10. එක් කාන්තාවකට එක් අවස්ථාවක
විවාහ විය හැක්කේ එක් පිරිමියෙකු සමඟද?

අල්ලාහ් විසින් මවන ලද මානව වර්ගයාට කිසිම භේදයකින් තොරව සියලූ අයිතිවාසිකම් ලබාදී ඇති අතර මිනාසාගේ යහපත තකා ඇතැම් දෑ තහනම් කර ඇත. දෙවියන් ලබා දුන් අයිතීන් මිනිසුන්ගෙන් පැහැරගනු ලබන අවස්ථාවලදී ඒ වෙනුවෙන් ඉදිරිපත්වී එම අයිතීන් ලබා ගැනීමට තරම් හැකියාවක් නොමැති අය, දෙවියන් විසින් ලබා නොදුන් අනවශ්‍ය දෑ තම අයිතීන් ලෙස සලකා ලබා ගැනීම සදහා සටන් කරති.
ශරීර ශක්තිය හා ආර්ථික පහසුකම් ඇති පිරිමින්ට අවශ්‍ය නම් එකවර කාන්තාවන් හතර දෙනෙක් විවාහ කර ගැනීමට ඉස්ලාමය අයිතියක් ලබා දී ඇති අතර මේ අයිතිය කාන්තාවන්ට ලබා නොදුන්නේ මන්දැයි ඉස්ලාමය විවේචනය කරන ඇතැම් අය වාද කරති. මේ ප‍්‍රගතිශීලීන් කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් කරන කරුණු පිළිගත හැකිද? ඒ සඳහා කාන්තාවන්ගේ (ශාරීරික* ස්වභාවය ඔරොත්තු දෙන්නේද යන්න විමසා බැලිය යුතුය.

පවුලක් තුල පිරිමියෙකුගේ මූලික වගකීම වන්නේ පවුලේ නඩත්තුවට අවශ්‍ය ආර්ථික පසුබිම් සැකසීමයි. ඊට අමතරව තම දරුපවුලට හා දෙමව්පියන්ට රැුකවරුණය සැළසීම වැනි දෑද ඔවුන්ගේ යුතුකම් අතර වන්නේය. පිිරිමින්ට විවාහ හතරක් කරගත හැකි බවට ඉස්ලාම් අවසරයක් දී තිබෙන්නේ කොන්දේසි සහිතවය. භාර්යාවන් හතර දෙනා එක සමානව නඩත්තු කළ හැකි මානසිකත්වයක්, ආරක්ෂා කිරීමට අවශ්‍ය ආර්ථික පහසුකම්, සතුටු කරවීමට ප‍්‍රමාණවත් ශරීර ශක්තිය ආදිය ඇති අයට පමණක් එක් කාන්තාවකට වැඩියෙන් විවාහ කරගැනීමේ අනුමැතිය ලැබෙන්නේය. ඉහත කරුණු වලින් එකක් හෝ දුර්වල නම් එකකට වැඩියෙන් විවාහ කරගැනීම තහනම් කර ඇත.

”ඔබලා කැමැති නම් කාන්තාවන් දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ හතරදෙනෙක් විවාහ කරගන්න. එහෙත් මොවුන් සියලූ දෙනා එක සමානව නඩත්තු කළ නොහැකි වේ යැයි බියවන්නේ නම් එක කාන්තාවක් පමණක් විවාහ කරගන්න.” (අල්-කුර්ආන් 4ඃ3*
පිරිමින්ට එකකට වැඩියෙන් විවාහ කර ගැනීමට විවිද කොන්දේසි සම්පූර්ණ විය යුතු යැයි නම්, පවුලේ අධික බර හා වගකීම් පැවරෙන කාන්තාවක් එකවර ස්වාමිපුරුෂයින් 4 දෙනෙක් සමග විවාහ වීම කෙසේ සාර්ථක වන්නේද? එක ස්වාමි පුරුෂයකු හා විවාහවී සිටින කාන්තාවකට සැමියාගේ වයස්ගත දෙමව්පියන් දෙදෙනාට උපස්ථාන කිරීමට හා ඔවුන් සතුටු කරවීමට නොහැකිව ලතැවෙන අවස්ථාවක හතර දෙනෙක් සමග විවාහවී වැඩිහිටියන් අට දෙනෙකුට ඇය කෙසේ ඇප උපස්ථාන කරයිද?
එක් සැමියෙක් සිටින බිරිදක් තම සැමියාට රුකියාවක් කළ හැකි යැයි හැෙඟන ප‍්‍රදේශයකට තම සැමියාත් සමග ගොස් ජීවත්විය හැකිය. සැමියන් හතර දෙනෙක් සමග ජීවත් වන කාන්තාවකට එවැනි ගැටළුවකදී කෙසේ මුහුණ දිය හැකිද? ගිවිසුමක් අනුව හතරදෙනාම එක ගමේම පදිංචිවීමට සැළසුවත් සැමියන් හතර දෙනාටම එකම අවස්ථාවක ඇය අවශ්‍ය වුනොත් ඇය පළමුවෙන් තෝරාගන්නේ කාවද? ඒ සඳහා ඇයට කායික හා මානසික ශක්තියක් තිබේද? එවැනි හැකියාවක් තිබුණත් හතර දෙනෙක් සමග ජීවත් වන ඇය ගැබ් ගෙන මාස දහයකින් පසු ලැබෙන දරුවාගේ පියා ගැන ගැටළුවක් මතුවනවා නොවේද?
දරුවෙකුට පියවරුන් හතර දෙනෙකු සිටිය නොහැක. එසේ නම් ළමයාගේ නමට මුලින් හතරදෙනාගේම මුල් අකුරු සදහන් කළ යුතුය. එසේ නැත්නම් හතරදෙනාගේම මුල් අකුරු නොදමා අනාථ දරුවෙකු ලෙස නම් කරන්නීද? ඒ දරුවා තම පියාගේ නම කුමක්දැයි ප‍්‍රශ්න කළොත් ඇය දෙන පිළිතුර කුමක්ද? දරුවා කාගේ ද යන්න හරි තීරණයක් නොමැති විට ස්වභාවිකව පියා හා දරුවා අතර ඇති සෙනෙහස නැතිවන්නේය. එසේත් නැත්නම් ඒ හතරදෙනාම දරුවා මගේය කියා ආරවුලක් ඇති විය හැක. එවැනි අවස්ථාවක් උදා වුනොත් ඇය දරුවා භාරදෙන්නේ කාහටද?
මෙවැනි වාතාවරණයක කිසිවකුගේ සෙනෙහසක් නොලබන ඒ දරුවා මානසික වේදනාවකින් යුතුව ගෙවයි. මෙවැනි හීනවූ මානසිකත්වකින් වැඩුන තරුණ තරුණියන් සමාජයට අහිත කර, කරදරකාරී පිරිසක් වන්නේය. ඇමරිකාවේ මෙවැනි අසම්මත දරු උපත් නිසා පිළිසරණක් නැති, මත්ද්‍රව්‍ය හා අපචාරවලට ගොදුරුවූ හිංසාකාරි සමාජයක් බිහිවී ඇත. මනුෂ්‍යත්වයට නොගැළපෙන නීතියක් ඉස්ලාමය පනවා නොමැති බව දැන්වත් මේ ප‍්‍රගතිශීලීන් තේරුම් ගනීවිද?

සකස් කිරීම:
ඒ. එච්. ෆාතිමා ජනූෆා

පරිවර්තක:
සෙයියද් මුහම්මද්

ප‍්‍රකාශනය:
(සෙයිලාන් මුස්ලිම් තරුණ සංවිධානය*
කොළඹ – 10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *