නම් අදහස තම සිත් තුළ ඇතිකර ගැනීමටත් අනෙක් අතින් සමාජීය හැඟීම්වලට එකඟව තමන්ගේ ශරීරයේ හැඩ රුව උලූප් කොට පෙන්වන ක්‍රියා මාර්ගයක් ගෙන හැසිරීමටත් මෙම අළුත් හිජාබය ඉඩ දුන්නේ ය.
එහෙත් නියම ඉස්ලාමීය හිජාබය පැතිරෙන්න පටන්ගත් විට නවීන පන්නයේ වෙළඳ පොළවල් හි වෙළෙඳාම් ක්‍රමයෙන් පහත වැටීමට පටන් ගත්තේ ය. එවිට ‘තබර්රුජය’ අනුව හැඩ ගැසුනු වෙනත් හිජාබයන් නවක සමකාලීන ඇඳීමට පහසු ඒවා බව හඳුන්වනු ලබා පොදු වෙළඳ පොළ කරා ගෙන එනු ලැබුනේ ය. එහෙත් සෑම පැත්තකින් ම මෙයට විරෝධව අදහස් ගලා එන්න විය. කාන්තාවෝ ද මෙයින් ප්‍රවේශම් වීමට වග බලාගත් හ.
මෙකල් හි ඉස්ලාමීය හිජාබය නිසා සිත්තැවුල ට පත් ව සිටි, පුහු ආටෝපයට ලැඳී රූප සුන්දරියන් සමූහයක් එම නියම හිජාබය සැමතැන ම පැතිරිමෙන් ඇති වූ සමාජ හැඟීමෙන් තමන් ව බේරා ගැනීම පිණිස ඉහත සඳහන් අළුත් හිජාබය වෙත ඇඳී ආහ. කාලයක් යනවිට මෙම අළුත් හිජාබය එම රූප සුන්දරියන්ගේ රූපය විදහා පෙන්වීමේ ක්‍රමයක් බවට පත් විය. මෙය ඇඳගත ඔවුන් තමන් ඉතා හොඳ කාන්තාවන් බවත් ඉතා හොඳ භාර්යාවන් බවත් සිතන්නට වුනි.
එහෙත් කවියෙකුගේ අදහස් අනුව ඔවුන්ගේ තත්ත්වය මෙයයි:
‘හිජාබය ට
ඔවුන් සම්බන්ධවන්නේ
ආරාධනාවක් නැතිව
ආදරය රැුගෙන එන
අන්‍යයෙකු ට මෙන් ය!’
මෙවැනි කාන්තාවන්ට අපි එක අදහසක් තරයේ ප්‍රකාශ කරන්න කැමති වෙමු. එනම් කවර මිනිසුන් තමන්ගේ සිත් තුළ ඇති වැරදි අදහස් සඟවාගෙන පිටතින් ඔබව ප්‍රශංසා කරන්නේ ද ඔවුන් ට රැුවටෙන්න එපා. අල්ලාහ් සහ ඔහුගේ වක්තෘ නබි (සල්* තුමා ඔබ සිත් හි රඳවා ගන්න. තව ද තමාගේ සුන්දරත්වය අලංකාරය මුළුමනින් පෙන්වාගෙන සැරිසරන කාන්තාවන් ට වඩා අපි උසස් වෙමු‘යි සිතා ඔබව ඔබම රවටාගන්න එපා. ඇත්තෙන් ම පාපකාරි ක්‍රියාවන්ට සමාව නැත. අපා ගින්නෙ හි විවිධ දඩුවම් ගෙනදෙන පහත් තරාතිරමෙන් යුත් ක්‍රම ඇත. එමෙන් ම ස්වර්ගයෙ හි සැප හා සතුට ගෙනදෙන ඉතා උසස් තරාතිරමෙන් යුත් ක්‍රම ඇති බවත් අපි දැන ගත යුතුයි. එම නිසා නියම ඉස්ලාමීය හිජාබයේ තතු නිසියාකාරව ම දැනගෙන එය පිළිපදින ඔබගේ සහෝදරියන් අනුගමනය කිරීම විනා තවත් අගනා මාර්ගයක් ඔබට නැත.
නබි (සල්* තුමා මෙසේ පැවසුවේ ය:
”ලෞකික කාර්්‍යයන් හි ඔබට පහත් තත්ත්වයේ සිටින්නන් දෙස බලන්න. ආගමික කාර්්‍යයන් හි ඔබට වඩා උසස් තත්වයෙ සිටින්නන් දෙස බලන්න. එය ඔබට අල්ලාහ් ප්රදානය කර කර ඇති න්‍යායයන් හි වැද ගැම්මක් නොමැති බව නොසිතා සිටීමට අගනේ ය”
(මෙම හදීසයේ මුල්වාර්තාව ‘අල්බුහාරි’ ග්‍රන්ථයේ ‘රිකාක්’ පාඩමේ ද ‘‘මුස්ලිම්’ ග්‍රන්ථයේ ‘‘අස්සුහ්ද්’’ පාඩමේ ද ‘අත්තිර්මිදි’ ග්‍රන්ථයේ ‘කියාමත්’ පාඩමේ ද සඳහන් වෙයි.*
උමර් ඉබ්නු කත්තාබ් (රලි* තුම පහත සඳහන් කුර්ආන් වාක්‍ය පාරායනා කළ බව ‘අස්සුහ්රි’ පවසයි.
”අල්ලාහ් අපගේ අධිපතියා යා” යි යමෙක් පවසා එහි දැඩි ස්ථාවරයෙන් සිටින්නේ ද, නියත වශයෙන්ම ඔවුන් වෙත මළායිකාවරු පහළ වන්නේ ය. තව ද, (එම මලායිකාවරු* ඔවුන්ට බිය නොවන්න, දුක් නොවන්න, ඔබට පොරොන්දු වී ඇති ස්වර්ගය පිළිබඳ වූ ශුභාරංචියෙන් සතුටුවන්න! යනු කියයි” (අල් කුර්ආන් 41:30*
පසුව එතුමා කීවේ ය:
”අල්ලාහ් ගේ නාමයෙන්, ඔවුන් අල්ලාහ් ට කීකරු වී ඔහුගේ සෘජු මාර්ගය අනුගමනය කළේ ය. එසේ නැතිව (ඔවුන්* වෘකයන් මෙන් බොරුවට අඟවාගෙන සිටියේ නැත.”
හසන් අල් බසරි (රහ්* තුමා කීහ:
”ඔබ අල්ලාහ් ට සම්පූර්ණයෙන් අවනත වී ඔහුගේ මාර්ගයේ නොනැවතී යන බව ෂෙයිතාන් දකින්නේ නම් (ඔබ ව නොමග යවන්න* විටින් විට ඔහු මඟක් සොයන්නේ ය, එහෙත්, ඔබ ඔබගේ මහමග හි ස්ථීරව සිටින බව ඔහු දකින්නේ නම්, ඔහු වෙහෙසට පත් වී ඔබව (නොමග යවන උත්සහයන්* ඈත් වන්නේ ය. එනමුත්, ඔබ එක් වතාවක් යහමග හි ස්ථීරව සිටී මෙන් (පසුව* වෙනත වතාවක දුබල වන්නේ නම්, එවිට ඔහුගේ මාර්ගයෙහි ඔබව ගෙනයන්න ආශාව ඇති කරගන්නා වන්නේය” (ඉබ්නුල් මුබාරක් තුමාගේ ‘අස්සුහ්ද්’ නම් වූ ග්‍රන්ථයේ පි අංක 7: අංක 20 වාර්ථා කරයි.*
එහෙයින්, කිසිදු ඇල හැප්පීමක් නොමැති යහමග (ඉස්ලාමය* දෙස පිය නගන්න, මෙහි යහපත් ජීවිතයක් සඳහා වූ මග පෙන්වීමක් ඇත. තමන්ගේ වැරදි, පාප ක්‍රියා ගැන සිතා පශ්චාත්තාපයට පත් වී එන අයට මෙහි සහනය ඇත.
අල්ලාහ් පවසයි:
”විශ්වාස වන්තයෙනි! ඔබ සැම එක් වී පශ්චාත්තාපයෙන් යුතුව අල්ලාහ් ගෙන් සමාව අයැද සිටින්න. ඔබට ජය අත්වන්න පුළුවන.” (අල් කුර්ආන් 24:31*
සවන් දෙමු, සාදරයෙන් පිය නගමු!
ඉතා යහපත්, සැබෑ මුස්ලිම්වරුන් වෙත අල්ලාහ්ගේ ආඥාවන් ලැබුණු විගස, ඔවුන් ඒවා මැනවින් අවබෝධ කරුනීමට උත්සාහර දරයි, ඉනික්බිතිව, ඉස්ලාමය කෙරෙහි ආශාවෙන් හා භක්තියෙන් යුතුව, නබි (සල්* තුමාගේ සුන්නාහ් ව දැනගෙන ජීවත් වන්න පෙළඹෙයි. මොවුන්, තම ජීවිතයේ අරමුණ නොදැන ජීවත් වන මිනිසුන්ගේ වැරදි තමන්ට පාඩුව ගෙන දෙන මාර්ගයන් ගැන සිත යොමු නොකරයි. අල්ලාහ්, තමාට සහ තම වක්තෘවරයාට පිටුපාන්නන්ගේ විශ්වාසය ප්‍රතික්ෂේප කරයි.
අල්ලාහ් පවසයි: ”අපි අල්ලාහ් ද වක්තෘවරයා ද විශ්වාස කළෙමු, ඔවුන්ට කීකරු ද වෙමු, යනු ඔවුහු කියති. එහෙත් එයට පසුව, ඔවුන්ගෙන් පිරිසක් (කීකරු නොවී* ප්‍රතික්ෂේප කරති. එබැවින් මොවුන් සැබෑ මුඃමින්වරු නොවෙත්. ඔවුන් අතර හටගන්නා ආරවුල් වල දී (අල්ලාහ්ගේ* වක්තෘවරයා විසඳුම් ලබාදීම පිණිස, අල්ලාහ්ගේ තවද, ඔහුගේ වක්තෘවරයා වෙත ද කැඳවනු ලැබුවහොත් ඔවුන්ගෙන් පිරිසක් ප්‍රතික්ෂේප කර යති.”
(අල්කුර්ආන් 24: 47, 48*.
අනෙක් පැත්තෙන් දේව විශ්වාසවන්තයින්ගේ උතුම් ගුණාංග ගැන ද අල්ලාහ් මෙසේ පවසයි:
”දේව විශ්වාසය ඇති අය අතර ඇති ආරවුල් වලදී විසඳුම් ලබාදීම පිණිස අල්ලාහ් වෙත ද, ඔහුගේ වක්තෘවරයා වෙත ද, කැඳවනු ලැබූ කල්හි, අපි සවන්දුන්නෙමු, කීකරු වෙමු! යනුවෙන් පවසයි. මෙවන් අය ජය ලබන්නෝ වෙති. කවර අය අල්ලාහ්ට සහ ඔහුගේ වක්තෘවරයාට කීකරු වී, අල්ලාහ්ට බිය වී ඔහුට විරුද්ධව හැසිරීමෙන් වළකින්නේ ද, ඔවුහු ජය ලබන්නෝ වෙති.” (අල්කුර්ආන් 24: 51, 52*.
ෂයිබා ගේ දියණිය වූ ෂෆියියාගේ මෙසේ කීවා ය:
”අපි ආයාෂා (රලි* තුමිය සමඟ සිටිය අවස්ථාවක දී කුෙරෙෂ් (කුලයේ* කාන්තාවන් ගැන හා ඔවුන්ගේ උසස් ගති ගුණ ගැන ද කීවෙමු. එවිට, ආයිෂා (රලි* තුමිය, ඇත්තෙන් ම කුෙරෙෂ් (කුලයේ* කාන්තාවන් වෙත උතුම් ගති ගුණ ඇත්තේය. එමෙන් ම, අල්ලාහ්ගේ නාමයෙන්, අල්ලාහ්ගේ ග්‍රන්ථය (කුර්ආනය* පිළිගැනීමේ දීත්, (ඔහු* අනාවරණය කළ දේ කෙරෙහි විශ්වාසය තැබීමේදීත් අන්සාරි කාන්තාවන්ට වඩා ශ්රේෂ්ඨවත් අය මම නොදැක්කෙමි යි කීවා ය. (මෙතකින් නොනැවතුනු එතුමිය* ”නූර්” නම් වූ පරිච්ඡේදය අනාවරණය කළ විට,
”තමන්ගේ පයෝදර උතුරු සළුවකින් අනාවරණය කළ යුතුයි” (අල්කුර්ආන් 24: 31*.
නම් වූ වාක්‍යයත් එහි අඩංගු බව දැනගත් ඔවුන්ගේ ස්වාමි පුරුෂයින්, වහාම ඔවුන් වෙත හැරී එය පාරායනය කළෝය. මෙලෙස තම – භාර්යාවන්ටත්, දියණියන්ටත්, සහෝදරියන්ටත්, සෑම කාන්තාවකටත් එම පාඨය පාරායනය කර පෙන්නූ හ. මෙයට සවන් දුන් කාන්තාවන්ගෙන් එක් කාන්තාවක්වත් නොහැර (සැම දෙනාම* තමන්ගේ ”මිර්ත්” වැස්ම ගෙන හිස, මුහුණ යනාදිය වසා ගත් හ. අල්ලාහ් තම වාක්‍යයන් අනාවරණය කළ විට, ඒවා සම්පූර්ණයෙන් පිළිගෙන, විශ්වාස කර මෙලෙස ඔවුන් (අන්සාරී කාන්තාවන්* හැසුරුණේය. පසු දින උදෑසන නබි (සල්* තුමාගේ පිටුපසින්, තම තමන්ගේ හිසෙහි කළු කපුටෝ සිටිනවා මෙන් වසාගෙන ඔවුහු පැමිණිය හ.
එහෙයින්, අල්ලාහ්ගේ අණ පිළිපැදීම හැර විමුක්තියට වෙනත් මාර්ගයක් නැත. ඔහුගේ අණ පිළිපැදීමෙහි අබමල් රේණුවක තරම්වත් පසුබට නොවිය යුතුයි.
මාගේ මුස්ලිම් සහෝදරියනි! තම තමන්ගේ වැරදි තේරුම් ගෙන, පශ්චාත්තාපයට පත්වී, සමාව අයැ ද, පිවිතුරු (වැරදි වලින්* නිදහස් වීමට එන්න. ”මම මගේ පව් ගැන පශ්චාත්තාපයෙන් යුතුව අල්ලාහ්ගෙන් සමවා අයැද සිටිමි, හිජාබය නියමාකාරයට ම පිළිපැද මාගේ ශරීරය වසා ගතිමි”යි කියන්න. අපගේ පාපයන් කෙරෙහි සමාව අයැද සිටීම අතපසු කිරීම ද පාපයක් ය.
මූසා (අෙලෙ* තුමාගේ මුවින් පිට වූ වචනයක් ඔබගේ මුවිනද් පිටවිය යුතුයි.
එම වචන මෙසේය:
”මාගේ අධිපතියාණෙනි! මම ඉක්මන් වී ඔබ වෙත පැමිණ ඇත්තේ, ඔබ මා කෙරෙහි තෘප්තිමත් වීම පිණිස වේ. !” (ශු අල්කුර්ආන් 20: 84*.
එමෙන්ම, විශ්වාස වන්තයන් වූ ස්ත්‍රී පුරුෂයන්ගේ පොරොන්දුව මෙන් ඔබගේ පොරොන්දුව ද විය යුතුයි.
එම පොරොන්දුව මෙසේය:
”(අපගේ අධිපතියාණෙනි!* අපි මාර්ගෝපදේශය ඇසීමු. ඊට අවනත ද වීමු. අප ස්වාමිනි, අපට සමාව දෙතැයි අපි ඔබගෙන් අපේක්ෂා කරමු. සියලූ දෙනාම යළි පැමිණිය යුත්තේ ඔබ වෙතටයි.” (ශු අල්කුර්ආන් 2: 285*.
සමාප්තයි.
මහාචාර්ය සෙයික් මුහම්මද් බින් ඉස්මායිල්
ඉංග්‍රීසි පරිවර්තනය හා අර්ථ විවරණය
ආචාර්්‍යය සාලිහ් අස් සාලිහ්
සිංහල පරිවර්තනය
එස්. එම්. මන්සූර්