6. දේශපාලනය
ඉස්ලාම් දහම කාන්තාවන්ගේ නිදහස සීමාකර තිබේ. ඔවුන්ට නිදහසේ සැරිසරන්න ඉඩක් නැත. ඉස්ලාම් යනු අයුක්ති සහගත ආගමක් යැයි ප‍්‍රකාශ කරන සමහර කාන්තා නිදහස් සටන්කාමීන්, ගැහැණු පිරිමි දෙපාර්ශවයටම දේශපාලන වශයෙන්ද සම තැන ලබා දිය යුතු යැයි හඬ නඟති. දේශපාලනයේ ප‍්‍රවර්ධනය ගැන සිතන මොවුන් කාන්තාවන්ට මුහුණ දීමට සිදුවිය හැකි අසුභවාදී පැත්ත ගැන කල්පනා කර නැත.
ඉස්ලාම් දහම කාන්තාවන්ගේ ශක්තියට හා හැකියාවන්ට අනුකූලව අවශ්‍ය සෑම නිදහසක් මෙන්ම අයිතීන්ද ලබාදී ඇත. ඔවුන්ට ඉසිලිය හැකි ප‍්‍රමාණයට වැඩි බරක් ඔවුන් මත පටවා නැත.
දේශපාලනය ගැහැණුන්ගේ ස්වභාවයට (ශක්තියට* ඔරොත්තු නොදෙන දෙයකි. රටක් පාලනය කිරීම නිවසක් පාලනය කිරීමක් මෙන් නොවේ. රටක නායකත්වයක් දැරීමේදී පාලකයා රටේ මුළු මහත් ප‍්‍රජාවගේම ඕනෑ එපා කම්, දුක සැප හා ජීවිතයේ නිතර ඇතිවන ගැටළු ආදිය දැන ගැනීමටත් ඒවාට අවශ්‍ය විසදුම් ලබාදීමටත් හැකිවිය යුතු අතර නීතිරීති මගින් ප‍්‍රජාව යහ මගට යොමු කිරීමේ වගකීමද ඔහු සතුය.
නීතිය ශක්තිමත් විය යුතුය. නීතිය ශක්තිමත් වීමට නම් එය ක‍්‍රියාත්මක කරන්නා තුල කායික හා මානසික ශක්තියක් තිබිය යුතුය. ඒ ශක්තිය ඇති තැනැත්තා කිසිවෙකුට පක්ෂපාතී නොවිය යුතුය. එහෙත් කාන්තාවන් තුල මේ ශක්තිය තිබේද?
අද කාන්තාවන්ට අවශ්‍ය ආරක්ෂාව ලැබෙන්නේ නැත. අතවරවලට ලක්වෙති. අපහාසයට උපහාසයට භාජනය වෙති. පැහැරගෙන යාමට ලක් වෙති. එපමණක් නොව ඔවුන් වෙළඳ භාණ්ඩයක් බවට පත්වී සිටිති. මේ සියල්ල අද දිනපතා සෑම තැනකම සිදුවෙමින් පවතින සාමාන්‍ය සිද්ධීන් බවට පත්වී ඇත. මේ ආකාරයට තම පතිවතට හා ජීවිතයට වගකිව නොහැකිව අසරණවී සිටින කාන්තාවන්ට රටක් සුරකින්න පුළුවන්ද?
රට වැසියන් තම ආරක්ෂාව පතා ආරක්ෂක අංශ වෙත යන්නේය. එහෙත් එම ආරක්ෂක අංශවල සේවය කරන කාන්තාවන් තම උසස් නිලධාරීන්ගෙන් ආරක්ෂාවීම සදහා යා යුත්තේ කා ළඟටද? මෙසේ තම ආරක්ෂාව (ආත්මාරක්ෂාව* සලසා ගත නොහැකි කාන්තාව රට ආරක්ෂා කරනුයේ කෙසේද? කුමන ආකාරයෙන් බැලූවත් කාන්තාවක් පිරිමියකුගේ උදව්වක් ඇතුව ජීවත් විය යුතුවන්නේය. මෙය කාන්තාවගේ ස්වභාවයේම පවතින දුබලතාවයකි. ගැහැණුන්ට වඩා පිරිමින් ශක්තිමත්ය. තනිවම යමක් කිරීමේ කායික හා මානසික ශක්තියක් මෙන්්ම ඉදිරිපත් වීමේ හැකියාවක්ද ඇත.
මෙයට අමතරව කාන්තාවන්ගේ ශාරීරික ස්වභාවය ගැනද සලකා බැලිය යුතුය. ගැහැණියක් ගැබ්ගත් විට ප‍්‍රමාණය ඉක්මවූ ශාරීරික හා මානසික වෙහෙස කුසේ දරුවාට මෙන්ම මවගේ සෞඛ්‍යට හා ජීවිතයට පවා අනතුරු දායකය. පාලකයින් ලෙස කැපවීමට සූදානම් අය මුළු කාලයම ඒ සදහා යෙදවිය යුතු වන්නේය.
සතියක් තුල පැය 40 ක් (දිනකට පැය 6 බැගින්* මනස යොදවන වැඩවල යෙදීම නිසා අඩුකාලීන දරු උපත් සියයට 40 දක්වා වැඩිවිය හැකි බවත් ගැබ්ගත් කාන්තාවන් තම සේවා කාලය අඩුකර ගැනීම හෝ වැඩට යාම සම්පූර්ණයෙන්ම (ගර්භනී කාලය තුල* නතර කළ යුතු බව ඉතාලියේ පෙරුගියා ව්ශ්ව විද්‍යාලයේ කරන ලද පරීක්ෂණ වාර්තාවකින් හෙළිවෙයි.
තමා වැ¥ බිළිඳා ළදරු වයස පුරා අවුරුදු දෙකක් කිරි දී දැනුමෙන් ශක්තියෙන් හා කුසලතා අතින් පෝෂනය කර දක්ෂ හා සදාචාර සම්පන්න පුරවැසියකු වශයෙන් රටට දායාදකර දීම මවකගේ පරම යුතුකම වන්නේය. අද ළදරුවන්ට කිරිදීම සදහා මව්වරුන්ට අවශ්‍ය තරම් නිවාඩු නොලැබේ. සේවා ස්ථානයෙන් ප‍්‍රසූත නිවාඩු ලැබෙන්නේ ඉතා අඩුවෙන්ය. බොහෝ විට මාස 4 ක් හෝ 6ක් ප‍්‍රසූත නිවාඩු වශයෙන් ලබා දෙනු ඇත. ඉන් පසු දරුවාට කිරිබීම නවතා දමා සේවයට යන්නීය. මෙය සේවා ස්ථානයක වැඩ කරන කාන්තාවකගේ තත්ත්වයයි. දේශපාලනය කරන කාන්තාවන්ට නිවාඩු දෙන්නේ කවුද? තත්ත්වය තව දුරටත් මෙසේ පැවතුනොත් දරුවාගේ දැනුම, කුසලතා හා විනය යන ඒවා ප‍්‍රශ්නාර්ථයක් වන්නේය. ජාතියේ යහපතට කැමති කාන්තාවන් මේ කරුණු ගැන අවධානය යොමු කළ යුතුය. දෙවියන් අණ කළ මේ කාර්යයන්හි හොදින් නියැලී ජාතියේ දියුණුව සදහා වෙහෙසිය යුතුය.
සමතැන ලබා ගැනීම සදහා සටන් කරන කාන්තා සංවිධාන වෙත ඉහත සදහන් කරුණු ඉදිරිපත් කළ විට ඔවුන් ඊට වෙනස්වූ අදහසක් ඉදිරිපත් කරති. ගැහැණියගේ නිදහස ඇගේ ස්වාමිපුරුෂයා විසින් පැහැර ගත නොහැක. ගැහිණියක් මවක් වීමත් එයින් වැළකී සිටීමත් පිළිබඳ තීරණයක් ගැනීමේ නිදහස ඇය සතු විය යුතු යැයි ප‍්‍රකාශ කරති. මවකගේ මහිමය ලෝකයාට අවබෝධ කර දෙන ඔවුන්ම එය ප‍්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඉල්ලා හඬ නැගීම වේදනා ගෙන දෙන කරුණකි.
මානව වර්ගයා සදහා තමන් විසින් ඉටු කරන උතුම් සේවාවන් ගැන සිතා නොබැලීම නිසා මෙවැනි අදහස් කාන්තාවන් විසින් ප‍්‍රකාශ කෙරෙයි. අද ඔවුන් ප‍්‍රකාශ කරන ආකාරයේ කාන්තාවන් එදාත් සිටියා නම්, අද මේ ලෝකය ලබා ඇති සමෘද්ධිය, සංවර්ධනය අපට දකින්න ලැබේද?
මෙතෙක් ලොව පාලනය කළ – අදත් පාලනය කරමින් සිටින කාන්තා රාජ්‍ය නායිකාවන් පිළිබඳව මොහොතක් සිතා බැලිය යුතුය. එම නායිකාවන්ගෙන් කිසිවෙක් රටේ ඇතිවන කිසිම ආරවුලක් සදහා ස්වෙච්ඡුාවෙන් තීරණයක් (විසඳුමක්* ගෙන නැත. කිසිම තැනකට ඔවුන්ට හදිසියේ පැමිණිමට නොහැක. නමින් පමණක් ඔවුන් අතේ පාලනය තිබුනත් පරිපාලනය පවත්වාගෙන යනු ලබන්නේ පිරිමි පක්ෂයේ අදහස් හා යෝජනා මතය.
කාන්තාව වනාහි මිලකළ නොහැකි සම්පතක්වූ ගොවි බිමක් බඳුය එහි පිරිමින් බෝග වගා කරති. ඒ සුන්දරවූ ගොවිබිම විසින් එම බීජ පැළ කරවා එම සශ‍්‍රීක වගාවන්ගේ අස්වැන්න ලොවට ලබා දෙයි. මෙලොව විද්‍යාඥයින් තාක්ෂණ ඉන්ජිනේරුවන්, දක්ෂ පාලකයින් බිහිකිරීම සදහා තම ලේ කිරි කර පොවා ජාතියට ලබා දුන්නේ එම උදාර මාතාවන්ය. මේ ලෝකය මෙතෙක් දුටු තවදුරටත් දකින්නට ලැබෙන සියලූ ආශ්චර්යයන්ට හා දියුණුවේ ප‍්‍රධාන කොටස්කාරියන් වන්නේ කාන්තාවන්ය.
කාන්තාවන්ගේ හැකියාවන් හා ස්වභාවය අනුව ඔවුන්ගේ වැදගත්කම අගය කරන ඉස්ලාමය ඔවුන්ගේ හැකියාවන්ට අදාලව උසස් තත්ත්වයක් ලබාදී ඇත. කාන්තාවන් වූ කලී සදා ආරක්ෂාකර ගරුකළ යුත්තකි. ඔවුන් දේශපාලනයට යොමුවීමෙන් අධික බරක් පටවා ගෙන වැඩි වගකීම්වලින් සිත්තැවුලට පත් වීමෙන් වළකා සතුටින් ජීවත් වීම සදහා කාන්තාවන් දේශපාලන නායකත්වයට පත් නොවන ලෙස කියා තිබෙයි.
පර්සියාවේ ජනතාව තම රුජින වශයෙන් ඉස්රාගේ දියණිය තෝරාගත් බව දැනගත් නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්*තුමාණෝ ”පාලන බලතල ගැහැණියක් අතට පවරාදෙන ජනතාව කිසිදිනක ජය නොලබන්නෝයැ”යි ප‍්‍රකාශ කළහ. (වාර්තාකරු: අබූබක්කර් (රළියල්ලාහු අන්හු* මූලාශ‍්‍රය: බුහාරි, තිර්මිදි, අහ්මද්*.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමාණන්ගේ මෙම අවවාදයෙන් පැහැදිලි වන්නේ එතුමා කාන්තාවන් කෙරෙහි දැක්වූ සැළකිල්ලයි. එයිනුත් අද දකින්න ලැබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය නමින් කෙරෙන නාඩගම් හේතුවෙන් දේශපාලනයට සම්බන්ධ කාන්තාවන් දෙස බලන විට ඇතිවන්නේ සතුටක් වෙනුවට කනගාටුවකි. කාන්තාවන්ගේ ජන්දය බලාපොරොත්තුවන දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති මධ්‍යස්ථ මතධාරි උගතුන් බොහෝ දෙනෙක්, කාන්තාවන්ට දේශපාලනයේ ඉඩදීම ප‍්‍රිය කරන බවක් නොපෙනේ.
ඉස්ලාමය කාන්තාවන් දේශපාලනය නායකත්වය ගෙන කටයුතු කිරීමට සහයෝගය නොදැක්වූවත්, ඔවුන් පාලනයේ ඇති ගුණදොස් විවේචනය කිරීම, අවශ්‍ය යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීම හා විරෝධතාව දැක්වීම යනාදිය ඉස්ලාමය තහනම් නොකරයි. මෙයට අවශ්‍ය සාක්ෂි ඉතිහාස පෙරලා බලන කෙනකුට දැනගත හැක.
මක්කා ජයග‍්‍රහනයට පෙර උම්රා (හජ්වන්දනා කාලය නොවන වෙනත් කාලවල මක්කමට ගොස් වතාවත්වල යෙදීම* සදහා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමාණන් හා සහාබාවරුන් සියලූ දෙනා මදීනාව සිට මක්කාව බලා යන අතරමග මක්කාවට ඇතල්වී වතාවත් කිරීමට බාධා පැමිණි නිසා ආපසු මදීනාව බලා යාමට අකමැත්තෙන් නබි තුමා කළ ඉල්ලීම පවා නොසලකා සිටි අවස්ථාවේ උම්මු සල්මා තුමියගේ උපදෙස් පිළිගෙන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමාණන් පළමුවෙන් තම කෙස් කපා සත්ව පරිත්‍යාගය ඉටු කිරීම දුටු සහබාවරු එතුමාව අනුගමනය කරමින් උම්රා වන්දනාවේ අවසන් ක‍්‍රියාවන් ඉටුකර ආපසු යාමට සූදානම් වූහ. එම මව් තුමියගේ ස්ථානෝචිත ප‍්‍රඥාව (තැනට ඔබින නුවන* නිසා එතැන උදාවී තිබුන නොසන්සුන්තාව මඟ හැරී මදීනාවාසීන් හා මක්කාවාසීන් අතර ඇවිලෙන්න ගිය යුධ වාතාවරණයද සාමකාමි අතට හැරුණු බව ඉතිහාසය මගින් දැනගන්නෙමු.
”විශ්වාසවන්ත පිරිම්න්ද විශ්වාස වනත් කාන්තාවන්ද එකිනෙකාගේ සහායකයන්ය. ඔවූහු යහපත් දෙය කිරීමට පොළඹවති. නරක දෙයින් වළක්වාලති” යන අල්-කුර්ආන් 9:71 වැකිය. සාමාන්‍ය වැසියන් අතරේ පමණක් නොව රජ පුටුවල වාඩිවී සිටින අයගෙන් පවා ප‍්‍රශ්න කිරීමේ අයිතිය කාන්තාවන්ට හිමි බව අල්-කුර්ආනය කියයි. මේ හැර නායකත්වයෙන් තොරව, ප‍්‍රශ්න කරන්නන් ලෙස හෝ විරුද්ධ පාක්ෂිකයින් ලෙස තම ස්ත‍්‍රී ස්වභාවයට ඔරොත්තු දෙන අයුරින් දේශපාලනයේ කොටස් කාරියන්වීම ඉස්ලාමය අනුමත කරන්නේය.
සකස් කිරීම:
ඒ. එච්. ෆාතිමා ජනූෆා
පරිවර්තක:
සෙයියද් මුහම්මද්
ප‍්‍රකාශනය:
(සෙයිලාන් මුස්ලිම් තරුණ සංවිධානය*
කොළඹ – 10